politics & economics

Gen-Z

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 1 කොටස

සංජය ජයසේකර විසිනි.

ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන අර්බුදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය විභාග කරන ලිපි මාලාවක 1 කොටස අපි මෙහි පළ කරමු. මෙම කොටස 2025 නොවැම්බර් 06 වන දින theSocialist.lk වෙබ් අඩවියේ The Gen-Z Uprisings and the Crisis of Leadership: Permanent Revolution against ‘Leaderless’ movements and ‘Left Populism’ – Part 1 යන සිරසින් ඉංග්‍රීසි බසින් පළ කෙරුණි. 

Gen-Z
“Gen Z” Madagascar supporters wave the skull and crossbones flag during a gathering at May 13 Square in Antananarivo, Madagascar, Saturday, Oct. 18, 2025. [AP Photo/Brian Inganga]

ඩකා වීදිවල සිට නයිරෝබි දක්වා, කොළඹ සිට කත්මණ්ඩු දක්වා, මැනිලා සිට පැරණි යටත් විජිත ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම—මොරොක්කෝවේ සිට පේරු දක්වා, මැඩගස්කරයේ සිට ඉදිරියට—තරුණයින් විසින් මෙහෙයවන ලද නැගිටීම් රැල්ලක් 2022 සහ 2025 අතර කාලය තුළ ගෝලීය ධනවාදී ක්‍රමය  සොලවා ඇත. මෙම ව්‍යාපාර ඔවුන්ගේ පරිමාණය, සටන්කාමීත්වය සහ පෙනීමට ඇති ස්වයංසිද්ධතාවයෙන් ගෝලීය අවධානය දිනා ගෙන ඇත. 2024 සැප්තැම්බර් මාසයේදී, බංග්ලාදේශයේ, ප්‍රධාන වශයෙන් කෝපාවිෂ්ඨ තරුණයින් මිලියන ගණනක්, අගමැතිනි ෂෙයික් හසීනාගේ ඉල්ලා අස්වීම ඉල්ලා පෙළපාලි ගියහ1. කෙන්යාවේ, යටත් විජිත බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු විශාලතම සහ වඩාත්ම තිරසාර විරෝධතා ව්‍යාපාරය 2024 ජුනි මාසයේ2 සිට පසුගිය ඔක්තෝම්බරය දක්වා පැවැත්විණි. පසුගිය මාසයේ, ජෙනරේෂන් ඉසෙඩ් (ජෙන්-Z යනු ආසන්න වශයෙන් 1997 සහ 2012 අතර උපත ලැබූ ජන කණ්ඩායමයි) විරෝධතාකරුවන් ජනාධිපතිගේ යෝජිත කප්පාදු නීතිය හේතුවෙන් පාර්ලිමේන්තුවට කඩා වැදී  ජනාධිපති විලියම් රූටෝගේ රජය බිඳවැටීමේ අද්දරට ගෙන ආහ. 2022 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ තරුණයින් විසින් ගාලු මුවදොර පිටිය අත්පත් කර ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලවා හරිනු ලබිණි. පසුගිය සැප්තැම්බර් මාසයේදී මාරාන්තික වීදි සටන් මධ්‍යයේ නේපාලයේ රජය පෙරළා දැමිණි. පසුගිය මාසයේ, පිලිපීනය දශක දෙකකින් එහි විශාලතම විරෝධතා දුටු අතර, ඔක්තෝබර් 14 වන දින, මහජන බලමුලු ගැන්වීමකින් ඉක්බිතිව සිදු වූ මිලිටරි මැදිහත්වීමකින් පසුව මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා බලයෙන් පහ කරන ලදී. ගාසා තීරයේ සියොන්වාදී ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව සහ එක්සත් ජනපදයේ ජනාධිපති ඒකාධිපතිත්වයක් සඳහා සූදානම් වෙමින්  ලොව පුරා  ආක්‍රමණකාරීත්වයක් දිගේලි කරන ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව, දස දහස් ගණනකගේ මහා විරෝධතා රැලි සිය ගණනක්  මෙම ව්‍යාපාර හා සමකාලීන විය.

බංග්ලාදේශයේ දී, බටහිර අධිරාජ්‍යවාදය සමඟ සමීප සබඳතා ඇති බැංකුකරුවෙකු වන මුහම්මද් යූනුස් හමුදාව විසින් පත් කරන ලද අතර, ඔහු වහාම “ශක්තිමත් හා දුරදිග යන ආර්ථික ප්‍රතිසංස්කරණ” ප්‍රකාශයට පත් කළේය—එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු සඳහා විනිවිද පෙනෙන කේතයකි. එක්සත් ජනපදයේ  “නේටෝ නොවන ප්‍රධාන සගයෙකු” ලෙස නම් කරන ලද කෙන්යාවේ දී, ජනතා වීරයා ලෙස පෙනී සිටි අභාවප්‍රාප්ත විපක්ෂ නායක රයිලා ඔඩින්ගා, විරෝධතාකරුවන් විරුද්ධ වූ ප්‍රතිපත්තින්ට සර්ව සමාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රූටෝගේ රජය සමඟ අත්වැල් බැඳගත්තේය. ශ්‍රී ලංකාවේ නැගිටීම, පොලිස් රාජ්‍ය මර්දනය භාවිතා කරමින් කප්පාදුව අනුකම්පා විරහිතව ක්‍රියාත්මක කළ IMF ගැති ආවතේවකාර රනිල් වික්‍රමසිංහ වෙත බලය ලබා දුන්නේය. නේපාලයේ විරෝධතා, හමුදාව විසින් ගසාකනු ලැබුවේ, සියලුම දේශපාලන පක්ෂ පසෙකට කර ලමින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කිගේ නායකත්වයෙන් යුත් තාක්ෂණික(technocratic) අන්තර්කාලීන රජයක් ස්ථාපිත කිරීම සඳහා ය.

මෙම අරගලවලදී තම ජීවිත පරදුවට තැබූ මිලියන සංඛ්‍යාත තරුණයින් සඳහා ඒවායේ ප්‍රතිඵල විනාශකාරී පාවාදීම් නිරූපනණය කරයි. කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව මුහුණ දෙන මූලික ප්‍රශ්න තවමත් විසඳී නොමැත: තරුණයින්ට රැකියා, අධ්‍යාපනය සහ යහපත් අනාගතයක් සුරක්ෂිත කර ගන්නේ කෙසේද? වඩ වඩාත් ඒකාධිපතිවන  පාලන තන්ත්‍රයන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේද? අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයේ ග්‍රහණය බිඳ දැමිය හැක්කේ කෙසේද? ඉතාමත් හදිසි ප්‍රශ්නය වන්නේ, එක්සත් ජනපදය සහ නේටෝව රුසියාවට සහ චීනයට එරෙහිව විනාශකාරී යුද්ධ සඳහා සූදානම් වෙද්දී, ධනේශ්වර බලවතුන්ගේ අවශ්‍යතාවලට පමණක් සේවය කරන මෙම ගැටුම්වලදී වෙඩි උන්ඩ බවට පත්වීමෙන් කම්කරු පන්තිය සහ තරුණයින් වළක්වා ගන්නේ කෙසේද? යන්නයි.

පිළිතුර පවතින්නේ ව්‍යාජ-වාම සංවිධාන විසින් ප්‍රවර්ධනය කරන ලද “නායකත්වයක් නොමැති”—එනම්, මූලික වශයෙන් අධිරාජ්‍යවාදී ගැති සහ ධනේශ්වර ගැති—මිථ්‍යා කථා තුළ හෝ, මහජන කෝපය එක් ධනේශ්වර කන්ඩායමක සිට තවත් ධනේශ්වර කන්ඩායමකට සහාය වීම දක්වා යොමු කරන දූෂණ විරෝධී රාමු තුළ නොවේ. මෙම ව්‍යාපාර, ඒවායේ විප්ලවීය විභවය තිබියදීත්, ධනවාදය ආරක්ෂා කරන බලවේග විසින් ක්‍රමානුකූලව පැහැරගෙන ඇත්තේ මන්දැයි තේරුම් ගැනීම එයට අවශ්‍ය වේ. එය ලියොන් ට්‍රොට්ස්කි විසින් ඔහුගේ නොනවතින විප්ලව න්‍යාය තුළ ස්ථාපිත කරන ලද සහ දශක ගණනාවක ස්ටැලින්වාදී, මාඕවාදී සහ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) විසින් ආරක්ෂා කරන ලද න්‍යායික පදනම් වෙත නැවත පැමිණීමක් ඉල්ලා සිටී. සියල්ලටත් වඩා, එය විප්ලවවාදී නායකත්වය යටතේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් ඉල්ලා සිටී—එනම් ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය කිරීමට සෑම රටකම ICFI හි ශාඛා ගොඩනැගීමයි.

ගෝලීය ජෙන්-Z නැගිටීම් සහ ඒවායේ පාවාදීමේ ප්‍රතිඵල

2022-2025 ජෙන්-Z විරෝධතා ව්‍යාපාර මහාද්වීප හරහා කැපී පෙනෙන ලෙස සංගත රටාවක් අනුගමනය කරමින්, හුදකලා ජාතික සංසිද්ධීන් නොව ධනවාදයේ තනි ගෝලීය අර්බුදයක ප්‍රකාශනයන් හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ 2022 අත්දැකීම අච්චුව සපයන ලදී. 2022 අප්‍රේල් සහ ජූලි අතර, අහස උසට නැඟෙන මිල ගණන්, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, පොහොර කප්පාදුව සහ බෝග විනාශය සහ ඖෂධ හිඟය ජීවිතය දරාගත නොහැකි තත්වයකට පත් කළ විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බැස ගති. COVID-19 වසංගතය සහ යුක්රේනය තුළ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධයෙන් ඇති වූ ආර්ථික බාධාව ගෝලීය සැපයුම් දාමයන් විනාශ කර තිබුණි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත බිඳ වැටුණු අතර, රජයට එහි ණය ගෙවීම පැහැර හැරීමට සහ අත්‍යවශ්‍ය ආනයන නතර කිරීමට සිදුවිය.  ජනාධිපති රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට—”ගෝඨා ගෙදර යනු”—සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් වන සියලු දෙනා ඉවත් කළ යුතු බවට ඉල්ලීම් සමඟ මහජන විරෝධතා පුපුරා ගිය අතර, එහිදී ග්‍රාමීය හා නාගරික දුප්පතුන්ගෙන් මිලියන ගණනක් විවිධ ජනවාර්ගික කණ්ඩායම් හරහා සහභාගී වූහ (අරගලවලට රටේ උතුරේ යාපනයේ තරුණයින්ගෙන් සහ උඩරට වතු කම්කරුවන්ගෙන් බොහෝ දුරට සහයෝගය ලබා ගත නොහැකි වූයේ, ප්‍රධාන වශයෙන් දකුණේ කිසිදු පාලන තන්ත්‍ර වෙනසක් ඔවුන්ගේ කිසිදු මූලික ගැටලුවක් විසඳනු ඇතැයි ඔවුන් නොදුටු නිසා මිස අත්‍යවශ්‍යයෙන්ම, එම ප්‍රජාවන් තුළ ක්‍රියාත්මක වන අපකීර්තිමත් ධනේශ්වර දෙමළ ජාතිකවාදීන්ගේ සහ වෘත්තීය සමිති නිලධරයෙ ජීවග්‍රහණය නිසා නොවේ). අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල සීමිත එක්දින මහා වැඩවර්ජන දෙකක් කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරුණු අතර, එය කම්කරු පන්තිය මැදිහත් වන විට එහි දැවැන්ත බලය පෙන්නුම් කළේය. රාජපක්ෂට 2022 ජූලි 13 වන දින රටින් පලා යාමට සිදුවිය.

නමුත් ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය වෘත්තීය සමිති නිලධාරීන්, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP), ජනතා විමුක්ති පෙරමුණේ (JVP) තරුණ  බලල් අත්, සහ ගාලු මුවදොර පිටියේ මධ්‍යම පන්තික කණ්ඩායම් අත පැවතුනි. මොවුන් සියල්ල කම්කරු පන්තිය ධනේශ්වර පාලනය ආරක්ෂා කරන සංක්‍රාන්තික “අන්තර්කාලීන රජයක්” සඳහා වන ඉල්ලීම් වලට යටත් කළේය. මේ අනුව, කම්කරු විරෝධය මැඩපැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය මහජන සේවා පනත ඇතුළු කුරිරු නීති භාවිතා කරමින්, IMF හි කප්පාදු වැඩසටහන යකඩ හස්තයකින් ක්‍රියාත්මක කළ වික්‍රමසිංහ බලයට පත් කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඒ අවස්ථාවේ අනතුරු ඇඟවූයේ: “කම්කරු පන්තියේ විමුක්තිය කම්කරුවන්ගේම කාර්යයයි” සහ “පවතින සමාජ ක්‍රමය තුළ දැවැන්ත සමාජ ගැටලුවලට විසඳුමක් නොමැති අතර ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීම අවසන් කළ නොහැක” යනුවෙනි. කෙසේ වෙතත්, සසපයේ බලවේග සීමිත වූ අතර, මහා වැඩ වර්ජනයක් බලමුලු ගැන්වීමට සහ මහජන නැගිටීම කම්කරු බලය සඳහා අරගලයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය මහජන විප්ලවවාදී නායකත්වය සැපයීමට ඒ  වනවිට පක්ෂයට නොහැකි විය. දශක ගණනාවක් තිස්සේ ස්ටැලින්වාදය, මාඕවාදය සහ ජාතිකවාදී වෘත්තීය සමිති නිලධරයන් සහ හතරවන ජාත්‍යන්තරය තුළ පැබ්ලෝවාදය විසින් සිදු කරන ලද පාවාදීම්, කම්කරු පන්ති විඥානය ක්‍රමානුකූලව අඩපණ කර තිබූ අතර, එමඟින් පක්ෂය දුරස්ථභාවී (alienation) වීමට පීඩනය යෙදුනෙන්, කම්කරු පන්තිය, තරුණයින් සහ මධ්‍යම පන්තියේ පීඩිත ස්ථර එක්සත් විප්ලවවාදී ප්‍රහාරයක් සඳහා මෙහෙයවිය හැකි මහජන ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් මතුවීම වැළැක්වීය.

බංග්ලාදේශයේ 2024 හි පුපුරන සුලු සතිවලට ලංකාවේ අත්දැකීමට සමාන රූපී වූ සම්පීඩිත ගමන් පථයක් දක්නට ලැබුණි. ජූලි මාසයේදී, වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන් (Students against Discrimination) යටතේ සංවිධානය වූ විශ්ව විද්‍යාල සිසුන් ප්‍රතිගාමී රැකියා කෝටා ක්‍රමයට විරෝධය දැක්වීමට පටන් ගත්හ. පොලිසිය, හමුදා ඒකක සහ සිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ අවාමි ලීග් මැරයන් මුදා හරිමින් මිනීමරු ප්‍රචණ්ඩත්වයෙන් හසීනාගේ රජය ප්‍රතිචාර දැක්වූ විට විරෝධතා නාටකාකාර ලෙස උත්සන්න විය. අගෝස්තු මුල වන විට, මිලියන ගණනක් ඩකා වෙත පෙළපාලි යමින් සිටියේ, කෝටා ක්‍රමය කෙරෙහි කෝපය නිසා පමණක් නොව, දැවෙන දරිද්‍රතාවය, දැවැන්ත අසමානතාවය සහ බිලියන ගණනින් අපනයන ආදායම් නිපදවන ඇඟලුම් කර්මාන්තයේ අනුකම්පා විරහිත සූරාකෑම  ආදිය කෙරෙහි ගොඩ ගැසුණු කෝපාග්නියෙනි. නැගිටීම පාලනය කිරීමට අසමත් වූ මිලිටරිය අගෝස්තු 05 දින හසීනාට ඉල්ලා අස්වී ඉන්දියාවට පලා යාමට බල කළේය.

මිලිටරිය වහාම යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්කාලීන පරිපාලනයක් ස්ථාපිත කළේය. ඔහුගේ “එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ සමීප සම්බන්ධතා” ප්‍රධාන ධාරාවේ වාර්තාකරණයේදී පවා අවධාරණය කෙරුණි. වාම ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ (Left Democratic Alliance) කාණ්ඩ ගැසී සිටි ස්ටැලින්වාදී පක්ෂ සහ බංග්ලාදේශ ජාතික පක්ෂය (Bangladesh National Party) ඔහුට ඔවුන්ගේ පූර්ණ සහයෝගය පොරොන්දු විය. මෙම පෙරළිය පුරාවටම, බංග්ලාදේශ කම්කරු පක්ෂය (Workers Party of Bangladesh) ඇතුළු වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම බලවේග, කම්කරු පන්තිය තමන්ගේම වැඩසටහනක් සමඟ ස්වාධීන බලවේගයක් ලෙස මැදිහත් වීම වැළැක්වීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කළහ3. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) නිවැරදිව විශ්ලේෂණය කළ පරිදි: “කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවලට එක් විය. කෙසේ වෙතත්, ඔවුන් එසේ කළේ පන්තියක් ලෙස වැඩ වර්ජන සහ පන්ති අරගලයේ වෙනත් ආයුධ භාවිතා කරමින් සහ තමන්ගේම ඉල්ලීම් ඉදිරියට ගෙන යාමෙන් නොව පුද්ගලයන් ලෙසය.”

කෙන්යාවේ ජෙන්-Z කැරැල්ල 2024 ජුනි-අගෝස්තු මාසවල සිදු වුනු අතර, එය මෙම ව්‍යාපාර අතරින් සමහර විට දේශපාලනිකව වඩාත්ම ඉදිරියට ගිය එකක් විය. තරුණ විරැකියාව සියයට 67 දක්වා ළඟා වීම, 2024 මූල්‍ය පනත් කෙටුම්පතින් IMF විසින් නියම කරන ලද බදු වැඩි කිරීම් සමඟ ඒකාබද්ධව, ජනාධිපති විලියම් රූටෝගේ ඉල්ලා අස්වීම ඉල්ලා මහජන විරෝධතා ඇවිලවීය. කෙන්යානු පාලක පන්තිය දශක ගණනාවක් තිස්සේ කම්කරු පන්තිය දුර්වල කිරීම සඳහා අවුලුවා ඇති ගෝත්‍රික බෙදීම් ඉක්මවා මෙම ව්‍යාපාරය ගමන් කළේය4. ජුනි 25 “ලේවැකි අඟහරුවාදා” දින, විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදුණු විට පොලිසිය වෙඩි තැබූ අතර, ඉන් දුසිම් ගනනක් මිය ගියහ. නැගිටීමෙන් 60 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ආරක්ෂක හමුදා විසින් බොහෝ දෙනෙකු පැහැර ගන යන   ලදී.

Kenya Gen-Z
Protesters scatter as Kenya police spray water cannon at them during a protest over proposed tax hikes in a finance bill in downtown Nairobi, Kenya, June. 25, 2024. [AP Photo/Brian Inganga]

රූටෝ උපායශීලීව මුදල් පනත ඉල්ලා අස්කර ගත් නමුත් මෙම සහනය පාලක පන්තිය අතර යටින් පැවති කුමන්ත්‍රණය හෙළිදරව් කෙරුණි. අගෝස්තු මාසයේදී, විපක්ෂය ලෙස පෙනී සිටි රයිලා ඔඩින්ගාගේ ඔරේන්ජ් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (Orange Democratic Movement-ODM) රූටෝගේ රජයට එක් විය5. ෆ්‍රැන්සිස් අටෝලිගේ නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති මධ්‍යම සංවිධානය (Central Organisation of Trade Unions-COTU) සහ බලගතු ක්‍රිස්තියානි සහ මුස්ලිම් පූජක පක්ෂය මෙම සභාග රජයට සහාය දැක්වූහ. ඉනික්බිති ද කප්පාදු ප්‍රතිපත්ති දිගටම පවතී; කෙන්යානු ඉතිහාසයේ පළමු වතාවට සිවිල් විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව යොදවා ගැනුණි; බයිඩන් පරිපාලනය විසින් එම රට එක්සත් ජනපදයේ “නේටෝ නොවන ප්‍රධාන සගයෙකු” ලෙස නම් කරන ලද අතර, එය චීනය සමඟ යුද්ධය සඳහා වොෂින්ටනයේ සූදානමේ ප්‍රොක්සි (නියෝජිත) බලවේගයක් ලෙස ස්ථානගත කරන ලදී.

ගුරුවරුන්, ප්‍රවාහන සේවකයින්, සෞඛ්‍ය සේවකයින් සහ සිවිල් සේවකයින්ගේ පසුව ඇති වූ වැඩ වර්ජන රැල්ල කම්කරු පන්තියේ බලය සඳහා ඇති විභවය පෙන්නුම් කළේය. එහෙත් COTU සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී-කෙන්යාව) (Communist Party Marxist Kenya-CPM-K) මෙම වැඩ වර්ජන පාලන තන්ත්‍රයට දේශපාලන අභියෝගයක් බවට පෙරළීම වැළැක්වීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ අතර, ඒ වෙනුවට “දේශපාලනයක් එපා” සහ “නායකත්වයක් නොමැති” සංවිධානයක් අවධාරනය කරමින් ධනේශ්වර බලවේග සඳහා ක්ෂේත්‍රය විවෘත කළේය6.

2025 සැප්තැම්බර් නේපාලයේ සහ පිලිපීනයේ නැගිටීම් තහවුරු කළේ මෙම රටාව ආසියාව පුරා පැතිරී ඇති බවයි. නේපාලයේ, සමාජ මාධ්‍ය වේදිකා 26 ක් තහනම් කිරීම සහ, බොහෝ දෙනා නැරඹූ වීඩියෝ හරහා හෙළිදරව් කරන ලද දේශපාලනඥයන්ගේ දරුවන් වන “නෙපෝ ළමයින්ගේ” සුඛෝපභෝගී ජීවන රටාවන් පිළිබඳ ගැඹුරු අමනාපයෙන් ඇති වූ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් 51 දෙනෙකු මිය ගියහ. හිටපු අගමැතිවරුන් ඇතුළු ප්‍රමුඛ දේශපාලනඥයන්ගේ නිවාස විනාශ කර ගිනි තබන ලදී. පාර්ලිමේන්තුවට කඩා වැදී පුළුස්සා දමන ලදී. අගමැති කේ.පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට බල කෙරුනි; නමුත් එහි ප්‍රතිඵලය වූයේ කාර්කිගේ නායකත්වයෙන් යුත් තාක්ෂණික අන්තර්කාලීන රජයක් වන අතර, හමුදාව තිරය පිටුපස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. WSWS වාර්තා කළ පරිදි, හමුදා මාණ්ඩලික ප්‍රධානී අශෝක් රාජ් සිග්ඩෙල් “දේශපාලන විසඳුමක් සොයාගත නොහැකි වුවහොත් හමුදාවට හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට බල කෙරෙනු ඇති බවට” අනතුරු ඇඟවීම, පක්ෂ නායකයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා එකඟ වීමට බල කළේය.

දශක දෙකක් තුළ එහි විශාලතම පෙලපාලි අත් දුටු පිලිපීනයේ, සැප්තැම්බර් 21 වන දින—ෆර්ඩිනන්ඩ් මාකෝස් (ජේෂ්ඨ) යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ 53 වන සංවත්සර දින—මැනිලා නුවරදී 100,000 ක් දෙනා පෙළපාළි ගියහ7. ගංවතුර පාලන යටිතල පහසුකම්වල දැවැන්ත දූෂණයන්, එනම් නිලධාරීන්ට අල්ලස් සහ වංචනික කොන්ත්‍රාත්තු හරහා බිලියන ගණනක් සොරකම් කිරීම හෙලිදරව් වීමෙන් විරෝධතා ඇති විය. එහෙත් මෙම විරෝධතාවල දේශපාලන ස්වභාවය “සැලකිය යුතු ලෙස මධ්‍යම පන්තික” විය. ස්ටැලින්වාදී සංවිධානයක් වන බයාන් (BAYAN) සහ ව්‍යාජ වාම අක්බයාන් (Aknayan)  පක්ෂය වෙනම පෙළපාලි මෙහෙයවූ අතර, ඒ දෙකම චීනයට සතුරු ධනේශ්වර කන්ඩායම් සමඟ වඩ වඩාත් පෙලගැසී වොෂින්ටනයේ යුද සූදානමට ඒකාබද්ධ විය. ජනාධිපති මාකෝස් (කනිෂ්ඨ) විරෝධතා “සාමකාමී වන තාක් කල්” ඒ සඳහා තම සහයෝගය ප්‍රකාශ කරමින්, එහි පාලනයට සැබෑ තර්ජනයක් එල්ල වීමෙන් වළකාලීමට උත්සාහ කළේය.

මැඩගස්කරයේ (2025 ඔක්තෝබර්) බලහත්කාරයෙන් ඉවත් කල ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා ප්‍රංශ හමුදා ගුවන් යානයක් මගින් රහසේ රටින් පැන යාමත් සමඟ මෙම රටාවේ වඩාත්ම නාටකාකාර ප්‍රකාශනය පෙන්නුම් කළේය.  ජනගහනයෙන් සියයට 75 ක් දිනකට යුරෝ 0.80 ට වඩා අඩු ආදායමක් ලබන රටේ සැප්තැම්බර් අග දී බල පැවැත් වුණු නිදන්ගත විදුලිය සහ ජල හිඟය මුල් කොටගෙන නැගිටීම පුපුරා ගියේ ජෙන්-Z මාඩා (Gen Z Mada) සංවිධානය  නායකත්වය සපයන ලද විරෝධතා ඇවිලී යාමත් සමඟ ය. සැප්තැම්බර් 25 වන දින විරෝධතාවක් සැලසුම් කළ නගරයේ දේශපාලනඥයන් දෙදෙනෙකු බලධාරීන් අත්අඩංගුවට ගත් විට, විරෝධතා දිවයින පුරා වේගයෙන් පැතිර ගියේය. පාලන තන්ත්‍රය මිනීමරු මර්දනයකින් ප්‍රතිචාර දැක්වීය: අවම වශයෙන් 22 දෙනෙකු මරා දැමුණි; සිය ගණනකට තුවාල කෙරුණි; සවස් යාමයේ සිට අලුයම දක්වා ඇඳිරි නීතිය පැනවුණි; සහ අර්බුදය ගැඹුරු කළ මංමුලා සහගත මිලිටරිකරණ පියවරක් වශයෙන් ඔක්තෝබර් 6 වන දින ජෙනරාල් සෆිසම්බෝ අගමැති ධුරයට පත් කෙරුණි.

ඔක්තෝබර් 14 වන දින, රාජොයිලිනා බලයට පත්වීමට 2009 දී සහාය දුන් CAPSAT හමුදා ඒකකය, සම්බන්ධීකරණ කරන ලද මැදිහත්වීමක් හරහා ඔහුව පෙරලා දැමීය. කර්නල් මයිකල් රැන්ඩ්‍රියනිරිනා, ජාතික සභාව පවත්වාගෙන යන අතර සෙනෙට් සභාව සහ ඉහළ ව්‍යවස්ථා අධිකරණය විසුරුවා හැරීම නිවේදනය කරමින්, මූලික වශයෙන් කුමන්ත්‍රණයක් වූ දෙයට ව්‍යවස්ථාමය ආවරණයක් ලබා දුන්නේය. වඩාත්ම හෙළිදරව්කාරක කාරණාව වූයේ ප්‍රංශ අධිරාජ්‍යවාදයේ සෘජු භූමිකාවයි: ඔක්තෝබර් 12 වන දින, පැරිසිය සමඟ සම්බන්ධීකරණය කරන ලද සහ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අනුමත කරන ලද මෙහෙයුමකදී රාජොයිලිනා ප්‍රංශ ගුවන් යානයකින් පලා ගියේය. ඔහුගේ පලායාමට පහසුකම් සැලසූ සමාගම වන TOA Aviation, පලාගිය මෝටර් රථ ව්‍යපාර ප්‍රධානී රෙනෝල්ට් හි ප්‍රධාන විධායක නිලධාරී කාලෝස් ගොස්න්ට ජපානයෙන් නීති විරෝධී ලෙස ගුවනින්  පැන යාමට ඉඩ සැලසූ එම සමාගම ම විය. මැක්‍රොන් මර්දනය හෙළා දැක්කේ නැතිමුත් “ව්‍යවස්ථාමය පටිපාටිය” අවධාරණය කළ අතර, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නොව මැලගසි බලශක්ති, විදුලි සංදේශ සහ දුර්ලභ පෘථිවි ඛනිජ කෙරෙහි ප්‍රංශ මූලෝපායික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ප්‍රංශයේ උත්සුකය හෙළි කළේය.

වෘත්තීය සමිති පනහකින් පමණ සමන්විත මැලගසි වෘත්තීය සමිති සහයෝගිතා සාමූහිකය, 2022 සිට කැටි කරන ලද වැටුප් වැඩිවීම් සහ  රාජොයිලිනාගේ ඉල්ලා අස්වීම ඉල්ලා මහා වැඩ වර්ජනයක් කැඳවූ අතර, පල්ලියෙන් සහ ප්‍රාදේශීය ප්‍රභූන්ගෙන් “සාකච්ඡාවක්” ඉල්ලා සිටියේය. විරුද්ධ පක්ෂ වන ෂෛක ඉ මඩගසිකාරා(Tiako i Madagasikara-TIM) සහ මැලගසි මියාරා-මියායින්ගා (Malagasy Miara-Miainga-MMM) තමන් විකල්ප ලෙස ස්ථානගත වූහ. මෙය අත්‍යවශ්‍යයෙන්ම අවස්ථාවාදී භූමිකාවක් වූ අතර, “ධනවාදයේ අත්තිවාරම් ආරක්ෂා කරන අතරම මහජන කෝපය ආයතනික සාකච්ඡා වල පටු රාමුවට සිර කළේය.”8 මිලිටරි මැදිහත්වීමේ අරමුණ වූයේ ධනේශ්වර පටිපාටිය ආරක්ෂා කිරීම සහ අධිරාජ්‍යවාදයේ සහ ජාතික ධනේශ්වරයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමයි. එය, “හමුදාවේ කියාපාන මධ්‍යස්ථභාවය හෝ සහයෝගය, මහජන බලමුලු ගැන්වීම නිෂ්ක්‍රීය කිරීමට, ධනේශ්වර පටිපාටිය යථා තත්ත්වයට පත් කිරීමට සහ නව ව්‍යාජ මුහුණුවරක් යටතේ ධනේශ්වර ක්‍රමයේ අඛණ්ඩතාව සහතික කිරීමට සේවය කළ,” 2011 දී ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ නිරීක්ෂණය කළ රටාව අනුකරණය කිරීමක් විය. 

මෙම සියලු උද්ඝෝෂන ව්‍යාපාර හරහා, ඇතැම් ලක්ෂණ කැපී පෙනෙන සංගතතාවයකින් පුනරාවර්තනය වේ: IMF කප්පාදුව සහ ධනේශ්වර බිඳවැටීම මගීන් ධාවනය වන ආර්ථික අර්බුදය සහ නිදන්ගත සමාජ අසමානතාවය; දැවැන්ත තරුණ හා මධ්‍යම පන්තික සහභාගීත්වය; ප්‍රචණ්ඩ රාජ්‍ය මර්දනය; ව්‍යාජ වාම කණ්ඩායම් විසින් “නායකත්වයක් නොමැතිව” සංවිධානය වීම ප්‍රවර්ධනය කිරීම; වෘත්තීය සමිති නිලධරයන් සහ සුලු ධනේශ්වරය මත පදනම් වූ පක්ෂ විසින් ස්වාධීන කම්කරු පන්තියේ දේශපාලන ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව අවහිර කිරීම; සහ අධිරාජ්‍යවාදී  මූලෝ පායික අවශ්‍යතා සඳහා සේවය කරන අතරම මහජනතාවගේ සූරාකෑම තීව්‍ර කරන අවසන් ප්‍රතිඵල.

මතු සම්බන්ධයි…

  1. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘මහජන නැගිටීම් මධ්‍යයේ බංග්ලාදේශ අගමැති ඉන්දියාවට පලා යයි’ (2024 අගෝස්තු 6) ↩︎
  2. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘කෙන්යානු ජනාධිපති රූටෝගේ IMF නියෝග කළ මුදල් පනතට එරෙහිව මහජන විරෝධතා‘ (2024 ජුනි 20) ↩︎
  3. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘බංග්ලාදේශයේ දක්ෂිණාංශික අන්තර්කාලීන රජය තම බලය තහවුරු කර ගැනීමටත්, මහජන කැළඹීම අවසන් කිරීමටත් පියවර ගනී’ (2024 අගෝස්තු 23) ↩︎
  4. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘කෙන්යාවේ ජෙන්-Z කැරැල්ල, වැඩ වර්ජන රැල්ල සහ ස්ථිර විප්ලවය සඳහා අරගලය – 1 කොටස‘ (2024 ඔක්තෝබර් 3) ↩︎
  5. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘කෙන්යාවේ ජෙන්-Z නැගිටීමෙන් වසරක්: සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී උපාය මාර්ගයක අවශ්‍යතාවය’ (2025 ජුනි 24) ↩︎
  6. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘රූටෝගේ නව කෙන්යානු සභාග රජය ප්‍රතික්ෂේප කරන ලද බදු පියවර නැවත ස්ථාපිත කිරීමට යයි.’ (2024 අගෝස්තු 21) ↩︎
  7. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘පිලිපීනයේ දූෂණයට එරෙහිව ප්‍රබල විරෝධතා’ (2025 සැප්තැම්බර් 21) ↩︎
  8. ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘ජෙන්-Z විරෝධතා මධ්‍යයේ මැඩගස්කර ජනාධිපති රාජොයිලිනා ප්‍රංශ ආධාර ඇතිව පලා යයි’ (2025 ඔක්තෝබර් 19)
    ↩︎

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය – 1 කොටස Read More »

IMG 0544

ඔක්ස්ෆෑම්: 2020 සිට ඇමරිකානු බිලියනපතියන් 10 දෙනෙකුගේ ධනය 6 ගුණයකින් වැඩි වී තිබේ

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 නොවැම්බර් 04 දින ‘Oxfam: 10 US billionaires have had their wealth increase 6-fold since 2020යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

සඳුදා, ඔක්ස්ෆෑම් පර්‍යේශන ආයතනය, එක්සත් ජනපදයේ සමාජ අසමානතාවයේ වර්ධනය පිළිබඳ “අසමාන්‍ය: නව ඇමරිකානු කතිපයාධිකාරයක නැගීම” යන මාතෘකාව යටතේ වාර්තාවක් ප්‍රකාශයට පත් කළේය.

“පසුගිය වසර සංකේන්ද්‍රිත ධනය හා බලය මගින් නොමැකෙන ලෙස හැඩගස්වා ඇති” බව වාර්තාව සඳහන් කරයි. පසුගිය මාස 12 තුළ පමණක්, එක්සත් ජනපදයේ ධනවත්ම බිලියනපතියන් 10 දෙනා ආසන්න වශයෙන් තවත් ඩොලර් බිලියන 700  කින් ධනවත් වූ බව පෙන්වන දත්ත එය උපුටා දක්වයි. මෙම කාලය තුළ ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1.79 සිට ඩොලර් ට්‍රිලියන 2.5 දක්වා සියයට 40 කින් විශ්මයජනක ලෙස වර්ධනය විය.

Billionaire
පසුගිය වසරේදී බිලියනපතියන් දස දෙනෙකු ඩොලර් බිලියන 728 කින් ධනය වැඩි කරගෙන ඇත.

ඔක්ස්ෆෑම් වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සිදු වූයේ ට්‍රම්ප් පරිපාලනය ඇමරිකානු පවුල් දස මිලියන ගණනකට ආහාර මුද්දර ප්‍රතිලාභ කප්පාදු කිරීමෙන් දිනකට පසුවය. මෙය සිදු වූයේ එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දැවැන්ත උත්සව ශාලාවක් ගොඩනඟා ගැනීමට ඉදිරියට යද්දී සහ ඔහුගේ බිලියනපති මිතුරන් ඔවුන් සඳහාම සති අන්තයේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේදී “ග්‍රේට් ගැට්ස්බි” තේමාවෙන් යුත් සාදයක් පැවැත්වූ අවස්ථාවේදීය.

ධවල මන්දිරය බල ආසනය ලෙස තබාගෙන සිටින පරපෝෂී කතිපයාධිකාරිත්වයක්  විසින් එක්සත් ජනපදය මත ආධිපත්‍යය දැරීම සැමට දැකගත හැකි පරිදි ප්‍රදර්ශනය කෙරේ.

නමුත් ඔක්ස්ෆෑම් වාර්තාව පැහැදිලි කරන්නේ ට්‍රම්ප් යටතේ සිදු කෙරෙන ධනය ඉහළට යලි බෙදා හැරීම කෙතරම් ප්‍රචණ්ඩකාරී වුවත්, එය දශක ගණනාවක් තිස්සේ පක්ෂ දෙකම [රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික්] විසින් ක්‍රියාත්මක කරන ලද කප්පාදු සහ සංගත-ගැති ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවයි. වාර්තාව ප්‍රකාශ කරන පරිදි, “කතාව 2025 දී ආරම්භ නොවේ.”

ඇමරිකාවේ ධනවත්ම මිනිසුන් 10 දෙනා වෙත හැරෙමින් ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කරන්නේ, “2020 සිට ඔවුන්ගේ උද්ධමනයට ගැලපූ ධනය 526% කින් ඉහළ ගොස් තිබේ.” වෙනත් වචන වලින් කිවහොත්, 2020 මාර්තු සිට වර්තමානය දක්වා, මෙම පුද්ගලයින් 10 දෙනාගේ ධනය සාමූහිකව හය ගුණයකින් වැඩි විය.

2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 33 ක් වූ එලොන් මස්ක්ගේ ධනය එතැන් සිට එය 14 ගුණයක වැඩිවීමකින් ඩොලර් බිලියන 469 දක්වා ඉහළ ගොස් තිබීම මේ සඳහා උදාහරණයක්.

ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිටින ලැරී එලිසන්ගේ ධනය 2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 54 සිට ඩොලර් බිලියන 323 දක්වා හය ගුණයකින් වැඩි විය. ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටින ජෙෆ් බෙසොස්ගේ ධනය 2020 මාර්තු මාසයේදී ඩොලර් බිලියන 126 සිට අද වන විට ඩොලර් බිලියන 265 දක්වා වැඩි විය.

Wealth
එක්සත් ජනපදයේ ජාතික ධනය බෙදී යෑම

වෝල් වීදියේ කොටස් වටිනාකම්වල අඛණ්ඩ සමපේක්ෂන වර්ධනයක් මගින් ධනයේ වැඩිවීම සිදු වේ. ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කළේ, “2025 දී, ෆෙඩරල් මහ බැංකව 1989 දී දත්ත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ දා සිට, ඉහළම සියයට 0.1 සතු වත්කම්වල කොටස වාර්තාගත ඉහළම අගයට (12.6%)  ළඟා වූ අතර, කොටස් වෙළඳපොලේ ඔවුන්ගේ කොටස ද (24%) ද එසේම විය.”

1989 දී, ඉහළම කුටුම්භ සියයට 0.1 ක් ධනයෙන් සියයට 8.6 ක් පාලනය කළ අතර, අද එය සියයට 13.9 කි. ඊට වෙනස්ව, ඇමරිකානු සමාජයේ පහළම සියයට 50 විසින් පාලනය කරන ලද ධනයේ කොටස 1989 දී සියයට 3.5 සිට අද සියයට 2.5 දක්වා පහත වැටී ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, ඇමරිකානු කුටුම්භවලින් ඉහළම සියයට 0.1, එනම් පුද්ගලයින් 100,000 කට වඩා යන්තම් වැඩි ප්‍රමාණයක්, සමාජයේ පහළම ස්ථානයේ සිටින කුටුම්භ මිලියන 64 ට  [ආසන්න වශයෙන් මුලු ජනගහනයෙන් අඩකට] වඩා හය ගුණයක ධනයක් පාලනය කරති.

ඇත්ත වශයෙන්ම, තෝමස් පිකෙටි සහ එමානුවෙල් සායෙස්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඔක්ස්ෆෑම් වාර්තාව සඳහන් කරන්නේ, “ධනවත්ම 0.0001% පිරිස එක්සත් ජනපද ඉතිහාසයේ ආන්තික අසමානතාවයෙන් අර්ථ දක්වා ඇති යුගයක් වන ස්වර්ණමය යුගයට (Gilded Age) වඩා ධනයෙන් වැඩි කොටසක් පාලනය කරන” බවයි.

“ධනවත්ම 1% පිරිස කොටස් වෙළඳපොළෙන් අඩක් (49.9%) හිමිකර ගන්නා අතර, එක්සත් ජනපදයේ පහළ භාගය කොටස් වෙළඳපොළෙන් 1.1% ක් පමණක් හිමිකර ගනී,” යනුවෙන් වාර්තාව තවදුරටත් දක්වයි.

ට්‍රම්ප් පරිපාලනය සමාජ අසමානතාවය දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තාව නිවැරදිව අනතුරු අඟවයි. “ට්‍රම්ප් පරිපාලනය–බොහෝ දුරට කොංග්‍රසයේ රිපබ්ලිකන් පක්ෂයේ සහාය ඇතිව–කම්කරු පන්තික පවුල්වලට අනවරත ප්‍රහාරයක් එල්ල කිරීමට සහ ධනවතුන් සහ තමන්ට හොඳින් සම්බන්ධ වූවන් පොහොසත් කිරීමට තනතුරේ බලය භාවිතා කිරීමට විශ්මයජනක වේගයකින් සහ පරිමාණයකින් පියවර ගෙන ඇති” බවට එය අනතුරු අඟවයි.

“මෑතකදී සම්මත කරන ලද One Big Beautiful Bill Act (OBBBA) මගින් 2027 දී ඉහළම ආදායම් ලබන 0.1% ක බදු බිල ඇස්තමේන්තුගත ඩොලර් 311,000 කින් අඩු කරනු ඇති අතර, වාර්ෂිකව ඩොලර් 15,000 ට අඩු ආදායමක් උපයන අඩුම ආදායම් ලබන කුටුම්භ බදු වැඩිවීම්වලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ,” යනුවෙන් ඔක්ස්ෆෑම් සඳහන් කරයි.

නමුත් ඔක්ස්ෆෑම් වාර්තාව පැහැදිලි කරන පරිදි, දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පැවති ක්‍රියාවලීන්හි පෙර නොවූ විරූ වේගයකින් වේගවත් වීමක් ට්‍රම්ප් පරිපාලනය  සනිටුහන් කරයි. “ප්‍රතිපත්ති සම්පාදකයින් අසමානතාවය තෝරාගෙන ඇති අතර, එම තේරීම්වලට ද්විපාර්ශ්වික සහයෝගය ලැබී තිබේ,” යැයි අධ්‍යයනයේ කතුවරිය වන රෙබෙකා රිඩෙල්, ගාඩියන්  ට පැවසුවාය. “බදු සහ සමාජ ආරක්ෂණ ජාලය කප්පාදු කිරීමේ සිට කම්කරු ගැටළු සහ ඉන් ඔබ්බට පසුගිය වසර 40 තුළ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා සැබවින්ම දෙපාර්ශවයේම සහාය ලැබුණි.”

මෙම තක්සේරුව සත්‍යයකි. නමුත් වාර්තාව ගැටගැසී පැටලී ඇත්තේ මෙහිදීය. දේශපාලන පක්ෂ දෙකම යටතේ දශක ගණනාවක් තිස්සේ සමාජ අසමානතාවයේ වැඩිවීම සිදුවී ඇති බව අධ්‍යයනයේ කතුවරයා නිවැරදිව පෙන්වා දෙයි. නමුත් වාර්තාව පහත සඳහන් ප්‍රකාශය කිරීම සඳහා ඉදිරියට යයි:

දරිද්‍රතාවය අඩු කිරීම, අඩු වැටුප් ලබන සේවකයින් සඳහා වැඩිදියුණු කළ වැටුප් සහ පවුල්වල සාක්කුවලට මුදල් නැවත ලබා දෙන ශක්තිමත් වෙළෙඳ-ඒකාධිකාර විරෝධී ක්‍රියාමාර්ග (antitrust action) වැනි බයිඩන් පරිපාලනය තුළ ලබා ගත් ජයග්‍රහණ, ජනතාවගේ ජීවිත වැඩිදියුණු කරන ප්‍රතිපත්ති වෙනසක් ලබා ගැනීම සඳහා සංවිධානය වීමේ සැබෑ විභවය පෙන්නුම් කළේය.

10richest
බයිඩන් යටතේ ධනවත්ම එජ බිලියනපතියන් දස දෙනා තම ධනය දෙගුණයක් කරගති

වාර්තාවේම සොයාගැනීම් වලට මෙය සම්පූර්ණයෙන්ම පටහැනි වේ. බයිඩන් පරිපාලනය යටතේ මූල්‍ය කතිපයාධිකාරීන් විසින් පාලනය කරන ලද ධනයේ කොටස ඉහළ ගිය ප්‍රමාණය දෙවැනි වන්නේ ට්‍රම්ප් පරිපාලනය යටතේ ඉහළ ගිය පමණට පමණි. ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගේ ඒකාබද්ධ ධනය, 2021 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 976 සිට 2025 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 1,991 දක්වා දෙගුණ විය. මෙම කාලය තුළ, ජාතික ආදායමෙන් ශ්‍රමයේ කොටස සර්වකාලීන අවම මට්ටමකට පහත වැටුණි.

Labor share
ජාතික ආදායමෙන් ශ්‍රමයේ කොටස


බයිඩන් යටතේ ඇමරිකානු දරුවන්ගේ ආහාර අනාරක්ෂිතතා අනුපාතය සියයට 13 සිට සියයට 19 දක්වා වැඩි විය. ඔහුගේ පරිපාලනයේ අවසාන වසර වන විට, එක්සත් ජනපද නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව සිය වාර්ෂික වාර්තාව “එක් රාත්‍රියක නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින් සංඛ්‍යාව 2024 දී මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ගත්තේය” යි අවධරණය කළේය. 

වෙනත් වචන වලින් කිවහොත්, බයිඩන් පරිපාලනය කම්කරු පන්තියට ව්‍යසනයක් වූ අතර මූල්‍ය කතිපයාධිකාරයට සරු ලාභ ගෙන දෙන්නක් විය.

Food insecurity
ආහාර අනාරක්ෂිත පවුල්වල ජීවත්වන එජ දරුවන් ප්‍රතිශතය

වාර්තාවේ පෙරවදන ලියා ඇත්තේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික එලිසබෙත් වොරන් විසිනි. ඇය ප්‍රකාශ කරන්නේ “ඉහළම සිටින අයට හොඳින් ක්‍රියාත්මක වන සහ අනෙක් සියල්ලන් ඔවුන්ගේ නියපොතු වලින් එල්ලී සිටින ආර්ථිකයක් … හිතාමතා ගත් ප්‍රතිපත්ති තේරීම් හරහා සිදු වූ” බවයි.

එහෙත් ඔක්ස්ෆෑම් වාර්තාවේ ලේඛනගත කර ඇති සමාජ අසමානතාවයේ වැඩිවීමේ විශාල කොටසක්, ඇය අනුමත කළ සහ,  ඇය නැවත නැවතත් සහ ව්‍යතිරේකයකින් තොරව ආරක්ෂා කළ පරිපාලනයක් යටතේ සිදු වූයේ කෙසේදැයි ඇය පැහැදිලි නොකරයි.

ඔක්ස්ෆෑම් වාර්තාවේ ප්‍රධාන වචනවල සඳහන් නොවී ඇත්තේ එක් වචනයකි: ධනවාදය. එහි මූලික රාමුව වන්නේ සමාජ අසමානතාවයේ වර්ධනය ප්‍රතිපත්තිමය තේරීමක් පමණක් බවත්, වර්තමාන සමාජ රාමුව තුළ තවත් තේරීමක් ඒ තරම්ම පහසුවෙන් අනුගමනය කළ හැකි බවත් තර්ක කිරීමයි.

කෙසේ වෙතත්, යථාර්ථයේ දී, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශවය යටතේම සමාජ අසමානතාවයේ අඛණ්ඩ වර්ධනය, ධනේශ්වර ක්‍රමයේ මූලික ලක්ෂණයකි. වසර 150 කට පෙර කාල් මාක්ස් පැහැදිලි කළ පරිදි, “එක් ධ්‍රැවයක ධනය සමුච්චය වීම යනු … ඒ සමඟම ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ, එනම්, ප්‍රාග්ධනයේ ස්වරූපයෙන් තමන්ගේම නිෂ්පාදනය නිපදවන පන්තියේ පැත්තේ, දුක්ඛිතභාවය, වෙහෙසී වැඩ කිරීමේ වද වේදනාව, වහල්භාවය, නොදැනුවත්කම, ම්ලේච්ඡත්වය, මානසික පරිහානිය සමුච්චය වීමයි.”

එහි ඉහළම හා වඩාත්ම විකෘතරූපී  ප්‍රකාශනය තුළ, ට්‍රම්ප් පරිපාලනය, වසර 150 කට පෙර කාල් මාක්ස් විසින් විස්තර කරන ලද ධනේශ්වර ක්‍රමයේ අත්‍යවශ්‍ය ලක්ෂණවල දිගුවක් නියෝජනය කරයි. එය බිලියනපතියන් සහ ඔවුන්ගේ සංගත සදහා සෘජුවම පාලනය කරන, ධනේශ්වර කතිපයාධිකාරය විසින් කතිපයාධිකාරය වෙනුවෙන්, කතිපයාධිකාරයේම වූ රජයකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීමේ පන්ති අන්තර්ගතය මෙයයි. ට්‍රම්ප්ගේ ඒකාධිපතිත්වය සඳහා වැඩිදියුණු  වන කුමන්ත්‍රණය, ප්‍රචණ්ඩත්වය, මර්දනය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම තුළින් පමණක් තම ධනය හා බලය පවත්වා ගත හැකි පාලක පන්තියක අවශ්‍යතාවයන්ගෙන් ගලා එයි. ඩිමොක්‍රටික් පක්ෂයේ හවුල්කාරිත්වය සහ බියගුලුකම පැහැදිලි වන්නේ එය එකම ධනේශ්වර කතිපයාධිකාරයේම තවත් කන්ඩායමක් නියෝජනය කරන බැවිනි.

නමුත් එක්සත් ජනපදයේ සමාජ මනෝභාවය වෙනස් වෙමින් පවතී. ට්‍රම්ප් පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ කප්පාදු ප්‍රතිපත්තිවලට එල්ල කළ ප්‍රහාරය, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම පෙලපාලි අතරින් එකක් වූ “රජුන් එපා” නමින් වූ පසුගිය මාසයේ පැවති පෙලපාලිවල මිලියන සංඛ්‍යාත ජනතාවගේ විරෝධතාවලට තුඩු දුන්නේය. මෑතක Axios  මත විමසුමකින් හෙළි වූයේ, එක්සත් ජනපදයේ තරුණයින්ගෙන් සියයට 67 ක් දැන් “සමාජවාදය” යන යෙදුම ධනාත්මකව හෝ මධ්‍යස්ථව දකින බවත්, “ධනවාදය” සඳහා එය  සියයට 40 ක් පමණක් වන බවත්ය.

සමාජ අසමානතාවයට සහ මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වයට එරෙහිව, කම්කරුවන් සහ තරුනයින් ඇතුළු ජනගහනයේ පුලුල් කොටස් අතර විරෝධය වැඩෙමින් පවතී.

මූල්‍ය ප්‍රභූවේ අශික්ෂිත ධනය අත්පත් කර ගත යුතු බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි. කතිපයාධිකාරීන්ගේ ධනය, ආර්ථික හා දේශපාලන ජීවිතයේ සෑම අංශයකම ආධිපත්‍යය දරන යෝධ සංගත, බැංකු සහ ආයෝජන අරමුදල් මත ඔවුන්ගේ පාලනයෙන් වෙන් කළ නොහැකි ය. මෙම ආයතන පොදු අයිතිය ඇති උපයෝගිතා බවට පරිවර්තනය කර, කම්කරු පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලැබිය යුතු අතර, පුද්ගලික ලාභය නොව මානව අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිසංවිධානය කළ යුතුය.

වෝල් වීදියේ පක්ෂ දෙකටම ආයාචනා කිරීමෙන් එවැනි පරිවර්තනයක් සාක්ෂාත් කරගත නොහැකිය. ඒ සඳහා සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටුවල ජාත්‍යන්තර කම්කරු සංධානයක්  (IWA-RFC) හරහා ජාත්‍යන්තරව එක්සත් වූ කම්කරු කමිටුවලින් සංවිධානවූ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. අසමානතාවයට සහ ආඥාදායකත්වයට එරෙහි සටන, එහි සාරය වශයෙන්, ධනවාදයට එරෙහි සටනකි. සූරාකෑම, දරිද්‍රතාවය සහ යුද්ධය අවසන් කිරීම සඳහා, කම්කරු පන්තිය බලය අල්ලාගෙන සමාජවාදී පදනම් මත ආර්ථික ජීවිතය නැවත ගොඩනැගිය යුතුය.

ඔක්ස්ෆෑම්: 2020 සිට ඇමරිකානු බිලියනපතියන් 10 දෙනෙකුගේ ධනය 6 ගුණයකින් වැඩි වී තිබේ Read More »

Thermonuclear

ට්‍රම්ප් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව නිවේදනය කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 31 දින ‘Trump announces resumption of US nuclear weapons testing’ යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Thermonuclear
1952 නොවැම්බර් 1 වන දින මාෂල් දූපත් වල එනෙවෙටැක් අටෝල් මත ලොව ප්‍රථම තාප න්‍යෂ්ටික උපාංගයක් (හයිඩ්‍රජන් බෝම්බයක්) අත්හදා බැලීමෙන් පසු හතු වලාකුළ.[AP ඡායාරූපය/ලොස් ඇලමොස් ජාතික රසායනාගාරය]

තුන්වන ලෝක යුද්ධය සඳහා වන සූදානම සීමා කරන ඉතිරිව ඇති සියලුම ආරක්ෂක වැටවල් ඉවත් කිරීම සදහා  එක්සත් ජනපදය ගත් නවතම පියවර ලෙස, බ්‍රහස්පතින්දා(29), ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව නිවේදනය කලේය. ලෝකයේ සියලුම රටවල් නිල වශයෙන් න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කර තිබියදී, මෙම පියවර මගින් එක්සත් ජනපදය මෙම ක්‍රියාවට ඉඩ දෙන ලෝකයේ එකම රට බවට පත්වේ.

මාරාන්තික විකිරණ වායුගෝලයට විසුරුවා හැරීම සහ භූගත ජලය දූෂණය කිරීමට අමතරව, න්‍යෂ්ටික අත්හදා බැලීම්, වැරදි ගණනය කිරීම් හෝ හිතාමතා ප්‍රකෝප කිරීම් හරහා හෝ න්‍යෂ්ටික යුද්ධයක හැකියාව පුළුල් කරන දැවැන්ත යුද උන්මාදී ක්‍රියාවක් ලෙස විශ්වීය වශයෙන් වටහාගෙන ඇත.

කියුබානු මිසයිල අර්බුදයේදී එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය න්‍යෂ්ටික යුද්ධයක අද්දරට පැමිණ වසරකට පසු, 1963 දී, කෙනඩි පරිපාලනය අර්ධ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම (Partial Nuclear Test Ban Treaty) සාකච්ඡා කළ අතර, එමඟින් භූගතව සිදු කරන ලද ඒවා හැර අනෙකුත් සියලුම න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කරන ලදී. 1992 දී, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා ඒකපාර්ශ්වික තහනමක් ප්‍රකාශයට පත් කළේය.

අත්හදා බැලීම් තහනම් කිරීමට පෙර දශක කිහිපය තුළ, න්‍යෂ්ටික පිපිරීම් 2,000 කට වඩා සිදු කරනු ලැබ ඇති අතර, ඉන් අඩකට වඩා සිදු කරන ලද්දේ එක්සත් ජනපදය විසිනි. මෙම පරීක්ෂණ ඇමරිකානු බටහිර ඇතුළත සහ දකුණු පැසිෆික් කලාපය පුරා ප්‍රජාවන් රෝගාතුර කළ අතර මුළු ප්‍රදේශම ජනාවාස කළ නොහැකි තත්ත්වයට පත් කළේය.

ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත් කළේ, දැනට ක්‍රියාත්මක වන ඇමරිකානු-චීන වෙළඳ යුද්ධය පිළිබඳව දකුණු කොරියාවේ සාකච්ඡා සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට ටික වේලාවකට පෙරය. ට්‍රම්ප් ඇමරිකානු න්‍යෂ්ටික අවි ගබඩාව ලෝක වේදිකාවේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කලේ, න්‍යෂ්ටික යුද්ධය හරහා සමූලඝාතනය කිරීමේ තර්ජනය මානව වර්ගයාගේ හිසට ඉහළින් ලෙලවමිනි.

ලොව විශාලතම න්‍යෂ්ටික වැඩසටහන එක්සත් ජනපදය සතුව ඇති අතර, රුසියාව සහ චීනය එක්ව වැය කරන මුදල මෙන් දෙගුණයක් න්‍යෂ්ටික අවි සඳහා වැය කරයි. දෙවන ලෝක යුද්ධය අවසානයේ සෝවියට් සංගමයට තර්ජනය කිරීම සඳහා හිරෝෂිමා සහ නාගසාකි හි අනාරක්ෂිත ජනගහනය සමූලඝාතනය කරමින් න්‍යෂ්ටික අවි භාවිතා කළ එකම රට ද එක්සත් ජනපදයයි.

ට්‍රම්ප්ගේ නිවේදනය වාර්තා කිරීමේදී, එක්සත් ජනපද මාධ්‍ය එයට කිසිදු ඓතිහාසික සන්දර්භයක් හෝ පූර්වගාමීත්වයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත. එහෙත්, එම නිවේදනය හුදෙක් ක්ෂණික සිතුවිල්ලක් වීමට වඩා වෙනස්ව, අවම වශයෙන් 2020 සිට එක්සත් ජනපද හමුදා සැලසුම්කරුවන් න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම පිළිබඳව ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිට ඇත.

මෙම පියවර නිවේදනය කරමින් ට්‍රම්ප් විසින්ම කරන ලද සටහන, එය පැහැදිලිවම එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව වසර ගණනාවක් තිස්සේ ගොඩනැගීමේ සන්දර්භය තුළ තැබීය. ඔහු ලිවීය, “වෙනත් කිසිදු රටකට වඩා එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික අවි තිබේ. පැවති ආයුධ සම්පූර්ණයෙන් යාවත්කාලීන කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව මෙය සාක්ෂාත් කර ගන්නා ලද්දේ මගේ පළමු ධුර කාලය තුළයි.”

“ඊට සමාන පදනමකින් අපගේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම ආරම්භ කරන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම ක්‍රියාවලිය වහාම ආරම්භ වේවි”, ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ සටහන පැවසුවේ කතාවේ කොටසක් පමණකි . ඔහු පුරසාරම් දෙඩූ න්‍යෂ්ටික ගොඩනැගීම ඇත්ත වශයෙන්ම ඔබාමා පරිපාලනය යටතේ ආරම්භ කරන ලද අතර එය ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, බයිඩන්ගේ ධුර කාලය තුළ සහ දැන් දෙවන ට්‍රම්ප් ධුර කාලය තුළ ද අඛන්ඩව ක්‍රියාත්මක විය. ඇමරිකානු ජනගහනයෙන් අතිමහත් බහුතරයක් නොදන්නා මෙම න්‍යෂ්ටික ගොඩනැගීම, ඩොලර් ට්‍රිලියන 1 කට වඩා වැඩි වියදමක් දරමින්  පූර්ණ ද්විපාර්ශ්වික (ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල) සහයෝගය ඇතිව දිගටම පැවතුනි.

වසරකට පෙර, නිව් යෝර්ක් ටයිම්ස් “චංචල නව න්‍යෂ්ටික යුගයක් සඳහා නවීන අවි ගබඩාවක්” නිර්මාණය කිරීම හරහා “ඇමරිකාව නැවතත් න්‍යෂ්ටික බවට පත් කිරීම” සඳහා කැප වූ රහස් සැලැස්ම පිළිබඳ පුළුල් විශේෂාංග ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත් කරන ලදී.

“ඔබ සබ්මැරීන වෑල්ඩින් කරන හෝ මිසයිල කටාරම් හාරා ඇති ස්ථානයක ජීවත් නොවන්නේ නම්, එය සිදුවන බව ඔබ නොදැන සිටීමට බොහෝ අවස්ථාවක් තිබේ,”ටයිම්ස් ලිවීය. “කොංග්‍රස් මණ්ඩල විභාග සහ මූලෝපා පත්‍රිකා වල හැර, සැලැස්ම ගැන හෝ වියදම් කරන  අති විශාල මුදල ගැන, ෆෙඩරල් රජය ප්‍රසිද්ධියේ  එතරම් කතා කර නැත. සැලකිය යුතු විවාදයක් සිදුවී නොමැත. ඩොලර් බිලියන ගණන් වල  වැඩසටහන් රේඩාර් වලට  යටින්  ගමන් කරයි.”

එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වසර තුළ, දැවැන්ත එක්සත් ජනපද න්‍යෂ්ටික ගොඩනැගීම සහ ඒ වටා ඇති නිහඬතාවයේ කුමන්ත්‍රණය යන දෙකම අඛණ්ඩව පැවත ඇත. දෙසැම්බර් මාසයේදී, න්‍යෂ්ටික නවීකරණ උත්සාහයන් සඳහා වාර්තාගත අරමුදල් සම්පාදනයක් හා මානව ඉතිහාසයේ ඕනෑම රටක විශාලතම මිලිටරි අයවැය ද වන ඩොලර් බිලියන 895 ක ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත (NDAA) කොංග්‍රසය අනුමත කළේය.

ජනවාරි මාසයේදී ට්‍රම්ප් නිවේදනය කළේ එක්සත් ජනපදය “අති නවීන යකඩ මිසයිල ආරක්ෂක පලිහක් (Iron Dome) ඉදිකිරීම වහාම ආරම්භ කරන” බවයි. එහෙත්, ආරක්ෂක පියවරක් වීමට විපරීතව, මිසයිල පලිහ එක්සත් ජනපදය පළිගැනීමේ ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කරනු ඇතැයි  අපේක්ෂා කරන බැවින්, මෙම ඊනියා “ගෝල්ඩන් ඩෝමය” ධවල මන්දිරය පූර්ව-භංග න්‍යෂ්ටික පළමු ප්‍රහාරයකින් අනෙකුත් රටවලට තර්ජනය කිරීමට දිරිගන්වනු ඇත.

එක්සත් ජනපදයේ අඛණ්ඩ න්‍යෂ්ටික ගොඩනැගීමේ කොටසක් ලෙස, ට්‍රම්ප් පරිපාලනය න්‍යෂ්ටික අවි භාවිතය සඳහා ඇති සියලු සීමාවන් ඉවත් කිරීමට උත්සාහ කර ඇත. වඩාත්ම කැපී පෙනෙන දෙය නම්, 2019 අගෝස්තු මාසයේදී–නැවතත්, ට්‍රම්ප් යටතේම–එක්සත් ජනපදය අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා (INF) ගිවිසුමෙන් ඉවත් වීමයි.

2018 ඔක්තෝම්බර් මාසයේදී ට්‍රම්ප් විසින් එක්සත් ජනපදය INF ගිවිසුමෙන් ඉවත් වන බවට කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළේ, පොසයිඩන් ලෙස හඳුන්වන දිය යට ඩ්‍රෝන යානයක් සහ බුරෙවෙස්ට්නික් ලෙස හඳුන්වන නව දිගු දුර කෲස් මිසයිලයක් ඇතුළුව නව න්‍යෂ්ටික  (ප්‍රහාර) සැපයුම්  යාන්ත්‍රණ මාලාවක් සංවර්ධනය කිරීම රුසියාව ආරම්භ කරන බවයි.

රුසියාව මෑතකදී එකී පද්ධති දෙකෙහිම න්‍යෂ්ටික අවි නොවන බෙදාහැරීමේ  (ප්‍රහාර)  යාන්ත්‍රණයන් පිළිබඳ පරීක්ෂණ සිදු කළ අතර, එය දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ සහ දිගු කලක් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම නිවේදනය කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රයෝජනයට ගන්නා ලදී.

INF ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, එක්සත් ජනපදය ගිවිසුම යටතේ කලින් තහනම් කරන ලද න්‍යෂ්ටික අවි, රුසියාවට සහ චීනයට පහර දිය හැකි ස්ථානවල ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ. පෙන්ටගනය එහි ඉලක්ක ගත ප්‍රහාරක මිසයිලයේ (Precision Strike Missile) පරාසය පුළුල් කර ඇති අතර SLCM-N ලෙස හඳුන්වන නව න්‍යෂ්ටික සන්නද්ධ, මුහුදේ දියත් කරන කෲස් මිසයිලයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන සිය ගණනක් වැය කර ඇත.

INF ගිවිසුම යටතේ කලින් තහනම් කරන ලද බැලස්ටික් සහ කෲස් මිසයිල සංවර්ධනය කිරීම, රුසියාවේ ගැඹුරු අභ්‍යන්තරයට  නේටෝ නියෝජිත වන  යුක්රේනයේ සෘජු ප්‍රහාර උත්සන්න කිරීම සමඟ ඒකාබද්ධ වී ඇත. මෙම මාසයේ, වෝල් ස්ට්‍රීට් ජර්නලය,“බටහිර සහචරයින් විසින් සපයන ලද සමහර  දිගු දුර මිසයිල යුක්රේනය භාවිතා කිරීම සඳහා පනවා තිබූ ප්‍රධාන සීමාවක් ට්‍රම්ප් පරිපාලනය ඉවත් කර ඇත” යනුවෙන් වාර්තා කල අතර, ඒ අනුව මේ මාසයේ දකුණු රුසියාවේ බ්‍රයන්ස්ක් නගරයට එක්සත් රාජධානිය විසින් සපයන ලද ස්ටෝම් ෂැඩෝ මිසයිල භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල විය.

මේ මස මුලදී, ට්‍රම්ප් තහවුරු කළේ යුක්රේනයට ටොමාහෝක් මිසයිල යැවීම ගැන සලකා බලන බවයි. ට්‍රම්ප්ගේ තර්ජනයට ප්‍රතිචාර දක්වමින් හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව් නිරීක්ෂණය කළේ, “ගුවනේදී න්‍යෂ්ටික ටොමාහෝක් මිසයිලයක් සාම්ප්‍රදායික එවැන්නකින්  වෙන්කර හඳුනා ගැනීමට නොහැකි” බවයි. ටොම්හෝක් මිසයිලවලට දිගු කලක් තිස්සේ න්‍යෂ්ටික යුධ ශීර්ෂ රැගෙන යාමේ හැකියාව තිබුණි.

රුසියානු සහ චීන දේශසීමා වල කෙටි දුර න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම, නේටෝව විසින් සපයන ලද දිගු දුර අවි රුසියානු නගරවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා උසි ගැන්වීම සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම යන මේවා අතර, මුළු ලෝකයම න්‍යෂ්ටික යුද්ධයක කොකා ගස්සන කෙස් ගසක අද්දරට ගෙන යනු ඇත.

නේටෝවේ අර්ධ-නිල සහචර යුක්රේනයෙන් “සාම්ප්‍රදායික” මිසයිලයක් වෙඩි තබන ඕනෑම අවස්ථාවක, නැතහොත්,  ඊනියා ” වියරු මිනිසා න්‍යායේ” ලොව ප්‍රමුඛතම වෘත්තිකයා වන ට්‍රම්ප් විසින් නියෝග කරන ලද එක්සත් ජනපදයේ අනපේක්ෂිත න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කරන සෑම අවස්ථාවකම රුසියාවේ සහ චීනයේ සැලසුම්කරුවන් තමන්ගෙන්ම මෙසේ අසනු ඇත: “අපි න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්ව සිටිත්ද?”

රුසියාව සහ චීනය යටපත් කර ගැනීම සඳහා ගණන් බලමින් එක්සත් ජනපදය අවදානම් සීමාවට යෑම,  අසීමාන්තික ප්‍රතිවිපාක සහිත දැවැන්ත යුද උත්සන්නියේ සර්පිලයක් අවුලුවාලිය හැකිය.

අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ නැගීම එක්සත් ජනපදයේ කම්කරු පන්තියට එල්ල වන ප්‍රහාරය සමඟ වෙන්කළ නොහැකි සේ බැඳී පවතී. එක්සත් ජනපදය න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බවට ට්‍රම්ප් කළ නිවේදනය, ආහාර මුද්දර සඳහා අරමුදල් සැපයීම අවසන් කිරීමට නියමිත දින කිහිපයකට පෙර පැමිණ ඇති අතර, එමඟින් ස්තුති දීමේ නිවාඩුවට (Thanksgiving) සහ නත්තල් නිවාඩුවට ආසන්න පෙරාතුවේ  ඇමරිකානුවන් දස මිලියන සංඛ්‍යාත පිරිසකට අත්‍යවශ්‍ය ජීවනාලියක් අහිමි කෙරේ.

මේ දෙක අතර සෘජු සම්බන්ධයක් තිබේ. මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක, ඩිමොක්‍රටික් පක්ෂයට පක්ෂපාත බෲකින්ස් ආයතනය, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙන්ම සහාය දක්වන ප්‍රතිපත්තියක් වෙනුවෙන් කතා කරමින්, “යොදා ගත හැකි සියලුම රාජ්‍ය සහ පෞද්ගලික මෙවලම් උපයෝගී කර ගන්නා ඔරොත්තු දීමේ සමස්ත සමාජ මූලෝපායක්: පූර්ණ යුද්ධ යුගයක් සඳහා පූර්ණ ආරක්ෂාව” ඉල්ලා සිටියේය.

දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු හමුදා නායකත්වය විසින් පුරෝගාමී කරන ලද්දා වූ සහ නාසි පාලන තන්ත්‍රය යටතේ රාජ්‍ය මූලධර්මය ලෙස දිගටම පැවතියා වූ “පූර්ණ යුද්ධයේ” මූලධර්මය, ජාතික මිලිටරි සාර්ථකත්වයේ නාමයෙන් කම්කරු පන්තියෙන් “කැපකිරීම” ඉල්ලා සිටිමින්, සමස්ත සමාජයම යුධ ප්‍රයත්නයට යටත් කරන ලදී.

“පූර්ණ යුද්ධයේ” මූලධර්මය යටතේ, නාසි ජර්මනියේ නායකයින් නැගෙනහිර යුරෝපය පුරා සමූලඝාතන යුද්ධයක් දියත් කළාක් මෙන් නිසැකවම ජර්මනියේ මහජනතාව මත ව්‍යසනයක් ගෙන ආහ. දැන්, සමස්තයක් ලෙස ඇමරිකානු කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන ට්‍රම්ප්, නාසි තන්ත්‍රය, එක්සත් ජනපදයේ ඒකාධිපතිත්වයට පමණක් නොව, ලොව පුරා මිලිටරි ප්‍රචණ්ඩත්වයට ආදර්ශයක් ලෙස දකී.

පාලක පන්තිය, තම රට තුළ කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරය විදේශයන්හි මිලිටරි උත්සන්න කිරීම සමඟ බද්ධ කරයි. කම්කරු පන්තිය තම සමාජ හා ආර්ථික අයිතීන් ආරක්ෂා කිරීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කිරීමෙන් ප්‍රතිචාර දැක්විය යුතුය. මෙම මස මුලදී පැවති “රජුන් එපා” රැලිය ට්‍රම්ප් පරිපාලනයේ ඒකාධිපතිත්වය සහ කප්පාදු ප්‍රතිපත්තිවලට මහා ජන විරෝධයක් පවතින බව පෙන්නුම් කළේය. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ධනවාදයට එරෙහි සහ සමාජවාදය සඳහා වන සටනට බද්ධ කරන කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ලෙස මෙම විරුද්ධත්වය වර්ධනය කළ යුතුය.

ට්‍රම්ප් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව නිවේදනය කරයි Read More »

War ship

2030 යුරෝපයේ ආරක්ෂක මාර්ග සිතියම ඒකාධිපතිත්වයට සහ ගෝලීය යුද්ධයට පදනම දමයි

ජොහැන්නස් ස්ටර්න් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 25 දින ‘Europe’s defence roadmap 2030 lays the groundwork for dictatorship and global warයන හිසින් පලවූ ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

War ship
2003 මාර්තු 23 වන දින මධ්‍යධරණී මුහුදේ ක්‍රියාත්මක වන USS කේප් ශාන්ත ජෝර්ජ් (CG 71) නියෙමු මිසයිල නෞකාවෙන් ටොමාහෝක් ගොඩබිම් ප්‍රහාරක මිසයිලයක් (TLAM) දියත් කරන අයුරු.[AP ඡායාරූප/බුද්ධි විශේෂඥ 1 වන කෙනත් මෝල්/එක්සත් ජනපද නාවික හමුදාව]

පසුගිය දිනවල සිදුවීම් රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී මිලිටරි උත්සන්න කිරීමේ සහ තුන්වන ලෝක යුද්ධයකට සූදානම් වීමේ නව අවධියක් සනිටුහන් කරයි. බ්‍රහස්පතින්දා බ්‍රසල්ස් හි පැවති යුරෝපීය කවුන්සිලයේ රැස්වීම් සහ සිකුරාදා ලන්ඩනයේ පැවති ඊනියා “කැමැත්ත ඇත්තන්ගේ සන්ධානය” සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් නොව යුද සමුළු විය. ඔවුහු එක්ව නව සම්බාධක, යුක්රේනයට තවදුරටත් මිලිටරි ආධාර සහ සමස්ත මහාද්වීපයම මිලිටරිකරණය කිරීම සඳහා වන පස් අවුරුදු සැලැස්මක් සකස් කරන “ආරක්ෂක සූදානම මාර්ග සිතියම 2030” අනුමත කළහ.

ඒ සමඟම, වොෂින්ටනය එහි සෘජු මැදිහත්වීම තීව්‍ර කළේය. ට්‍රම්ප් පරිපාලනය යුක්රේනයට බටහිර රටවල් විසින් සපයන ලද දිගු දුර මිසයිල භාවිතා කිරීම සඳහා පනවා තිබූ ප්‍රධාන සීමාවන් ඉවත් කිරිම මගින්, කියෙව්ට රුසියානු භූමියේ ගැඹුරට පහර දීමට හැකියාව ඇති කළේය. අඟහරුවාදා, යුක්රේනය බ්‍රිතාන්‍ය සැපයූ ස්ටෝම්  ෂැඩෝ කෲස් මිසයිලයක් භාවිතා කර බ්‍රයන්ස්ක් හි පුපුරණ ද්‍රව්‍ය සහ රොකට් ඉන්ධන නිපදවන කම්හලකට ප්‍රහාරයක් එල්ල කළේය. යුක්රේන පොදු කාර්ය මණ්ඩලය (general staff) “සාර්ථක ප්‍රහාරය” සැමරූහ. එවැනි මෙහෙයුම් නේටෝ බලවතුන් සහ රුසියාව අතර විවෘත ගැටුමක් අවුලුවාලීමේ අවදානමක් ඇති කරන අතර එය වේගයෙන් න්‍යෂ්ටික සටනක් දක්වා සර්පිලාකාර විය හැකිය.

එක්සත් ජනපදය සහ එහි යුරෝපීය සහචරයෝ හිතාමතාම ගැටුම උත්සන්න කරමින් සිටිති. වොෂින්ටනය සහ ලන්ඩන් යන දෙපිරසම රුසියාවේ විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයින් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල්ට (Rosneft, Lukoil) එරෙහිව නව සම්බාධක ප්‍රකාශයට පත් කළ අතර යුරෝපීය සංගමය තමන්ගේම ආර්ථික යුද්ධය දැඩි කිරීමට එකඟ විය. බ්‍රසල්ස් සමුළුවේදී ද්විත්ව-භාවිත භාණ්ඩ සඳහා අපනයන තහනම් පුළුල් කිරීමට, යුරෝපීය ප්‍රාග්ධන වෙළඳපොළට රුසියානු ප්‍රවේශය සීමා කිරීමට, රුසියානු “සෙවණැලි නැව් කණ්ඩායමේ (shadow fleet)” නැව් 117 කට යුරෝපා සංගම් වරායන් තහනම් කිරීමට සහ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින්ට නව සංචාරක සහ මූල්‍ය සීමාවන් පැනවීමට තීරණය විය. කලින් සැලසුම් කළ කාල සීමාවන්ට වඩා වසරකට පෙර–2027 වන විට–රුසියානු ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනු ඇත.

ඊටත් වඩා ප්‍රකෝපකාරී වන්නේ යුක්‍රේනයට ආයුධ සඳහා අරමුදල් සැපයීම පිණිස රුසියානු මහ බැංකුවේ සිර කළ වත්කම් අත්පත් කර ගෙන ප්‍රති-අරමුණුගත කිරීමට යුරෝපා සංගමය සැලසුම් කිරීමයි. බෙල්ජියම නීතිමය විරෝධතා මතු කළද, යුරෝපීය කවුන්සිලය කොමිසමට උපදෙස් දුන්නේ “හැකි ඉක්මනින් යෝජනාවක් ඉදිරිපත් කරන ලෙසයි.” මෙය ජාත්‍යන්තර සොරකමකට වඩා අඩු දෙයක් නොවේ–එය බටහිර අවශ්‍යතා සමඟ ගැටෙන්නේ නම් තම  සංචිත ආරක්ෂිත නොවන බව පෘථිවියේ සෑම ජාතියකටම සංඥා කරන අධිරාජ්‍යවාදී අත්පත් කර ගැනීමකි.

යුක්‍රේනය පිළිබඳ යුරෝපීය කවුන්සිලයේ ප්‍රකාශය, 2022 සිට යුරෝපා සංගමය දැනටමත් යුරෝ බිලියන 177.5 ක් ලබා දී ඇති බවත්, “2026–2027 සඳහා එහි මිලිටරි සහ ආරක්ෂක කටයුතු ඇතුළුව යුක්‍රේනයේ හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට කැපවී සිටින බවත්” පුරසාරම් දොඩයි. තවත් බිලියන සිය ගණනක් අනුමත කෙරෙනු ඇත.

සමුළුවට සමගාමීව ඉදිරිපත් කරන ලද, ඊනියා ආරක්ෂක සූදානම මාර්ග සිතියම 2030,  මෙම මුදල් කුමක් සඳහාද යන්න සම්පූර්ණයෙන්ම පැහැදිලි කරයි. එය පහත ප්‍රකාශයෙන් ආරම්භ වේ:

“ආරක්ෂක සූදානම යනු නවීන යුද්ධ සඳහා අවශ්‍ය හැකියාවන් වර්ධනය කිරීම සහ අත්පත් කර ගැනීමයි. එහි තේරුම යුරෝපයට උපායමාර්ගික වාසියක් සහ අවශ්‍ය ස්වාධීනත්වය ලබා දෙන ආරක්ෂක කාර්මික පදනමක් ඇති බව සහතික කිරීමයි. තවද, එහි තේරුම තීරණාත්මක කාලවලදී අති නවීන නවෝත්පාදනයන් සහ වේගවත්, මහා පරිමාණ නිෂ්පාදනයක් ලබා දීමට සූදානම් වීමයි.”

මෙය යුරෝපීය යුද ආර්ථිකයක් සඳහා මහා සැලැස්මකි–මහා පරිමාණ අවි ආයුධ සන්නද්ධ කිරීම සඳහා කර්මාන්ත, මූල්‍ය සහ තාක්‍ෂණය සම්බන්ධීකරණය කරන ලද බලමුලු ගැන්වීමකි.  මාර්ග සිතියම, “උත්සාහයන්  ඉහළ මට්ටමකට ගෙන ඒමේ සහ වේගවත් කිරීමේ අවශ්‍යතාවය, අද දින වැඩිවන අන්තරායන් පිළිබිඹු කරයි,” ලෙස සඳහන් කරයි.

රුසියාව ප්‍රධාන සතුරා ලෙස හඳුනාගෙන ඇති අතර එය “දැකිය හැකි අනාගතය සඳහා යුරෝපීය ආරක්ෂාවට නිරන්තර තර්ජනයක්” ලෙස කියාපාන නමුත් ලේඛනයේ විෂය පථය ගෝලීය වේ:

“යුරෝපයේ සූදානම, 360° ප්‍රවේශයක් සහිත පුළුල් ගෝලීය සන්දර්භය තුළ මුල් බැස ගත යුතුය. …ගාසා තීරයේ සහ මැද පෙරදිග සිට අප්‍රිකාවේ සැඟවුණු හෝ විවෘත ගැටුම් කිහිපයක් දක්වා, ආසියා-පැසිෆික් කලාපයේ වැඩිවන ආතතීන්ගේ සිට ආක්ටික් දක්වා ආදී ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලින් එල්ලවන තර්ජනවලට අපට අන්ධ විය නොහැක.”

වෙනත් වචන වලින් කිවහොත්, යුරෝපා සංගමය එක්සත් ජනපදයෙන් ස්වාධීනව තම ආර්ථික හා භූ මූලෝපායික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ලෝක ව්‍යාප්ත යුද්ධයකට සූදානම් වෙමින් සිටී. එය පැහැදිලිවම සඳහන් කරන්නේ, “සාම්ප්‍රදායික සහචරයින් සහ හවුල්කරුවන් ලෝකයේ අනෙකුත් කලාප වෙත තම අවධානය යොමු කරමින් සිටින” බවත් “යුද්ධයේ වෙනස්වන ස්වභාවයට අනුකූලව, යුරෝපයේ ආරක්ෂක ඉරියව්ව සහ හැකියාවන් … හෙට දවසේ යුධ පිටි සඳහා සූදානම් කළ යුතු” බවත්ය.

මාර්ග සිතියම 1930 ගණන්වල ප්‍රති-සන්නද්ධ කිරීමේ වැඩසටහන් සමඟ තරඟකාරීවන මට්ටමේ ප්‍රමාණාත්මක ඉලක්ක නියම කරයි. එය 2021 දී යුරෝ බිලියන 218 සිට 2025 දී යුරෝ බිලියන 392 දක්වා යුරෝපීය ආරක්ෂක වියදම් ඉහළ යාම සමරන අතර තවදුරටත් වේගවත් කිරීමක් ඉල්ලා සිටී. “ReArm Europe” (යුරෝපය  ප්‍රතිසන්නද්ධ කරමු) න්‍යාය පත්‍රය යටතේ, SAFE මෙවලම වැනි නව අරමුදල් යාන්ත්‍රණ හරහා අවි ආයුධ සඳහා යුරෝ බිලියන 800 ක් දක්වා බලමුලු ගන්වනු ලැබේ. 2035 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 ක ආරක්ෂක වියදම් ඉලක්කයක් කරා ළඟා වීමට ජුනි මස නේටෝ සමුළුවේදී කරන ලද කැපවීම් සඳහා වාර්ෂිකව අවම වශයෙන් වසරකට අමතර යුරෝ බිලියන 288 ක් අවශ්‍ය වේ.

මෙම අතිවිශාල මුදල් සම්භාරයට මුදල් යෙදවිය හැක්කේ කුරිරු කප්පාදු, සමාජ වැඩසටහන් විනාශ කිරීම සහ මහජන අරමුදල් කොල්ලකෑම හරහා පමණි. “ආරක්ෂක සූදානම” සඳහා මුදල් සහ ආයුධ පමණක් නොව යුද්ධය සඳහා සමස්ත මහාද්වීපයම ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය බව ලේඛනය පැහැදිලි කරයි. “යුරෝපා සංගමය පුරා හමුදා සංචලන ප්‍රදේශයක් කරා” වගන්තිය යටතේ එය යෝජනා කරන්නේ:

“2027 අවසානය වන විට, නේටෝව සමඟ සමීප සම්බන්ධීකරණයෙන්, සංගමය පුරා හමුදා සහ හමුදා උපකරණ බාධාවකින් තොරව ප්‍රවාහනය සහතික කරන, සංගත  කළ නීති සහ ක්‍රියා පටිපාටි, ගොඩබිම් කොරිඩෝ, ගුවන්තොටුපළ, වරාය සහ ආධාරක අංග ජාලයක් සහිත, යුරෝපා සංගමය පුරා හමුදා සංචලන ප්‍රදේශයක් පිහිටුවනු ඇත.”

ඉලක්කය වන්නේ යුරෝපය තනි යුධ පිටියක් බවට පරිවර්තනය කිරීමයි–එනම්, හමුදා සහ සන්නාහ බෝල්ටික් සිට කළු මුහුද දක්වා නිදහසේ ගමන් කළ හැකි ඒකාබද්ධ සැපයුම් කලාපයක් සැකසීමයි. සිවිල් යටිතල පහසුකම් මිලිටරි අවශ්‍යතා සඳහා යටත් කරනු ලැබේ.  දස දහස් ගණනක් නේටෝ භටයින් චලනය කරමින් යුද විරෝධී විරෝධතාකරුවන්ට එරෙහිව සොල්දාදුවන් යෙදවීම සිදු කළ හැම්බර්ග්හි, රෙඩ් ස්ටෝම් බ්‍රාවෝ වැනි අභ්‍යාස, මෙම මිලිටරිකරණයේ දේශීය මානය දැනටමත් අපේක්ෂා කරයි: එනම් අභ්‍යන්තර විරුද්ධත්වය මර්දනය කිරීම යි.

මෙම පරිවර්තනයේ පෙරමුණේ සිටින්නේ ජර්මනියයි.  හරිත පක්ෂයේ  සහ වාම පක්ෂයේ  සහාය ඇතිව, පාලක සන්ධානය ප්‍රති-සන්නද්ධ කිරීම සඳහා යුරෝ ට්‍රිලියනයක රාමුවක් නිර්මාණය කර ඇත. 2025 ආරක්ෂක අයවැය යුරෝ බිලියන 86.5 ක් වන අතර එය දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ඕනෑම අවස්ථාවකට වඩා වැඩි වේ. 2029 වන විට යුරෝ බිලියන 150 කට වඩා වැඩි වන මෙම වියදම දළ වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 කි.  “මිලිටරි සූදානම”සඳහා යටිතල පහසුකම් වියදම් ඇතුළත් කළහොත්, යුද්ධයට අදාළ මුළු වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් දක්වා ඉහල යනු ඇති අතර, එය වාර්ෂිකව යුරෝ බිලියන 215 ක් පමණ වේ.

නව හමුදා සහ සිවිල් තනතුරු දස දහස් ගණනක් නිර්මාණය වෙමින් පවතින අතර අනිවාර්ය හමුදා බඳවා ගැනීම නැවත ස්ථාපිත කෙරෙනු ඇත. ප්‍රහාරක ජෙට් යානා, ප්‍රවාහන හෙලිකොප්ටර්, නව යුධ ටැංකි, සන්නද්ධ වාහන, යුද නැව්, ඩ්‍රෝන යානා, මිසයිල පද්ධති සහ ඒ සඳහා කැපවූ අභ්‍යවකාශ විධානයක් (මූලස්ථානයක්) පවා නිර්මාණය කිරීම සඳහා බිලියන ගණනක් මුදල් හරවා ඇත. චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනිය “යුරෝපයේ ශක්තිමත්ම සාම්ප්‍රදායික හමුදාව” බවට පත් කිරීමේ තම ඉලක්කය විවෘතව ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රතිපත්ති, යලි සන්නද්ධ කිරීම සහ ලෝක බලය සඳහා වූ තල්ලුව මගින් ෆැසිස්ට් තන්ත්‍රයක් ස්ථාපනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම සහ කම්කරු පන්තිය මර්දනය කිරීම සිදු කළ, 1930 ගනන්වල ජර්මානු අධිරාජ්‍යවාදයේ සූදානම සිහිපත් කරයි. එම තර්කනය නැවතත් තහවුරු වෙමින් පවතී. යුරෝපය පුරා, පාලක ප්‍රභූන් සමාජ කෝපය මැඩපැවැත්වීමට සහ යුද්ධයට සූදානම් වීමට ෆැසිස්ට් බලවේග–බ්‍රිතාන්‍යයේ ෆරාජ්, ප්‍රංශයේ ල පෙන්, ඉතාලියේ මෙලෝනි සහ ජර්මනියේ ඒඑෆ්ඩී–වගා කරමින් සිටිති.

වෛෂයික ප්‍රවණතා නිසැකවම පැහැදිලිය. යුරෝපා සංගමය, නේටෝව සහ අවි කර්මාන්තය ඒකාබද්ධ යුද යාන්ත්‍රණයකට බද්ධ කිරීම ඒකාධිපති පාලනයක් කරා හැරීම සමඟ අත්වැල් බැඳගනී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දීම, ගාසා සංහාරයට එරෙහි විරෝධතා අපරාධකරණය කිරීම සහ පොලිස් බලකායන් මිලිටරිකරණය කිරීම යන සියල්ල මහජන විරෝධයට පාලක පන්තියේ බිය පිළිබිඹු කරයි.

අධිරාජ්‍යවාදය යුද්ධයට තල්ලු කරන එම ප්‍රතිවිරෝධතාම–සියල්ලටත් වඩා ධනේශ්වර ක්‍රමයේ ගැඹුරු අර්බුදය–විප්ලවවාදී නැගිටීම් සඳහා කොන්දේසි ද ඇති කරයි. ප්‍රති-සන්නද්ධ කිරීම, ජීවන තත්වයන් විනාශ කිරීම සහ  නිරන්තරයෙන් වර්ධනය වන න්‍යෂ්ටික සමූලඝාතනයේ අනතුර සඳහා මුදල් යෙදවීම සඳහා ධනය විශාල වශයෙන් නැවත වෙන් කිරීම කම්කරු පන්තිය පුරා ප්‍රතිරෝධය අවුස්සනු ඇත. එක්සත් ජනපදයේ, ඔක්තෝබර් 18 වන දින ට්‍රම්ප්ගේ ෆැසිස්ට් ප්‍රතිපත්තිවලට එරෙහි “රජුන් එපා” විරෝධතාවලට මිලියන 7 කට වැඩි පිරිසක් එක් වූහ. යුරෝපයේ අනෙකුත් ස්ථාන අතර, ග්‍රීසිය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය සහ ප්‍රංශය හි කප්පාදු පියවරයන්ට සහ මිලිටරිවාදයට එරෙහිව වැඩවර්ජන සහ විරෝධතා පුපුරා ගොස් ඇත.  මේවා පන්ති අරගලයේ පුපුරන සුලු ගෝලීය පුනර්ජීවනයක සලකුණු ය.

නමුත් ස්වයංසිද්ධ විරුද්ධත්වය ප්‍රමාණවත් නොවේ. යුද්ධයට සහ ආඥාදායකත්වයට එරෙහි සටන, ඒවායේ මූල හේතුවට, එනම් ධනේශ්වර ක්‍රමයටම එරෙහි අරගලයට සම්බන්ධ කරන සවිඥානික දේශපාලන වැඩපිළිවෙලකින් එය සන්නද්ධ විය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවවේ (හජාජාක)”සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන”-2016 ප්‍රකාශය දැන් දැවෙන හදිසිතාවයක් අත්කර ගන්නා මූලධර්ම ඉදිරිපත් කර ඇත:

  • යුද්ධයට එරෙහි අරගලය, සමාජයේ මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතු අතර, ජනගහනයේ සියලු ප්‍රගතිශීලී කොටස් කම්කරු පන්තිය පිටුපස එක්සත් කළ යුතුය.
  • නව යුද විරෝධී ව්‍යාපාරය ධනවාදී විරෝධී සහ සමාජවාදී විය යුතුය, මන්ද, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය අවසන් කිරීමට සහ මිලිටරිවාදයේ සහ යුද්ධයේ මූලික හේතුව වන ආර්ථික ක්‍රමය අවසන් කිරීමට කරන සටනකින් තොරව යුද්ධයට එරෙහි බරපතල අරගලයක් තිබිය නොහැකි බැවිනි.
  • එබැවින්, නව යුද විරෝධී ව්‍යාපාරය, අවශ්‍යයෙන්ම, ධනපති පන්තියේ සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් සම්පූර්ණයෙන්ම සහ නිසැකවම ස්වාධීන විය යුතු අතර ඒවාට සතුරු විය යුතුය.
  • නව යුද විරෝධී ව්‍යාපාරය, සියල්ලටත් වඩා, ජාත්‍යන්තර විය යුතු අතර, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුළ කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගැන්විය යුතුය.

යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුණයින් සහ බුද්ධිමතුන් [oppressed middle class] මුහුණ දෙන කර්තව්‍යය පැහැදිලිය: සෑම වැඩබිමකම සහ අසල්වැසි ප්‍රදේශයකම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම, ඔවුන්ගේ අරගල දේශසීමා හරහා සම්බන්ධ කිරීම සහ සමාජවාදය සඳහා සටනේදී සවිඥානික විප්ලවවාදී නායකත්වයක්–හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තරයේ කමිටුවේ කොටස් ලෙස සමාජවාදී සමානතා පක්ෂ–වර්ධනය කිරීම. ධනේශ්වර ක්‍රමය පෙරලා දමා, පෘථිවියේ සම්පත් ලාභය සඳහා නොව තාර්කිකව සහ ප්‍රජාතන්ත්‍රවාදීව මානව අවශ්‍යතා සඳහා භාවිතා කරන සමාජවාදී ලෝක සමූහාණ්ඩුවක කොටසක් ලෙස යුරෝපීය එක්සත් සමාජවාදී රාජ්‍යයක් මගින් එය ප්‍රතිස්ථාපනය කිරීමෙන් පමණක්, මානව වර්ගයාට ලෝක යුද්ධයේ ව්‍යසනය වළක්වා ගත හැකිය.

2030 යුරෝපයේ ආරක්ෂක මාර්ග සිතියම ඒකාධිපතිත්වයට සහ ගෝලීය යුද්ධයට පදනම දමයි Read More »

Gaza

“සටන් විරාම” ගිවිසුමට ගාසා තීරයේ ස්ථිර ඊශ්‍රායල වාඩිලා ගැනීම ඇතුළත් වේ

ආන්ඩ්‍රේ ඩේමන්  විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 10 දින ‘Ceasefire” deal includes permanent Israeli occupation of Gaza’ යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Gaza
2025 ඔක්තෝබර් 9 වන බ්‍රහස්පතින්දා, මධ්‍යම ගාසා තීරයේ වාඩි ගාසා අසල අවතැන් වූ පලස්තීනුවන් එක්රැස් වන විට, ගාසා නගරයට යන වෙරළබඩ මාර්ගයේ ඊශ්‍රායල ටැංකි ස්ථානගත කර ඇත. [AP ඡායාරූපය/අබ්දෙල් කරීම් හනා)]

ඊශ්‍රායලය සහ හමාස් බ්‍රහස්පතින්දා නිවේදනය කළේ හමාස් විසින් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරය ස්ථිර ඊශ්‍රායල ආක්‍රමණය කිරීම ඇතුළත් “සටන් විරාම” ගිවිසුමක් විධිමත් ලෙස සම්මත කර ගැනීමයි.

හමාස් දේශපාලන ප්‍රධානී කලීල් අල්-හයියා නිවේදනය කළේ, “අපගේ ජනතාවට එරෙහි යුද්ධය සහ ආක්‍රමණය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹ තිබේ” යනුවෙනි.

යථාර්ථයේ දී, මෙම ගිවිසුම ගාසා තීරයේ ආධිපත්‍යය දැරීමේ සහ පලස්තීන ජනතාවගේ ජාතික අයිතිවාසිකම් මර්දනය කිරීමේ ඊශ්‍රායල-අධිරාජ්‍යවාදී සැලැස්මේ තවත් පියවරකි. එය ගාසා තීරය යටත් විජිත ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කෙරේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් මණ්ඩලයක් විසින් එය අධීක්ෂණය කරනු ලබන අතර ගාසා තීරයේ විශාල කොටසක් ස්ථිර ඊශ්‍රායල අත්පත් කර ගැනීමට ඇතුළත් වේ.

අල්-හයියා ප්‍රකාශ කළේ, “මැදිහත්කරුවන්ගෙන් සහ එක්සත් ජනපද පරිපාලනයෙන් අපට සහතික ලැබුණු අතර, යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව සියලු දෙනා තහවුරු කළහ” යනුවෙනි. කෙසේ වෙතත්, මෙම “සහතික” ලබා දුන් පුද්ගලයින්ම, පසුගිය මාසයේ කටාර් වෙත ඊශ්‍රායල බෝම්බ හෙලීමට පහසුකම් සැලසූ අතර එම ප්‍රහාරය අල්-හයියා මරා දැමීමට උත්සාහ කෙරුණකි.

සෞදි අරාබි රජය ගිවිසුමට ප්‍රශංසා කරමින්, “මෙම වැදගත් පියවර මානුෂීය දුක් වේදනා සමනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයකට තුඩු දෙනු ඇත … සම්පූර්ණ ඊශ්‍රායල ඉවත්වීමක් ලබා ගැනීම, ආරක්ෂාව සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ද්වි-රාජ්‍ය විසඳුම මත පදනම් වූ සාධාරණ හා පුළුල් සාමයක් ලබා ගැනීම සඳහා ප්‍රායෝගික පියවර ආරම්භ කරනු ඇත”, යනුවෙන් ප්‍රකාශ කළේය.

එය එවැනි දෙයක් නොකරනු ඇත. එය පලස්තීනයේ නීති විරෝධී ඊශ්‍රායල වාඩිලෑම තහවුරු කරනු ඇති අතර ගාසා තීරය වාර්ගිකව සුද්ධ කිරීමේ සැලැස්මට පහසුකම් සැලසීම සහ ඉදිරියට ගෙන යාම සඳහා ගාසා තීරයේ ආහාර සැපයුමේ ගෙල සිර කිරීමට ඊශ්‍රායලය ස්ථිරවම ස්ථානගත කරනු ඇත.

ගිවිසුම අනුමත කර එය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ මැද පෙරදිග සහ පුළුල් කලාපයේ  ඊජිප්තුව, ජෝර්දානය, කටාර්, සෞදි අරාබිය, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ධනේශ්වර ජාතිකවාදී ආණ්ඩු විසින් විශේෂයෙන් අශෝභන කාර්යභාරයක් ඉටු කර ඇත.

ගිවිසුමේ කොටසක් ලෙස, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් සියයට 58 ක් වන ඊනියා “කහ රේඛාවකට” පසුබසිනු ඇත. ගිවිසුමේ අවසාන අදියරේදී, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට යන සියලුම ගොඩබිම් හරස් මාර්ග පාලනය කරන ස්වාරක්ෂක කලාපයකට පසුබසිනු ඇති අතර, එය ජනගහනය තවදුරටත් හිතාමතා සාගින්නෙන් පෙළන තර්ජනයට හෙලනු ඇත. 

මෙම ගනුදෙනුව 19 වන සියවසේ පැවති මැද පෙරදිග විවෘත යටත් විජිත ආධිපත්‍යයට නැවත පැමිණීමක් සනිටුහන් කරයි. යෝජනාව යටතේ, ගාසා තීරය පාලනය කරනු ලබන්නේ “ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් විසින් ප්‍රධානත්වය දරනු ලබන සහ සභාපතිත්වය දරන” සහ “හිටපු [එක්සත් රාජධානියේ] අගමැති ටෝනි බ්ලෙයාර්” ඇතුළත් වන “සාම මණ්ඩලයක්” විසිනි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත මෙම ගිවිසුම “හමාස් යටත් වීමක් සහ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයක්” බව ප්‍රකාශ කළේය. එය, “මෙම ගනුදෙනුව කුමක් දැයි හඳුන්වන්න: සම්පූර්ණ හමාස් යටත් වීමක්” එය “සැමරීමට වටිනවා”, යනුවෙන් පුරසාරම් දොඩා ඇත. 

වෝල් ස්ට්‍රීට් ජර්නලය ද ප්‍රීති ඝෝෂාවට එක්වෙමින්, “හමාස් එහි හොඳම ලීවරය අත්හරිමින් සිටින නමුත් ඊශ්‍රායලය එසේ නොවේ. ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමෙන් පසුව පවා, ඊශ්‍රායල් සොල්දාදුවන් ඊජිප්තු දේශසීමාව ඇතුළුව ගාසා තීරයෙන් අඩකට වඩා රැඳී සිටිනු ඇත” යනුවෙන් ප්‍රකාශ කළේය. එය නිගමනය කළේ, “මෙම කොන්දේසි පිළිගැනීමේදී, හමාස් ඵලදායී ලෙස එහි පරාජය පිළිගනී.”

 වෝල් ස්ට්‍රීට් ජර්නලය පැහැදිලි කළ පරිදි, සටන් විරාමය ඊළඟ ප්‍රහාරය සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇත. “ගාසා තීරයේ යොදවා ඇති නව ගල්ෆ් අරාබි නායකත්වයෙන් යුත් ස්ථායීකරණ බලකාය හමාස් නිරායුධ කිරීමට සහ තීරුව මිලිටරිහරණය කිරීමට අපොහොසත් වුවහොත්, එය කිරීමට ට්‍රම්ප් ‘පූර්ණ සහාය’ ලෙස හඳුන්වන සහාය සමගින් ඊශ්‍රායල හමුදාවට හැකි වනු ඇත.”

පසුගිය මාසයේ කටාර් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය අරාබි රජයන් ගිවිසුම පිළිගැනීමට “බලපෑමට ලක්වීමට” උපකාරී වූ බව වෝල් ස්ට්‍රීට් ජර්නලය තවදුරටත් පැවසීය. රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධය තීව්‍ර කිරීම සඳහා මැද පෙරදිග පුරා ඔහු භාවිතා කළ එම ආක්‍රමණශීලී බව පෙන්වන ලෙස ට්‍රම්ප්ට පුවත්පත උපදෙස් දුන්නේය. “ට්‍රම්ප් මහතා දැන් රුසියාව පිළිබඳ ඔහුගේ උපාය මාර්ගය ආපසු හරවන්නේ නම්, ලබන වසරේ නොබෙල් කමිටුවට පවා ඔහුට සාම ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය හැකිය” යනුවෙන් එය ප්‍රකාශ කළේය.

“සාම” ගිවිසුම ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ විට එය හෙළා දකිමින්, පලස්තීනුවන් සඳහා වූ ජාත්‍යන්තර යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය (ICJP) මෙසේ ලිවීය: “සැලැස්මට ජාත්‍යන්තර ‘සාම මණ්ඩලයක්’ ඇතුළත් කිරීම … පලස්තීන අනාගතය පිළිබඳ තීරණ ගැනීමේදී පලස්තීන හඬ බැහැර කිරීම සහතික කරයි.”

ICJP හි ප්‍රකාශකයෙකු වන ඔර්ලයිත් රෝ සඳහන් කළේ, “මෙම සැලැස්ම ඊශ්‍රායලයට විරාමයක් තබා, නැවත සන්නද්ධ වී, නව දණ්ඩ විමුක්තියකින් පසුව ප්‍රචණ්ඩත්වයට නැවත පැමිණීමට තවත් අවස්ථාවක් ලබා දෙයි” යනුවෙනි. එය “යටත් විජිත වාචාලකමේ සැඟවී පවතින” බව ඔහු තවදුරටත් පැවසීය.

ගිවිසුම නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා එක්සත් ජනපදය ඊශ්‍රායලයට අමතර භටයින් 200 ක් යවන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේය.

වසර දෙකක් පුරා පැවති ගාසා සංහාරය අවම වශයෙන් පලස්තීනුවන් 65,000 ක් මරා දැමීමට සහ එම ප්‍රදේශයේ ගොඩනැගිලිවලින් අතිමහත් බහුතරයක් විනාශ කිරීමට හේතු වී තිබේ. ගාසා තීරය දෙදරා ගොස් ඇති අතර එහි ජනගහනය කුසගින්නේ සිටී. මෙම සතියේ ද ලැන්සෙට් හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ ගාසා තීරයේ ළමුන් 55,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. සමීක්ෂණයට ලක් කළ ළමුන් අතර, සියයට 16 ක් ආහාර නොමැතිකම නිසා ඇතිවන නාස්තියේ සලකුණු පෙන්නුම් කළහ.

“සටන් විරාම” ගිවිසුමට ගාසා තීරයේ ස්ථිර ඊශ්‍රායල වාඩිලා ගැනීම ඇතුළත් වේ Read More »

Gaza

2 years of the Gaza genocide: A crime of Zionism and imperialism

By WSWS Editorial Board.

This Perspective was published in the World Socialist Website Site on 06 October 2025.

Today marks two years since the beginning of Israel’s genocide in Gaza, one of the greatest crimes of the modern era. Before the eyes of the entire world, the Israeli government—armed, financed and defended by every imperialist power—has carried out a campaign of mass murder, ethnic cleansing and deliberate starvation. At least 67,000 Palestinians have been killed, including 20,000 children, and the entire population has been repeatedly displaced.

Gaza
Displaced Palestinians fleeing northern Gaza carry their belongings along the coastal road toward southern Gaza, Tuesday, Sept. 9, 2025, after the Israeli army issued evacuation orders from Gaza City. [AP Photo/Jehad Alshrafi]

In order to launch this long planned genocide, Israel used as its pretext the Hamas attacks of October 7, 2023, in which a few thousand fighters with small arms, possessing no armored vehicles or aircraft, breached the Israeli border without resistance. To claim that Israel, with one of the most sophisticated intelligence networks in the world, was taken completely by surprise by a few thousand Hamas fighters is a despicable fiction.

As the events of the past two years have shown—in Israel’s assassinations of foreign leaders, military officers and scientists—Israeli intelligence has penetrated every state and movement in the region. Indeed, within months of the October 7 attacks, newspaper accounts revealed that Israel possessed the entire Hamas battle plan but orchestrated a deliberate stand-down of its troops stationed on the border.

The genocide that followed was the premeditated outcome of 75 years of brutal oppression, the implementation of the “final solution” to the Palestinian “problem.” It has exposed before the entire world the bankrupt and reactionary character of Zionism. The Israeli state has shown itself to be a murderous instrument of imperialism.

While carried out by Israel, the genocide has been a joint operation of world imperialism. Every imperialist government, from Washington to London, Paris and Berlin, together with the entire media, justified the Israeli assault on Gaza. A hideous double standard was adopted, in which any act of mass murder by Israel, which illegally occupies Gaza, was justified, while any effort at resistance by the Palestinians was demonized as “terrorism.”

Opposition to the Israeli state was slandered as “antisemitism,” in an exercise that the WSWS referred to as “semantic inversion,” in which “a word is utilized in a manner and within a context that is the exact opposite of its real and long-accepted meaning.” This became the framework for a brutal and escalating assault on democratic rights, in which opposition to genocide has been criminalized. The attempt to equate opposition to the genocide with hatred of the Jews, is, in any case, negated by the prominent role played by Jewish people around the world in mass demonstrations. 

The United States has been Israel’s key weapons supplier, funneling unlimited amounts of deadly military gear to fuel the slaughter. But Germany, France, Britain and others have all contributed their share to the bloodbath. Moreover, they have all purchased billions in Israeli government bonds to help finance the murderous military machine they also armed.

Underscoring the fact that these crimes have been facilitated by the major North American and European powers, Israeli Prime Minister Benjamin Netanyahu was allowed to defend his actions from the podium of the United Nations last month, even though an arrest warrant against him for war crimes is outstanding.

The imperialists back the genocide as a central component of their drive to secure control over the oil-rich Middle East, part of a global eruption of imperialist war targeting Russia and China. Their support for the genocide has demonstrated that they are ready to deploy any and all means to secure for themselves access to markets, raw materials, labour and geostrategic influence.

This imperialist plunder has culminated in Trump’s “peace” plan, which proposes robbing Palestinians of all their rights by creating a neo-colonial protectorate under the control of America’s would-be Führer and his bagman, the unindicted war criminal Tony Blair. If Hamas follows Trump’s demand to accept this arrangement, the Palestinians will be expelled to make way for a US-controlled trade corridor through the Middle East. If they refuse, Israel will get the green light to slaughter the remaining Palestinians en masse.

A particularly foul role in this process has been played by the bourgeois nationalist regimes of the Middle East. The entire history of the 20th century has shown the incapacity of any form of nationalism to secure the democratic and social rights of the working class. The despicable role of these governments culminated in their embrace of the “peace” plan promoted by Trump, which completely repudiates the right of the Palestinian people to self-determination.

The genocide in Gaza has provoked mass revulsion and opposition throughout the world. Over the past two years, tens of millions have participated in demonstrations spanning every continent, from Europe and the Americas to the Middle East, Africa and Asia. Trump’s plan to turn the Middle East into a US fiefdom on the bones of the Palestinians, and Israel’s violent seizure of the Sumud aid flotilla, have ignited a new and broader wave of protest.

In recent days, millions have filled the streets of Italy, Spain, the Netherlands, India, Pakistan, Malaysia, Colombia and Argentina. In Italy, action initiated by dockworkers, who refused to load weapons for Israel, triggered a one-day general strike of more than 2 million workers and a million-strong march in Rome. Though still limited by the trade union bureaucracies and appeals to the Meloni government, these actions point to the immense potential power of the international working class to halt the genocide.

One day of coordinated strike action has shaken Trump’s closest European ally. An organized, global industrial and political movement of the working class could stop the imperialist war machine in its tracks. Nothing less than a mass, international movement of workers can end the genocide and block the extension of American imperialism’s drive for domination—from Gaza to a wider war aimed at Iran, Russia and ultimately China.

The development of opposition to the genocide must be guided by an understanding of the political lessons of the past two years. The central lesson is the total bankruptcy of all appeals to governments of the imperialist powers. They are not the instruments for halting genocide but its perpetrators and enablers.

The perspective of a two-state solution has failed. Only the unification of all the peoples of the Middle East can lead to a viable future. The Israeli state has proven to be a historical monstrosity, resulting in demoralization and degradation. The Israeli working class must repudiate the poisonous ideology and politics of Zionism, reject the reactionary dystopia of the “Jewish state” and strive for the unity of Israeli and Palestinian workers in the struggle for the United Socialist Federation of the Middle East.

In a lecture delivered on October 24, 2023, three weeks after the beginning of the genocide, WSWS International Editorial Board Chairman David North explained:

In the final analysis, the liberation of the Palestinian people can be achieved only through a unified struggle of the working class, Arab and Jewish, against the Zionist regime, as well as the treacherous Arab and Iranian capitalist regimes, and their replacement with a union of socialist republics throughout the Middle East and, indeed, the entire world.

This is a gigantic task. But it is the only perspective that is based on a correct appraisal of the present stage of world history, the contradictions and crisis of world capitalism and the dynamic of the international class struggle. The wars in Gaza and Ukraine are tragic demonstrations of the catastrophic role and consequences of national programs in a historical epoch whose essential and defining characteristics are the primacy of world economy, the globally integrated character of the productive forces of capitalism, and, therefore, the necessity to base the struggle of the working class on an international strategy.

Two years later, there are growing signs of a global resurgence of working class struggle. The Trump administration’s drive to establish a presidential dictatorship is bringing it into head-on conflict with the working class in the United States, despite all efforts by the Democrats to sow complacency and passivity. President Macron in France is unable to form a stable government, amid mass opposition to his demands for austerity to pay for remilitarisation. Starmer in the UK and Merz in Germany have no popular support whatsoever.

Internationally, there has been an explosion of popular anti-government struggles, led by “Generation Z”—in Kenya, Nepal, Indonesia, the Philippines, Morocco and Madagascar.

The development of this opposition along revolutionary lines requires that workers break free from the control of the social democratic, Stalinist and trade union bureaucracies, along with their pseudo-left defenders, who work to contain and dissipate opposition. This requires building new, democratic organizations of class struggle—rank-and-file committees in every workplace and neighborhood—to coordinate and lead a unified international offensive of the working class.

Workers, students, youth and all opponents of Zionism and imperialism must fight for:

  • An immediate halt to all weapons shipments to Israel;
  • A comprehensive boycott of all trade and other economic activity with Israel;
  • The prosecution of all US, European and other corporations assisting Israel in carrying out the genocide.
  • The arrest of Israeli officials for war crimes;
  • An end to state repression of anti-genocide protesters and the repeal of all anti-demonstration laws;
  • Immediate, unhindered delivery of humanitarian aid to Gaza by all available routes.

These demands must spearhead the broader movement already developing in the working class internationally. The same governments that funnel weapons of death to Israel are erecting dictatorial forms of rule at home to suppress opposition to oligarchic rule, mass impoverishment and the drive to world war.

The genocide in Gaza has laid bare the historical dead end of the capitalist system itself. The “normalization” of genocide is the product of a system that has exhausted any progressive role. It is accompanied by the normalization of fascism, the normalization of military-police dictatorship, the normalization of world war and oligarchic rule.

The perspective that must guide the working class is Trotsky’s theory of Permanent Revolution. The democratic and social aspirations of the oppressed can be achieved only through the independent political mobilization of the working class, on a world scale, for the conquest of power.

The critical task is the building of a new revolutionary leadership to guide this struggle. The International Committee of the Fourth International (ICFI) and its sections, the Socialist Equality Parties, fight to unite workers and youth across all borders in a single movement against capitalism, for the establishment of workers’ governments and the socialist reorganization of the world economy to meet human need, not private profit.

2 years of the Gaza genocide: A crime of Zionism and imperialism Read More »

IMG 0501

Gold price surge continues, passing the $4,000 mark

By Nick Beams.

This article was originally published in the World Socialist Website on 08 October 2025.

After hitting record highs throughout this year, the price of gold continues to surge and has now passed $4,000 an ounce, taking its rise this year to more than 50 percent after a 12 percent increase for September alone.

Image Not Found
Gold bars are shown stacked in a vault at the United States Mint on July 22, 2014 in West Point, New York [AP Photo/Mike Groll]

The gold price surge is a sign of growing uncertainty and doubts over the stability of the international monetary system based on the US dollar as the global currency. As a Wall Street Journal article noted, the gold price “has surged this year more than it did during some of America’s biggest crises” including the 2007–2009 recession and the onset of the pandemic.

Back in June, as the gold surge was accelerating and it had become the second-largest reserve asset held by central banks after the dollar, surpassing the euro, an article in the Financial Times (FT) described it as the “world’s refuge from uncertainty” and pointed to the broader implications of its rise.

Bullion, it said, had “made a roaring comeback, not just among speculators and so-called gold bugs who mistrust paper currencies, but even among the most conservative investors in the world” and that “in a febrile political era, when many of the core assumptions about the global economy are being questioned, gold has once more become an anchor.”

In the four months since these lines were written all the processes it identified have intensified.

The key “core assumption,” not only being questioned but increasingly eroded, is the capacity of the US state and its financial institutions to provide a stable foundation for the international monetary order based on the US dollar as a fiat currency after US president Nixon removed its gold backing in August 1971.

While this process has accelerated under the second Trump presidency it was already well underway before he arrived on the scene.

It has been fueled by the ongoing crises in the US financial system, expressed most sharply in the financial crisis of 2008 and the freezing of the US Treasury market in March 2020 when, for a number of days, no buyers could be found for US government debt, supposedly the safest financial asset in the world.

A central factor in the latest gold surge has been the escalation of US government debt. It now stands at more than $37 trillion. For more than a decade the rise in debt—used to finance wars, tax cuts to the wealthy and corporations as well as government bailouts—was able to proceed almost unnoticed because of the ultra-low interest rates maintained by the Fed.

But after the rate rises started in 2022, the interest bill has become an increasing drain on government finances, such that it has risen to almost $1 trillion annually and is set to become the biggest item in the US budget, surpassing even military outlays.

This has meant that the global monetary system is based on the currency of the most indebted country in the world, whose credit rating has been downgraded by all the three major rating agencies and which needs to borrow money just to pay the interest bill on past debts.

The policies of the Trump administration are working to exacerbate these underlying tensions within the global financial system.

A major blow came with the so-called “reciprocal tariffs” of April 2, through which the Trump regime upended what had remained of the post-war international trading order. The “liberation day” measures led to a spike in Treasury yields combined with a fall in the value of the dollar—a rare occurrence.

Since then, in the trade “deal” with Japan and the proposals of the Trump regime for South Korea, the tariffs have been revealed as the mechanism for standover demands by the US for the investment of hundreds of billions of dollars in the US under the direct control of the administration.

As part of his drive to establish a personalist dictatorship, combined with the moves to establish martial law in major US cities, Trump has moved to try to take direct control of the Fed. This has sparked concerns that its political independence will be effectively ended, sparking concerns in international markets about financial stability leading to an increasing turn to gold as a safe haven.

And the latest surge has been spurred on by the US government shutdown initiated by Trump as part of a drive to sack hundreds of thousands of government employees and axe whole departments.

As Mark Sobel, a former US Treasury official and now the US chair of the think-tank OMFIF told the FT back in June: “Gold’s rise in part reflects the administration’s undermining of the properties underpinning dollar dominance.”

Sobel said that attacking institutions such as the Fed and the courts while “threatening to add massively to debt and deficits through the ‘big, beautiful bill,’ and being an unreliable partner to our allies and partners” had all undercut the dollar’s status.

Others have gone further in their analysis, describing the shift into gold as a move “back to the future.” As the latest surge was getting underway in the middle of the year, Randy Smallwood, chief executive of a precious metals company, told the FT: “It wouldn’t surprise me if, in 20 years, when you take an economics course, there will be a discussion about the 60-year experiment from 1970 to 2030 on fiat currencies, and how it failed.”

In an earlier period, such comments might have been dismissed simply as the outlook of “gold bugs.” Not so today.

Even before the latest actions by Trump, central banks had begun to move. In each of the past three years, they have bought more than 1,000 tonnes of gold, hitting record levels. The bulk of the purchases have been by countries not closely aligned with the US such as China, India, and Turkey. But the rise of gold to be the second-largest reserve asset is an indication that other central banks are heading in the same direction.

The shift is extending to the private sector with the move by investors into gold-backed exchange-traded funds (ETFs). The World Gold Council has reported that $13.6 billion flowed into these funds in September, bringing the total so far this year to $60 billion—a record.

The significance of this shift is reflected in an analysis by Morgan Stanley. The traditional benchmark for investor allocations is 60 percent of funds in equities with 40 percent in bonds. But it suggested that the split should be 60/20/20. That is, gold should have an equal weight with bonds.

Significantly, such is the uncertainty around the financial position and indebtedness of all the major economies—the debt-induced turmoil in France is a case in point—that the move out of the dollar is being accompanied by growing uncertainty about other currencies. As one analyst at a metals trading firm told the FT: “People are looking to short the dollar, but they are not quite sure what currency to purchase—that uncertainty leads you straight to gold.”

And while the gold issue may appear to be simply a market phenomenon—investors trying to capitalize on the surge, others seeking a hedge in times of uncertainty, on top of the concerns of central banks, it goes deeper than that.

The entire fiat monetary system that has prevailed for the past 50 years and more—the foundation for the functioning of the global capitalist order—is starting to unravel, and that will have major economic, financial and political consequences.

Gold price surge continues, passing the $4,000 mark Read More »

Jeff

ආර්ථික බුබුලු “හොඳයි” යැයි ප්‍රකෝටිපති ජෙෆ් බෙසෝස් ප්‍රකාශ කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 03 දින ‘Ultra-billionaire Jeff Bezos declares economic bubbles are “good”යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Jeff
2025 ජනවාරි 20 වන සඳුදා වොෂින්ටනයේ එක්සත් ජනපද කැපිටල් හි රොටුන්ඩා හි 60 වන ජනාධිපති පදවි ප්‍රාප්තිය ඉදිරිපිට වමේ සිට මාර්ක් සකර්බර්ග්, ලෝරන් සැන්චෙස්, ජෙෆ් බෙසෝස් සහ සුන්දර් පිචායි. [AP ඡායාරූපය/කෙනී හොල්ස්ටන්/ද නිව් යෝර්ක් ටයිම්ස්]

සිකුරාදා, ලෝකයේ සිව්වන ධනවත්ම මිනිසා සහ ඇමසන් සමාගමේ නිර්මාතෘ සහ සභාපති, තාක්ෂණ කතිපයාධිකාරී ජෙෆ් බෙසෝස්, එක්සත් ජනපද ආර්ථිකය තාක්‍ෂණික සමාගම් කොටස් මත කේන්ද්‍රගත වූ ආර්ථික බුබුලක් මධ්‍යයේ පවතින බව කෙලින්ම පිළිගෙන එය “හොඳ” බව ප්‍රකාශ කළේය.

එක්සත් ජනපදය ආර්ථික බුබුලක් මධ්‍යයේ සිටින බවට බෙසෝස්ගේ පිළිගැනීම දශක ගණනාවක පූර්වාදර්ශයන්ගෙන් බිඳ දමයි. ප්‍රධාන සමපේක්ෂන උමතුකම් අතරතුර, ඇමරිකාවේ ප්‍රකෝටිපතියන්, ඔවුන් ආර්ථික බුබුලකට ඉන්ධන සපයන බව ප්‍රතික්ෂේප කරනු ඇති අතර, පසුව නොවැළැක්විය හැකි බිඳවැටීම දෙවියන්ගේ අනපේක්ෂිත ක්‍රියාවක් ලෙස හුවා දක්වමින්, මානව වර්ගයාගේ පොදු යහපත සඳහා යැයි කියමින් රජයේ ඇපකර ඩොලර් ට්‍රිලියන ගනනක් එකතු කර ගනු ඇත.

2008 දී එක්සත් ජනපද රජය ඩොලර් ට්‍රිලියන 30 කට වැඩි මූල්‍ය වත්කම්වල වටිනාකම් ඉහළ නැංවීම සඳහා හදිසි කොන්දේසි මත ඩොලර් ට්‍රිලියන 7 කට වඩා ණයට දුන් විට වූ  තිර රචනය මෙය විය. 2020 දී බයිඩන් සහ ට්‍රම්ප් පරිපාලනයන් COVID-19 වසංගතය යොදා ගනිමින් “Cares Act” සහ හදිසි ෆෙඩරල් සංචිත බැංකුවේ ව්ව්මැදිහත්වීම හරහා අධික ලෙස උත්තෝලනය කරන ලද (over-leveraged) බැංකු සහ සංගතවලට ඩොලර් ට්‍රිලියන ගනනක් මාරු කිරීමට කඩතුරාවක් ලෙස භාවිතා කළ විට එය නැවත නැවතත් සිදු විය.

තාක්‍ෂණ සමාගම් සඳහා කොටස් වටිනාකම්වල දැවැන්ත වැඩිවීම ගැන සඳහන් කරමින් බෙසෝස් ප්‍රකාශ කළේ, “මෙය එක්තරා ආකාරයක කාර්මික බුබුලක්” බවයි.

තාක්‍ෂණික කොටස්වල බුබුලක් ඇති බව පිළිගැනීමේදී, බෙසෝස් ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස නිවැරදිය. බරපතල මූල්‍ය විශ්ලේෂකයින් අතර, සෑම අනතුරු ඇඟවීමේ ලකුණක්ම රතු පැහැයෙන් දැල්වෙමින් පවතී. නොසැලකිය හැකි ඉපැයීම් ඇති තාක්‍ෂණ සමාගම්, වඩාත්ම ශුභවාදී අවස්ථාවන්හිදී පවා ඉටු කළ නොහැකි උපකල්පන මත පදනම්ව ආයෝජන සිදු කිරීමට සැලසුම් කරයි. වෝල් ස්ට්‍රීට් ජර්නලයේ මෑත ලිපියක සඳහන් වූයේ, ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සමාගම්, දශක හතරක් පුරා එක්සත් ජනපද අන්තර් ප්‍රාන්ත මහාමාර්ග පද්ධතිය ගොඩනැගීමේ පිරිවැයට වඩා වැඩි මුදලක්, AI දත්ත මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත තාක්ෂණයන් ගොඩනැගීම සඳහා පොරොන්දු වී ඇති බවයි.

බේන් සහ සමාගම විසින් මෑතකදී කරන ලද විශ්ලේෂණයකින් ඇස්තමේන්තු කර ඇත්තේ, AI මත පදනම් වූ මෘදුකාංග සඳහා වත්මන් වාර්ෂික ආදායම වන ඩොලර් බිලියන 45 ට සාපේක්ෂව, යටිතල පහසුකම් වියදම්වල වත්මන් රැල්ල සඳහා ගෙවීමට වාර්ෂික ආදායම ඩොලර් ට්‍රිලියන 2 ක් අවශ්‍ය වනු ඇති බවයි. මෙම 40 ගුණයකින් වැඩි වීම කෙසේ සිදුවනු ඇත්දැයි කිසිවෙකු දන්නේ නැත.

නමුත් ඔහුගේ සමාගම වැනි තාක්‍ෂණ සමාගම්වල වත්කම් වටිනාකම් දැවැන්ත ලෙස අධිතක්සේරු කිරීම හොඳ දෙයක් බව බෙසෝස් පැවසීය. කාර්මික බුබුලු “හොඳ වෙන්නත් පුළුවන්, මොකද දූවිලි තැන්පත් වෙලා [බුබුල පුපුරා යාමෙන් පසු] ජයග්‍රාහකයින් කවුද කියලා ඔබ දකිනකොට, සමාජයට ඒ නව නිපැයුම් වලින් ප්‍රතිලාභ ලැබෙනවා… ඒ වගේම මෙතන සිද්ධ වෙන්න යන්නේ ඒකයි.”

ඇමරිකානු ඉතිහාසය එවැනි “කාර්මික බුබුලු” වලින් පිරී තිබේ. එයින් වඩාත්ම වැදගත්ම එක වූයේ 1920 ගණන්වල “ගර්ජනාත්මක” කාර්මික හා තාක්‍ෂණික ධාරිතාවයේ දැවැන්ත අධික-ආයෝජනයයි; එය 1929 මූල්‍ය බිඳවැටීමට අවසාන හේතුව වූ අතර මහා අවපාතයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය. මෙම කාලාවර්තක බුබුලු සෑම විටම වංචාකරුවන්ගේ පොහොසත් වීමට සහ කම්කරු ජනතාව දුප්පත් කිරීමට හේතු වී තිබේ.

නමුත් මෙය 1920 ගණන්වල හෝ 1930 ගණන්වල නොවේ. ඒ කාලයේ දී, වෙළඳපොළවල් තමන්වම “පිරිසිදු” කර ගැනීමට ඉඩ දීම ආර්ථික සම්ප්‍රදාය විය. බැංකුකරු ඇන්ඩෲ මෙලන්ගේ ආදර්ශ පාඨය වූයේ: “ශ්‍රමය ඈවර කරන්න, කොටස් ඈවර කරන්න, ගොවීන් ඈවර කරන්න, දේපළ ඈවර කරන්න. එය පද්ධතියෙන් කුණුවීම ඉවත් කරනු ඇත.”

මෙම දැක්ම එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. නිල ආර්ථික විද්‍යාවේ සමස්ත රාමුවම, හිතකර අනුපාත යටතේ අසීමිත ණය ලබා දීම පමණක් නොව, බැංකු සහ සංගතවලට ලබාදෙන සෘජු රජයේ ඇපකර හරහා ද මූල්‍ය අර්බුද ඕනෑම වියදමකින් සමනය කළ යුතු බවට ප්‍රකාශ කිරීමට මාරු වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මූල්‍ය බුබුලු බිඳවැටීමේ විභවය ප්‍රධාන සංගතවල ශේෂ පත්‍රවලට පමණක් නොව, එක්සත් ජනපද රජයේ, එහි මහ බැංකුවේ සහ සමස්ත ඩොලර් මත පදනම් වූ මූල්‍ය පද්ධතියේ නුබූන්වත්කමට ද තර්ජනය කරයි.

2008 සහ 2020 දී මෙම ඇපකර මගින් බෙසෝස්ගේම ධනයේ දැවැන්ත වැඩිවීමක් සඳහා කොන්දේසි නිර්මානය කරන ලදී. 2007 දී බෙසොස්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 8.7 ක් විය. 2008 බිඳවැටීමෙන් වසර 10 කට පසු, 2018 වන විට ඔහුගේ ධනය ඩොලර් බිලියන 161 දක්වා ඉහළ ගොස් තිබුණි. එතැන් සිට එය තවදුරටත් වර්ධනය වීම පමණක් සිදු වී ඇත අතර,  වර්තමානයේ මුළු වත්කම ඩොලර් බිලියන 250 කි.

ජනක AI (generative AI) හි යටින් පවතින ආර්ථික සංවර්ධනය සමාජයට ප්‍රතිලාභ ලබා දෙන බවට වන පදනම මත බෙසෝස් මූල්‍ය වත්කම්වල වර්තමාන අධි තක්සේරුව ආරක්ෂා කරයි. නිසැකවම, සමාජවාදය ලෙස හැඳින්වෙන සමාජයට ප්‍රතිලාභ ලබා දීම සඳහා සංවිධානය කරන ලද ආර්ථික පද්ධතියක, ජනක AI දැවැන්ත ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. නමුත් ධනවාදය යටතේ, ජනක AI හි දැවැන්ත ශ්‍රම ඉතිරි කිරීමේ බලයේ බලපෑම ප්‍රධාන වශයෙන් සමස්ත ශ්‍රම පන්තින් ප්‍රතිස්ථාපනය කිරීම, විරැකියාව ඉහළ නැංවීම, වැටුප් පහත හෙලීම සහ ආර්ථික අසමානතාවය වැඩි කිරීමයි.

කෙසේ වෙතත්, බුබුල AI වලට පමණක් සීමා නොවන බව බෙසෝස් දනී. ගෝලීය ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියන 4 ක තක්සේරුවකට ලක්ව ඇති අතර, බිට්කොයින් ඩොලර් බිලියන 47 කින් ඉහළ ගොස් ඇත. ජනක AI මෙන් නොව, ක්‍රිප්ටෝ මුදල් අපරාධ සහ මුදල් විශුද්ධිකරණයෙන් පිටත කිසිදු වැදගත් භාවිතයක් ඇති බව කිසි විටෙකත් පෙන්වා නැත.

AI බුබුල පමණක් නොව ක්‍රිප්ටෝ මුදල් බුබුල ද නොවැළැක්විය හැකි දියවීමකට ලක් වූ විට රජයන්ගේ ප්‍රතිචාරය කුමක් වේද? ට්‍රම්ප්ගේ සෙසු කතිපයාධිකාරීන්ට ඇප ලබා දීම සඳහා අතිවිශාල හා පෙර නොවූ විරූ නව මුදල් ලබා දෙමින් ට්‍රම්ප් රජය වහාම ක්‍රියාත්මක වනු ඇත.

මෙම ඇපදීම සඳහා ගෙවනු ලබන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙය මතු කරයි. එක්සත් ජනපද ෆෙඩරල් ණය ඩොලර් ට්‍රිලියන 37 දක්වා ළඟා වී ඇති අතර, ණය-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය එක්සත් ජනපද ඉතිහාසයේ ඉහළම මට්ටමේ පවතී. ඩොලරයේ නුබුන්වත්භාවය පිළිබඳ වෙළඳපල අවිනිශ්චිතතාවයට විකල්පයක් වන රත්‍රන්වල මිල ඩොලර් 3,900 දක්වා ළඟා වී ඇති අතර එය මාස හයක් තුළ සියයට 25 කින් ඉහළ ගොස් තිබේ.

යථාර්ථය නම්, මූල්‍ය කතිපයාධිකාරීන් පැත්තෙන් ඔවුන්ගේ ධනය තිරසාර නොවන මූල්‍ය බුබුලකින් ආධාරක වන බවට ඇති දැනුම, සමාජ වියදම් කප්පාදු කිරීමට, ලක්ෂ සංඛ්‍යාත ෆෙඩරල් සේවකයින් සේවයෙන් පහ කිරීමට සහ ප්‍රධාන හිමිකම් වැඩසටහන් – මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂණය – විනාශ කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරන ක්‍රමානුකූල උත්සාහයන් පිටුපස පවතී. බුබුල අනිවාර්යයෙන්ම පුපුරා යන විට ඔවුන්ගේ බොල් ණය වලට ඇප තැබීමට මෙම මුදල් අවශ්‍ය වන බව ඔවුන් සම්පූර්ණයෙන්ම දනී.

තව දුරටත් ධනය මහත් ලෙස ඉහළට යලි බෙදාහැරීමකට මහජන විරෝධයක් ඇති වනු ඇති බව කතිපයාධිකාරීන් ඒ හා සමානව හොඳින් දනී. ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ට්‍රම්ප් දරන උත්සාහයට ඔවුන්ගේ සහයෝගය පිටුපස ඇත්තේ මෙයයි.

ආර්ථික බුබුලු “හොඳයි” යැයි ප්‍රකෝටිපති ජෙෆ් බෙසෝස් ප්‍රකාශ කරයි Read More »

Commemoration

කටුවන සමූලඝාතනය: වසර 36ක බිය ගැන්වීම්වලින් සහ අඛණ්ඩ දණ්ඩමුක්තියකින් පසු ඥාතීහු වින්දිතයන් අනුස්මරණය කරති

අපගේ වාර්තාකරු විසිනි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් 2025 සැප්තැම්බර් 05 දින thesocialist.lk හි පල විය. 

Commemoration
කටුවන සමූලඝාතනයේ වින්දිතයන් – දකුණේ සිට: සිසිලියානා, එඩ්වින්, නිල්මිණි, මතගලතා, සුජිතසීලි, චන්ද්‍රලේකා සහ නිරංජලා. 1990 දී ඝාතනය වූ චූලානන්ද, වමේ සිට මුලින්ම.

අගෝස්තු 27 වන දින, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන දී, 1989 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් සමූලඝාතනය කරන ලද පවුලේ සාමාජිකයින් හත් දෙනාගේ ඥාතීන් විසින් ඔවුන්ව බෝම්බ ප්‍රහාරයට ලක් කරන ලද එම ස්ථානයේම, තම ආදරණීයයන් සැමරීමේ අවස්ථාවක් පවත්වන ලදී. වසර 36ක් අපරාධකරුවන්ට ලැබුනු දණ්ඩමුක්ති‍යකින් සහ වින්දිතයින්ගේ ඥාතීන්ට එරෙහි පීඩනයෙන් පසු රාජ්‍ය භීෂණයට ගොදුරු වූ මෙම වින්දිතයන් අනුස්මරණය කරමින් සැමරුම් උත්සවයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය. theSocialist.lk වාර්තාකරුවෝ මෙම අවස්ථාවට එක් වූහ.

දශක තුනහමාරකට සහ තවත් වසරකට පෙර,  ඒ මාරක රාත්‍රියේදී, ශ්‍රී ලංකා හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ  6 වැනි බලඇණිය එම පවුලේ නිවස ආක්‍රමණය කළේය. එම අවස්ථාවේ නිවසේ සිටි එකම පිරිමියා වූයේ සිංහල පාරම්පරික වෛද්‍යවරයෙක් වූ 63 හැවිරිදි  ජේ.එච්.ඒ. එඩ්වින් පියා ය. අනෙක් අය වූයේ 53 හැවිරිදි මව වන එච්.ඒ. සිසිලියානා, තරුණ දියණියන් තිදෙනා වූ, ජේ.එච්.ඒ. නිල්මිණි අශෝකා (25), ජේ.එච්.ඒ. මතඟලතා (20), ජේ.එච්.ඒ. සුජිතසීලි (15), ඥාති දියණියක් වූ ඩබ්ලිව්.ඒ.චන්ද්‍රලේකා (24) සහ 6 හැවිරිදි මිනිබිරිය වූ එන්.ඒ.නිරංජලා විල්සන්ය. සියල්ලෝම සිංහල වාර්ගිකයෝ වූහ. හමුදාව ඔවුන් සියල්ලන්ම එම ස්ථානයේදීම මරා දැමුවේය, නැතහොත් (පසුව මරා දැමූනු ලැබූ) සමහර සාක්ෂිකරුවන්ට අනුව, තරුණ ගැහැණු ළමයින් හතරදෙනා හමුදා කඳවුරට ගෙන ගොස් දින තුනක් දූෂණය කර මරා දමන ලදී. නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර නිවස සමඟ පවුලම දවා ලනු ලැබූහ.

ඥාතීන් තම ආදරණීයයන්ගේ පින්තූර ප්‍රදර්ශනය කර ඉටිපන්දම් දැල් වූහ. දිවි ගලවා ගත් දියණියන් දෙදෙනෙක්, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්, මුණුබුරන් සහ ඔවුන්ගේ පවුල් සහ මිතුරන් විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් පැවැත් වූහ. දශක ගණනාවකට පසුවත් ඔවුන්ගේ කඳුළු වියළී නොතිබුණි. එඩ්වින්ගේ මුණුබුරෙකු වන විමුක්ති මෙසේ සභාව ඇමතීය: 

දිගු වසර 36 ක් තිස්සේ, ඔවුන්ගේ මතකය සැමරීම සඳහා අපට මෙම ඓතිහාසික අවස්ථාව උදා කර ගැනීමට නොහැකි විය. අපට මෙහි පැමිණීමට, ඔවුන්ගේ නම් හඬ ගා කීමට සහ විවෘතව ශෝකය පල කිරීමට අපට නොහැකි විය. භීෂණ තත්ත්වය, මර්දනයේ වාතාවරණය සහ සත්‍යය සහ යුක්තිය සොයන මිනිසුන්ට එරෙහිව අඛණ්ඩව පැවති තර්ජනය අප වැනි පවුල් නිහඬ කළේය. නමුත් නිහඬතාවය යනු අමතක කිරීම නොවේ. මේ වසර ගණනාව අපගේ ශෝකය ගැඹුරු කර ඇති අතර අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කර ඇත.

අද අපි ඒ නිහඬතාවය බිඳ දමමු…ඒවා ක්‍රියාත්මක කළ හමුදාව, ඝාතක කණ්ඩායම් සහ පොලිසියේ සිට ඒවා මෙහෙයවූ දේශපාලන අධිකාරියේ අය දක්වා, නීතිය ඉදිරියේ නොවේ නම්, ඉතිහාසය ඉදිරියේ වගවීමට ලක්කල  යුතුය.

අපේ ඥාතීන්ගේ රුධිරය කෑගසන්නේ පළිගැනීම සඳහා නොව සත්‍යය හා යුක්තිය සඳහා ය. මෙම ජීවිත වැදගත් බවත්, දුප්පතුන්, ගම්වැසියන්, එම වසරවල මරා දැමූ අහිංසක මිනිසුන්, ගැහැනුන් සහ තරුණයින්ගේ ජීවිත ගෞරවනීය බව පිළිගැනීම සඳහා එය කෑගසයි.

මෙවැනි අපරාධ නැවත කිසිදා සිදු නොවිය යුතු බවට විරෝධය පළ කිරීමේ ගැඹුරු සලකුණක් ලෙස අපි ඔබේ නම් සහ ඔබට එල්ල කරන ලද කෲරත්වයන් පිලිබද මතකය ඉදිරියට ගෙන යන්නෙමු.

සත්‍යය, යුක්තිය සහ ගෞරවය වෙනුවෙන් සහ රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කරන සැමට ඔබේ මතකය ධෛර්යය ලබා දෙනු ඇත.”

එඩ්වින් සහ සිසිලියානාගේ එකම පුත්‍රයා වූ ජේ.එච්.ඒ. චූලානන්ද (22)ගේ නම  සඳහන් කරමින්, ඔහු “යුක්තිය සහ සමාජ සමානාත්මතාවය අපේක්ෂා කළ නමුත් යුගයේ ප්‍රතිගාමී දේශපාලන බලවේග විසින් නොමඟ යවන ලද තරුණයෙක්” බවත්, 1990 ඔක්තෝම්බර් මාසයේදී බෙලිඅත්ත පොලිසිය විසින් ඝාතනය කරන ලද බවත් හෙතෙම ප්‍රකාශ කළේය. චූලානන්ද, 1988-1990 කාලය තුල, ෆැසිස්ට් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ බව පැවසේ. කරුනු පැහැදිලි කරන්නේ, ඔහුව අල්ලා ගැනීමට හෝ මරා දැමීමට අපොහොසත් වූ කළ, හමුදාව, පළිගැනීමේ හා ත්‍රස්ත ගැන්වීමේ ක්‍රියාවක් ලෙස, ඔහුගේ මුළු පවුලම සමූලඝාතනය කිරීම සැලසුම් කරන ලද බවයි. 

Katuwana massacre commemoration
කටුවන සමූලඝාතනයට ගොදුරු වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ දණ්ඩමුක්තියේ වසර 36 සනිටුහන් කරමින් තම ආදරණීයයන් අනුස්මරණය කරති.


සාක්ෂි

මරා දැමුනු අයගේ ඥාතීන් සමඟ අපි කතා කළෙමු. එඩ්වින්ගේ වැඩිමහල් දියණිය චාන්දනී (63) වසර ගණනාවක වේදනාව, විඳදරාගැනීම සහ ජීවන අරගලය පිළිබඳ ඇගේ දුක්බර කතාව අප සමඟ මෙසේ පැවසුවාය: 

“මගේ තාත්තට මිනිස්සු කිව්වේ වෙද මහත්තයා කියලා. මිනිස්සු ගොඩක් ඔහුට ආදරේ කළා. ඔහු හරිම අහිංසක, කරුණාවන්ත, අවංක මනුස්සයෙක්. ඔහු අවිද්දෙ හෙමින්,  මුහුන ප්‍රියමනාප හිනාවකින් පිරී තිබුනා, මෘදුව කතා කළා, සරමයි ජාතික ඇඳුමයි ඇඳලා හිටියේ. ඉස්සර පැවිදි වෙලා ආයුර්වේද පොත් ගණනාවක් පළ කරලා තිබුණා. ඔහුගෙන් ඖෂධ ප්‍රතිකාර ලැබූ බොහෝ දෙනෙක් මා හමුවී මගේ පියානන්ගෙන් සහ මවගෙන් ලැබුණු දයානුකම්පිත සහ, බොහෝ විට නොමිලේ වූ ප්‍රතිකාර ගැන මට පැවසූවා.

අපේ පවුල දුවලා හය දෙනෙක්ගෙන් වූ ලොකු පවුලක්, මගේ සහෝදරයා චූලානන්ද එකම පුතා. අපේ පවුලේ ආර්ථිකය යැපුනේ මගේ පියාගේ ආයුර්වේද වෙදකමෙන් ලැබෙන සොච්චම්, නමුත් ස්ථාවර ඉපැයීම් මතයි. අපිට කුඹුරු ඉඩම් සහ අක්කර ගාණක පොල්, කුරුඳු, හා පැඟිරි ඉඩම් තිබුණා; ඒවා තාත්තා වගා කරලා කළමනාකරණය කළා. මගේ පියා ජයගත් නමුත්, ඒ ඉඩම් පිළිබඳ නඩු හබ නිසා ඔහුට මූල්‍යමය වශයෙන් අලාභ වුනා වගේම ඔහුගේ ව්‍යාපාර කඩා වැටුණා.  අපි හැමෝම ජීවත් වුණේ වරිච්චි ගහල මැටි වලින් හදපු ගෙදරක. කොහොම වුණත්, අපි හැමෝටම හොඳට කන්න දෙන්න, අපිට උගන්වන්න, අසරණ අයට උදව් කරන්න මගේ තාත්තාට තවමත් හැකියාව තිබුණා. 

1971 වන විට මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රබල ආධාරකරුවෙක් වුනා. කෙසේ වෙතත්, 1977 වන විට, ඔහු සමඟි පෙරමුණු ආණ්ඩුව එපා වී, අතෘප්තියට පත් වී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නා. එහි නායක ජේ.ආර්.ජයවර්ධන “ධර්මිෂ්ඨ සමාජයක්” පොරොන්දු වුණා.  

අපි හැමෝම ගියේ කටුවන මහා විද්‍යාලයට. මගේ මල්ලී හතේ ශ්‍රේණියෙන් පසු අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ නැහැ. ඔහු ඉතා කාරුණික හා සමාජශීලී තරුණයෙක්. ගම්වැසියන්ට බොහෝ උපකාර කළා. ඔහු තම පවුලේ අයට වඩා තම මිතුරන් සහ අසල්වැසියන් ගැන සැලකිලිමත් වුනා. බොහෝ විට ඔහු නිවසේ සිටි කාලයට වඩා වැඩි කාලයක් නිවසින් බැහැරව සිටියා. ඔහුගේ කැපී පෙනෙන හා බුද්ධිමත් ස්වභාවයත්, සිත් ඇදගන්නා පෙනුමත් නිසා ස්වභාවිකවම තරුණයින් ඔහුව ඔවුන්ගේ නායකයා ලෙස සැලකූවා. ඔහුට රැකියාවක් කිරීමට අවශ්‍ය වූ නමුත් ගම හැර යාමට ඔහුට අවශ්‍ය නොවීය. මම හිතන්නේ ඔහු 1987 අගභාගයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධකම් ඇතිකරගෙන තිබුණා. 

මගේ සහෝදරයා ගමේ මැරයන්ගේ සහ පියාගේ හිටපු විරුද්ධවාදීන්ගේ උදහසට ලක්ව සිටියා. වරක් ඔවුන් හෙල්ලයෙන් ඇන ඔහුගේ ජීවිතය නැති කිරීමට පවා උත්සාහ කළා. ඔහු යන්තම් දිවි ගලවා ගත් නමුත් ඔහුගේ මිතුරා තුවාල ලබා මිය ගියා. 

1979 දී මම ගුරුවරයෙක් සමඟ විවාහ වී වෙනම ජීවත් වුණා. මගේ වැඩිමහල් සහෝදරියක් (ඉන්දුමතී) පසුව පොලිස් නිලධාරියෙකු සමඟ විවාහ වී 1989 මුල් භාගයේදී වැලිමඩ පදිංචියට ගියා. අනෙක් සියලුම සහෝදරියන් මගේ දෙමව්පියන් සමග මහගෙදර ජීවත් වුනා. බාලමයාට වැඩිමල් නංගී ‘ලොකු’ (සුජිතසීලි) සාමාන්‍ය පෙළ (සා/පෙ) විභාගයටත්, ‘හිච්චි’ (මතඟලතා) උසස් පෙළ (උ/පෙ) විභාගයටත් ඉගෙන ගනිමින් සිටියා. නීලා (නිල්මිණි) උසස් පෙළින් පසුව රැකියාවක් බලාපොරොත්තුවෙන් වෘත්තීය පුහුණු පාඨමාලාවලට සහභාගි වෙමින් සිටියා.

1989 අගෝස්තු මාසේ ඉස්කෝලේ නිවාඩු කාලේ මගේ වැඩිමල් නංගිලා දෙන්නා [නිල්මිණි සහ මතඟලතා] අපිව බලන්න වලස්මුල්ලේ [කටුවන සිට කිලෝමීටර් 17ක්] අපේ ගෙදරට ආවා. අපගේ මහගෙදර පිහිටා තිබුණෙ කටුවන ගොවි ජන සේවා මධ්‍යස්ථානය පරිශ්‍රයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින්. මගේ සහෝදරියන් හමුදා කඳවුර පසුකර යද්දී සමහර සොල්දාදුවන්, ‘හා…රවුමක් දාල එන්න’ යි කෑ ගසා  තිබුණා. ඒ අගෝස්තු 26 වැනි දා, සෙනසුරාදා දිනයක්. 

මගේ නංගිලා අපිත් එක්ක දවල්ට කෑවා. ඒක තමයි අපි එකට ගත්ත අන්තිම කෑම වේල. මගේ දරුවන් තිදෙනාම ඔවුන්ගේ ආච්චිලා සීයලා සහ පුංචිලා සමඟ නැවතී සිටීමට බොහෝ කැමැත්තක් දැක්වූවා. ඉතින්, තුන්දෙනාම පුංචිලා එක්ක යන්න කියලා අඬන්න ගත්තා. අන්තිමට මගේ දුව නිරංජලා එයාලා එක්ක ගියා. 

ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන නිසා අගෝස්තු 29 වෙනිදා උදේ මගේ මහත්තයා [සැමියා] අපේ දුවව ගෙදර එක්කන් එන්න යාළුවෙක් එක්ක කටුවනට ගියා. මගේ මහත්තයා බෝම්බ දැමූ නිවස දුටුවා; මිනිස් මාංශ සහ හිස් කබලක් පිළිස්සෙනු ඔහු දුටුවා. මගේ දරුවා ඇතුළු කිසිවෙක් ජීවතුන් අතර සිටියේ නැහැ.  

සිද්ධියෙන් පසු මම වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගියේ ඒ වන විට කටුවන ප්‍රදේශයේ පොලිසියක් නොතිබූ බැවිනි. පොලිසිය මගේ පැමිණිල්ල සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කළා. ස්ථානාධිපති (OIC), කේ.එම්. ප්‍රේමතිලක එයාගේ පිස්තෝලය මගේ කටට තියලා, ‘උඹ ගෑණි, කට වහගෙන හිටපං. අවි ගත්තෝ අවියෙන් නසිති,’ කියලා කෑ ගැහුවා.

හරියටම මගේ 28 වැනි උපන්දිනය දවසේ, 1990 ඔක්තෝබර් 22 වැනිදා, බෙලිඅත්ත පොලිසියෙන් මගේ මල්ලී ඝාතනය කළා කියලා සිල්වා කියල කෙනෙක්ගෙන් මගේ මහත්තයාට තොරතුරක් ලැබුණා. මගේ මල්ලීට වෙඩි තැබූ බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපති දසනායක මෙම ඝාතනය පිළිබඳව ඉක්මනින්ම පළාත් සභා මන්ත්‍රී කේ. ධනපාලට දන්වා තියෙනවා. ධනපාල [ඔහු අවුරුදු කිහිපයකට පෙර මිය ගියේය] මගේ සහෝදරයාගෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වේ යැයි බිය විය; නමුත් එය කිසි විටෙකත් එසේ නොවීය. ධනපාල තෘප්තිමත් කරවන්න දේහය ඔහුට පෙන්වූ පසු පොලීසිය මල්ලීගේ සිරුර ටයර් සෑයක් මත  පුලුස්සා තිබුණා.

ධනපාලටත් බොහෝ කලකට පෙර මගේ පියා සමඟ ඉඩම් ආරවුලක් තිබුනා. ඔහු මගේ පියාට එරෙහිව පවරා තිබූ නඩුවක් පැරදුණා. ධනපාල සහ අප අතර කුල භේදයක්ද  තිබුනා. මගේ පියාත්, ගමේ ඒ මුළු කොටසම පාහේත් ධනපාලගේ කුලයට වඩා උසස් කුලයකට අයත් වූවක්. ගමේ විවිධ කුලවලට අයත් මිනිසුන් ජීවත් වුනේ ‘මණ්ඩි’ [පොකුරු] හැටියට.”

චාන්දනීගේ ස්වාමිපුරුෂයා වන චමල් (69) සිය කම්පන සහගත අත්දැකීම් මෙසේ හෙලි  කළේය:

“අගෝස්තු 29 වෙනිදා උදේ මම මගේ යාළුවෙක් එක්ක එයාගේ කාර් එකේ දුවව ගෙදර එක්කන් එන්න කටුවනට ගියා. මගේ යාළුවාට ඕන වුණා ධනපාල මන්ත්‍රීව හම්බවෙලා එයාගේ අයියගෙ පුතාව වලස්මුල්ල යුද හමුදා කඳවුරෙන් නිදහස් කර ගන්න උදව්වක් ඉල්ලන්න. කටුවන යුද හමුදා කඳවුරේ මාර්ග බාධකය ළඟ හමුදාව අපේ කාර් එක නතර කළා. මගේ යාළුවා කිව්වා අපි මන්ත්‍රී තුමා හම්බ වෙන්න යනවා කියලා. ඒනිසා, අපිට යන්න දුන්නා.

අපි නිවස පිහිටි ස්ථානයට ළඟා වූ විට මට නිවස  දකින්නට ලැබුනේ නැහැ. මට පෙනුනේ දුම විතරයි. මම ළඟට ගියා. මට මගේ ඇස් අදහා ගන්න බැරි  උනා. නිවස කඩා විනාශ කර දමා සියල්ල ගිනිබත්  වෙමින් පැවතියා. ප්‍රධාන දොරට කිට්ටුව ගේ ඇතුලේ මිනිස් මාංශ පිච්චෙනවා මම දැක්කා. හිස් කබලක් පිච්චෙනවා මම දැක්කා. මට හිටගෙන ඉන්න බැරි වුණා. ගමේ එක්කෙනෙක් දෙන්නෙක් ඇවිත් මාව තදින් අල්ලගත්තා. මගේ නැන්දම්මාගේ සහෝදරියක් මා ළඟට ඇවිත් ‘කවුරුත් ජීවතුන් අතර නැහැ. හැමෝම පිච්චිලා’, කියලා කිව්වා. මම මගේ දුවගේ නම කියමින් කෑගැසුවා. පුංචිඅම්මා මට කිව්වා, ‘මහත්තයා දැන් යන්න. හමුදාව ආවොත් මහත්තයත් මරයි’. ඊට පස්සේ මගේ යාළුවා මාව කාර් එක ඇතුලට තල්ලු කරලා ආපහු ගෙදර ගෙනාවා. මම මගේ බිරිඳට හැමදේම කිව්වා. ඇය පොලොවේ හැපෙමින් වැලපුණා.

සති කිහිපයකට පසු, ධනපාලගේ මුරට හිටපු ග්‍රාම ආරක්ෂකයෙකු වූ [රජයේ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෙක්] ගාමිණී මට කියා සිටියේ ඔහු සහ තවත් මුරකරුවෙකු අපරාධය කරන විට හමුදාව සමඟ සිටි බවත්, හමුදාවෙන් සියලු දෙනාම මරා දැමූ බවත්, ඒනිසා ඔවුන් ගැන නොසොයන ලෙසත් ය. සහෝදරියන් හතර දෙනා කටුවන හමුදා කඳවුරට ගෙන ගොස් එහි දින තුනක් දූෂණය කර වධ දී මරා දැමූ බව ඔහු මට කීවේය. වැඩි කල් යන්නට මත්තෙන් ඒ මුරකරුවන් දෙදෙනාම ඝාතනය වූ බව මට දැන ගන්නට ලැබුණා.

එම කාලය තුළම අපි පොලිස් ස්ථානවල පැමිණිලි කිරීමට උත්සාහ කළා. ඔවුන් තවමත් කිසියම් රැඳවුම් මධ්‍යස්ථානයක ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නිසා අපි හමුදා කඳවුරුවල පවා ඔවුන් සොයමින් සිටියා. මමත් මගේ බිරිඳත් වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක් කරන්න ගියාම අපිව එලව ගත්තා. මගේ ඥාතීන් ගැන තොරතුරු දැන ගන්න සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බළඇණියේ කපිතාන් පී.එල්.යූ. බුද්ධදාස හමුවීමට වලස්මුල්ල හමුදා කඳවුරට යාමට පවා මම එඩිතර වුණා. ඔහු මට කිව්වා, ‘ඔවුන් ගැන හොයන්න එපා. ඒ අය ඔක්කොම මැරිලා. ඔවුන් වෙනුවෙන් පිනක් දහමක් කරන්න,’ කියලා. මම තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට (ඒඑස්පී) පැමිණිලි කිරීමට ගිය විට සහකාර පොලිස් අධිකාරී ඒකනායක මට තර්ජනය කරමින්, ‘තමුන් ගුරුවරයෙක්; මැරිච්ච මිනිස්සු ගැන සෙවීමට උත්සාහ කරන්න එපා. එසේ නොවුණහොත් තමුන්ට තමුන්ගේ ජීවිතයත් අහිමි වෙයි’, කියලා කෑ ගැසුවා.

මට මිද්දෙණිය පොලිසියට පැමිණිල්ලක් කරන්න පුළුවන් වුණේ 1994 සැප්තැම්බර් අගදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති වුණාට පස්සේ. අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි කරන්නත් අපට පුළුවන් වුණා. මුත්තෙට්ටුවේගම කොමිසමේ අවසන් වාර්තාවේ අපේ ඥාතීන් හත් දෙනාගේ නම් තිබෙනවා.

කෙසේ වෙතත්, 1998 න් පසු මෙම නඩුව කිසි දිනක ඉදිරියට ගියේ නැහැ. සමූල ඝාතන භූමියේ සාම්පල එකතු කර වසර හතරක් ගතවී තිබියදී, මෙම නඩුව ක්‍රමානුකූලව වළලන්නට පොලිසිය ධනපාල සමඟ හවුල් වී ඇති බව අපට දැනගන්නට ලැබුණා. 

මටත්, මගේ බිරිඳටත් විඳදරාගැනීමට සිදු වූ දිගුකාලීන මානසික කම්පනය නිසා මට ගුරුවරයෙක් ලෙස මගේ වැඩ කටයුතු අවංකව කරගෙන යාමට නොහැකි වුනා. ඒ නිසා මම අංක 44/90 චක්‍රලේඛය යටතේ විශ්‍රාම යාමට තීරණය කළා. ඊට පස්සේ අපේ පවුලේ තත්ත්වය නරක අතට හැරුණා. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් මගේ පවුලේ පැවැත්ම සඳහා මට අරගල කිරීමට සිදුවුණා.

චන්ද්‍රිකා එල්ටීටීඊය [දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය] සමඟ යුද්ධය නැවත ආරම්භ කළා. 1998 වන විට ශ්‍රී ලංකා හමුදාව යාපනයේ අහිංසක දෙමළ ජනතාවට කළ අපරාධ ගැන අපට දැනගන්නට ලැබුණා. ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ ඇගේ පවුලේ අය චෙම්මනිහිදී ඝාතනය කිරීමේ සිද්ධිය අපගේ ආත්මයන් කම්පා කළා. එතකොට අපිට තේරුණා සමහර වෙලාවට අපේ පවුලට කරපු අපරාධවලට වඩා දෙමළ මිනිස්සුන්ට උතුරේ විඳවන්න සිද්ධ වෙන්න ඇති අපරාධවල තරම. පසුව, මහින්ද රාජපක්ෂ යුද්ධය දිගටම කරගෙන ගියා; ඔහුගේ සහ ඔහුගෙන් පසු සියලු රජයක්ම කුලී මිනී මරුවන් ‘රණ විරුවන්’ ලෙස වර්ණනා කළා. ඒ මුළු කාලය පුරාම අපව නිහඬ කරනු ලැබුවා.”

එකල ව්‍යාජ “මානව හිමිකම්” සටන් කරුවන් පිලිඹඳ ඔහුගේ අත්දැකීම් ගැන ද ඔහු අපට පැවසීය: 

“මගේ බිරිඳගේ අනාථ වූ බාලම සොහොයුරිය ඒ කාලය තුළ ඉගෙනුම ලබමින් අප සමඟ ජීවත් වූවා. වරක්, 1997 මුල් භාගයේදී, ඇයට රැකියාවක් සොයා දීමට උදව්වක් අපේක්ෂාවෙන් මම ඇය සමඟ මහින්ද රාජපක්ෂ හමුවීමට ඔහුගේ තංගල්ල කාල්ටන් කාර්යාලයට ගියා. මගේ දෙමව්පියන් ඩී.ඒ. රාජපක්ෂ වෙනුවෙන් වැඩ කළා; තරුණයෙකු ලෙස මම මහින්දගේ මැතිවරණ සඳහා මැතිවරණ ව්‍යාපාරයේ නියැලිලා තිබුණා. ඉතින්, මම ඔහුව පෞද්ගලිකව දැන සිටියා. ඔහුව හමුවීමට බොහෝ වේලාවක් බලා සිටීමෙන් පසු, අපි බලහත්කාරයෙන් ඔහුගේ කාමරයට ඇතුළු වී පවුලේ සමූලඝාතනයෙන් පසු අපගේ දුෂ්කර තත්වය ඔහුට දැනුම් දුන්නා. ඔහු අපට කෑ ගැසුවා: ‘බලන්න, මේ කට්ටිය ජවිපෙට වැඩ කරලා මරෝගෙන, දැන් රැකියා ගන්න මගේ උදව් ඉල්ලගෙන ඇවිත්’. මගේ නෑනා හඬා වටුනා. ඇයට ඔහුගෙන් රැකියාවක් හෝ කිසිදු උදව්වක් ලැබුණේ නැහැ.”

පවුලේ ඉතිරි වූ තවත් වැඩිමල් දියණියක් වන ඉන්දුමතී ප්‍රාදේශීය දේශපාලකයා පවුල කෙරෙහි බැඳගෙන තිබූ ද්වේශය පිළිබඳ සිය අත්දැකීම මෙසේ පැවසුවාය: 

“මගේ තාත්තා 1988 අග සහ 1989 මුල මැතිවරණවලදී එජාපයට සහය දුන් නිසා, මහ මැතිවරණයෙන් පසු, මගේ පියා මා සමඟ ගියා ධනපාල මන්ත්‍රීට කතා කිරීමට. අපේ දෙමවුපියන්ගේ නිවස තිබුණේ ඔහුගේ නිවසට යාර කිහිපයක් දුරින්. ඔහු මුල්කිරිගල ආසනයේ එවකට එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරයා වූ ආනන්ද කුලරත්නගේ බාප්පා විය. පසු කාලීනව අපට දැනගන්නට ලැබුණා මගේ සහෝදරයා ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ක්‍රියාකාරකම්වල පූර්ණ කාලීනව නියැලී සිටි බව.  මැතිවරණවලදී ඡන්දය නොදෙන ලෙස ජවිපෙ නියෝග කර තිබුණා [දකුණු පළාතේ පළාත් සභා මැතිවරණය 1988 ජුනි මාසයේදී පැවැත්විණි]. ධනපාල හිතුවෙ ජවිපෙ සහ එහි සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV) මගින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව යි. කෙසේ වෙතත්, ගම්වැසියන් පවසන්නේ මගේ සහෝදරයා ගමේ කිසිවෙකුට, අපේ පවුලට ඊර්ෂ්‍යා කළ අයට පවා, හානියක් කිරීමට කිසිඳු ඉඩක් නොතැබූ බවයි. මට හෝ අපේ පවුලේ වෙනත් කිසිවෙකුට රැකියා සොයා දීම ධනපාල දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. ‘ඔය ගෙදර ත්‍රස්තවාදියෙක් ඉන්නවා. වෙද මහත්තයා සිටියේ නැත්නම්, මෙලහකටත් ඔය ගෙදර තමුසෙලත් එක්කම අලුවෙලා ඉවරයි,’ කියල ඔහු කෑ ගැසුවා.

නමුත්, මගේ දෙමවුපියන් හෝ කිසිවකු ළඟදීම නියමිත සමූල ඝාතනයක් ගැන සිහිනෙන්වත් නොසිතුවේ, එවැනි සිදුවීම් අප මීට පෙර අසා නොතිබූ නිසයි. 

අපේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට දින දෙකකට පමණ පෙර මගේ වැඩිමහල් සහෝදරිය, නීලා මට ලිපියක් එවා  කියා තිබුණේ, පෙරේදා එම ප්‍රදේශයේ හමුදාව ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවත්, එයින් සෙබළුන් කිහිප දෙනෙකු මිය ගිය බවත්ය. මගේ සහෝදරිය ලියල තිබුනා දැන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතත් අනතුරේ කියලා දැනෙනවා කියලා. මම හිතන්නේ ඒ ලියුම තැපෑලට දාපු දවසෙ තමයි එයායි හිච්චියි අපේ ලොකු අක්කාව බලන්න වලස්මුල්ලේ එයාගේ ගෙදරට ගිහින්  තියෙන්නෙ. ඒ ලියුම එවනකොට අපේ හීං නංගී [සුනීතා] මාත් එක්ක මගේ ගෙදර හිටියා. ඒ නිසා ඇගේ ජීවිතය බේරුණා.”

දිවි ගලවා ගත් බාලම දියණිය සහ දැන් ගුරුවරියක් වන සුනීතා තම ආදරණීය දෙමාපියන්, තම සහෝදරයා සහ හමුදාවෙන් එල්ල වූ හිරිහැර ගැන කඳුළු සලමින් සිහිපත් කළාය:

“මගේ පියා බෝධිසත්වයෙක්. රටේ විවිධ ප්‍රදේශවල මිනිසුන් විසින් සොයනු ලැබූ දක්ෂ වෛද්‍යවරයෙකු ලෙස, සර්ප දෂ්ට කිරීම්වලින් පසු ගෙන එන ලද බොහෝ රෝගීන්ගේ ජීවිත ඔහු කොතරම් ආශ්චර්යමත් ලෙස බේරා ගත්තාද යන්න මම දුටුවා. විවිධ අනතුරු හේතුවෙන් සිදු වූ අත් පා කැඩීම් බ්ඳීම් ඔහු දක්ෂ ලෙස සුව කළ ආකාරය ද මම දුටුවා. මගේ මව මගේ පියාට පරිපූර්ණ ගැළපුමක්. දේවතාවියක් මෙන්, ඇය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවා රෑ කැපවී සිටියා. 

අපේ තාත්තා වෙද ග්‍රන්ථ කිහිපයක් ලියා පළ කර තිබුණා. ඒවා ලියා ඇත්තේ කවි පද ස්වරූපයෙන්. සර්ප විෂ සංහාරය I සහ II, හා බිලිඳු රෝග සංහාරය ඉතා ජනප්‍රිය වූ අතර මන්ත්‍ර ශතකය තවමත් පොත් සාප්පු වල අලෙවි වන පොතක්.

ඔහු කිසිවිටෙක කිසිවෙකුට, කෘමියෙකුටවත් හානියක් කළේ නෑ. එවැනි තේජසකින් යුත් මිනිසෙකුට ගිනි අවියක් එල්ල කර ඔහුව මරා දැමීමට යමෙකු කෙතරම් කුරිරු විය යුතු දැයි මට තේරුම් ගත නොහැකියි. මේ ලෝකය ශාප ලත් වේ!

අයියා හරිම කඩවසම් කෙනෙක්. ඔහු සෑම විටම අන් අයට උපකාර කළ අතර සහානුකම්පාවෙන් යුක්තව සිටියා. ඔහු ගමේ තරුණයන්ට නායකයෙක් වුනා. සමහර විට ගමේ තරුණයන් ඔහුව පාවා දුන්නේ ඔහු කළ වරදක් නිසා නොව කුඩා ආරවුල් සහ රණ්ඩු සරුවල්වලට අත්අඩංගුවට ගත් විට තමුන්ට බේරීමට යි.

අපේ පවුල ඝාතනයට මාස දහයකට පමණ පෙර කටුවන යුද හමුදා කඳවුරේ ප්‍රධානියා අනෙක් සොල්දාදුවන් සමඟ අපේ පැරණි නිවසට පැමිණ එදින රාත්‍රී 7.00 ට අපේ නිවස ගිනිබත් කිරීමට යන බැවින් අවශ්‍ය සියලුම බඩු බාහිරාදිය ඉවත් කර  ගන්නා  ලෙස තාත්තාට කියා සිටියා. “අපට හිංසා කරන්න එපා, මගේ පුතා වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් කරන්න” යි කියා මගේ පියා ඔහුගෙන් ඉල්ලා සිටියා. ඒත් ඔවුන් අපේ ගෙදරට ගිනි තිබ්බා. සමූල ඝාතනය වන විට අපේ පවුල පදිංචිව සිටි රුක්මල්පිටිය පාර අයිනේ තිබූ නිවස එම මාර්ගයේම තිබූ පැරණි නිවසට මීටර් සියයක් පමණ දුරින් පසුව ඉදිකරන ලද්දක්.

මට මතකයි රාජ්‍ය ත්‍රස්තවාදය පැවැති කාලයේ හමුදාව නිතරම අපේ ගෙදරට රිංගලා ඇතුලේ හැමතැනම සෝදිසි කළා. අපි නිතරම භීතියට පත් වුණා. ඒ අය හොඳටම දැනගෙන හිටියා මගේ අයියා ගෙදර නැති බවත්, අපේ වයසක අම්මා තාත්තා සහ අපි ගෑනු ළමයි විතරයි එතන හිටියේ කියලා. ඒ අය අපෙන් අයියා ගැන ප්‍රශ්න කරලා පොත්පත් පවා හෙව්වා. සමහර වෙලාවට අපි නිදාගෙන ඉද්දි රෑ මැදියමේ පවා ඒ අය කඩා වැදුනා. ඉන් පස්සෙ භූමිතෙල් ලාම්පු නිවන්න කියලා,  එහේ මෙහේ  හොයනවා.”

ක්‍රමානුකූල ඝාතන රැල්ලක් 

දකුණේ සහ උතුරේ, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, ධනේශ්වර පාලනයට දේශපාලන දක්ෂිනාංශයෙන් එල්ල විය හැකි තර්ජනය  තුරන් කිරීමට හා, සියල්ලටත් වඩා, අහිංසක ග්‍රාමීය දුප්පතුන්ට හා පීඩිතයන්ට එරෙහිව, මිලිටරිය සහ පොලිසිය, ඝාතක කල්ලි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යන රාජ්‍යයේ සම්පූර්ණ යාන්ත්‍රණය දිගේලි කළේය. එම කාලපරිච්ඡේදය තුළ සිදු වූ මහා පරිමාණ අතුරුදන්වීම්වලට හේතු සූත්‍රගත කරමින්, 1997 දෙසැම්බර් මස ආසියානු මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව (AHRC) මෙසේ ප්‍රකාශ කළේය:

 “හදිසි අවස්ථා රෙගුලාසි යටතේ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට තිබූ සියලු සීමාවන් ඉවත් කරන ලද අතර, මළ සිරුරු බැහැර කිරීමේ බලය මෙම නිලධාරීන්ගේ තනි අභිමතයට පවරන ලදී. අධිකරණ අධීක්ෂණය අත්හිටුවන ලදී. බැහැර කරන ලද සිරුරු පිළිබඳ වාර්තා තබා ගැනීමට පවා ප්‍රතිපාදන නොතිබුණි.”

එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් විය:

“අතුරුදහන් කිරීම් ඉතා හිතාමතාම සැලසුම් කළ ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් වූ අතර සැලැස්මකට අනුව ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කරන ලදී. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට, මරා දැමීමට සහ මළ සිරුරු බැහැර කිරීමට උපදෙස් ලැබුණි. හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමෙන් මෙය නීත්‍යානුකූලව කළ හැකි විය. ඝාතන සිදු කිරීමට පොලිසියට නිරන්තරයෙන් පුහුණුව ලබා දුන් අතර, එක් එක් ප්‍රදේශයේ කොපමණ සංඛ්‍යාවක් මරා දැමිය යුතුද යන්න අධීක්ෂණය කිරීමේ ක්‍රම තිබුණි. ඝාතක කණ්ඩායම් සඳහා මුදල් බෙදා හැරීම හරහා දිරි දීමනා ලබා දෙන ලදී. 

එවැනි ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට හිතකර මනෝභාවයකින් තබා ගැනීම සඳහා මෙම කණ්ඩායම්වලට මත්පැන් ද ලබා දෙන ලදී. මරා දැමීමට නියමිත අයගේ ලැයිස්තු බෙදා හරින ලදී. ප්‍රශ්න කිරීම සඳහා විශේෂ ස්ථානවල විශේෂ ප්‍රශ්න කිරීම් පවත්වන ලදී. බොහෝ අවස්ථාවන්හිදී, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර මරා දැමීමට තීරණය කරන ලද අතර, මෙම ස්ථානවල රහසිගත වටපිටාව තුළ මිනිසුන් ඝාතනය කරන ලදී. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මෙම ක්‍රියාකාරකම් සිදු කිරීමේදී නීති විරෝධී කන්ඩායම් සමඟ මිශ්‍ර විය. දේශපාලනඥයින්ගේ අභිමතයන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි මෙම කණ්ඩායම් වෙත දේශපාලනඥයින්ට සෘජු ප්‍රවේශය ලබා දෙන ලදී.”

කොමිෂන් සභා වාර්තාව සහ වළ දැමූ ලැයිස්තු

1988 ජනවාරි 1 න් පසු පුද්ගලයන් බලහත්කාරයෙන් ඉවත් කිරීම හෝ අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා 1994 නොවැම්බරයේදී ජනාධිපති කුමාරතුංග විසින් ජනාධිපති කොමිෂන් සභා තුනක් පත් කරන ලදී. මනෝරි මුත්තෙටුවේගමගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල සිදුවීම් පිළිබඳව සොයා බලන ලදී.

එවකට කටුවන යුද හමුදා කඳවුරට අනුයුක්තව සිටි නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස කොමිෂන් සභාව කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් 1997 ජුනි 30 වැනි දින යුද හමුදාව ඔවුන්ගේ වාර්තාවල ‘සඳහන්ව නොමැත’ යනුවෙන් පිළිතුරු දුන්නේය. මෙය අනෙක් බොහෝ කඳවුරු සම්බන්ඳයෙන් ප්‍රතිචාර වශයෙන් ලබා දුන් පිළිතුරම විය. එම තොරතුරු හමුදාවෙන් ලබා ගැනීමට කොමිසම වැඩිදුර පියවර ගත්තේ නැත.

මෙම අපරාධ සිදු කළ බව කියන අපරාධකරුවන් කොමිසමේ නිර්දේශවලින්ම ආරක්ෂා විය. කොමිසම “සාක්ෂිකරුවන්ගේ චෝදනාවලට පදනම් වූ තොරතුරු සහ කරුණු මූලික වශයෙන් විශ්වාස කළ හැකි” බව සොයා ගත් නමුත්, එය එසේ වුවද, වැඩිදුර විමර්ශන සිදු කරන තුරු, “අප විසින් වෙනම ආවරණයක් යටතේ එවනු ලබන බලහත්කාරයෙන් ඉවත් කිරීම් හෝ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි චෝදනා ලබන පුද්ගලයන්ගේ නම් ලැයිස්තු ප්‍රකාශයට පත් නොකරන ලෙස අපි නිර්දේශ කරමු,” යි කියා සිටියේය. කුමාරතුංගගේ ආන්ඩුව හෝ අනුප්‍රාප්තික ආන්ඩු විසින් එවැනි “වැඩිදුර විමර්ශන” කිසිවිටෙක සිදු නොකළ අතර, එමගින් අපරාධකරුවන්ට ජීවිතාන්තය දක්වා දණ්ඩමුක්තිය සහ වැඩිදුර අපරාධ කිරීම සඳහා ආරක්ෂාව ලබා දුන්නේය. අද දක්වාම, මෙම රහස්‍ය ලැයිස්තු සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මහජනතාවට අනාවරණය කර නොමැත.

ධනේශ්වර ඒකීය රාජ්‍යය සහ මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පසුව උතුරේ සහ නැගෙනහිර ජනවාර්ගික දෙමළ ජනතාවට එරෙහිව ඉදිරියට ගෙන ගිය දකුණේ ප්‍රතිකැරැල්ල සමයේ ක්‍රියාත්මක කළ ආන්ඩුවේ මර්දන ප්‍රතිපත්තිවල පන්ති ස්වභාවය theSocialist.lk පෙන්වා දී ඇත

පරපෝෂිත රාජ්‍යය, එහි මිලිටරිය, පොලිසිය, නීති සහ ධනේශ්වර පන්ති පාලනය අහෝසි කිරීමෙන් තොරව ධනේශ්වර රාජ්‍යයේ මෙම කුරිරුකම් වැළැක්විය නොහැකි අතර යුක්තිය ස්ථාපිත කළ නොහැක. සමාජවාදී ප්‍රතිපත්ති සඳහා දකුනු ආසියාතික හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයේ කොටසක් ලෙස සුලු ධනේශ්වරය සහ පීඩිත ජනතාව තම පිටුපස පෙළගස්වා ගනිමින් මේ සඳහා සටන් කිරීම කම්කරු පන්තියේ ඓතිහාසික කර්තව්‍යය යි.

කටුවන සමූලඝාතනය: වසර 36ක බිය ගැන්වීම්වලින් සහ අඛණ්ඩ දණ්ඩමුක්තියකින් පසු ඥාතීහු වින්දිතයන් අනුස්මරණය කරති Read More »

Indonesia

Indonesian protests—a sign of social crisis and deep-seated opposition

By Peter Symonds.

Reposted below is the article of the World Socialist Web Site published on 07 September 2025.

In the wake of a huge police crackdown and thousands of arrests, the protest movement that erupted in Indonesia late last month has largely subsided, but none of the basic issues that fuelled the widespread demonstrations have been resolved. 

The immediate trigger for the protests was the decision to pay a huge monthly accommodation allowance of 50 million rupiah ($US3,045) to the 580 parliamentarians of the House of Representatives (DPR)—10 to 20 times the minimum wage paid to millions of workers struggling to survive.

The lavish allowance was emblematic of far deeper concerns and opposition stemming from the immense social gulf between the country’s wealthy few and their political representatives and the vast majority of working people. Moreover, the social crisis facing broad layers of the population, particularly young people, is only worsening as economic growth slows and unemployment rises. The jobless rate for youth has hit 16 percent, forcing many into poorly paid, casual work.

Indonesia
Protesters clash with the police during a protest against lavish allowances given to parliament members, in Jakarta, August 28, 2025. [AP Photo/Tatan Syuflana]

The protests dramatically escalated after the callous killing of a young ride-share motorbike rider Affan Kurniawan on August 28. He was run over by an armoured police vehicle amid a mass mobilisation of police, including the notorious, heavily-armed BRIMOB. In the following days, angry protesters clashed with police, attacked government buildings and stormed the homes of prominent political figures including Finance Minister Sri Mulyani, the architect of the budget cuts that set off protests earlier in the year. 

Facing a deepening political crisis, President Prabowo Subianto delayed a planned trip to China. He appeared at a press conference on August 31, flanked by leaders of the main political parties, to appeal for calm, declaring he understood “the genuine aspirations of the public.” At the same time, however, he ordered “the police and military to take the strongest possible action” against purported looting and destruction. 

The protests involving thousands were not limited to the capital Jakarta but had spread to major cities throughout the country, including Surabaya, Surakarta, Bandung, Semarang and Yogakarta in Java; Banda Aceh, Padang and Medan in Sumatra; as well as Makassar and Kendari in Sulawesi, Palangka Raya in Kalimantan, and Manokwari in West Papua.

At least 11 people died in the clashes with the police and military, hundreds were injured, and another 20 protesters are missing, according to the Commission for Missing Persons and Victims of Violence. More than 3,000 people have been arrested. 

Confronting a police crackdown, the protests subsided last week but the anger has not. Smaller protests continued. Last Wednesday, hundreds of women from the Indonesian Women’s Alliance (IWA) marched to the parliament building in Jakarta wielding brooms to “sweep away the dirt of the state, militarism and police repression.”

Last Thursday, a student demonstration led by the All-Indonesian Students’ Union (BEM SI) took place outside the parliament, where its central coordinator Muzammil Ihsan read out a list of demands, including the reduction of parliamentary allowances, complete reform of the national police and parliament, the release of all those arrested and the creation of 19 million jobs. 

On the same day, members of the Labor Movement with the People (GEBRAK) held a protest in a major road in Jakarta also demanding the complete reform of the police and parliament.

On Thursday evening, a delegation of student leaders was invited to meet ministers at the Presidential Palace but reportedly walked out of the talks after being told they had to consider “the nation’s development” in making any demands. 

Last week, a grouping of activist organisations drew up a list of 17 short-term “people’s demands” to be implemented by Prabowo and the government by last Friday along with eight longer-term ones. The deadline, however, passed with few of the demands being met or partially met.

In a bid to quell widespread anger, the parliament did announce the axing of the housing allowance that initially sparked the protests. The announcement was left to the parliamentary speaker Puan Maharani. She is the daughter of former president Megawati Sukarnoputri, chairperson of the Indonesian Democratic Party of Struggle (PDI-P)—the only parliamentary party that is not part of the Prabowo government.

On the same day, Co-ordinating Minister for Economic Affairs Airlangga Hartarto suggested that the government would carry out various stimulus measures to boost jobs and incomes—including wage subsidies for those earning less than 10 million rupiah a month, a program of public works, tax exemptions and steps to prevent mass lay-offs. But under conditions of a slowing economy that will be further hit by Trump’s tariffs, these proposals have the character of empty promises.

No steps have been taken to rein in the police and military. The only action taken against the police has been against low-level officers involved in the widely publicised killing of ride-share worker Affan Kurniawan. The officer in charge of the vehicle that struck Kurniawan has been dishonourably dismissed, and another received a seven-year demotion.

These measures are unlikely to assuage popular anger and resentment. Imran, a food delivery driver, told Al Jazeera that “inequality” was the root cause of the mass protests, “including economic inequality, educational inequality, health inequality and unequal public services.”

Referring to the government and parliament, he said: “They are not concerned about our fate. They should be present to resolve the problems facing the community, not fan the flames. These protests arose from the community’s poor economic conditions.”

Speaking to Al Jazeera, Rahmawati, a housewife, said that public anger had “finally exploded …because we feel like no one cares about us… What we want is for them [politicians] to care about us and our needs. Every year, the price of basic foodstuffs rises and never goes back down again. Groceries are becoming more and more difficult to afford.”

Significantly, the protests in Indonesia reverberated more broadly throughout South East Asia as workers and young people confront very similar economic and social problems, exacerbated by slowing economies. Protests took place last week in support of those in Indonesia, including in Malaysia and Thailand.

Thai students hung a banner on an overpass near Chulalongkorn University in Bangkok declaring “Thailand stands with the people of Indonesia” and called for justice for those protesters killed during police crackdowns.

In Thailand, a social media poster called Yammi shared instructions on how to order meals for Jakarta-based ride-share and food delivery motorbike riders. Revealing sympathy not just with the protesters but the difficult and dangerous conditions facing poorly paid riders, the post went viral in the region and internationally. Donations came in from Singapore, Malaysia, the Philippines and Brunei, as well as Japan, Sweden and the United States.

The protests have provided a glimpse of the explosive social tensions that have built up in Indonesia as well as the broader region and will only intensify amid growing global economic turmoil.

Indonesian protests—a sign of social crisis and deep-seated opposition Read More »

Scroll to Top