Perspective

IMG 0756

සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරු බෙදීම් මධ්‍යයේ, ඊශ්‍රායලය ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි

ඇන්ඩෲ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 08 වන දින  “Amid deep divisions over ceasefire agreement, Israel launches massive attack on Lebanonයන හිසින් පළවූ ඇන්ඩෲ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
2023 දෙසැම්බර් 14 වන දින, ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් (USS Dwight D. Eisenhower) සහ වේගවත් සටන් ආධාරක නෞකාවක් වන යූඑස්එන්එස් සප්ලයි (USNS Supply) හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි. [Photo: Navy Petty Officer 2nd Class Keith Nowak]

මැද පෙරදිග පුරා සිදුවෙමින් පවතින බෝම්බ ප්‍රහාර සහ එක්සත් ජනපදය තුළම තීව්‍ර වන අභ්‍යන්තර අර්බුදයක් මධ්‍යයේ, ට්‍රම්ප් විසින් අඟහරුවාදා රාත්‍රියේ ඉරානය සමඟ ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක “සටන් විරාමය” එක් දිනක් ඇතුළත දැනටමත් බිඳ වැටෙමින් තිබේ. තම අරමුණු සාක්ෂාත් කර නොගත් යුද්ධයකින් පසු, ඉදිරියට යා යුතු ආකාරය සම්බන්ධයෙන් පාලක පන්තිය සහ රාජ්‍ය යාන්ත්‍රණය තුළ තියුණු බෙදීම් ඇති වී තිබේ.

සමස්ත තත්වයම, ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයට යම් ආකාරයක සාමකාමී විසඳුමක් සඳහා බලාපොරොත්තු මත විශ්වාසය නොතැබීමටත්, ස්වාධීන මහජන, යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් කම්කරු පන්තිය තුළ මතු කරයි.

සටන් විරාමයේ පදනම ලෙස එකඟ වූ දේ පවා සම්පූර්ණයෙන්ම අපැහැදිලිය, එමෙන්ම මතභේදාත්මක ය. ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, බදාදා ඊශ්‍රායලය ලෙබනනයට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. 2006 සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු, එරටට ප්‍රහාර එල්ල වූ මාරාන්තිකම දිනය එය විය. අවම වශයෙන් පුද්ගලයින් 254 දෙනෙකු මිය ගිය අතර ළමුන් 35 දෙනෙකු ඇතුළුව 1,100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මධ්‍යම බේරූට් සහ දකුණු තදාසන්න ප්‍රදේශ හරහා මහල් නිවාස ගොඩනැගිලි, නේවාසික වීදි සහ ජනාකීර්ණ වාණිජ ප්‍රදේශවලට ඊශ්‍රායල ජෙට් යානා මගින් ප්‍රහාර එල්ල විය.

එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ගිවිසුමට මැදිහත් වූ පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් විසිනි. අඟහරුවාදා සවස ඔහුගේ නිවේදනයේ දී ෂරීෆ් ප්‍රකාශ කළේ එක්සත් ජනපදය සහ ඉරානය “ඔවුන්ගේ සහචරයින් සමඟ ලෙබනනය සහ වෙනත් තැන්වල ඇතුළුව සෑම තැනකම ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති” බවයි.

බදාදා දින, ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින්  එක්සත් ජනපදය, තම ඊශ්‍රායල සගයා හරහා ලෙබනනයට දිගින් දිගටම පහර දීමෙන් සටන් විරාමය උල්ලංඝනය කරන බවට චෝදනා කරමින්, “එවැනි තත්වයක් තුළ, ද්විපාර්ශ්වික සටන් විරාමයක් හෝ සාකච්ඡා අයුක්ති සහගත වේ ” යනුවෙන් ලිවීය. ලෙබනනය ගිවිසුමෙන් ආවරණය නොවූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.  ට්‍රම්ප් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් යන දෙදෙනාම බදාදා දින ඊට සහාය දුන් ප්‍රකාශයක් නිකුත් කළ අතර, ට්‍රම්ප් එය “වෙනම ගැටුමක්” ලෙස සඳහන් කළේය.

එක්සත් ජනපද-ඉරාන සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කිරීම සඳහා ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාරයක් එල්ල කළ බවට වන ඇඟවීම්   තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නලය බදාදා “සටන් විරාම ගිවිසුම පිළිබඳව ඊශ්‍රායලයට දැනුම් දුන්නේ ප්‍රමාද වී ය, ඒ පිළිබඳව එය සතුටින් සිටියේ නැත” යන මාතෘකාව යටතේ ලිපියක් ප්‍රකාශයට පත් කරමින්, ඊශ්‍රායලය “ඉරාන සාකච්ඡාවලට විධිමත් ලෙස සහභාගී නොවූ” බව වාර්තා කළේය.

කෙසේ වෙතත්, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ සැලකිය යුතු කන්ඩායම්වල සහාය නොමැතිව ඊශ්‍රායලය මෙවැනි පරිමාණයක ප්‍රහාරයක් දියත් නොකරනු ඇත.

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය තුළ, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශවයේම විවේචන කේන්ද්‍රගත වූයේ, ට්‍රම්ප්ගේ සටන් විරාම නිවේදනය ඇමරිකානු අධිරාජ්‍යවාදයට පරාජයක් ලෙසත් ඉරානයට ලබා දෙන  අන්තරාදායක  හා පිළිගත නොහැකි සහනයක් ලෙස හෙළා දැකීම මත ය.

සටන් විරාමය “යුද්ධයට තුඩු දුන් කිසිදු මූලික ගැටලුවක් විසඳුවේ නැත,”යි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ජාතික ආරක්ෂක වාර්තාකරු ඩේවිඩ් සැන්ගර් බදාදා ලිවීය. “සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේ පවතින” බව ප්‍රකාශ කළ නව ඇමරිකානු ආරක්ෂක මධ්‍යස්ථානයේ ( Center for a New American Security) රිචඩ් ෆොන්ටේන් උපුටා දක්වමින් සැන්ගර් මෙසේ පැවසීය:”ඉරානය ප්‍රධාන බලශක්ති මුරපොලක පාලනය දින නියමයක් නොමැතිව තබා ගන්නා තත්වයක් එක්සත් ජනපදයට සහ ලෝකයට පිළිගත හැකි යැයි විශ්වාස කිරීමට අපහසුය. එය යුද්ධයට පෙර පැවති තත්වයට වඩා  සැලකිය යුතු ලෙස වඩාත් නරක ප්‍රතිඵලයක් වනු ඇත.”

වෝල් ස්ට්‍රීට් ජර්නල් කර්තෘ මණ්ඩලය බදාදා “ට්‍රම්ප් ඉරානයේදී නියමිත කාලයට පෙර ජයග්‍රහණයක්” ප්‍රකාශ කරයි” යන මාතෘකාව යටතේ ලිපියක් මගින් ප්‍රකාශයට පත් කළ අතර, “ඉරාන තන්ත්‍රය හෝමූස් සමුද්‍ර සන්ධියේ තර්ජනයක් ලෙස පවතින අතර  කාර්යය තවමත් අවසන් වී නැත” යනුවෙන් තර්ක කළේය. ට්‍රම්ප්ගේ “යුද්ධය පිළිබඳ අසංගත වාචාලකම” විවේචනය කළ ජර්නලය මෙසේ නිගමනය කළේය: “ට්‍රම්ප් මහතා සඳහා ඊළඟ පරීක්ෂණය වනුයේ ඔහු සති දෙකක සටන් විරාම කාල සීමාව බැරෑරුම් ලෙස සලකන්නේද යන්නයි. ඔහු එසේ කරන්නේ නම් සහ ඉරානය එහි සුපුරුදු ක්‍රීඩාවන්හි යෙදෙන්නේ නම්, ඔහුට සැබවින්ම ‘වැඩ අවසන් කිරීමට (finish the job)” සිදුවනු ඇත.”

වොෂින්ටන් පෝස්ට් තීරු රචක මැක්ස් බූට් බදාදා දින මෙසේ ලිවීය, ඉරානය “අඩුම තරමින් දැනට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් පාලනය කිරීමට සමත් වී ඇත. මෙම යුද්ධය ආරම්භ වන විට එය එසේ නොවීය.”

දින කිහිපයකට පෙර “තුන්වන ලෝක යුද්ධය” ගැන අනතුරු ඇඟවූ, ට්‍රම්ප්ට “යුද අපරාධ” පිළිබඳව චෝදනා කළ සහ ඔහුගේ නියෝග ක්‍රියාත්මක කරන සොල්දාදුවන්ට යුද නීති යටතේ නඩු පවරනු ලබන බවට අනතුරු ඇඟවූ ඩිමොක්‍රටික් පක්ෂය, ඔවුන්ගේ විවේචනවල ස්වරය වෙනස් කරමින් සිටී: එනම්, ට්‍රම්ප් ඕනෑවට වඩා ගිය බව නොව, ඔහු ඔටුනු ආභරණ විකුණා දැමූ බවත්, ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය නිව්යෝර්ක් දේපළ වෙළඳාම් ගනුදෙනුවක් ලෙස සලකන බවත්ය. 

“නමුත් ඉරානයට දැන් සමුද්‍ර සන්ධිය ස්ථිරවම තිබේ නම්, මෙම මුළු උත්සාහයම මොනතරම් වැරැද්දක්ද, මොනතරම් වැරදි ගණනය කිරීමක්ද,” යනුවෙන් ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි බදාදා CNN වෙත පැවසීය.

ට්‍රම්ප් පරිපාලනයේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, “සටන් විරාමයක්” යනු කිසිදු අර්ථයක් නැත.  මැද පෙරදිග ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සෑම “සටන් විරාමයක්ම” තවදුරටත් ලේ වැකි මිලිටරි ක්‍රියාමාර්ග සඳහා පූර්විකාවක් ලෙස ක්‍රියා කර ඇත. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට B-2 බෝම්බ හෙලීමේ Operation Midnight Hammer මෙහෙයුමෙන් පසු 2025 ජුනි මාසයේ එළැඹි සටන් විරාමයෙන් මාස අටක් ඇතුළත, පෙබරවාරි 28 වන දින මෙම පූර්න පරිමාණ යුද්ධය ආරම්භ විය.

බදාදා අගභාගයේදී ට්‍රම්ප් Truth Social හි පළ කළේ, “දැනටමත් සැලකිය යුතු ලෙස පිරිහී ඇති සතුරෙකුට මාරාන්තික ප්‍රාහාරයක් එල්ල කිරීමට සහ විනාශ කිරීමට සුදුසු සියලුම එක්සත් ජනපද නැව්, ගුවන් යානා සහ හමුදා පිරිස්, අතිරේක පතොරම්, ආයුධ සහ වෙනත් ඕනෑම දෙයක්, එළඹෙන සැබෑ ගිවිසුමේ කොන්දේසි සම්පූර්ණයෙන්ම ඉටුකරන තෙක් ඉරානය තුළ සහ අවට පවතිනු ඇත,” යනුවෙනි. “කවුරුත් කවදාවත් දැක නැති තරම් විශාල, සහ වඩා හොඳ සහ ශක්තිමත්” ලෙස ඉරානයට පහර දීමට ට්‍රම්ප් තර්ජනය කළේය. “අපගේ ශ්‍රේෂ්ඨ හමුදාව ආයුධ සූදානම් කර ගෙන විවේක ගනිමින් සිටින අතර, ඇත්ත වශයෙන්ම, එහි ඊළඟ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටී,” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය. 

එක්සත් ජනපදයේ මූලෝපායික අරමුණු වෙනස් වී නැත. වොෂින්ටනය මෙම යුද්ධය දියත් කළේ පර්සියානු ගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය මත සිය  සෘජු පාලනය පැනවීමට සහ 1979 ඉරාන විප්ලවයේ ප්‍රතිවිපාක ආපසු හැරවීමට ය. ඉරානයට එරෙහි යුද්ධය යනු මැද පෙරදිග සිට රුසියාව සහ චීනය සමඟ ගැටුම දක්වා විහිදෙන උත්සන්න වන ගෝලීය යුද්ධයක කොටසකි. මෙමඟින් අලුත් මිලිටරි උත්සන්න කිරීම් සඳහා පීඩනය තීව්‍ර වනු ඇත.

පසුගිය සති දෙකේ සමස්ත අත්දැකීමම එක්සත් ජනපද සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට කරන ලද දැවැන්ත අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතුය. පැය 24 කට පෙර, ට්‍රම්ප් ඉරාන ශිෂ්ටාචාරය “අවසන්” කරන බවට ප්‍රතිඥා දෙමින් සිටියේය. එනම්, ගාසා සංහාරයේ ක්‍රමවේදයන් මිලියන 90 ක ජනතාවක් සිටින රටකට මාරු කරන බවට තර්ජනය කළේය. ට්‍රම්ප්ගේ ජන සංහාරක භාෂාව සිතලුවක් නොවේ; ජන සංහාරය ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් නිල වශයෙන් යුද්ධ කිරීමේ ක්‍රමයක් ලෙස පිළිගෙන පැවතිණි.

හිට්ලර්වාදී වාගාලංකාර සහ ශිෂ්ටාචාරමය විනාශ කිරීමේ තර්ජන භාවිතා කිරීම මගින් ට්‍රම්ප්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මැදිහත්වීම් “මානව හිමිකම්” හෝ “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන් සිදු කරන බවට කෙරුණු ප්‍රචාරයේ  අවසාන ශේෂයන් ද බිඳ දමා ඇත. බාධක ලෙස ගැනෙන සමස්ත සමාජයන්ම යටත් කර ගැනීම සඳහා ඒවා සුන් කර දැමිය හැකි දේ ලෙස සලකන අපරාධකාරී කතිපයාධිකාරීත්වයක් විසින් එක්සත් ජනපදය මෙහෙයවනු ලබන බව ලෝකයට පෙන්වා දී ඇත.

මෙම යුද්ධය නැවැත්වීමට ඇති එකම මාර්ගය කම්කරු පන්තිය පන්ති බලවේගයක් ලෙස ස්වාධීනව බලමුලු ගැන්වීමයි. ඩිමොක්‍රටික් පක්ෂය හෝ දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කන්ඩායමක් ප්‍රතිපත්තිමය වශයෙන් අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ නොවනු ඇත. ට්‍රම්ප් සමඟ ඔවුන්ගේ උපායශීලී ආරවුල් කුමක් වුවත්, ඩිමොක්‍රටික් පක්ෂය එකම උපායමාර්ගික අරමුණු, එනම් මැද පෙරදිග ඇමරිකානු ආධිපත්‍යය ආරක්ෂා කරන අතර සියල්ලටම වඩා ධනේශ්වර පාලනයේ සමස්ත ව්‍යුහයටම තර්ජනයක් වන පහළින් මතු වන ව්‍යාපාරයක් මැඩපැවැත්වීමට ක්‍රියා කරයි. 

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි සටන සඳහා, යුද්ධයට, සමාජ වැඩසටහන් වලට එල්ල වන ප්‍රහාරයට සහ යුද්ධයට, ආඥාදායකත්වයට සහ සමාජ අසමානතාවයට මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව, සේවා ස්ථානවල, කර්මාන්ත හරහා සහ දේශසීමා හරහා, ස්වාධීන කම්කරු පන්ති ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ.
(අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරිණි)

සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරු බෙදීම් මධ්‍යයේ, ඊශ්‍රායලය ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි Read More »

Trump

ඉරානයට එරෙහි  සමූල ජන සංහාරයේ තර්ජනයෙන්  පසුව   ට්‍රම්ප් සති 2ක “සටන් විරාමයක්” ප්‍රකාශ කරයි

ජෝෂප් කිෂෝර් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 08 වන දින Trump follows genocidal threat against Iran with 2-week “ceasefire” යන හිසින් පළවූ ජෝෂප් කිෂෝර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත” යනුවෙන් තර්ජනය කිරීමෙන් පැය දහයකට පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා සවස ට්රුත් සෝෂල් (Truth Social) හි ප්‍රකාශයක් පළ කරමින් කියා සිටියේ, ඉරානය “හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට” එකඟ වීම මත කොන්දේසි සහිතව “ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාරය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන” බවයි. එක්සත් ජනපදය “දැනටමත් සියලු මිලිටරි අරමුණු සපුරා ඇති අතර ඒවා ඉක්මවා ගොස් ඇති” බවත්,එක්සත් ජනපදය සහ ඉරානය “නිශ්චිත ගිවිසුමක් කරා බොහෝ දුර ගොස් සිටින බවත්”  ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේය.

Trump
“අපිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන බලාගන්න බෑ… අපි යුද්ධ කරමින් ඉන්නෙ,” ට්‍රම්ප් 2026 අප්‍රේල් 1 වන දින වොෂින්ටන් ඩී.සී. හි ධවල මන්දිරයේදී පැවසීය.

ඉරාන නිලධාරීන් උපුටා දක්වන මාධ්‍ය වාර්තාවලට අනුව, චීනය  අවසන් මොහොතේ සිදු කළ මැදිහත්වීමෙන් පසුව, පාකිස්තානය විසින් යෝජනා කරන ලද “සටන් විරාමයක්” ඉරානය පිළිගෙන ඇත. ඊට, ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමෙයිනි විසින් අවසාන අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, ගිවිසුමේ පදනම කුමක්ද යන්න පැහැදිලි නැත. අඟහරුවාදා සවස ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් CNN  දැඩි ලෙස හෙළා දැකීමක් පල කරමින් , “සීඑන්එන් වර්ල්ඩ් නිවුස් (CNN World News) විසින් නිකුත් කරන ලදැයි කියන ප්‍රකාශය, සීඑන්එන් (CNN) හොඳින් දන්නා පරිදි වංචාවක් බව” සදහන් කර, සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කළේය. CNN විසින් ප්‍රකාශයට පත් කරන ලද “ඉරානය ජයග්‍රහණය ප්‍රකාශ කරයි, එය එක්සත් ජනපදයට කරුණු 10 ක සැලැස්මක් පිළිගැනීමට බල කළ බව පවසයි” යන මාතෘකාව යටතේ වන වාර්තාවක් හා සම්බන්ධ බව අනුමාන කළ  හැකිය.

කෙසේ වෙතත්, මෙම 11 වන පැයෙහි ඇති වූ ගිවිසුම ට්‍රම්ප්ගේ පසුබැසීමක් ලෙස දකිනු ඇත. ඔහුගේ තර්ජන ඉරානය බිය ගැන්වීමට අසමත් වූ නමුත්, ඒවා ඔහුගේ රජය තුළ දේශපාලන අර්බුදය තීව්‍ර කර තිබේ.

එයමත් යුධ අපරාධ යක් වන, මිලියන 93 ක ජනතාවක් සිටින ශිෂ්ටාචාරයක් සමූලඝාතනය කිරීමට ට්‍රම්ප් කළ තර්ජනය සහ, සමස්තයක් ලෙස මෙම යුද්ධය, ඓතිහාසික පරිමාණයේ දේශපාලන අර්බුදයක් ඇති කර තිබේ. මෙම ප්‍රකාශ මගින් ඇමරිකානු රජය අපරාධකාරී පාතාලය විසින් මෙහෙයවනු ලබන නීති විරෝධී පාලනයක් ලෙස හෙලිදරව් කර ඇත. එය එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව කම්පනයක් සහ පිළිකුලක් ජනනය කළේය. එක්සත් ජනපදයේ  සදාචාරාත්මක අධිකාරිය යයි කියා  පාන දෑ හි ඉතිරිව යමක් තිබූනේ නම්, ඇමරිකානු සමාජයට වඩාත්ම දුරදිග යන ප්‍රතිවිපාක ඇති කරමින් ඒ සෑම දෙයක්ම ස්ථිරවම සහ ආපසු හැරවිය නොහැකි ලෙස බිඳ දමා ඇත. 

වොෂින්ටනය සහ එහි සහචරයින් විසින් ඝාතනය සහ භීෂණය මගින් තීරණය කළ හැකි යැයි උපකල්පනය කළ යුද්ධයක් දියත් කළ නමුත්, ඉරාන ජනතාවගේ ප්‍රතිරෝධයේ මට්ටම ඔවුහු බරපතල ලෙස වැරදි ලෙස ගණනය කළහ. ඇමරිකානු අධිරාජ්‍යවාදය දැන් විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. ප්‍රහාරක උත්සන්න කිරීම, ජයගත නොහැකි යුද්ධයක අපරාධකාරීත්වයේ අපකීර්තිය ගැඹුරු කරන අතර පුපුරන සුලු දේශීය ප්‍රතිවිපාකවල අවදානමක් ඇති කරයි; පසුබැසීම ජාත්‍යන්තරව පරාජයක් ලෙස කියවා ගනු ඇති  අතර එක්සත් ජනපදය තුළ දේශපාලන තත්වය තවදුරටත් අස්ථාවර කරනු ඇත.

අඟහරුවාදා සිදුවීම් මගින් අවධාරනය කරන්නේ අර්බුදය කෙතරම් අත්‍යසමාන වී ඇත්ද යන්නයි. මිලිටරිය තුළ, ට්‍රම්ප්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමේ කාර්යය භාර අය, යුද අපරාධ ලෙස විශ්වීය ලෙස පිළිගත් මෙහෙයුම් සිදු කිරීමේ තත්ත්වයකට පත් කරමින් ඇති අතර,  ඒ, ගන්නා  ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා සන්නද්ධ හමුදා “වගකිව යුතු” විය හැකියාව  මත වැඩෙන නොසන්සුන්තාව මධ්‍යයේය.

මෙම යථාර්ථය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙකෙහිම කොටස් ඇතුළුව දේශපාලන සංස්ථාපිතය තුළින්ම ප්‍රකාශ විය. කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත සාරා ජේකබ්ස් ලීවේ, “ජනාධිපතිවරයා ජන සංහාරයක් කිරීමට මේ දැන්  තර්ජනය කළ” බවයි. ​​ෆෙඩරල් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ඕනෑම නියෝගයක් නොසලකා හරින ලෙස ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටි ඇය “දෝෂාභියෝගය ඇතුළුව සියලු විකල්ප” සලකා බැලිය යුතු බව පැවසුවාය. කැලිෆෝනියාවේ නියෝජිත ටෙඩ් ලියු (Ted Lieu) හමුදා අණදෙන අධිකාරිය කෙලින්ම අමතමින්, හමුදා යුක්තිය පිළිබඳ ඒකාකාර සංග්‍රහය (Uniform Code of Military Justice) සහ ෆෙඩරල් නීතිය යුද අපරාධ තහනම් කරන බව අවධාරනය කළේය.

එවැනි ප්‍රකාශ නිකුත් කිරීමම අර්බුදයේ පරිමාණයේ දර්ශකයකි. එහෙත් ඒවා “විපක්ෂයේ” පක්ෂාඝාතය සහ  වංචනිකත්වය ද හෙළි කරයි. ගාසා තීරයේ ජන සංහාරයට සහාය දුන්, ඉරානයට එරෙහි යුද්ධයට ඉඩ සැලසූ, මිලිටරි යන්ත්රනයට අරමුදල් සැපයූ සහ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව කිසිදු බැරෑරුම් සටනක් දියත් කිරීම ප්‍රතික්ෂේප කළ එම ඩිමොක්‍රටිකයින්ම දැන් ආසන්න යුද අපරාධ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරන අතර ඒවා නැවැත්වීමට කිසිදු සංයුක්ත ක්‍රියාමාර්ගයක් යෝජනා නොකරයි.

අඟහරුවාදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඩිමොක්‍රටික් නායකත්වය විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයේ සඳහන් වූයේ, “ඩොනල්ඩ් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම  සිහි විකල් ” බවත්, “ඩොනල්ඩ් ට්‍රම්ප් අපේ රට තුන්වන ලෝක යුද්ධයට ඇද දැමීමට පෙර, මැද පෙරදිග මෙම  තෝරා ගත්   අවධානම්කාරී යුද්ධය අවසන් කිරීමට මන්ත්‍රී මණ්ඩලය වහාම සැසිවාරයට කැඳවා ඡන්දය දිය යුතු” බවත්ය.

සතියකට යන්තමින්  පෙර, ට්‍රම්ප්ට එරෙහිව ” රජුන් එපා -No Kings ” විරෝධතා සඳහා මිලියන 8 කට අධික ජනතාවක් වීදි බැස සිටියහ. ඉරානයට එරෙහි යුද්ධයට විරෝධය සහභාගී වූවන් අතර ප්‍රමුඛ හැඟීමක් වූ අතර,”තුන්වන ලෝක යුද්ධය” පිළිබඳ අනතුරු ඇඟවීම් කිරීම පසෙක තබා, ඉරානයට එරෙහි යුද්ධය පිළිබඳ කිසිදු බැරෑරුම් සඳහනක් කිරීම පවා ඩිමොක්‍රටික් පක්ෂ සංවිධායකයින් ක්‍රමානුකූලව බැහැර කරන ලදී. 

අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික අවි භාවිතය ඇතුළත් වන ලෝක යුද්ධයක අද්දර ලෝකය සිටින බව දැන් ඩිමොක්‍රටිකයො ලියති. කෙසේ වෙතත්, ඔවුන්ගේ ආයාචනය ජනතාවට නොව රිපබ්ලිකන් පක්ෂයට ය. “පක්ෂයට තිබෙන පක්ෂපාතිත්වයට වඩා දේශප්‍රේමී යුතුකම ඉටු කිරීමටත්, මෙම පිස්සුව නැවැත්වීමට ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්වීමටත් රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රී මණ්ඩලයට කාලය පැමිණ තිබේ” යැයි ප්‍රකාශය අවසන් කර තිබේེ.

සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ නායක චක් ෂූමර් සහ සෙනෙට් සභාවේ අනෙකුත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්  හා එක්ව අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, “මිලියන ගණනක් සිවිල් වැසියන් යැපෙන විදුලිය, ජලය හෝ මූලික යටිතල පහසුකම් හිතාමතාම විනාශ කිරීම … යුද අපරාධයක් වනු ඇති බව”  පිළිගත්තේය. නමුත් මෙහි ක්‍රියාකාරී වැකිය ආයාචනයකි: “ජනාධිපතිවරයා මෙම තර්ජනය  ක්‍රියාත්මක නොකළ යුතුය.” වෙනත් වචන වලින් කිවහොත්, සති පහක නීති විරෝධී යුද්ධයකින් පසුව, සෙනෙට් සභාවේ ඩිමොක්‍රටිකයන්, මහා සමූහ ඝාතන තර්ජනයකට ප්‍රතිචාර දක්වන්නේ, ට්‍රම්ප්ගෙන් එය නොකරන ලෙස ආචාරශීලී ලෙස ඉල්ලා සිටීමෙනි.

ට්‍රම්ප්ගෙන් වඩා හොඳ විනිශ්චයකට සහ රිපබ්ලිකන් “දේශප්‍රේමීත්වයට” ඩිමොක්‍රටික් පක්ෂය ආයාචනා කරන අතරම, ජනගහනය තුළ පවතින දැවැන්ත විරෝධය බලමුලු ගැන්වීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. මන්ද එවැනි බලමුලු ගැන්වීමක් ට්‍රම්ප්ට වඩා ඔවුන් බිය වන කරැනු කාරණා වහාම මතු කරනු ලබන බැවිනි.

එපමණක් නොව, බයිඩන් යටතේ ආරම්භ කරන ලද ගාසා තීරයේ සමූල ජන සංහාරයෙන් ගලා එන මැද පෙරදිග ඇමරිකානු ආධිපත්‍යයේ මූලික අරමුණට සහ ඉරානයට එරෙහි යුද්ධයට ඩිමොක්‍රටික්වරු සහාය දෙති. ට්‍රම්ප්ගේ තර්ජන ” ල්සදාචාරාත්මකව අතිශයින්ම වැරදි” සහ “නපුරු” ලෙස එදිනම කලින් හැඳින්වූ ඩිමොක්‍රටික සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි, සටන් විරාම කොන්දේසි පිළිබඳ වාර්තාවලට අඟහරුවාදා සවස මෙසේ ප්‍රතිචාර දැක්වීය: “ඉරානයට ඉතිහාසය වෙනස් කරන ජයග්‍රහණයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය එරටට ලබා දීමට ට්‍රම්ප් එකඟ වූ බව පෙනේ”. “අසාමාර්ථභාවයේ මට්ටම විශ්මයජනක හා හද කම්පා කරවන සුළුය,” මර්ෆි ලිවීය.

පාලක පන්තිය විදේශ ප්‍රතිපත්තිය තුළ විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දෙන්නේ නම්, එය ඊට අනුරූපව දේශීය ප්‍රතිපත්තිය තුළද විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දෙයි. එය, ගෝලීය යුද්ධය සහ සමාජ ප්‍රතිවිප්ලවය ක්‍රියාත්මක කිරීම සඳහා – නීතිමය හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හරහා ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා – ට්‍රම්ප් තුළ මූර්තිමත් වූ දේශපාලන පාතාලය බලයට ගෙනැවිත් ඇත. නමුත් ඒවා පැනවීමට දරන උත්සාහය, පාලක පන්තිය වඩාත්ම බිය වන සමාජ බලවේගයන්ම පුපුරුවා හරිමින් පවතී: එනම්, එක්සත් ජනපදය තුළ පුපුරන සුලු පන්ති ගැටුමේ වර්ධනය සිදු වෙමින් පවතී. 

පහළින් එන එවැනි ව්‍යාපාරයකට ධනේශ්වරයේ සියලුම කොටස්  ස්ථීරසාරවම විරුද්ධ වන්නේ එය නිශ්චිත පරිපාලනයකට පමණක් නොව ධනේශ්වර පාලනයේ අත්තිවාරම් වලටම තර්ජනය කරන බැවිනි. පාලක පන්තියේ ප්‍රතිචාරය වනු ඇත්තේ පසුබැසීම නොව දේශීය මර්දනය උත්සන්න කිරීම සහ තීව්‍ර කිරීමයි.

ක්ෂණික වර්ධනයන් කුමක් වුවත්, යුද්ධය දේශපාලන සංස්ථාපිතයට පාලනය කළ නොහැකි සහ එයින් ගැලවිය නොහැකි ප්‍රතිවිපාක ජනනය කරමින් තිබේ. සංගත පාලිත දේශපාලන ක්‍රමයේ සාමාන්‍ය යාන්ත්‍රණයන් හරහා මෙම අර්බුදය විසඳිය නොහැක.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන තීරණාත්මක කාරණය වන්නේ සමාජීය හා දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමයි. සති දෙකක සටන් විරාමය දිගටම පැවතුනහොත් එය උත්සන්න වන දේශපාලන අර්බුදයක කාල පරිච්ඡේදයක් වනු ඇත. යුද්ධයට සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත කම්කරු පන්ති විරෝධයක් ගොඩනැගීමට මෙම කාල පරිච්ඡේදය භාවිතා කළ යුතුය.

මෙම අරගලය ධනේශ්වර කතිපයාධිකාරයට සහ එය ආරක්ෂා කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීමෙන් වෙන් කළ නොහැකි ය. පාලක පන්තිය මානව වර්ගයා ව්‍යසනයේ අද්දරට තල්ලු කරමින් සිටී. කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය සඳහා වූ සටන හරහා ඊට ප්‍රතිචාර දැක්විය යුතුය. (අවධරණය පරිවර්තනයෙදී එක් කෙරුණි)

ඉරානයට එරෙහි  සමූල ජන සංහාරයේ තර්ජනයෙන්  පසුව   ට්‍රම්ප් සති 2ක “සටන් විරාමයක්” ප්‍රකාශ කරයි Read More »

Trump

ප්‍රමාද වැඩි වීමට පෙර අත්‍යාසන්න සමූහ ජනසංහාරය නවත්වනු! ඉරාන ශිෂ්ටාචාරය අතුගා දැමීමේ  ට්‍රම්ප්ගේ තර්ජනය හෙළා දකිනු!

theSocialist.lk හි කර්තෘ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) විසින් නිකුත් කරන ලද හදිසි ප්‍රකාශය

මේ 2026 අප්‍රේල් 7 දින රාත්‍රී 10:32 theSocialist.lk හි පළ කෙරුනු ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයයි.

Trump
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 අප්‍රේල් 6 වන සඳුදා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ජේම්ස් බ්‍රැඩි මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සමඟ කතා කරයි. [AP ඡායාරූපය/මාර්ක් ෂීෆෙල්බයින්]

අද, 2026 අප්‍රේල් 7 වන දින, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social හි පළ කළේ: “අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත, නැවත කිසිදා ආපසු ගෙන ඒමට නොහැකි වනු ඇත. මට එය සිදුවීමට අවශ්‍ය නැත, නමුත් එය බොහෝ විට සිදුවනු ඇත.”

මෙය හුදෙක් පුහු දේශපාලනික  වහසි බස් දෙඩවීම ක් නොවේ. මෙය, න්‍යෂ්ටික අවි දහස් ගණනක් ඇති සහ දැනටමත් දින හතළිහක් තිස්සේ ඉරානයට බෝම්බ හෙලන, ඉතිහාසයේ වඩාත්ම බලවත් ලෙස සන්නද්ධ මිලිටරි බලයක  රාජ්‍ය නායකයා විසින් සමූල ජන ඝාතක අභිප්‍රාය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අද එහි හදිසි  ඉදිරි දර්ශනයෙන් ප්‍රකාශ කළ පරිදි: “ට්‍රම්ප් පැවසූ සෑම වචනයක්ම එක්සත් ජනපද ආණ්ඩුව හිට්ලර් පරිමාණයේ අපරාධයකට  ගැට ගසයි. නාසි නායකයින්  දොරවල් වසාගෙන සාකච්ඡා කළ දේ ඔහු විවෘතව කියයි.” ට්‍රම්ප් දැනටමත් සෑම බලාගාරයක්ම, සෑම පාලමක්ම, සෑම මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ පහසුකමක්ම – මිලියන 93 ක ජනතාවක් සඳහා ශිෂ්ට සම්පන්න ජීවිතයේ සමස්ත යටිතල පහසුකමක්ම – විනාශ කරන බවට තර්ජනය කර තිබේ. මෙය “පැය හතරක කාලයක් තුළ” ඉටු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ. මෙය යුද අපරාධවලට අයත් දැයි වාර්තාකරුවෙකු ඔහුගෙන් විමසීය. ඔහුගේ පිළිතුර: “නැහැ, කොහෙත්ම නැහැ.”

ඉරානය මානව ඉතිහාසයේ පැරණිතම හා ගැඹුරුතම ශිෂ්ටාචාරයන් ගෙන් එකක උරුමකරු වේ. යුද්ධයේ පළමු දිනයේ දී Shajareh Tayyebeh බාලිකා පාසලට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරයකින් මියගිය ළමුන් 168 දෙනෙකු ඇතුළුව එහි සිවිල් වැසියන් දහස් ගණනක් දැනටමත් ඝාතනය කර ඇත. රෝහල්, විශ්ව විද්‍යාල, නේවාසික ප්‍රදේශ සහ පාසල් වලට ක්‍රමානුකූලව බෝම්බ හෙලා ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු අඟවා ඇති පරිදි, ප්‍රහාරක උත්සන්න කිරීමේ තර්කනය නොවැළැක්විය හැකිය: තීව්‍ර කරන ලද බෝම්බ හෙලීමේ සිට භූමි ආක්‍රමණය දක්වා, ඉරාන නගර අත්පත් කර ගැනීම දක්වා සහ අවසානයේ – වැඩිවන ඇමරිකානු හානි සහ හමුදා අසාර්ථකත්වය හමුවේ – න්‍යෂ්ටික අවි වෙත යොමු වීම දක්වා එය උත්සන්න වනු ඇත.

මෙය කල්පිතයක් නොවේ. ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ කිසිදු බරපතල බලවේගයක් එයට කිසිදු තිරිංගයක් නොයොදා, සතියක් පාසා උත්සන්න වෙමින් දින හතළිහක් තිස්සේ සිදුවෙමින් පවතින යුද්ධයක ගමන් පථය මෙයයි.

ඩොලර් බිලියන 839 ක ආරක්ෂක අයවැය සඳහා තමන්ගේ ඡන්දයෙන් යුද්ධයට අරමුදල් සැපයූ එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය දැන් ට්‍රම්ප්ව “පිස්සෙක්” සහ ” සිහි විකල් වූවෙක්” ලෙස හඳුන්වයි. නමුත් එක  ඩිමොක්‍රටිකයෙකු වත් යුද්ධය නැවැත්වීම සඳහා සංයුක්ත ක්‍රියාමාර්ගයක් යෝජනා කර නැත. ඔවුන් ඊට හවුල්කරුවන් ය. යුද්ධයට එරෙහි ඕනෑම සැබෑ මහජන බලමුලු ගැන්වීමක් යුද්ධයෙන් නතර නොවනු ඇතැයි ඔවුන් භීතියට පත්ව සිටිති. එය ධනය බෙදා හැරීම, මූල්‍ය කතිපයාධිකාරයේ බලය සහ පක්ෂ දෙකම මගින් ආරක්ෂා කරන සමාජ ක්‍රමය පිළිබඳ සමස්ත ප්‍රශ්නයම මතු කරනු ඇත.

යුරෝපයේ පාර්ලිමේන්තු, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ එක්සත් රාජධානියේ ආණ්ඩු – මේ සියල්ලන්ම මෙම අපරාධයට සම්බන්ධය. ඕස්ට්‍රේලියාව රහසිගතව SAS කමාන්ඩෝ භටයින්, Wedgetail සටන් කළමනාකරණ ගුවන් යානා සහ එහි Pine Gap බුද්ධි මධ්‍යස්ථානය යුද්ධයට යොදවා ඇත. බ්‍රිතාන්‍යය හෝමූස් සමුළුව පවත්වයි. ජර්මනිය නැවත සන්නද්ධ වෙමින් සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  පක්ෂාඝාත වී ඇත. ජාත්‍යන්තර නීතිය  සුන් කර ඇත.

ධනේශ්වර රාජ්‍ය පද්ධතියට මෙම යුද්ධය නැවැත්විය නොහැකි බව කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණක් එය කළ හැකිය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ පෙලගැසී සිටින theSocialist.lk සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA), කම්කරුවන්, තරුණයින් සහ මෙම සාපරාධී යුද්ධයට විරුද්ධ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ:

වැඩ වර්ජනය: එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ ලොව පුරා සිටින කම්කරුවන් යුද යන්ත්‍රය ක්‍රියාත්මක වීමට ඇති මාධ්‍යයන් අවහිර කිරීම සඳහා – වරාය, ගුවන්තොටුපළ, සැපයුම් මධ්‍යස්ථාන, ආයුධ නිෂ්පාදන කම්හල් සහ ප්‍රවාහන ජාලයන් – වහාම කාර්මික ක්‍රියාමාර්ග ගත යුතුය. AFL-CIO, UAW, TUC සහ සෑම ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලනයක්ම සාපරාධී නිහඬතාවයක් පවත්වා ඇත. මෙම යුද්ධයට ආයුධ, ඉන්ධන සහ සැපයුම් ගලායාම නැවැත්වීම සඳහා කම්කරුවන් නිලධරයෙන් ස්වාධීනව ඔවුන්ගේ සාමාන්‍ය කම්කරු කමිටු හරහා ක්‍රියා කළ යුතුය.

අත්පත් කර ගැනීම: කම්කරුවන් සහ තරුණයින් සේවා ස්ථාන, විශ්ව විද්‍යාල පරිශ්‍ර සහ පොදු අවකාශයන් අත්පත් කර ගත යුතුය –ඒ, යුද්ධයේ සේවකයින් බව ඔප්පු කර ඇති ආණ්ඩුවලට කන්නලව් කිරීමට නොව, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලය තහවුරු කිරීමට ය. මාර්තු 28 වන දින එක්සත් ජනපදයේ පමණක් පෙළපාළි ගිය මිලියන අටක මහජන ව්‍යාපාරය, විරෝධතා ව්‍යාපාරයක සිට, වැඩසටහනක්, උපාය මාර්ගයක් සහ නායකත්වයක් සහිත සංවිධානාත්මක දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කළ යුතුය.

ජාත්‍යන්තරව සංවිධානය වීම: ඉරානයට එරෙහි යුද්ධය ජාතික ප්‍රශ්නයක් නොවේ. එය ලෝක ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ, දකුණු කොරියාවේ, ජපානයේ – බෝම්බ හෙළන විට දී පවා තෙල් සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා ඉරානය සමඟ වෙනම ගිවිසුම් ගහ ගන්නා ආණ්ඩු පවතින මෙම රටවල – කම්කරුවෝ අරගලයට එක්විය යුතුය. “වසර ගණනාවක් ඉදිරියට එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට කලාපයේ තෙල් හා ගෑස් අහිමි කරන” බවට IRGC අනතුරු ඇඟවීම, ශිෂ්ටාචාරමය පරිමාණයේ ආර්ථික හා මිලිටරි ව්‍යසනයකට ලෝකය කෙතරම් සමීපව සිටිනවාද යන්න පිළිබඳ මිනුමක් වේ. එකම පිළිතුර වන්නේ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා සංවිධානය වන ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතාවයයි.

අද ට්‍රම්ප්ගේ තර්ජනය එහි සැබෑ අරුතින් තේරුම් ගත යුතුය: එය ඉරානයට එරෙහිව පමණක් නොව, මානව ශිෂ්ටාචාරයේ සියලු සමුච්චිත ජයග්‍රහණවලට එරෙහිව – ජාත්‍යන්තර නීතියට එරෙහිව, සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම තහනම් කිරීමට එරෙහිව, දෙවන ලෝක යුද්ධයේ භීෂණයෙන් හා නාසි සමූලඝාතනයෙන් පසුව සංග්‍රහ කරන ලද මානව වර්ගයාගේ මූලික සම්මතයන්ට එරෙහිව – යුද්ධ ප්‍රකාශ කිරීමකි. ඩේවිඩ් නෝර්ත් නියුරම්බර්ග් යුක්තියේ මාලිගාව (Nuremberg Palace of Justice) ඉදිරිපිට දී ප්‍රකාශ කළ පරිදි, මෙම යුද්ධය නියුරම්බර්ග් නඩු විභාගයේදී ඉහළම ජාත්‍යන්තර අපරාධය වන “සාමයට එරෙහි අපරාධය” සඳහා ස්ථාපිත කර ඇති සෑම නීතිමය සහ දේශපාලන නිර්ණායකයක්ම සපුරාලයි.

අද, 2026 අප්‍රේල් 7 වන දින ඉරාන ශිෂ්ටාචාරය විනාශ වූ දිනය බවට පත් වුවහොත්, එය ධනේශ්වර ලෝක පර්යාය මනුෂ්‍යත්වය ඉදිරියේ තමන්ගේම මරණ වරෙන්තුව අත්සන් කරන දිනය ද වනු ඇත. ඒ වෙනුවට එය ජාත්‍යන්තර කම්කරු පන්තිය මෙසේ කීමට නැගී සිටින දිනය බවට පත්විය යුතුය: අපගේ නාමයෙන් නොවේ. අපගේ ශ්‍රමය නිසා නොවේ. අපගේ නිහඬතාවය නිසා නොවේ.

මෙම ප්‍රතිරෝධය සංවිධානය කරන්නේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී සමානතා පක්ෂ (සසප) ශාඛාවන් විසිනි. ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ජාත්‍යන්තරව සිටින සියලුම කම්කරුවන්ට, තරුනයින්ට සහ සමාජවාදී මනසක් ඇති පුද්ගලයින්ට ඒවා සමග සම්බන්ධ වන ලෙස අපි ඉල්ලා සිටිමු.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය වහාම, කොන්දේසි විරහිතව නතර කරන ලෙස ඉල්ලා සිටින්න.

මැද පෙරදිගින් සියලුම අධිරාජ්‍යවාදී බලවේග ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින්න.

කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනඟන්න. වැඩ වර්ජනය කරන්න. සංවිධානය වන්න. සමාජවාදය සඳහා සටන් කරන්න.

ඉරානය, පලස්තීනය, ලෙබනනය, කියුබාව යන රටවල ජනතාව සමඟ සහයෝගීතාවය – ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව!

ඉරානයට අත නොතබනු – අධිරාජ්‍යවාදී යුද්ධය නවත්වනු!

තවත් ජන සංහාරයක් එපා – ට්‍රම්ප්ගේ යුද යන්ත්‍රය නවත්වනු!

යුද්ධයට හා කප්පාදුවට එරෙහිව කම්කරු බලය!

යුද්ධයට වරායන් වසා  දමනු – කම්කරුවනි එක්වව්!

යුද්ධයට එක සතයක්වත් නොදෙනු – රෝහල්, පාසල්, රැකියා සඳහා අරමුදල් සපයනු!

අධිරාජ්‍යවාදී සහ සයොන්වාදී හමුදා මැද පෙරදිගින් පිටවනු!

යුද අපරාධකරුවන් නවත්වනු – අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයින්ට එරෙහිව නියුරම්බර්ග්!

ප්‍රමාද වැඩි වීමට පෙර අත්‍යාසන්න සමූහ ජනසංහාරය නවත්වනු! ඉරාන ශිෂ්ටාචාරය අතුගා දැමීමේ  ට්‍රම්ප්ගේ තර්ජනය හෙළා දකිනු! Read More »

Trump

Stop the impending Genocide — Before it is too late: Condemn Trump’s Threat to Annihilate Iranian Civilisation

Emergency Statement by the Editorial Board of  theSocialist.lk and the Socialist Lead of Sri Lanka and South Asia (SLLA)  

Trump
President Donald Trump speaks with reporters in the James Brady Press Briefing Room at the White House, Monday, April 6, 2026, in Washington. [AP Photo/Mark Schiefelbein]

Today, 7 April 2026, US President Donald Trump posted on Truth Social: “A whole civilization will die tonight, never to be brought back again. I don’t want that to happen, but it probably will.”

This is not political bluster. This is the public declaration of genocidal intent by the head of state of the most heavily armed military power in history — a power that possesses thousands of nuclear weapons and has already been bombing Iran for forty days.

As the World Socialist Web Site stated today in its emergency perspective: “Every word Trump said implicates the government of the United States in a crime of Hitlerian proportions. He says openly what the Nazi leaders discussed behind closed doors.” Trump has already threatened to destroy every power plant, every bridge, every desalination facility — the entire infrastructure of civilised life for 93 million people. He has declared this will be accomplished “over a period of four hours.” He was asked by a reporter whether this constitutes war crimes. His answer: “No, not at all.”

Iran is the heir to one of the oldest and most profound civilisations in human history. Thousands of its civilians — including 168 children killed in a US missile strike on the Shajareh Tayyebeh girls’ school on the first day of the war — have already been slaughtered. Hospitals, universities, residential districts and schools have been systematically bombed. The logic of escalation, as the WSWS has warned, is inexorable: from intensified bombing to ground invasion, to the occupation of Iranian cities, and ultimately — in the face of mounting US casualties and military failure — to the resort to nuclear weapons.

This is not a hypothetical. This is the trajectory of a war that has been underway for forty days, escalating each week, with no serious force within the capitalist political system placing any brake upon it.

The Democratic Party of the United States — which funded the war with its own vote for the $839 billion defence budget — now calls Trump a “madman” and “unhinged.” But not a single Democrat has proposed concrete action to halt the war. They are complicit. They are terrified that any genuine mass mobilisation against the war would not stop at the war — it would raise the entire question of the distribution of wealth, the power of the financial oligarchy, and the social order both parties exist to defend.

The parliaments of Europe, the governments of Australia, Canada and the United Kingdom — all are implicated. Australia has secretly deployed SAS commandos, Wedgetail battle-management aircraft and its Pine Gap intelligence station to the war. Britain hosts the Hormuz summit. Germany rearming. The United Nations Security Council paralysed. International law demolished.

The capitalist state system has proved, beyond any doubt, that it cannot stop this war. Only the international working class can.

theSocialist.lk and the Socialist Lead of Sri Lank and South Asia (SLLA) aligned with the International Committee of the Fourth International, calls on workers, youth and all those in opposition to this criminal war:

Strike: Workers in the United States, Britain, Australia, Germany and across the world must take immediate industrial action — in ports, airports, logistics hubs, defence manufacturing plants and transport networks — to deny the war machine the means to function. The AFL-CIO, the UAW, the TUC and every major trade union federation has maintained criminal silence. Workers must act through their rank-and-file committees, independently of the bureaucracy, to halt the flow of arms, fuel and supplies to this war.

Occupy: Workers and youth must occupy workplaces, campuses and public spaces — not to petition governments that have proven themselves servants of the war, but to assert the independent political power of the working class. The eight million who marched on 28 March in the United States alone must be transformed from a protest movement into an organised political force with a program, a strategy and a leadership.

Organise internationally:  The war on Iran is not a national question. It is a world question. Workers in Sri Lanka, workers in South Korea, workers in Japan — whose governments are cutting separate deals with Iran to secure oil supplies even as the bombs fall — must join this struggle. The IRGC’s warning that it will “deprive the US and its allies of the region’s oil and gas for years” is a measure of how close the world stands to an economic and military catastrophe of civilisational proportions. The only answer is international working-class solidarity, organised through the International Workers Alliance of Rank-and-File Committees (IWA-RFC).

Trump’s threat today must be understood for what it is: a declaration of war not merely against Iran, but against all the accumulated gains of human civilisation — against international law, against the prohibition on targeting civilian infrastructure, against the most fundamental norms of humanity that were codified after the horrors of World War II and the Nazi Holocaust. As David North stated at the Nuremberg Palace of Justice: this war meets every legal and political criterion established at the Nuremberg Trials for a “crime against peace” — the supreme international crime.

If today, 7 April 2026, becomes the date on which Iranian civilisation is destroyed, it will also be the date that the capitalist world order signs its own death warrant in the eyes of humanity. It must instead become the date on which the international working class rises to say: Not in our name. Not with our labour. Not with our silence.

The Socialist Equality Party (SEP) sections of the ICFI are organising this resistance. We call on all workers, youth and socialist-minded people in Sri Lanka, South Asia and internationally to join them.

Demand the immediate, unconditional cessation of the US-Israeli war on Iran.

Demand the withdrawal of all imperialist forces from the Middle East.

Build rank-and-file committees. Strike. Organise. Fight for socialism.

Solidarity With the people of Iran, Palestine, Lebanon, Cuba — International Working Class Unity!

Hands Off Iran — Stop Imperialist War!

No More Genocide — Stop Trump’s War Machine!

Workers’ Power Against War and Austerity!

Ports Closed to War — Workers Unite!

Not One Penny for War — Fund Hospitals, Schools, Jobs!

Imperialist and Zionist Troops Out from the Middle East!

Stop the War Criminals — Nuremberg for Imperialist Aggression!

Stop the impending Genocide — Before it is too late: Condemn Trump’s Threat to Annihilate Iranian Civilisation Read More »

No kings

මාර්තු 28 “රජවරු එපා” පෙළපාලි: දේශපාලන පාඩම්

ජෝසප් කිෂෝර් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 29 වන දින The March 28 “No Kings” demonstrations: The political lessonsයන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

No kings
2026 මාර්තු 28 වන දින නිව්යෝර්ක් නගරයේ පැවති දැවැන්ත “නෝ කිංග්ස්” රැලියේ කොටසක්.

මාර්තු 28 වන දින පැවති ” නෝ කිංග්ස් ” පෙළපාලිවල තුන්වන වටය, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාව වූ අතර,  එය එක්සත් ජනපදය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් වීදිවලට ​​ඇද ගන්නා ලදී. ජනපද 50 පුරා සෑම ප්‍රධාන නගරයකම මෙන්ම කුඩා නගර සිය ගණනක විරෝධතා 3,300 කට වැඩි ගණනක් ඇති විය. දළ වශයෙන් මිලියන 8 ක ජනතාවක් ඒවාට සහභාගී වූ බව සංවිධායකයින් ගණන් බලා තිබේ.

එක් එක් විරෝධතාවල පරිමාණය අසාමාන්‍ය විය: ජාතිකව ප්‍රමුඛතම රැස්වීම ලෙස නම් කරන ලද මිනියාපොලිස්–ශාන්ත පාවුහි, රාජ්‍ය කැපිටල් ක්‍රීඩාංගණයට 100,000 ත් 200,000 ත් අතර පිරිසක් ඇදී ආහ. නිව්යෝර්ක් නගරයේ ඇස්තමේන්තුගත සහභාගිත්වය 350,000 ක් විය; බොස්ටන්හි 180,000 කි (අපේක්ෂා කළ ප්‍රමාණය මෙන් දෙගුණයක්); චිකාගෝහි 200,000 ක් විය; සියැටල්හි 90,000 ක් සහ සැන් ඩියාගෝහි 40,000 ක් ඇතුළුව රට පුරා ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල විශාල විරෝධතා වාර්තා විය. සංවිධායකයින් ප්‍රකාශ කළේ, ජාතික විරෝධයේ පළල අවධාරණය කරමින්, ප්‍රධාන වශයෙන් ග්‍රාමීය, රිපබ්ලිකන්-නැඹුරු ප්‍රජාවන් තුළ. විරෝධතා 600 ක් පමණ සිදු වූ බවයි

මාර්තු 28 වන දින විරෝධතාවල පරිමාණය, රට තුළ ඒකාධිපතිත්වයේ වර්ධනය සහ විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධයේ උත්සන්න වීම කෙරෙහි මහජන කෝපයේ ගැඹුර පිළිබිඹු කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලින් බිඳී යන ධනේශ්වර කතිපයාධිකාරය සහ ජනගහනයේ පුලුල් ජනතාව අතර ගැටුමක් දිග හැරෙමින් තිබේ.

දැන් මාසයක් පැරණි ඉරානයට එරෙහි යුද්ධය, රැළි වලට සහභාගී වූවන්ට තීරණාත්මක උද්වේගකර බලවේගයක් විය. විරෝධතා කැඳවූ සංවිධාන විසින් එය අවතක්සේරු කරන ලද නමුත්, නගරයෙන් නගරයට සංකේත සහ ගායනා මගින් විරෝධය ප්‍රකාශ විය. පෙලපාලි පැවැත්වෙන අතරතුර, ට්‍රම්ප් විසින් ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සහිත තවත් මිලිටරි උත්සන්න කිරීමක් සූදානම් කරමින් සිටියේය. විරෝධතාවලට පසු දින, වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ පෙන්ටගනය ඉරානයේ “සති හෝ මාස කිහිපයක” ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බවත්, වංචාකාරී සාකච්ඡා කඩතුරාව මධ්‍යයේ එවැනි මෙහෙයුම් සඳහා සැලසුම් කිරීම “සති ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පවතින” බවත්ය.

විරුද්ධවයේ පරිමාණය පාලක පන්තිය භීතියට පත් කරන අතර, සංගත මාධ්‍යවල ප්‍රතිචාරය වූයේ එය අවතක්සේරු කර හැකි ඉක්මනින් ඉදිරියට යාමයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එහි කෙටි වාර්තාවේ දී සදහන් කලේ, විරෝධතා පෙළපාලි සංවිධානය වූයේ යුද්ධයට සහ ආඥාදායකත්වයට එරෙහි දැවැන්ත විරෝධතා පිපිරීමක් ලෙස නොව, “කලකිරීමට පත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්” සහ මධ්‍ය-වාර මැතිවරණ උපාමාරු සඳහා වාහකයක් ලෙස යනුවෙනි. ඊට පසු දින ඉරිදා කේබල් ප්‍රවෘත්ති වැඩසටහන් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතාව ගැන සඳහන් කළේ යන්තමිනි. 

මුහුණ දිය යුතු ප්‍රශ්නය නම්: විරුද්ධත්වයේ පරිමාණය සැලකිල්ලට ගත් විට, ට්‍රම්ප් තවමත් බලයේ සිටින්නේ කෙසේද? යන්නයි. ව්‍යවස්ථාව විවෘතව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන, ඒකාධිපතිත්වයක් ගොඩනඟන සහ ලෝක ජනගහනය නීති විරෝධී ආක්‍රමණශීලී යුද්ධයකට ඇද දමන අපරාධකාරී තන්ත්‍රයකට පාලනය දිගටම කරගෙන යා හැක්කේ කෙසේද?

පිළිතුර පවතින්නේ  මිලියන ගණනකගේ කෝපය සහ විරෝධතා කැඳවූ විපක්ෂ යැයි කියනු ලබන ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් (Indivisible මගින්  මෙහෙයවනු ලබන) අතර දේශපාලන පරතරය තුළ ය. යුද්ධය හිතාමතාම අවතක්සේරු කිරීමේදී මෙය වඩාත් තියුණු ලෙස ප්‍රකාශ විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්ට ජර්මනියේ නියුරම්බර්ග් හි පැවති “නෝ කිංස් ” රැලිය ඇමතීමෙන් වලකන ලදී. ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරීන් “ඩිමොක්‍රටික් පක්ෂය සහාය දෙන ඉරානයට එරෙහි නීති විරෝධී යුද්ධයට එරෙහිව කතා කිරීමට සහ එය හෙළා දැකීමට මට ඉඩ නොදෙනු ඇත” යනුවෙන් නෝර්ත් සඳහන් කළේය.

ප්‍රධාන රැලිවලදී, ඩිමොක්‍රටික් දේශපාලනඥයන් යුද්ධය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම හෝ එය අමතර වාක්‍ය ඛණ්ඩයකට ඌනනය කරන ලදී. මන්ද ඔවුන් යුද්ධයේ මූලික අරමුණු සමඟ එකඟ වන අතර එහි මූලික නිර්නායකයන් පිළිගන්නා බැවිනි. බොස්ටන්හිදී, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඉරානය” ගැන කිසිසේත් සඳහන් නොකළ අතර, ට්‍රම්ප් “ලොව පුරා අඩක් බෝම්බ හෙළීමට දිනකට ඩොලර් බිලියනයක් වියදම් කිරීම” පිළිබඳ කෙටි සඳහනක් පමණක් ඇතුළත් කලාය.සෙනෙට් සභික එඩ් මාර්කි යුද්ධය ගැන සඳහන් කළේ වැදගැම්මකට නැති වාක්‍ය ඛණ්ඩයක් මගිනි. 

මිනසෝටා හි දී බර්නි සැන්ඩර්ස්ගේ විවෙචන ප්‍රධාන ඩිමොක්‍රටික් පක්ෂ චරිතයක් විසින් යුද්ධය සඳහා වාක්‍යයකට වඩා කැප කරන ලද එකම අදහස් දැක්වීමයි. “ඉරානයේ යුද්ධය ගැන අද අපට බොරු කියනු ලැබේ,” සැන්ඩර්ස් ප්‍රකාශ කළේය. “ට්‍රම්ප් සහ ඔහුගේ සහකරු වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කළ අතර එය “ව්‍යවස්ථා විරෝධී” බව ඔහු පැවසීය, මන්ද “ට්‍රම්ප් කොංග්‍රසයෙන් අවසර ලබා ගැනීමට උත්සුක නොවීම හෝ අවසරය ලබා නොගත්” බැවිනි. යුද්ධය “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” බව සැන්ඩර්ස් තවදුරටත් පැවසීය.

නමුත් සැන්ඩර්ස්ගේ කාර්යය වන්නේ යුද්ධයට සහ ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය වර්ධනය කිරීම නොව එය වැළැක්වීමයි. ඔහු යුද්ධය ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පන්ති අවශ්‍යතා සහ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරන ලද ද්විපාර්ශ්වික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් ලෙස නොව, ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ නිෂ්පාදනයක් ලෙසය. ගාසා තීරයේ ජන සංහාරය ගැන ඔහු සඳහන් කළ අතර එය ආරම්භ කර සන්නද්ධ කරන ලද්දේ ඩිමොක්‍රටික් පක්ෂය සහ සැන්ඩර්ස් විසින් සහාය දුන් බයිඩන් යටතේ බවය යන්න ගැන කිසිවක් නොකීවේය. ට්‍රම්ප්ගේ යුද යන්ත්‍රයට අරමුදල් සැපයීමට ඩිමොක්‍රටිකයින් නැවත නැවතත් ඡන්දය දී ඇති බව ගැන ද ඔහු සඳහන් කළේ නැත.

“කොන්සර්වේටිව්වරුන්, මධ්‍යස්ථවාදීන් සහ ප්‍රගතිශීලීන්” යුද්ධය අවසන් කිරීම සඳහා “එකාවන්ව” කතා කරන බවට කරන ලද ප්‍රකාශයෙන් සැන්ඩර්ස්ගේ භූමිකාව සාරාංශගත කළ හැක. එය, ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තියට නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අරමුණු ස්පර්ශ නොකර තබමින්, ගැටුම “ඊශ්‍රායලයේ යුද්ධය” ලෙස ඉදිරිපත් කරමින් විවේචනය කරන දක්ෂිනාංශික කොටස් සහ රිපබ්ලිකන් පක්ෂයට නැඹුරු වීම සඳහා කරන ආයාචනයකි. සැන්ඩර්ස් ඇත්ත වශයෙන්ම යෝජනා කරන්නේ කුමක්ද? මැතිවරණ උපාමාරු සහ නොවැම්බර් මාසයේදී ඩිමොක්‍රටිකයන්ට ඡන්දය දීමය. 

විරෝධතාවලට මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගී වූ නමුත් ඔවුන් එසේ කළේ සංවිධානාත්මක බලවේගයක් ලෙස නොව පුද්ගලයන් ලෙස ය. ස්වාධීන කම්කරු පන්ති ක්‍රියාමාර්ග මර්දනය කිරීමේදී, කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට බැඳ තැබීමේදී සහ ට්‍රම්ප්ගේ වැඩසටහනට අනුගත (adapt) වීමේදී වෘත්තීය සමිති නිලධරයේ කාර්යභාරය මෙයින් ප්‍රකාශ වේ. ෂෝන් ෆේන් යටතේ එක්සත් මෝටර් රථ කම්කරු සමිතිය (UAW) ට්‍රම්ප්ගේ “පළමුව ඇමරිකාව” යන කෝකටත් තෛලය ප්‍රවර්ධනය කර ඇති අතර ඩෙට්‍රොයිට් හි සාපේක්ෂව කුඩා සහභාගීත්වය මගින් මෙය විශේෂයෙන් පැහැදිලි විය.

මිනසෝටා රැලියේ AFL-CIO සභාපති ලිස් ෂූලර් සහ ඇමරිකානු ගුරු සම්මේලනයේ සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් දේශන පැවැත් වූහ. ෂූලර් කිසි විටෙකත් යුද්ධය ගැන සඳහන් නොකළේය. ඉරානය ගැන සඳහන් නොකර, “එය දිනකට ඩොලර් බිලියනයක් වැය වන” බව වෙයින්ගාර්ටන් සඳහන් කළාය. යුක්රේනයේ යුද්ධයේ උද්යෝගිමත් ආධාරකරුවෙකු වන වෙයින්ගාර්ටන්, මෙම මුදල් රුසියාවට එරෙහි යුද්ධය සඳහා වියදම් කිරීමට කැමති වනු ඇති බවට සැකයක් නැත.

රට පුරා වර්ධනය වන වැඩ වර්ජන ව්‍යාපාරය ගැන ෂූලර් හෝ වෙයින්ගාර්ටන් සඳහන් කළේ නැත. තීරණාත්මක කර්මාන්ත හා සේවාවල කම්කරුවන් අරගලයට අවතීර්ණ වන මොහොතේම, “මිලියන 15 ක කම්කරුවන්” වෙනුවෙන් කතා කරන බව පවසන නිලධාරීන්–වෙයින්ගාර්ටන් පැවසූ පරිදි, “අද රජවරු එපා, අපි නොවැම්බර් මාසයේදී ඡන්දය දෙමු,”ලෙස– ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීම හැර, ට්‍රම්ප් පරිපාලනයට හෝ “කෝටිපතියන්ට” විරුද්ධ වීමට කම්කරුවන් සැබවින්ම කිසිවක් කළ යුතු යැයි යෝජනා කළේ නැත.

මාර්තු 28 වන දින පැවති විරෝධතා ට්‍රම්ප් පරිපාලනයට ගැඹුරු සහ පුලුල්ව පැතිරුනු විරෝධයක් ප්‍රකාශ කළ නමුත් මෙම විරෝධය තවමත් පැහැදිලි දේශපාලන වැඩසටහනකින් මෙහෙයවනු නොලැබේ. කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ අර්බුදයේ පරිමාණයට සමාන සවිඥානික ඉදිරිදර්ශනයකින් එය සන්නද්ධ කිරීමයි. ඇතැම් මූලික කරුණු අවධාරණය කළ යුතුය.

පළමුව, ට්‍රම්ප් පරිපාලනය විදේශයන්හි යුද්ධය උත්සන්න කිරීම සහ රට තුළ ඒකාධිපතිත්වය සඳහා කුමන්ත්‍රණය කිරීම සමඟ එකවර ඉදිරියට යමින් සිටී. මහජන විරෝධයට එහි ප්‍රතිචාරය වන්නේ සහන නොව මර්දනය තීව්‍ර කිරීමයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මකා දැමීම, පොලිස්-රාජ්‍ය ක්‍රම සාමාන්‍යකරණය කිරීම සහ විසම්මුතිය නිහඬ කිරීම සඳහා වඩ වඩාත් ප්‍රචණ්ඩකාරී පියවර සකස් කිරීමයි. ගුවන් තොටුපළවල ICE නියෝජිතයන් යෙදවීම රට පුරා පැරාමිලිටරි යෙදවීම් සඳහා අත්හදා බැලීමකි. ඉරිදා “දේශසීමා සාර්වරයා” (“Border Czar”) ලෙස ට්‍රම්ප් හඳුන්වන ටොම් හෝමන් ප්‍රකාශ කළ පරිදි ප්‍රවාහන ආරක්ෂක පරිපාලන (TSA) නියෝජිතයින්ට වැටුප් ලැබීම ආරම්භ කළ පසුව පවා, ගුවන් තොටුපල වල මෙම ICE නියෝජිතයින් යොදවනු ඇත.

දෙවනුව, ට්‍රම්ප්ගේ ක්‍රියාවන් හුදෙක් ඔහුගේ පෞද්ගලික දුෂ්චරිතයෙන් පැන නගින්නේ නැත. ඔහු කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ තම ධනය සහ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා නීත්‍යානුකූලභාවයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලින් බිඳී යන ධනේශ්වර කතිපයාධිකාරය නම් පන්තියක නියෝජිතයා ලෙස ය.

තෙවනුව, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නේ ද එම පන්තියමයි. එය ට්‍රම්ප්ගෙන් වෙනස් වන්නේ උපක්‍රම සහ ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් පමණක් වන අතර, යුද්ධයට ඉඩ සලසමින් සහ ධනේශ්වර පාලනයේ අත්තිවාරම් වලට තර්ජනයක් නොවන මැතිවරණ ආදී ආවෘත අන්තයන්  සහ ආරක්ෂිත මාර්ග වෙත විරුද්ධත්වය හරවා යැවීමට ක්‍රමානුකූලව කටයුතු කරයි. 

සිව්වනුව, බලමුලු ගැන්විය යුතු තීරණාත්මක සමාජ බලවේගය වන්නේ වෘත්තීය සමිති උපකරණයෙන් ස්වාධීනව සංවිධානය වූ කම්කරු පන්තියයි. විරෝධතා, පන්ති අරගලයේ ගැඹුරු වන පිපිරීමක් සමඟ සමපාත වේ. නමුත් මෙම ව්‍යාපාරය, සංස්ථා සහ රාජ්‍යයට බද්ධ වූ වෘත්තීය සමිති නිලධරයක් විසින් අවහිර කර විසුරුවා හරිනු ලැබේ.

සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව පැවති විරෝධතාවලට මැදිහත් වූයේ මෙම පදනම මත ය: එනම්, මහජන කෝපය යුද්ධය නැවැත්වීමට සහ ආඥාදායකත්වය පරාජය කිරීමට සමත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය මූලෝපාය ඉදිරියට ගෙන යාම සඳහාය. 

අත්‍යවශ්‍ය ඊළඟ පියවර වන්නේ සේවා ස්ථානවල මුල් බැසගත් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ එකම ධනේශ්වර කතිපයාධිකාරීන්ට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව එක්සත් ජනපදයේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරුවන් සමග එක්සත් කිරීමයි. යුද යන්ත්‍රයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීමට එරෙහිව සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග සූදානම් කිරීම සඳහා වැඩබිම් සහ දේශසීමා හරහා මෙම කමිටු ගොඩනැගීමට සහ සම්බන්ධ කිරීමට ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) දිරිමත් කරයි.

යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන සමාජවාදය සඳහා සටනෙන් වෙන් කළ නොහැකි බව සසප අවධාරනය කරයි. මිලියන ගණනක් වීදිවලට ​​ඇද දමා ඇති තත්වයන් දේශපාලන සංස්ථාපිතයට ආයාචනා කිරීමෙන් නොව, කම්කරු පන්තියේ මහජන සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් පමණක් විසඳනු ඇත.

මෙය ඉල්ලා සිටින්නේ හදිසි කර්තව්‍යයක් ලෙස කතිපයාධිකාරයේ පාලනය අවසන් කිරීමට සහ පෞද්ගලික ලාභය සඳහා නොව මානව අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට සමත් නායකත්වයක් ගොඩනැහීමයි. ඉදිරි මාවතක් සොයන සියලුම කම්කරුවන්ගෙන් සහ තරුණයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය (එ.ජ) ඉල්ලා සිටින්නේ සසපට බැඳී මෙම අරගලය භාර ගන්නා ලෙසයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කරන ලදී)

මාර්තු 28 “රජවරු එපා” පෙළපාලි: දේශපාලන පාඩම් Read More »

Airborne

මැද පෙරදිගට පාබල හමුදා පැමිණෙන විට, ට්‍රම්ප් ඉරානයේ යටිතල පහසුකම් “මකා දමන” බවට තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 31 වන දින ‘As ground troops arrive in the Middle East, Trump threatens “obliteration” of Iran’s infrastructure යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Airborne
එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් සපයන ලද වීඩියෝවේ මෙම රූපයේ දැක්වෙන්නේ 2026 මාර්තු 27 වන දින USS ට්‍රිපොලි (LHA 7) නෞකාවේ සිටින එක්සත් ජනපද නාවිකයින් සහ මැරීන් භටයින් එක්සත් ජනපද මධ්‍යම විධාන ප්‍රදේශයට පැමිණෙන ආකාරයයි. [AP ඡායාරූපය/එක්සත් ජනපද මධ්‍යම විධානය]

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයේ 30 වන දිනය වූ සඳුදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සියලුම බලශක්ති උත්පාදන සහ ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් ඔහුගේ ඉල්ලීම්වලට යටත් නොවන්නේ නම් විනාශ කරන බවට තර්ජනය කළේය. “කිසියම් හේතුවක් නිසා ඉක්මනින් ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම්, අපි ඉරානයේ අපගේ ආදරණීය ‘රැඳවීම’ අවසන් කරන්නේ ඔවුන්ගේ සියලුම විදුලි ජනන කම්හල්, තෙල් ළිං සහ කාර්ග් දූපත (සහ සමහර විට සියලුම ලවණ ඉවත් කිරීමේ කම්හල්!) පුපුරුවා හැරීමෙන් සහ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙනි,” යි ට්‍රම්ප් ඔහුගේ Truth Social වේදිකාවේ පළ කළේය.

ඉරානයේ සියලුම විදුලි බලාගාර විනාශ කිරීම හේතුවෙන් ජල පිරිපහදු, රෝහල් සහ ආහාර ශීතකරණ කපා හැරීමට සිදු වීමෙන් රටේ සිවිල් ජීවිතයේ පදනම මුලිනුපුටා දමනු ඇත. එහි ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් විනාශ කිරීම, දැනටමත් නූතන ඉතිහාසයේ දරුණුතම නියඟයට මුහුණ දෙන ඉරානයේ ව්‍යසනකාරී ජල අර්බුදය තවත් උග්‍ර කරනු ඇත. 

ට්‍රම්ප් තර්ජනය කරන්නේ යුද අපරාධයක් කරන බවයි. එය ඒවායින් පිරුණු යුද්ධයක නවතම එක වනු ඇත. 1977 ජිනීවා සම්මුති සඳහා වූ අතිරේක ප්‍රොටෝකෝලය I හි 54 වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “ආහාර ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා කෘෂිකාර්මික ප්‍රදේශ, භෝග, පශු සම්පත්, පානීය ජල ස්ථාපනයන්… වැනි සිවිල් ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන වස්තූන්ට පහර දීම, විනාශ කිරීම, ඉවත් කිරීම හෝ අප්‍රයෝජනවත් බවට පත් කිරීම තහනම්ය.”

ට්‍රම්ප්ගේ තර්ජන සාමූහික දඬුවම් කිරීමට අයත් වේ. එය යුද නීතිවල පැරණිතම තහනම් කිරීම්වලින් එකකි. එය මිලියන 90 ක ජනගහනයක් වෙසෙන රටකට යොදනු ලබන ගාසා ආකෘතියයි:  එනම්, මිනිස් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීමයි. 

ට්‍රම්ප් පාලනයේ සාපරාධීභාවය කෙතරම් නිරුවත්ද යත් මාධ්‍යට පවා එය සැලකිල්ලට ගැනීමට බල කෙරී ඇත. ජනාධිපතිවරයා “යුද අපරාධයක් විය හැකි දෙයක් පිළිබඳ තර්ජනය කරන්නේ” මන්දැයි එන්බීසී හි ගැරට් හාක් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්ගෙන් විමසූ විට, ඇය එය ප්‍රතික්ෂේප කළේ නැත. ඇය පිළිතුරු දුන්නේ එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ට “ඔවුන්ට සිහිනෙන්වත් සිතාගත නොහැකි හැකියාවන් ඇත. ජනාධිපතිවරයා ඒවා භාවිතා කිරීමට බිය නැත”, යනුවෙනි.

“ට්‍රම්ප් යුද අපරාධයක් කිරීමට තර්ජනය කරනවාද?” යන මාතෘකාව යටතේ සඳුදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලිපියක් පළ කළේය. ට්‍රම්ප්ගේ තර්ජනය “නිසැකවම පාහේ යුද අපරාධයකට සමාන වනු ඇත. නූතන ගැටුම් පාලනය කරන නීතිවල කේන්ද්‍රීය මූලධර්මවලින් එකක් වන්නේ හමුදා ව්‍යාපාරවලදී සිවිල් වැසියන් ඉලක්ක කිරීම වැලැක්වීම සීමා කළ නොහැකි බවයි.”

මෙය සත්‍යයකි. නමුත් සමස්ත යුද්ධයම සාපරාධී සහ නීති විරෝධී ය. නියුරම්බර්ග් විනිශ්චය සභාව ආක්‍රමණශීලී යුද්ධයක් ආරම්භ කිරීම “ඉහළම ජාත්‍යන්තර අපරාධය” ලෙස අර්ථ දැක්වීය; එය අනෙකුත් යුද අපරාධවලට වඩා වෙනස් වන්නේ එහි සමස්තයේම සමුච්චිත නපුර අඩංගු වන බැවිනි. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හරියටම මෙයම වේ. 

උත්තරීතර නායක අලි කමේනිගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් ගනනක් දක්වා වූ ඉරානයේ දේශපාලන හා මිලිටරි නායකත්වය ක්‍රමානුකූලව ඝාතනය කිරීම, විධායක නියෝගය 12333 යටතේ පුද්ගල ඝාතන කිරීම් තහනම් කිරීම සහ ද්‍රෝහීකම් සහ ද්‍රෝහී ඝාතන තහනම් කරන සන්නද්ධ ගැටුම් නීති උල්ලංඝනය කරයි. මිනාබ්හි බාලිකා පාසලකට බෝම්බ හෙලීමෙන් 170 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින්ය; නිවාස 61,000 ක් සහ පාසල් 500 ක් විනාශ කිරීම; 6,500 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම යන සෑම ක්‍රියාවක්ම මෙම යුද්ධය දියත් කිරීමේ මුල් අපරාධයෙන් ගලා එයි.

ධවල මන්දිරයෙන් වඩ වඩාත් එළියට එන ජන සංහාරක වාචාල කතා වල තර්කයක් තිබේ. ඉරාන නායකයින් ඝාතනය කිරීමෙන් ඉරාන රජය පෙරලා දැමීමට බලාපොරොත්තු වූ ට්‍රම්ප් පරිපාලනය, එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇත. එහෙයින් යුද්ධයට එක්සත් ජනපද මැදිහත්වීම තීව්‍ර කිරීම හෝ විනාශකාරී පරාජයකට මුහුණ දිය යුතුය. ට්‍රම්ප් එය “සෙල්ලම් ගමනක්” ලෙස හැඳින්වූ අතර එය දින කිහිපයකින් අවසන් වනු ඇතැයි පැවසීය. මාසයක් ගත විය, දහස් ගණනක් මිය ගොස් ඇත. නමුත් ඉරාන රජය නොවෙනස්ව පවතී, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර තෙල් මිල සියයට 59 කින් ඉහළ ගොස් තිබේ.

පරිපාලනය ගාසා ආකෘතියට හැරෙමින් සිටී. එනම්, යුද්ධයේ විධික්‍රමයක් ලෙස සමාජයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමය. ගාසා තීරයේ දී ඊශ්‍රායලය විසින් 72,000 කට වැඩි පිරිසක් මරා දමා, මිලියන 2.3 ක මුළු ජනගහනයම අවතැන් කර, සෑම රෝහලක්ම සහ විශ්ව විද්‍යාලයක්ම විනාශ කර, භූමිය සුන්බුන් බවට පත් කර ඇත. ට්‍රම්ප් ගාසා තීරය මෙන් 40 ගුණයක් විශාල රටකට ඊට සමාන ක්‍රමවේදයන් හඳුන්වා දෙන බවට තර්ජනය කරයි.

ඇමරිකානු හමුදා මැද පෙරදිගට ගලා එමින් සිටී. 82 වන ගුවන් හමුදා අංශයෙන් පැරෂුට් භටයින් දහස් ගණනක් කලාපයට පැමිණ ඇත. පර්සියානු ගල්ෆ් කලාපයට නාවික ගවේෂණ ඒකක (Marine Expeditionary Units) දෙකක් යවා ඇත. වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ පෙන්ටගනය “සති කිහිපයක” ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බවත් අතිරේක භටයින් 10,000 ක් යැවීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවත්ය. ඉරාන භූමියේ ගැඹුරින් පිහිටි  භූගත ඉදිකිරීම් වල ඇති රාත්තල් 1,000 කට ආසන්න පොහොසත් යුරේනියම් අත්පත් කර ගැනීම සඳහා ට්‍රම්ප් හමුදා මෙහෙයුමක් සැලසුම් කරමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේය.

ට්‍රම්ප් පරිපාලනය සියලු නීතිමය සහ ව්‍යවස්ථාමය සීමාවන්ට පිටින් ක්‍රියාත්මක වේ. එය ගෝලීය පරිමාණයෙන් මැර කල්ලි භාෂාව කතා කරමින් බලයේ සිටින අපරාධකාරී පාතාලයකි. ට්‍රම්ප් ඉරිදා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ තම “වැඩි කැමැත්ත” “ඉරානයේ තෙල් අත්පත් කර ගැනීම” බවයි.  එමගින්, මහා බලවතෙකුට ජාතියක සම්පත් ආක්‍රමණය කර, විනාශ කර, පසුව එහි හිමිකාරිත්වය හිමි කර ගත හැකි බවට වූ යටත් විජිත පූර්ව නිගමනය නැවත නගා සිටුවීම සිදු කරයි. 

රළු භූමි ප්‍රදේශයක් සහිත විශාල මිලිටරියක් සමග මිලියන 90 ක ජනතාවක් සිටින සහ බරපතල ජීවිත හානි සිදු කිරීමේ හැකියාව ඇති ඉරානයට එරෙහිව සිදු කරන ගොඩබිම් ආක්‍රමණයක් ඉක්මන් ජයග්‍රහණයක් ලබා නොදෙනු ඇත. ආක්‍රමණය මඩ වලක් බවට පත් වූ විට, ජීවිත හානි වැඩි වූ විට, දේශපාලන අර්බුදය ගැඹුරු වූ විට, ට්‍රම්ප්ගේ ඊළඟ පියවර කුමක් වේද?

ධවල මන්දිර නිලධාරීන් බොහෝ සේ පවසන පරිදි, “කිසිවක් මේසයෙන් ඉවතට නැත.” එක්සත් ජාතීන්ගේ Patriotic Vision Association to the United Nations හි නිත්‍ය නියෝජිතයා ලෙස වසර 12 ක් සේවය කළ මොහොමඩ් සෆා, මෙම සතියේ ඉල්ලා අස්වූයේ, එක්සත් ජනපදය “ඉරානයේ න්‍යෂ්ටික අවි භාවිතය සඳහා සූදානම් වෙමින් සිටින” බවට අනතුරු අඟවමිනි.

ට්‍රම්ප් පරිපාලනය මෙම යුද්ධය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විශ්වසනීයත්වය පරදුවට තබා ඇත. පරාජයක් රුසියාවට සහ චීනයට එරෙහිව බලය ප්‍රක්ෂේපණය කිරීමට එක්සත් ජනපදයට ඇති හැකියාව ප්‍රශ්න කරනු ඇත. එය දෙපක්ෂයේම (ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන්) කේන්ද්‍රීය මූලෝපායික අවධානයයි. ඉරානය මත “ගින්න සහ කෝපය” මුදා හැරීමේ ට්‍රම්ප්ගේ තර්ජනය ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ තර්ජනයක් ලෙස සැලකිය යුතුය.

ට්‍රම්ප්ගේ තර්ජනය එල්ල වූ එම සති අන්තයේ ඇස්තමේන්තුගත මිලියන 8 ක ජනතාවක් පෙළපාළි ගියේය. එය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාවය විය. ඇමරිකානුවන්ගෙන් සියයට හැට දෙකක් ඉරානයට ගොඩබිම් හමුදා යැවීමට “දැඩි ලෙස විරුද්ධ” වෙති. ඇමරිකානු ඉතිහාසයේ කිසිදු යුද්ධයක් ආරම්භයේ දී මෙතරම් අප්‍රසාදයට පත් වී නොමැත.

ට්‍රම්ප් තේරී පත්වීමට පෙර, වසරකට වැඩි කාලයක් මැද පෙරදිග යුද්ධ කරමින් සිටි ඩිමොක්‍රටික් පක්ෂය, යුද්ධයට එරෙහි මෙම මහජන විරෝධය වෙනතකට හරවා උදාසීන කිරීමට උත්සාහ කරයි.

“නෝ කිංග්ස්” රැලිවලදී, ඩිමොක්‍රටික් දේශපාලනඥයෝ යුද්ධය නොසලකා හැරීම හෝ එය අතිරේක වාක්‍ය ඛණ්ඩයකට ඌනනය කළහ. බොස්ටන්හිදී, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඉරානය” ගැන කිසිසේත් සඳහන් කළේ නැත. “අද රජවරු නැත, අපි නොවැම්බර් මාසයේදී ඡන්දය දෙමු,” යි AFT සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් එයම පැවසුවාය. මිනසෝටා නීතිපති කීත් එලිසන් රැස්ව සිටි පිරිසට පැවසුවේ “යුද්ධ ආරම්භ නොකරන අයට ඡන්දය දෙන” ලෙසයි .

එලිසන් විසින් රැලියට සහභාගී වූවන්ට ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දෙන ලෙස පවසමින් සිටියේය. නමුත් බයිඩන් පරිපාලනයේ අත්දැකීම් සහ ඊට පෙර පැවති අනෙකුත් සෑම ඩිමොක්‍රටික් ජනාධිපති ධුරයක් සමඟම සලකා බැලීමේ දී මෙය සම්පූර්ණයෙන්ම බංකොලොත් ඉදිරිදර්ශනයක් බව පෙන්නුම් කරයි. බයිඩන් යුක්රේනයෙහි රුසියානු ආක්‍රමණයක් අවුලුවා, පසුව යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කළේය. ඉරානයට එරෙහි යුද්ධයට පෙර සූදානමක් ලෙස ආරම්භයේ සිටම අරමුණු කරන ලද ගාසා තීරයේ ඊශ්‍රායල විසින් කරන ජන සංහාරයේ දී, ඔහු ඊශ්‍රායලය සන්නද්ධ කළේය.

නොවැම්බරයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තෝරා පත් කර ගැනීමෙන් අර්බුදය විසඳනු ඇතැයි යන ප්‍රකාශය වංචාවකි. අද සහ එකල අතර කුමක් සිදුවේද? මෙම අවධානයේ සැබෑ අදාලත්වය වන්නේ කාලය ලබා ගැනීමයි: එනම්, යුද්ධය දියත් කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය මාස ගණන ට්‍රම්ප්ට ලබා දීමයි; ඩිමොක්‍රටික් පක්ෂය එහි මූලධර්මවලින්ම යුද්ධයට සහාය දක්වයි.

ට්‍රම්ප් කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ හුදෙක් තනි පිස්සෙකු ලෙස නොවේ. ඔහු ධනවාදී කතිපයාධිකාරයක දේශපාලනික පුද්ගලාරෝපණයයි – එම කතිපයාධිකාරය ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් බිඳ දමා තම ධනය සහ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා විදේශයන්හි යුද්ධයට සහ රට තුළ මර්දනයට යොමු වූ ඇමරිකානු පාලක පන්තියකි.

යුද්ධය අවසන් වන්නේ යුදවාදී ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීමෙන් නොව, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමෙන් ය. දැනටමත්, ජීවන වියදමේ දැවැන්ත වැඩිවීමකට මුහුණ දී සිටින වැඩ කරන ජනතාවට යුද්ධය ව්‍යසනයක් වී ඇත. යුද්ධය ඉදිරියට ඇදෙන විට, පිරිවැය තීව්‍ර වනු ඇති අතර, යුද්ධයට ගෙවීම සඳහා සමාජ වැඩසටහන් කප්පාදු කිරීමේ ඉල්ලීම් ද ඊට ඇතුළත් වේ. ට්‍රම්ප් ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් ඉල්ලා තිබේ. මෙම මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂණය දැනටමත් ප්‍රහාරයට ලක්ව ඇත. පසුගිය සියවස පුරා ගොඩනගා ඇති සමාජ වැඩසටහන් යුද යන්ත්‍රය පෝෂණය කිරීම සඳහා කපා හරිනු ඇත.

මෙම යුද්ධය නැවැත්වීමට හැකියාව ඇති එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි. මිලියන අටක ජනතාවක් වීදි බැස්සේය; නමුත් එම විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයේ පාලනය යටතේ පැවතුනහොත් එහි ගෙල සිර කරනු ඇත. යුද්ධයට එරෙහි සටන සඳහා, සෑම වැඩබිමකම සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු තුළ සංවිධානය වී, කර්මාන්ත හා දේශසීමා හරහා සම්බන්ධ වී, යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ අසමානතාවය ඇති කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව සමාජවාදී වැඩපිළිවෙලකින් සන්නද්ධ වූ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවශ්‍ය වේ.  (අවධාරණයන් අපෙන්)

මැද පෙරදිගට පාබල හමුදා පැමිණෙන විට, ට්‍රම්ප් ඉරානයේ යටිතල පහසුකම් “මකා දමන” බවට තර්ජනය කරයි Read More »

Aragalaya

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 4 කොටස

සංජය ජයසේකර විසිනි.

ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන අර්බුදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය විමර්ශනය කරන ලිපි මාලාවක 4 වන සහ අවසාන කොටසෙහි සිංහල පරිවර්තනය අපි මෙහි පළ කරමු. 1 වන කොටස ඉංග්‍රීසි බසින් 2025 නොවැම්බර් 6 වන දින ද සිංහල බසින් 2025 නොවැම්බර් 10 දින ද thesocialist.lk හි ප්‍රකාශයට පත් කරන ලදී. 2 වන කොටස ඉංග්‍රීසි බසින් 2025 නොවැම්බර් 14 වන දින ද සිංහල බසින් 2025 නොවැම්බර් 14 දින ද එහි පළ කෙරුණි. 3 වන කොටස ඉංග්‍රීසි බසින් 2026 පෙබරවාරි 27 වන දින ද සිංහල බසින් 2025 පෙබරවාරි 28  දින ද පළ කෙරුණි. 4 වන කොටස ඉංග්‍රීසි බසින් 2026 මාර්තු 7 වන දින ද වෙබ් අඩවියේ පළ කෙරුණි. ලිපි මාලාවේ 1 හා 2 කොටස් The Socialist සඟරාවේ 2025 නොවැම්බර් කලාපයේද, 3 කොටස සඟරාවේ 2026 පෙබරවාරි කලාපයෙ ද පළ කෙරුණි. 

ජෙන්-Z කැරලිවල පෙළපත: අරාබි වසන්තය, වෝල් වීදිය වඩිලෑම සහ කහ කබා උද්ඝෝෂණ—දේශපාලනය, උපායමාර්ග, වැඩ පිළිවෙළ සහ කම්කරු පන්තිය සඳහා පාඩම් (පෙර ලිපියෙන්)

උපායමාර්ග: සෘජු ක්‍රියාකාරිත්වය, ඩිජිටල් සංවිධානයවීම සහ විප්ලවවාදී නායකත්වයේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි කාර්යභාරය

මෙම අරගල මාලා තුන, ඒවා විසින් ඉල්ලා සිටින මූලික දේශපාලන අවශ්‍යතාවන්හි  වෙනසක් නොමැතිව, මහජන අරගලයේ වෙනස්වන තාක්ෂණික පරිසරය පිළිබිඹු කරන උපායමාර්ගික (tactical) ආකාරවල ප්‍රගතියක් පෙන්නුම් කරයි.

දේශපාලන පැවැත්මේ ආකාරයක් ලෙස පොදු අවකාශයේ තිරසාර අත්පත් කර ගැනීම සඳහා Occupy පුරෝගාමී වූ අතර, එය තාහ්රීර් චතුරශ්‍රයේ සංකල්පරූපය මත සවිඥානිකව නිර්මාණය කෙරුණි. “ජනතා මයික්‍රෆෝනය (people’s microphone)”, තිරස් තීරණ ගැනීම (horizontal decision-making) සහ රැස්වීම් ප්‍රජාතන්ත්‍රවාදය (assembly democracy), ධනේශ්වර නියෝජිත දේශපාලනයේ දූරස්ථ භාවය ජය ගැනීමේ සැබෑ අභිලාෂයක් ප්‍රකාශ කළේය. නමුත් සංකේතාත්මක වාඩිලෑම ධනේශ්වර නිෂ්පාදනයට හෝ රාජ්‍ය බලයට තර්ජනයක් විය නොහැක. එය ඉවසා සිටිනු ඇත්තේ අපහසුතාවයට පත් වන අවස්ථාව දක්වා පමණි, එම අවස්ථාව පැමිණි කල සම්බන්ධීකරණය කරන ලද ෆෙඩරල් රජයේ නියෝග මත එය  ඉවත් කරන ලදී.

කහ කබාකරුවන් ආර්ථික වශයෙන් අඩි වශයෙන් වැඩ අඩාල කිරීමේ (distruptive) උපාය මාර්ගවල එකතුවක් වර්ධනය කළහ: භාණ්ඩ සංසරණ ස්ථාන අවහිර කිරීම, සතිපතා රිද්ම දුන් ජාතික බලමුලු ගැන්වීම්, සංකේතාත්මක හා සැලකිය යුතු කඩාකප්පල් කිරීම් වල සංයෝජන ආදිය ඒ අතර වේ. ප්‍රංශයේ සටන්කාමී කාර්මික ක්‍රියාමාර්ග සම්ප්‍රදාය, වීදි විරෝධතා  පොදු වැඩ වර්ජන බවට පරිවර්තනය කිරීම සඳහා සැබෑ–සාක්ෂාත් කර නොගත් වුවද–හැකියාවන් නිර්මාණය කළේය. උපායමාර්ගික  නවෝත්පාදනය තාත්වික විය; දේශපාලන සීමාව එක සමානවම පැවතුණි. ආර්ථිකයේ අංශ සහ කලාප හරහා වැඩ වර්ජන සම්බන්ධීකරණය කළ හැකි ස්වාධීන  ක්‍රියාකාරී කමිටු සහ  නිවහන් පෙදෙස් කමිටු නොමැතිව, වැඩ අඩාල කිරීමේ ශක්තිය රාජ්‍ය බලයට සැබෑ අභියෝගයක් එල්ල කළ හැකි තිරසාර සංවිධානාත්මක කාර්මික ක්‍රියාමාර්ගයක් බවට පරිවර්තනය කළ නොහැකි විය. වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන වූ එවැනි කමිටු, දේශීය අරගල විප්ලවවාදී ව්‍යාපාරයක් බවට ඔසවා තැබීම සඳහා සංවිධානාත්මක පූර්ව කොන්දේසියයි.[17]

ජෙන්-Z ව්‍යාපාර, සමාජ මාධ්‍ය වේදිකාවල වේගවත් බලමුලු ගැන්වීමේ  හැකියාව එකතු කළ අතර, වේගයෙන් විශාල භූගෝලීය ප්‍රදේශ හරහා මහජන ක්‍රියා සම්බන්ධීකරණය කිරීමට හැකියාව ඇති කළේය. එය සාම්ප්‍රදායික ආයතනික ප්‍රතිචාර මන්දගාමී බව පෙනෙන්නට සැලැස්වීය. මෙම ඩිජිටල් මානය නව හැකියාවන් සහ නව අවදානම් හඳුන්වා දුන්නේය. වේගවත් බලමුලු ගැන්වීම බල ගැන්වූ එම වේදිකා, රාජ්‍ය නිරීක්ෂණය, බුද්ධි අංශවල විනිවිදීම සහ දේශපාලන අන්තර්ගතයේ ඇල්ගොරිතමය හැසිරවීම (manipulation) ද සක්‍රීය කළේය. වඩාත් මූලික වශයෙන්, දේශපාලන සංවිධානය  වෙනුවට සමාජ මාධ්‍ය සම්බන්ධීකරණය ආදේශ කිරීම–වැඩසටහනේ පැහැදිලිකම  වෙනුවට වෛරල් හැෂ් ටැග්, න්‍යායාත්මක සංවර්ධනය  වෙනුවට ප්‍රවණතා මාතෘකා (trending topics)–එහි ව්‍යුහාත්මක දුර්වලතාවය, ඒවාට තිබෙන බව පෙනී ගිය  තාක්ෂණික ශක්තිය මගින් ආවරණය කළ ව්‍යාපාර ඇති කළේය. එකී දුර්වලතාවය නම්: වීදි බලය, කම්කරු පන්තිය එහි තීරණාත්මක සමාජ ලීවරය ක්‍රියාත්මක කරන ආකාරය වූ, තිරසාර කාර්මික ක්‍රියාමාර්ගයක් (industrial action) බවට පරිවර්තනය කිරීමට ඇති නොහැකියාවයි.

සෙයිනෙප් ටුෆෙක්සි (Zeynep Tufekci) සහ පාවුලෝ ගර්බෝඩෝ (Paolo Gerbaudo) වැනි න්‍යායාචාර්‍යවරුන් විසින් ප්‍රවර්ධනය කරන ලද “නායකත්වයක් නොමැති” රාමුව, ෂන්තාල් මූෆ් ගේ වාම ජනතාවාදයේ ප්‍රතිගාමී න්‍යායට නෑකම් කියන දෘෂ්ටිවාදාත්මක කාර්යභාරයක් ඉටු කරයි. තිරස් රැස්වීම්, සමාජ මාධ්‍ය සම්බන්ධීකරණය, විධිමත් නායකත්වයක් නොමැතිකම වැනි ජාලගත විරෝධතාවල සංවිධානාත්මක ආකාර  උත්කර්ෂයට නැංවීමෙන්, මෙම න්‍යායාචාර්‍යවරුන් වෛෂයිකව දේශපාලන ඌනතාවයක් වන දෙයක් දේශපාලන ගුණධර්මයක් බවට උසස් කරයි. “නායකත්වයක් නොමැති” ව්‍යාපාරවල න්‍යායාචාර්‍යවරුන් විසින් සමරනු ලබන ස්වයංසිද්ධවාදයට (spontaneism) එරෙහිව ලෙනින්ගේ විශ්ලේෂණය එහි සම්පූර්ණ බලය රඳවා ගනී: ස්වයංසිද්ධ කම්කරු පන්ති කෝපය, කෙතරම් සටන්කාමී වුවත්, සමාජවාදී විඥානය ජනනය නොකරයි; එය විප්ලවවාදී දේශපාලන නායකත්වය සංවිධානය කර මෙහෙයවිය යුතු අමුද්‍රව්‍යය වේ. [18] “නායකත්වයක් නොමැති” දෘෂ්ටිවාදය, ව්‍යාපාරයන් නායකත්වයෙන් නිදහස් නොකරයි; එය සැබවින්ම ක්‍රියාත්මක වන නායකත්වය–එනම් රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් සපයන සම්බන්ධීකාරකවරුන්, ප්‍රතිසංස්කරණවාදී මාර්ගවලට ශක්තිය යොමු කරවන ව්‍යාජ-වාම ශාස්ත්‍රාලිකයන් හෝ අවසානයේ මහජන කැරැල්ලේ දේශපාලන ඵල නෙළා ගන්නා ධනේශ්වර දේශපාලනඥයන්–සඟවයි.

වැඩපිළිවෙළ: ප්‍රතිසංස්කරණවාදී ක්ෂිතිජය සහ එහි අත්‍යවශ්‍ය අතික්‍රමණය

මෙම ව්‍යාපාර තුනම, “වැඩපිළිවෙළ පිළිබඳ” සංයුක්ත ඉල්ලීම් සමඟ අව්‍යාජ සහ සුජාත දුක්ගැනවිලි ප්‍රකාශ කළේය. එහෙත්, විප්ලවවාදී නායකත්වයක් නොමැති විට, නිෂ්පාදන මාධ්‍යයන් පාලනය කරන්නේ කවුද සහ ඒ කාගේ අවශ්‍යතා සඳහාද යන මූලික ප්‍රශ්නය ක්‍රමානුකූලව නොසලකා හරින ලද ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ක්ෂිතිජයක් තුළ මෙම ව්‍යාපාර තුනම රැඳී ගත්තේය.

වාඩිලෑමේ ඉල්ලීම් (ආදායම්) යලි බෙදාහැරීම, සමාගම්වල වගවීම සහ ආර්ථික අසමානතාවය අඩු කිරීම මත කේන්ද්‍රගත විය. කහ කබාකරුවන්, අඩු ඉන්ධන බදු, ඉහළ අවම වැටුප්, මහජන සේවා ප්‍රතිෂ්ඨාපනය සහ විවිධ ආකාරයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටියහ. ජෙන්-Z ව්‍යාපාර ඉල්ලා සිටියේ, IMF විසින් නියම කරන ලද නිශ්චිත බදු පියවර ඉවත් කර ගැනීම, දූෂණය අවසන් කිරීම සහ රාජ්‍ය නායකයින් පුද්ගල වශයෙන් ඉවත් කිරීම ය. මෙම සියලු ඉල්ලීම් අව්‍යාජ ද්‍රව්‍යමය අවශ්‍යතා ප්‍රකාශ කළේය. කම්කරු පන්තියේ දේශපාලන බලය සඳහා වූ වැඩසටහනක් නොමැති විට, ඒවායින් කිසිවක් ධනේශ්වර පාලනයේ රාමුවෙන් ඔබ්බට යොමු නොවීය.

For a Left Populism (Verso, 2018) හි මූෆ් විසින් විස්තාරණය කරන ලද සහ ස්පාඤ්ඤයේ පොඩෙමොස් (Podemos) සහ ප්‍රංශයේ Insoumise විසින් සංවිධානාත්මක ප්‍රකාශනයක් ලබා දුන් න්‍යායික රාමුව මත පදනම්ව, සෑම ව්‍යාපාරයක් තුළම පැවති වාම-ජනතාවාදී ප්‍රවණතා මෙම ඉල්ලීම් “කතිපයාධිකාරයට” එරෙහිව “ජනතාවගේ” අරගලයක් ලෙස රාමුගත කරන ලදී. එය කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ සමාජවාදී අත්පත් කර ගැනීමේ ඉදිරිදර්ශනය බැහැර කරමින් ධනේශ්වරයේ කොටස් පන්ති හරහා (cross-class) “ප්‍රගතිශීලී” කන්ඩායමකට ඇතුළත් කිරීමට හිතාමතාම නිර්මාණය කරන ලද සූත්‍රගත කිරීමකි.

ග්‍රීසියේ සිරිසා (Syriza) සහ පොඩෙමොස් අත්දැකීම් පිළිබඳ පුළුල් ආවරණයක් හරහා WSWS මෙම රාමුවේ බංකොලොත්භාවය විශ්ලේෂණය කළේය. 2015 ජනවාරි මැතිවරණ ජයග්‍රහණයෙන් මාස කිහිපයක් ඇතුළත සිරිසා, EU-IMF(යුරෝපා සංගමය-ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ත්‍රිත්වයට (එනම්, EC-යුරෝපීය කොමිසම, ECB-යුරෝපීය මහ බැංකුව, IMF-ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) යටත් වීම සහ තමන් විරුද්ධ වීමට පොරොන්දු වූ කප්පාදුම ක්‍රියාත්මක කිරීම සඳහා පොඩෙමොස්, PSOE සමඟ සභාග රජයට ඇතුළු වීම[20], වාම-ජනතාවාදය සදහා ව්‍යතිරේකයක් නොව එහි වඩාත්ම පරිපූර්ණ ප්‍රකාශනයන් වේ. ඉතිහාසය එහි තීන්දුව ලබා දී ඇත: සිරිසාවේ 2015 පාවාදීමෙන් වසර දහයකට පසුව, ග්‍රීසිය තවමත් තීව්‍ර සූරාකෑම සමඟ දරිද්‍රතාවයේ ගිලී සිටී; පොඩෙමොස් රජයට ඇතුළු වී වසර හතරකට පසු, අන්ත දක්ෂිනාංශික වොක්ස් (Vox) පක්ෂය ස්පාඤ්ඤ දේශපාලනයේ ප්‍රධාන බලවේගයක් ලෙස මතු වී ඇත. සමාජවාදයට යාමට පෙර කම්කරුවන් මෙම පක්ෂවල “අත්දැකීම් හරහා යා යුතු” බවට වන ව්‍යාජ-වාම ප්‍රකාශය, කම්කරු පන්තියට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දී ඇති  මාරාන්තික බොරුවක් ලෙස හෙළිදරව් වී ඇත. [21]

සැබවින්ම විප්ලවවාදී  ක්‍රියාමාර්ගය වන්නේ නොනවතින විප්ලවයේ  ක්‍රියාමාර්ගයයි–අධිරාජ්‍යවාදී යුගයේ කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාවලට අනුරූප වන එකම  ක්‍රියාමාර්ගය එයයි. කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන්, ධනේශ්වර පන්තිය   අස්වාමික කිරීමෙන්  සහ ජාතික දේශසීමා ඉක්මවා සමාජවාදී විප්ලවය ව්‍යාප්ත කිරීමෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයක්, කම්කරු පන්තියේ ද්‍රව්‍යමය තත්වයන්හි මූලික දියුණුවක් කල් පවතින පදනමක් මත සුරක්ෂිත කළ නොහැක. Occupy, Yellow Vests සහ Gen-Z ව්‍යාපාරවල  පාර්ශ්වීය ඉල්ලීම්,  සංක්‍රමණ ඉල්ලීම්–මහජන බලමුලු ගැන්වීම සඳහා ආරම්භක ලක්ෂ්‍ය–ලෙස සේවය කළ හැකිය. ඒ, ICFI හි පදනම්  වැඩ පිළිවෙළ පිළිබඳ ලේඛනවල විස්තර කර ඇති පරිදි,  ධනවාදය තම සතුරා ලෙස හඳුනා ගන්නා සහ කේන්ද්‍රයේ කම්කරු බලය පිළිබඳ ප්‍රශ්නය මතු කරන  වැඩ පිළිවෙළ රාමුවකට ඒවා ඇතුළත් කර ඇත්නම් පමණි. [22]

සැලකිල්ලට යොමුවන වෙනස්කම්: සමාජ සංයුතිය, භූගෝලය සහ විප්ලවීය තීව්‍රතාවය

අරගල මාලා ත්‍රිත්වයෙහි මූලික  දේශපාලන සමජාතීයභාවය–ඒවායේ පොදු දෘෂ්ටිවාදාත්මක සීමාවන් සහ  වැඩ පිළිවෙළ පිළිබඳ ඌනතාවයන්–ස්ථාපිත කිරීමෙන් පසු,  මූලෝපායික ඇඟවුම් ගෙන දෙන වෙනස්කම්  සඳහන් කර ගැනීම  අවශ්‍ය වේ.

සමාජ සංයුතිය: වාඩිලෑම තුළ ආධිපත්‍යය දැරුවේ නාගරික, බොහෝ විට උගත්, නාගරික මධ්‍යස්ථානවල සංකේන්ද්‍රණය වූ අඩමාන මධ්‍යම පන්තියේ ස්ථර විසිනි. එය සැබෑ මහජන අතෘප්තිය පිළිබිඹු කළ නමුත් එය සංවිධානය කර මෙහෙයවනු ලැබුවේ පුළුල් “99%” ඇතුලත සමාජීය වශයෙන් වරප්‍රසාද ලත් ස්ථර විසිනි. “සියයට 99” යන සටන් පාඨය කම්කරු පන්තිය සහ තම පන්ති අවශ්‍යතා කම්කරුවන්ගේ අවශ්‍යතාවලින් තියුණු ලෙස වෙනස් වූ ඉහළ මධ්‍යම පන්ති ස්ථරයන් අතර එම සියයට 99 තුළ පැවති බෙදීම් ඉවත් කළේය. කහ කබාකරුවන් භූගෝලීය වශයෙන් සහ සමාජීය වශයෙන්  පුළුල් පදනමක්–පළාත්බද කම්කරුවන්, මගීන්, විශ්‍රාමිකයන්, කුඩා ව්‍යාපාර හිමිකරුවන් –නාගරික සමාජ පරිසරයෙන් පිටත සැබෑ කම්කරු පන්තියේ ගැඹුරට ළඟා විය. ජෙන්-Z ව්‍යාපාර, වාඩිලෑම හෝ කහ කබාකරුවන් අත්පත් කර නොගත් පරිමාණයකින් සැබෑ  කම්කරු පන්ති සහභාගීත්වයක් සමඟ ශිෂ්‍ය සහ තරුණ පෙරටුගාමීන් ඒකාබද්ධ කළේය: ශ්‍රී ලංකාවේ මහා වැඩවර්ජන, කෙන්යාවේ අනුප්‍රාප්තික වැඩවර්ජන රැල්ල සහ වෘත්තීය සමිති-නිලධාරීවාදී ප්‍රති-බලමුලු ගැන්වීම නොතකා බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරු සහභාගීත්වය, ගුණාත්මකව ඉහළ තලයක අව්‍යාජ කම්කරු පන්ති සටන්කාමීත්වය ප්‍රකාශ කළේය.

භූගෝලය සහ නව යටත් විජිත මානය: වාඩිලෑම සහ කහ කබා අධිරාජ්‍යවාදී රටවල–පිළිවෙලින් එක්සත් ජනපදය සහ ප්‍රංශය–සිදු වූ අතර, එහිදී ක්ෂණික දේශපාලන ඉල්ලීම්වලට IMF ණය වහල් භාවය පෙරලා දැමීම හෝ නව යටත් විජිත සූරාකෑමෙන් නිදහස් වීම ඇතුළත් නොවීය. ජෙන්-Z ව්‍යාපාර අතිමහත් ලෙස සිදු වූයේ මෙම මානය කේන්ද්‍රීය වන පැරණි යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල ය: IMF, මහජන විරෝධතා අවුලුවාලූ නිශ්චිත බදු පියවර සහ කප්පාදු වැඩසටහන්වල සෘජුව පිටුපස සිටින අතර අධිරාජ්‍යවාදී ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නය දේශීය ධනේශ්වර සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයෙන් වෙන් කළ නොහැකි ය. මෙය ජෙන්-Z ව්‍යාපාරවලට, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දුක්ගැනවිලි සෘජුවම ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය හා සම්බන්ධ කරන මානයක් එක්  කරන්නේ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය එහි විසිඑක්වන සියවසේ යෙදුමෙන් සනාථ  කරමිණි.

විප්ලවීය තීව්‍රතාවය: පාලන තන්ත්‍ර වෙනසක් හෝ රාජ්‍ය බලයේ බරපතල බිඳීමක් කිසි විටෙකත් කිරීමට බලයක් නොවුණු, වාඩිලෑම කලලරූපී ස්වරූපයෙදීම මර්දනය කරන ලදී. කහ කබාකරුවන් ප්‍රංශ පාලක පන්තිය තිරසාර පීඩනයකට ලක් කළ නමුත් එහි දේශපාලන ආයතනවල මූලික ස්ථාවරත්වයට තර්ජනයක්  නොකළේය. ජෙන්-Z ව්‍යාපාර, ඊට වෙනස්ව, රාජ්‍ය නායකයින් තනතුරුවලින් පලවා හැර, ආණ්ඩු බිඳවැටීමට බල කළ අතර, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ සමස්ත ව්‍යුහයම සොලවාලීමේ විභවය පෙන්නුම් කළ මහා වැඩවර්ජන ගාමකයක් ජනනය කළේය. මෙම උග්‍ර වූ විප්ලවීය තීව්‍රතාවය ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් නොමැතිකම එහි ප්‍රතිවිපාක මගින් වඩාත් විනාශකාරී කරයි. වෛෂයික විප්ලවවාදී තත්වය සහ බලය ලබා ගැනීම සදහා කම්කරු පන්තිය සතු ආත්මීය ධාරිතාව අතර පරතරය–ජාත්‍යන්තර කමිටුව නිරන්තරයෙන් විප්ලවවාදී නායකත්වයේ අර්බුදය ලෙස හඳුනාගෙන ඇති දෙය–ජෙන්-Z අත්දැකීම තුළ විශේෂ තියුණු බවකින් ප්‍රකාශ වේ.

ව්‍යාජ වම: ප්‍රාදේශීය අහඹුවන්ගේ සමූහයක් නොව, ජාත්‍යන්තර දේශපාලන ධාරාවක්

අරගල මාලා තුන පිළිබඳ ඕනෑම බැරෑරුම් විශ්ලේෂණයක්, ව්‍යාජ-වාම සංවිධානවල භූමිකාවට අභිමුඛ විය යුත්තේ, ඒවා දේශීයව  විශේෂිත වූ  දේශපාලන උගුල් වල එකතුවක් ලෙස නොව–ඒවාට සහභාගිවන්නන්ගේ ආත්මීය අභිප්‍රායන් කුමක් වුවත්–ධනවාදයට පිළිගත හැකි සීමාවන් තුළ කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්තිය සීමා කිරීම යන කාර්යය ඉටු කරන, සුසංයෝගී ජාත්‍යන්තර දේශපාලන ධාරාවක ප්‍රකාශනයක් ලෙස ය.

එක්සත් ජනපදයේ ISO, යුරෝපය පුරා සිරිසා සහ පොඩෙමොස් ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කළ විවිධ පැබ්ලෝවාදී ජාලයන්, කෙන්යාවේ විප්ලවවාදී සමාජවාදී ලීගය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී-කෙන්යාව, පිලිපීනයේ BAYAN සහ Akbayan, ශ්‍රී ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (Frontline Socialist Party)–මෙම සංවිධාන ඒවායේ නිශ්චිත ජාතික සන්දර්භයන්  නොතකා පොදු දේශපාලන ක්‍රමවේදයක් අන්තර්ගත කර ගනී. න්‍යායික පෙළපත පැහැදිලිය: ෂොන්ටල් මූෆ්, පොඩෙමොස් සහ මෙලෙන්චොන්ගේ (Mélenchon) ප්‍රංශ Insoumise යන දෙකටම සෘජුවම උපදෙස් දුන්නේය; ඇගේ සහකරු අර්නස්ටෝ ලැක්ලාව්ගේ (Ernesto Laclau) පශ්චාත්-මාක්ස්වාදී හෙජමොනි (ආධිපත්‍ය-hegemony) න්‍යාය පිළිබඳ විස්තාරණය මහාද්වීප තුනක් පුරා ව්‍යාජ-වාම කණ්ඩායම්වලට බලපෑම් කර ඇත; ජාත්‍යන්තර සමාජවාදී ප්‍රවණතාවය (International Socialist Tendency) සිරිසාවේ ගමන් පථයට බුද්ධිමය නීත්‍යානුකූලභාවයක් ලබා දුන් අතර එහි යටත් වීම (capitulation) පිළිබඳ මාක්ස්වාදී විවේචන අවහිර කළේය.

ව්‍යාජ-වම විසින් අරගල සීමා කිරීමේ  මූලෝපායන් පිළිබඳ විශ්ලේෂණයේ දී WSWS අනතුරු ඇඟවූ පරිදි, මෙම ප්‍රවණතා “‘වම’ තුළ ධනේශ්වර දෘෂ්ටිවාදය සඳහා සංචිතයක්” ලෙස සේවය කරන අතර, විප්ලවවාදී  ක්‍රියාමාර්ගයට නොව, වෘත්තීය සමිති නිලධරය සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතීන් ආරක්ෂා කරයි.[15] ඔවුන්ගේ මධ්‍යම පන්තික සංයුතිය, පදනම් සහ ලාභ නොලබන සංවිධාන මත ඔවුන්ගේ ද්‍රව්‍යමය යැපීම, කම්කරු පන්ති විප්ලවවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම සහ ස්වයංසිද්ධතාවය සහ “නායකත්වය නොමැතිකම” ප්‍රවර්ධනය කිරීම යන සියල්ල අව්‍යාජ සමාජවාදී නායකත්වයේ මතුවීම අවහිර කිරීමේ එකම කර්තව්‍යයට  සේවය කරයි. මහජන ව්‍යාපාරවලට සහභාගී වන කම්කරුවන් සහ තරුණයින් මෙම රටාව තේරුම් ගත යුත්තේ අහඹු සිදුවීම් මාලාවක් ලෙස නොව නිශ්චිත පන්ති අවශ්‍යතාවයක ප්‍රකාශනයක් ලෙස ය.

“අරගලය” පර්යාලෝකනය කිරීම: 2022 ශ්‍රී ලංකාව සහ ජෙන්-Z කැරැල්ලේ ගෝලීය රටාව

2022 අරගලය–අප්‍රේල් සිට ජූලි දක්වා ශ්‍රී ලංකාවේ පැවති මහජන නැගිටීම–මූලික වශයෙන් රාජපක්ෂ පවුලේ දූෂණයට හෝ වැරදි කළමනාකරණයට එරෙහි විරෝධතාවක් නොවූවත්, පාලන තන්ත්‍රයේ අපරාධකාරීත්වය කෙරෙහි මහජන කෝපය අව්‍යාජ හා පුපුරන සුලු විය. ගෝලීය ධනවාදී බිඳවැටීමේ තත්වයන් යටතේ ශ්‍රී ලංකා ධනවාදයේ ආන්තික අර්බුදයේ ප්‍රකාශනය එය විය. දශක ගණනාවක් විදේශ ණය මත යැපීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට යටත් වීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔවුන්ගේ විවිධ පාර්ලිමේන්තු සංයෝජන යන සෑම ධනේශ්වර දේශපාලන සැකැස්මකම දැඩි බංකොලොත්භාවය, ඉන්ධන, ඖෂධ සහ මූලික ආහාර ද්‍රව්‍ය රාක්කවලින් අතුරුදහන් වූ සමාජ ව්‍යසනයක් ඇති කර තිබුණි. COVID-19 වසංගතය සහ යුක්රේනය තුළ රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය මගින් මුදා හරින ලද ආර්ථික අවහිර කිරීම, විදේශ විනිමය සංචිත බිඳවැටීම වේගවත් කළ අතර රජයට එහි ණය ගෙවීම පැහැර හැරීමට බල කෙරුණි. අප්‍රේල් සහ ජූලි අතර කාලය තුළ, ජනවාර්ගික රේඛා හරහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදිවලට ​​එක්රොක් වූහ; මෙය දශක හතක් තිස්සේ සිංහල සහ දෙමළ ස්වෝත්තමවාදය මහජනයා බෙදීමේ ප්‍රධාන මෙවලම ලෙස ක්‍රමානුකූලව ගසාකෑ පාලක පන්තියක් සිටින රටක ප්‍රගාඩ දේශපාලන වැදගත්කමක් ඇති කරුණකි. අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල මිලියන ගණනක් සහභාගී වූ මහා වැඩවර්ජන දෙකක්, ස්වාධීන සමාජ බලවේගයක් ලෙස ගමන් ගන්නා  විට කම්කරු පන්තියේ විභව ශක්තිය ඉතා පැහැදිලි බලයකින් පෙන්නුම් කළේය. රාජපක්ෂ ධුරයෙන් පලවා හැරි අතර 2022 ජූලි 13 වන දින ඔහුට රටින් පලා යාමට සිදුවිය. ඒ  මොහොත වන විටත්, කම්කරු නිලධරය අරගලය හුදකලා කර තිබූ අතර කම්කරු පන්තියට නායකත්වයක්  නොපැවතිණි.

Aragalaya
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමට පෙර කොළඹ වීදි විරෝධතාකරුවන් පිරී ඉතිරී යයි. (ඡායාරූපය: සකුනා මියසිනාද ගමගේ |asiafoundation.org වෙතින්)

නැගිටීම ඇති කළ විප්ලවීය අනතුරට සමානුපාතික පැහැදිලිතාවයකින් ව්‍යාජ-වාම සංවිධාන සහ වෘත්තීය සමිති නිලධරයෝ තම කාර්යය තේරුම් ගත්හ. ඔවුන්ගේ තීරණාත්මක කාර්යය වූයේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම නොව එය පාලනය කිරීමයි: එනම්, පහළින් පුපුරා යන දැවැන්ත සමාජ ශක්තිය ධනේශ්වර පාලනය ආරක්ෂා කරන දේශපාලන රාමුවකට යොමු කිරීම සහතික කිරීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාජ-වාම සැකැස්ම වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP), ව්‍යාපාරයේ කේන්ද්‍රීය දේශපාලන අරමුණ ලෙස “අන්තර්කාලීන ආණ්ඩුවක්” සඳහා වූ ඉල්ලීම ප්‍රවර්ධනය කළේය. මෙම ඉල්ලීම, එය ඉදිරියට ගෙන යන අයගේ මුවින් කෙතරම් රැඩිකල් ලෙස ඇසුණත්, එය කම්කරුවන්ගේ බලය සඳහා වූ ඉල්ලීමක් නොව, මහජන පීඩනයේ කොන්දේසි යටතේ, අපකීර්තිමත් පාර්ලිමේන්තු සංස්ථාපිතයේ එක් කොටසක් ප්‍රතිස්ථාපනය කිරීමට තවත් කොටසකට කරන ආරාධනයක් විය. වෘත්තීය සමිති සම්මේලන මහා වැඩවර්ජන දෙක කැඳවා පාලනය කළේ ඒවා එක් දින ක්‍රියාමාර්ගවලට සීමා කරමින්, ගාලු මුවදොර පිටියේ ව්‍යාපාරයෙන් ප්‍රවේශමෙන් හුදකලා කරමින්, සහ කිසිදු අවස්ථාවක මූලික ධනේශ්වර පිළිවෙළට අභියෝග කළ හැකි ඉල්ලීම්–එනම්, IMF ණය ප්‍රතික්ෂේප කිරීම, කම්කරුවන්ගේ පාලනය යටතේ ආර්ථිකයේ  මෙහෙයුම්කාරක මුදුන් ජනසතු කිරීම හෝ කම්කරු පන්ති බලයේ ස්වාධීන අවයව පිහිටුවීම–ඉදිරිපත් නොකරමිනි. ගාලු මුවදොර පිටියේ සංකේන්ද්‍රණය වූ මධ්‍යම පන්තික විරෝධතා බලවේග, ඔවුන්ගේ පැත්තෙන්, වෝල් වීදිය වාඩිලෑමේ ව්‍යාපාරය සහ කහ කබාකරුවන් විසින් සංලක්ෂිත කළ, “දේශපාලනය එපා, නායකත්වයක් නැත” යන රාමුව ශ්‍රී ලංකාවේ තත්වයන් තුළ ප්‍රතිනිෂ්පාදනය කළ අතර, ධනේශ්වර රාජ්‍යයට සහ ව්‍යසනය ඇති කළ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට වඩා රාජපක්ෂවරුන් වෙත මහජන කෝපය යොමු කළහ. මෙම කාල පරිච්ඡේදය පුරාම ජාත්‍යන්තර කමිටුව  නිවැරදිව අනතුරු ඇඟවීය: කම්කරු පන්තියේ විමුක්තිය අත්කර ගැනීම කම්කරුවන්ගේම කර්තව්‍යය වන අතර, අති දැවැන්ත සමාජ ගැටලුවලට පවතින සමාජ පර්යාය තුළ  විසඳුමක් නොමැත.

මෙම ඒකාබද්ධ පාවාදීමේ දේශපාලන ප්‍රතිවිපාක, ICFI විශ්ලේෂණය කලින් අනතුරු අඟවා නිශ්චිතව හඳුනාගෙන තිබූ නොවැළැක්විය හැකි තර්කනයකින් දිග හැරුණි. ව්‍යාජ වම්මුන් සහ වෘත්තීය සමිති නිලධරය විසින් ඉදිරිපත් කරන ලද “අන්තර්කාලීන  ආණ්ඩුවේ” රාමුව තුළ කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කර බලමුලු හරණය කිරීමත් සමඟ, පාලක පන්තිය වෙනුවෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවට නිදහස ලැබුණි. හය වතාවක් අගමැති ධුරය දැරූ, මූල්‍ය ප්‍රාග්ධනයේ සහ කොම්ප්‍රදෝරු ධනේශ්වරයේ ඓන්ද්‍රීය නියෝජිතයා සහ, ජනාධිපති ධුරය සඳහා එක ඡන්ද කොට්ඨාශයකින්වත් අනුමත නොකළ දේශපාලනඥයෙකු වූ රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 20 වන දින පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් කරන ලදී. ඔහුගේ වරම පැහැදිලි වූ අතර එය අපගමනයකින් තොරව ක්‍රියාත්මක කර ඇත: එනම්, IMF හි කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ධනේශ්වර පිළිවෙළ යථා තත්ත්වයට පත් කිරීම සහ කම්කරු පන්තියේ ප්‍රතිරෝධය මර්දනය කිරීමයි. අත්‍යවශ්‍ය මහජන සේවා පනත වැඩ වර්ජනය කරන කම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක විය. IMF කොන්දේසි වන පෞද්ගලීකරණය, ප්‍රතිගාමී බදුකරණය, රාජ්‍ය සේවාවන් කපා හැරීම ක්‍රියාත්මක කරන ලද්දේ කම්කරු අයිතිවාසිකම් ක්‍රමානුකූලව මර්දනය කිරීමේ කොන්දේසි යටතේ ය. ගාලු මුවදොර කඳවුරට පහරදීම, විරෝධතා අපරාධකරණය කිරීම සහ නැගිටීමට නායකත්වය දුන් ක්‍රියාකාරීන්ට ක්‍රමානුකූලව හිංසා කිරීම අනුපිළිවෙලින් අනුගමනය කරන ලදී. මහජනයා විප්ලවීය ස්වරූපයෙන් අත්කර ගත් දෙය–රාජ්‍ය නායකයෙකු ඉවත් කිරීම–ව්‍යාජ-වාම පාවාදීමේ යාන්ත්‍රණය හරහා එහි නිශ්චිත ප්‍රතිවිරුද්ධය බවට පරිවර්තනය විය: එනම්, නැගිටීම මගින් පෙරලා දැමීමට උත්සාහ කළ එම IMF වැඩසටහනේම වඩාත් විනයගරුක සහ වඩාත් අනුකම්පා විරහිත බලාත්මක කරන්නෙකු ස්ථාපනය කිරීම යි. “තීරණාත්මක කාරණය දේශපාලන නායකත්වය පිළිබඳ කාරණයයි” යන්නට සහ අරගලවල ස්වයංසිද්ධතාවයට (spontaneity) පමණක්–ඒවා කොතරම් සටන්කාමී වුවත්–මහජන විප්ලවවාදී ශක්තිය පාලනය කිරීමට සහ හරවා යැවීමට හැකි ධනේශ්වරයේ සහ එහි ව්‍යාජ-වාම සහායකයන්ගේ සංවිධානාත්මක දේශපාලන ධාරිතාව ජයගත නොහැකි බවට ජාත්‍යන්තර කමිටුව කළ තක්සේරුව අරගලය තහවුරු කළේය.

2022 ජූලි 09 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සටන් පාඨ කියන ශ්‍රී ලංකාවේ “අරගලය” මහජන නැගිටීමේ විරෝධතාකරුවන්.

ශ්‍රී ලාංකික අත්දැකීම මෙම රචනාව පුරා විශ්ලේෂණය කරන ලද ජෙන්-Z නැගිටීම් වල ගෝලීය රටාව සුවිශේෂ පැහැදිලිකමකින් ආලෝකමත් කරන අතර, එය සුසමාදර්ශී (paradigmatic) අවස්ථාව ලෙස පිළිගැනීමට සුදුසුය–එනම්, WSWS විසින් ස්ථාපිත කරන ලද පරිදි, බංග්ලාදේශය, කෙන්යාව, පිලිපීනය සහ වෙනත් තැන්වල පසුව ඇති වූ නැගිටීම් ගලා ආ අච්චුවයි. ගෝලීය රටාවේ සෑම අත්‍යවශ්‍ය අංගයක්ම සංකේන්ද්‍රිත ස්වරූපයෙන් එහි පවතී: IMF ණය වහල්භාවයේ සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය විසින් ඇති කරන ලද වෛෂයික අර්බුදය; සමාජ හා වාර්ගික බෙදීම් හරහා තරුණයින් සහ කම්කරුවන්ගේ පුපුරන සුලු මැදිහත්වීම; අර්බුදය විසඳීමට හැකියාව ඇති සමාජ බලවේගය ලෙස කම්කරු පන්තිය හෙළිදරව් කිරීමේදී මහා වැඩ වර්ජන දෙකෙහි තීරණාත්මක කාර්යභාරය; මහජන ව්‍යාපාරය ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කරන “අන්තර්කාලීන ආණ්ඩුවක” රාමුවකට යොමු කිරීම සඳහා ව්‍යාජ-වාම සහ වෘත්තීය සමිති නිලධාරිවාදී බලවේගවල ක්‍රමානුකූල මැදිහත්වීම; ධනේශ්වර දේපළ සබඳතාවලට අභියෝග කළ හැකි ඉල්ලීම් හිතාමතාම මර්දනය කිරීම; සහ නැගිටීම විසින් ප්‍රතික්ෂේප කළ එම IMF වැඩසටහනම ක්‍රියාත්මක කිරීම මූලික කාර්යය කරගත්  නව ආණ්ඩුවක් ස්ථාපනය කිරීම. ව්‍යාජ වාම සහ ලිබරල් විවරණ මගින් ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංසිද්ධතාවය ලෙස සමරනු ලබන ගෝල්ෆේස් ව්‍යාපාරයේ “නායකත්වයක් නොමැති” සහ “දේශපාලනයක් නොමැති” ස්වභාවය, ටුෆෙක්සි, ගර්බෝඩෝ සහ මූෆ් ශාස්ත්‍රීය ලේඛනවල ඉටු කරන දෘෂ්ටිවාදාත්මක කාර්යයම ශ්‍රී ලංකාව තුළ ඉටු කළේය: එය මහජනතාවගේ සැබෑ විප්ලවවාදී ආවේගය සහ එය එහි අවශ්‍ය අවසානයට ගෙන යා හැකි එකම වැඩ පිළිවෙළ පිළිබඳ රාමුව–නොනවතින විප්ලවය, ස්වාධීන කම්කරු පන්තික දේශපාලන බලමුලු ගැන්වීම, ICFI ගොඩනැගීම–අතර සම්බන්ධතාවය බිඳ දැමීය. 

එබැවින්, අරගලය විසින් මතු කරන ලද ප්‍රශ්නය–නයිරෝබි සිට ඩකා දක්වා, කොළඹ සිට මැනිලා දක්වා සෑම ජෙන්-Z නැගිටීමක් විසින්ම සමාන හදිසිතාවයකින් මතු කරන ලද ප්‍රශ්නය–ජනතාවට විප්ලවවාදී ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබේද යන්න නොවේ. 2022 අප්‍රේල් 28 සහ මැයි 6 මහා වැඩවර්ජන දෙක සහ ජූලි 9 වන දින ජනාධිපති මන්ධිරයට කඩා වැදීම, එම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේය. ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය සතුව දේශපාලන මෙවලම–එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටසක් ලෙස සංවිධානය වූ සහ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කරන, නොනවතින විප්ලව න්‍යායෙන් සන්නද්ධ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය–තිබෙන්නේ ද යන්නයි. එය නොමැතිව ජනතාවගේ වෛෂයික විප්ලවවාදී ධාරිතාව ව්‍යාජ-වාම පාවාදීමේ මැදිහත්වීම හරහා ක්‍රමානුකූලව එහි ප්‍රතිවිරුද්ධය බවට, එනම් ජනතාව පෙරලා දැමීමට උත්සාහ කළ ධනේශ්වර පිළිවෙලම තහවුරු කිරීම බවටම, පරිවර්තනය වේ.

පාඩම් සහ මූලෝපායික නිගමන

වෝල් වීදිය වාඩිලෑම, කහ කබා උද්ඝෝෂණ සහ පසුගාමී රටවල ජෙන්-Z නැගිටීම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණය අතිශයින්ම වැදගත් මූලෝපායික නිගමන ගෙන දේ.

  1. පාර්ලිමේන්තුවෙන් පිටත කැරැලි ගැසීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍ය නමුත් මූලික වශයෙන් ප්‍රමාණවත් නොවන කොන්දේසියකි: මහජන අරගල මාලා තුන හරහාම පාලක පන්තිය පෙන්නුම් කර ඇත්තේ, ස්වයංසිද්ධ වීදි බලය සමාජ බලය බවට පරිවර්තනය කිරීමට කම්කරු පන්තියට දේශපාලන උපකරණ නොමැති නම්, වඩාත් දැවැන්ත හා අධිෂ්ඨානශීලී මහජන නැගිටීම් වලට එරෙහිව පවා එයට නොනැසී පැවතිය හැකි බවයි. 
  1. සේවා ස්ථානවල හා අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තීරණාත්මක සංවිධානාත්මක ඉදිරි ගමනයි: එවැනි කමිටුවලට කර්මාන්ත අංශ සහ කලාප හරහා වැඩ වර්ජන සම්බන්ධීකරණය කළ හැකිය, ක්ෂණික ආර්ථික ඉල්ලීම් පුළුල් දේශපාලන අරමුණු සමඟ සම්බන්ධ කළ හැකිය, සහ කම්කරු පන්තිය තම තීරණාත්මක සමාජ උත්තෝලනය (leverage) ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යුහයන් නිර්මාණය කළ හැකිය. ICFI විසින් ගොඩනගන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC), ජාත්‍යන්තර පරිමාණයෙන් මෙම උපාය මාර්ගයේ සංවිධානාත්මක ප්‍රකාශනය නියෝජනය කරයි.
  1. සියලු ධනේශ්වර පක්ෂ හා කන්ඩායම් වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හෙට්ටු කළ නොහැක: මෙහි තේරුම විවෘතව ධනේශ්වර ගැති පක්ෂ ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, මහජන අතෘප්තිය නැවත ධනේශ්වර කළමනාකරණය වෙත තල්ලු කරන ව්‍යාජ-වාම සංවිධාන දේශපාලනිකව නිරාවරණය කිරීම සහ පරාජය කිරීමයි.
  1. අරගලය ජාත්‍යන්තරීකරණය කිරීම අතිරේක අභිලාෂයක් නොව මූලෝපායික අවශ්‍යතාවයකි: ජෙන්-Z රැල්ල තුළ රටවල් ගණනාවක් හරහා මහජන කැරැල්ල එකවර පුපුරා යාම මෙන්ම එම රටවල් පුරා එහි පාවාදීමේ පොදු යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීම පෙන්නුම් කරන්නේ අර්බුදය ගෝලීය බවත් කම්කරු පන්තියේ ප්‍රතිචාරය එලෙසම ගෝලීය විය යුතු බවත්ය. ජාතික පාලක පන්තිවලට කැරලි හුදකලා කිරීමට ඇති හැකියාව බිඳ දැමීම සඳහා විවිධ රටවල ධනවාදයේ ආර්ථික හා දේශපාලන මර්මස්ථාන වලට එකවර පහර දීම සඳහා වැඩ වර්ජන ක්‍රියාමාර්ග සහ ආරක්ෂක පියවර සැලසුම් කළ යුතුය. ජාත්‍යන්තර කමිටුවේ කොටස් ලෙස සංවිධානය වූ අව්‍යාජ ජාත්‍යන්තරවාදී විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම, ජාතික පිපිරීම් ධනේශ්වර පාලනයට ගෝලීය අභියෝගයක් බවට පරිවර්තනය කිරීමේ පූර්ව කොන්දේසියයි.
  1. කම්කරු පන්තිය තුළ සහ විප්ලවවාදී තරුණයින් අතර සමාජවාදී විඥානය සඳහා අරගලය විප්ලවවාදී සාර්ථකත්වය සඳහා පූර්ව කොන්දේසියයි: ලෙනින් අවධාරනය කළ පරිදි සහ සියවසක් පුරා විප්ලවවාදී අත්දැකීම් සනාථ කර ඇති පරිදි, කම්කරු පන්තියට අවශ්‍ය වන්නේ දේශපාලන නායකත්වයක් නොමැතිකම නොව, දේශපාලන නායකත්වයේ ඉහළම ගුණාත්මකභාවයක්, එනම්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ කොටස් ලෙස සංවිධානය වූ, නොනවතින විප්ලවයේ වැඩ පිළිවෙළින් සන්නද්ධ වූ විනයගරුක විප්ලවවාදී පක්ෂ ය. “නායකත්වයක් නොමැති” දෘෂ්ටිවාදය මහජන ව්‍යාපාර නායකත්වයෙන් නිදහස් නොකරන අතර එය කම්කරු පන්තියේ අවශ්‍යතාවලට සතුරු වන බලවේගයන්ගේ ග්‍රහනයට ඒවා  නතු කර දමයි.

වාඩිලෑම, කහ කබා උද්ඝෝෂණ සහ ජෙන්-Z රැල්ල හරහා දිවෙන පොදු හුය පට වන්නේ වෛෂයික පන්ති අතෘප්තිය ගැඹුරු වීම සහ පාලක පන්තියට මර්දනය හෝ සංකේතාත්මක ප්‍රතිසංස්කරණ මගින් වසා දැමිය නොහැකි දේශපාලන අවකාශයන් නැවත නැවතත් විවෘත වීමයි. තීරණාත්මක ඓතිහාසික කර්තව්‍යය වන්නේ මෙම පුනරාවර්තන කැරැල්ල ස්වාධීන කම්කරු පන්ති නායකත්වය යටතේ සංවිධානාත්මක, සවිඥානික සමාජවාදී අරගලයක් බවට පරිවර්තනය කිරීමයි. එම කාර්යය, එනම් සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම, අපගේ කාලයේ වඩාත්ම හදිසි දේශපාලන වගකීමයි.

සමාප්තයි.

යොමුව: 

[17] World Socialist Web Site, ‘What way forward in the struggle to bring down Macron?’ (5 April 2023) <https://www.wsws.org/en/articles/2023/04/06/pers-a06.html>   

[18] Lenin VI, What Is to Be Done? Burning Questions of Our Movement (1902) <https://www.marxists.org/archive/lenin/works/1901/witbd/

[19] World Socialist Web Site, ‘The capitulation of Syriza and the lessons for the working class’ (23 February 2015) <https://www.wsws.org/en/articles/2015/02/23/pers-f23.html>   

[20] World Socialist Web Site, ‘Podemos enters Spanish government: (8 January 2020) “On Tuesday, the Spanish Socialist Party (PSOE) of Prime Minister Pedro Sanchez officially formed a coalition government with the pseudo-left Podemos party, the Spanish ally of Greece’s pro-austerity Syriza (“Coalition of the Radical Left”).” <https://www.wsws.org/en/articles/2020/01/08/pode-j08.html

[21] World Socialist Web Site, ‘How Syriza’s betrayals strengthened the extreme political right in Greece’ (27 June 2023) <https://www.wsws.org/en/articles/2023/06/27/etlb-j27.html> ; International Committee of the Fourth International, ‘The Political Lessons of Syriza’s Betrayal in Greece’ (13 November 2015) <https://www.wsws.org/en/articles/2015/11/13/icfi-n13.html>  

[22] Trotsky L, The Transitional Programme: The Death Agony of Capitalism and the Tasks of the Fourth International (1938) <https://www.marxists.org/archive/trotsky/1938/tp/> ; International Committee of the Fourth International, The Historical and International Foundations of the Socialist Equality Party  (Mehring Books 2008) <https://www.wsws.org/en/special/library/foundations-us/00.html

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 4 කොටස Read More »

Cuba

කියුබාව යටත් කරගැනීම සඳහා එක්සත් ජනපදය කුසගින්න යොදා ගැනීමට උත්සාහ කරන විට එරට සන්නද්ධ ප්‍රකෝප කිරීම ව්‍යර්ථ කරයි

ඇන්ඩ්‍රියා ලොබෝ විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 පෙබරවාරි 26 වන දින ‘Cuba repels armed provocation as US tries to starve island into submissionයන හිසින් පළවූ ඇන්ඩ්‍රියා ලොබෝ විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Cuba
කියුබානු දේශසීමා මුර සංචාර නෞකාව [ඡායාරූපය: කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය]

බදාදා කියුබාවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ සන්නද්ධ ගැටුමකදී, කියුබානු දේශසීමා ආරක්ෂකයින් විසින් ආයුධ, පුපුරණ ද්‍රව්‍ය සමග දැඩි ලෙස සන්නද්ධ වූ කියුබාවෙන් පිටුවහල් කරන ලද පුද්ගලයින්ගෙන් පිරුණු ඇමරිකානු ධජය සහිත වේග බෝට්ටුවක් පලවා හැර තිබේ. එමගින්, මෙම දිවයින යටත් කර ගැනීම සඳහා සාගින්නෙන් පෙළීමේ වොෂින්ටනයේ ව්‍යාපාරය ඊටත් වඩා භයානක හා ප්‍රකෝපකාරී අවධියකට පිවිසෙමින් පවතින බවට වූ බරපතල අනතුරු ඇඟවීමක් කරයි. 

කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ෆ්ලොරිඩාවේ ලියාපදිංචි කර ඇති යාත්‍රාවක් වන FL7726SH හඳුනා ගැනීම සඳහා මුර සංචාර බෝට්ටුවක් ඒ වෙත ගමන් කර ඇත. එම යාත්‍රාව විලා ක්ලාරා පළාතේ වෙරළට නාවික සැතපුමක් පමණ දුරින්—කිසිදු පිළිගත හැකි “නාවික දෝෂයක්” නොමැතිව—ක්‍රියාත්මක විය. එම යාත්‍රාවේ සිටි අය වෙඩි තබා කියුබානු අණ දෙන නිලධාරියාට තුවාල සිදු කර ඇත. ආරක්ෂකයින් ආපසු වෙඩි තැබූ අතර, පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය ගොස් තවත් හය දෙනෙකුට තුවාල සිදු විය.

බලධාරීන් වාර්තා කළේ ප්‍රහාරක රයිෆල්, පිස්තෝල, මොලොටොව් කොක්ටේල් සහ අනෙකුත් අතින් සාදන ලද පුපුරණ ද්‍රව්‍ය, බැලස්ටික් කබා, දුරේක්ෂ දර්ශන සහ කැලෑ සටන් නිල ඇඳුම් ආදී “ත්‍රස්තවාදී අරමුණු සහිතව ආක්‍රමණය කිරීමේ” උත්සාහයකට අනුකූල උපකරණ අල්ලා ගත් බවයි.

මේ දක්වා හඳුනාගෙන ඇති බොහෝ දෙනා එක්සත් ජනපදයේ පදිංචි කියුබානු ජාතිකයන් වේ. සමහරු දැනටමත් කියුබාවේ අතීත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පුද්ගලයින්ගේ ජාතික ලැයිස්තුවේ සිටිති. ධවල මන්දිර මූලාශ්‍රයක් උපුටා දක්වන CBS ප්‍රවෘත්ති වලට අනුව, මියගිය අයගෙන් එක් අයෙකු ඇමරිකානු පුරවැසියෙකි. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඇමරිකානු පුරවැසියෙකු ලෙස ද හඳුනාගෙන ඇත. මෙම බෝට්ටුව සොරකම් කළ එකක්  බව වාර්තා වී ඇත. රඳවාගෙන සිටින හත්වන සැකකරු කියුබාව තුළ ප්‍රහාර එල්ල කිරීමට, සන්නද්ධ කණ්ඩායමට පූර්ව සූදානමක් ඇති කිරීම සඳහා තමන් එක්සත් ජනපදයෙන් එවන ලද බව පාපොච්චාරණය කර ඇති බව වාර්තා වේ.

වොෂින්ටනය ඉදිරිපත් කරනු ලබන කිසිදු උපාමාරුවකට මෙම මෙහෙයුමේ මූලික ස්වභාවය වෙනස් කළ නොහැකිය. එය 1960 ගණන්වල සිට CIA සහ අනෙකුත් ආයතන විසින් වගා කර අරමුදල් සපයන ලද කියුබානු පිටුවහල් ත්‍රස්තවාදීන්ගේ සහ එක්සත් ජනපදය පදනම් කරගත් පැරාමිලිටරි කණ්ඩායම්වල දශක ගණනාවක් පැරණි ජාලයන්ගේ නිෂ්පාදනයකි. ට්‍රම්ප් පරිපාලනය කියුබාවේ ආර්ථිකයේ ගෙල සිර කිරීමට, එක්සත් ජනපදය සඳහා දිවයින “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ දණ්ඩනීය තීරුබදු වලින් තෙල් අලෙවි කරන ඕනෑම රටකට තර්ජනය කිරීමට විවෘතව පියවර ගෙන ඇති තත්වයන් යටතේ මෙම ජාල දැන් සක්‍රීය වෙමින් පවතී.

ධවල මන්දිරය මෙම විශේෂිත මෙහෙයුමට සෘජුවම නියෝග කළත් නැතත්, ප්‍රහාරකයන්ගේ ඥාතීන් සහ මිතුරන් යුනිවිෂන් මාධ්‍යවේදී ජේවියර් ඩියාස්ට පුරසාරම් දෙඩූ පරිදි, දකුණු ෆ්ලොරිඩාවේ ගොවිපලක පුහුණුව ලත් ටික්ටොක් හරහා සාමාජිකයින් බඳවා ගත් දැඩි ලෙස සන්නද්ධ වූ මෙම කල්ලිය, ෆ්ලොරිඩාවේ සිට දියත් කර කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූයේ එක්සත් ජනපද බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ අවධානයට ලක් නොවී බව සිතාගත නොහැකිය. අවම වශයෙන්, මෙම ප්‍රකෝප කිරීම සඳහා එක්සත් ජනපද බලධාරීන්ගෙන් කොළ එළියක් ලැබුණි.

ඇමරිකානු නිලධාරීන්ගේ කුහකකම මවිතකරවන සුළුය. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීමට සහ කියුබාවට එරෙහි ඉන්ධන අවහිරය දැඩි කිරීමට මාස ගණනක් තිස්සේ සහාය දුන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, නිගමනවලට එළඹීමට පෙර “අපට අපගේම තොරතුරු ලැබෙනු ඇත” යනුවෙන් දැන් ප්‍රකාශ කරයි.

ෆ්ලොරිඩාවේ නීතිපති ජේම්ස් උත්මියර්, සිය කෝපය පල කරමින් “ඔබට කියුබානු රජය විශ්වාස කළ නොහැකි” බව පවසන අතර  ඊට “මෙම කොමියුනිස්ට්වාදීන් වගකිව යුතු බවට” පත් කරන බවට සපථ කරයි. සෙනෙට් සභික රික් ස්කොට් “කොමියුනිස්ට් කියුබානු පාලනය වගවීමට ලක් කළ යුතු” බව කියා සිටියේය.

ආක්‍රමණිකයන් වින්දිතයින් ලෙස ඉදිරිපත් කර ඇති අතර, සන්නද්ධ ප්‍රහාරයක් වළක්වා ගන්නා අය සැබෑ අපරාධකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු මුහුදු සීමාවට ඇතුළු වන, දැඩි ලෙස සන්නද්ධ විදේශීය තුවක්කුකරුවන්ගේ බෝට්ටුවකට එක්සත් ජනපද ජාතික ආරක්ෂක සංවිධානයේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්දැයි සැකයක් තිබේද?

“විවෘත මුහුදේ එවැනි වෙඩි හුවමාරු දැකීම අතිශයින් අසාමාන්‍ය දෙයක්” යැයි ප්‍රකාශ කිරීමට රුබියෝට හයියක් තිබුණි. මෙය කැරිබියන් සහ පැසිෆික් කලාපයේ–පූර්ව සැලසුම් කළ මිනීමැරීම් ගණයේ ක්‍රියාවන් වන–ධීවර බෝට්ටුවලට බෝම්බ හෙලීමෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 151 දෙනෙකු ඝාතනය වීම ගැන විවෘතව උදම් අනන රජයකින් ලැබුණු ප්‍රකාශයකි. 

1898 දී ස්පාඤ්ඤ යටත් විජිත අත්පත් කර ගැනීම සඳහා යුද්ධය සාධාරණීකරණය කර ගැනීමට, හවානාහි දී යූඑස්එස් මේන් (USS Maine) නෞකාව ගිල්වා දැමීම දඩමීමා කරගත් සහ 1961 දී CIA විසින් සන්නද්ධ කළ කියුබානු පිටුවහල්කරුවන්ගේ බේ ඔෆ් පිග්ස් (Bay of Pigs) ආක්‍රමණය සංවිධානය කළ එම පාලක පන්තියම, දැන් තම දිගු කාලීන ආධිපත්‍යය සඳහා වන අරමුණ සුරක්ෂිත කර ගැනීම සඳහා කැරිබියන් දූපත් වල නව ප්‍රකෝප කිරීම් සඳහා අඩිතාලම දමමින් සිටී.

සිද්ධිය වුනු කාලය එහි දේශපාලන අරමුණ අවධාරණය කරයි. එය සිදු වූයේ රූබියෝ කැරිබියානු ප්‍රජා (Caricom) සමුළුවක් සඳහා, ශාන්ත කිට්ස් සහ නෙවිස් හි අගනුවර වන බැසෙටෙරේ වෙත ගමන් කරන අතරතුර ය. එහිදී මදුරෝ පැහැර ගැනීම සහ කියුබාවට එරෙහි ඉන්ධන අවහිර කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනය විවේචනයට ලක් විය. කැරිබියානු රජයන්ට වෙනිසියුලාව සහ කියුබාව යන දෙකම සමඟ දිගුකාලීන වෙළඳ හා දේශපාලන සබඳතා ඇත.

කියුබාවේ පුහුණුව ලත් වෛද්‍යවරයෙකු වන ශාන්ත කිට්ස් සහ නෙවිස් අගමැති ටෙරන්ස් ඩෲ, “අස්ථාවර වූ කියුබාවක් අප සියල්ලන්ම අස්ථාවර කරනු ඇත” යනුවෙන් සෘජුවම අනතුරු ඇඟවීය. එක්සත් ජනපදයෙන් නෙරපා හරින ලද තුන්වන රටවලින් පිටුවහල් කරන ලද අය පිළිගැනීම, කියුබානු වෛද්‍ය දූත මෙහෙවර කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීම, චීනය සමඟ සබඳතා ලිහිල් කිරීම සහ මුහුදු මට්ටම ඉහළ යාම සහ කුණාටු ඔවුන්ගේ දූපත් විනාශ කරන තත්වයේදී පවා දේශගුණික විපර්යාස පිළිබඳ සීමිත කැපවීම් පවා ට්‍රම්ප් විසින් ඉරා දමා ඇති බව පිළිගැනීම සඳහා කරන ලද ඇමරිකානු ඉල්ලීම් සම්බන්ධයෙන් කැරිබියානු  නායකයින් දුක්ගැනවිලි මතු කළහ.

මෙම අතෘප්තියට මුහුණ දුන් රුබියෝ වෙනිසියුලාව සම්බන්ධයෙන් ආරක්ෂක ස්වරයක් අනුගමනය කළේය. ඔහු පැවසුවේ, “අපගේ මෙහෙයුම් සහ වෙනිසියුලාව කෙරෙහි අපගේ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබගෙන් සමහරෙකුට තනි තනිව හැඟුණු ආකාරය නොසලකා,වෙනිසියුලාව සති අටකට පෙර තිබූ තත්වයට වඩා අද වඩා හොඳ තත්වයක පවතී”, යන්නයි. කලාපීය බලශක්තිය සඳහා කැරකස් “අසාමාන්‍ය හවුල්කරුවෙකු” වීමේ අපේක්ෂාව ඔහු ඉස්මතු කළේය. 

ඒ සමඟම, වෙනිසියුලානු ඉන්ධන ඇතුළු සීමිත ගෑස් සහ අනෙකුත් තෙල් නිෂ්පාදන  පුද්ගලික කියුබානු ආයතන සහ පුද්ගලයින් හට අපනයනය කිරීමට ඉඩ දී, ඉන් කියුබානු රාජ්‍යය පැහැදිලිවම බැහැර කිරීමෙන්, “කියුබානු ජනතාවට සහාය දෙන” බව එක්සත් ජනපද භාණ්ඩාගාරය ව්‍යාජ ලෙස නිවේදනය කළේය.

මෙක්සිකෝවේ ලා ජෝර්නාඩා පුවත්පත  මෙම සීමාවන් “ප්‍රායෝගිකව, නැව්ගත කිරීම් සම්බන්ධීකරණය කිරීමට සහ ලබා ගැනීමට හැකියාව ඇති ඕනෑම කියුබානු ආයතනයක් බැහැර කරයි.” යනුවෙන් සඳහන් කරයි. එක්සත් ජනපද කියුබානු විශේෂඥ විලියම් ලියෝග්‍රැන්ඩේ වොෂින්ටන් පෝස්ට් වෙත පැවසුවේ, කෙසේ වෙතත්, පෞද්ගලික ක්‍රියාකාරීන් “මානුෂීය අර්බුදයේ සැලකිය යුතු වෙනසක් කිරීමට” ප්‍රමාණවත් තෙල් ආනයනය නොකරන බවයි.

සැබෑ අරමුණ පැහැදිලිය: එනම්, පාලන තන්ත්‍ර වෙනසක් (regime change) සඳහා වොෂින්ටනයේ ප්‍රියතම සමාජ පදනම ලෙස ධනපතියන් සහ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයින් ස්ථරයක් තවදුරටත් වගා කරන අතරතුර පුළුල් ජනගහනය කුසගින්නේ තබා බිය ගැන්වීමයි. එය මොන්රෝ මූලධර්මය (Monroe Doctrine) යටතේ පොතට අනුව කරන පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමකි. අද ප්‍රායෝගිකව “ට්‍රම්ප් මූලධර්මය” ලෙස විවෘතව මෙය කැඳවනු ලැබේ.

වොෂින්ටනය මෙහිදී සාර්ථක වුවහොත් එයින් අදහස් වන්නේ ඇමරිකානු සංගත සහ බැංකු විසින් පාලනය කරනු ලබන වඩාත් ආන්තික අසමානතාවය සහ ලාභ ශ්‍රම කලාප මත ආධිපත්‍යය දරන කොම්ප්‍රදෝරු ප්‍රභූවක් බලයට පත් කිරීමයි.  කුප්‍රකට ප්ලැට් සංශෝධනය (Platt Amendment—1901) යටතේ කියුබාවට පනවන ලද යටත් විජිත තත්වයට නැවත ගෙන එනු ඇති මෙම මෙහෙයුම, ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් සියල්ල මත තම අසීමිත ආධිපත්‍යය පැටවීමට සහ චීනය, ඉරානය, රුසියාව සහ අනෙකුත් ප්‍රතිවාදීන්ට එරෙහිව ලෝක යුද්ධයට සූදානම් වීමට ඇති පුළුල් එක්සත් ජනපද තල්ලුවේ කොටසකි.

1959 සිට, කියුබාව CIA අනුග්‍රහය ලත් ගණන් නැති මෙහෙයුම්වල ඉලක්කයක් වී ඇත: බෝම්බ හෙලීම්, ෆිදෙල් කැස්ත්‍රෝට එරෙහිව ඝාතන උත්සාහයන්, ආර්ථික කඩාකප්පල් කිරීම්, පිටුවහල් ත්‍රස්ත කණ්ඩායම්වලට ආයුධ සැපයීම සහ අරමුදල් සැපයීම සහ Bay of Pigs ආක්‍රමණය ආදියයි ඒ. 

බදාදා මරා දැමූ සහ අල්ලා ගන්නා ලද මිනිසුන් මෙම ඉතිහාසයට හරියටම ගැලපේ: ඔවුහු කියුබානු රජයට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධයක් දැරීම පිළිබඳ ප්‍රචලිත වාර්තා සහිත එක්සත් ජනපදයේ දිගු කාලීන පදිංචිකරුවන් වන අතර එක්සත් ජනපද භූමියේ පුහුණුව ලබා, පැරාමිලිටරි ක්‍රියාමාර්ග හරහා දිවයින “නිදහස් කිරීමේ” නාමයෙන් විවෘතව (මෙම අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා) සංවිධානය වී ඇත.

කියුබානු ජනතාව වොෂින්ටනය විසින් සැලසුම් කරන ලද පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටියදී මෙම ත්‍රස්තවාදී ප්‍රකෝප කිරීම දිග හැරුණි. ට්‍රම්ප්ගේ ජනවාරි 29 වන දින නියෝගය මගින් දිවයිනට ලැබෙන සියලුම බලශක්ති සැපයුම් නැවැත්වීම සඳහා එක්සත් ජනපද අවහිරයක් (US blockade), එනම් යුද ක්‍රියාවක් පනවා ඇත.

ඉන්ධන හිඟය නිසා බොහෝ ප්‍රදේශවලට පැය 20-30 ක විදුලි බිඳවැටීම් ඇති වී ඇති අතර, පොදු ප්‍රවාහන හා ආහාර බෙදා හැරීම අඩාල වී ඇත.  ශීතකරණ හා ජල පද්ධති කඩා වැටී ඇත. ඖෂධ හිඟය, මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතින අතර දරුවෝ කුසගින්නේ නින්දට යති. මෙය කියුබාවේ ඉතිරි මිලියන 8 ක ජනතාවක් කුසගින්නේ තැබීමෙන්, එක්සත් ජනපදය විසින් නියම කරන ලද දේශපාලන සමථයක් පිළිගැනීමට සැලසුම් කළ උත්සාහයකි.

මෙම ව්‍යසනය සඳහා මූලික වගකීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පැවරෙන බව පැහැදිලිවම කිව යුතුය. නමුත් කියුබානු පාලන තන්ත්‍රය සමාජවාදය හෝ ධනවාදයට විකල්පයක් නියෝජනය කරන බව එයින් අදහස් නොවේ. 1959 කියුබානු විප්ලවයේ ආරම්භයේ සිටම, ෆිදෙල් කැස්ත්‍රෝ ඇමරිකානු ධනවාදය සමඟ සහයෝගීතාවයක් සෙවූ ධනේශ්වර ජාතිකවාදියෙකි. බලයට පත්වී මාස හතරකට පසු ඔහු මෙසේ ප්‍රකාශ කළේය:

අපි කොමියුනිස්ට්වාදීන් නොවන බව මම පැහැදිලිව සහ නිශ්චිතව ප්‍රකාශ කර ඇත්තෙමි. කියුබාවේ කර්මාන්ත සංවර්ධනයට දායක වන පෞද්ගලික ආයෝජන සඳහා දොරටු විවෘතව පවතී. එක්සත් ජනපදය සමඟ අවබෝධයකට එළඹෙන්නේ නැත්නම් අපට ප්‍රගතියක් ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැක්කකි.”

වොෂින්ටනය සීමිත ප්‍රතිසංස්කරණ පවා ප්‍රතික්ෂේප කළ විට පමණක්, කැස්ත්‍රෝ ජනසතු කිරීම් වෙත යොමු වී මොස්කව් ස්ටැලින්වාදී නිලධරයෙන් වෙත යොමුවී ආධාර පැතූ අතර, ඒ කියුබාව ක්‍රෙම්ලිනයේ විදේශ ප්‍රතිපත්තියට ගැටගැසීමට සහ දිවයිනේ ස්වාධීන කම්කරු පන්ති දේශපාලනය මර්දනය කිරීමට හිලව් වශයෙනි. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, කියුබානු නායකත්වය ඊට ප්‍රතිචාර දැක්වූයේ රට විදේශ ප්‍රාග්ධනයට වඩ වඩාත් පුළුල් ලෙස විවෘත කිරීමෙනි. 

ඇමරිකානු සම්බාධක මගින් නිර්මාණය කරන ලද දරුණු අර්බුදය මෙම ප්‍රභූවේ කොටස් විසින් දකින්නේ තර්ජනයක් ලෙස නොව, පූර්ණ පරිමාණයේ “කම්පන චිකිත්සාව” (shock therapy) ක්‍රියාත්මක කිරීමට සහ ඇමරිකානු පිළිවෙළ යටතේ තරඟකාරී හවුල්කරුවන් ලෙස ඒකාබද්ධ වීමට හැකි අවස්ථාවක් ඉදිරියට ගැනීමක් ලෙසය. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියුබාවට එරෙහි සියලු ඇමරිකානු ආක්‍රමණශීලී ක්‍රියාවන්ට කොන්දේසි විරහිතව විරුද්ධ වන අතර, එය මිනීමරු සම්බාධක, ත්‍රස්තවාදී ඇතුළුවීම සහ වර්තමාන සාගත ව්‍යාපාරය දක්වා ක්‍රියා හෙළා දකී. නමුත් අපි එසේ කරන්නේ කියුබානු ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා නොව ජාත්‍යන්තර කම්කරු පන්තියේ දෘෂ්ටි කෝණයෙන් ය.

කම්කරුවන්ට සහ තරුණයින්ට එරෙහිව මර්දනය තීව්‍ර කිරීම සඳහා මෙම ප්‍රකෝප කිරීම ගසාකෑමට හවානා පාලන තන්ත්‍රය දරන ඕනෑම උත්සාහයකට ද විරුද්ධ විය යුතුය. අධිරාජ්‍යවාදයට එරෙහිව කියුබාව ආරක්ෂා කිරීම, ධනේශ්වර සූරාකෑමට එරෙහිව සටන් කිරීම සහ කැස්ත්‍රෝවාදී බලධාරීන්ගෙන් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වෙන් කළ නොහැකි කාර්යයන් වේ.

ඉදිරි මාවත පවතින්නේ කියුබාවේ කම්කරුවන්ගේ අරගල එක්සත් ජනපදය, කැරිබියන් සහ ලොව පුරා අරගල සමඟ ඒකාබද්ධ කිරීමෙනි. WSWS විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, කියුබානු කම්කරුවෙක් හා මටන්සාස් හි තනි මවක් කුසගින්න සහ බිය මධ්‍යයේ ගෙවන ජීවිතය විස්තර කළ අතර සම්බාධකවලට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස ඇමරිකානු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

එම ඉදිරිදර්ශනය සවිඥානික වැඩසටහනක් බවට පත් කළ යුතුය: එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව නැව් තටාක සේවකයින්, ප්‍රවාහන සේවකයින්, තෙල් සේවකයින් සහ අනෙකුත් අයට නිෂ්පාදන හා බෙදාහැරීමේ ලීවරයන්හි ඔවුන්ගේ ස්ථානය භාවිතා කර වටලෑම (siege) බිඳ දැමිය හැකිය; එමගින් සම්බාධක ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරමින් සහ ඉන්ධන, ආහාර සහ ඖෂධ නැව්ගත කිරීම් සංවිධානය කළ හැකිය.

ඒ සමඟම, ජනාධිපතිවරුන් පැහැරගෙන යන, ධීවරයින්ට බෝම්බ හෙලන සහ විදේශයන්හි මිලියන ගණනක් කුසගින්නේ තබන පාලන තන්ත්‍රය, තමන්ගේ රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව රට තුළ යුද්ධ කරන පාලන තන්ත්‍රයම බව ඇමරිකානු කම්කරුවන් හඳුනාගත යුතුය. යුද්ධයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි සටන, එක්සත් ජනපදය තුළම සමාජ අසමානතාවය, යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ධනේශ්වර සූරාකෑමට එරෙහි අරගලයෙන් වෙන් කළ නොහැකිය.

කියුබාව යටත් කරගැනීම සඳහා එක්සත් ජනපදය කුසගින්න යොදා ගැනීමට උත්සාහ කරන විට එරට සන්නද්ධ ප්‍රකෝප කිරීම ව්‍යර්ථ කරයි Read More »

Economy

Impact of Iran war on global economy intensifies daily

By Nick Beams.

This article was originally published on the World Socialist Web Site on 24 March 2024.

As the US war on Iran nears the completion of its first month and deepens by the day, its effects on the global economy are intensifying.

In the recent period central banks and governments have sought to overcome major economic storms by throwing money at the problems, amounting to trillions of dollars. This has led to an unprecedented growth of debt while at the same time lifting the wealth of the financial oligarchs to unprecedented heights.

But in the growing crisis set off by the war, that “solution” is not possible. As is being increasingly pointed out, central banks may be able to print money, but they cannot print molecules. Printing money will not miraculously end the lack of oil.

The rapidly worsening situation was underscored yesterday by the director of the International Energy Agency, Fatih Birol, in remarks to a conference in Canberra, Australia.

He said the impact of the crisis was worse than the combined effects of two oil shocks of the 1970s—that which flowed from the quadrupling of prices in 1973–74 and the turbulence which followed the Iranian revolution in 1979. Even if military action halted immediately, the market would not recover quickly, he said.

That assessment has also been made by energy analysts at Goldman Sachs who have significantly increased their forecasts of higher prices, warning they could even reach the record set in 2008 of $147 per barrel.

The shutdown of the Strait of Hormuz has also sent the price of liquified natural gas (LNG) soaring as supplies are increasingly constricted.

The Financial Times (FT) reported at the weekend that countries around the world are “facing a cliff edge” as the flow of LNG from the regions comes to an end when a “handful of tankers from the region reach their destinations.”

After that there will be nothing from the Gulf state of Qatar, the supplier of a fifth of the world’s LNG, which stopped exports shortly after the war began.

Countries throughout the Asian region are the most heavily impacted so far because of their reliance on oil and LNG which comes through the Strait. Only one LNG cargo ship from the Gulf is still expected to arrive in Asia.

Thailand has to import 90 percent of its crude, half of which comes via the Strait. Some 30 percent of its LNG comes from the Middle East.

The situation in Pakistan is even more severe. Some 99 percent of its LNG imports came from Qatar last year. It has not received any supplies since the third day of the war.

India, which at present is considered the world’s fastest growing major economy and the world’s fifth largest after Japan, is also being hit on both the supply and financial fronts. Half of its energy imports come from the Gulf states. There are already widespread shortages of gas used for cooking.

The Gulf region is not only the country’s largest trading partner. India’s international financial position is being impacted because of remittances sent home by workers amounting to more than $50 billion a year.

According to Priyanka Kishore of the research consultancy Asia Decoded, whose remarks were cited in the FT, the Indian currency, the rupee, “is among the most exposed EM [emerging market] currencies to the Iran war.”

“Also at risk is the sizable flow of remittances from the Middle East, which plays an important role in containing the current account deficit in the face of a widening trade gap.”

From the beginning of the war, the Indian central bank has been using its foreign exchange reserves to try to prevent a fall in the value of the rupee which has dropped against the US dollar and has been hitting record lows. The fear is that a collapse in the currency’s value will push up interest rates and hit the financial system.

In the words of analysts at one Mumbai-based financial services firm, an extended war will likely “trigger stress across all financial markets in India.” Before the war the governor of the Reserve Bank of India, Sanjay Malhotra, described the Indian economy as being in a “sweet spot,” with strong growth and low inflation. It now threatened to rapidly turn sour.

The war is not only causing disruption to oil and gas supplies, but a range of other commodities is also being hit. These include the supply of urea, a source of nitrogen-based fertilisers vital for agriculture around the world and sulphur also vital for the production of fertilisers.

There have been warnings that if the disruption caused by the war continues the situation will be much worse than 2022 in the wake of the Russian invasion of Ukraine.

Helium, a by-product of natural gas processing, for which Qatar provides around a third of the global supply, is also being impacted. It is a vital raw material in the production of computer chips.

In a comment this week FT columnist Tej Parikh pointed to the potential effect of the war on the artificial intelligence (AI) boom which for the past three years “has propped up global trade and investment and pushed stock markets from the US to Asia to record highs.”

“Investors have committed trillions of dollars to the technology, one of the most power-hungry inventions ever, on the assumption of ample energy supplies and a slick chip production line that can cross more than 70 borders before reaching the final consumer. But the Iran war is exposing the fragilities in the AI supply chain.”

Both South Korea and Taiwan, which are centres of global chip production, rely heavily on oil to supply energy, most of which comes through the Strait of Hormuz.

Parikh laid out a scenario in which apart from the effect of higher petrol and diesel prices, which are already raising all transport costs, the continuation of the war had the potential to hit the AI boom and set off financial turbulence in the US.

“If the conflict lingers,” he wrote, “chip prices will steepen as manufacturers ration and compete for tighter supplies. Eventually, production would seize up. In the US, elevated energy costs would make present and future data centres less viable. High tech valuations will unwind, and debt borrowed against AI assets would be at risk.”

No one can predict the exact course of economic and financial events arising from the war and its continuation but after more than three weeks the direction is clear.

As the well-known economic and financial analyst Mohamed El-Erian noted in an X post: “Consensus is shifting, and rightly so. This third week of the war has fuelled a shift from a short-term energy disruption to long-term structural damage. With that, the broader fallout… poses an increasing threat to global economic wellbeing and financial stability.”

Signs of the latter are emerging most sharply in the UK where there was what has been described as a “rout” in the market for 10-year governments, or gilts as they are known, has developed over the past several days.

The yield or interest rate on the 10-year gilt rose yesterday by 0.11 percentage points—a significant move where “normal” movements are fraction of that—to 5.1 percent, the highest level since 2008. One of the main reasons for the rise is that the previous expectation the Bank of England would cut interest rates has been shattered and replaced by the belief that, with inflation on the rise, the central bank will lift them, possibly four times this year.

This shift has the potential for significant financial turbulence as investors and speculators who have made massive bets, with large amounts of borrowed money, are caught out and are forced to exit their positions by selling financial assets.

Impact of Iran war on global economy intensifies daily Read More »

IMG 0767

ඉරානයට එරෙහි යුද්ධය පන්ති අරගලය තීව්‍ර කරනු ඇත

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 15 වන දින ‘The war against Iran will intensify the class struggle යන හිසින් පළවූ ජෝෂෆ් කිශෝර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

ජෝෂෆ් කිශෝර් විසිනි.

Image Not Found
2026 මාර්තු 4 වන දින ඉරානයේ ටෙහෙරානයට එක්සත් ජනපද-ඊශ්‍රායල හමුදා කාපට් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයි

එක්සත් ජනපදයේ විශාලතම හරක් මස් සැකසුම් මධ්‍යස්‌ථානයන්ගෙන් එකක් වන කොලරාඩෝ හි ග්‍රීලි හි ජේබීඑස් කම්හලේ මස් ඇසුරුම් කම්කරුවන් 3,800 කට ආසන්න සංඛ්‍යාවක් අද වැඩ වැරීමකට නියමිතව ඇත.  දරිද්‍රතා වැටුප් සහ අනාරක්ෂිත තත්වයන්ට විරෝධය පළ කරමින් කම්කරුවන් පසුගිය මාසයේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට පක්ෂව සියයට 99 ක් ඡන්දය දුන්හ. මිනසෝටා හි ඔස්ටින්හි 1985-86 හෝමෙල් (Hormel) වැඩ වර්ජනයෙන් පසු එක්සත් ජනපදයේ මස් ඇසුරුම් කම්කරුවන්ගේ විශාලතම වැඩ වර්ජනය මෙය වේ. 

ග්‍රීලි කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් හයිටි සහ සෝමාලියාවෙන් මෑතකදී පැමිණි සංක්‍රමණිකයන් වන අතර, ඔවුන් ට්‍රම්ප් පරිපාලනය යටතේ පිටුවහල් කිරීමේ යාන්ත්‍රයෙන් සෘජු තර්ජනයට ලක්ව සිටී.  කෙසේ හෝ, ඔවුහු වැඩ වර්ජනය කිරීමට ඡන්දය ලබා දුන්හ. ග්‍රීලි කම්කරුවන්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය ඇමරිකාවේ පන්ති සබඳතාවල පුපුරන සුලු තත්ත්වය පිළිබිඹු කරයි.

මස් ඇසුරුම් කම්කරුවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වන්නේ යුද්ධයේ පසුබිම තුළය. සති දෙකකට පෙර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය සාපරාධී ආක්‍රමණික යුද්ධය දියත් කළ අතර එය කලාපීය හා ගෝලීය ගැටුමක් දක්වා වේගයෙන් සර්පිලාකාර වෙමි පවතී.

මෙම යුද්ධයේ හේතු බහුවිධ හා සංකීර්ණ වේ. ඉරානය දිගු කලක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉලක්කයක් වී ඇති අතර, එය මැද පෙරදිග තෙල් සම්පත්වල ආධිපත්‍යය දැරීමට දශක ගණනාවක් තිස්සේ ව්‍යාපාරයක් දියත් කර ඇත. ඝාතනය සහ සමූහ සංහාරය හරහා ඉරාන රජය පෙරලා දැමීමේ උත්සාහය, චීනයට එරෙහි ඇමරිකානු පාලක පන්තියේ ප්‍රහාරය සහ ගෝලීය ආධිපත්‍යය සඳහා වන ධාවනය සමඟ බැඳී ඇත.

කෙසේ වෙතත්, ප්‍රධාන සාධකයක් වන්නේ එක්සත් ජනපදය තුළ පවතින සමාජ අර්බුදයයි. ඉතිහාසය පුරාම, ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුණ දෙන පාලන තන්ත්‍රයන් යුද්ධය හරහා ඒවා විසඳීමට උත්සාහ කර ඇත. මැකින්ලි පරිපාලනය 1898 ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය දියත් කළේ උත්සන්න වූ පන්ති ගැටුමක් සහ ආර්ථික අවපාතයේ ප්‍රතිවිපාක මධ්‍යයේ ය; සාර්වාදී රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වියචෙස්ලාව් ප්ලෙහ්ව් 1904 දී ජපානය සමඟ යුද්ධයට පක්ෂව කතා කළේ, “විප්ලවයේ රැල්ල මැඩපැවැත්වීම සඳහා කෙටි, ජයග්‍රාහී යුද්ධයක් මේ රටට අවශ්‍ය වන්නේය” යන පදනම මත ය. 1905 විප්ලවයේදී එම ගණනය කිරීමට සුදුසු ප්‍රතිචාරය ලැබුණි.

කෙසේ වෙතත්, මෙම ප්‍රවණතාවයේ වඩාත්ම විනාශකාරී ප්‍රකාශනයන් වන්නේ විසිවන සියවසේ ලෝක යුද්ධ දෙක වේ. 1914 දී යුරෝපයේ පාලක පන්තීන් යුද්ධය සැලකුවේ, නැගී එන කම්කරු පන්ති අරගලයේ රැල්ල ජාතිකවාදී දේශප්‍රේමයේ (nationalist patriotism) ගිල්වීමේ මාධ්‍යයක් ලෙස ය. යුද්ධයම 1917 රුසියානු විප්ලවයට සහ යුරෝපය පුරා විප්ලවවාදී නැගිටීම්වලට හේතු විය. දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන්, හිට්ලර්ගේ නොනවතින මිලිටරිකරණය සහ ආක්‍රමණශීලී ව්‍යාපාරය ජර්මානු අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍යතාවයන් සහ, ඉතිහාසඥ ටිම් මේසන් සඳහන් කර ඇති පරිදි, රට තුළ “බිඳවැටීම සහ අවුල් සහගත තත්ත්වය” වළක්වා ගැනීමේ උත්සාහය යන දෙකම විසින් මෙහෙයවනු ලැබීය.

ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග මගින් ඊට සමාන පීඩන පිළිබිඹු වේ. 2026 මුල් මාස දෙක තුළ ආධිපත්‍යය දැරූ ගැටළු සලකා බලන්න. ජනවාරි සහ පෙබරවාරි මාසවලදී, පසුගිය වසරේ දැවැන්ත “නෝ කිංග්ස්” (රජුන් එපා!) පෙළපාලිවලින් පසුව ඇති වූ සමාජ විරෝධතා රැල්ලකින් එක්සත් ජනපදය සෙලවී ගියේය. ප්‍රේරකය වූයේ මිනියාපොලිස්-ශාන්ත පෝල් වෙත ෆෙඩරල් ආගමන (ICE) නියෝජිතයන් 3,000 ක් පමණ යෙදවීම සහ ජනවාරි 7 වන දින ICE නියෝජිතයෙකු විසින් රෙනී නිකොල් ගුඩ්ව වෙඩි තබා ඝාතනය කිරීමයි. ජනවාරි 23 වන දින, මිනියාපොලිස් හි දස දහස් ගණනක් ජනයා, -30°F ක සීතලට මුහුණ දෙමින් විරෝධතා පෙළපාළි ගියහ. එහිදී, වෘත්තීය සමිති යාන්ත්‍රණයෙන් හෝ ඩිමොක්‍රටික් පක්ෂයෙන් නොව, පහළින් [සාමාන්‍ය කම්කරුවන්ගෙන්] මහා වැඩ වර්ජනයක් සඳහා වැඩෙන ඉල්ලීම් මතු විය.

ඊට, ට්‍රම්ප් පරිපාලනයේ සහ එහි ICE සහ රේගු සහ දේශසීමා ආරක්ෂණ (CBP) හි ගෙස්ටාපෝ නියෝජිතයින්ගේ ප්‍රතිචාරය වූයේ ඇලෙක්ස් ප්‍රෙට්ටි ඝාතනය කිරීමයි. රට පුරා විරෝධතා පැතිර ගිය අතර, උසස් පාසල් සිසුන්ගේ රට පුරා විරෝධතා රැල්ලක් ඇති විය. එක් ගණන් ගැනීමකට අනුව, 2026 දී පමණක්, ප්‍රාන්ත 48 ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ පාසල් දිස්ත්‍රික්ක 236 ක විරෝධතා 334 ක් පැවැත්විණි.

ඒ සමඟම, කම්කරු පන්තිය තුළ සැලකිය යුතු වැඩ වර්ජන ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පැවති අතර, එය පාලනය කිරීමට වෘත්තීය සමිති යාන්ත්‍රණය උමතු ලෙස කටයුතු කළේය. නිව් යෝර්ක් නගරයේ, හෙදියන් 15,000 ක් මාසයකට වැඩි කාලයක් වැඩ වර්ජනයක නිරත විය. 2026 ජනවාරි මස 26 වන දින, කයිසර් පර්මෙන්ටේ හි හෙදියන් සහ සෞඛ්‍ය සේවකයින් 31,000 ක් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සෞඛ්‍ය සේවා වැඩවර්ජනවලින් එකක් වන කැලිෆෝනියාවේ සහ හවායි හි විවෘත වැඩ වර්ජනයකට සහභාගි විය. පෙබරවාරි 9 වන දින, සැන් ෆ්‍රැන්සිස්කෝ ගුරුවරුන් 6,400 ක් වැඩි වැටුප් සහ ප්‍රමාණවත් පාසල් අරමුදල් ඉල්ලා වැඩ වර්ජනය කළහ.

සමාජ විරෝධතා සහ වැඩ වර්ජන ආදී ක්‍රියාමාර්ග පුපුරා යාම, දශක ගණනාවක් තිස්සේ දැවැන්ත සමාජ අසමානතාවයේ සහ කතිපයාධිකාරයක් අත පෙර නොවූ විරූ ධන සංකේන්ද්‍රණයක ප්‍රතිවිපාක ප්‍රකාශ කරයි. පාලක පන්තිය ලේ වැකි රැකියා කප්පාදුවක් සිදු කරමින් සිටින අතර, පහත වැටෙන ජීවන තත්වයන් සහ ගැඹුරු වන අනාරක්ෂිත භාවය කම්කරුවන් විසින් පිළිගත යුතු යැයි ඉල්ලා සිටී. එක්සත් ජනපදය රාජ්‍ය හා පෞද්ගලික ණය දැවැන්ත හා තිරසාර නොවන ලෙස ප්‍රසාරණය වීමකට සහ ඩොලරයේ ගෝලීය සංචිත තත්වයට එල්ල වන තර්ජනවලට සහ වැටුප් ගිල දමමින් පවතින උද්ධමනකාරී පීඩනයන්ට මුහුණ දී සිටී.

වරදකරු කරනු ලැබූ අපරාධකරුවෙකු  විසින් මෙහෙයවන ලද ට්‍රම්ප් පරිපාලනය, ජනගහනයේ වර්ධනය වන කොටස් විසින් වෛර කරනු ලැබේ. ජනවාරි අග දී සිදු කරන ලද පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ (Pew Research Cente) සමීක්ෂණයකින් ට්‍රම්ප්ගේ මහජන ප්‍රසාදයේ ශ්‍රේණිගත කිරීම සියයට 37 ක් පමණක් වූ අතර ඇමරිකානුවන්ගෙන් සියයට 50 ක් කියා සිටියේ ඔහුගේ පරිපාලනයේ ක්‍රියාමාර්ග ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා නරක බවයි. ට්‍රම්ප් දැන් මුළු වසරක්ම මහජන ප්‍රසාදයේ ශුද්ධ සෘණ ශ්‍රේණිගත කිරීමක් සමඟ ගත කර ඇත.

ජෙෆ්රි එප්ස්ටයින් ලිපිගොනු වලින් මිලියන ගණනක් ලේඛන නිකුත් කිරීම ට්‍රම්ප්ගේ දූෂිතභාවය පිළිබඳ තවත් සාක්ෂි සපයා ඇතිවා පමණක් නොව, ඇමරිකානු පාලක පන්තියේ සහ පක්ෂ දෙකෙහිම එහි දේශපාලන නියෝජිතයින්ගේ සදාචාරාත්මක කුණුවීම ද හෙළිදරව් කර තිබේ. යුද්ධය හරහා “මාතෘකාව වෙනස් කිරීමට” උත්සාහ කිරීමේදී, ට්‍රම්ප් ක්‍රියා කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස ය.

ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති සහ අපරාධවලට ගැඹුරින් සම්බන්ධ වී සිටී. ඔවුන් ව්‍යාජ විපක්ෂයකි. ඔවුන් ඉරානයට එරෙහි යුද්ධයට සහ එහි රජය පෙරලා දැමීමට සහාය දක්වයි. යුද ධාවනය වේගවත් වන විට, දැවැන්ත මිලිටරි වියදම් පියවරයන් සම්මත කර ගැනීම සහතික කිරීමට ඩිමොක්‍රටික් නායකයෝ කටයුතු කළහ. ICE මර්දනය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා පැනනැඟුණු විට, ඩිමොක්‍රටික් නිලධාරීහු ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණියහ.

ඩිමොක්‍රටික් පක්ෂයේ සහයෝගීතා උන්මාදයට නිව්යෝර්ක් නගරාධිපති සහ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සාමාජික සොහ්රාන් මම්දානි ද ඇතුළත් වේ. යුද්ධයට පෙර මාස කිහිපය තුළ ට්‍රම්ප් හමුවූ ඔහු , බෝම්බ ප්‍රහාරය ආරම්භ වීමට දින දෙකකට පෙර එක් වරක් ඇතුළුව දෙවරක් හමුවිය. 

ට්‍රම්ප්ට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. මාධ්‍යයට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත.  ඩිමොක්‍රටික් පක්ෂයට ද මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. නමුත් යුද්ධය අභ්‍යන්තර අර්බුද අඩු කිරීමට වඩා ඒවා තීව්‍ර කරමින් පවතී. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භයේ සිටම විශාල ලෙස ජනප්‍රියත්වයෙන් තොරය. යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක ක්ෂණික හා දරුණු වී ඇති අතර, ඉහළ යන තෙල් මිල ද ඊට ඇතුළත් ය. ගැටුමේ මුල් දින හය තුළ පමණක් වැය කරන ලද ඩොලර් බිලියන 11.3, සමාජ වැඩසටහන් වලට ගෙවනු ලබන සමාජ සම්පත් දැවැන්ත ලෙස යුද්ධයට හරවා යැවීමක් නියෝජනය කරයි. යුද්ධය පුළුල් වන විට සහ මරණ සංඛ්‍යාව වැඩි වන විට විරුද්ධත්වය වර්ධනය වනු ඇත.

2003 දී ඉරාක යුද්ධය ආරම්භයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය:

“ආරම්භ වී ඇති ගැටුමේ ආරම්භක අවධීන්හි ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට ව්‍යසනය මුනගැසෙනු ඇත. එයට ලෝකය ජය ගත නොහැක. එයට මැද පෙරදිග ජනතාව මත යටත් විජිත විලංගු නැවත පැටවිය නොහැක. යුද්ධයේ මාධ්‍යය හරහා එහි අභ්‍යන්තර රෝග සඳහා ශක්‍ය විසඳුමක් සොයා ගැනීමට එයට නොහැකි වනු ඇත. ඒ වෙනුවට, යුද්ධයෙන් ජනනය වන අනපේක්ෂිත දුෂ්කරතා සහ නැගී එන ප්‍රතිරෝධය ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තීව්‍ර කරනු ඇත.”

එම සටහන ලියා දශක දෙකකට වැඩි කාලයක් තුළ, ඇමරිකානු සමාජයේ “අභ්‍යන්තර රෝග” ඉස්මත්තට පැමිණ ඇත. ධවල මන්දිරයේ මැර කල්ලි නායකයා වන ට්‍රම්ප්ම මෙම යථාර්ථයේ නිෂ්පාදනයක් සහ පුද්ගලාරෝපණයකි. ඉරානයට එරෙහි යුද්ධය, එහි සියලු කුරිරු අපරාධකාරීත්වය මෙන්ම එය ක්‍රියාත්මක කරන ආණ්ඩුවද හරහා, විනාශය කරා වේගයෙන් ගමන් කරන ධනේශ්වර කතිපයාධිකාරීත්වයක් සහ සියලු දේශපාලන සුජාතභාවය අවසන් කරන සමාජ පිළිවෙලක් හෙළිදරව් කරයි.

අර්බුදයේ පරිමාණය රජයේ වඩ වඩාත් නොසැලකිලිමත් ක්‍රියාමාර්ගවලට හේතු වේ. මිනියාපොලිස් හි ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමේදී ප්‍රකාශ වූ ඒකාධිපතිත්වය සඳහා වූ කුමන්ත්‍රණය දිගටම පවතී. ඉරානය සම්බන්ධයෙන් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ “කිසිවක් මේසයෙන් පිටත නැත” යනුවෙනි–ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවක් ඇති රජයකින් පිටවන වාක්‍ය ඛණ්ඩයක් එහි වචනාර්ථයෙන්ම  ගත යුතුය.

නමුත් යුද්ධය සහ ඒකාධිපතිත්වය විසින් ඇති කරන එම ප්‍රතිවිරෝධතාම පන්ති ගැටුම් ද තීව්‍ර කරයි. යුද්ධය 2026 මුල් මාසවල පුපුරා ගිය අරගලවල අන්තර්ගතය වෙනස් නොකරයි. එය ඒවාට වැඩි හදිසි බවක් ලබා දෙයි. කොලරාඩෝ හි ග්‍රීලි හි JBS කම්හලෙන් දැන් ආරම්භ වන වැඩ වර්ජනය කම්කරු පන්තිය තුළ විරුද්ධත්වය ගැඹුරු වෙමින් හා පුළුල් වෙමින් පවතින බවට බලගතු ඇඟවීමකි.

අවශ්‍ය වන්නේ වැටුප්, සූරාකෑම, අසමානතාවය  සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ මෙම අරගල, ඒකාධිපතිත්වයට එරෙහි සටන සහ උත්සන්න වන හා විනාශකාරී යුද්ධයට එරෙහි විරෝධය සමඟ ඒකාබද්ධ කිරීමයි.

මෙය, ක්‍රමානුකූලව වැඩ වර්ජන හුදකලා කිරීමට, විරුද්ධත්වය මර්දනය කිරීමට සහ රාජ්‍යයේ සහ සංගතවල අවශ්‍යතාවලට කම්කරුවන් යටත් කිරීමට කටයුතු කරන ඩිමොක්‍රටික් පක්ෂය, ආයතනික මාධ්‍ය හෝ වෘත්තීය සමිති යාන්ත්‍රණය හරහා කළ නොහැකිය. ඒ සඳහා නිලධාරිවාදයේ ග්‍රහණයෙන් මිදීම සහ කලාප සහ දේශසීමා හරහා සම්බන්ධ වී ඇති සෑම වැඩබිමකම සහ කර්මාන්තයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

කම්කරු පන්තියේ මෙම ස්වාධීන බලය සංවිධානය කිරීමේ මාධ්‍යයක් ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටු වළ ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) පුළුල් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කර සිටී. යුද්ධයට එරෙහි සටන එය නිපදවන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකිය. විකල්පය වන්නේ ම්ලේච්ඡත්වය ( යුද්ධය, මර්දනය සහ සමාජ විනාශය) හෝ සමාජවාදයයි: එනම්, බලය ලබා ගැනීමට, යුද යන්ත්‍රය විසුරුවා හැරීමට, කතිපයාධිකාරී පාලනය අවසන් කිරීමට සහ පුද්ගලික ලාභය නොව මානව අවශ්‍යතාවයේ පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම සිදු කළ යුතුව පවතී.

ඉරානයට එරෙහි යුද්ධය පන්ති අරගලය තීව්‍ර කරනු ඇත Read More »

Scroll to Top