Living Conditions

Cloudflare

කෘතීම බුද්ධිය (AI) හේතුවෙන් සිදුවන රැකියා කප්පාදු රැල්ලට එරෙහිව කම්කරුවන්ට සටන් කළ හැක්කේ කෙසේද?

ටොම් හෝල් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “How workers can fight the wave of AI layoffsයන හිසින් පළවූ ටොම් හෝල් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Cloudflare
2025 නොවැම්බර් 18 අඟහරුවාදා දින නිව්යෝර්ක් කොටස් වෙළඳපොළ පරිශ්‍රයේ ඇති ගනුදෙනු කුටියකට ඉහළින් ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare) සමාගමේ ලාංඡනය ප්‍රදර්ශනය කර ඇති අයුරු. (AP Photo/Richard Drew) [AP Photo/Richard Drew]

කෘතිම බුද්ධි (AI) තාක්ෂණයන් හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස, මහා පරිමාණ සමාගම් විසින් රැකියා අහෝසි කිරීමට, වැටුප් පහත හෙළීමට සහ මිලියන සංඛ්‍යාත සේවකයන් අතිරික්ත පිරිසක් ලෙස ප්‍රකාශ කිරීමට පියවර ගැනීමත් සමඟ, මහා පරිමාණ වශයෙන් රැකියා කප්පාදු කිරීමක් ගෝලීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

මැයි 7 වන දින, තාක්ෂණික ආරක්ෂණ සමාගමක් වන ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare) සමාගම සිය ශ්‍රම බලකායෙන් සියයට 20ක් කප්පාදු කරන බව නිවේදනය කළේය. එහිදී පීඩාවට පත් වූ සේවකයන් 1,100 දෙනා වෙත විද්‍යුත් තැපෑල (email) මාර්ගයෙන් දැනුම් දී තිබුණේ, ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ප්‍රින්ස් (Matthew Prince) විසින් “නියෝජිත කෘතිම බුද්ධි යුගය” (the agentic AI era) ලෙස හඳුන්වනු ලබන වටපිටාව තුළ ඔවුන්ගේ තනතුරු සඳහා තවදුරටත් අනාගතයක් නොමැති බවයි.

සමස්ත වෙබ් අඩවිවලින් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට සේවා සපයන මෙම සමාගමේ අන්තර්ජාල ආරක්ෂණ සේවා සහ අන්තර්ගත බෙදාහැරීමේ ජාලය (Content Delivery Network)  අන්තර්ජාලයේ ව්‍යුහය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ෆෝර්චූන් 500 (Fortune 500) ලැයිස්තුවේ ඇති සමාගම්වලින් සියයට 35ක්ම තමන්ගේ සේවාවන් භාවිතා කරන බව ක්ලවුඩ්ෆ්ලෙයාර් සමාගම පවසන අතර, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමඟ ද ඔවුන් සතුව ගිවිසුම් රැසක් පවතී. පෙබරවාරි මාසයේදී, ට්‍රම්ප්ගේ “ගෝල්ඩන් ඩෝම්” (Golden Dome) වැඩසටහනේ කොටසක් වන, මිසයිල ආරක්ෂක ඒජන්සියේ (Missile Defense Agency) ඩොලර් බිලියන151ක ෂීල්ඩ් (SHIELD) වැඩසටහන සඳහා වන එක් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ද මෙම සමාගම ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම රැකියා කප්පාදු නිවේදන නිකුත් වූයේ, සමාගම සිය ඉතිහාසයේ ඉහළම කාර්තුමය ආදායම වන ඩොලර් මිලියන 639.8ක් වාර්තා කළ දිනයේදීමය. එය පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 34ක වර්ධනයකි. එවැනි වාර්තාගත කාර්තුවකින් පසුව මෙතරම් බරපතළ කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍ය වූයේ මන්දැයි විශ්ලේෂකයෙකු ප්‍රශ්න කළ විට, ප්‍රින්ස් පිළිතුරු දුන්නේ, “ඔබ දැනටමත් ශක්තිමත් (fit) මට්ටමක සිටින පලියට, ඔබට ඊටත් වඩා ශක්තිමත් (fitter) විය නොහැකි බව ඉන් අදහස් වන්නේ නැත” යනුවෙනි.

මෙම නිවේදනය ගෝලීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මහා පරිමාණ රැකියා කප්පාදු රැල්ලක නවතම පියවර වන අතර, එහිදී කෘතිම බුද්ධිය (AI) යන්න රැකියා විනාශ කිරීම සහ ශ්‍රම පිරිවැය පහත හෙළීම සඳහා පාලක පන්තිය සතු වී ඇති බලගතුම නව මෙවලම බවට පත්ව ඇත.

මෙය වැඩකරන පන්තියට එරෙහිව දියත් කර ඇති ගෝලීය යුද්ධයක් වන අතර, රැකියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් සම්බන්ධීකරණය කරන ලද ව්‍යාපාරයකින් ඊට පිළිතුරු දිය යුතුය. මෙහි ඇති ප්‍රධානතම කරුණ වන්නේ, මෙම බලගතු නව තාක්ෂණයන්හි පාලනය මහා ව්‍යාපාරික කතිපයාධිකාරයේ (corporate oligarchy) ග්‍රහණයෙන් මුදවා ගැනීමයි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees) විසින්, ශීඝ්‍රයෙන් වේගවත් වන මෙම රැකියා සමූලඝාතනයට එරෙහිව මහා පරිමාණ ප්‍රතිරෝධයක් දැක්වීම දිරිගන්වන අතරම, එය සංවිධානය කරමින් ද සිටියි.

චැලෙන්ජර්, ග්‍රේ ඇන්ඩ් ක්‍රිස්මස් (Challenger, Gray & Christmas) නම් ප්‍රතිනියුක්ති සේවා සපයන (outplacement-රැකියා නියුක්ති උපදේශන) ආයතනයට අනුව, 2026 වසරේ පළමු මාස හතර තුළ ඇමරිකානු සේවායෝජකයන් විසින් රැකියා 300,000කට වඩා කප්පාදු කිරීමට නිවේදනය කර ඇත. එහිදී තාක්ෂණික අංශය (රැකියා 85,411ක්) ප්‍රමුඛස්ථානය ගෙන ඇති අතර, එය දෙවන ස්ථානයට පත් වූ ප්‍රවාහන අංශයට (33,479) වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයකි. පිට පිටම දෙවන මාසයටත්, මෙම රැකියා කප්පාදු සඳහා ප්‍රධානතම හේතුව ලෙස දක්වා තිබුණේ කෘතිම බුද්ධියයි (AI).

කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලට අනුව, “තොරතුරු” අංශය පිට පිට මාස 16ක් තිස්සේ රැකියා අහිමිවීම්වලට මුහුණ දී ඇති අතර, 2022 නොවැම්බර් මාසයේ පැවති එහි උපරිම මට්ටමේ සිට රැකියා 342,000ක්,  එනම් සියයට 11ක්  අහිමි වී ඇත.

සමස්තයක් ලෙස ගත් කල, මෙලෙස රැකියා කප්පාදු කරන තාක්ෂණික සමාගම් ලාභ ලබනවා පමණක් නොව, කෘතිම බුද්ධි (AI) උත්පාතය (boom) තුළ ප්‍රධාන භූමිකාවක් ද ඉටු කරයි. ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා (Meta) සමාගම තනතුරු 8,000ක් අහෝසි කරමින් පවතින අතර, පුරප්පාඩුව පැවති තනතුරු 6,000ක් අවලංගු කරමින් සිටියි. එමෙන්ම ඔවුන් මෙම වසරේදී ඩොලර් බිලියන 145ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් අතිමහත් බහුතර කොටසක්ම යොමු කර ඇත්තේ කෘතිම බුද්ධි යටිතල පහසුකම් සඳහාය. මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සිය වසර 51ක ඉතිහාසය තුළ පළමු වරට සේවකයන් 8,750ක් දක්වා ඉලක්ක කර ගනිමින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ (buyout) වැඩසටහනක් ආරම්භ කර ඇත. ඔරකල් (Oracle) සමාගම සේවකයන් 30,000ක් දක්වා ඉවත් කරමින් සිටී. ටයිම් (Time) සඟරාව වෙත සේවකයන් ප්‍රකාශ කර ඇති පරිදි, පසුව තමන්වම අතිරික්ත සේවකයන් බවට පත් කිරීමට හේතු වූ කෘතිම බුද්ධි පද්ධති පුහුණු කිරීම සඳහා සිය අවසන් මාස කිහිපය කැප කළ පුද්ගලයන් ද ඒ අතර වෙති.

කොටස් වෙළඳපොළ විසින් මහා පරිමාණ රැකියා කප්පාදු නිවේදන සඳහා, විශේෂයෙන්ම ඒවා කෘතිම බුද්ධි (AI) ප්‍රතිව්‍යුහගතකරණයන් සමඟ සම්බන්ධ වන විට, ඊට වාසි සහගත ලෙස ප්‍රතිචාර දක්වමින් (rewarding) සිටින අතර, එය වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත විසින් “මහා පරිමාණ රැකියා කප්පාදු යුගය” (era of the mega-layoff) ලෙස හඳුන්වන වටපිටාවකට මග පාදා ඇත.

තාක්ෂණික ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වන ලාභ සහ මහා පරිමාණ රැකියා කප්පාදු එකට ඒකාබද්ධ කරමින් සිටින අතරතුර, පාලක පන්තිය විසින් එක රැයකින් රැකියා විනාශ කිරීම සඳහා කාලාන්තරයක් තිස්සේ අත්හදා බැලූ ක්‍රමවේදයක් ලෙස බංකොලොත්භාවය ද යොදා ගනිමින් සිටියි. පසුගිය සතියේ එක රැයකින් බිඳ වැටීමට ලක්වෙමින්, සේවකයන් 17,000කට රැකියා අහිමි කළ ස්පිරිට් එයාර්ලයින්ස් (Spirit Airlines) සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ ද එයම ය. ඒ සඳහා ක්ෂණිකවම බලපෑ හේතුව වූයේ ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල දෙගුණ වීමයි. ගුවන් සේවා කර්මාන්තයේ මීළඟ වටයේ සමාගම් ඒකාබද්ධ කිරීම් වේගවත් කිරීම සඳහා, ස්පිරිට් සමාගම මූල්‍යමය වශයෙන් මුදවා ගැනීම (bail out) ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කෘතිම බුද්ධිය (AI) ක්ෂණිකවම බලපාන සාධකයක් නොවන අනෙකුත් අංශවල ද මහා පරිමාණ රැකියා කප්පාදු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. භාණ්ඩ සැපයුම් (Logistics) ක්ෂේත්‍රයේදී, UPS සමාගම සිය ස්වයංක්‍රීය මහා පරිමාණ මධ්‍යස්ථාන (automated mega-hubs) හරහා තනතුරු 68,000ක් අහෝසි කර හෝ අහෝසි කිරීම ඉලක්ක කර ඇති අතර, මෙම වසරේ අගභාගයේදී තවත් මධ්‍යස්ථාන 26ක් වසා දැමීමට නියමිත බව ඔවුන් මෑතකදී නිවේදනය කළේය. මෝටර් රථ ක්ෂේත්‍රයේදී, වොක්ස්වැගන් (Volkswagen) සමාගම 2030 වන විට රැකියා 50,000ක් කප්පාදු කිරීමට ඉලක්ක කරන ඇත.  රෙනෝල්ට් (Renault) සමාගම සිය ඉංජිනේරු ශ්‍රම බලකායෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් කප්පාදු කරමින් සිටියි; එමෙන්ම ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයෝ ද දහස් ගණනින් සේවකයන් ඉවත් කරමින් සිටිති.

එසේ වුවද, පාලක පන්තියේ සමස්ත මහා පරිමාණ රැකියා කප්පාදු සැලසුම් තුළ කෘතිම බුද්ධිය (AI) සුවිශේෂී ලෙස කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරමින් සිටියි. Cash App සහ Square යන සේවාවන්හි හිමිකාරීත්වය දරන මූල්‍ය තාක්ෂණික සමාගමක් වන බ්ලොක් (Block) සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි (Jack Dorsey), සමස්ත සමාගමෙන් සියයට 40ක් කප්පාදු කරමින් සිටින අතර ඔහු ප්‍රකාශ කරන්නේ, “ලබන වසර ඇතුළත බහුතරයක් සමාගම් මෙම නිගමනයටම එළඹෙනු ඇතැයි” තමන් විශ්වාස කරන බවයි. 

ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ ඇමඩේයි (Dario Amodei) අනාවැකි පළ කරන්නේ, වසරක් ඇතුළත සියලුම මෘදුකාංග කේත (software code) පාහේ කෘතිම බුද්ධිය (AI) මගින් ලියවෙනු ඇති බවයි. ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබට් (Alphabet) හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි (Sundar Pichai) පවසන්නේ, ගූගල් හි නව කේතයන්ගෙන් හතරෙන් තුනක්ම දැනටමත් කෘතිම බුද්ධිය මගින් ලියා ඇති බවයි. ආයෝජක විනෝද් ඛෝස්ලා (Vinod Khosla) පුරෝකථනය කරන්නේ 2030 වන විට, “සියලුම රැකියාවලින් සියයට 80ක් කෘතිම බුද්ධියක් (AI) මගින් සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇති” බවයි.

ගැටලුව පවතින්නේ කෘතිම බුද්ධිය (AI) තුළම නොවේ. එය වෙහෙසකර හා නීරස කාර්යයන් (drudgery) තුරන් කිරීමට සහ ඵලදායිතාව (productivity) විශාල වශයෙන් ඉහළ නැංවීමට මෙන්ම, මානව ඉගෙනීමේ විභවය (potential) අතිශයින් වේගවත් කරන අතරතුර, වැඩ කරන දිනය සෛද්ධාන්තිකව අවම මට්ටමක් දක්වා අඩු කිරීමේ හැකියාව පවතින අතිවිශිෂ්ට තාක්ෂණයකි.

මෙහි ඇති තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙම තාක්ෂණය පාලනය කරන්නේ කවුරුන්ද යන්නයි. එය පෞද්ගලික හිමිකාරීත්වයේ විලංගුවලින් නිදහස් කළ යුතුය. කෘතිම බුද්ධි (AI) පද්ධති සංවර්ධනය කිරීම සහ පුහුණු කිරීම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජීය ශ්‍රමයකි (social labor), එබැවින් එහි ප්‍රතිලාභ සැමට හිමි විය යුතුය.

කෘතිම බුද්ධි පද්ධති ගොඩනැගී ඇත්තේ මිලියන සංඛ්‍යාත සේවකයන්ගේ සමුච්චිත ශ්‍රමය, දැනුම සහ නිර්මාණශීලී දායකත්වය මතය: මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ලියන ලද කේත (code), පාරිභෝගික සේවා නියෝජිතයන් විසින් මෙහෙයවන ලද සංවාද, පර්යේෂකයන් සහ දත්ත විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ ඒ අතර වේ.

කෘතිම බුද්ධිය (AI) ධනවාදී පද්ධතියේ පදනමටම මාරාන්තික ලෙස පහර දෙයි. අවශ්‍ය කරන ශ්‍රම ප්‍රමාණය වසර කිහිපයක් ඇතුළත සියයට 80කින් අඩු කළ හැකි බවට ඛෝස්ලා අනාවැකි පළ කරන විට, හෝ තාක්ෂණික විධායකයින් කෘතිම බුද්ධිය මගින් ජනිත වන “අතිරික්ත සම්පත්” (abundance) ගැන කතා කරන විට, ඒ පිළිබඳව ඔවුන්ටම වැටහීමක් නොමැති වුවද, ඔවුන් ඒ විස්තර කරන්නේ  ධනවාදය මුළුමනින්ම යල් පැන ගොස් ඇති බවට වන තත්වයන් ය. 

සැබවින්ම, ධනවාදය යටතේ මෙම තාක්ෂණයේ විභවය (potential) කිසිදා සාක්ෂාත් කර ගත නොහැක. මන්ද, ධනවාදයට පැවැත්ම සඳහා මෙම තාක්ෂණය සීමා කිරීමට, විකෘති කිරීමට සහ අවියක් ලෙස යොදා ගැනීමට සිදු වන බැවිනි. එය අතිරික්ත සම්පත් (abundance) වෙනුවට මහා පරිමාණ විරැකියාව නිර්මාණය කරයි. වෙහෙසකර හා නීරස කාර්යයන්ගෙන් (drudgery) මිනිසා නිදහස් කිරීම වෙනුවට, සේවයේ ඉතිරි වන පිරිස සඳහා එම වෙහෙස තවදුරටත් තීව්‍ර කරයි. මානව සංවර්ධනය වෙනුවට, සේවකයන්ගේම දැනුමෙන් ගොඩනැඟූ පද්ධති මගින්ම ඔවුන්ව “අතිරික්ත පිරිසක්” ලෙස නම් කරන පරම්පරාවක් එය විසින් බිහි කරනු ලබයි.

මේ අතර, නව තාක්ෂණය (new technology) සහ එය සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් (resources) මෙන්ම සැපයුම් දාම (supply chains) කෙරෙහි පාලනය තහවුරු කර ගැනීම, අධිරාජ්‍යවාදී යුද්ධයේ (imperialist war) වර්ධනය කෙරෙහි වඩ වඩාත් කේන්ද්‍රීය සාධකයක් බවට පත්ව තිබේ—එම යුද්ධය අද ඉරානයට සහ රුසියාවට එරෙහිවත්, හෙට චීනයට එරෙහිවත් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයට සමාජවාදී ප්‍රතිචාරය වන්නේ, ධනවාදී දේපළ අයිතියේ “අයිතිවාසිකමට” එරෙහිව වැඩකරන පන්තිය විසින් එල්ල කරනු ලබන සෘජු ප්‍රහාරයකි. කෘත්‍රිම බුද්ධිය (AI) නියාමනය කළ යුතු බවට, එය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට හෝ වෘත්තීය සමිති-කළමනාකාරිත්ව මණ්ඩලවල පාලනයට යටත් කළ යුතු බවට බලකරමින් ප්‍රතිචාර දක්වන ව්‍යාජ-වම්මු (pseudo-left), එමඟින් පන්ති අරගලය පිළිබඳ වන කේන්ද්‍රීය ප්‍රශ්නය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරති. තවද බොහෝ අවස්ථාවලදී ඔවුන් මෙම විරෝධය යොමු කරනු ලබන්නේ තාක්ෂණික ප්‍රගතියට එරෙහි ප්‍රතිගාමී ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය.

වෘත්තීය සමිති නිලධාරිවාදය මෙම අරගලය දියත් කිරීමට අසමත්ය. ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කළත් (ඇත්ත වශයෙන්ම ඔවුන්ට එවැනි වුවමනාවක් නැත), ධනවාදයට සහ ජාතිකවාදයට සහයෝගය දැක්වීමේ පදනම මත ඔවුන් කළමනාකාරිත්වය සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වී සිටීම මීට හේතුවයි.

මහා පරිමාණ සේවක දොට්ට දැමීම්වලට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය වී ඇත්තේ මුළුමනින්ම පාහේ, ඇත්ත වශයෙන්ම වරදකාරී වූ නිහඬතාවයකි. මෝටර් රථ කර්මාන්තය තුළ, එක්සත් මෝටර් රථ සේවක සමිතිය (UAW) පසුගිය වසර දෙකහමාරක කාලය තුළ සිදු වූ දහස් සංඛ්‍යාත රැකියා කප්පාදු පිළිබඳව කිසිවක් පවසා නැත. පසුගිය සතියේ, ස්ටර්ලින් හයිට්ස් එකලස් කිරීමේ කම්හලේ පැවැත්වීමට තිබූ වැඩවර්ජන ඡන්ද විමසීමක් අවසන් මොහොතේදී ඔවුන් අවලංගු කළේය. ඕස්ට්‍රේලියාවේ ජාතික වෘත්තීය සමිති සම්මේලනය මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සමඟ විධිමත් ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් මෙහෙයවනු ලබන ප්‍රතිව්‍යුහගත කිරීම් සේවකයන්ට වාසිදායක දෙයක් ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වෘත්තීය සමිති නිලධාරීන්ට පුහුණුව ලබා දීමට නියමිතය. තවද, සේවා ස්ථාන තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට එරෙහිව සිදුවන ඕනෑම නියාමන මැදිහත්වීමකට එරෙහිව ඔවුහු මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ එක්ව පෙනී සිටිති.

මහජන සහ ලෝක ව්‍යාප්ත කම්කරු පන්ති ව්‍යාපාරයකට නව සංවිධාන ආකෘතීන් අවශ්‍ය වේ: එනම් පවත්නා යාන්ත්‍රණයෙන් ස්වාධීනව ගොඩනගන ලද, වෙනත් අවශ්‍යතා පවතින නිලධාරිවාදයන්ගෙන් අවසර නොපතා ක්‍රියාමාර්ග සූදානම් කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට හැකියාව ඇති ‘කම්කරු ක්‍රියාකාරී කමිටු’ (rank-and-file committees) වේ. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC), ලොව පුරා කර්මාන්තශාලා තුළ ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් ලෝක පරිමාණයෙන් මෙම සංවිධාන ගොඩනැගීම සඳහා පෙනී සිටියි.

එවැනි ව්‍යාපාරයක ප්‍රධාන ඉල්ලීම් විය යුත්තේ:

  • කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් එකදු සේවක දොට්ට දැමීමක් හෝ සිදු නොකළ යුතුය! කෘත්‍රිම බුද්ධිය මඟින් සැබවින්ම ඵලදායිතාව ඉහළ නංවන්නේ නම්, එහි ප්‍රතිලාභ අයිති විය යුත්තේ එම ඵලදායිතාව බිහි කළ සේවකයන්ටය. වැටුප් කප්පාදුවකින් තොරව, සතිපතා වැඩ කරන කාලය ඊට සමානුපාතිකව කෙටි කළ යුතුය. 
  • නව තාක්ෂණය හඳුන්වා දීම කෙරෙහි සේවක පාලනයක් පැවතීම. ඵලදායිතා ප්‍රතිලාභ බෙදා හරින ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට, සැබෑ නිෂේධ බලයක් (veto power) හිමි කර ගැනීමට සහ ඒ කෙරෙහි සැබෑ පාලනයක් පැවැත්වීමට සේවකයන්ට අවස්ථාව තිබිය යුතුය.
  • ස්පිරිට් (Spirit) සේවකයන් සහ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ රැකියා අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස ද ඇතුළුව, යම් හේතුවක් නිසා දැනටමත් රැකියා අහිමි වී ඇති සියලුම සේවකයන් සඳහා හොඳ වැටුපක් සහිත, තෘප්තිමත් රැකියා ලබා දීම.
  • ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්, බැංකු සහ මූල්‍ය ආයතන පොදු අයිතියට පවරා ගැනීම (රාජසන්තක කිරීම) සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ අයිතිය ද ඇතුළුව, ඒවා වැඩකරන පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පවතින පොදු උපයෝගිතා සේවාවන් බවට පරිවර්තනය කිරීම.

සේවක දොට්ට දැමීම්වලට සහ “කෘත්‍රිම බුද්ධි ප්‍රතිව්‍යුහගත කිරීම්වලට” එරෙහි අරගලය කර්මාන්තශාලාවෙන් කර්මාන්තශාලාවට හෝ රටින් රටට (තනි තනිව) දියත් කළ නොහැකිය. මහා පරිමාණ සමාගම් ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන අතර, දේශසීමා හරහා වැඩ මාරු කරමින් (shift)  සේවකයන් එකිනෙකා කෙටවීම සඳහා ජාතිකවාදය භාවිත කරයි. මීට ඇති එකම පිළිතුර වැඩකරන පන්තියේ ජාත්‍යන්තර එකමුතුවයි. එනම් තාක්ෂණ, සැපයුම් (logistics), නිෂ්පාදන, අධ්‍යාපන ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සේවකයන් පොදු අරගලයක් තුළට ඒකාබද්ධ කිරීමයි.

ජීවනෝපායන් විනාශ කරනවා වෙනුවට තාක්ෂණය මිනිස් සංවර්ධනයට සේවය කරන අනාගතයක් සහ වැඩකරන පන්තිය අතර බාධාවක්ව පවතින්නේ තාක්ෂණික ගැටලුවක් නොව, සමාජීය සහ දේශපාලනික ගැටලුවකි; එනම් නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතියයි. අප විසින් පරාජය කළ යුත්තේ එයයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

කෘතීම බුද්ධිය (AI) හේතුවෙන් සිදුවන රැකියා කප්පාදු රැල්ලට එරෙහිව කම්කරුවන්ට සටන් කළ හැක්කේ කෙසේද? Read More »

World war

ඇමරිකාව ලෝක යුද්ධයට ලෑස්ති වෙයි – මුලින්ම ඉරානය, ඊළඟට චීනය — YouTube Podcast

The Socialist World

ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයක් කරා ගමන් කරමින් සිටින බව දැන් පැහැදිලියි. ඉරානයට එරෙහි යුද්ධය යනු ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන චීනයට එරෙහිව කරන යුද්ධයක මූලෝපායික පෙරහුරුවක් පමණි. මේ විනාශකාරී යුධ ව්‍යාපාරය වෙනුවෙන් ලෝකය පුරා කම්කරු පන්තියේ තරුණයින්ව අනිවාර්ය හමුදා සේවයට (Military Draft) බඳවා ගනිමින්, ඔවුන්ව යුද්ධයට බිලිදීමට පාලක පන්තිය සූදානම් වේ.

මේ ගෝලීය යුධ තර්ජනය ශ්‍රී ලංකාවට හා දකුණු ආසියාවට බලපාන්නේ කෙසේද? දිසානායක ආණ්ඩුව සහ කලාපයේ අනෙකුත් පාලකයින් අධිරාජ්‍යවාදයට සහය දෙන්නේ ඇයි? මීට එරෙහිව කම්කරු පන්තිය ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේ වීඩියෝවෙන් ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කෙරේ.

ඇමරිකාව ලෝක යුද්ධයට ලෑස්ති වෙයි – මුලින්ම ඉරානය, ඊළඟට චීනය — YouTube Podcast Read More »

Airborne

මැද පෙරදිගට පාබල හමුදා පැමිණෙන විට, ට්‍රම්ප් ඉරානයේ යටිතල පහසුකම් “මකා දමන” බවට තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 31 වන දින ‘As ground troops arrive in the Middle East, Trump threatens “obliteration” of Iran’s infrastructure යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Airborne
එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් සපයන ලද වීඩියෝවේ මෙම රූපයේ දැක්වෙන්නේ 2026 මාර්තු 27 වන දින USS ට්‍රිපොලි (LHA 7) නෞකාවේ සිටින එක්සත් ජනපද නාවිකයින් සහ මැරීන් භටයින් එක්සත් ජනපද මධ්‍යම විධාන ප්‍රදේශයට පැමිණෙන ආකාරයයි. [AP ඡායාරූපය/එක්සත් ජනපද මධ්‍යම විධානය]

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයේ 30 වන දිනය වූ සඳුදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සියලුම බලශක්ති උත්පාදන සහ ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් ඔහුගේ ඉල්ලීම්වලට යටත් නොවන්නේ නම් විනාශ කරන බවට තර්ජනය කළේය. “කිසියම් හේතුවක් නිසා ඉක්මනින් ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම්, අපි ඉරානයේ අපගේ ආදරණීය ‘රැඳවීම’ අවසන් කරන්නේ ඔවුන්ගේ සියලුම විදුලි ජනන කම්හල්, තෙල් ළිං සහ කාර්ග් දූපත (සහ සමහර විට සියලුම ලවණ ඉවත් කිරීමේ කම්හල්!) පුපුරුවා හැරීමෙන් සහ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙනි,” යි ට්‍රම්ප් ඔහුගේ Truth Social වේදිකාවේ පළ කළේය.

ඉරානයේ සියලුම විදුලි බලාගාර විනාශ කිරීම හේතුවෙන් ජල පිරිපහදු, රෝහල් සහ ආහාර ශීතකරණ කපා හැරීමට සිදු වීමෙන් රටේ සිවිල් ජීවිතයේ පදනම මුලිනුපුටා දමනු ඇත. එහි ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් විනාශ කිරීම, දැනටමත් නූතන ඉතිහාසයේ දරුණුතම නියඟයට මුහුණ දෙන ඉරානයේ ව්‍යසනකාරී ජල අර්බුදය තවත් උග්‍ර කරනු ඇත. 

ට්‍රම්ප් තර්ජනය කරන්නේ යුද අපරාධයක් කරන බවයි. එය ඒවායින් පිරුණු යුද්ධයක නවතම එක වනු ඇත. 1977 ජිනීවා සම්මුති සඳහා වූ අතිරේක ප්‍රොටෝකෝලය I හි 54 වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “ආහාර ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා කෘෂිකාර්මික ප්‍රදේශ, භෝග, පශු සම්පත්, පානීය ජල ස්ථාපනයන්… වැනි සිවිල් ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන වස්තූන්ට පහර දීම, විනාශ කිරීම, ඉවත් කිරීම හෝ අප්‍රයෝජනවත් බවට පත් කිරීම තහනම්ය.”

ට්‍රම්ප්ගේ තර්ජන සාමූහික දඬුවම් කිරීමට අයත් වේ. එය යුද නීතිවල පැරණිතම තහනම් කිරීම්වලින් එකකි. එය මිලියන 90 ක ජනගහනයක් වෙසෙන රටකට යොදනු ලබන ගාසා ආකෘතියයි:  එනම්, මිනිස් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීමයි. 

ට්‍රම්ප් පාලනයේ සාපරාධීභාවය කෙතරම් නිරුවත්ද යත් මාධ්‍යට පවා එය සැලකිල්ලට ගැනීමට බල කෙරී ඇත. ජනාධිපතිවරයා “යුද අපරාධයක් විය හැකි දෙයක් පිළිබඳ තර්ජනය කරන්නේ” මන්දැයි එන්බීසී හි ගැරට් හාක් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්ගෙන් විමසූ විට, ඇය එය ප්‍රතික්ෂේප කළේ නැත. ඇය පිළිතුරු දුන්නේ එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ට “ඔවුන්ට සිහිනෙන්වත් සිතාගත නොහැකි හැකියාවන් ඇත. ජනාධිපතිවරයා ඒවා භාවිතා කිරීමට බිය නැත”, යනුවෙනි.

“ට්‍රම්ප් යුද අපරාධයක් කිරීමට තර්ජනය කරනවාද?” යන මාතෘකාව යටතේ සඳුදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලිපියක් පළ කළේය. ට්‍රම්ප්ගේ තර්ජනය “නිසැකවම පාහේ යුද අපරාධයකට සමාන වනු ඇත. නූතන ගැටුම් පාලනය කරන නීතිවල කේන්ද්‍රීය මූලධර්මවලින් එකක් වන්නේ හමුදා ව්‍යාපාරවලදී සිවිල් වැසියන් ඉලක්ක කිරීම වැලැක්වීම සීමා කළ නොහැකි බවයි.”

මෙය සත්‍යයකි. නමුත් සමස්ත යුද්ධයම සාපරාධී සහ නීති විරෝධී ය. නියුරම්බර්ග් විනිශ්චය සභාව ආක්‍රමණශීලී යුද්ධයක් ආරම්භ කිරීම “ඉහළම ජාත්‍යන්තර අපරාධය” ලෙස අර්ථ දැක්වීය; එය අනෙකුත් යුද අපරාධවලට වඩා වෙනස් වන්නේ එහි සමස්තයේම සමුච්චිත නපුර අඩංගු වන බැවිනි. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හරියටම මෙයම වේ. 

උත්තරීතර නායක අලි කමේනිගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් ගනනක් දක්වා වූ ඉරානයේ දේශපාලන හා මිලිටරි නායකත්වය ක්‍රමානුකූලව ඝාතනය කිරීම, විධායක නියෝගය 12333 යටතේ පුද්ගල ඝාතන කිරීම් තහනම් කිරීම සහ ද්‍රෝහීකම් සහ ද්‍රෝහී ඝාතන තහනම් කරන සන්නද්ධ ගැටුම් නීති උල්ලංඝනය කරයි. මිනාබ්හි බාලිකා පාසලකට බෝම්බ හෙලීමෙන් 170 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින්ය; නිවාස 61,000 ක් සහ පාසල් 500 ක් විනාශ කිරීම; 6,500 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම යන සෑම ක්‍රියාවක්ම මෙම යුද්ධය දියත් කිරීමේ මුල් අපරාධයෙන් ගලා එයි.

ධවල මන්දිරයෙන් වඩ වඩාත් එළියට එන ජන සංහාරක වාචාල කතා වල තර්කයක් තිබේ. ඉරාන නායකයින් ඝාතනය කිරීමෙන් ඉරාන රජය පෙරලා දැමීමට බලාපොරොත්තු වූ ට්‍රම්ප් පරිපාලනය, එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇත. එහෙයින් යුද්ධයට එක්සත් ජනපද මැදිහත්වීම තීව්‍ර කිරීම හෝ විනාශකාරී පරාජයකට මුහුණ දිය යුතුය. ට්‍රම්ප් එය “සෙල්ලම් ගමනක්” ලෙස හැඳින්වූ අතර එය දින කිහිපයකින් අවසන් වනු ඇතැයි පැවසීය. මාසයක් ගත විය, දහස් ගණනක් මිය ගොස් ඇත. නමුත් ඉරාන රජය නොවෙනස්ව පවතී, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර තෙල් මිල සියයට 59 කින් ඉහළ ගොස් තිබේ.

පරිපාලනය ගාසා ආකෘතියට හැරෙමින් සිටී. එනම්, යුද්ධයේ විධික්‍රමයක් ලෙස සමාජයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමය. ගාසා තීරයේ දී ඊශ්‍රායලය විසින් 72,000 කට වැඩි පිරිසක් මරා දමා, මිලියන 2.3 ක මුළු ජනගහනයම අවතැන් කර, සෑම රෝහලක්ම සහ විශ්ව විද්‍යාලයක්ම විනාශ කර, භූමිය සුන්බුන් බවට පත් කර ඇත. ට්‍රම්ප් ගාසා තීරය මෙන් 40 ගුණයක් විශාල රටකට ඊට සමාන ක්‍රමවේදයන් හඳුන්වා දෙන බවට තර්ජනය කරයි.

ඇමරිකානු හමුදා මැද පෙරදිගට ගලා එමින් සිටී. 82 වන ගුවන් හමුදා අංශයෙන් පැරෂුට් භටයින් දහස් ගණනක් කලාපයට පැමිණ ඇත. පර්සියානු ගල්ෆ් කලාපයට නාවික ගවේෂණ ඒකක (Marine Expeditionary Units) දෙකක් යවා ඇත. වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ පෙන්ටගනය “සති කිහිපයක” ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බවත් අතිරේක භටයින් 10,000 ක් යැවීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවත්ය. ඉරාන භූමියේ ගැඹුරින් පිහිටි  භූගත ඉදිකිරීම් වල ඇති රාත්තල් 1,000 කට ආසන්න පොහොසත් යුරේනියම් අත්පත් කර ගැනීම සඳහා ට්‍රම්ප් හමුදා මෙහෙයුමක් සැලසුම් කරමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේය.

ට්‍රම්ප් පරිපාලනය සියලු නීතිමය සහ ව්‍යවස්ථාමය සීමාවන්ට පිටින් ක්‍රියාත්මක වේ. එය ගෝලීය පරිමාණයෙන් මැර කල්ලි භාෂාව කතා කරමින් බලයේ සිටින අපරාධකාරී පාතාලයකි. ට්‍රම්ප් ඉරිදා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ තම “වැඩි කැමැත්ත” “ඉරානයේ තෙල් අත්පත් කර ගැනීම” බවයි.  එමගින්, මහා බලවතෙකුට ජාතියක සම්පත් ආක්‍රමණය කර, විනාශ කර, පසුව එහි හිමිකාරිත්වය හිමි කර ගත හැකි බවට වූ යටත් විජිත පූර්ව නිගමනය නැවත නගා සිටුවීම සිදු කරයි. 

රළු භූමි ප්‍රදේශයක් සහිත විශාල මිලිටරියක් සමග මිලියන 90 ක ජනතාවක් සිටින සහ බරපතල ජීවිත හානි සිදු කිරීමේ හැකියාව ඇති ඉරානයට එරෙහිව සිදු කරන ගොඩබිම් ආක්‍රමණයක් ඉක්මන් ජයග්‍රහණයක් ලබා නොදෙනු ඇත. ආක්‍රමණය මඩ වලක් බවට පත් වූ විට, ජීවිත හානි වැඩි වූ විට, දේශපාලන අර්බුදය ගැඹුරු වූ විට, ට්‍රම්ප්ගේ ඊළඟ පියවර කුමක් වේද?

ධවල මන්දිර නිලධාරීන් බොහෝ සේ පවසන පරිදි, “කිසිවක් මේසයෙන් ඉවතට නැත.” එක්සත් ජාතීන්ගේ Patriotic Vision Association to the United Nations හි නිත්‍ය නියෝජිතයා ලෙස වසර 12 ක් සේවය කළ මොහොමඩ් සෆා, මෙම සතියේ ඉල්ලා අස්වූයේ, එක්සත් ජනපදය “ඉරානයේ න්‍යෂ්ටික අවි භාවිතය සඳහා සූදානම් වෙමින් සිටින” බවට අනතුරු අඟවමිනි.

ට්‍රම්ප් පරිපාලනය මෙම යුද්ධය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විශ්වසනීයත්වය පරදුවට තබා ඇත. පරාජයක් රුසියාවට සහ චීනයට එරෙහිව බලය ප්‍රක්ෂේපණය කිරීමට එක්සත් ජනපදයට ඇති හැකියාව ප්‍රශ්න කරනු ඇත. එය දෙපක්ෂයේම (ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන්) කේන්ද්‍රීය මූලෝපායික අවධානයයි. ඉරානය මත “ගින්න සහ කෝපය” මුදා හැරීමේ ට්‍රම්ප්ගේ තර්ජනය ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ තර්ජනයක් ලෙස සැලකිය යුතුය.

ට්‍රම්ප්ගේ තර්ජනය එල්ල වූ එම සති අන්තයේ ඇස්තමේන්තුගත මිලියන 8 ක ජනතාවක් පෙළපාළි ගියේය. එය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාවය විය. ඇමරිකානුවන්ගෙන් සියයට හැට දෙකක් ඉරානයට ගොඩබිම් හමුදා යැවීමට “දැඩි ලෙස විරුද්ධ” වෙති. ඇමරිකානු ඉතිහාසයේ කිසිදු යුද්ධයක් ආරම්භයේ දී මෙතරම් අප්‍රසාදයට පත් වී නොමැත.

ට්‍රම්ප් තේරී පත්වීමට පෙර, වසරකට වැඩි කාලයක් මැද පෙරදිග යුද්ධ කරමින් සිටි ඩිමොක්‍රටික් පක්ෂය, යුද්ධයට එරෙහි මෙම මහජන විරෝධය වෙනතකට හරවා උදාසීන කිරීමට උත්සාහ කරයි.

“නෝ කිංග්ස්” රැලිවලදී, ඩිමොක්‍රටික් දේශපාලනඥයෝ යුද්ධය නොසලකා හැරීම හෝ එය අතිරේක වාක්‍ය ඛණ්ඩයකට ඌනනය කළහ. බොස්ටන්හිදී, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඉරානය” ගැන කිසිසේත් සඳහන් කළේ නැත. “අද රජවරු නැත, අපි නොවැම්බර් මාසයේදී ඡන්දය දෙමු,” යි AFT සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් එයම පැවසුවාය. මිනසෝටා නීතිපති කීත් එලිසන් රැස්ව සිටි පිරිසට පැවසුවේ “යුද්ධ ආරම්භ නොකරන අයට ඡන්දය දෙන” ලෙසයි .

එලිසන් විසින් රැලියට සහභාගී වූවන්ට ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දෙන ලෙස පවසමින් සිටියේය. නමුත් බයිඩන් පරිපාලනයේ අත්දැකීම් සහ ඊට පෙර පැවති අනෙකුත් සෑම ඩිමොක්‍රටික් ජනාධිපති ධුරයක් සමඟම සලකා බැලීමේ දී මෙය සම්පූර්ණයෙන්ම බංකොලොත් ඉදිරිදර්ශනයක් බව පෙන්නුම් කරයි. බයිඩන් යුක්රේනයෙහි රුසියානු ආක්‍රමණයක් අවුලුවා, පසුව යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කළේය. ඉරානයට එරෙහි යුද්ධයට පෙර සූදානමක් ලෙස ආරම්භයේ සිටම අරමුණු කරන ලද ගාසා තීරයේ ඊශ්‍රායල විසින් කරන ජන සංහාරයේ දී, ඔහු ඊශ්‍රායලය සන්නද්ධ කළේය.

නොවැම්බරයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තෝරා පත් කර ගැනීමෙන් අර්බුදය විසඳනු ඇතැයි යන ප්‍රකාශය වංචාවකි. අද සහ එකල අතර කුමක් සිදුවේද? මෙම අවධානයේ සැබෑ අදාලත්වය වන්නේ කාලය ලබා ගැනීමයි: එනම්, යුද්ධය දියත් කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය මාස ගණන ට්‍රම්ප්ට ලබා දීමයි; ඩිමොක්‍රටික් පක්ෂය එහි මූලධර්මවලින්ම යුද්ධයට සහාය දක්වයි.

ට්‍රම්ප් කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ හුදෙක් තනි පිස්සෙකු ලෙස නොවේ. ඔහු ධනවාදී කතිපයාධිකාරයක දේශපාලනික පුද්ගලාරෝපණයයි – එම කතිපයාධිකාරය ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් බිඳ දමා තම ධනය සහ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා විදේශයන්හි යුද්ධයට සහ රට තුළ මර්දනයට යොමු වූ ඇමරිකානු පාලක පන්තියකි.

යුද්ධය අවසන් වන්නේ යුදවාදී ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීමෙන් නොව, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමෙන් ය. දැනටමත්, ජීවන වියදමේ දැවැන්ත වැඩිවීමකට මුහුණ දී සිටින වැඩ කරන ජනතාවට යුද්ධය ව්‍යසනයක් වී ඇත. යුද්ධය ඉදිරියට ඇදෙන විට, පිරිවැය තීව්‍ර වනු ඇති අතර, යුද්ධයට ගෙවීම සඳහා සමාජ වැඩසටහන් කප්පාදු කිරීමේ ඉල්ලීම් ද ඊට ඇතුළත් වේ. ට්‍රම්ප් ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් ඉල්ලා තිබේ. මෙම මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂණය දැනටමත් ප්‍රහාරයට ලක්ව ඇත. පසුගිය සියවස පුරා ගොඩනගා ඇති සමාජ වැඩසටහන් යුද යන්ත්‍රය පෝෂණය කිරීම සඳහා කපා හරිනු ඇත.

මෙම යුද්ධය නැවැත්වීමට හැකියාව ඇති එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි. මිලියන අටක ජනතාවක් වීදි බැස්සේය; නමුත් එම විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයේ පාලනය යටතේ පැවතුනහොත් එහි ගෙල සිර කරනු ඇත. යුද්ධයට එරෙහි සටන සඳහා, සෑම වැඩබිමකම සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු තුළ සංවිධානය වී, කර්මාන්ත හා දේශසීමා හරහා සම්බන්ධ වී, යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ අසමානතාවය ඇති කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව සමාජවාදී වැඩපිළිවෙලකින් සන්නද්ධ වූ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවශ්‍ය වේ.  (අවධාරණයන් අපෙන්)

මැද පෙරදිගට පාබල හමුදා පැමිණෙන විට, ට්‍රම්ප් ඉරානයේ යටිතල පහසුකම් “මකා දමන” බවට තර්ජනය කරයි Read More »

Banner

Weekly Political Report — Week Ending 28 March 2026

This political report for the week of March 22–28, 2026, is compiled by theSocialist.lk based on coverage from the World Socialist Web Site (WSWS).

Banner

I. Imperialism and War: The Iran Catastrophe Deepens

The dominant political development of the week was the further catastrophic escalation of the US-Israeli war against Iran, now entering its fourth week. On Saturday, 22 March, President Trump posted an ultimatum on his social media platform demanding that Iran “fully open, without threat, the Strait of Hormuz within 48 hours,” threatening to “obliterate” Iran’s power infrastructure, beginning with its largest power plant. The WSWS characterised this as a threat of genocidal violence without precedent in the post-World War II era, comparable only to the Truman administration’s nuclear ultimatum to Japan in 1945.[1]

The scale of the threat was not rhetorical. The Damavand Combined Cycle Power Plant — Iran’s largest, located 35 kilometres from Tehran’s centre — supplies electricity to approximately ten million people. Any strike on the Bushehr Nuclear Power Plant, Iran’s sole operating commercial reactor, risks catastrophic radioactive release. The IAEA Director General has warned that even severing the facility’s power supply lines could trigger a reactor meltdown. Iran responded by declaring all US and Israeli energy infrastructure across the region as legitimate targets, with Gulf states whose populations depend on electricity-powered desalination plants facing a potential humanitarian catastrophe of their own.

By week’s end, the trajectory had moved unambiguously toward ground invasion. Trump, in an interview with the Financial Times, declared openly: “Maybe we take Kharg Island, maybe we don’t. We have a lot of options.” The Wall Street Journal reported that the Pentagon was preparing for “weeks of ground operations,” and approximately 1,000 soldiers from the 82nd Airborne Division were reported to be readying for deployment. The 82nd Airborne’s Immediate Response Force — a 3,000-strong rapid-deployment brigade — was identified by the New York Times as a candidate force for seizing Kharg Island, through which 90 percent of Iran’s oil exports pass.

Defence Secretary Pete Hegseth provided the clearest statement of the administration’s actual position: “We negotiate with bombs. You have a choice as we loiter over the top of Tehran.” This cynical formulation — coupling public talk of negotiations with accelerating military preparations — exposes the character of US imperialism: diplomacy as a screen for war, with mass violence as both means and end.

In Lebanon, Israeli Prime Minister Netanyahu ordered a further expansion of the “security zone” in the south. More than 1,238 people have been killed and 3,500 wounded since the Israeli ground assault began on 2 March. More than 1.2 million people have been displaced. Three journalists were killed in a targeted Israeli airstrike on a marked press vehicle in Jezzine. Human rights documentation through Day 25 of the Iran war recorded at least 6,530 killed, including 640 confirmed civilians.

The WSWS insists that these are not individual acts of militarist excess but the systematic expression of a capitalist imperialist order in deep crisis, using war to secure control of energy resources, chokepoints and global hegemony. The Newroz 2026 statement of the Sosyalist Eşitlik Partisi (Turkey/SEP) — issued on 22 March — placed the war in this broader framework, linking imperialist aggression against Iran, Lebanon and Gaza to the political interests of regional bourgeoisies and the strategic requirements of US world dominance. The statement called for the building of rank-and-file committees across factories, ports, mines, hospitals and schools, the withdrawal of all US forces from the Middle East, the closure of NATO bases including those in Türkiye, and the formation of a Socialist Federation of the Middle East.[2]

II. The Political Bankruptcy of Reformism

Spain provided the week’s starkest illustration of pseudo-left capitulation to imperialism. The PSOE-Sumar coalition — which weeks earlier had revived the “No to war” slogan associated with the 2003 anti-Iraq War mass movement — announced a €1 billion military aid package for Ukraine following a meeting between Prime Minister Sánchez and Volodymyr Zelenskyy, bringing Spain’s total commitment to approximately €4 billion. The frigate Cristóbal Colón was simultaneously dispatched to the eastern Mediterranean. A token €5 billion social subsidy package — temporary tax cuts and a symbolic rent freeze attempt — was offered as political cover.[3]

The manoeuvre was transparent. The PSOE-Sumar government made this announcement against the backdrop of an unprecedented wave of industrial action across Spain: a nationwide doctors’ strike involving more than 175,000 workers, a three-day national railway strike, airport ground handling stoppages threatening to paralyse Easter travel, regional education strikes — with Catalonia’s culminating in more than 100,000 people on the streets of Barcelona — and general strikes in the Basque Country on 17 March. The working class in struggle was answered with rearmament and tokenism.

The WSWS is unequivocal: PSOE-Sumar’s anti-war posture was never anything other than a political calculation to contain domestic opposition. Its rapid re-integration into NATO war logistics — complementing Spain’s earlier facilitation of US strikes on Iran — exposes the class interests that animate such formations. Sumar, positioned as the “left” partner of the coalition, is identified as a direct instrument of imperialism, channelling dissent into manageable parliamentary terrain while voting through military budgets and suppressing class struggle.

Sri Lanka’s Frontline Socialist Party (FSP) received analogous treatment. Its call for “global people’s power” against the Iran war — superficially radical in rhetoric — was subjected to sharp political critique as pseudo-left opportunism. The FSP’s initiative, the WSWS argued, reflects a nationalist parliamentary logic that accommodates bourgeois parties and dissipates class power through appeals that refuse to break with the capitalist state. The SEP insists that genuine anti-war struggle must be grounded in proletarian internationalism and independent socialist organisation.[4]

III. Authoritarian Consolidation and Democratic Rights

The Trump administration continued its domestic militarisation offensive during the week. ICE deployments to airports in force — framed publicly as immigration enforcement — were characterised by the WSWS  as a deliberate erosion of democratic norms and a rehearsal for the normalisation of federal paramilitary presence in civilian public life. The SEP connects this directly to the war drive: the same oligarchic project that prosecutes imperialist war abroad constructs the police state apparatus at home.

Australia’s Labor government provided a parallel illustration of bourgeois democracy’s hollowing out. Having lost a High Court ruling on offshore detention, the Albanese government circumvented the decision by transporting former asylum seekers to Nauru. The SEP described this as demonstrating the capitalist state’s readiness to flout its own legal constraints in order to uphold racist border regimes — which serve both capitalist labour market requirements and imperialist geopolitical alliances.

Cuba’s humanitarian crisis deepened further as a nationwide blackout struck the island amid US restrictions blocking incoming Russian fuel shipments. This is imperialist economic warfare targeting working people directly, using energy denial as a weapon of coercion.

The German city of Duisburg maintained its entry ban against Mohamedou Ould Slahi — the Mauritanian — a Guantánamo survivor and author, in a measure that exemplifies the integration of state repression, anti-democratic precedent and the ongoing brutalisation of those processed through imperialist detention machinery.

IV. Class Struggle and Bureaucratic Betrayal

Class struggle intensified across multiple fronts, with the trade union bureaucracy consistently functioning as the principal obstacle to the conversion of industrial militancy into political power.

In London, more than 300 Unite members at Stagecoach’s Bow garage struck for four days (19–22 March) against punishing rosters, inadequate rest breaks and dangerous fatigue — conditions forcing drivers to fall asleep at the wheel. Stagecoach mounted a systematic strikebreaking operation, importing replacement drivers from other cities and billeting them in hotels. Unite responded by sabotaging the action: officials called off a coordinated strike at Lea Interchange Bus Company — a Stagecoach subsidiary a few miles away — and declared a “win” based on a three-year deal pegging future increases to CPI rather than the previously demanded RPI, while leaving victimisation of union reps unaddressed. The Rail, Maritime and Transport union simultaneously suspended rolling stoppages by 1,800 London Underground drivers for closed-door talks.[5]

The WSWS analysis is direct: the union apparatus acts not as an instrument of working-class power but as a managerial layer whose function is to contain, fragment and ultimately defeat industrial resistance. The strategic response is the formation of rank-and-file committees that link garages and sectors, set non-negotiable safety demands, coordinate unified action, and raise the demand for democratic workers’ control of public transport.

In Australia, Tasmanian teachers conducted rolling statewide strikes over real-wage cuts and deteriorating conditions — the third round of action since September 2025 — while the AEU bureaucracy deliberately staggered the action by region (northwest on Tuesday, north on Wednesday, south on Thursday) to minimise its impact and prevent coordination with the simultaneous Victorian teachers’ strike. The tactic is well-established: token industrial action that creates the appearance of struggle while preserving the bureaucracy’s role as negotiating intermediary and absorber of militancy.[6]

Spain’s strike wave — the full breadth of which crossed healthcare, transport, rail, education and the public sector — demonstrated the objective depth of class anger. The Catalan education strike, supported by 90 percent of educators and culminating in 100,000 on the streets of Barcelona, is among the most significant educational mobilisations in recent Spanish history. That this emerged simultaneously with the PSOE-Sumar government’s announcement of a billion-euro military package for Ukraine underscores the central political contradiction: the same government which presides over real wage cuts and social austerity now channels resources to militarism while deploying union bureaucracies and its pseudo-left partners to contain the resistance.

V. Economic Warfare and Global Instability

The week’s economic developments were inseparable from the war drive. The Iran conflict’s threat to the Strait of Hormuz — through which roughly one-fifth of global oil passes — continued to generate financial turbulence across Asian markets. The imperialist war is simultaneously a political project and an act of structural economic destabilisation that strikes workers internationally through energy price inflation, supply chain disruption and currency volatility.

Cuba’s energy crisis — intensified by US restrictions on Russian fuel shipments — illustrates how imperialist economic coercion operates as a form of warfare targeting entire populations. The IMF, which had previously lauded Sri Lanka as an austerity “success story,” continued to provide ideological cover for the social devastation its programmes produce. These are not disconnected crises but expressions of the same capitalist order in its period of accelerating decay.

VI. The Revolutionary Tasks

The week’s events collectively underscore the axis of ICFI/SEP political analysis: war, dictatorship, austerity and bureaucratic betrayal are not separate phenomena but interlinked expressions of the capitalist system’s terminal crisis. Trump’s 48-hour ultimatum is not an aberration but the language of a ruling class prepared to obliterate the infrastructure of a nation of 90 million people to secure strategic and economic objectives. The pseudo-left formations — PSOE-Sumar, the FSP, the trade union bureaucracies — function consistently to contain and divert the social opposition that these conditions generate.

The correct working-class response — as the WSWS insists — is the building of rank-and-file committees in workplaces and communities, international coordination through the International Workers Alliance of Rank-and-File Committees, political independence from all bourgeois parties, and the construction of sections of the Fourth International to provide the revolutionary socialist leadership that the objective situation demands.

[1] Trump’s 48-hour ultimatum: A criminal threat of mass murder — https://www.wsws.org/en/articles/2026/03/23/wzwz-m23.html 

[2] Newroz 2026: Mobilize the working class against imperialist war and for workers’ power in the Middle East! — https://www.wsws.org/en/articles/2026/03/22/hynm-m22.html 

[3] Spain’s Socialist Party-Sumar government unveils €1 billion military aid package for Ukraine — https://www.wsws.org/en/articles/2026/03/22/bkdx-m22.html 

[4] Sri Lanka: FSP “global people’s power” critique — WSWS coverage, week ending 28 March 2026

[5] East London bus drivers opposing fatigue face strike breaking by Stagecoach — https://www.wsws.org/en/articles/2026/03/22/iprj-m22.html 

[6] Australia: Teachers to strike across Tasmania against real wage cuts — https://www.wsws.org/en/articles/2026/03/23/ovkw-m23.html 

Weekly Political Report — Week Ending 28 March 2026 Read More »

IMG 0756

Weekly Political Report — Week Ending 14 March 2026

This political report for the week of March 8-14, 2026, is compiled based on coverage from the World Socialist Web Site (WSWS).

I. Imperialism and War: The US-Israeli Assault on Iran Enters Its Third Week

The dominant political fact of the week was the accelerating and catastrophic escalation of the illegal US-Israeli war against Iran, now in its second and third week. The situation compels the sharpest analysis: this is not a limited military operation but the most dangerous eruption of imperialist aggression since the Second World War.

Image Not Found
The aircraft carrier USS Dwight D. Eisenhower and the fast combat support ship USNS Supply transit the Strait of Hormuz, Dec. 14, 2023. [Photo: Navy Petty Officer 2nd Class Keith Nowak]

The week opened with Pentagon statements and press reports confirming that the Trump administration is actively preparing a ground invasion of Iran. US Treasury Secretary Scott Bessent announced on 13 March that the Navy would begin escorting commercial vessels through the Strait of Hormuz — a waterway just 21 miles wide at its narrowest point, within direct range of Iranian anti-ship missiles — placing American forces on the threshold of open naval combat.[1] Secretary of War Pete Hegseth, in language stripped of all diplomatic pretence, declared the Strait “will not be allowed to remain contested.” By 14 March, the WSWS confirmed preparations for what it characterised as a potential Gallipoli-scale ground campaign that would engulf the entire region and carry a real risk of nuclear escalation.[2]

The human toll already documented is staggering. A Pentagon investigation, corroborated by open-source analysis and reported by the WSWS on 12 March, confirmed that a US Tomahawk missile struck the Shajarah Tayyebeh girls’ elementary school in Minab on 28 February during the opening strike package, killing at least 150–175 schoolgirls aged 7 to 12.[3] Trump responded not with accountability but with a brazen lie, telling reporters the school was destroyed by Iran. By 11 March, the total death toll had surpassed 1,255, with over 12,000 wounded and nearly 20,000 civilian structures damaged, including 77 healthcare centres and 69 schools. Iran remains under near-total internet blackout. Israel simultaneously launched a renewed ground incursion into Lebanon, ordered the evacuation of over 100 villages and the entire Dahiyeh district of Beirut, and has killed more than 600 people and displaced 800,000. Gaza’s total siege was intensified on 1 March with the closure of all border crossings.[4]

Iran closed the Strait of Hormuz within days of the war’s outbreak on 28 February. Shipping traffic has plummeted more than 90 percent. Zero LNG tankers passed through in the week under review. The four largest container shipping lines in the world — Maersk, MSC, Hapag-Lloyd and CMA CGM — have suspended all operations. Oil surged above $120 a barrel, and the International Energy Agency described it as the largest supply disruption in the history of the global oil market.[5] Global financial markets experienced wild swings throughout the week, with oil shocks cascading into bond markets and risk-asset volatility threatening systemic instability.

European imperialism joined the coalition. On 12 March, the WSWS documented how France, Germany, Spain, the Netherlands, Italy and Greece moved to deploy warships toward the Middle East, with Macron announcing the Charles de Gaulle carrier would ultimately participate in “restoring freedom of navigation” through the Strait — in all but name, a declaration of war against Iran by the European powers.[6] On 12 March, German Foreign Minister Wadephul visited Israel, publicly endorsing US-Israeli war aims. The UN Security Council, on 13 March, passed Resolution 2817 condemning Iran’s retaliatory strikes while entirely failing to condemn the US-Israeli bombardment; Russia and China abstained, allowing the resolution to pass, exposing the imperialist character of all these multilateral institutions.

The WSWS ICFI emergency webinar on 10 March convened thousands internationally to outline a socialist anti-war strategy. The SEP and IYSSE held an urgent public meeting in Colombo on 17 March to explain the geo-strategic roots of the assault and to build the foundations of an independent international working-class anti-war movement.[7] Workers and students across Sri Lanka were interviewed by SEP and IYSSE campaigners, showing deep opposition to the war and Sri Lanka’s own exposure as a conduit for US imperialism, documented by a leaked US State Department cable revealing that Colombo acted at US and Israeli insistence to detain Iranian sailors and restrict their return.[8]

II. Working-Class Opposition to the War and Bureaucratic Containment

The breadth of working-class opposition to the war was documented in a series of significant WSWS reports. London postal workers at Mount Pleasant Mail Centre and bus drivers at West London garages spoke candidly with SEP campaigners. Workers made the direct connection between imperialist war and capitalist exploitation: “We’re fighting this war for the banks,” said one bus driver; “They treat Iran as a petrol pump,” said another.[9] Workers identified the need for a general strike but raised the central obstacle: union bureaucracies and the threat of scabbing.

Thousands marched in central London on 8 March, but the WSWS exposed how the Palestine Coalition — Stop the War, the PSC, CND — directed this mass anti-war energy into futile appeals to Prime Minister Keir Starmer and parliamentary pressure, reproducing the same political dead end that allowed the Gaza genocide to proceed and now facilitates Britain’s participation in the Iran assault.[10] Workers’ testimony at the demonstration expressed far sharper sentiments — “it’s always money and power” — than the platform politics of reformist organisers.

The same crisis of leadership was exposed in the response of British trade union bureaucracies. Eighteen union general secretaries issued a joint statement condemning the war but called only for diplomacy and appeals to government, making no call for workplace action, no strike, no industrial disruption. The TUC similarly confined itself to platitudes. The WSWS identified this as a classical function of the union apparatus: containing and defusing opposition while channelling mass sentiment back toward the very institutions that enable war.

The UK Labour government of Keir Starmer moved simultaneously to ban the Al-Quds Day march in London — an authoritarian measure against mass anti-war protest — and to slash asylum rights and expand anti-migrant enforcement, fusing war policy with internal repression and xenophobia to discipline the working class.

The Jacobin magazine was criticised by the WSWS for publishing commentary that soft-pedalled opposition to the war and subordinated anti-war rhetoric to accommodation with US imperialist strategy — a clear example of the pseudo-left’s function in disarming the working class politically. Similarly, New Zealand pseudo-left forces organised a meeting titled “No War With Iran” that provided platforms to Labour, the Greens and union officials — figures who have actively supported NZ’s integration into US military alliances.[11]

In the United States, Detroit autoworkers interviewed by the WSWS gave expression to a deepening politicisation: workers compared Trump and Hegseth to Nazis and linked rising fuel prices and job insecurity directly to imperialist war. “The working class has to stop the war,” one worker stated, adding that if the Italians could hold a general strike, Americans could too.[12] The bipartisan character of imperialism was starkly confirmed: 21 House Democrats provided the decisive margin to pass a $1.2 trillion spending bill funding the military through September 2026, and leading Senate Democrats expressed the private conviction that Iran “ultimately needed to be dealt with militarily.” The US media simultaneously normalised strikes, massacres and war crimes.

III. Austerity, Corporate Offensive and Class Struggle

The week provided stark evidence that the capitalist offensive against the working class intensifies in direct proportion to the escalation of war.

Volkswagen Group CEO Oliver Blume announced a further intensification of the company’s jobs massacre: 50,000 positions to be eliminated in Germany alone, broken down as 35,000 at the core VW brand, 7,500 at Audi, 1,900 at Porsche and 1,600 at the software subsidiary Cariad. The IG Metall works council chair Daniela Cavallo immediately signalled her support, even floating armaments production as a future for threatened plants.[13] The WSWS draws the necessary conclusion: this is a class offensive in which the trade union apparatus functions not as a defender of workers but as a co-manager of capitalist restructuring, with IG Metall representatives personally enriched for their services as supervisory board members.

In the US healthcare sector, the six-month strike by 750 nurses and case workers at Henry Ford Genesys Hospital in Grand Blanc, Michigan, continued under intense management strikebreaking and pressure from the Teamsters bureaucracy to settle on employer terms. Simultaneously, approximately 10,000 Corewell Health nurses across Michigan voted on strike authorisation over essentially identical issues of unsafe staffing, wages and patient safety — a potential combined struggle of nearly 11,000 healthcare workers that the Teamsters apparatus has deliberately prevented from forming.[14]

BP Whiting refinery workers overwhelmingly rejected a six-year concessionary contract that would have cut wages by $8–10 per hour, eliminated roughly 100 jobs, expanded contractor use and permitted AI implementation without protections. The International Workers Alliance of Rank-and-File Committees called for national coordination to defeat the employer’s attempt to use Whiting as a pattern for the industry.[15] Colorado meatpacking workers announced a coordinated strike — the largest in the sector in 40 years — over pay, safety and contracts, demonstrating significant industrial leverage in critical supply chains.

At the University of California system, 40,000 academic workers had voted 93.3 percent for strike authorisation but were kept on the job by UAW Local 4811 officials even after contracts expired on 1 March. Around 600 picketers at Berkeley and 300 at UCLA held “last chance” pickets to no avail — the UAW bureaucracy prioritised institutional accommodation over enforcing the democratic mandate of its members. In San Diego, deep education budget shortfalls produced hundreds of classified layoffs; union leaders, having previously authorised strikes, called them off and enabled the cuts to proceed. The UK Labour government’s SEND “reform” — gutting support for children with special educational needs — was exposed as a classical austerity attack dressed in the language of “efficiency.”

Tesla’s Grünheide plant in Berlin saw IG Metall-backed works council candidates defeated in elections, signalling real erosion of bureaucratic control and a potential opening for genuine rank-and-file organisation.

IV. Authoritarian Consolidation and Democratic Rights

The authoritarian dimensions of the ruling class’s response to social crisis deepened across multiple fronts during the week.

The Trump administration nominated far-right Senator Markwayne Mullin to lead the Department of Homeland Security, a move that won tacit bipartisan accommodation including from sections of the Teamsters leadership — a demonstration of how the union apparatus colludes in the expansion of the repressive state. Trump also moved to push federal voter suppression and anti-transgender legislation, using “culture war” pretexts to divide and weaken the working class.

ICE arrested dozens of Amazon Flex couriers — predominantly immigrant gig workers — in southeast Michigan, using enforcement actions to discipline a precarious and fragmented workforce. Letters from detained children at a Texas immigration facility described nine months of abuse and conditions amounting to torture. Canada’s Liberal government maintained the Safe Third Country Agreement with the US, forcing asylum seekers back into a country conducting mass deportations.

The Academy Awards, the BAFTA and Brit Award ceremonies all became sites of cultural censorship: broadcasters cut or bleeped artists’ anti-genocide statements, reflecting coordinated ruling-class pressure to enforce ideological conformity on imperialist war. The Toronto Film Critics Association faced internal collapse over the same censorship of pro-Palestinian speech. In Kazakhstan, authorities demolished a building historically associated with Leon Trotsky — an act of state erasure of revolutionary memory reflecting the reactionary character of post-Soviet nationalist regimes.

Istanbul’s elected Mayor Ekrem İmamoğlu faced politically motivated trials in Turkey — instruments of the bourgeois state used to suppress political opposition while maintaining the fiction of democratic legitimacy.

V. The Political Bankruptcy of Reformism and Pseudo-Leftism

The week provided abundant evidence of the political bankruptcy of all forms of reformism and pseudo-left politics in the face of imperialist war and capitalist crisis.

In Germany, the SPD suffered a major collapse in the Baden-Württemberg state elections — the logical outcome of years of administering austerity and rearmament while posturing as a workers’ party. This is not an isolated setback but a symptom of the organic crisis of social democracy across the capitalist world. The parallel trajectory of the UK Labour Party — waging imperialist war, banning protests, cutting migrant rights and attacking SEND provision — confirms that these parties are instruments of capitalist rule, not vehicles for reform.

Argentina’s President Milei delivered a reactionary congressional address, with pseudo-left forces offering complicity or silence — exposing once again how middle-class “left” formations capitulate before reaction when it is in power. In New Zealand, the Labour Party and Greens issued perfunctory criticisms of the Iran war while continuing every policy that integrates New Zealand into US strategic structures. Trump’s “Shield of the Americas” summit militarised Latin America under US leadership, with comprador regimes across the hemisphere lining up behind Washington.

The six-year anniversary of COVID-19 was marked by the WSWS with a sober reckoning: the pandemic’s enormous ongoing death toll and the media’s near-total silence reflect the ruling class’s deliberate abandonment of public health as a social responsibility — the same logic now governing the conduct of a war that has killed over a thousand civilians and destroyed hospitals, schools and healthcare infrastructure in Iran.

Summing-up 

The week ending 14 March 2026 crystallises the historical crisis of the capitalist system with extraordinary clarity. The US-Israeli war on Iran is not an aberration but the concentrated expression of imperialist rivalry, capitalist decline and the drive of the ruling class toward authoritarian rule at home and military barbarism abroad. The massive scale of opposition — in London and Frankfurt, among US autoworkers and nurses, among students in Australia and Sri Lanka — demonstrates the objective social force that exists to stop the war. What is missing is not mass sentiment but revolutionary political leadership. The building of rank-and-file committees in workplaces, independent of union bureaucracies, and the construction of sections of the ICFI as the political leadership of the international working class is not an abstract prescription — it is the urgent requirement of this historical moment.

[1] Treasury Secretary Bessent announces Strait of Hormuz naval escorts: https://www.wsws.org/en/articles/2026/03/13/vpgn-m13.html

[2] Trump is planning a ground invasion of Iran: https://www.wsws.org/en/articles/2026/03/14/zchg-m14.html

[3] Trump threatens ground troops, assassinations in escalating Iran war: https://www.wsws.org/en/articles/2026/03/09/dhei-m09.html

[4] US media and Democratic Party enable Trump’s war of extermination against Iran: https://www.wsws.org/en/articles/2026/03/11/dkif-m11.html

[5] Iran death toll surges past 1,200 as Israel bombs two more schools: https://www.wsws.org/en/articles/2026/03/06/weph-m06.html

[6] European imperialism joins the illegal US-Israeli war on Iran: https://www.wsws.org/en/articles/2026/03/12/lgjr-m12.html

[7] SEP/IYSSE Colombo public meeting announcement: https://www.wsws.org/en/articles/2026/03/09/xwus-m09.html

[8] US memo exposes Sri Lankan “humanitarian” posturing over Iranian sailors: https://www.wsws.org/en/articles/2026/03/11/ocid-m11.html

[9] “We are fighting this war for the banks”: London post and transport workers: https://www.wsws.org/en/articles/2026/03/08/tpoz-m08.html

[10] London demonstration against Iran war deflected into appeals to Starmer: https://www.wsws.org/en/articles/2026/03/08/ntnd-m08.html

[11] NZ pseudo-left meeting promotes Labour, Greens and unions: https://www.wsws.org/en/articles/2026/03/14/tuye-m14.html

[12] “The working class has to stop the war”: US workers denounce war with Iran: https://www.wsws.org/en/articles/2026/03/10/fbnv-m10.html

[13] VW Group increases job cuts to 50,000: https://www.wsws.org/en/articles/2026/03/13/yibx-m13.html

[14] Henry Ford Genesys walkout enters 6th month, Corewell nurses vote on strike: https://www.wsws.org/en/articles/2026/03/11/qjvr-m11.html

[15] BP Whiting workers reject concessions contract: https://www.wsws.org/en/articles/2026/03/12/xxxx-m12.html

Weekly Political Report — Week Ending 14 March 2026 Read More »

IMG 0706

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය –  3 කොටස

සංජය ජයසේකර විසිනි.

ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන අර්බුදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය විමර්ශනය කරන ලිපි මාලාවක 3 වන කොටසෙහි සිංහල පරිවර්තනය අපි මෙහි පළ කරමු. 2 කොටස ඉංග්‍රීසි බසින් theSocialist.lk වෙබ් අඩවියේ 2025 නොවැම්බර් 14 දින පළ කෙරුණි. 1 කොටස 2025 නොවැම්බර් 6 වන දින ඉංග්‍රීසි බසින්ද, නොවැම්බර් 10 දින සිංහල බසින් ද පළ කරන ලදී. 3 කොටස ඉංග්‍රීසි බසින් 2026 පෙබරවාරි 27 දින පළ විය.

ජෙන්-Z කැරලිවල පෙළපත: අරාබි වසන්තය, වෝල් වීදිය වඩිලෑම සහ කහ කබා උද්ඝෝෂණ—දේශපාලනය, උපායමාර්ග, වැඩ පිළිවෙළ සහ කම්කරු පන්තිය සඳහා පාඩම්

අරාබි වසන්තය — ඓතිහාසික පූර්වගාමියා සහ දේශපාලන පාඩමක වස්තු විෂය

මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ (MENA) 2010–2011 කාල වකවානුවේ සිදුවූ අරාබි වසන්තය (Arab Spring) මෙහිදී පරීක්ෂා කෙරෙන එකක් පසු එකක් ලෙස හටගත් පාර්ලිමේන්තුවෙන්-පිටත කැරලි රැල්ලට තීරණාත්මක ඓතිහාසික පූර්වගාමියා වූ අතර, එහි දේශපාලන පාඩම් සමස්ත පසුකාලීන ඉතිහාසයම විනිවිද යයි. එය තනි සමජාතීය ව්‍යාපාරයක් නොව, ලෝක ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදය–ඉහළ යන අසමානතාවය, මහා විරැකියාව සහ බිඳ වැටෙන ජීවන තත්වයන් මගින් පිළිබිඹු වූ–මගින් මෙහෙයවන ලද මහා සමාජ නොසන්සුන්තාවයේ ගෝලීය පිපිරීමක් වූ අතර, එහි දේශපාලනය ගැඹුරින් ප්‍රතිවිරෝධී පන්ති බලවේගයන්ගේ ගැටුමින් හැඩගැසුණි: රැඩිකල් වන කම්කරු පන්තියක් සහ දුප්පතුන්, තරුණයින් සහ සුලු ධනේශ්වර ක්‍රියාකාරීන් විශාල ස්ථරයක්, දේශපාලන අවකාශයක් සහ වාසියෙන් වැඩි පංගුවක් සොයන මධ්‍යම පන්තියේ කොටස්, මිලිටරි කල්ලි සහ ඉස්ලාමීය පක්ෂ ඇතුළු ජාතික පාලක පන්තිවල තරඟකාරී කොටස් මේ පන්ති බලවේග අතර විය. ඒකාධිපති පාලන තන්ත්‍රයන්ට එරෙහි මහජන නැගිටීම් ලෙස ආරම්භ වූ දෙය වේගයෙන් විවිධ පන්ති බලවේග සහ ධනේශ්වර කන්ඩායම් තමන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රතිඵල හැඩගැස්වීමට සටන් කළ යුධ පිටියක් බවට පත්විය.

Image Not Found
ජනාධිපති හොස්නි මුබාරක්ගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසු කයිරෝවේ තහ්රීර් චතුරශ්‍රයේ විරෝධතාකරුවෝ ප්‍රීති ඝෝෂා පවත්වති.

ඊජිප්තුවේ, මුස්ලිම් සහෝදරත්වය සහ මිලිටරි පිටුබලය ලත් ටැමරොඩ් (Tamarod) ව්‍යාපාරය යන දෙකම උත්සාහ කළේ මහජන කෝපය ස්වාධීන කම්කරු පන්තිය මගින් ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීමක් වෙතට වඩා ඔවුන්ගේ අදාළ ධනේශ්වර ව්‍යාපෘතිවලට යොමු කිරීමට ය. ඊජිප්තු අත්දැකීම් පිළිබඳ WSWS විශ්ලේෂණය තහවුරු කළ පරිදි, ඊනියා ලිබරල් සහ ව්‍යාජ වාම සංවිධාන තීරණාත්මක ප්‍රතිවිප්ලවවාදී භූමිකාවක් ඉටු කළ අතර, කුමන්ත්‍රණ අණදෙන නිලධාරී ජෙනරාල් අබ්දෙල් ෆටා එල්-සිසි විසින් හමුදා අත්පත් කර ගැනීම–එය එම සංවිධාන යථාමය ලෙස සූදානම් කර තිබූ ප්‍රතිඵලයකි–නිවේදනය කරන විට ටැමරොඩ් නායකයින් ඔහුගේ පැත්තේ සිටගෙන සිටියහ.[1] වීදිවල ස්වයංසිද්ධව ඉදිරිපත් වූ දේශපාලන ඉල්ලීම්–පාන්/ආහාර, රැකියා, ගෞරවය, දූෂණයට අවසානයක්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්–අව්‍යාජ සහ ගැඹුරු සමාජ අවශ්‍යතාවයක් ප්‍රකාශ කළ නමුත් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් ස්වයංක්‍රීයව සමාජවාදී වැඩසටහනක් අන්තර්ගත කර නොගනියි. සංවිධානාත්මක විප්ලවවාදී කම්කරු පන්ති නායකත්වය නොමැති තැන, ලිබරල්, ඉස්ලාමීය සහ සුලු ධනේශ්වර ධාරාවන් රික්තය පුරවා, සෑම අවස්ථාවකම ධනේශ්වර දේපළ සබඳතා සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය ආරක්ෂා කරන විකල්ප වැඩසටහන් ඉදිරිපත් කළහ.

අරාබි වසන්තයේ කේන්ද්‍රීය ලක්ෂණයක් වූයේ එහි ස්වයංසිද්ධතාවයයි: එය හදිසි මහජන බලමුලු ගැන්වීම්, මහා වැඩවර්ජන සහ ගෝලීය වශයෙන් පාලක පන්ති භීතියට පත් කළ සහ පවතින සංවිධානවල සීමාවන් හරහා පුපුරා ගිය වාඩිලාගැනීම් වලින් සමන්විත විය. මෙම ස්වයංසිද්ධතාවය එකවරම ශක්තියක්–ස්වාධීනව සහ දැවැන්ත බලයකින් ක්‍රියා කිරීමට ජනතාවට ඇති හැකියාව පෙන්නුම් කිරීම–සහ නැගිටීම්වල විප්ලවවාදී විභවයට මාරාන්තික බව ඔප්පු කළ ව්‍යුහාත්මක සීමාවක් විය. විප්ලවවාදී කම්කරු පන්ති පක්ෂයක් නොමැතිව සහ කම්කරු පන්ති බලයේ අවයව නොමැතිව—කර්මාන්තශාලා කමිටු, ක්‍රියාකාරී කමිටු, නිවහන් පෙදෙස්  කමිටු යන සංවිධාන ආකාර–මෙම ස්වයංසිද්ධ ව්‍යාපාර, වඩා හොඳින් සංවිධානය වූ ධනේශ්වර කන්ඩායම් විසින් අවශෝෂණය කර ගැනීම, වෙහෙසට පත් කිරීම සහ මර්දනය කිරීම හරහා අත්පත් කර ගැනීම මගින් බලමුලු හරනයට ගොදුරු විය හැකිය. 2011 පෙබරවාරියේ දී ඉදිරිපත් කරන ලද ඊජිප්තු නැගිටීම පිළිබඳ ඔහුගේ සමකාලීන විශ්ලේෂණයේ දී නික් බීම්ස් තර්ක කළ පරිදි, මහජන විප්ලවවාදී ශක්තිය රාජ්‍ය බලය බවට පරිවර්තනය කළ හැකි දේශපාලන හා සංවිධානාත්මක නායකත්වයක් කම්කරු පන්තියට නොමැති තැන හමුදාවට සහ ධනේශ්වර බලවේගවලට පාලනය නැවත තහවුරු කිරීමට හැකි විය.[2] මුබාරක් බලයෙන් පහ කළ වැඩ වර්ජන රළ තුළ, ඊජිප්තුව සතුව සමාජවාදී විප්ලවයක් කිරීමට වෛෂයික සමාජ බලය පැවතිණි; එයට නොතිබුනේ ආත්මීය මෙවලම, එනම් ජනතාව තුළ නැංගුරම් ලා ගත් ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කරන විප්ලවවාදී පක්ෂයකි: එය නොමැතිව එම බලය එහි අවශ්‍ය අවසානයට යොමු කළ නොහැකි විය. දශකයක පසුකාලීන අත්දැකීම් මගින් සනාථ කරන ලද ප්‍රතිඵලය වූයේ විප්ලවය විසින් පෙරලා දැමූ පාලනයට වඩා කුරිරු හමුදා ආඥාදායකත්වයක් එල්-සිසි යටතේ  ඇති කිරීමයි.

අරාබි වසන්තය, අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානයේ නිශ්චිත තත්වයන් තුළ වෝල්  වීදිය වාඩි ලෑම  Occupy Wall Street (2011) විසින් ප්‍රතිනිෂ්පාදනය කෙරුනු දේශපාලනික අන්තරායන් හෙළිදරව් කරන අතරම, වාඩි ලෑම මත සෘජු දෘෂ්ටිවාදාත්මක හා උපායමාර්ගික (tactical) බලපෑමක් ඇති කළේය. පොදු අවකාශ මහජනයා අත්පත් කර ගැනීම් සහ තිරස් (horizontal) රැස්වීම් මගින් පුළුල් මහජන අනුකම්පාවක් උත්ගත කළ හැකි බවට වූ විචිත්‍රවත් නිරූපණය, වෝලි වීදිය වාඩි ලෑමට එහි උපායමාර්ගික ආකෘතිය සහ එහි ආරම්භක දේශපාලන විශ්වාසය ලබා දුන්නේය. නමුත් අරාබි වසන්තය, ඇස් ඇති අයට, “නායකත්වයක් නොමැති” ස්වයංසිද්ධ ව්‍යාපාර ඒවා තුළ ගැබ් කර ගත් නිශ්චිත අවදානම ද හෙළි කළේය: සමාජවාදී වැඩසටහනක් සහ ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක් නොමැතිව, මහජන කැරැල්ල ක්‍රමානුකූලව ධනේශ්වර ආයතන හෝ ප්‍රතිසංස්කරණවාදී ආවෘත අන්ත වෙත නැවත යොමු කෙරේ.

2012 ඔබාමා මැතිවරණ ව්‍යාපාරයට, වෝල් වීදිය වාඩිලෑමේ ව්‍යාපාරය අවශෝෂණය කර ගැනීමට හිටපු වාමාංශික පුද්ගලයින් සහ ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරීන් දැරූ උත්සාහයන් ලේඛනගත කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම අනතුර එම ව්‍යාපාරය බිහිවෙද්දීම හරියටම හඳුනා ගත්තේ, රටින් රටට අරාබි වසන්තයේ දේශපාලන ප්‍රතිඵල විකෘති කළ ධනේශ්වර නැවත අවශෝෂණය කිරීමේ (reabsorption) යාන්ත්‍රණය  ලෙසයි.[3] අරාබි වසන්තය මතු කළ සහ වෝල් වීදිය වාඩි ලෑම විසඳීමට අපොහොසත් වූ මූලෝපායික ප්‍රශ්නය, 2022 සිට ජෙන්-Z ව්‍යාපාර මුහුණ දෙන ප්‍රශ්නයම විය: එනම්, මහජන විරෝධතා ධනේශ්වර දේශපාලනයේ රාමුව තුළ සංකේතාත්මක බාධා කිරීම් සහ දැනුවත්භාවය ඉහළ නැංවීම අරමුණු කර ගන්නේද, නැතහොත් ඒවා ප්‍රාග්ධනයේ ආර්ථික බලයට එරෙහිව සටන් කිරීමට සහ රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නය මතු කිරීමට හැකියාව ඇති ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක්–මහා වැඩ වර්ජන, ක්‍රියාකාරී කමිටු, කර්මාන්ත අරගල සම්බන්ධීකරණය–ගොඩනැගීම දෙසට යොමු කර තිබේද යන්නයි. විප්ලවවාදී ජාත්‍යන්තරවාදී දෘෂ්ටි කෝණයකින්, ස්වයංසිද්ධ මහජන ශක්තිය සමාජවාදී දේශපාලන වැඩසටහනක් සහ කල් පවතින නිර්ධන පන්ති (කාර්මික) සංවිධානයක් බවට පරිවර්තනය කිරීමෙන් පමණක් පීඩිතයන්ගේ පුනරර්කරණය වන කැරලිකාරිත්වය ධනේශ්වර පාලනය පෙරලා දැමිය හැකි බලවේගයක් බවට පරිවර්තනය කළ හැකිය.

පොදු මූලයන්: ධනවාදයේ අර්බුදය සහ දේශපාලන සුජාතභාවයේ අර්බුදය

වෝල් වීදිය වාඩිලෑමේ ව්‍යාපාරය, කහ කබා ව්‍යාපාරය (Yellow Vest Movement / Gilets Jaunes, 2018–2020) සහ ජෙන්-Z නැගිටීම්, අනුප්‍රාප්තික හා ගුණාත්මකව උත්සන්න වන පාර්ලිමේන්තු ක්‍රමයෙන් පිටත මහජන කැරැලිවල රැළි තුනක් වේ. ඒවා සම්බන්ධයක් නැති හෝ හුදෙක් අනුක්‍රමික සංසිද්ධි ලෙස සැලකීම යනු ඒවා පොදුවේ හෙළි කරන වැදගත්ම සත්‍යය මග හැරීමකි: මේ තුනම ලෝක ධනවාදයේ යටින් පවතින සහ ගැඹුරු වන එකම ප්‍රතිවිරෝධතාවයේ–එනම්, වඩ වඩාත් ඒකාබද්ධ වූ හා ගෝලීය පරිමාණයෙන් සංවිධානය වූ සමාජ නිෂ්පාදනය සහ එය, අතිමහත් බහුතරය අනාරක්ෂිතභාවයට, දරිද්‍රතාවයට සහ අවිනිශ්චිතභාවයට හෙළා දමමින් එන්න එන්නම අඩු වන පුද්ගල සංඛ්‍යාවක් අත ධනය සංකේන්ද්‍රණය කරන පුද්ගලික අයිතියට සහ ලාභයට යටත් කිරීමේ–ප්‍රකාශනයන් වේ.

සෑම රැල්ලක්ම පැන නැගුනේ එම පොදු අර්බුදයේ නිශ්චිත සංධිස්ථානයකිනි. 2007-2009 මූල්‍ය බිඳවැටීමට සහ ඔබාමා පරිපාලනයේ බැංකු ඇපකර වැඩසටහන හරහා වෝල් වීදියේ බලය නැවත තහවුරු කිරීමට වාඩිලෑම ප්‍රතිචාර දැක්වීය. මෙම ඇප දීම හරහා මූල්‍ය විනාශයේ නිර්මාතෘවරුන්ට ට්‍රිලියන ගණන් මහජන අරමුදල් මාරු කරන ලද අතර කම්කරු පන්ති පවුල්වලට ඔවුන්ගේ නිවාස, රැකියා සහ ඔවුන්ගේ ඉතිරිකිරීම් අහිමි කෙරිණි. වාඩිලෑමේ ව්‍යාපාරය “මූලික ඓතිහාසික බලවේගය ලෙස පන්ති අරගලය නැවත මතුවන” බව ප්‍රකාශ කළ බවත්, එය “ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයේ පන්ති අරගලයේ පුපුරන සුලු පිපිරීමක පෙරටු සේයාව” බවත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය එකල නිරීක්ෂණය කළේය.[4]

2018 නොවැම්බර් මාසයේදී කහ කබා විරෝධතා පුපුරා ගියේ, එමානුවෙල් මැක්‍රොන්ගේ ඉන්ධන බද්ද–බලශක්ති සංක්‍රාන්ති  කිරීමේ (ෆොසිල ඉන්ධන වලින් ඉවතට) පිරිවැය සමාගම් වලින් කම්කරුවන් සහ පළාත් බද දුප්පතුන් මතට මාරු කිරීම සඳහා හිතාමතාම නිර්මාණය කරන ලද බද්දක්–පශ්චාත් දෘෂ්ටිවාදී (පන්ති දේශපාලනයේ සහ දෘෂ්ටිවාදාත්මක ගැටුමේ යුගය අවසන් වූ බව) තාක්ෂණික නවීකරණයක් ලෙස ඡන්දදායකයින්ට ඉදිරිපත් කරන ලද “En Marche” (මැක්‍රොන්ගේ මාධ්‍යමික, ලිබරල්  දේශපාලන පක්ෂය) ව්‍යාපෘතියේ පන්ති ස්වභාවය නිසැකවම පෙන්නුම් කළ විටය.

නව ලිබරල් ප්‍රතිව්‍යුහගතකරණයේ වසර හතළිහක සුන්බුන්, COVID-19 හි විනාශය, යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි ගැටුමේ ආර්ථික යුද්ධය, පසුගාමී රටවල් පුරා IMF හි ණය-වහල්කමේ (debt-peonage) තන්ත්‍රය සහ ත්වරණය වන දේශගුණික අර්බුදය හේතුවෙන් බහු මහාද්වීප හරහා මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන්ට පැවැත්මම දේශපාලන ප්‍රශ්නයක් බවට එකවර පත් වූ විට, ජෙන්-Z රැල්ල පුපුරා ගියේය.

මෙම අරගලවල පොදු දේශපාලන ස්වභාවය ඒවා අතර පොදුවේ බෙදා ගැනුණු ද්‍රව්‍යමය මූලයන්ගෙන් සෘජුවම පැන නගී. නාමික “වාම” සහ දක්ෂිණාංශික යන ස්ථාපිත පක්ෂ සියල්ලක්ම සූරාකෑමට සමාන හවුල්කරුවන් ලෙස සැලකීමත්, දිගු කලක් පන්ති අරගලය කළමනාකරණය කර මැඩ පැවැත්වීම සිදුකළ වෘත්තීය සමිති නිලධරයන් සහ ආයතනික මැදිහත්කරුවන් සමඟත්, පාර්ලිමේන්තු දේශපාලනය සමඟත් මහජනයාගේ ගැඹුරු බිඳීමක් මෙම ත්‍රිත්ව විරෝධතා මගින් සටහන් කෙරුණි. වාඩිලෑමෙහි “සියයට 99ය අපි වෙමු”, මාධ්‍ය කුටිවල “පැරිසියානු ප්‍රභූන්” කෙරෙහි කහ කබාකරුවන් ගේ  කැකෑරෙන පිළිකුල, ජෙන්-Z ව්‍යාපාර විසින් ස්ථාපිත දේශපාලන සංයුතීන් ප්‍රතිසංස්කරණයෙන් ඔබ්බට දූෂිත යැයි සම්පූර්ණයෙන්ම බැහැර කිරීම යන මෙම සටන් පාඨ ප්‍රකාශ කරන්නේ දේශපාලන අපරිණතභාවය නොව, කිසිදු රූපලාවන්‍ය ප්‍රතිසංස්කරණයකට හෝ රජයේ නිලධාරීන්ගේ වෙනසක් මගින් විසඳිය නොහැකි ධනේශ්වර දේශපාලන සුජාතභාවයේ අව්‍යාජ හා ගැඹුරු වන අර්බුදයකි.

දේශපාලනය: සංස්ථාපිත විරෝධීවාදය, “දේශපාලනය එපා” සහ ජනතාවාදී උගුල

ඒවායේ පොදු සංස්ථාපිත විරෝධී ස්වභාවය තිබියදීත්, මෙම අරගල රැලි තුන දේශපාලන සංයුතියේ සැලකිය යුතු වෙනස්කම් පෙන්නුම් කරන අතර, ඒවා අවිභින්න (undifferentiated) “නව සමාජ ව්‍යාපාර” කාණ්ඩයකට ලඝු කිරීම  නොව නිශ්චිතව විශ්ලේෂණය කළ යුතුය.

  1. වෝල් වීදිය වාඩිලෑම: මධ්‍යම පාන්තික පෙරහුරුව

ආරම්භයේ සිටම වාඩිලෑමේ ව්‍යාපාරය ආධිපත්‍යය දැරුවේ නිව්යෝර්ක්හි සුකෝටි පාර්ක්, ඕක්ලන්ඩ්, බොස්ටන් සහ ලන්ඩනයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී නගරවල ඔවුන්ගේ සගයන් බඳු නාගරික මධ්‍යස්ථානවල සංකේන්ද්‍රණය වූ ප්‍රධාන වශයෙන් මධ්‍යම පාන්තික සමාජ කාණ්ඩ වලිනි. වාඩිලෑමේ  ව්‍යාපාරය පැහැදිලිවම අරාබි වසන්තයෙන් ආභාෂය ලබා ගත් අතර, කැනේඩියානු ඇඩ්බස්ටර්ස් සඟරාවේ සංවිධායකයින් එය මෙසේ ප්‍රකාශ කළහ: “ඊජිප්තුවේ, ග්‍රීසියේ, ස්පාඤ්ඤයේ සහ අයිස්ලන්තයේ සිටින අපගේ සහෝදර සහෝදරියන් මෙන්, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විප්ලවීය අරාබි වසන්ත උපක්‍රමය භාවිතා කිරීමට අපි සැලසුම් කරමු.”[ABCNews] ව්‍යාපාරයේ රූප සංඥාව (imagery)–කයිරෝවේ තහ්රීර් චතුරශ්‍රය ප්‍රතිරාවය කරන සුකෝටි උද්‍යානය අත්පත් කර ගැනීම–සහ ඊජිප්තු විප්ලවයේ ජයග්‍රහණයෙන් මාස කිහිපයක් පසු පසින් පැමිණි එහි කාල නිශ්චය (timing) සෘජු පෙළපත් සම්බන්ධයක් (lineage) පිහිටු විය. ඒ කාලයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිරීක්ෂණය කරන ලද පරිදි , “ඊජිප්තුවේ විප්ලවවාදී නැගිටීම්වල සිට ඊශ්‍රායලයේ මහජන පෙලපාලි සහ යුරෝපයේ සමාජ පිපිරීම් දක්වා, පන්ති අරගලය මූලික ඓතිහාසික බලවේගය ලෙස නැවත මතුවී තිබේ.”[5]

Image Not Found
නිව්යෝර්ක් නගරයේ වාඩිලෑමේ විරෝධතා (රූපය wsws.org වෙතින්)

මෙම ව්‍යාපාරය මතු වූයේ අරාජිකවාදී සංවිධාන වලින්–විශේෂයෙන් කැනේඩියානු සඟරාවක් වන ඇඩ්බස්ටර්ස් වෙතින්–වන අතර, එය “විප්ලවවාදී අරාබි වසන්ත උපක්‍රමය” එහි සංවිධානාත්මක ආකෘතිය ලෙස පැහැදිලිවම යොදා ගත්තේ එම ආකෘතියේ පන්ති අන්තර්ගතය බැහැර කරමිණි. ජනප්‍රිය කතිපයාධිකාරී විරෝධී හැඟීම්වල ප්‍රකාශනයක් ලෙස කෙතරම් ආකර්ශනීය වුවත්, “සියයට 99” සටන් පාඨය දේශපාලනිකව නිර්මාණය කරනු ලැබුවේ, කම්කරු පන්තිය සහ වාඩිලෑමේ   නායකත්වය උකහා ගත් ධනවත් ඉහළ-මැද ස්ථරය අතර මූලික පන්ති බෙදීම තියුණු කිරීමට නොව වසං කිරීමට ය. [6]

මෙම පන්ති පදනමේ දේශපාලන ප්‍රතිවිපාක, ව්‍යාජ-වාම සංවිධාන, සියල්ලටත් වඩා ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (ISO) විසින් ඉටු කරන ලද භූමිකාව තුළ දෘශ්‍යමාන විය. එහි නාමික සමාජවාදී වාචාලකම තිබියදීත්, ISO, වාඩිලෑම AFL-CIO වෘත්තීය සමිති යන්ත්‍රණයට යටත් කිරීමට සහ එහි ශක්තිය බැරැක් ඔබාමාගේ 2012 නැවත මැතිවරණ ව්‍යාපාරයට යට කිරීමට ක්‍රමානුකූලව කටයුතු කළේය. සමකාලීන වාර්තාකරණයේ දී WSWS ලේඛනගත කළ පරිදි, ISO, “AFL-CIO සහ අනෙකුත් වෘත්තීය සමිති යාන්ත්‍රණවල පාලනය යටතට වාඩිලෑම  ගෙන ඒමට උදව් කිරීමෙන් විරෝධතා ව්‍යාපාරය යටපත් කිරීමට උත්සාහ කරයි”. ඒ අතර, ඔවුහු, නොබෝ කලකට පෙර වෙරිසොන් වැඩ වර්ජනය පාවා දීමෙන් නැවුම්ව සිටි AFL-CIO සභාපති රිචඩ් ට්‍රම්කා සහ CWA හි බොබ් මාස්ටර් යන වෘත්තීය සමිති නිලධාරීන්ට ප්‍රශංසා කරමින්, කම්කරුවන් මත (හාම්පුතුන් සඳහා සහන සපයමින්) කප්පාදු පැනවීමේ ඔවුන්ගේ භූමිකාව සඟවා ගත්හ.[7]

“දේශපාලනය එපා” සහ “නායකත්වයක් එපා” යන්න ISO විසින් ප්‍රවර්ධනය කිරීම, ඩිමොක්‍රටික් පක්ෂය පැන පිරවීමට හදිසි වූ දේශපාලන රික්තය හරියටම නිර්මාණය කිරීමට උපකාරී විය. WSWS දුරදක්නා නිරවද්‍යතාවයකින් අනතුරු ඇඟවීය: “වෝල් වීදියේ විරෝධතාවලට සම්බන්ධ බොහෝ කණ්ඩායම් ස්පාඤ්ඤයේ සහ ග්‍රීසියේ  indignados හි ‘දේශපාලනය එපා’ සහ නායකත්වයක් නොතිබිය යුතු බවට වන ස්ථාවරය ප්‍රතිරාවය කර ඇත. ‘දේශපාලනය එපා’ සඳහා වන ඉල්ලීම ධනේශ්වර දේශපාලනයට සහ ධනවාදී ද්වි-පක්ෂ ක්‍රමයට විරුද්ධ ප්‍රතිපත්තිගරුක සහ සංගත දේශපාලන විකල්පයක්–එනම්, සමාජවාදී දේශපාලනය–ප්‍රතික්ෂේප කිරීමකට සමාන වේ. එය දේශපාලන රික්තය පිරවීමට පියවර ගන්නා ඩිමොක්‍රටික් පක්ෂයේ වාසියට සෘජුවම ක්‍රියා කරයි.”[8] හරියටම සිදු වූයේ මෙයයි. 2011 නොවැම්බර් මාසයේදී වාඩිලෑමේ කඳවුරු විනාශ කළ සම්බන්ධීකෘත ෆෙඩරල්-ප්‍රාදේශීය පොලිස් මර්දනය–එෆ්බීඅයි, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය පොලිස් බලකායන් සම්බන්ධ වූ, බහු නගර හරහා ජාතික වශයෙන් සංවිධානාත්මක කල මෙහෙයුමක් ලෙස එය ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ලේඛනගත කරන ලදී [9]–ධනවාදී පිළිවෙලට කිසිදු තිරසාර අභියෝගයක්–එය කෙතරම් කළලමය අවස්ථාවක වූවද–නොඉවසීමට  පාලක පන්තියේ ස්ථිර අධිෂ්ඨානය හෙළි කළේය. ISO පසුව විසුරුවා හැරීම සහ එහි ප්‍රමුඛ කන්ඩායම ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (DSA-Democratic Socialists of America) තුළට අවශෝෂණය කර ගැනීම, ආරම්භයේ සිටම වාඩිලෑමේ ව්‍යාපාරය  තුළ එය අනුගමනය කළ දේශපාලන ගමන් පථය විධිමත් කිරීමක් පමණි.

  1. කහ කබා විරෝධතා: පුළුල් සමාජ පදනමක්, තියුණු මායිමක්, එකම දේශපාලන සීමාවක්

කහ කබා ව්‍යාපාරය වෝල් වීදිය වාඩිලෑමේ ව්‍යාපාරයට වඩා තියුණු සමාජ රැඩිකල්වාදයක් සහ සැලකිය යුතු ලෙස පුළුල් කම්කරු පන්තික සමාජ පදනමක් ප්‍රකාශ කළේය. එහි භූගෝලීය හා සමාජීය ගුරුත්ව කේන්ද්‍රය පළාත් බද (පැරිස් අගනුවරින් පිටත) ප්‍රංශයේ–මගීන්, විශ්‍රාමිකයන්, කුඩා ව්‍යාපාර හිමිකරුවන්, අස්ථිර කම්කරුවන් සහ ප්‍රවාහන වියදම් වැඩි වීමෙන්, ප්‍රාදේශීය රාජ්‍ය සේවාවන්හි පහත වැටීමෙන් සහ නව ලිබරල් ප්‍රතිව්‍යුහගතකරණය යටතේ වැටුප් ඛාදනය වේගවත් වීමෙන් පීඩාවට පත් ග්‍රාමීය හා අර්ධ නාගරික දුප්පතුන් අතර–පිහිටා තිබුණි. මැක්‍රොන්ගේ සුපිරි පුරවර සැලසුම් පිළිබඳ උද්‍යෝගී සහායකයන් විසින් සමරනු ලබන “නවීකරණයේ” පිරිවැයට වඩාත් සෘජුවම නිරාවරණය වන කම්කරු පන්තියේ සහ පහළ මධ්‍යම පන්තියේ ස්ථර තුළ මුල් බැසගත් මෙම විසරණය වූ, පළාත් සමාජ සංයුතිය, වාඩිලෑමෙහි හි පුරවරයන්හි සාන්ද්‍රණය වී තිබූ ප්‍රමාණයට වඩා,  කහ කබා විරෝධතා වලට පුළුල් භූගෝලීය ප්‍රවේශයක් සහ ධනේශ්වර පාලනය සමඟ වඩාත් සෘජු ද්‍රව්‍යමය ගැටුමක් ලබා දුන්නේය.

එහි උපක්‍රම ඊට අනුරූපව වඩාත් අවහිරකාරී විය. සතිපතා රටපුරා ක්‍රියාකාරකම්, වටරවුම් සහ ගාස්තු අය කරන මාර්ග අවහිර කිරීම්, ප්‍රධාන වාණිජ මාර්ග අත්පත් කර ගැනීම සහ පැරිසියේ සහ පළාත් නගරවල කැරලි මර්දන පොලිසිය සමඟ ගැටුම්, ධනවාදී සංසරණය සඳහා සැබෑ පිරිවැයක් නිර්මාණය කළ අතර ප්‍රංශ පාලක පන්තිය, වාඩිලෑම සංකේතාත්මක චතුරශ්‍ර වාඩිලාගැනීම් මගින් අත්කර නොගත් ආකාරයේ, තිරසාර දේශපාලන පීඩනයකට ලක් කළේය. ඇතැම් අවස්ථාවන්හිදී, කහ කබා ව්‍යාපාරය ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින්, ප්‍රවාහන සේවකයින්ගේ වැනි වැඩ වර්ජන රැළි සමඟ ඡේදනය වූ අතර, මහජන වීදි විරෝධතා සහ සංවිධානාත්මක කාර්මික ක්‍රියාමාර්ග අතර ඒකාබද්ධ වීමේ සැබෑ හැකියාව–කිසි විටෙකත් සංවිධානාත්මක යථාර්ථයක් නොවූ වද–නිර්මාණය කළේය.

Image Not Found
2018 දෙසැම්බර් 8 වන දින ප්‍රංශයේ පැරිසියේ පැවති “කහ කබා” ව්‍යාපාරයේ ජාතික විරෝධතා දිනයක් අතරතුර කහ කබා පැළඳ සිටින විරෝධතාකරුවන් එක්රැස් වන ප්ලේස් ඩි ලා රිපබ්ලික් හි දසුනක්. REUTERS/Stephane Mahe/ගොනු ඡායාරූපය

මෙම හැකියාව ක්‍රමානුකූලව අවහිර කරන ලදී. කහ කබාකරුවන් සහ සංවිධානාත්මක කම්කරු ව්‍යාපාරය අතර කිසිදු ඒකාග්‍ර වීමක් වැළැක්වීම සඳහා ප්‍රංශ වෘත්තීය සමිති සම්මේලන ක්‍රමානුකූලව කටයුතු කළේය.[10] ව්‍යාපාරය තුළ සහ අවට වාම-ජනප්‍රියවාදී ප්‍රවණතා “ප්‍රභූන්ට එරෙහිව ජනතාව” යන වාග් මාලාවෙන් ඉල්ලීම් සකස් කළහ–එනම්, ජනමත විචාරණ, ධනය නැවත බෙදා හැරීම සහ ශක්තිමත් ජාතික සුභසාධන ප්‍රතිපාදන සඳහා වන ඉල්ලීම්. ඒවා හුදෙක් ක්‍රමයේ වඩාත් දෘශ්‍යමාන දූෂිත හෝ අහංකාර තනි නියෝජිතයන් නොව, පද්ධතිමය සතුරා, එනම්, ධනපති පන්තිය සහ එහි රාජ්‍යය හඳුනා ගැනීම වැලක්වනු ලැබීය.[11] මැක්‍රොන්ගේ රජය දිවි ගලවා ගත්තේය. කහ කබාකරුවන් විසිරී ගියහ. යටින් පවතින සමාජ අර්බුදය තීව්‍ර විය.

  1. ජෙන්-Z රැල්ල: ගෝලීය පරිමාණය, විප්ලවීය තීව්‍රතාවය, එකම දේශපාලනික ඌනතාවය

ජෙන්-Z නැගිටීම් භූගෝලීය පරාසය සහ විප්ලවීය තීව්‍රතාවය යන දෙකෙහිම ගුණාත්මක උත්සන්න වීමක් නියෝජනය කරයි. පැරණි යටත් විජිත ලෝකයේ රටවල් කිහිපයක එකවර සිදු වූ ඒවායේ සටන්කාමී ශිෂ්‍ය හා තරුණ පෙරමුණු, වැඩ වර්ජන සහ කාර්මික ක්‍රියාමාර්ග හරහා සැබෑ නිර්ධන පංති මැදිහත්වීමක් සමඟ ඒකාබද්ධ විය. 2022 අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල ශ්‍රී ලංකාවේ පැවති මහා වැඩ වර්ජන දෙක, ජනවාර්ගික රේඛා හරහා මිලියන ගණනක් සහභාගී වූ අතර, ස්වාධීන බලවේගයක් ලෙස ක්‍රියා කරන විට කම්කරු පන්තියේ තීරණාත්මක බලය පෙන්නුම් කළේය.[12] ජෙන්-Z හි ආරම්භක විරෝධතාවලින් පසුව කෙන්යාවේ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින්, සිවිල් සේවකයින් සහ ප්‍රවාහන සේවකයින්ගේ අඛණ්ඩ වැඩ වර්ජන රැළි පුපුරා ගියේය.[13] දේශපාලන අවහිර කිරීමේ පරිමාණය–රාජ්‍ය නායකයින් ධුරයෙන් පලවා හැරීම, පාර්ලිමේන්තු තුලට කඩා වැදීම, ආණ්ඩු බිඳ වැටීම–වාඩිලෑම හෝ කහ කබා උද්ඝෝෂණ විසින් ඇති කරන ලද සියලු දේ අභිබවා ගියේය.

Image Not Found
නේපාලයේ ජෙනරාල්-ඉසෙඩ් විරෝධතා. රූපය Kathmandupost.com අනුග්‍රහයෙනි

එහෙත් මෙම ව්‍යාපාර ක්‍රියාත්මක වූ දේශපාලන රාමුව, ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ මෙම රටවල ප්‍රතිනිෂ්පාදනය කළේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල වාඩිලෑම සහ කහ කබාකරුවන් සිරකර පාවා දුන් එක සමාන ගතිකයන්මය. “රජය ක්‍රියාකාරීව නායකයින් සොයමින් සිටී” යන පදනම මත නායකත්වයක් නොමැතිකම සාධාරණීකරණය කරමින් කෙන්යාවේ විප්ලවවාදී සමාජවාදී සංගමය (Revolutionary Socialist League), රයිලා ඔඩින්ගා සහ වෘත්තීය සමිති නිලධරය විසින් පුරවන ලද දේශපාලන රික්තයක් නිර්මාණය කළේය.[14] මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය-කෙන්යාව (Communist Party Marxist-Kenya), බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද අරමුදල් වලින් පාලක පන්තිය විසින් කෙටුම්පත් කරන ලද 2010 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කළ අතර, එමඟින් මහජන කෝපය ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍යාවන් වෙතට හරවා යැවීය. පිලිපීනයේ බයාන් (BAYAN) සහ අක්බයාන් (Akbayan) ධනේශ්වර චීන-විරෝධී කන්ඩායම් සමඟ පෙලගැසී, කම්කරු පන්ති දේශපාලනය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉන්දු-පැසිෆික් ගැටුමේ උපායමාර්ගික අත්‍යවශ්‍යතාවයන්ට යටත් කළේය.[15]

ව්‍යාජ වමේ ජාත්‍යන්තර ස්වභාවය අහඹු සිදුවීමක් නොවේ: මෙම සංවිධාන සහභාගී වන්නේ, එක්සත් ජනපදය තුළ ISO විසින් මූර්තිමත් කරන ලද, ධනවාදය ආරක්ෂා කිරීම සහ කම්කරු පන්ති අතෘප්තිය කළමනාකරණය කිරීම ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතාවක් වන  ධනවත් මධ්‍යම පන්තික ස්ථර නියෝජනය කරන එකම ජාත්‍යන්තර දේශපාලන ධාරාවට ය. විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමෙන්  වැලකී ගැනීම සඳහා ඔවුන් ස්වයංසිද්ධියට ප්‍රශංසා කරති. ඔවුන් පන්ති බෙදීම් සැඟවීමට “ජනතා බලය” සහ “දූෂණ විරෝධය” ප්‍රවර්ධනය කරති. ඔවුහු “ප්‍රගතිශීලී” විකල්ප ලෙස ඉදිරිපත් කරනු ලබන විරුද්ධ ධනේශ්වර බලවේග සමඟ පෙළ ගැසෙති. WSWS නිරන්තරයෙන් අනතුරු අඟවා ඇති පරිදි, මෙම ප්‍රවණතා වෛෂයිකව “වම” තුළ ධනේශ්වර දෘෂ්ටිවාදය සඳහා සංචිතයක් ලෙස සේවය කරයි. [16]

මතු සම්බන්ධයි…. 

සබැඳි ලිපි: 

[1] World Socialist Web Site, ‘Revolution and counterrevolution in Egypt: The political lessons’ (7 September 2013) <https://www.wsws.org/en/articles/2013/09/07/egyr-s07.html

[2] World Socialist Web Site (Nick Beams), ‘Notes on the Egyptian Revolution’ (25 February 2011) <https://www.wsws.org/en/articles/2011/02/nbre-f25.html

World Socialist Web Site, ‘Third National Congress of the SEP (Sri Lanka): Greetings from the French and German sections of the world Trotskyist movement’ (19 June 2022) <https://www.wsws.org/en/articles/2022/06/20/bnmf-j20.html

[3] World Socialist Web Site (Bill Van Auken), ‘Ex-SDS leader seeks to herd Wall Street protest behind Obama’ (12 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/gitl-o12.html

[4] World Socialist Web Site, ‘The way forward in the fight against Wall Street’ (15 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/pers-o15.html

[5] World Socialist Web Site, ‘Occupy Wall Street movement at a crossroads’ (26 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/pers-o26.html

[6] The WSWS analysis identified this with precision: “The social and political outlook of those at the core of the protests—including anarchist organizations around the Canadian magazine Adbusters, which initiated the call to occupy Wall Street—was fundamentally hostile to the working class. Contained in the ‘99 percent’ slogan itself was an effort to obscure the deep social divide between the working class and the more privileged sections of the upper-middle class, for which these groups spoke.”

World Socialist Web Site, ‘The 2011 Occupy Wall Street Protests’ (editorial overview) <https://www.wsws.org/en/topics/socialIssuesCategory/wallst> , drawing on ‘The way forward in the fight against Wall Street’ (15 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/pers-o15.html>

[7] World Socialist Web Site, ‘The Nation, ISO seek to channel Wall Street protests back to the Democratic Party’ (7 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/nati-o07.html

World Socialist Web Site, ‘The Occupy movement, identity politics and the International Socialist Organization’ (11 November 2011) <https://www.wsws.org/en/articles/2011/11/iden-n11.html>

[8] World Socialist Web Site, ‘How to fight Wall Street’ (4 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/pers-o04.html

[9] World Socialist Web Site, ‘The shutdown of Occupy Wall Street’ (17 November 2011) <https://www.wsws.org/en/articles/2011/11/pers-n17.html> ; see also ‘Mayors conspired to close Occupy Wall Street encampments’ (17 November 2011) <https://www.wsws.org/en/articles/2011/11/occu-n17.html> and ‘Police repression escalates against Occupy protests’ (19 November 2011) <https://www.wsws.org/en/articles/2011/11/occu-n19.html

[10] World Socialist Web Site, ‘Oppose French unions’ attempts to strangle the “yellow vest” protests!’ (26 January 2019) <https://www.wsws.org/en/articles/2019/01/26/yell-j26.html

[11] World Socialist Web Site, ‘France’s “yellow vest” protests and the resurgence of the international class struggle’ (3 July 2019) <https://www.wsws.org/en/articles/2019/07/03/yell-j03.html

World Socialist Web Site, ‘Recording reveals pseudo-left La France Insoumise collusion with Macron in 2016’ (14 December 2019) <https://www.wsws.org/en/articles/2019/12/14/ruff-d14.html

[12] Socialist Equality Party (Sri Lanka), ‘For a Democratic and Socialist Congress of Workers and Rural Masses!’ (20 July 2022) <https://www.wsws.org/en/articles/2022/07/21/pers-j21.html

[13] World Socialist Web Site, ‘Kenya’s Gen Z insurgency, the strike wave and the struggle for Permanent Revolution-Part 1’ (3 October 2024)

 <https://www.wsws.org/en/articles/2024/10/03/rhnr-o03.html

[14] World Socialist Web Site, ‘Kenya’s Gen Z insurgency, the strike wave and the struggle for Permanent Revolution — Part 3’ (6 October 2024) <https://www.wsws.org/en/articles/2024/10/06/xrfc-o06.html> ; see also ‘One year since the Gen-Z Uprising in Kenya: The need for a socialist and internationalist strategy’ (24 June 2025) <https://www.wsws.org/en/articles/2025/06/24/yvsc-j24.html

[15] World Socialist Web Site, ‘Washington’s war drive against China fuels political conflict in the Philippines’ (8 November 2023) <https://www.wsws.org/en/articles/2023/11/08/xjyz-n08.html> ; see also ‘Philippine Maoists support US war drive against China’ (5 June 2015) <https://www.wsws.org/en/articles/2015/06/05/phil-j05.html

[16] World Socialist Web Site, ‘The resurgence of the class struggle and the tasks of the Socialist Equality Party (UK)’ (5 December 2018) <https://www.wsws.org/en/articles/2018/12/05/con3-d05.html

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය –  3 කොටස Read More »

IMG 0706

The Gen-Z Uprisings and the Crisis of Leadership: Permanent Revolution against ‘Leaderless’ movements and ‘Left Populism’ – Part 3

By Sanjaya Jayasekera. 

We publish here Part 3 of a series examining the global wave of Gen Z protests, the deepening crisis of revolutionary leadership, and the necessity of fighting for the program of socialist internationalism on the basis of Leon Trotsky’s Theory of Permanent Revolution. Part 1 was published on November 6, 2025 here. Part 2 was published on November 14, 2025 here

The Lineage of Gen-Z Revolts: Arab Spring, Occupy Wall Street and the Yellow Vests — Politics, Tactics, Programme and the Lessons for the Working Class

The Arab Spring — Historical Precursor and Political Object Lesson

The Arab Spring of 2010–2011 in the Middle East and North Africa (MENA) constitutes the decisive historical precursor to the successive waves of extra-parliamentary revolt examined here and its political lessons penetrate the entire subsequent history. It was not a single homogeneous movement but a global eruption of mass social unrest driven by the structural crisis of world capitalism—rising inequality, mass unemployment, and collapsing living standards—whose politics were shaped by the collision of profoundly antagonistic class forces: a radicalising working class and poor, large layers of youth and petty-bourgeois activists, sections of the middle class seeking political space and a greater share of the spoils, and competing fractions of the national ruling classes including military cliques and Islamist parties. What began as mass popular uprisings against dictatorial regimes rapidly became a battlefield where different class forces and bourgeois factions contended to shape outcomes in their own interests.

Image Not Found
Demonstrators celebrate in Cairo’s Tahrir Square after the announcement of President Hosni Mubarak’s resignation

In Egypt, the Muslim Brotherhood and the military-backed Tamarod campaign each sought to channel mass anger into their respective bourgeois projects rather than into an independent working-class overthrow of the capitalist state. As the World Socialist Web Site (WSWS) analysis of the Egyptian experience established, the so-called liberal and pseudo-left organisations played a decisive counterrevolutionary role, with Tamarod leaders standing at the side of coup commander General Abdel Fattah el-Sisi as he announced the military takeover—an outcome those organisations had materially prepared.[1] The political demands advanced spontaneously in the streets—bread, jobs, dignity, an end to corruption, democratic rights—expressed genuine and profound social need, but social and democratic demands do not automatically constitute a socialist programme. Where organised revolutionary working-class leadership was absent, liberal, Islamist, and petty-bourgeois currents filled the vacuum, offering alternative programmes that in every instance preserved capitalist property relations and imperialist domination.

A central feature of the Arab Spring was its spontaneity: sudden mass mobilisations, general strikes, and occupations that burst through the limits of existing organisations and terrified ruling classes globally. This spontaneity was simultaneously a strength—demonstrating the capacity of the masses to act independently and with enormous force—and a structural limitation that proved fatal to the revolutionary potential of the uprisings. Without a revolutionary working-class party and without organs of working-class power—factory committees, rank-and-file unions, neighbourhood councils—spontaneous movements remain vulnerable to appropriation by better-organised bourgeois factions or to demobilisation through absorption, exhaustion and repression. As Nick Beams argued in his contemporaneous analysis of the Egyptian upheaval in February 2011, the army and bourgeois forces were able to reassert control precisely where the working class lacked a political and organisational leadership capable of transforming mass revolutionary energy into state power.[2] Egypt possessed, in the strike waves that brought down Mubarak, the objective social power to make a socialist revolution; what it lacked was the subjective instrument—the revolutionary party anchored in the masses and fighting for the perspective of international socialism—without which that power could not be directed to its necessary conclusion. The result, confirmed by a decade of subsequent experience, was a military dictatorship under el-Sisi more brutal than the one the revolution had overthrown.

The Arab Spring exerted a direct ideological and tactical influence on Occupy Wall Street (2011), while simultaneously exposing the political pitfalls that Occupy would reproduce in the specific conditions of the imperialist center. The vivid demonstration that mass occupations of public space and horizontal assemblies could galvanise broad popular sympathy gave Occupy its tactical model and its initial political confidence. But the Arab Spring also disclosed, for those with eyes to see, the precise vulnerability that “leaderless” spontaneous movements carry within themselves: without a socialist programme and independent working-class organisation, mass insurgency is systematically channelled back into bourgeois institutions or reformist dead-ends. 

The WSWS identified this danger at the outset of Occupy’s emergence, documenting the efforts of ex-left figures and Democratic Party operatives to absorb the movement into the 2012 Obama electoral campaign—precisely the mechanism of bourgeois reabsorption that had disfigured the Arab Spring’s political outcomes in country after country.[3] The strategic question the Arab Spring posed, and which Occupy failed to resolve, was the same question that confronts the Gen-Z movements from 2022: whether mass protests aim at symbolic disruption and awareness-raising within the framework of bourgeois politics, or whether they are directed toward building independent working-class organisation—general strikes, rank-and-file committees, industrial coordination—capable of fighting the economic power of capital and posing the question of state power. From a revolutionary internationalist standpoint, only transforming spontaneous mass energy into a socialist political programme and durable proletarian (industrial) organisation—linking democratic struggles to the working class’s capacity to seize power—can convert the recurring insurgency of the oppressed into a force capable of overthrowing capitalist rule.

Common Roots: The Crisis of Capitalism and the Crisis of Political Legitimacy

Occupy Wall Street, the Yellow Vest movement (Gilets Jaunes, 2018–2020), and the Gen-Z uprisings constitute three successive and qualitatively escalating waves of mass extra-parliamentary revolt. To treat them as unrelated or merely sequential phenomena is to miss the most important truth they disclose in common: all three are expressions of the same underlying and deepening contradiction of world capitalism—the contradiction between social production organized on an ever more integrated and global scale, and its subordination to private ownership and profit that concentrates wealth in ever fewer hands while condemning the vast majority to insecurity, impoverishment, and precarity.

Each wave erupted from a specific conjuncture of that general crisis. Occupy responded to the 2007–2009 financial crash and the naked reassertion of Wall Street power through the Obama administration’s bank bailout program, which transferred trillions in public funds to the architects of financial ruin while working-class families lost their homes, their jobs, and their savings. The WSWS observed at the time that the Occupy movement expressed “the class struggle reemerging as the basic historical force,” and that it “foreshadows an explosive eruption of class struggle in the United States, the center of world capitalism.”[4]

The Yellow Vests erupted in November 2018 when Emmanuel Macron’s fuel tax—a levy deliberately designed to shift the costs of the energy transition (away from fossil fuels) from corporations onto workers and the provincial poor—rendered unmistakable the class character of the “En Marche” (the centrist, liberal party of Macron) project presented to the electorate as post-ideological (that the era of class politics and ideological conflict was over) technocratic modernization.

The Gen-Z wave erupted when the accumulated wreckage of forty years of neoliberal restructuring, the devastation of COVID-19, the economic warfare of the US-NATO proxy conflict in Ukraine, the IMF’s debt-peonage regime across the backward countries, and the accelerating climate crisis made survival itself a political question for tens of millions of young people across multiple continents simultaneously.

Their common political character follows directly from these shared material roots. All three registered a profound mass rupture with parliamentary politics, with the established parties of both nominal “left” and right perceived as equally complicit in exploitation, and with the trade union bureaucracies and institutional mediators that had long managed and dampened class struggle. The “We are the 99 percent” of Occupy, the Yellow Vests’ visceral contempt for the “Parisian elites” in their media chambers, the Gen-Z movements’ blanket dismissal of all established political formations as corrupt beyond reform—these slogans express not political immaturity but a genuine and deepening crisis of bourgeois political legitimacy that no cosmetic reform or change of government personnel can address.

Politics: Anti-Establishmentism, “No Politics,” and the Populist Trap

Despite their common anti-establishment character, the three waves exhibit significant differences in political composition that must be analyzed with precision rather than collapsed into an undifferentiated “new social movements” category.

  1. Occupy Wall Street: The Middle-Class Rehearsal

Occupy was dominated from its inception by a predominantly middle-class social milieu concentrated in metropolitan centers—New York’s Zuccotti Park, Oakland, Boston, and their counterparts in London and other imperialist cities. The Occupy movement explicitly drew inspiration from the Arab Spring, with organizers from Canadian magazine Adbusters declaring: “Like our brothers and sisters in Egypt, Greece, Spain, and Iceland, we plan to use the revolutionary Arab Spring tactic of mass occupation to restore democracy in America.”[ABC News] The movement’s imagery—the occupation of Zuccotti Park echoing Cairo’s Tahrir Square—and its timing, coming months after the Egyptian Revolution’s triumph, established a direct lineage. As the WSWS observed at the time, “From the revolutionary upheavals in Egypt, to mass demonstrations in Israel and social eruptions in Europe, the class struggle has reemerged as the basic historical force.”[5]

Image Not Found
Occupy protests in New York City (Image from wsws.org)

The movement emerged from anarchist organizations, in particular the Adbusters, which explicitly invoked “the revolutionary Arab Spring tactic” as its organizational model while stripping that model of its class content. The “99 percent” slogan, however appealing as an expression of popular anti-oligarchic sentiment, was politically designed to obscure rather than sharpen the fundamental class division between the working class and the affluent upper-middle strata from which Occupy’s leadership was drawn.[6]

The political consequences of this class foundation became visible in the role played by pseudo-left organizations, above all the International Socialist Organization (ISO). Despite its nominally socialist rhetoric, the ISO worked systematically to subordinate Occupy to the AFL-CIO trade union apparatus and channel its energy toward Barack Obama’s 2012 re-election campaign. As the WSWS documented in contemporaneous coverage, the ISO “is attempting to stifle the protest movement by helping to bring it under the control of the AFL-CIO and the rest of the trade union apparatus,” praising corrupt union officials—among them AFL-CIO President Richard Trumka and CWA’s Bob Master, both fresh from betraying the Verizon strike—while concealing their role in imposing concessions on workers.[7]

The ISO’s promotion of “no politics” and “no leadership” served to create precisely the political vacuum the Democratic Party rushed to fill. The WSWS warned with prophetic accuracy: “Many of the groups involved in Wall Street demonstrations have echoed the position of the indignados in Spain and Greece that there should be ‘no politics’ and no leadership. The call for ‘no politics’ amounts to a rejection of a principled and coherent political alternative to bourgeois politics and the capitalist two-party system—that is, to socialist politics. It plays directly into the hands of the Democratic Party, which will move to fill the political vacuum.”[8] This is precisely what occurred. The coordinated federal-local police crackdown that destroyed Occupy’s encampments in November 2011—documented by the WSWS as a nationally organized operation involving the FBI, the Department of Homeland Security, and local police forces across multiple cities[9]—revealed the ruling class’s settled determination to tolerate no sustained challenge to capitalist order, however embryonic. The ISO’s subsequent dissolution and absorption of its dominant faction into the Democratic Socialists of America merely formalized the political trajectory it had pursued within Occupy from the outset.

  1. The Yellow Vests: Broader Social Base, Sharper Edge, Same Political Ceiling

The Yellow Vest movement expressed a sharper social radicalism and a considerably broader working-class social base than Occupy. Its geographical and social centre of gravity lay in provincial France—among commuters, pensioners, small proprietors, precarious workers, and the rural and peri-urban poor hit by transport costs, the decline of local public services, and the accelerating erosion of wages under neoliberal restructuring. This diffuse, provincial social composition—rooted in layers of the working class and lower middle strata most directly exposed to the costs of the “modernization” celebrated by Macron’s metropolitan enthusiasts—gave the Yellow Vests a broader geographic reach and a more direct material confrontation with capitalist rule than Occupy’s metropolitan concentration had permitted.

Its tactics were correspondingly more disruptive. Weekly nationwide actions, roundabout and toll-road blockades, the occupation of commercial arteries, and confrontations with riot police in Paris and provincial cities created real costs for capitalist circulation and subjected the French ruling class to sustained political pressure of a kind Occupy’s symbolic square occupations had not achieved. At certain moments, the Yellow Vest movement intersected with strike waves—teachers, health workers, transport workers—creating the real possibility, if never the organizational reality, of a fusion between mass street protest and organized industrial action.

Image Not Found
FILE PHOTO: A view of the Place de la Republique as protesters wearing yellow vests gather during a national day of protest by the “yellow vests” movement in Paris, France, December 8, 2018. REUTERS/Stephane Mahe/File Photo

This possibility was systematically blocked. The French trade union confederations worked methodically to prevent any convergence between the Yellow Vests and the organized labor movement.[10] Left-populist tendencies within and around the movement framed demands in the idiom of “the people versus the elites”—calls for referenda, wealth redistribution, and stronger national welfare provisions—that avoided identifying the systemic enemy: the capitalist class and its state, not merely its more visibly corrupt or arrogant individual representatives.[11] Macron’s government survived. The Yellow Vests dissipated. The underlying social crisis intensified.

  1. The Gen-Z Wave: Global Scale, Revolutionary Intensity, Identical Political Deficit

The Gen-Z uprisings represent a qualitative escalation in both geographic scope and revolutionary intensity. Occurring simultaneously across multiple countries of the former colonial world, they combined militant student and youth vanguards with genuine proletarian intervention through strikes and industrial action. Sri Lanka’s two general strikes of April 28 and May 6, 2022, in which millions participated across ethnic lines, demonstrated the decisive power of the working class when it acts as an independent force.[12] Kenya witnessed successive waves of strikes by teachers, healthcare workers, civil servants, and transport workers erupting in the wake of the initial Gen-Z protests.[13] The scale of political disruption—heads of state driven from office, parliaments stormed, governments collapsed—surpassed anything Occupy or the Yellow Vests had produced.

Image Not Found
Nepal Gen-Z protests. Image Courtesy of Kathmandupost.com

Yet the political framework within which these movements operated reproduced in these countries of belated capitalist development the identical dynamics that had contained and betrayed Occupy and the Yellow Vests in the imperialist centers. Kenya’s Revolutionary Socialist League, justifying the absence of leadership on the grounds that “the government is actively looking for leaders,” created a political vacuum filled by Raila Odinga and the trade union bureaucracy.[14]  The Communist Party Marxist-Kenya promoted defense of the 2010 Constitution—drafted by the ruling class with British and US funding—thereby channeling mass anger into bourgeois-democratic illusions. BAYAN and Akbayan in the Philippines aligned with bourgeois anti-China factions, subordinating working-class politics to the strategic imperatives of US imperialism’s Indo-Pacific confrontation.[15]

The pseudo-left’s international character was not incidental: these organizations participate in the same international political current—representing affluent middle-class layers whose material interests require the preservation of capitalism while managing working-class discontent—that the ISO embodied in the United States. They celebrate spontaneity to avoid building revolutionary parties. They promote “people power” and “anti-corruption” to obscure class divisions. They align with bourgeois opposition forces presented as “progressive” alternatives. As the WSWS has consistently warned, these tendencies serve objectively as a reservoir for capitalist ideology within the “left.”[16]

To be continued….

References:

[1] World Socialist Web Site, ‘Revolution and counterrevolution in Egypt: The political lessons’ (7 September 2013) <https://www.wsws.org/en/articles/2013/09/07/egyr-s07.html

[2] World Socialist Web Site (Nick Beams), ‘Notes on the Egyptian Revolution’ (25 February 2011) <https://www.wsws.org/en/articles/2011/02/nbre-f25.html>  World Socialist Web Site, ‘Third National Congress of the SEP (Sri Lanka): Greetings from the French and German sections of the world Trotskyist movement’ (19 June 2022) <https://www.wsws.org/en/articles/2022/06/20/bnmf-j20.html

[3] World Socialist Web Site (Bill Van Auken), ‘Ex-SDS leader seeks to herd Wall Street protest behind Obama’ (12 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/gitl-o12.html

[4] World Socialist Web Site, ‘The way forward in the fight against Wall Street’ (15 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/pers-o15.html

[5] World Socialist Web Site, ‘Occupy Wall Street movement at a crossroads’ (26 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/pers-o26.html

[6] The WSWS analysis identified this with precision: “The social and political outlook of those at the core of the protests—including anarchist organizations around the Canadian magazine Adbusters, which initiated the call to occupy Wall Street—was fundamentally hostile to the working class. Contained in the ‘99 percent’ slogan itself was an effort to obscure the deep social divide between the working class and the more privileged sections of the upper-middle class, for which these groups spoke.”

World Socialist Web Site, ‘The 2011 Occupy Wall Street Protests’ (editorial overview) <https://www.wsws.org/en/topics/socialIssuesCategory/wallst> , drawing on ‘The way forward in the fight against Wall Street’ (15 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/pers-o15.html>

[7] World Socialist Web Site, ‘The Nation, ISO seek to channel Wall Street protests back to the Democratic Party’ (7 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/nati-o07.html

World Socialist Web Site, ‘The Occupy movement, identity politics and the International Socialist Organization’ (11 November 2011) <https://www.wsws.org/en/articles/2011/11/iden-n11.html>

[8] World Socialist Web Site, ‘How to fight Wall Street’ (4 October 2011) <https://www.wsws.org/en/articles/2011/10/pers-o04.html

[9] World Socialist Web Site, ‘The shutdown of Occupy Wall Street’ (17 November 2011) <https://www.wsws.org/en/articles/2011/11/pers-n17.html> ; see also ‘Mayors conspired to close Occupy Wall Street encampments’ (17 November 2011) <https://www.wsws.org/en/articles/2011/11/occu-n17.html> and ‘Police repression escalates against Occupy protests’ (19 November 2011) <https://www.wsws.org/en/articles/2011/11/occu-n19.html

[10] World Socialist Web Site, ‘Oppose French unions’ attempts to strangle the “yellow vest” protests!’ (26 January 2019) <https://www.wsws.org/en/articles/2019/01/26/yell-j26.html

[11] World Socialist Web Site, ‘France’s “yellow vest” protests and the resurgence of the international class struggle’ (3 July 2019) <https://www.wsws.org/en/articles/2019/07/03/yell-j03.html

World Socialist Web Site, ‘Recording reveals pseudo-left La France Insoumise collusion with Macron in 2016’ (14 December 2019) <https://www.wsws.org/en/articles/2019/12/14/ruff-d14.html

[12] Socialist Equality Party (Sri Lanka), ‘For a Democratic and Socialist Congress of Workers and Rural Masses!’ (20 July 2022) <https://www.wsws.org/en/articles/2022/07/21/pers-j21.html

[13] World Socialist Web Site, ‘Kenya’s Gen Z insurgency, the strike wave and the struggle for Permanent Revolution-Part 1’ (3 October 2024) <https://www.wsws.org/en/articles/2024/10/03/rhnr-o03.html

[14] World Socialist Web Site, ‘Kenya’s Gen Z insurgency, the strike wave and the struggle for Permanent Revolution — Part 3’ (6 October 2024) <https://www.wsws.org/en/articles/2024/10/06/xrfc-o06.html> ; see also ‘One year since the Gen-Z Uprising in Kenya: The need for a socialist and internationalist strategy’ (24 June 2025) <https://www.wsws.org/en/articles/2025/06/24/yvsc-j24.html

[15] World Socialist Web Site, ‘Washington’s war drive against China fuels political conflict in the Philippines’ (8 November 2023) <https://www.wsws.org/en/articles/2023/11/08/xjyz-n08.html> ; see also ‘Philippine Maoists support US war drive against China’ (5 June 2015) <https://www.wsws.org/en/articles/2015/06/05/phil-j05.html

[16] World Socialist Web Site, ‘The resurgence of the class struggle and the tasks of the Socialist Equality Party (UK)’ (5 December 2018) <https://www.wsws.org/en/articles/2018/12/05/con3-d05.html

The Gen-Z Uprisings and the Crisis of Leadership: Permanent Revolution against ‘Leaderless’ movements and ‘Left Populism’ – Part 3 Read More »

IMG 0701

ට්‍රම්ප්ගේ ඇමරිකාවේ සැබෑ තත්වය: සමාජ කාලකන්නිභාවය, ආඥාදායකත්වය, යුද්ධය—සහ පන්ති අරගලයේ නැගීමක්

WSWS කර්තෘ මණ්ඩලය  

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 පෙබරවාරි 23 වන දින The real state of Trump’s America: Social misery, dictatorship, war—and an upsurge of class struggle යන හිසින් පළවූ WSWS කර්තෘ මණ්ඩලය  විසින් ප්‍රකාශයට පත් කරන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2026 පෙබරවාරි 23 වන සඳුදා වොෂින්ටනයේ ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ “දේවදූත පවුල් දිනය (Angel Family Day)” ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයක් අතරතුර. [AP ඡායාරූපය/ඉවාන් වුචි]

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයදී අඟහරුවාදා රාත්‍රියේ වාර්ෂික රාජ්‍ය තත්ව දේශනය පවත්වනු ඇත. අවංකව එම කතාව නම් කරනු ලැබුනේ නම්, එය “ධනවතුන්ගේ රාජ්‍යය” ලෙස හඳුන්වනු ඇත–එය ඇමරිකානු ජීවිතයේ විනාශකාරී යථාර්ථය බොරු කන්දක් යට වළලමින් ස්වයං-සුබ පැතුම් ප්‍රකාශ කිරීමේ වාචාල කතාවල අභ්‍යාසයකි.

මෙම දේශනය පවත්වනු ලබන්නේ එක්සත් ජනපද නිදහස් ප්‍රකාශනයේ 250 වන සංවත්සරය සැමරීමට නියමිත වර්ෂයේදීය. 2026 ජූලි 4 වන දින, “සියලු මිනිසුන් සමාන ලෙස නිර්මාණය කර ඇත” යනුවෙන් ප්‍රකාශ කරන ලද සහ “ජීවිතය, නිදහස සහ සතුට ලුහුබැඳීමේ” අහිමි කළ නොහැකි අයිතිවාසිකම් තහවුරු කරන ලද ලේඛනය නිකුත් කිරීම ජාතිය විසින් සමරනු ඇත. රාජ්‍යය බිහිකිරීමේ පුරෝගාමීහු III වන ජෝර්ජ් රජුට එරෙහිව විප්ලවයක් සිදු කළහ.

වසර දෙසිය පනහකට පසු, ට්‍රම්ප්ගේ ඇමරිකාව ප්‍රකාශනයේ පරමාදර්ශයන්ට තමන්ගේම පිළිතුරක් ලබා දෙයි: එය, බිලියනපතියන් විසින් සහ බිලියනපතියන් සඳහා වූ බිලියනපතියන්ගේ රජයක්, සංක්‍රමණික ප්‍රජාවන්ට එරෙහිව සන්නද්ධ වැටලීම් මෙහෙයවීම, රට පුරා පැතිරී ඇති ගාල් කිරීමේ කඳවුරු ජාලයක්, දෙමාපියන්ගෙන් උදුරා ගන්නා ලද දරුවන් සහ මිනියාපොලිස් වීදිවල ෆෙඩරල් නියෝජිතයන් විසින් නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීම, ආදී දේ වලින් යුක්තව ඇත.

රැස්වීමේ කටයුතු පුරා පැතිර ඇත්තේ ජෙෆ්රි එප්ස්ටයින්ගේ දුර්ගන්ධයයි. ළමා ලිංගික ශ්‍රම ජාවාරම්කරුවෙකු සමඟ බිලියනපතියන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලන පුද්ගලයින්ට පැවති සම්බන්ධතා හෙළිදරව් කරමින් අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පිටු මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීම මගින් සංස්ථාපිත ඇමරිකාවේ ඉහළ ස්ථර සොලවා ඇත. ලෝසවෙඅ සභාපති ඩේවිඩ් නෝර්ත් මෑතකදී සදහන් කල පරිදි, එම ලිපිගොනු , “දිරාපත්වීමේ ඉහළම තත්වයක සිටින පරිහානියට පත් පාලක පන්තියක සහ කතිපයාධිකාරී සමාජයක සමාජ දේහය හෙළි කරයි. ඔවුන්ගේ අපරාධ ඉහළම ගනණයේ ඒවාය; ඒවායින් මහත් කුණුගඳ වහනය වේ.”

මේවාට ට්‍රම්ප්ම ගැඹුරින් සම්බන්ධ වී සිටී. නීතිපති පැම් බොන්ඩි, ඩව් දර්ශකය 50,000 දක්වා ඉහළ ගොස් ඇති බවට පුරසාරම් දොඩමින්, අඛණ්ඩ කෙරෙන කරණු වසන් කිරීම පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීය. 2019 දී බිලියනපති ලෙස්ලි වෙක්ස්නර් එප්ස්ටයින්ගේ සම-කුමන්ත්‍රණකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව FBI ලේඛනවලින් හෙළි වන නමුත්, කිසිදු චෝදනාවක් ඔහුට එරෙහිව ඉදිරිපත් කර නොමැත. එප්ස්ටයින් තමා ජාවාරම් කළ ගැහැණු ළමයින් “හිස ඉවත් කර ශරීරය තබා ගන්නා ඉස්සන්” සමඟ සංසන්දනය කර ඇති බව විද්‍යුත් තැපෑල් ලිපි පෙන්වයි. මේ ඇමරිකාව පාලනය කරන පාලක පන්තියයි.

ට්‍රම්ප්ගේ ප්‍රලාප යටින් වැළලෙන කරුණු සලකා බලන්න. ජාතික ණය ඩොලර් ට්‍රිලියන 38.4 ක් වන විට රටේ සෑම පුද්ගලයෙකුම ඩොලර් 113,000 ක ණය බරක් දරයි. එය දිනකට ඩොලර් බිලියන 8 කින් වැඩි වෙමින් පවතී. කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) මෙම වසරේ අය වැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.9 ක් ලෙස ප්‍රක්ෂේපණය කරන අතර එය 2036 වන විට ඩොලර් ට්‍රිලියන 3.1 දක්වා වර්ධනය වේ. ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120 දක්වා ළඟා වන අතර එය ජාතියේ ඉතිහාසයේ ඕනෑම අවස්ථාවකට වඩා ඉහළ අගයක් ගනී.

2025 දී ඩොලරය සියයට 9 කට වඩා පහත වැටුණි. එය 2017 න් පසු එහි නරකම වාර්ෂික ක්‍රියාකාරිත්වය වන අතර  පසුබෑමක කලාපයේ පවතී. BRICS රටවල් දේශීය මුදල් ඒකක වලින් වෙළඳ පියවීම් සියයට 35 සිට 50 දක්වා වැඩි කර ඇත. 2020 සිට සමුච්චිත මිල ඉහළ යාම විනාශකාරී වී ඇත: ආහාර මිළ සියයට 25 ට වඩා ඉහළ යාම, නිවාස පිරිවැය තවමත් වාර්ෂිකව සියයට 3 කින් ඉහළ යාම සහ ස්වාභාවික ගෑස් සියයට 10 කින් පමණ ඉහළ යාම ආදී වශයෙනි.

සමාජ අසමානතාවයේ මට්ටම ඓතිහාසික වශයෙන් පෙර නොවූ විරූ මට්ටමක පවතී. ඉහළම කුටුම්භ 1% දැන් සියලු ධනයෙන් සියයට 31.7 ක් පාලනය කරයි. එය 1989 දී ෆෙඩරල් මහ බැංකුව එවැනි දත්ත නිරීක්ෂණය කිරීමට පටන් ගත් දා සිට ඉහළම කොටසයි. ඔවුන් සතුව ඩොලර් ට්‍රිලියන 55 ක් ඇති අතර එය ජන ගහනයෙන් පහළම සියයට 90 ට ඇති ධනයේ එකතුවට සමානය. ඇමරිකානු බිලියනපතියන් 935 දෙනෙකුගේ ඒකාබද්ධ ධනය 2025 අවසානයේ ඩොලර් ට්‍රිලියන 8.1 දක්වා ඉහළ ගියේය.

DOGE ( රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව) හරහා ෆෙඩරල් රජය විසුරුවා හැරීමේ ට්‍රම්ප්ගේ හවුල්කරු වන එලොන් මස්ක්, ඔහුගේ ධනය ඩොලර් බිලියන 726 දක්වා ඉහළ දමාගෙන තිබේ. S&P 500 සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වන්දි ගෙවීම් වල සාමාන්‍යයය ඩොලර් මිලියන 18.9 ක් විය–එය සාමාන්‍ය සේවකයෙකුගේ වැටුප මෙන් 285 ගුණයකි; එය 1965 දී පැවති 21 ට 1  වන අනුපාතයේ සිට  ඉහළ ගොස් ඇත. 1978 සිට ප්‍රධාන විධායක නිලධාරී වැටුප සියයට 1,094 කින් ඉහළ ගොස් ඇති අතර සේවක වැටුප සියයට 26 කින් පමණක් වැඩි වී තිබේ. ටෙස්ලා සමාගම මස්ක් සඳහා ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයක් යෝජනා කර ඇති අතර එය සමස්ත ෆෙඩරල් ශ්‍රම බලකායේ මුළු වාර්ෂික වන්දි මුදල ඉක්මවා යයි. කොටස් වෙළඳපොළ ජාතික සමෘද්ධිය පිළිබඳ මිනුමක් නොවේ. එය පාලක පන්තියේ පොහොසත්කම පිළිබඳ පරාමිතියකි.

නමුත් එක්සත් ජනපදයේ සැබෑ තත්වයේ වඩාත්ම භයානක මානය වන්නේ ජනගහනයට එරෙහිව සන්නද්ධ ෆෙඩරල් නියෝජිතයන් යෙදවීමයි. 2025 දෙසැම්බර් මාසයේදී පරිපාලනය විසින් ඔපරේෂන් මෙට්‍රෝ සර්ජ් (Operation Metro Surge) දියත් කරන ලද අතර, වෙස්මුහුණු පැළඳගත් ICE (එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය) සහ දේශසීමා මුර සංචාර නියෝජිතයන් 3,000 ක් මිනසෝටා හි නිවුන් නගරවලට යොදවන ලදී. DHS  (එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව) විසින්ම එය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණ විරෝධී මෙහෙයුම ලෙස හැඳින්විණි. ජනවාරි 7 වන දින, ICE විසින් 37 හැවිරිදි ඇමරිකානු පුරවැසියෙකු සහ දරුවන් තිදෙනෙකුගේ මවක් වන රෙනී ගුඩ් වෙඩි තබා ඝාතනය කරන ලදී. ජනවාරි 24 වන දින, දේශසීමා මුර සංචාර නියෝජිතයන් 37 හැවිරිදි ICU හෙද නිලධාරියෙකුවන ඇලෙක්ස් ප්‍රෙට්ටිට වෙඩි තබා ඝාතනය කළ අතර, ඔහු බිම වැතිර සිටියදී ඔහුට වට 10 ක් පමණ වෙඩි තැබීය.

පරිපාලනය රට පුරා රැඳවුම් කඳවුරු ජාලයක් ගොඩනඟා ඇති අතර, එහි පුද්ගලයින් 66,000 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇත–එය සියයට 75 ක වැඩිවීමක් වන අතර එය ඉතිහාසයේ ඉහළම මට්ටමයි. කොංග්‍රසය තවත් එවැනි මධ්‍යස්ථාන සඳහා ඩොලර් බිලියන 45 ක් වෙන් කර ඇති අතර, එහි ධාරිතාව 135,000 ක් ලෙස ප්‍රක්ෂේපණය කර ඇත. වාර්තාගත අනුපාතයකින් දරුවන් තම දෙමාපියන්ගෙන් වෙන් කරනු ලැබේ. ටෙක්සාස් හි ෆෝර්ට් බ්ලිස් (Fort Bliss) හි කූඩාරම් කඳවුරක, දෙවන ලෝක යුද්ධ සමයේදී ජපන් ඇමරිකානුවන් සඳහා සිර කඳවුරක් ලෙස පාවිච්චියට ගත්  භූමියේම පුද්ගලයින් 5,000 ක් රඳවා සිටී. 2025, ICE රඳවා තබා ගැනීම සඳහා වාර්තාගත මාරාන්තිකම වසර විය.

මෙහිදී ඩිමොක්‍රටික් පක්ෂය කිසිදු සැබෑ විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරනු ඇත. අඟහරුවාදා රාත්‍රියේ ඔවුන් කරන ඕනෑම අභිනයක් අර්ථ විරහිත ප්‍රයෝග වනු ඇත. සැබෑ භාවිතයේදී, පාලක පන්තියට වඩාත්ම වැදගත් කරුණු සම්බන්ධයෙන් ඔවුහු ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කරති. ට්‍රම්ප් සමඟ ඔවුන්ගේ මතභේද පවතින තැන්වල, ඔවුන් කේන්ද්‍රගත වී ඇත්තේ අධිරාජ්‍යවාදී උපායමාර්ගයේ උපායශීලී ප්‍රශ්න මත ය–සියල්ලටත් වඩා, යුක්රේනය තුළ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධයට ඔහු ප්‍රමාණවත් සහයෝගයක් නොදැක්වීම පිළිබඳ අතෘප්තියි. නමුත් ඉරානය සමඟ යුද්ධය කරා යන ගමනේදී, පක්ෂ දෙක අත්‍යවශ්‍ය එකඟතාවයක සිටිති.

ට්‍රම්ප්ගේ රාජ්‍ය තත්ව දේශනයට ප්‍රතිචාරය ඉදිරිපත් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සීඅයිඒ හිටපු ප්‍රවීණයන්–පසුගිය වසරේ සෙනෙට් සභික එලිසා ස්ලොට්කින් සහ මෙම වසරේ වර්ජිනියා ආණ්ඩුකාර අබිගේල් ස්පාන්බර්ගර් – තෝරා ගැනීමම, බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස්ගේ “වාම” හඬක් සහිත වාචාලකම භාවිතා කරමින් පහළින් මහජන ව්‍යාපාරයක් මතුවීම අවහිර කිරීම සඳහා ඔවුන් මිලිටරි-බුද්ධි යාන්ත්‍රණය ආරක්ෂා කරන බවට පාලක පන්තියට දෙනු ලැබූ සහතිකයකි.

නිදහස් ප්‍රකාශනයේ සිට 250 වන වසර වන විට ට්‍රම්ප්ගේ ඇමරිකාවේ සැබෑ තත්වය මෙයයි: එය, ස්වර්ණමය යුගයේ (Gilded Age) සිට නොදුටු පරිමාණයකින් පන්ති ප්‍රතිවිරෝධතාවලින් ඉරිතලා ගිය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මවාපෑම පවා අත්හැර දැමූ, විදේශයන්හි යුද්ධයට සහ රට තුළ ආඥාදායකත්වයට නැඹුරු වූ අපරාධකාරී කතිපයාධිකාරීත්වයක් විසින් පාලනය කරන ලද සමාජයකි.

නමුත් සමීකරණයට තවත් පැත්තක් ඇති අතර එය තීරණාත්මක එකකි. පාලක පන්තිය ෆැසිස්ට්වාදය හා යුද්ධය කරා තල්ලු කරන එම අර්බුදයම කම්කරු පන්තිය අරගලයට තල්ලු කරයි. වර්ධනය වන වැඩ වර්ජන රැල්ලක්, ICE විරෝධී මහජන විරෝධතා, පසුගිය වසරේ “නෝ-කිංග්ස් ( රජුන් එපා!)” පාගමන්, උසස් පාසල් සිසුන්ගේ අඛණ්ඩ පාගමන්–මේවා මහා ව්‍යාපාරික පක්ෂ දෙකට පාලනය කළ නොහැකි සමාජ බලවේගයක ආරම්භක ප්‍රකාශනයන් වේ.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ දේශපාලන වැඩපිළිවෙල, ඉදිරිදර්ශනය සහ සංවිධානය පිළිබඳ එකකි. ට්‍රම්ප් පරිපාලනයට එරෙහි විරෝධය ඔහු කරන සෑම දෙයකටම හවුල් වන ඩිමොක්‍රටිකයන්ට භාර දිය නොහැක. එය කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම මත පදනම් විය යුතුය.

කම්කරුවන් සෑම වැඩබිමකම, පාසලකම සහ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුත්තේ ප්‍රතිරෝධය සම්බන්ධීකරණය කිරීමට, ICE ත්‍රස්තවාදය අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට, සංක්‍රමණිකයන් ආරක්ෂා කිරීමට සහ රජයේ යුද, කප්පාදු සහ ආඥාදායකත්ව වැඩසටහනට එරෙහිව මහා වැඩ වර්ජනයකට සූදානම් වීමට ය. සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩසටහනක පදනම මත සංවිධානය කරන ලද එවැනි කමිටු ගොඩනැගීම ඇමරිකානු කතිපයාධිකාරීත්වයේ ෆැසිස්ට් කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ඇති එකම යථාර්ථවාදී උපාය මාර්ගයයි.

ට්‍රම්ප්ගේ ඇමරිකාවේ සැබෑ තත්වය: සමාජ කාලකන්නිභාවය, ආඥාදායකත්වය, යුද්ධය—සහ පන්ති අරගලයේ නැගීමක් Read More »

IMG 0671

චීනයේ BYD හි ෂියාන් කම්හලේ කම්කරුවෝ දරිද්‍රතා වැටුප් වලට එරෙහිව වැඩ වර්ජනය කරති

පීටර් සිමන්ඩ්ස් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 පෙබරවාරි 08 වන දින ‘Workers at BYD’s Xi’an plant in China strike over poverty wages යන හිසින් පලවූ පීටර් සිමන්ඩ්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

පෙබරවාරි 5 වන දින, ෂියාන්හි (Xi’an’s) අධි-තාක්‍ෂණික කලාපයේ ජික්සියන් කාර්මික උද්‍යානයේ (Jixian Industrial Park) පිහිටි BYD හි අධි වෝල්ටීයතා විදුලි උපකරණ කම්හලේ කම්කරුවන් තම කෑලි-අනුපාත ප්‍රසාද දීමනා ම්ලේච්ඡ ලෙස කප්පාදු කිරීම් වලට එරෙහිව සාමූහික වැඩ වර්ජනයක් දියත් කළහ. BYD හි දැනට ක්‍රියාත්මක පිරිවැය අඩු කිරීමේ මෙහෙයුම යටතේ, කම්කරුවන්ගේ සොච්චම් ආදායමේ තීරණාත්මක අංගයක් වන, උපරිම මාසික කෑලි-අනුපාත ප්‍රසාද දීමනාව යුවාන් 2,400 සිට යුවාන් 300-600 දක්වා අඩු කරන ලදී.

සමාජ රක්ෂණ සහ නිවාස අරමුදල් දායක මුදල් සඳහා අනිවාර්ය අඩු කිරීම් වලින් පසුව, බොහෝ සේවකයින් වාර්තා කළේ ඔවුන්ගේ මාසික අතට ලැබෙන වැටුප යුවාන් 2,000 ට (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 290) ට වඩා පහත වැටී ඇති බවයි. මෙම අගය වෙනත් විදිහකට පවසතොත්, මසකට යුවාන් 2,000 ක් වසරකට දළ වශයෙන් ඩොලර් 3,480 කි.

මේ අතර, BYD නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වැන්ග් චුවාන්ෆු (Wang Chuanfu) ගේ  පසුගිය වසරේ ඇස්තමේන්තුගත පුද්ගලික ධනය  ඩොලර් බිලියන 28.5 ක් බව ෆෝබ්ස් වාර්තා කරයි. මසකට යුවාන් 2,000 ක් උපයන තනි BYD කර්මාන්තශාලා සේවකයෙකුට අද වැන්ග් සතුව ඇති ධනය රැස් කර ගැනීමට වසර මිලියන 8.2 කට වඩා කාලයක්  වැඩ කිරීමට සිදුවනු ඇත.

මෙම දැවැන්ත විෂමතාවය අපගමනයක් නොව BYD හි ව්‍යාපාරික ආකෘතියේ අත්තිවාරමයි. එහිදී මූලික වැටුප් හිතාමතාම ප්‍රාදේශීය අවම වැටුප් මට්ටම්වලට වඩා යන්තම් ඉහළින් –සමහර විට යන්තම් සමාන වනසේ–සකසා ඇති අතර, සේවකයින්ට කළමනාකරණයේ අභිමතය පරිදි ඉවත් කර ගත හැකි අතිකාල, ප්‍රසාද දීමනා සහ කාර්ය සාධන අතිරේක දීමනා මත යැපීමට බල කෙරේ.

ෂියෑන් වැඩ වර්ජනය හුදකලා සිදුවීමක් නොවේ. එය වසර ගණනාවක් පුරා විහිදෙන සහ රටවල් ගණනාවක් සහ චීන‍යේ පළාත් පුරා පැතිරී ඇති BYD හි දැවැන්ත නිෂ්පාදන අධිරාජ්‍යය පුරා උත්සන්න වන කම්කරු නොසන්සුන්තාවයේ රටාවක නවතම පිපිරීමයි.

2024 මැයි මාසයේදී, එක්සත් ජනපදය පදනම් කරගත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයෙකු වන ජබිල්ට (Jabil) අයත් වූ BYD හි වූක්සි (Wuxi) කම්හලේ සේවකයින් වැඩ වර්ජනය කළේ, සමාගම විසින් අතිකාල ඉවත් කරන නව කාලසටහනක් පැනවීමෙන් පසුවය. එය කම්කරුවන් ඔවුන්ගේ දරිද්‍රතා මට්ටමේ මූලික වැටුපට අතිරේකව යමක් උපයා ගත් ප්‍රධාන යාන්ත්‍රණයයි. වූක්සි හි BYD හි මූලික වැටුප, නීත්‍යානුකූල අවමයට වඩා යන්තම් ඉහළ යුවාන් 2,490 ක් ලෙස පිහිටුවා තිබුණි. චීන කම්කරු නීතියට අනුව සාමාන්‍ය අනුපාතයට වඩා 1.5 සිට 2 ගුණයකින් ගෙවීමට අවශ්‍ය වන අතිකාල ඉවත් කිරීම, සැබෑ මාසික ආදායම බොහෝ සේ පහත වැටීමට හේතු විය.

2025 මාර්තු අග සහ අප්‍රේල් මුලදී තත්වය නාටකාකාර ලෙස තීව්‍ර විය. මාර්තු 28-29 දිනවල වූක්සි කම්හලේ සේවකයින් 1,000 කට වැඩි පිරිසක් වැඩ වර්ජනය කළ අතර, මාර්තු 31 සිට අප්‍රේල් 1 දක්වා BYD හි චෙන්ග්ඩු කම්හලේ ඔවුන්ගේ සගයන් ද වැඩ වර්ජනය කළහ. දුක්ගැනවිලි සමාන විය: කාර්ය සාධනය මත පදනම් වූ වැටුප් අඩු කිරීම්, යුවාන් 30 ක උපන්දින සහනාධාරයක් වැනි සංකේතාත්මක ප්‍රතිලාභ පවා ඉවත් කිරීම, අත්තනෝමතික තනතුරු මාරු කිරීම් සහ පහත් කිරීම්.

සියල්ලටත් වඩා, වූක්සි කම්හලේ කම්කරුවන්ගේ කෝපය යොමු වූයේ 2023 දෙසැම්බර් මාසයේදී ජබිල් හි ග්‍රීන් පොයින්ට් මෙහෙයුම් යුවාන් බිලියන 15.8 කට අත්පත් කර ගැනීමේදී BYD විසින් දුන් පොරොන්දු බරපතල ලෙස උල්ලංඝනය කිරීම කෙරෙහි ය. එහිදී කළමනාකාරිත්වය අවම වශයෙන් මාස 18 ක් වැටුප් හා කොන්දේසි නොවෙනස්ව පවතින බවට පොරොන්දු විය.

වූක්සි කම්හලට පොලිසිය යොදවා තිබූ අතර, විරෝධතාකරුවන් මහජන දර්ශනයෙන් වැළැක්වීම සඳහා රෙදි තිර ඉදිකර තිබුණි. චෙන්ග්ඩු හි, කැරලි මර්දන පොලිසිය සහ SWAT කණ්ඩායම් පසුගිය වසරේ අප්‍රේල් 2 වන දින වැඩ වර්ජනය බලහත්කාරයෙන් විසුරුවා හැරිය අතර, අත්අඩංගුවට ගැනීම් වාර්තා විය. මාර්තු මැද භාගයේදී එක් සේවකයෙකු ඒ වනවිටත් දින පහක් රඳවාගෙන සිටියේ සේවය පහත් කිරීමකට විරෝධය දැක්වීම නිසාය.

Image Not Found
2025 මාර්තු 6 වන බ්‍රහස්පතින්දා, බ්‍රසීලයේ බහියා ප්‍රාන්තයේ කැමකාරි හි ඉදිවෙමින් පවතින කර්මාන්ත ශාලාවක් අසල BYD සඳහා ලකුණක් ප්‍රදර්ශනය කෙරේ.[AP ඡායාරූපය/එරල්ඩෝ පෙරෙස්]

සූරාකෑමේ රටාව චීනයේ දේශසීමාවලින් ඔබ්බට විහිදේ. 2024 දෙසැම්බර් මාසයේදී, බ්‍රසීල බලධාරීන් බහියා හි කැමසාරි හි නව BYD කම්හලක් සඳහා ඉදිකිරීම් ස්ථානයක, අවම වශයෙන් චීන කම්කරුවන් 163 දෙනෙකු අභිචෝදකයන් විසින් “වහල්භාවයට සමාන කොන්දේසි” ලෙස  විස්තර කළ තත්වයෙන්  බේරා ගත්හ. පසුගිය වසරේ ආසියාවෙන් පිටත සමාගමේ පළමු මගී මෝටර් රථ කම්හල විවෘත කිරීම ප්‍රමාද කරමින් එම ස්ථානය වසා දමන ලදී.

HK කම්කරු අයිතිවාසිකම් නිරීක්ෂක වෙබ් අඩවියට (HK Labour Rights Monitor website) අනුව, “පරීක්ෂණයෙන් කම්පනය සහගත අපයෝජන අනාවරණය විය: සමහර සේවකයින් හිස් ඇඳන් මත නිදා ගත් අතර, පුද්ගලයෝ 31 දෙනෙකු එකම වැසිකිළියක් පාවිච්චි කළහ. ආහාර සහ පුද්ගලික අයිතම අපිරිසිදු තත්වයන් යටතේ ගබඩා කර තිබුණි. වාර්තා වන පරිදි, සේවකයින්ට අලුයම 4 ට පමණ වේලාසනින් අවදි වීමට බල කෙරුණි, විවේක දින නොමැතිව අධික වැඩ පැය ගණනක් විඳදරාගත් අතර සමහර අවස්ථාවල දින 25 ක් අඛණ්ඩව වැඩ කළහ.”

කම්කරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර රඳවා ගන්නා ලද අතර, වැටුප් වලින් සියයට 60 ක් දක්වා අත්හිටුවා, දිනකට පැය 12 ක් දක්වා, සතියේ දින හතේම, අඛණ්ඩව දින 25 ක් වැඩ කිරීමට බල කෙරුණි. පසුව ෆෙඩරල් නඩු පවරන්නන් රිඉස් මිලියන 257 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45) වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළ අතර, පසුව රිඉස් මිලියන 40 ක් පමණක් ගෙවීමට එය සමථ වී ඇත.

2008 සිට 2025 දක්වා වසර 17ක් පුරා, BYD හි කම්කරු පිළිවෙතට ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වන බහු-ප්‍රකෝටිපති සමපේක්ෂක වොරන් බෆට් (Warren Buffett) වක්‍රව සහාය ලබා දී ඇත. බෆට්ගේ ආයෝජන උපකරණය වන බර්ක්ෂයර් හැතවේ (Berkshire Hathaway), BYD හි ප්‍රධාන කොටස් හිමිකරගෙන සිටි අතර, බෆට්ගේ මියගිය ව්‍යාපාර සහකරු චාලි මුන්ගර් (Charlie Munger) ගේ උනන්දු කිරීම පරිදි, මුලින් 2008 දී, ඩොලර් මිලියන 230 කට එය අත්පත් කර ගන්නා ලදී. මුන්ගර් වැන්ග් චුවාන්ෆු (Wang Chuanfu) “තෝමස් එඩිසන් සහ ජැක් වෙල්ච්ගේ (Jack Welch) සංයෝජනයක්” ලෙස විස්තර කළේය. 

එහි උච්චතම අවස්ථාවේදී, බර්ක්ෂයර් හි BYD කොටස් වටිනාකම ඩොලර් බිලියන 9 ඉක්මවිය–එය දළ වශයෙන් 40 ගුණයක ලාභයකි. ආයෝජනයෙන් ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 7 ක ලාභයක් උපයා ගන ඇත. මෙම කාලය පුරාම, BYD සේවකයින් දරිද්‍රතා වැටුප්, වැඩ වර්ජන සඳහා පොලිස් මර්දනයන්, විදේශයන්හි විදේශ ගමන් බලපත්‍ර රඳවා ගැනීම් සහ ක්‍රමානුකූලව කඩ කරන ලද පොරොන්දු විඳදරා ගනිද්දි, බර්ක්ෂයර් හැතවේ ප්‍රමුඛ කොටස් හිමියෙකු ලෙස රැඳී සිටිමින්, එහි සහ පෞද්ගලිකව බෆට්ගේ කීර්තිය සමාගමට ලබා දුන්නේය.

බර්ක්ෂයර් 2022 අගෝස්තු මාසයේදී තම කොටස් විකිණීම ආරම්භ කළ අතර 2025 මුල් භාගය වන විට එහි පිටවීම සම්පූර්ණ කළේය. බෆට් BYD හි අධික ලෙස සූරාකෑමේ ශ්‍රම පිළිවෙත් පිළිබඳව කිසිදු විවේචනයක් ඉදිරිපත් කළේ නැත. ඔහුගේ එකම ප්‍රසිද්ධ ප්‍රකාශය වූයේ, 2023 දී, BYD යනු “අපූර්ව පුද්ගලයෙකු” විසින් පවත්වාගෙන යනු ලබන “අපූර්ව සමාගමක්” බවයි. එනමුත්, තමන් “මුදල් වලින්, වඩා හොඳ හැඟීමක් ඇති කරන දේ සොයා ගන්නා බව”  ඔහු පැවසීය.

BYD හි පුණරාවර්තනය වන වැඩවර්ජන මගින් චීනයේ ධනවාදී සූරාකෑමේ ස්වභාවය සහ ලෝකයේ ප්‍රමුඛ විදුලි වාහන නිෂ්පාදකයා ලෙස BYD හි නැගීම හෙළි වේ. 2024 දී යුවාන් බිලියන 777.1 ක ආදායමක් සහ යුවාන් බිලියන 40 කට වඩා වැඩි ශුද්ධ ලාභයක් BYD වාර්තා කළේය. වැන්ග් චුවාන්ෆුගේ පෞද්ගලික ධනය ඔහුව පෘථිවියේ ධනවත්ම පුද්ගලයින් අතරට පත් කරයි–පසුගිය වසරේ Forbes සඟරාව විසින් චීනයේ බිලියනපතියන් අතරින් 9 වන ධනවත්ම පුද්ගලයා ලෙස ඔහුව ලැයිස්තු ගත කෙරුණි.

එහෙත් බොහෝ කර්මාන්තශාලා වල, මෙම ධනය නිෂ්පාදනය කරන–චීනයේ විශාලතම ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන (publicly traded company) සේවා යෝජකයා බවට BYD පත් කරන දැන් 900,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වන–කම්කරුවන්ට ලැබෙන්නේ අධික  වෙහෙසකින් අතිකාල කිරීමෙන් තොරව මූලික ජීවන වියදම් සපුරාලීමට නොහැකි වන වැටුපකි.

නීත්‍යානුකූලව අවසර ලත් එකම වෘත්තීය සමිති ආයතනය වන සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය (All-China Federation of Trade Unions), කම්කරුවන්ගේ  ස්වාධීන සංවිධානය මර්දනය කරමින් සහ අතෘප්තිය හානිකර නොවන මාර්ග වෙත යොමු කරමින්, කම්කරුවන්ගේ නියෝජිතයෙකු ලෙස නොව කළමනාකරණයේ සහ රාජ්‍යයේ හස්තයක් ලෙස ක්‍රියා කරයි. සංවිධානය වීමට හෝ විරෝධතා දැක්වීමට උත්සාහ කරන කම්කරුවන්, වේගයෙන් පොලිස් මර්දනය, සේවයෙන් පහ කිරීම සහ රඳවා තබා ගැනීමකට මුහුණ දෙති.

වුක්සි, චෙන්ග්ඩු සහ චැංෂා හි ඊට පෙර සිදු වූ දේ මෙන්, ෂියාන් වැඩ වර්ජනයෙන් පෙන්නුම් කරන්නේ චීන කම්කරු පන්තිය මෙම කොන්දේසි පිළිගැනීමට සූදානම් නැති බවයි. චීන රාජ්‍ය මාධ්‍ය සහ නිලධරය කාර්මික ක්‍රියාමාර්ග පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධ නොකලත්, චීනයෙන් පිටත සිට වැඩ වර්ජන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන සංවිධානවලට අනුව, විශේෂයෙන් නොගෙවූ වැටුප් සහ වැටුප් කප්පාදුවලට එරෙහිව 2023 සිට හදිසි වැඩ වර්ජන සහ විරෝධතා කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ.

චීනයේ BYD හි ෂියාන් කම්හලේ කම්කරුවෝ දරිද්‍රතා වැටුප් වලට එරෙහිව වැඩ වර්ජනය කරති Read More »

Albanese pic

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම අන්තර්ජාල වාරණය සඳහා ගෝලීය පූර්වාදර්ශයක් සකසයි

ඔස්කාර් ග්‍රෙන්ෆෙල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 දෙසැම්බර් 11 දින ‘ Australia’s social media ban sets global precedent for online censorship’ යන හිසින් පලවූ ඔස්කා ග්‍රෙන්ෆෙල් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

අසමානතාවය, ආඥාදායකත්වය, සහ යුද්ධය කෙරෙහි වැඩිවන සතුරුකම මධ්‍යයේ අන්තර්ජාලයයේ රාජ්‍ය පාලනය සඳහා ගෝලීය පූර්වාදර්ශයක් තබමින්, ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වෙත පිවිසීම තහනම් කිරීම බදාදා සිට බලාත්මක විය.

දැවැන්ත දඩ මුදල් ගෙවීමේ තර්ජනයක් යටතේ සමාජ මාධ්‍ය වේදිකාවලට වයස් සත්‍යාපන පියවරයන් ස්ථාපිත කිරීමට සහ ළමයින් ඉවත් කිරීමට බල කෙරී ඇත. දැන්,  වැඩිහිටියන් ඇතුළු සියලුම පරිශීලකයින්ට වේදිකාවල රැඳී සිටීම සදහා මහා සමූහ සමාගම්වලට  රජයේ හැඳුනුම්පත් හෝ ඡායාරූප සැපයීම වැනි  නව බැඳීම්වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

මෙම පියවර මහජන විරෝධයට හේතු වී ඇති අතර, එය මඟ හැරීම සදහා දැනටමත් ක්‍රම සොයමින් සිටින තරුණයින් ද ඒ අතර වේ.

මෙය හුදෙක් ඕස්ට්‍රේලියානු ප්‍රශ්නයක් නොවේ. ට්‍රම්ප් පරිපාලනය බොහෝ දුරට සමාන ප්‍රතිපත්තියක් එක්සත් ජනපද කොංග්‍රසයට  හඳුන්වා දී ඇති අතර, යුරෝපීය බලවතුන් රැසක් ද ඒ හා සමාන තහනමක් කරා ගමන් කරමින් සිටී.

පසුගිය වසරේ කම්කරු (පක්ෂ) රජය විසින් පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කරන ලද්දේ, තරුණයින් අන්තර්ජාල හානිවලින්, විශේෂයෙන් මානසික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා යැයි පවසමිනි. එම ප්‍රකාශ අසත්‍ය වේ. මානසික සෞඛ්‍ය උපදේශක කණ්ඩායම් මෙම තහනමට දැඩි ලෙස විරුද්ධ වූ අතර, එය දරුවන්ගේ මානසික ගැටලු තීව්‍ර කරනු ඇතැයි අනතුරු ඇඟවීය.

කම්කරු රජය ක්‍රියාත්මක කරමින් සිටින වැඩසටහනට කළ හැක්කේ මානසික සෞඛ්‍ය අර්බුදය තවත් උග්‍ර කිරීම පමණකි. දරුවන් හය දෙනෙකුගෙන් එක් අයෙකු දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවට වන කාරණය විසඳීමට එය කිසිවක් කර නැත; ඒ වෙනුවට ආණ්ඩුව ජීවන වියදම් අර්බුදයේ බර කම්කරු පන්තියේ කුටුම්භ මත පටවමින්, අත්‍යවශ්‍ය සමාජ සේවාවන් මත කප්පාදු පණවමින් සිටියි.

මෙම සමාජ තත්වයන් සහ ධනවාදය ඔවුන්ට අනාගතයක් ලබා නොදෙන බවට වන යථාර්ථය, තරුණයින්ගේ රැඩිකලීකරනයකට ඉන්ධන සපයයි. තහනමේ සැබෑ අරමුණ වන්නේ එම හැඟීම මර්දනය කර එය සංවිධානාත්මක දේශපාලන ප්‍රකාශනයක් සොයා ගැනීම වැළැක්වීමයි.                                                                                                                                                                            

මුළු පරම්පරාවක්ම දේශපාලනීකරණය කර ඇති ගාසා තීරයේ ජන සංහාරය මධ්‍යයේ දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පැවති සමාජ කෝපය මතුපිටට පුපුරා යාමෙන් පසු මෙම තහනම පනවනු ලබයි. ඕස්ට්‍රේලියාවේ තරුණ ජනයා සමාජ මාධ්‍ය හරහා ඔවුන් දුටු යුද අපරාධවලට එරෙහිව බොහෝ විට සතිපතා පෙළපාලිවලට සහභාගී වූහ, පාසල් වැඩවර්ජන පැවැත්වූහ, එමෙන්ම  වෙනත් ක්‍රියාමාර්ගවල නිරත වූහ.

ආබාධිත පලස්තීනුවන්, බෝම්බ හෙලන ලද රෝහල් සහ විනාශ වූ පාසල් පිළිබඳ දර්ශන, සංහාරයට සහාය දුන් ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ බොරුවලට සම්පූර්ණයෙන්ම පටහැනි යථාර්ථයක් පෙන්නුම් කළේය. තහනම වැළැක්වීමට උත්සාහ කරන්නේ මෙසේ රජයේ බොරු සහ අපරාධකාරීත්වය හෙළිදරව් වීමය.

ජන සංහාරයට එරෙහි මහජන විරෝධයට පෙරාතුව, දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පාසල් වැඩවර්ජන සහ ගෝලීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත  ජනයා සහභාගී වූ ක්‍රියාකාරීත්වයන්   මතු  විය.

ධනවාදී අර්බුදයේ මෙම ප්‍රකාශනයන් කෙරෙහි ඇති කෝපය සමාජවාදය කෙරෙහි ආකර්ෂණයක් බවට වඩ වඩාත් ඒකාබද්ධ වෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය වසරේ පැවති මත විමසුමකදී, තරුණ ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 53 කට “වැඩිපුර සමාජවාදයක්” අවශ්‍ය බව සොයා ගත් අතර, එය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඊට සමාන ප්‍රතිඵල පිළිබිඹු කරයි.

Albanese pic
2025 මැයි 3 වන දින නැවත තේරී පත්වීමෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්. [AP ඡායාරූපය/රික් රයික්‍රොෆ්ට්]

ආණ්ඩුවේ නායකයින් ප්‍රසිද්ධියේ තහනම සාධාරණීකරණය කිරීමේදී ඔවුන්ගේ දේශපාලන අභිප්‍රේරණ සඟවා ගනිති. ඒ වෙනුවට, අගමැති ඇන්තනි ඇල්බනීස් ළමයින් එළිමහනේ සෙල්ලම් කල සුන්දර අතීතයකට නැවත යෑමේ අවශ්‍යතාවය පිළිබඳ ගතානුගතික කතා ඇද බෑවේය.

නමුත් යටින් පවතින න්‍යාය පත්‍රය වෙනත් සන්දර්භයන් තුළ ප්‍රකාශ වී ඇත. නොවැම්බර් මාසයේ පැවති දේශනයකදී, දේශීය ඔත්තු ඒජන්සියක් වන ASIO හි ප්‍රධානී මයික් බර්ගස්, ගාසා සමූල ඝාතනය කෙරෙහි සතුරුකම සහ වාමාංශික විරෝධය සමඟ සම්බන්ධ වී වර්ධනය වන “විප්ලවවාදී අන්තවාදය” ගැන අනතුරු ඇඟවීය.

තරුණයින් අතර විරුද්ධවාදී හැඟීම් මර්දනය කිරීමේ ක්ෂණික ගැටලුවට අමතරව, රජයේ නායකයින් දිගු කලක් තිස්සේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂ නිර්නාමික භාවයකින් අන්තර්ජාලය හරහා දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීමේ හැකියාවට එරෙහිව කෑ මොර දී ඇත.

ඇල්බනීස්, “කිසිදු බියකින් තොරව නිර්නාමිකව ඕනෑම දෙයක් පැවසිය හැකි යතුරුපුවරු රණශූරයන්” හෙළා දැක තිබේ. එම සන්දර්භය තුළ, සමාජ මාධ්‍ය සමාගම් විසින් රැස් කරන ලද හඳුනාගැනීමේ තොරතුරු වෙත ප්‍රවේශ නොවන බවට රජය කරන ප්‍රකාශයන්හි කිසිදු පදනමක් නොමැත.

වර්ධනය වන සමාජ කෝපය ජාත්‍යන්තර ස්වභාවයක් ගන්නවා සේම, අධිරාජ්‍යවාදී බලවතුන් ද එය මර්දනය කිරීමේ උත්සාහයේදී සම්බන්ධීකරණය වෙමින් සිටිති.

2024 දෙසැම්බර් මාසයේදී, සමාජ මාධ්‍ය තහනම සඳහා වූ නීති සම්පාදනය සම්මත වී දින කිහිපයක් ගතවෙද්දීම, ෆයිව් අයිස් (Five Eyes) ඔත්තු බැලීමේ ජාලය “තරුණ රැඩිකලීකරනයට” එරෙහිව අනතුරු ඇඟවීමේ වාර්තාවක් නිකුත් කළේය. ෆයිව් අයිස් එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන අතර එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙන් සමන්විත වේ.

තරුණයින් “අන්තර්ජාලය හරහා හැදී වැඩී ඇති අතර තාක්‍ෂණික සූර වේ” යනුවෙන් වාර්තාව අනතුරු ඇඟවීය. ඔවුහු එවැනි වේදිකා  “තමන් සහ අන් අය තවදුරටත් රැඩිකල් කරන ප්‍රචණ්ඩකාරී අන්තවාදී අන්තර්ගතයන් නැරඹීමට සහ බෙදා හැරීමට” භාවිතා කරති. මෙම තර්ජනයට එරෙහිව “මුළු සමාජයේම” උත්සාහයකින් සටන් කළ යුතුව තිබුණි.

ට්‍රම්ප් පරිපාලනය සහ යුරෝපීය රටවල් ද ඒ හා සමාන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටීම අවධාරණය කරන පරිදි වයස අවුරුදු 16 න් පහළ සමාජ මාධ්‍ය තහනම එම උත්සාහයේ කොටසක් බව පැහැදිලිය.

එම සන්දර්භය තුළ, “ප්‍රචණ්ඩ අන්තවාදය” පිළිබඳ අනතුරු ඇඟවීම් පැහැදිලි වංචාවකි. ට්‍රම්ප් අන්ත දක්ෂිනාංශික සහ නාසි බලවේග පවා බලමුලු ගැන්වීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලා දමමින් ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටී.

සමාජ මාධ්‍ය සමාගම් සංක්‍රමණික විරෝධී සහ වර්ගවාදී අන්තර්ගතයන් විස්තාරණය  කරන තරමට, එය දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය විසින් ෆැසිස්ට්වාදයේ පුළුල් ප්‍රවර්ධනය සදහා දරන  ව්‍යායාමයේ එක් සංරචකයක් වේ. ට්‍රම්ප් පරිපාලනයේ හිටපු සාමාජිකයෙකු වන ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් විසින් අන්ත-දක්ෂිණාංශික ප්‍රචාරණය සඳහා හොරණෑවක් බවට වැඩි වැඩියෙන් පරිවර්තනය කරන ලද X/Twitter මගින් මෙම සම්බන්ධතාවය නිරූපණය කෙරේ.

අන්තර්ජාල නිදහසට එල්ල කරන ප්‍රහාරය වාමාංශික විපක්ෂයට එරෙහි පුළුල් ප්‍රහාරයක කොටසකි.  “නීතියට සහ ආගමනය (පිළිබඳ නීති) බලාත්මක කිරීමට විරුද්ධවන්නන්; සමූහ සංක්‍රමණය සහ විවෘත දේශසීමා සඳහා පක්ෂ අන්තවාදී අදහස්” හෝ “ධනවාදයට එරෙහි” අදහස් දරන්නන්, “දේශීය ත්‍රස්තවාදීන්” ලෙස වර්ගීකරණය කරමින්, එක්සත් ජනපද නීතිපති පෑම් බොන්ඩි විසින් මෙම සතියේ නිකුත් කරන ලද සංදේශය ද ඊට ඇතුළත් ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා ට්‍රම්ප් වැනි විවෘතව ෆැසිස්ට් බලවේග පමණක් නොව සමස්ත දේශපාලන සංස්ථාපිතයම සම්බන්ධ වන බව,  වාරණය සඳහා ගෝලීය පූර්වාදර්ශයක් සකසමින් සිටින්නේ කම්කරු පක්ෂ ආණ්ඩුවක් විසින් බව යන කාරණයෙන් ප්‍රකාශ වේ.

රජයන් විසින් අන්තර්ජාලය පාලනය කිරීමට දිගු කලක් තිස්සේ දරන උත්සාහයන් මත එම පූර්වාදර්ශය ගොඩ නැගෙන අතර, අන්තර්ජාලය විප්ලවීය තර්ජනයක් ලෙස සලකනු ලබන්නේ, බලයේ කොරිඩෝර (කේන්ද්‍රස්ථාන) වලින් බැහැර සිටින්නන්ට තම අදහස් ප්‍රචාරය කිරීමට, සන්නිවේදනය කිරීමට සහ විරුද්ධත්වය සංවිධානය කිරීමට හැකියාව ලබා දෙන බැවිනි. 

2017 දී Google, රජයේ ආයතනවල නියෝගය පරිදි ක්‍රියා කරමින්, සෙවුම් ප්‍රතිඵලවල ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ අනෙකුත් විකල්ප මාධ්‍ය මර්දනය කරමින්, ඒ වෙනුවට සංගතවල ප්‍රකාශනවලට ප්‍රමුඛත්වය දෙන නව ඇල්ගොරිතමයක් හඳුන්වාදීම මගින් ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්  කෙරිණි.

ධනවාදයේ අර්බුදය එකී පියවරයන් ආරම්භ කළ කාලයට වඩා බෙහෙවින් ගැඹුරු ය. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ප්‍රධාන බලවතුන්, ගාසා තීරයේ ජන සංහාරය වැනි අපරාධ පමණක් නොව, න්‍යෂ්ටික ලෝක යුද්ධ තර්ජනයක් ගෙනෙන රුසියාව සහ චීනය සමඟ ගැටුම් ද ඇතුළුව අධිරාජ්‍යවාදී යුද්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සිටිති. දේශීය වශයෙන්, ඔවුන් ප්‍රංශ විප්ලවයේ දින වල  සිට නොදුටු සමාජ අසමානතාවය ඒකාධිපති පියවරයන් හරහා ක්‍රියාත්මක කරමින් සිටිති.

පුළුල් ලෙස පැතිරුණු (සමාජ) සතුරුකමක් සහ වැඩෙන ප්‍රතිරෝධයක් පවතී. ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම හෙළා දකිමින් සහ එය නොබියව මග හරිමින් සිටින තරුණ ජනයාගේ විශාල සංඛ්‍යාවක් තුළ එය ප්‍රකාශ වී තිබේ. විරෝධතා, පාසල් වැඩවර්ජන සහ අනෙකුත් ක්‍රියාමාර්ග සංවිධානය කළ යුතුය.

විකල්ප දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍ය වේ. වාරණය සහ අවසානයේ ඒකාධිපතිත්වයේ ධනවාදී වැඩසටහනට එරෙහිව සටන් කළ හැක්කේ සමස්ත දේශපාලන සංස්ථාපිතයෙන් ස්වාධීන වූ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් හරහා පමණි.

අන්තර්ජාල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව සඳහා වන සටන, මර්දනකාරී ධනේශ්වර රාජ්‍ය උපකරණ විසුරුවා හැරීම සහ තාක්‍ෂණික සංස්ථා ඇතුළු සමාජයේ සියලුම ප්‍රධාන නිෂ්පාදන බලවේග කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ හිමිකාරිත්වය යටතේ ස්ථානගත කිරීමට වඩා අඩු දෙයක් නොවේ.

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම අන්තර්ජාල වාරණය සඳහා ගෝලීය පූර්වාදර්ශයක් සකසයි Read More »

Scroll to Top