ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූලඝාතන යුද්ධය මැද ඉරානය සිදු කරන ආත්මාරක්ෂක ප්‍රහාරන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දකී
ජෝර්දාන් ෂිල්ටන් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 12 වන දින ‘United Nations condemns Iran’s self-defence strikes amid American imperialism’s war of extermination’ යන හිසින් පළවූ ජෝර්දාන් ෂිල්ටන් විසින් ලියන ලද දිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

පසුගිය බදාදා දින, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය (UNSC) විසින් 2817 (2026) යෝජනාව සම්මත කිරීමත් සමඟ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ප්‍රතිඵල දායක ලෙසම අනුමත කරන ලදී. මෙහිදී, මෙම යෝජනාව ගල්ෆ් රාජ්‍යයන්ට එරෙහිව ඉරානය එල්ල කළ පළිගැනීමේ ප්‍රහාර “දැඩි ලෙස හෙළා දකින” අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි ඊශ්‍රායල සහචරයා විසින් මිලියන 90 ක ජනතාවක් වෙසෙන රටට (ඉරානයට) සති දෙකකට ආසන්න කාලයක් බෝම්බ හෙලීම ගැන කිසිවක් නොකියයි.
යෝජනාවේ කඩතුරාව නම්, බහරේනය, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවල් හතට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දියත් කළ බවයි. නමුත් මෙම රටවල් හතම–බහරේනයේ පස්වන බලඇණියේ මූලස්ථානයේ සිට කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ධෆ්රා දක්වා–එක්සත් ජනපද හමුදා ඉරානයට එරෙහිව යුද්ධය දියත් කිරීම සඳහා ක්‍රියාකාරීව භාවිතා කරනු ලබන සත්කාරක හමුදා කඳවුරු සඳහා පහසුකම් සපයයි. මෙම රාජ්‍යයන් මධ්‍යස්ථ නරඹන්නන් නොවේ. ඔවුන් ඇත්ත වශයෙන්ම සටන් වැදි රාජ්‍යයන්ය. ඔවුන්ගේ භූමි ප්‍රදේශවලට ඉරාන ප්‍රහාර එල්ල කර ඇත්තේ ආත්මාරක්ෂාව සඳහා වන අතර සිවිල් වැසියන් 11 ක් පමණ මරණයට පත්ව ඇත. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ පමණක් පුද්ගලයින් 1,300 කට වැඩි පිරිසක් මරා දමා ඇත.
ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපදය පෙබරවාරි 28 වන දින ඓතිහාසිකව පීඩිත රටක් වන ඉරානයට එරෙහිව අප්‍රකෝපකාරී ආක්‍රමණශීලී යුද්ධයක් දියත් කළ බව යෝජනාවේ සඳහන් නොවීය. තම සියොන්වාදී සගයාගේ බලගතු සහාය ඇතිව, වොෂින්ටනය පැය කිහිපයක් ඇතුළත උත්තරීතර නායක අයතුල්ලා කමේනි සහ පැහැදිලිවම ස්වෛරී රාජ්‍යයක ප්‍රමුඛ දේශපාලන හා හමුදා නිලධාරීන් දුසිම් ගනනක් ඉලක්ක කර ගනිමින් ඝාතන සිදු කළේය.
කාපට් බෝම්බ ප්‍රහාරවල සති දෙකකටත් අඩු කාලයක් තුළ, ඇමරිකානු සහ ඊශ්‍රායල මිසයිල මගින් ඉරාන සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කරනු ලැබ ඇත. ඉන් එක් ප්‍රහාරයකින් ගැහැණු ළමයින් 160 කට වැඩි පිරිසක් ඝාතනය විය. මෙම යුද අපරාධකරුවන් විසින් රෝහල් සහ පාසල් දුසිම් ගණනකට පහර දී, බලශක්ති සැපයුම් කඩාකප්පල් කිරීමට සහ තෙල් පිරිපහදු විනාශ කිරීමෙන් පරිසරය විෂ කිරීමට උත්සාහ කර ඇත. මින් ඉරානයේ සහ ලෙබනනයේ මිලියන සංඛ්‍යාත ජනතාවට තම නිවෙස්වලින් පලා යාමට බල කර ඇත. එහිදී සියොන්වාදී තන්ත්‍රය ගුවන් හා භූමි මෙහෙයුම් ද සිදු කරනු ලැබ ඇත. මේ කිසිවක් එතරම් දුරට සඳහනක් කළ යුතු එවා ලෙස ගණන් ගෙන නැත.
යෝජනාව එයට විපක්ෂව ඡන්ද 0ක් ද, පක්ෂව ඡන්ද 13ක් ද ලැබිමෙන් සම්මත විය. එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අරමුණු සරලව පිටපත් කර ඇති ආකාරයක් දක්වන යෝජනාව සම්මත කිරීම නිවේදනය කරන මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් විය: “එය නේවාසික ප්‍රදේශ සහ සිවිල් වස්තූන්ට එරෙහිව ඉරානයේ ප්‍රහාර විශේෂයෙන් හෙළා දකින අතර ඒවා වහාම නතර කරන ලෙස ඉල්ලා සිටී–එසේම ටෙහෙරානය සමුද්‍ර වෙළඳාමට ඇඟිලි ගැසීම අරමුණු කරගත් එහි තර්ජන, ප්‍රකෝප කිරීම් සහ කලාපය පුරා ප්‍රොක්සි කණ්‌ඩායම්වලට දෙන සහාය ද නතර කරන ලෙස ඉල්ලා සිටී.”
මෙම සාහසික ලේඛනයට පක්ෂව ඡන්දය දුන් රටවල් අතරට ස්ථිර සාමාජිකයන් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ එක්සත් ජනපදය මෙන්ම ස්ථිර නොවන සාමාජිකයන් වන බහරේන්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඩෙන්මාර්කය, ග්‍රීසිය, ලැට්වියාව, ලයිබීරියාව, පකිස්ථානය, පැනමාව සහ සෝමාලියාව ඇතුළත් විය.
විශේෂයෙන් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වන සහ එම නිසා යෝජනාවට නිෂේධ බලය යෙදිය හැකි ස්ථානයක සිටින රුසියාව සහ චීනය, ඡන්දය දීමෙන් වැළකී සිටීමින්, එය සම්මත කිරීමට ඉඩ දීමයි. එසේ කිරීමෙන්, ඔවුහු ඉරානයට එරෙහි සමූලඝාතන යුද්ධය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට දේශපාලනික සහාය ලබා දුන්හ. කාලකණ්නි ලෙස මුහුණ බේරා ගැනීමේ කටයුත්තක් ලෙස, රුසියාව දෙවන යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය කිසි විටෙකත් සම්මත නොවන බව ඔවුන් දැන සිටියේය. එම යෝජනාව යුද්ධය අවසන් කර රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ඉල්ලා සිටියේය. ස්ථීර සාමාජිකයින් 15 දෙනාගෙන් හතර දෙනෙකු පමණක් එයට සහාය දැක්වීය.
මෙම ශෝචනීය ක්‍රියාකාරිත්වය ගලා එන්නේ මෙම ධනේශ්වර පාලන තන්ත්‍ර දෙකෙහි සමාජ ස්වභාවය සහ අවශ්‍යතා මගිනි. නේටෝව ක්‍රමානුකූලව රට වටලෑම සහ යුක්රේනයේ රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නේටෝ යුධ ප්‍රකෝප කිරීම නොතකා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තවමත් විශ්වාස කරන්නේ, රුසියානු කතිපයාධිකාරයට තමන්ගේම කම්කරු පන්තිය සූරාකෑමට සහ බලපෑම් ක්ෂේත්‍රයක් පාලනය කිරීමට ඇති “අයිතිය” පිළිගන්නා වොෂින්ටනය සමඟ සම්මුතියක් ඇති කර ගත හැකි බවයි.
ඉරානය විනාශ කිරීමට සහ එහි සම්පත් කොල්ලකෑමට වොෂින්ටනයට සහාය දීමෙන්, අධිරාජ්‍යවාදය සමඟ “සාමකාමී සහජීවනය” යන පැරණි ස්ටැලින්වාදී මන්ත්‍රය මත ක්‍රියාත්මක වන ක්‍රෙම්ලිනය, යුක්රේනය සහ එක්සත් ජනපද ආයෝජන පිළිබඳව ට්‍රම්ප් සමඟ සම්මුතියකට එළැඹීමට හැකි වේ යැයි බලාපොරොත්තු වේ.
ෂී ජින්පින්ගේ නායකත්වයෙන් යුත් චීන රජය සම්බන්ධයෙන් ගත් කල, ආසන්නතම කාලය තුළ ප්‍රධාන සලකා බැලීමක් වන්නේ මෙම මස අවසානයේ ට්‍රම්ප් බීජිං වෙත පැමිණීමට නියමිත සංචාරයයි. චීන ධනවාදය ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික පිළිවෙළකට එළඹීමේ අපේක්ෂාව පවත්වා ගැනීම සඳහා, මෙම ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් එහි ප්‍රකට සගයා වන ඉරානයේ වියදමින් යුද අපරාධකරු ට්‍රම්ප්ට රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලබා දීමට බොහෝ සෙයින් කැමැත්තෙන් සිටී.
නමුත් බීජිං සහ මොස්කව්හි පාලක කල්ලි විසින් බෙදා ගන්නා මෙම මනඃකල්පිතයන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍යතාවයන් සමඟ නොගැලපේ. ප්‍රධාන බලවතුන් අතර ලෝකය සහ එහි සම්පත් වල නව බෙදීමක් හොඳින් සිදුවෙමින් පවතී. එහෙයින්, එක්සත් ජනපදය එහි ආධිපත්‍යවාදී තත්වයට කිසිදු අභියෝගයක් සාමකාමීව පිළිගැනීමට සූදානම් නැත. ඊට පටහැනිව, වොෂින්ටනය බීජිං සහ මොස්කව් වෙත පණිවිඩයක් යවමින් සැලකර සිටින්නේ ඔවුන් ඊළඟට පහර කෑමේ ලැයිස්තුවේ සිටින බවයි.
දශක තුනකට වැඩි කාලයක් තිස්සේ, ලේ වැකි ආක්‍රමණශීලී යුද්ධ මාලාවක් තුළ එහි තවමත් අතිමහත් මිලිටරි ආධිපත්‍යය යෙදවීමෙන් එහි වේගවත් වන ආර්ථික පරිහානියට වන්දි ගැනීමට වොෂින්ටනය උත්සාහ කර ඇත. මෙම වැඩ පිළිවෙළ දිගටම කරගෙන යමින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉරාන යුද්ධය ප්‍රථමයෙන්ම අරමුණු කරන්නේ ආසියාව සහ යුරෝපය අතර වෙළඳ මාර්ග සඳහා උපායමාර්ගිකව පිහිටා ඇති ප්‍රධාන බලශක්ති අපනයන කලාපයක් වන මැද පෙරදිග පුරා එක්සත් ජනපද ආධිපත්‍යයට ඇති ප්‍රධාන කලාපීය බාධකය ඉවත් කිරීමයි.
කෙසේ වෙතත්, යුද්ධයේ වඩාත් මූලික ඉලක්කය වන්නේ රුසියාව සහ චීනය තවදුරටත් උපායමාර්ගිකව සහ ආර්ථික වශයෙන් හුදකලා කිරීමයි. විශේෂයෙන් චීනය ලාභ ඉරාන තෙල් ආනයන මත සැලකිය යුතු ප්‍රමාණයකට රඳා පවතී. වොෂින්ටනය වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගෙන ගොස් කැරකස්හි කීකරු රූකඩ ආණ්ඩුවක් ස්ථාපිත කිරීමෙන් මාස දෙකකටත් අඩු කාලයකට පසුව යුද්ධය ආරම්භ විය. එය ( වෙනිසියුලාව) 2026 ජනවාරි දක්වා චීනයට තවත් ප්‍රධාන තෙල් අපනයනකරුවෙකු වූ අතර දැන් ඇමරිකානු බලශක්ති සමාගම්වල බලකොටුවක් බවට පත්වෙමින් තිබේ.
දෙවන ලෝක යුද්ධයේ භීෂණයෙන් පසු ජාත්‍යන්තර නීතිය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය මගින් පනවා ඇති ඉතිරි සීමා කිරීම් අද සියලුම අධිරාජ්‍යවාදී බලවතුන් පසෙකට දමා ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසර දෙකකට පෙර පැහැදිලි කළ පරිදි, “ශිෂ්ටාචාරය ම්ලේච්ඡත්වයෙන් වෙන් කරන සියලුම ‘රතු රේඛා’ මකා දමමින් සිටී”. බදාදා ඡන්දයෙන් දැන් 2817 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම හරහා ආණ්ඩු 140 කට අධික සංඛ්‍යාවක අනුමැතිය මෙම ඉරානයට එරෙහි සමූලඝාතන යුද්ධයට ලැබී ඇත. එයට පෙරාතුව, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි අධිරාජ්‍යවාදීන්ගේ සහාය ඇතිව සිදු කරන ලද ජන සංහාරය සිදු විය. මෙම සංහාරයට උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ලැබුණු අතර, ඔවුහු සියොන්වාදී ඝාතකයන්ට ආයුධ සැපයුවා පමණක් නොව, රට තුළ ජන සංහාරයට එරෙහි සියලු ආකාරයේ විරුද්ධත්වයන් ක්‍රමානුකූලව මර්දනය කළහ.
ලෝකයේ බලවත්ම අධිරාජ්‍යවාදී රාජ්‍යයේ ප්‍රධානියා වන ට්‍රම්ප්, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට වඩාත්ම විකාර සහගත සහ පිළිකුල් සහගත ප්‍රකාශනයක් ලබා දෙයි. විදේශයන්හි ඔහුගේ ආක්‍රමණශීලී යුද්ධ රට තුළ ෆැසිස්ට් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ඔහුගේ මෙහෙයුම සමඟ අත්වැල් බැඳගනී.
නමුත් පාලක පන්තියේ ගමන් දිශාව සෑම තැනකම එක හා සමානයි. මේ සතියේ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සිය කතාවකදී ප්‍රකාශ කළේ, “යුරෝපයට තවදුරටත් පැරණි ලෝක පිළිවෙළට, යන්න ගිය සහ නැවත නොඑන ලෝකයකට භාරකරුවෙකු විය නොහැක”. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තම රටේ න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කරමින් මහාද්වීපය පුරා අවි ස්ථානගත කිරීමට පොරොන්දු වෙමින් සිටී. ජර්මනියේ පාලක ප්‍රභූව එහි මිලිටරිය සඳහා යුරෝ ට්‍රිලියන 1 ක් වියදම් කරමින් ලෝක බලය සඳහා තවත් අල්ලා ගැනීමක් සූදානම් කරමින් සිටී. මෙම යුද අයවැයවල සම්පූර්ණ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා, මහාද්වීපය පුරා පාලක ප්‍රභූන් අන්ත දක්ෂිණාංශික පක්ෂවලට බලය ලබා ගැනීමට මග පාදමින් සිටී.
තරඟකාරී ජාතික රාජ්‍යයන් අතර සබඳතා නැවත සමතුලිත කිරීමෙන් දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ “බහුධ්‍රැව” ධනේශ්වර සංවර්ධනයක් මගින් අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය වළක්වා ගත හැකි බවට වන මොස්කව් සහ බීජිංහි රජයේ නිලධාරීන්ගේ විශ්වාසය මායාවකි.
වසර 30 කට පෙර, ප්‍රමුඛ ස්ටැලින්වාදී නිලධරයෝ, සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය නැවත ස්ථාපිත කළහොත්, අධිරාජ්‍යවාදීන් තමන්ව මහා බලවතුන්ගේ කවයට සහ ලෝක ධනවාදී වෙළඳපොළට සාදරයෙන් පිළිගනු ලබන බවට තමන්ටම ඒත්තු ගන්වා ගත්හ.එදා මෙන්ම අදත්, ධනේශ්වර සංවර්ධනය සඳහා වූ ඔවුන්ගේ ජාතික යෝජනා ක්‍රම, ගෝලීයකරණය වූ ආර්ථිකය සහ ලෝකය ජාතික රාජ්‍යයන් ලෙස බෙදී තිබීමේ ලෝක ධනවාදයේ වෛෂයික ප්‍රතිවිරෝධතාව සමඟ ගැටේ. මහා බලවතුන් තුන්වන ලෝක යුද්ධයකට තල්ලු කරන ප්‍රතිවිරෝධතාවය මෙයයි.
ලියොන් ට්‍රොට්ස්කි 1930 ගණන්වල ධනේශ්වර බිඳවැටීමේ පෙර කාල පරිච්ඡේදයකදී මෙම ආස්ථානයන් පිළිබඳව ආමන්ත්‍රණය කළේය. අධිරාජ්‍යවාදී බලවතුන් දෙවන ලෝක යුද්ධය කරා වේගයෙන් දිව යත්ම, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය ලෝක සමාජවාදී විප්ලවයේ වැඩසටහනේ ඉතිරිව තිබූ සියලු ආකාරයේ අවශේෂයන් බිඳ දමා, කොමින්ටර්න්ය ( 3න් වන ජාත්‍යන්තරය) ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රධාන කඩාකප්පල් කරන්නා සහ පාවා දෙන්නා බවට පත් කළේය. නිලධරයේ වරප්‍රසාදිත ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය හරහා අධිරාජ්‍යවාදීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි සෝවියට් සංගමයේ විදේශ ප්‍රතිපත්තිය යොමු කළේය.
ට්‍රොට්ස්කි 1936 දී අධිරාජ්‍යවාදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ප්‍රබන්ධය කටුක විවේචනයට ලක් කරමින් මෙසේ ලිවීය: “පවතින තත්ත්වය ආරක්ෂා කිරීමේදී ලීගය ‘සාමයේ’ සංවිධානයක් නොව, මානව වර්ගයාගේ අතිමහත් බහුතරය කෙරෙහි අධිරාජ්‍යවාදී සුළුතරයේ ප්‍රචණ්ඩත්වයේ සංවිධානයකි. මෙම ‘පිළිවෙළ, පවත්වා ගත හැක්කේ, අද යටත් විජිතවල සහ හෙට මහා බලවතුන් අතර, අඛණ්ඩ කුඩා හා විශාල යුද්ධවල ආධාරයෙන් පමණි .”
අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමට ඇති එකම පදනම ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී සමාජවාදී වැඩපිළිවෙලක් මත බලමුලු ගැන්වීමයි. ඉරානයට එරෙහි යුද්ධය නැවැත්වීම පිළිබඳ ඉරිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර ඔන්ලයින් රැස්වීමේදී (webinar) ඩේවිඩ් නෝර්ත් අවධාරණය කළ පරිදි, සමාජවාදීන් “යුද සිතියම අනුගමනය නොකළ යුතුය, නමුත් පන්ති අරගලයේ සිතියම අනුගමනය කළ යුතුය.”
මෙම දිශානතියේ හදිසිභාවය UNSC ඡන්දයෙන් පැහැදිලි වේ. ඉරාන ජනතාව ඝාතනය කිරීම සහ කලාපය පුරා තවත් මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රජයක් අතර ප්‍රතිපත්තිමය වශයෙන් විරෝධයක් නොමැත. නමුත්, ලොව පුරා කම්කරුවන් අතර මෙම යුද්ධයට වන විරෝධය දැනටමත් ශක්තිමත් වන අතර යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක ඉදිරියේ දී ක්‍රියාත්මක වන විට එය තවත් උත්සන්න වනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි සමාජවාදී සමානතා පක්ෂ ඉදිරියේ ඇති කර්තව්‍යය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයේ මූල හේතුව වන ධනවාදය පෙරලා දැමීම සඳහා මෙම වර්ධනය වන ව්‍යාපාරය සමාජවාදී වැඩපිළිවෙලකින් සන්නද්ධ කිරීමයි.










