War

Cuba

රාවුල් කැස්ත්‍රෝට එරෙහි එක්සත් ජනපද අධිචෝදනාව සහ කියුබාවට එරෙහි CIA භීෂණයේ වාර්තාව

ඇන්ඩ්‍රියා ලෝබෝ විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 20 දින “The US indictment of Raúl Castro and the record of CIA terror against Cubaයන හිසින් පළවූ ඇන්ඩ්‍රියා ලෝබෝ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Cuba
1961 දී කියුබාවේ “බේ ඔෆ් පිග්ස්”(Bay of Pigs) හිදී සිරභාරයට ගන්නා ලද 2506 බ්‍රිගේඩයේ සාමාජිකයින්.

එක්සත් ජනපදය කියුබාවේ සිය හමුදාමය වාඩිලාගැනීම අවසන් කර, 1902 දී කියුබානු ජනරජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර වසර 124ක් සනිටුහන් වූ මැයි 20 වනදා, ට්‍රම්ප් පරිපාලනය එම දූපතට එරෙහිව මෙතෙක් එල්ල කළ වඩාත්ම විවෘත තර්ජනය සිදු කළේය.

1996 දී මියාමි නුවර පදනම් කරගත් ‘බ්‍රදර්ස් ටු ද රෙස්කියු’ (Brothers to the Rescue) නම් පිටුවහල් වූවන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා දෙකක් බිම හෙළීමේ සිද්ධියට සම්බන්ධව, 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝට එරෙහිව මිනීමැරුම් සහ කුමන්ත්‍රණ චෝදනා ඇතුළත් අධිචෝදනා පත්‍රයක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

දශකයකට ආසන්න කාලයක් රාජ්‍ය නිලතලවලින් විශ්‍රාම ගෙන සිටින කැස්ත්‍රෝ, මීට පෙර කියුබාවේ ජනාධිපතිවරයා සහ එහි පාලක පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහු 1959 දී බලයට පත් වූ, ඔහුගේ සහෝදර ෆිදෙල් විසින් මෙහෙයවන ලද ගරිල්ලා හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියෙකු (comandante) ද විය.

අධිචෝදනා පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කියුබානු ජනතාව වෙත සෘජුවම ආමන්ත්‍රණය කරමින් ස්පාඤ්ඤ භාෂාවෙන් වීඩියෝවක් පළ කළේය. එමඟින් පාලන තන්ත්‍රය වෙනස් කරන ලෙස ඉල්ලා සිටි ඔහු, වොෂින්ටනය විසින් සමස්ත ලතින් ඇමරිකාව පුරා ක්‍රියාවට නංවමින් සිටින නැවත යටත් විජිතකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

බදාදා මියාමි හිදී මෙම අධිචෝදනා පත්‍රය ප්‍රසිද්ධියට පත් කිරීම, නීතිමය ක්‍රියාවලියකට වඩා මැතිවරණ ප්‍රචාරක රැලියක ස්වරූපයක් ගත්තේය. එහිදී වොෂින්ටනයේ ප්‍රතිවිප්ලවවාදී නියෝජිතයන් රැස්ව සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ජයඝෝෂා කිරීමට සහ කියුබාවට එරෙහිව සෘජු එක්සත් ජනපද හමුදාමය මැදිහත්වීමක් සිදු වීමේ ඇති ඉඩකඩට අත්පොළසන් දීමටය.

මෙම දක්ෂිණාංශික සැමරුම මධ්‍යයේ, එක් ප්‍රශ්නයක් කැපී පෙනෙන ලෙස නොසලකා හැර තිබුණි: එනම් කියුබාවට එරෙහිව වසර 66ක් තිස්සේ සිදු වූ, පාලනයකින් තොර එක්සත් ජනපද ප්‍රචණ්ඩත්වය, ඝාතන සහ භීෂණය සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ කවුරුන්ද යන්නයි. 

රාවුල් කැස්ත්‍රෝට එරෙහි අධිචෝදනා පත්‍රය යනු මිලියන 10කට වඩා අඩු ජනගහනයක් සහිත දිළිඳු රටකට එරෙහිව සැලසුම් සහගත හමුදාමය ආක්‍රමණයක් සාධාරණීකරණය කිරීම සඳහා වූ පිළිකුල් සහගත දේශපාලන ප්‍රචාරක ක්‍රියාවකි.

අධිචෝදනා පත්‍රයේ සඳහන් වන දශක තුනක් පැරණි මෙම සිදුවීම නම්, 1996 පෙබරවාරි 24 වන දින ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියට (Straits of Florida) ඉහළින් “බ්‍රදර්ස් ටු ද රෙස්කියු” (Brothers to the Rescue) ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමයි. බිල් ක්ලින්ටන්ගේ පරිපාලනයේ සිට බලයට පත් වූ සෑම එක්සත් ජනපද රජයක් විසින්ම මෙම සිදුවීම ක්‍රමානුකූලව වැරදි ලෙස අර්ථ දක්වා ඇත. ක්ලින්ටන් පරිපාලනය, රිපබ්ලිකන් පක්ෂය සහ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන යන සියල්ලම, සිවිල් ගුවන් යානාවලට එරෙහිව හමුදා බලය භාවිතා කිරීම තහනම් කරන ජාත්‍යන්තර නීති රීති උපුටා දක්වමින්, මෙය “අමානුෂික මිනීමැරුමක්” ලෙස හෙළා දුටහ. ප්‍රහාරයෙන් බේරී පලාගිය ගුවන් යානයේ නියමුවා වූ හොසේ බසුල්තෝ (José Basulto) සහ අනෙක් පුද්ගලයන්, එක්සත් ජනපද බුද්ධි අංශයෙන් වැටුප් ලබන නියෝජිතයන් නොවන බව සී.අයි.ඒ. (CIA) සංවිධානය තරයේ කියා සිටියේය.

මෙයින් කිසිවක් සත්‍ය නොවීය. එක්සත් ජනපදයේ කියුබානු තානාපති කාර්යාලය මෙම අධිචෝදනා පත්‍රයට ප්‍රතිචාර දක්වමින් මතක් කර දුන්නේ, 1994 සහ 1996 අතර කාලය තුළ ‘බ්‍රදර්ස් ටු ද රෙස්කියු’ (Brothers to the Rescue) සංවිධානය විසින් සිදු කරන ලද 25කට අධික දේශසීමා උල්ලංඝනය කිරීම් ප්‍රමාණයක් කියුබාව විසින් නිල වශයෙන් හෙළා දැක තිබූ බවයි. එම විරෝධතාවන්i වොෂින්ටනය විසින් ක්‍රමානුකූලව නොසලකා හරින ලදී.

මානුෂීය සංවිධානයක් වීම කෙසේ වෙතත්, “බ්‍රදර්ස් ටු ද රෙස්කියු” (Brothers to the Rescue) සංවිධානය සිය ගුවන් යානා භාවිතා කරමින් කියුබානු භූමියට ඉහළින් නැවත නැවතත් සතුරු ගුවන් ගමන් සිදු කළේය. ඇතැම් අවස්ථාවලදී ඔවුහු හවානා නගරයට ඉහළින් පහත් මට්ටමෙන් පියාසර කරමින්, රජයට එරෙහිව නැගී සිටින ලෙස කියුබානු ජනතාවගෙන් ඉල්ලා සිටින පත්‍රිකා බිම හෙළූහ. සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් මෙහෙයවන ලද “බේ ඔෆ් පිග්ස්” (Bay of Pigs) ආක්‍රමණයේ ප්‍රවීණයෙකු වූ බසුල්තෝ, පැනමාවේ පිහිටි එක්සත් ජනපද යුද හමුදාවේ “ස්කූල් ඔෆ් ද ඇමරිකාස්” (School of the Americas) ආයතනයෙන් තමන් භීෂණ උපක්‍රම පිළිබඳ පුහුණුව ලැබූ බවට පුරසාරම් දොඩා තිබුණි. ඔහු බෝට්ටුවක සිට හවානා නුවර හෝටලයකට ප්‍රහාර එල්ල කිරීමට සහභාගී වූ අතර, පසුව සී.අයි.ඒ. (CIA) මඟින් මෙහෙයවන ලද, නිකරගුවාවේ කොන්ට්‍රා (Contra) ත්‍රස්තවාදී ව්‍යාපාරයට සහයෝගය ලබා දුන්නේය.

ඔහුගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම්, කියුබාවට එරෙහිව එක්සත් ජනපද හමුදා ප්‍රහාරයක් එල්ල කරවීම අරමුණු කරගත්, සැලසුම්සහගත ප්‍රකෝප කිරීමක් විය. මෙම වෙඩි තබා බිම හෙළීම, එක්සත් ජනපදයේ පිටුබලය ලත්, අඛණ්ඩ ආක්‍රමණශීලී ව්‍යාපාරයකට එරෙහිව සිදු කළ ආත්මාරක්ෂක ක්‍රියාවක් විය.

ක්ලින්ටන් පරිපාලනය හමුදාමය වශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල නොකළ නමුත්, හෙල්ම්ස්-බර්ටන් (Helms-Burton) පනත් කෙටුම්පතට එරෙහිව තමන් දැක්වූ විරෝධය වෙනස් කිරීමට කටයුතු කළේය. එම පනත මඟින් කියුබාව සමඟ ව්‍යාපාර කටයුතුවල නිරත වන විදේශීය සමාගම්වලට එරෙහිව දැඩි නව සම්බාධක පැනවූ අතර, එක්සත් ජනපද වෙළඳ තහනම (embargo) ඉවත් කිරීම ද වළක්වන ලදී.

යුද්ධය සඳහා ව්‍යාජ හේතුවක් ලෙස අධිචෝදනා පත්‍රය

දැන්, වසර 30කට පසුව, ට්‍රම්ප් පරිපාලනය අසීමිත වූ නරුමත්වයකින්  යුතුව කැස්ත්‍රෝට අධිචෝදනා නැඟීම සඳහා මෙම මවාගත් සිදුවීම වෙත නැවත හැරී බලයි. මෙම අධිචෝදනා පත්‍රය, ජනවාරි 3 වනදා කරකස් නුවරට එල්ල වූ එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකදී පැහැරගනු ලැබීමට පෙර, වංචනික මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී චෝදනා මත අධිචෝදනා ලැබූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව භාවිතා කරන ලද ආකෘතියම හරියටම අනුගමනය කරයි.

මෙම අධිචෝදනා පත්‍රය සකස් කරන ලද්දේ කියුබානු නිලධාරීන්ට එරෙහිව පුළුල් ලෙස නඩු පැවරීම සඳහා, ෆ්ලොරිඩාවේ දකුණු දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද නීතිඥ ජේසන් රෙඩින් කිනියෝනස් (Jason Reding Quiñones) විසින් මාර්තු මාසයේදී පිහිටුවන ලද ක්‍රියාකාරී කණ්ඩායමක් විසිනි. කියුබානු සරණාගතයින්ගේ පුත්‍රයෙකු වන රෙඩින්, එක්සත් ජනපද යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ දිගුකාලීන සේවාවකින් පසුව, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ, නම් කරන ලද පළමු රජයේ නීතිඥවරයා (prosecutor) විය. 

පසුගිය මාසයේදී ඔහු සංචිත (reserve- අඩ කාල හමුදා) කර්නල් ධුරයට උසස් කරනු ලැබුවා පමණක් නොව, ඉරානයට එරෙහි යුද්ධය ද ඇතුළුව මැදපෙරදිග පුරා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන්, එක්සත් ජනපද මධ්‍යම විධානය (US Central Command) සඳහා “ජ්‍යෙෂ්ඨ සංචිත නීති උපදේශක” ලෙසද ඔහු දැනට කටයුතු කරයි.

මෙම අධිචෝදනා පත්‍රය, මාස ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින, ට්‍රම්ප් පරිපාලනය විසින් යුද්ධයක් සඳහා පුළුල් ලෙස පදනමක් මවාපෑමේ ක්‍රියාවලිය සමඟ සමගාමීව බැලිය යුතුය. රහසිගත බුද්ධි තොරතුරු උපුටා දක්වමින් නම සඳහන් නොකළ ධවල මන්දිර නිලධාරීන් කළ ප්‍රකාශ මත පදනම්ව මෑතකදී පළ වූ “ඇක්සියෝස්” (Axios) වාර්තාවක් කියා සිටියේ, කියුබාව රුසියාවෙන් සහ ඉරානයෙන් ඩ්‍රෝන යානා 300 කට වඩා ලබාගෙන ඇති බවයි. එමෙන්ම, ගුවන්තනාමෝ බේ (Guantánamo Bay) හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරට, එක්සත් ජනපද නාවික නැව්වලට සහ ෆ්ලොරිඩාවේ කී වෙස්ට් (Key West) ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන් “සැලසුම් සාකච්ඡා කරමින්” සිටි බවද එහි සඳහන් විය.

කියුබානු තානාපති කාර්යාලය එම වාර්තාවේම ඇති අභ්‍යන්තර විකාරරූපී බව මෙසේ හෙළිදරව් කළේය: “ඇක්සියෝස් (Axios) ආයතනය ‘ඩ්‍රෝන තර්ජනයක්’ මවාපාන නමුත්, ඡේද කිහිපයකට පසුව ‘එක්සත් ජනපද නිලධාරීන් කියුබාව සක්‍රීයව ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව විශ්වාස නොකරයි’ යනුවෙන් පාපොච්චාරණය කරයි.”ජනවාරි මාසයේදී පනවන ලද ඇමෙරිකානු බලශක්ති සම්බාධක හේතුවෙන් කියුබාවේ විදුලිබල පද්ධතිය බිඳවැටීමකට ලක්ව ඇති බවත්, කියුබාවට තෙල් විකුණන ඕනෑම රටකට එරෙහිව දණ්ඩනීය තීරුබදු පනවන බවට තර්ජනය කර ඇති බවත් පෙන්වා දෙමින් කියුබානු රජය වැඩිදුරටත් කියා සිටියේ “ප්‍රහාරයට ලක්ව ඇති රට කියුබාව” බවයි.

කියුබාවට එරෙහි එක්සත් ජනපද භීෂණයේ සහ ආක්‍රමණයේ වාර්තාව

නූතන ඉතිහාසයේ වඩාත්ම අඛණ්ඩ සහ රුදුරු ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ගෙන් එකක් වන, කියුබාවට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අධිචෝදනා නැඟීම සඳහා මැයි 20 වනදා සුදුසුම දිනයක් වනු ඇත.

මෙම දිනයෙන් සනිටුහන් වන්නේ, ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය අවසන් වීමෙන් පසුව එක්සත් ජනපදය විසින් ස්පාඤ්ඤයේ යටත් විජිතයන් වූ කියුබාව, පුවර්ටෝ රිකෝ, ගුවාම් සහ පිලිපීනය තම පාලනයට නතු කර ගැනීමෙන් පසු, 1902 දී කියුබානු ජනරජය ප්‍රකාශයට පත් කිරීමයි.

ඉන්පසුව, 1917 සහ 1923 අතර කාලය තුළ එක්සත් ජනපද මැරීන් භටයින් මෙම දූපත වාඩිලාගෙන සිටි අතර, ඔවුහු වැඩ වර්ජන මර්දනය කරමින් එක්සත් ජනපද සමාගම්වල ව්‍යාපාරික අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කළහ.

එක්සත් ජනපද හමුදා වාඩිලාගැනීම නිල වශයෙන් අවසන් වීමත් සමඟ ප්ලැට් සංශෝධනය (Platt Amendment) පැනවීමට කටයුතු කෙරුණු අතර, එමඟින් තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම අවස්ථාවක කියුබානු කටයුතුවලට හමුදාමය වශයෙන් මැදිහත් වීම සඳහා වොෂින්ටනයට අසීමිත “අයිතියක්” හිමි විය. ෆිදෙල් කැස්ත්‍රෝ රජය විසින් මැයි 20 වනදා නිල දින දර්ශනයෙන් ඉවත් කරනු ලැබුවේ, 1902 දී ලැබූ “නිදහස” යනු ජනරජ වෙස් ගත් යටත් විජිතවාදී වැඩපිළිවෙළක් පමණක් බව පිළිගනිමිනි.

පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා දැනට තීව්‍ර වෙමින් පවතින උත්සාහය මෙන්ම, කියුබාවට එරෙහිව වසර 66ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වූ එක්සත් ජනපද භීෂණයේ අරමුණ වූයේ, 1959ට පෙර ප්ලැට් සංශෝධනය (Platt Amendment) සහ ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ (Fulgencio Batista) ආඥාදායකත්වය යටතේ පැවති ආකාරයේ සබඳතාවක් නැවත ඇති කිරීමට ඇති සෑම බාධකයක්ම ඉවත් කිරීමයි. එහි අරමුණ වන්නේ, එක්සත් ජනපද බැංකුවලට සහ සමාගම්වලට කියුබාවේ ඉඩම්, පොදු උපයෝගිතා සේවා, දුම්රිය මාර්ග සහ සීනි කර්මාන්තය පාලනය කිරීමට ඉඩ සලසන අතරම, එක්සත් ජනපද දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් නිතර ගැවසුණු ගණිකා නිවාස සහ කැසිනෝ ශාලා පවත්වාගෙන යාමට මාෆියාවට (Mafia) පූර්ණ නිදහස ලබා දුන් යටත් විජිත පන්නයේ සබඳතා නැවත ඇති කිරීමයි. එම තත්ත්වය පවත්වාගෙන යාම සඳහා බැටිස්ටා විසින් පුද්ගලයන් 20,000ක් ඝාතනය කරන ලදී.

1959 දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් එක්සත් ජනපදයේ පිටුබලය ලත් ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ ආඥාදායකත්වය පෙරළා දැමූ විට, වොෂින්ටනයේ ප්‍රතිචාරය ක්ෂණික විය. රහස්‍යභාවයෙන් මුදාහළ සී.අයි.ඒ. (CIA) ලේඛන මඟින් තහවුරු කරන්නේ, කැස්ත්‍රෝ සෝවියට් සංගමය සමඟ සන්ධානගත වීමටත් පෙර සිටම කියුබාවට එරෙහි එක්සත් ජනපදයේ රහසිගත මෙහෙයුම් ආරම්භ වී තිබූ බවයි. එනම්, මෙම ප්‍රහාරවලට සීතල යුද මතවාදයට වඩා වැඩි සම්බන්ධයක් තිබුණේ එම දූපත තුළ සිදුවූ එක්සත් ජනපද සමාගම්වල කොල්ලකෑම ආරක්ෂා කිරීම සමඟය.

වොෂින්ටනය ආයුධ විකිණීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, කියුබාවට යුරෝපයෙන් මිලදී ගැනීමට බලකෙරුණු ආයුධ ප්‍රවාහනය කරමින් තිබූ ‘ලා කුබ්රේ’ (La Coubre) නම් ප්‍රංශ නැවට 1960 මාර්තු මාසයේදී බෝම්බ ප්‍රහාරයෙන් ආරම්භ වූ, ඉන් අනතුරුව සිදුවූ එක්සත් ජනපද ත්‍රස්තවාදයේ වාර්තාව නූතන ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස ලේඛනගත කර ඇති වාර්තාවන්ගෙන් එකකි. පළමු පිපිරීමට ප්‍රතිචාර දක්වමින් පැමිණෙන සහන සේවකයන් දෙවන පිපිරීමට හසු කර ගැනීම සඳහා, බෝම්බ එකින් එක පිපිරී යන පරිදි හිතාමතාම වේලාව සකස් කර තිබුණි. මෙයින් පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් මියගිය අතර තවත් සිය ගණනක් තුවාල ලැබූහ. 

විශාලතම මැදිහත්වීම වූයේ 1961 අප්‍රේල් මස සිදුවූ ‘බේ ඔෆ් පිග්ස්’ (Bay of Pigs) ආක්‍රමණය වන අතර, එය සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් මෙහෙයවන ලද සහ මූල්‍ය ප්‍රතිපාදන සපයන ලද, දළ වශයෙන් 1,400ක් පමණ වූ පිටුවහල් කරන ලද කියුබානු කුලී හේවායන්ගෙන් සමන්විත බලකායක් විසින් සිදු කරන ලදී. එම කලාපය තුළ එක්සත් ජනපදය ලැබූ විශාලතම හමුදාමය පසුබෑම සනිටුහන් කරමින් කියුබාව එය පරාජය කිරීමට සමත් වූ නමුත්, ඒ වන විටත් පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණි. ඉන් අනතුරුව, කියුබාවට එරෙහිව එක්සත් ජනපද හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පෙරනිමිති සැපයීම පිණිස, එක්සත් ජනපද නගරවල ව්‍යාජ (false-flag) ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සහ එක්සත් ජනපද ගුවන් යානා පැහැරගැනීම් සිදු කිරීම සඳහා වූ, දැනට රහස්‍යභාවයෙන් මුදාහැර ඇති යෝජනාවක් වන ‘ඔපරේෂන් නෝර්ත්වූඩ්ස්’ (Operation Northwoods) සැලැස්ම 1962 මාර්තු මාසයේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (Joint Chiefs of Staff) විසින් කෙටුම්පත් කරන ලදී.

1975 චර්ච් කමිටුව (Church Committee) මඟින් 1960 සහ 1965 අතර කාලය තුළ ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට සී.අයි.ඒ. (CIA) සංවිධානය දැරූ උත්සාහයන් අටක් සාක්ෂි සහිතව තහවුරු කරන ලද අතර, පුපුරා යන මුහුදු බෙලිකටු, විෂ සහිත සුරුට්ටු, වස කැවූ පෑන් භාවිත කිරීම සහ මාෆියා සාමාජිකයන් සමඟ පැවැත්වූ සහයෝගීතාව එහිදී ලේඛනගත කෙරිණි. කියුබානු ප්‍රති-බුද්ධි (counterintelligence) අංශය විසින් සමස්තයක් ලෙස මෙවැනි වෙන් වෙන් ඝාතන කුමන්ත්‍රණ 638ක් ලේඛනගත කර ඇත.

විශේෂයෙන්ම ද්වේෂසහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස, 1971 වසරේ ඇති වූ අප්‍රිකානු ඌරු උණ වසංගතය සහ ළමුන් 101 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 158 දෙනෙකු මියගිය 1981 වසරේ ඇති වූ ඩෙංගු රක්තපාත උණ වසංගතය, ඇමෙරිකාවට සම්බන්ධ පාර්ශ්වයන් විසින් හිතාමතාම සිදු කරන ලද හඳුන්වා දීම් බව කියුබාව කියා සිටී.

කීත් බොලෙන්ඩර් (Keith Bolender) ඇතුළු පර්යේෂකයන් විසින් සම්පාදනය කරන ලද, කියුබානු රජයේ වාර්තා සහ පුද්ගලයන්ගේ සෘජු සාක්ෂි ඇසුරින් රැස්කරගත් මෙන්ම, රහස්‍යභාවයෙන් මුදාහළ වාර්තාවල ඇති වෙන් වෙන් සිදුවීම් සමඟ පුළුල් ලෙස සන්සන්දනය කරන ලද ලේඛනගත සංඛ්‍යාලේඛනවලට අනුව; 1959 සිට කියුබාවට එරෙහිව ක්‍රියාත්මක වූ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද හෝ එක්සත් ජනපදයට සම්බන්ධ ත්‍රස්තවාදය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 3,000කට වඩා වැඩි වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 2,100කට ආසන්න වේ.

මෙම අපරාධ සිදුකළ කිසිදු අපරාධකරුවෙකු එක්සත් ජනපද රජය විසින් අපරාධමය වශයෙන් වගකීමට ලක් කර නොමැත. ඔවුන්ව පුහුණු කළ, සංවිධානය කළ, මූල්‍ය ප්‍රතිපාදන සැපයූ සහ නඩු පැවරීමෙන් වලක්වා ඔවුන්ව ආරක්ෂා කළ ජාලයන් ගොඩනඟන ලද්දේ සහ ආරක්ෂා කරන ලද්දේ සී.අයි.ඒ. (CIA) සංවිධානය සහ සමස්තයක් ලෙස එක්සත් ජනපද රාජ්‍යය විසිනි.

ලුයිස් පොසාඩා කැරිලස්ගේ (Luisu Posada Carriles) ක්‍රියාකලාපය මෙයට ඇති පැහැදිලිම උදාහරණයයි. කියුබාවේ උපත ලබා, ජෝර්ජියාවේ ෆෝර්ට් බෙනින් (Fort Benning) හිදී සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් පුහුණු කරනු ලැබූ පොසාඩා, “බේ ඔෆ් පිග්ස්” (Bay of Pigs) ආක්‍රමණය සංවිධානය කිරීමට දායක විය.  ඉන් අනතුරුව එක්සත් ජනපද බුද්ධි අංශවල දැනුවත්භාවය, රැකවරණය සහ ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ සෘජු මඟපෙන්වීම යටතේ දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින්, බටහිර අර්ධගෝලයේ ඉතිහාසය තුළ වඩාත්ම ක්‍රියාකාරී ත්‍රස්තවාදියෙකු බවට පත් විය. ඔහු 1976 දී කියුබානා ගුවන් සේවයට අයත් 455 ගුවන් යානයට (Cubana Airlines Flight 455) සිදු කළ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සංවිධායකයෙකු විය. එම ප්‍රහාරය 2001 සැප්තැම්බර් 11 දිනට පෙර ඇමරිකානු කලාපය තුළ සිදු වූ මාරාන්තිකම ගුවන් සේවා ත්‍රස්ත ක්‍රියාවයි. එමඟින් සමස්ත කියුබානු ජාතික කනිෂ්ඨ කඩු හරඹ (fencing) කණ්ඩායම ඇතුළුව එහි ගමන් ගත් මගීන් 73 දෙනාම ජීවිතක්ෂයට පත් වූහ.

1976 බෝම්බ ප්‍රහාරය සැලසුම් කරන ලද දේශය සහ පොසාඩා (Posada)  නීත්‍යානුකූලව  (ප්‍රජාකරණ) පුරවැසිභාවය ලබා සිටි රට වූ වෙනිසියුලාව, එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් රඳවා තබා ගත්තේය. පසුව 1985 දී, ඔහුට එරෙහි නඩු විභාගය අපේක්ෂාවෙන් පසුවන අතරතුර, ඔහු බන්ධනාගාරයෙන් පලා ගියේය. 

ඔහු ඉතාලි ජාතික සංචාරක ෆැබියෝ ඩි සෙල්මෝ (Fabio Di Celmo) ජීවිතක්ෂයට පත් කළ 1997 හවානා හෝටල් බෝම්බ ප්‍රහාර මාලාව සංවිධානය කළ අතර, ෆිදෙල් කැස්ත්‍රෝට එරෙහි කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2000 නොවැම්බර් මාසයේදී පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 200ක් ද සමඟ පැනමා නගරයේදී අත්අඩංගුවට පත්විය. දැඩි එක්සත් ජනපද බලපෑම් මධ්‍යයේ, 2004 වසරේදී ධුරයෙන් නික්ම යන පැනමා ජනාධිපතිනි මිරේයා මොස්කොසෝ (Mireya Moscoso) විසින් ඔහුට සමාව ලබා දෙන ලදී.

දිගින් දිගටම එල්ල වූ ජාත්‍යන්තර බලපෑම් හමුවේ, බුෂ් පරිපාලනය විසින් පොසාඩාව අත්අඩංගුවට ගනු ලැබූ නමුත් වෙනිසියුලාවෙන් සහ කියුබාවෙන් ඉදිරිපත් වූ උදර්පණ (රටින් පිටුවහල් කර භාරදීමේ) ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදී. වෙනිසියුලාවේ අවශ්‍යතා නියෝජනය කළ වොෂින්ටන් නීතිඥවරයෙකු වූ හොසේ පර්ටියෙරා (José Pertierra), තියුණු උපහාසයකින් යුතුව මෙසේ සඳහන් කළේය: “කියුබාව තුළ වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් මා දැක ඇති එකම සාක්ෂිය ලැබෙන්නේ ගුවන්තනාමෝ බොක්කේ (Guantánamo Bay) පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරෙන් පමණි.”

අවසානයේදී එක්සත් ජනපද රජය විසින් පොසාඩාට එරෙහිව ඉදිරිපත් කරන ලද එකම චෝදනාව වූයේ අසත්‍ය ප්‍රකාශ කිරීම (perjury) සම්බන්ධයෙන් වූ චෝදනාවයි; එනම්, ප්‍රජාකරණ (naturalization-පුරවැසිභාවය ලබාදීමේ) විභාගයකදී, හවානා හෝටල් බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තමා සතු වූ දායකත්වය පිළිබඳව ආගමන විගමන නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කිරීමයි. 2011 වසරේදී, එල් පැසෝ (El Paso) හි ෆෙඩරල් ජූරි සභාවක් විසින් ඔහුව එම චෝදනාවෙන් පවා නිදොස් කොට නිදහස් කරන ලදී. පොසාඩා කැරිලස් 2018 වසරේදී වයස අවුරුදු 90ක්ව සිටියදී, ෆ්ලොරිඩාවේ පිහිටි ප්‍රවීණ සේවා භටයන් රැකබලා ගන්නා නිවාසයකදී සාමකාමීව මියගියේය.

දැන්, මෙම අතීත වාර්තාවන් සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් නොකර, එම රජයම රාවුල් කැස්ත්‍රෝට (Raúl Castro) එරෙහිව අපරාධ චෝදනා පත්‍රයක් ප්‍රකාශයට පත් කරන්නේ, පොසාඩාගේ (Posada) සමීපතම හවුල්කරුවෙකු විසින් මෙහෙයවනු ලැබූ ජාලයක් මඟින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා අතරමඟදී අවහිර කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙනි.

කියුබාවට එරෙහිව සිදුවෙමින් පවතින මෙම ක්‍රියාවලිය අසාමාන්‍යයක් නොවේ. එය, තමන්ගේ ගෝලීය ආධිපත්‍යයට එල්ල වන සෑම අභියෝගයක්ම විනාශ කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දියත් කරනු ලබන පුළුල් මෙහෙයුමක සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව විනාශ කිරීමටත්, ගාසා හි ජනසංහාරයටත්, ඉරානය වටලෑමටත් සහ වෙනිසියුලාවේ මදුරෝව කොටු කර ගැනීමටත් හේතු වූයේ ද එම මෙහෙයුමමය වේ.

මැයි 14 වනදා, කියුබානු රජය සී.අයි.ඒ. (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්ව හවානාහිදී පිළිගත් අතර, එහිදී ඔහු හිටපු ජනාධිපතිවරයාගේ මුනුපුරා වන රාවුල් ගිලර්මෝ “රාවුලිටෝ” රොද්‍රිගස් කැස්ත්‍රෝ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති හමුවකදී “මූලික වෙනස්කම්” සිදු කරන ලෙස   බලකර සිටියේය. මෙම හමුව මඟින් සංඥා කරන්නේ ජාතිකවාදී උපායමාර්ගය එහි ඓතිහාසික අවසානයට පැමිණ ඇති බවයි: එනම්, දශක හයක් තිස්සේ සී.අයි.ඒ. (CIA) ත්‍රස්තවාදයෙන් බේරී සිටි කැස්ත්‍රෝවාදී නායකත්වය, දැන් සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයා සමඟ එකම මේසයක වාඩි වී තමන්ගේම යටත් වීමේ කොන්දේසි පිළිබඳව සාකච්ඡා කරමින් සිටී. කියුබාවේ සහ ජාත්‍යන්තර වශයෙන් වෙසෙන කම්කරු පන්තිය මෙයින් අවශ්‍ය දේශපාලන නිගමනවලට එළඹිය යුතුය.

මේ අතර, මෙක්සිකෝව, බ්‍රසීලය සහ කොලොම්බියාව යන රටවල “වාම” ජාතිකවාදී ආණ්ඩු, කියුබාව සාගින්නට ඇද දමන ඉන්ධන අවහිරතාවයට සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමට සම්පූර්ණයෙන්ම හවුල් වී ඇත.

ඉදිරි මාවත රැඳී පවතින්නේ එක්සත් ජනපද, කියුබානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මතය: එනම්, අධිරාජ්‍යවාදී යුද්ධය සහ භීෂණය දේශපාලන ජීවිතයේ ප්‍රධාන ලක්ෂණ බවට පත් කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි තම අරගලයේ කොටසක් ලෙස, වරාය කම්කරුවන්, ප්‍රවාහන කම්කරුවන්, තෙල් කම්කරුවන් සහ අනෙකුත් පිරිස් මෙම අවහිරතාවය බලාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ කියුබාවට එරෙහි හමුදා ප්‍රහාරයකට විරුද්ධ වීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

රාවුල් කැස්ත්‍රෝට එරෙහි එක්සත් ජනපද අධිචෝදනාව සහ කියුබාවට එරෙහි CIA භීෂණයේ වාර්තාව Read More »

Jaffna library arson

“ආයෙත් නම් කවදාවත් එපා” – යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීමේ 45 වැනි සමරුව

මේ කතාව 2026 මැයි 31 දින thesocialist.lk හි “Never Again” — 45th Commemoration of the Jaffna Public Library Arson යන හිසින් ඉංග්‍රීසි බසින් පල කෙරුණි. 

1981 මැයි මාසයේදී යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කරපු සිද්ධියට අද රාත්‍රියේදී අවුරුදු 45 ක් පිරෙනවා. ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (SEP) විප්ලවවාදී වාම කණ්ඩායම (Revolutionary Left Faction) වන, ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (Socialist Lead of Sri Lanka and South Asia – SLLA) සංවිධානය විදිහට අපි, අද දවසේ යාපනය මහජන පුස්තකාලය ඉස්සරහ පැවැත්වෙන සමරුවකට සහභාගි වී අපගේ සිංහල, දෙමළ හා මුස්ලිම් සහෝදර සහෝදරියන්, මිතුරන්, සහ සහෝදරවරුන්ගෙන් සමන්විත පිරිසක් අමතන්න ලැබුණා නම්, අපි කරන්නේ පහත දේශනයයි:

සංජය ජයසේකර, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) සාමාජික.

Jaffna library arson
ගිනි තැබීමෙන් පසු යාපනය මහජන පුස්තකාලය. ඡායාරූපය CPA X අනුග්‍රහයෙනි.

මිතුරනි, සහෝදරවරුනි, ඒ වගේම සහෝදර සහෝදරියනි — දෙමළ, සිංහල, මුස්ලිම්, ඒ වගේම මිනිස් ගරුත්වයේ අර්ථය අගය කරන ඔබ හැමගෙන්ම අවසරයි,

අදට අවුරුදු හතළිස් පහකට කලින්, හරියටම අද වගේ දවසක කරුවල රෑක, දකුණු ආසියාවේ තිබුණ වටිනාම සංස්කෘතික නිධානයක් ගින්නට බිලිවුණා. පොත්පත් 97,000 කට වඩා, ඒ වගේම ආදේශ කරන්න බැරි පුස්කොළ අත්පිටපත්, පැරණි ඉතිහාස ලේඛන, ජීවමාන මතකයන් වගේම ශතවර්ෂ ගණනාවක් තිස්සේ එකතු වුණ දෙමළ ජනතාවගේ බුද්ධිමය උරුමය ගබඩා කරලා තිබුණ යාපනය මහජන පුස්තකාලය අළු දූවිලි බවට පත්වුණා. ඒක අහම්බෙන් වෙච්ච දෙයක් නෙවෙයි. සොබාදහමෙන් සිද්ධ වෙච්ච දෙයකුත් නෙවෙයි. ඒක කළේ හිතාමතාම සැලසුම් කරපු මිනිස් අත්වලින්: ඒ කියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (UNP) ආණ්ඩුවේ ආරක්ෂාව වගේම මඟපෙන්වීම යටතේ දකුණෙන් එවපු, නිල ඇඳුම් ඇඳගත්ත පොලිස් නිලධාරීන් සහ සංවිධානාත්මක මැර කල්ලි විසින්. “බුද්ධාගම රැකගන්න” සිංහලයන් නැගී සිටින්න ඕනේ කියලා ප්‍රසිද්ධියේම ලියලා පුරසාරම් දොඩපු ගාමිණී දිසානායක (Gamini Dissanayake) වගේම සිරිල් මැතිව් (Cyril Mathew) කියන ඇමතිවරු මේ මෙහෙයුම පුද්ගලිකවම අධීක්ෂණය කරන්න යාපනයට ආවා. දෙමළ මිනිස්සු හතරදෙනෙක්ව තමන්ගේ ගෙවල්වලින් එළියට ඇදලා දාලා මරලා දැම්මා. ගෙවල් දොරවල්, කඩසාප්පු, කාර්යාල, ඒ වගේම ‘ඊළනාඩු’ (Ealanadu) කියන දෙමළ පුවත්පතේ මුද්‍රණාලය ගිනිබත් කළා. පාරවල් මංසන්ධිවල තිබුණ දෙමළ සංස්කෘතික නායකයන්ගේ පිළිම බිමට සමතලා කරලා දැම්මා.

මේක එකපාරටම මතු වුණ ස්වයංසිද්ධ පිපිරීමක් නෙවෙයි. ඒක කොළඹදී ගත්ත දේශපාලන තීරණයක්, යාපනයේද ක්‍රියාත්මක කරපු එකක්, ඒ වගේම මුළු මහත් දේශපාලන සංස්ථාපිතයයි එයාලට කීකරු මාධ්‍යයි විසින් නිහඬවම වහලා දාපු එකක්. පුස්තකාලය විනාශ කිරීම ගැන කිසිම නිල පරීක්ෂණයක් කවදාවත් පැවැත්වුණේ නැහැ. කාටවත් විරුද්ධව නඩු පැවරුණේ නැහැ. කිසිම ඇමතිවරයෙක් නීතිය ඉස්සරහට ගෙනාවේ නැහැ. 1981 මැයි 31 වැනිදා රෑ පත්තු වුණ ඒ ගින්න ඇවිලෙව්වේ මේ දූපතේ පාලක පන්තියයි — ඒ වගේම නිදහසේ ඉඳන් එක්සත් ජාතික පක්ෂය වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) කියන ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකක්ම ශ්‍රී ලාංකික සමාජයේ ලේ ධාතුවට එන්නත් කරපු දශක ගණනාවක වාර්ගික විෂ ඒකට ඉන්ධන සපයලා තිබුණා.

අපි අද මෙතනට එකතු වෙලා ඉන්නේ ශෝක වෙන්න විතරක් නෙවෙයි. අපි එකතු වෙලා ඉන්නේ තේරුම් ගන්න. හැම යුගයකම, හැම පක්ෂයකම පාලක පන්තිය මේ දූපතේ මිනිස්සු තේරුම් ගන්නවාට වඩාත්ම බය වුණ වගේම තේරුම් ගන්න එක වළක්වන්න මහන්සි වුණ ඒ පාඩම් අවභෝධ ගන්නයි අපි මෙතනට එකතු වෙලා ඉන්නේ.

 ඒ රෑ විනාශ වුණේ මොනවාද?

ගිනිබත් වුණ පොත් අතර ආදේශ කරන්න බැරි ඒවා තිබුණා— යාපනයේ ඉතිහාසය ලියවුණ ‘යාල්පානම් වෛපවමාලෙයි’ පොතේ තිබුණේ එකම එක පිටපතක් විතරයි, ඒකත් ඒ ගින්නෙන් විනාශ වෙලා ගියා. හැබැයි ලංකාවේ පාලකයෝ එතනදී ප්‍රධාන වශයෙන්ම කළේ පොත් පත් පුච්චපු එක විතරක් නෙවෙයි. ඒගොල්ලෝ පිච්චුවේ ජනතාවකට තමන් ගැනම තිබුණ ආත්ම අභිමානයයි. දෙමළ සුළුතරයට තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය, අඛණ්ඩතාවය වගේම විශ්වාසය ගැන තිබුණ හැඟීමයි ඒගොල්ලෝ ගිනිබත් කළේ. ඒගොල්ලෝ ගින්නෙන් ලියපු පණිවිඩයක් තමයි ඒ හරහා යැව්වේ: ඒ කියන්නේ ‘ඔයාලා මෙහෙට අයිති නෑ. ඔයාලගේ ඉතිහාසයෙන් වැඩක් නැහැ. ඔයාලගේ සංස්කෘතිය ඕනෙ වෙලාවක විසික් කරන්න පුළුවන් එකක්. ඔයාලගේ ජීවිත පවතින්නේ අපේ අවසරය උඩ විතරයි’ කියන එක.

මේක තමයි සිංහල ජාතිවාදයේ (chauvinism) භාෂාව — ඒක පැත්තක කොන්වෙච්ච මතවාදයක් නෙවෙයි, ඒක තමයි රාජ්‍යයේ නිල මතවාදය. 1956 ‘සිංහල පමණයි’ පනතින්, දෙමළ විරෝධී විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ ක්‍රමවලින්, ඒ වගේම බුද්ධාගමට උත්තරීතරම ස්ථානය දෙමින් රාජ්‍ය ආගම මට්ටමට ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමෙන් මේ ජාතිවාදය ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළටම කාවද්දලයි තිබුණේ. ඒ වගේම, වාර්ගික වෛරය තමන්ගේ පාලන මෙවලමක් විදිහට පාවිච්චි කරපු පාලක පන්තියක භාෂාව තමයි ඒක. තමන්ගේම ජීවිත විනාශ කරමින් තිබුණ ආර්ථික ප්‍රතිපත්ති — ඒ කියන්නේ සමාජ වියදම් කප්පාදුකිරීම්, විවෘත වෙළඳපොළ “ලිබරල්කරණය”, වැටුප් වගේම පොදු සේවාවන්ට කරපු ප්‍රහාරයන් — මෙවා ගැන සිංහල දුප්පත් සහ කම්කරු පන්තියේ අවධානය වෙනතකට හරවන්න, දෙමළ කම්කරුවන්ගේ ජීවිත වගේම සිංහල කම්කරුවන්ගේ ජීවිතත් බිලිගත්ත ආයුධයක් විදිහටයි පාලකයෝ මේ වාර්ගික වෛරය පාවිච්චි කළේ.

යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම කියන්නේ ආරම්භය නෙවෙයි. ඒ වගේම ඒක අවසානයත් නෙවෙයි. ඒක හැරවුම් ලක්ෂ්‍යයක් — 1983 ජූලි මහා කලබලයට (July 1983 pogrom) අවුරුදු දෙකකට කලින් පත්තු කරපු අනතුරු ඇඟවීමේ සංඥා එළියක්. ඒ 83 ජූලි මාසයේදී රාජ්‍ය ආයතනවලින් ලබාදුන්න ඡන්දහිමි නාමලේඛන අතට ගත්ත සංවිධානාත්මක සිංහල මැර කල්ලි, කොළඹ වගේම මුළු දිවයින පුරාම ගෙයින් ගෙට ගිහින් දෙමළ මිනිස්සු පවුල් පිටින් පණපිටින් පුච්චලා මැරුවා. කළු ජූලිය විසින් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇවිලිලා ගිය, දසදහස් ගණනකගේ ජීවිත බිලිගත්ත, ඒ වගේම දෙමළ-සිංහල මුළු මහත් සමාජයන්ම විනාශ කරපු සිවිල් යුද්ධයක් නිර්මාණය කළා. ඒක කෙළවර වුණේ 2009 මැයි මාසයේ මුල්ලිවයික්කාල්වල (Mullivaikkal) සිද්ධ වුණ අවසාන මිලිටරි ප්‍රහාරයෙන්. එතනදී දසදහස් ගණනක් දෙමළ සිවිල් වැසියන්ව මහා පරිමාණයෙන් ඝාතනය කෙරුණා. මුළු ලෝකයම අහක බලාගෙන ඉන්නකොට සිද්ධ වුණ මේ දේවල් යුධ අපරාධ වෙන්න ඉඩකඩ තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත්තා.

කලකට ඉහතදී ගින්නෙන් වෙලාගෙන තිබුණ, මේ විශිෂ්ට ස්මාරකයේ බිත්ති දෙස බලාගෙන අද දවසේ අපි මෙතන ඉඳන් ශබ්ද නඟලා කියන්න ඕනේ, “ආයෙත් නම් කවදාවත් එපා” (Never Again) කියලා. තවත් නම් එපා කියන එකේ ඇත්තම තේරුම වෙන්න ඕනේ: ආයෙ කවදාවත් පුස්තකාල පුච්චන්න දෙන්න බැහැ. ආයෙ කවදාවත් කළු ජූලියක් වෙන්න දෙන්න බැහැ. ආයෙ කවදාවත් මුල්ලිවයික්කාල් එකක් වෙන්න දෙන්න බැහැ කියන එකයි.

හැබැයි “ආයෙත් නම් කවදාවත් එපා” (Never Again) කියන එක නිකම්ම නිකන් ප්‍රාර්ථනාවක් විතරක් වෙන්න බැහැ. ඒක දේශපාලන වැඩපිළිවෙළක් වෙන්නම ඕනේ.

2009 මැයි මාසයේදී තුවක්කුවල සද්දේ නැවතිලා දැන් අවුරුදු දාහතක් ගතවෙලා ඉවරයි. මොනවාද වෙනස් වෙලා තියෙන්නේ? යුද්ධය ඉවරයි — හැබැයි යුද්ධය ඇතිකරපු තත්ත්වයන් තවමත් ඉවර වෙලා නැහැ. මිලිටරිය තවමත් උතුර වගේම නැගෙනහිර පළාත් අල්ලගෙන ඉන්නවා. දෙමළ ජනතාවගේ ඉඩම් තවමත් මිලිටරි පාලනය යටතේ අත්පත් කරගෙනයි තියෙන්නේ. මුල්ලිවයික්කාල් අණුස්මරණ — ඒ කියන්නේ තමන්ගේ මියගිය අය වෙනුවෙන් වැලපෙන්න තියෙන මූලිකම අයිතිය පවා — රාජ්‍ය අනුග්‍රහය ලබන මැර කල්ලි වගේම ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් කඩාකප්පල් කරනවා. දෙමළ විරෝධතාකරුවන්ට ජාතිවාදී මැරයන්ගෙන් හිරිහැර වෙනවා, ඒ වගේම ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්නවා. තමන්ගේ ඉතිහාසය, තමන්ගේ ශෝකය, එහෙම නැත්නම් තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන හැම දෙමළ මනුස්සයෙක්වම ත්‍රස්තවාදියෙක්, LTTE හිතවාදියෙක්, නැත්නම් බෙදුම්වාදියෙක් විදිහට හංවඩු ගහන දරුණු සමාජ මාධ්‍ය වෛරී ප්‍රචාරණයක් සැලසුම් සහගතව වගේම සම්බන්ධීකරණය කරලා ක්‍රියාත්මක කරනවා. “ජාතික සමගිය” කියන කපටි ලේබලය යටතේ දෙමළ ලේඛකයන්ගේ පොත්පත් ආණ්ඩුවේ වාරණ මණ්ඩල විසින් තහනම් කරනවා. අද දවසේ මේ හැමදේකටම නායකත්වය දෙන්නේ අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ (JVP) / ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවයි — JVP කියන්නේ දෙමළ විරෝධී යුද්ධයට මුල පටන්ම උද්‍යෝගිමත් සහයෝගයක් දීලා තමන්ගේ දේශපාලන ගමන හදාගත්ත, දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට දෙන හැම සහනයකටම විරුද්ධ වුණ, ඒ වගේම සිංහල ජාතිවාදී ප්‍රචාරයන්ට නිදහසේ පැතිරෙන්න ඉඩ දීලා දැන් “ජාතික සමගියේ” ආණ්ඩුවක් විදිහට පෙනී ඉන්න පක්ෂයක්.

අපි මේක කෙලින්ම කියන්න ඕනේ: උතුර මිලිටරිකරණය කිරීම යුද්ධයත් එක්ක ඉවර වුණේ නැහැ. ඒක තවදුරටත් ඉදිරියටම ගිහින් තවත් දැඩි වෙලා තියෙනවා. රාජපක්ෂ ඉඳන් වික්‍රමසිංහ හරහා දිසානායක දක්වා බලයට පත්වුණ හැම ආණ්ඩුවක්ම දෙමළ වැසියන්ගේ ජීවිත උඩ තියෙන මිලිටරි පාලනය ඒ විදිහටම තියාගත්තේ ඇයි? මොකද මිලිටරිය කියන්නේ සිංහල ධනේශ්වර පන්තියේ වුවමනාවන් වෙනුවෙන් පාලනය ගෙනයන, ඒ වගේම වාර්ගික මර්දනයේ මෙවලමක් විදිහට වැඩකරන ධනපති රාජ්‍යයේ යකඩ කුලු ගෙඩිය නිසා. මිලිටරිය උත්කර්ෂයට නැංවීම — ඒ කියන්නේ යුද ජයග්‍රහණ පෙළපාලි, යුද ස්මාරක, සොල්දාදුවා වන්දනාමාන කිරීම — මේක පුරුද්දට කරන දෙයක් නෙවෙයි. ඒක තමයි පාලක පන්තිය විසින් සිංහල මහජනතාවට මිලිටරිවාදය තමන්ගේ ජාතික අනන්‍යතාවය විදිහට පිළිගන්න උගන්වන ක්‍රමය. ඒ වගේම ඒ හරහා දෙමළ වගේම සිංහල කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකින් මේ පවතින සමාජ ක්‍රමයට අභියෝගයක් එල්ල වෙන එක වළක්වනවා.

අද සිංහල සමාජය ඇතුළේ ඔයාලා දකින සදාචාරාත්මක පිරිහීම — ඒ කියන්නේ ගුරුවරුන්ට වඩා සොල්දාදුවන්ව සැමරීම, ජාතිවාදී සමාජ මාධ්‍ය භාවිතය ඉවසීමෙන් දරාගැනීම, දෙමළ ජනතාව පත්කරන අවමානයන් නිහඬව පිළිගැනීම, ඒ වගේම අතීතයේ සිද්ධ වුණ ප්‍රචණ්ඩත්වය, මහා ඝාතන වගේම විනාශ කිරීම් ආයෙත් කරන්න කියලා ඉල්ලන එක — ඒක සිංහල ජනතාවගේ ස්වභාවික ගුණාංගයක් නෙවෙයි. ඒක කෘතිමව හදපු තත්ත්වයක්. සිංහල කම්කරුවන්ට, දෙමළ කම්කරුවන් තමන්ගේ සහෝදරවරු විදිහට දකිනවාට වඩා තමන්ගේ හතුරෝ විදිහට දකින්න අවශ්‍ය වුණ පාලක පන්තිය විසින් දශක ගණනාවක් තිස්සේ මේක කෘතිමව නිර්මාණය කළා. මේක මිලිටරිවාදය, ජාතිවාදය, බය, ඒ වගේම බොරුව උඩ ගොඩනගපු දේශපාලන සංස්කෘතියක සැලසුම් සහගත ප්‍රතිඵලයක් — මොකද දෙමළ කම්කරුවන්ට වෛර කරන සිංහල කම්කරුවෙක් කියන්නේ කවදාවත් තමන්ව ඇත්තටම මර්දනය කරන පාලකයා දෙසට හැරිලා බලන්නේ නැති කම්කරුවෙක් නිසයි.

මෙන්න මේ පසුබිම ඇතුළෙ තමයි දශක හතක පාවාදීම්වලින් ලැබුණ පාඩම් දිහාට අපි හැරෙන්න ඕනේ.

ලංකාවේ ඛේදවාචකය කියන එක, කාලෙකට කලින් වැඩකරන පන්තිය වෙනුවෙන් කතා කරනවා කියලා කියාගත්ත පක්ෂ විසින් කරපු පාවාදීමේ ඉතිහාසයෙන් වෙන් කරන්න බැහැ. ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදායෙන් මතු වුණ ලංකා සමසමාජ පක්ෂය (LSSP) කාලෙකදී දකුණු ආසියාවේ තිබුණ ලොකුම කම්කරු පක්ෂය. සමාජවාදී ජාත්‍යන්තරවාදය පදනම් කරගෙන සිංහල වගේම දෙමළ කම්කරුවන්ව එකතු කරන්නත්, ජාතිවාදය එහි මුල්වලින්ම විනාශ කරන්නත්, ඒ වගේම හැම ජාතික සුළුතරයකටම සමාන අයිතිවාසිකම් සහතික කරන වැඩකරන පන්තියේ ආණ්ඩුවක් වෙනුවෙන් සටන් කරන්නත් අවශ්‍ය කරන දේශපාලන මෙවලම් ඒගොල්ලන්ගේ අතේ තිබුණා. ඒ වෙනුවට, 1964 දී ලංකා සමසමාජ පක්ෂයේ නායකත්වය පන්ති සහයෝගිතාවයට (class collaboration) දණ නමලා සිරිමා බණ්ඩාරනායකගේ ධනපති හවුල් ආණ්ඩුවට එකතු වුණා — ඒ වගේම දෙමළ මර්දනය ජනරජයේ ව්‍යවස්ථාව ඇතුළටම දාලා මුද්‍රා තැබුවා. කාලෙකදී හතරවැනි ජාත්‍යන්තරය (Fourth International)  වෙනුවෙන් සටන් කරපු කොල්වින් ආර්. ද සිල්වා, ඇමතිවරයෙක් විදිහට ඉඳගෙන සිංහල පමණක් භාෂණ ප්‍රතිපත්තිය ව්‍යවස්ථාව ඇතුළේ තහවුරු කිරීමට නායකත්වය දුන්නා. මේක පොඩි වැරදීමක් නෙවෙයි. මේක ලෝක ඓතිහාසික පාවාදීමක්. ඊට පස්සේ සිද්ධ වුණ හැම ජන හිංසනයකටම, හැම යුද අපරාධයකටම වගේම හැම සංස්කෘතික ගිනිබත් කිරීමටම පාර කැපුවේ මෙන්න මේ පාවාදීමයි.

ධනවාදයට ලංකාවේ ජාතික ගැටලුව විසඳන්න බැහැ. යුද්ධය අවසන් වීමෙන් දෙමළ ජාතික ප්‍රශ්ණය විසඳුණේ නැහැ, ඒ වගේම පාලක පන්තිය එදා ඉඳන්ම මේ විසඳෙන්නේ නැති ප්‍රශ්නයෙන් තමන්ගේ වාසි ප්‍රයෝජන ගන්නවා. නිදහස ලැබිලා ගතවුණ අවුරුදු හැත්තෑ අට පුරාම මේකෙන් බිහිවුණේ වාර්ගික යුද්ධයයි, ආර්ථික විනාශයයි විතරයි. දෙමළ ධනපති පක්ෂ — ඒ කියන්නේ TULF, TNA වගේම ඒවයෙන් පස්සේ ආපු පක්ෂ — දෙමළ කම්කරුවන්ව වගේම තරුණයන්වත් ඒ හා සමානවම සම්පූර්ණයෙන්ම පාවා දීලා තියෙනවා. ඒගොල්ලෝ දෙමළ ජනතාවගේ සාධාරණ දුක්ගැනවිලි කොළඹ පාලක පන්තිය එක්ක කරන පාර්ලිමේන්තු ගනුදෙනුවලටයි, කවදාවත් දෙමළ ජනතාවගේ වුවමනාවන්ට වැඩ නොකරපු (ඉදිරියටත් වැඩ කරන්නේ නැති) විදේශ අධිරාජ්‍යවාදී බලවතුන්ට කරන ආයාචනාවලටයි සීමා කළා. LTTE එකේ බෙදුම්වාදී වැඩපිළිවෙළ, දෙමළ තරුණයන්ගේ සාධාරණ කෝපයෙන් මතු වුණ එකක් වුණත්, ඒකට මූලික යථාර්ථය ජයගන්න බැරි වුණා. ඒ කියන්නේ, වෙන්වුණ දෙමළ ධනපති රාජ්‍යයක් කියන්නේ කොළඹ මිලිටරිය සන්නද්ධ කරලා නඩත්තු කරපු ඒ අධිරාජ්‍යවාදී බලවතුන් මතම යැපෙන, ආර්ථික වශයෙන් දුර්වල කුඩා කොටසක් විතරයි කියන එක. ඒ වගේම ඒකට උතුර සහ නැගෙනහිර ඇතුළේ වගේම පිටතත් ජීවත් වෙන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහතික කරන්නවත්, මූලික පන්තිමය ප්‍රශ්නයට විසඳුම් දෙන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඉදිරියට තියෙන පාර බෙදී වෙන්වීම නෙවෙයි. ඒක දෙමළ වගේම සිංහල ප්‍රභූන් අතර සිද්ධ වෙන වාර්ගික ගනුදෙනුවකුත් නෙවෙයි. ඒක තමයි, දශක හතක් තිස්සේ තමන්ගේ පාලන මෙවලමක් විදිහට ජාතිවාදය (communalism) පාවිච්චි කරපු ධනපති ක්‍රමයට එරෙහිව පොදු අරගලයක් ඇතුළේ ලංකාවේ වැඩකරන පන්තිය — ඒ කියන්නේ දෙමළ, සිංහල, වගේම මුස්ලිම් කම්කරුවන් — ඒකාබද්ධ වීම.

“ආයෙත් නම් කවදාවත් එපා” (Never Again) කියන එක අපෙන් ඉල්ලන්නේ මොනවාද?

අපි “තවත් නම් එපා” කියලා කියනකොට, අපි කරන්නේ හැඟීම්බර ආයාචනයක් නෙවෙයි. අපි කරන්නේ දේශපාලන කැපවීමක්.

ආයෙ කවදාවත් පුස්තකාල ගිනිබත් කරන්න දෙන්නේ නැහැ කියන එකේ තේරුම තමයි ආයෙ කවදාවත් පාලක පන්තියට කිසිම ජනකොටසක සංස්කෘතික උරුමයන් පුච්චලා දාන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක — මොකද ඒ ගින්න ඇවිලෙව්වේ ජාතිවාදී වෛරය තමන්ගේ මෙවලම විදිහට පාවිච්චි කරපු පන්ති පාලනයේ (class rule) අතින්මයි කියන එක අපි තේරුම් ගන්න නිසා.

ආයෙ කවදාවත් කළු ජූලියක් වෙන්න දෙන්නේ නැහැ කියන එකේ තේරුම තමයි තමන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ව මහා පරිමාණයෙන් ඝාතනය කරනකොට සිංහල කම්කරුවෝ ආයෙ කවදාවත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ නැහැ කියන එක — මොකද ඒ මහා ජන හිංසනය (pogrom) දෙමළ ජනතාවට එරෙහිව සංවිධානය කළේ පාලක පන්තියට තර්ජනයක් වෙන ඒ පන්ති එකමුතුව (class unity) වළක්වන්නයි කියන එක අපි තේරුම් ගන්න නිසා.

ආයෙ කවදාවත් මුල්ලිවයික්කාල් එකක් වෙන්න දෙන්නේ නැහැ කියන එකේ තේරුම තමයි සමාජයීය වගේම දේශපාලන ප්‍රශ්නයක් වෙච්ච දේකට ආයෙ කවදාවත් වැඩකරන පන්තිය “මිලිටරි විසඳුමක්” පිළිගන්නේ නැහැ කියන එක — මොකද දෙමළ සිවිල් වැසියන් සමූල ඝාතනය (massacre) කිරීමෙන් සේවය වුණේ සිංහල කම්කරුවන්ගේ වුවමනාවන්ට නෙවෙයි, ඊට පස්සේ සමාජ වියදම් කපාහැරීම් (austerity), මර්දනය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම් හරහා තමන්ගේ තුවක්කු සිංහල කම්කරුවන් දෙසටම හරවපු මිලිටරි යාන්ත්‍රණයකයි පාලක පන්තියකයි වුවමනාවන්ට විතරයි කියන එක අපි තේරුම් ගන්න නිසා.

අද දවසේ තමන්ගේ ජාතික අභිමානය තියෙන්නේ මිලිටරි පෙළපාලිවලයි දෙමළ ස්මරණ යටපත් කිරීමෙයි කියලා විශ්වාස කරන්න සලස්වල තියෙන සිංහල කම්කරුවො, තරුණයො, — ඒගොල්ලෝ මංකොල්ලකෑමකට ලක්වෙලයි ඉන්නේ. ඒගොල්ලන්ගේ පන්ති විඥානය (class consciousness), තමන්ගේම සහෝදර කම්කරුවන් එක්ක තියෙන සහෝදරත්වය (solidarity), ඒ වගේම තමන්ගේම නිදහස වෙනුවෙන් සටන් කරන්න තියෙන හැකියාව කියන ඒව තමයි ඒගොල්ලන්ගෙන් මංකොල්ලකාලා තියෙන්නේ. යාපනය පුස්තකාලය ගිනි තියපු ඒ පාලක පන්තියම තමයි සිංහල කම්කරුවන් මතටත් දරිද්‍රතාවය, අනියම් ශ්‍රම සූරාකෑම, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු බර පටවලා තියෙන්නේ. මුල්ලිවයික්කාල්වලදී දෙමළ වැසියන්ව සමූල ඝාතනය කරපු ඒ මිලිටරියම තමයි වර්ජනය කරන කම්කරුවන්ව හිරේ දාන, ඒ වගේම වෘත්තීය සමිති කඩලා බිඳලා දාන රාජ්‍යයක මෙවලම විදිහට වැඩකරන්නේ. දෙමළ කම්කරුවන්ගේ හතුරාම තමයි සිංහල කම්කරුවන්ගේත් හතුරා වෙන්නේ. ඒ හතුරාගේ නම දෙමළ හරි සිංහල හරි නෙවෙයි. ඒකේ නම තමයි ප්‍රාග්ධනය (Capital), එහෙම නැත්නම් ධනපති පන්ති පාලනය.

අපි සටන් කරන්නේ මොනවා වෙනුවෙන්ද?

තමන්ව විතරක් නියෝජනය කරන ප්‍රභූන් විසින් මැදිහත් වෙලා කරන ජාතික සමගි සන්ධාන (reconciliation) ව්‍යාපාරයක් නෙවෙයි, මෙන්න මේ අපි කියන්න යන දේවල් වෙනුවෙන් සටන් කරන වැඩකරන පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනගන්න කියලා දෙමළ වගේම සිංහල කම්කරුවන්, තරුණයන්, ගුරුවරුන්, ශිෂ්‍යයන්, ඒ වගේම බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා:

උතුර වගේම නැගෙනහිර පළාත් මිලිටරිය මඟින් අත්පත් කරගෙන ඉන්න එක වහාම නතර කිරීම, ඒ වගේම අත්පත් කරගෙන තියෙන හැම දෙමළ ඉඩමක්ම ඒවයේ නියම අයිතිකරුවන්ට ආපහු ලබාදීම. කිසිම හිරිහැරයක්, කඩාකප්පල් කිරීමක්, එහෙම නැත්නම් අපරාධකරණය කිරීමක් නැතුව මුල්ලිවයික්කාල්වලදී වගේම දරුණු අපරාධ සිද්ධ වුණ හැම තැනකදීම මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ අයිතිය ලබාදීම. තමන්ටම ආවේණික වෙච්ච ජාතිවාදී පීඩාවලට මුහුණ දීපු මුස්ලිම් ජනතාව ඇතුළු දෙමළ වගේම හැම ජාතික සුළුතරයකටම සම්පූර්ණ භාෂාමය, සංස්කෘතික, වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදීම. සිංහල සමාජය ඇතුළට වස විදිහට කාවද්දලා තියෙන, මිනීමැරීම උත්කර්ෂයට නංවන, ඒ වගේම සහෝදරත්වය යටපත් කරන මිලිටරිවාදී සංස්කෘතිය අවසන් කිරීම. කළු ජූලියේ ඉඳන් මුල්ලිවයික්කාල් දක්වා සිද්ධ වුණ යුද අපරාධ වගේම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට වගකිවයුතු අයට විරුද්ධව නඩු පැවරීම. ඒ වගේම හැමදේටම වඩා — මේ දිවයිනේ තියෙන සම්පත් — ඒ කියන්නේ ඉඩම්, ශ්‍රමය, වගේම නිෂ්පාදන ධාරිතාවය — සිංහල, දෙමළ, වගේම මුස්ලිම් වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත්කරන සමාජවාදී දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. ඒ හරහා දරිද්‍රතාවය, වාර්ගික බෙදීම් වගේම පාලක පන්තියේ උගුල් ඒවයේ මුල්වලින්ම අතුගාලා දාන්න පුළුවන් වෙනවා.

යාපනය පුස්තකාලය ඇතුළේ තිබුණේ ශිෂ්ටාචාරයක මතකයක්. ඒක ඇතුළේ ආයෙ කවදාවත් හොයාගන්න බැරි පොත්පත් තිබුණා. හැබැයි ඒක අපිට ආදේශ කරන්න බැරි දේශපාලන පාඩමකුත් ඉතිරි කරලා තියෙනවා: ඒ කියන්නේ පුස්තකාලයක් පුච්චන්න ලෑස්ති පාලක පන්තියක් කියන්නේ තමන්ගේ බලයයි ලාභයයි ආරක්ෂා කරගන්න ඕනෙම දෙයක් පුච්චන්න ලෑස්ති පාලක පන්තියක් කියන එකයි — ඒගොල්ලෝ ගම්මාන පුච්චන්න, සිවිල් වැසියන් සමූල ඝාතනය කරන්න, ඒ වගේම මුළු මහත් ජනකොටස්ම විනාශ කරන්න වුණත් ලෑස්ති අය.

අදට අවුරුදු 45 කට කලින් මේ රෑ විනාශ කරපු දේවල්වල මතකය අපි ස්මරණය කරන්නේ නිකම්ම නිකන් වැලපීමෙන් විතරක් නෙවෙයි, කැපවීමෙන් — ඒ කියන්නේ මේ වගේ විනාශයන් සිද්ධ කරන්න අවශ්‍ය කරන ක්‍රමය අවසන් කරලා, ඒ වගේ විනාශයන් කරන්න කවදාවත් ඉඩ නොදෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට කැපවීමෙන්.

උරුමයක් අළු දූවිලි බවට පත් කෙරුණා. ඒත් අරගලය තවමත් ජීවමානයි!

උතුරේ වගේම දකුණේ වැඩකරන පන්තියේ එකමුතුවෙන් — “ආයෙත් නම් කවදාවත් එපා!”

“ආයෙත් නම් කවදාවත් එපා” – යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීමේ 45 වැනි සමරුව Read More »

Jaffna speech

“Never Again” — 45th Commemoration of the Jaffna Public Library Arson

Tonight marks the 45th anniversary of the burning of the Jaffna Public Library in May 1981. If we, the Socialist Lead of Sri Lanka and South Asia (SLLA), the Revolutionary Left Faction of the Socialist Equality Party of Sri Lanka, were present at a commemoration event before the Jaffna Public Library today, and asked to address an audience of our Sinhalese, Tamil and Muslim brothers and sisters, friends and comrades, we would have delivered the following speech.  


By Sanjaya Jayasekera, member SLLA. 

Jaffna library arson
Jaffna Public Library after Arson. Image courtesy of CPA X.


Friends, comrades, brothers and sisters — Tamils, Sinhalese, Muslims, and all who cherish the meaning of human dignity,

Forty-five years ago today, in the dead of night, flames consumed one of the greatest cultural treasures of South Asia. The Jaffna Public Library — home to over 97,000 volumes, to irreplaceable ola leaf manuscripts, to ancient chronicles and living memory, to the intellectual heritage of the Tamil people accumulated across centuries — was reduced to ashes. Not by accident. Not by nature. But by deliberate human hands: uniformed police and organized thugs, dispatched from the south under the protection and direction of the United National Party government of J.R. Jayawardena. Ministers Gamini Dissanayake and Cyril Mathew — who boasted in print that the Sinhalese must rise to “protect Buddhism” — arrived in Jaffna to oversee the operation. Four Tamil men were dragged from their homes and killed. Homes, shops, offices, and the press of Tamil newspaper Ealanadu were burned. Statues of Tamil cultural figures were demolished at road junctions.

This was not a spontaneous eruption. It was a political decision, made in Colombo, carried out in Jaffna, and covered up in silence by an entire political establishment and a compliant media. No official inquiry was ever held into the destruction of the library. No one was prosecuted. No minister faced justice. The fire that burned on the night of May 31, 1981 was lit by the ruling class of this island — and it was fueled by decades of communalist poison that every major political party, UNP and SLFP alike, had been injecting into the bloodstream of Sri Lankan society since independence.

We gather here today not only to grieve. We gather to understand. We gather to draw the lessons that the ruling class — of every party, of every era — has worked hardest to prevent the people of this island from drawing.

What was destroyed that night?

The books that burned were irreplaceable — Yalpanam Vaipavama, the history of Jaffna, existed in only one copy, and it perished in the fire. But the rulers of Sri Lanka were not primarily burning books. They were burning a people’s sense of themselves. They were burning the confidence, the continuity, and the cultural selfhood of the Tamil minority. They were sending a message, written in fire: You do not belong here. Your history does not count. Your culture is disposable. Your lives are contingent on our permission.

This was the language of Sinhala chauvinism — not a fringe ideology, but the official state ideology, entrenched in the very constitution of the republic by the Sinhala Only Act of 1956, by the anti-Tamil university admissions schemes, by Buddhism’s enshrinement as the state religion. And it was the language of a ruling class that used communal hatred as a tool of governance, a weapon to distract the Sinhalese poor and working class from the economic policies — the austerity, the open-market “liberalization,” the assault on wages and public services — that were devastating their own lives alongside the lives of Tamil workers.

The burning of the Jaffna Library was not the beginning. And it was not the end. It was a turning point — a signal flare fired two years before the July 1983 pogrom, in which organized Sinhala mobs, with voter registration lists in hand provided by state institutions, went from door to door, burning Tamil families alive in Colombo and across the island. Black July ignited a civil war that would consume nearly three decades, claim tens of thousands of lives, shatter entire communities — Tamil and Sinhalese — and culminate in the final military assault of May 2009 at Mulivaikkal, where tens of thousands of Tamil civilians were massacred in what the United Nations itself acknowledged as potential war crimes, while the world looked away.

Standing today here facing the once flame-engulfed walls of this magnificent monument, we should say loudly, “Never Again”.  Never again must mean: never again a burned library. Never again a Black July. Never again a Mulivaikkal.

But “never again” cannot be a wish. It must be a program.

Seventeen years have passed since the guns fell silent in May 2009. What has changed? The war is over — but the conditions that produced the war are not. The military still occupies the North and East. Tamil lands remain seized under military control. Mulivaikkal commemorations — the most basic act of mourning the dead — are physically disrupted by state-backed mobs and security forces. Tamil protesters are harassed by racist mobs and are arrested. A vicious social media hate campaign, coordinated and deliberate, brands every Tamil who speaks of their history, their grief, or their rights as a terrorist, an LTTE sympathizer, a separatist. Tamil writers find their books blocked by government censors under the cynical banner of “national unity.” And presiding over all of this today is the JVP/NPP government of Anura Kumara Dissanayake — a party that built its political career on enthusiastic support for the anti-Tamil war, that opposed every concession to Tamil democratic rights, and that now poses as a government of “national unity” while allowing Sinhala chauvinist propaganda to circulate freely.

We must say this plainly: the militarization of the North has not ended with the war. It has continued and deepened. Successive governments — from Rajapaksa to Wickremesinghe to Dissanayake — have maintained the military stranglehold on Tamil life because the military is the iron fist of a capitalist state that rules in the interests of the Sinhalese bourgeoisie and serves as the instrument of communal oppression. The glorification of the military — the victory parades, the war monuments, the cult of the soldier — is not incidental. It is how the ruling class educates the Sinhalese masses into accepting militarism as their national identity, while ensuring that no united struggle of Tamil and Sinhalese workers can challenge the social order.

The moral disorientation you see in Sinhalese society today — the celebration of soldiers over teachers, the tolerance of racist social media, the passive acceptance of Tamil humiliation and even calls for the repeat of the historical violence, massacres and vandalism — is not the natural condition of the Sinhalese people. It is a manufactured condition. It has been manufactured, across decades, by a ruling class that needed Sinhalese workers to see Tamils as their enemy rather than their comrades. It is the deliberate product of a political culture built on militarism, chauvinism, fear, and lies — because a Sinhalese worker who hates Tamil workers is a worker who will never turn to face his actual oppressor.

It is in this context that we should turn to the lessons of seven decades of betrayal

The tragedy of Sri Lanka is inseparable from the history of betrayal by the parties that once claimed to speak for the working class. The Lanka Sama Samaja Party — which emerged from the Trotskyist tradition — was once the largest workers’ party in South Asia. It had, within its hands, the political means to unite Tamil and Sinhalese workers on the basis of socialist internationalism, to oppose communalism at its roots, and to fight for a government of the working class that guaranteed equal rights for all national minorities. Instead, in 1964, the LSSP leadership capitulated to class collaboration, joined the bourgeois coalition of Sirima Bandaranaike — and sealed Tamil oppression into the very constitution of the republic. Colvin R. de Silva, once a fighter for the Fourth International, presided as a minister over the entrenchment of Sinhala-only language policy. This was not a minor error. It was a world-historical betrayal. It opened the road to every pogrom, every war crime, every burned library that followed.

Capitalism cannot solve the national question in Sri Lanka. The ending of the war did not solve the Tamil national question, and the ruling class has been capitalizing this unresolved problem ever since. Throughout the seventy-eight years of independence it has produced only communal war and economic devastation. The Tamil bourgeois parties — the TULF, the TNA and its successors — have failed Tamil workers and youth just as comprehensively, channeling legitimate grievances into parliamentary deals with Colombo and appeals to foreign imperialist powers that have never served Tamil interests and never will. The LTTE’s separatist program, whatever its origins in the just anger of Tamil youth, could not overcome the fundamental reality that a separate Tamil capitalist state would be a small, economically weak entity, dependent on the same imperialist powers that armed and sustained Colombo’s military, unable to guarantee the rights of Tamils who live within and outside the North and East, and incapable of addressing the root class question.

The path forward is not separation. It is not a communal deal brokered between Tamil and Sinhalese elites. It is the unification of the Sri Lankan working class — Tamil, Sinhalese, and Muslim — in a common struggle against the capitalist system that has used communalism as its instrument of rule for seven decades.

What does “Never Again” demand of us?

When we say “never again,” we do not make a sentimental appeal. We make a political commitment.

Never again a Jaffna Library arson means: never again will we allow the ruling class to burn the cultural heritage of any people — because we understand that the hand that lit that fire was the hand of class rule, using racial hatred as its instrument.

Never again a Black July means: never again will Sinhalese workers stand aside while their class brothers and sisters are massacred — because we understand that the pogrom was organized against Tamils to prevent the unity that would threaten the ruling class.

Never again a Mulivaikkal means: never again will the working class accept a “military solution” to what is a social and political problem — because we understand that the massacre of Tamil civilians served not the interests of Sinhalese workers but the interests of a military apparatus and a ruling class that then turned its guns on Sinhalese workers in austerity, repression, and the destruction of democratic rights.

The Sinhalese workers and youth who are told today that their national glory consists in military parades and the suppression of Tamil commemorations — they are being robbed. They are being robbed of their class consciousness, of their solidarity with fellow workers, of their capacity to fight for their own emancipation. The same ruling class that burned the Jaffna Library has imposed poverty, casualized labor, and IMF austerity on Sinhalese workers. The same military that massacred Tamils at Mulivaikkal is the instrument of a state that imprisons striking workers and breaks trade unions. The enemy of Tamil workers is the enemy of Sinhalese workers. His name is not Tamil or Sinhalese. Its name is Capital.

What are we fighting for?

We call upon Tamil and Sinhalese workers, youth, teachers, students, and intellectuals to build a united movement — not a movement of ethnic reconciliation brokered by elites who represent no one but themselves, but a movement of the working class, fighting for:

The immediate end to military occupation of the North and East, and the return of all seized Tamil lands to the rightful owners. The right to commemorate the Tamil dead at Mulivaikkal and all sites of atrocity — without harassment, disruption, or criminalization. Full linguistic, cultural, and democratic rights for Tamils and all national minorities, including the Muslim community which has faced its own waves of racist persecution. An end to the militarist culture that has been poisoned into Sinhalese society — a culture that glorifies killing and suppresses solidarity. The prosecution of those responsible for war crimes and crimes against humanity, from Black July through to Mulivaikkal. And above all — a socialist political program that places the resources of this island — its land, its labor, its productive capacity — under the democratic control of its working people, Sinhalese, Tamil, and Muslim alike, so that poverty, communal division, and ruling-class manipulation can be swept away at their roots.

The Jaffna Library held the memory of a civilization. It held books that no one can recover. But it also holds, for us, an indelible political lesson: that a ruling class willing to burn a library is a ruling class willing to burn everything — willing to burn villages, willing to massacre civilians, willing to destroy entire peoples — in defense of its power and profit.

We honor the memory of what was destroyed on this night 45 years ago not by grief alone, but by commitment — the commitment to build the political movement that makes such destruction impossible, by ending the system that makes it necessary.

A heritage was rendered ashes. But the struggle lives on!

Never again — through the unity of the working class of the North and the South!

External Link to the redacted version of this article: https://www.themorning.lk/articles/UtQXTJcSW2Olh5bpgnYN

“Never Again” — 45th Commemoration of the Jaffna Public Library Arson Read More »

NATO

රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න වීම මධ්‍යයේ ස්වීඩනයේ පැවැති නේටෝ (NATO) සමුළුව, තියුණු වෙමින් පවතින අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතා මතුකර පෙන්වයි

ජෝර්ඩාන් ශිල්ටන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 22 දින “NATO summit in Sweden exposes sharpening inter-imperialist antagonisms amid escalation of war on Russiaයන හිසින් පළවූ ජෝර්ඩාන් ශිල්ටන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

NATO
2026 මැයි 22 සිකුරාදා දින ස්වීඩනයේ හෙල්සින්බර්ග්හිදී පැවැත්වුණු නේටෝ (NATO) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව පැවති ‘ආක්ටික් 7’ (Arctic 7) හමුවක් අතරතුර, (දකුණේ සිට) නෝර්වේ විදේශ අමාත්‍ය එස්පන් බාත් අයිඩේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (දකුණේ සිට දෙවැන්නා) සහ අයිස්ලන්ත විදේශ අමාත්‍ය කැට්‍රින් ගුනාර්ස්ඩොටියර් (දකුණේ සිට තෙවැන්නා) යන පිරිස සහ (වමේ සිට) කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද්, ස්වීඩන විදේශ අමාත්‍ය මාරියා මැල්මර් ස්ටෙනර්ගාඩ් සහ ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් ලොකේ රස්මුසන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. [ඒපී ඡායාරූපය/ජූලියා ඩිමරී නිකින්සන්]

නේටෝ සංවිධානයට අයත් සාමාජික රටවල් 32හි විදේශ අමාත්‍යවරු, මේ වසරේ ගිම්හාන සෘතුවේදී තුර්කියේ පැවැත්වීමට නියමිත නේටෝ රාජ්‍ය නායක සමුළුවට අදාළ මූලික කටයුතු සූදානම් කිරීම සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ස්වීඩනයේ හෙල්සින්බර්ග් නුවරට රැස් වූහ. රුසියාව අර්ධ යටත් විජිත මට්ටමකට ඇද දැමීම සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෙන යනු ලබන අඛණ්ඩ යුදමය වාතාවරණයක් මධ්‍යයේ, එක්සත් ජනපදය සහ එහි හිටපු යුරෝපීය මෙන්ම කැනේඩියානු මිත්‍ර රටවල් අතර උග්‍ර වෙමින් පවතින විරෝධතා මෙම රැස්වීමේ ප්‍රධාන වශයෙන් කැපී පෙනුණි.

මෙම නේටෝ (NATO) රැස්වීම ඇමති මට්ටමින් ස්වීඩනයේදී පවත්වන ලද පළමු රැස්වීම විය. 2022 වසරේදී එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය විසින් පොළඹවනු ලැබූ රුසියානු යුක්රේන ආක්‍රමණයෙන් පසුව, ෆින්ලන්තය සමඟ එක්ව ස්වීඩනය ද මෙම ආක්‍රමණශීලී යුද සන්ධානයට බැඳුණි.පසුගිය වසර හතරක කාලය තුළ, බෝල්ටික් මුහුදු වෙරළ තීරයන්ට හිමිකම් කියන, සාම්ප්‍රදායිකව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෙම රටවල් දෙක රුසියාවට එරෙහි නේටෝ යුද්ධයේ පෙරමුණේම පසුවන රාජ්‍යයන් බවට පරිවර්තනය වී ඇත. ඉන්, ෆින්ලන්තය සම්බන්ධයෙන් ගත් කල රුසියාව සමඟ කිලෝමීටර් 1,300ක් දිගු දේශසීමාවක්  බෙදා හදා ගනී. 

පෝලන්තය වෙත අතිරේක සෙබළුන් 5,000ක් යෙදවීමට ට්‍රම්ප් ප්‍රකාශ කිරීම හා සමගාමීව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙම රැස්වීම සඳහා පැමිණියේය. ඒ, එම රටටම වෙනත් සෙබළුන් 4,000ක් යෙදවීමට තිබූ සැලසුමක් අවලංගු කර සතියක් ගතවීමටත් මත්තෙනි. ධවල මන්දිරයේ පාලනය හොබවන මෙම ෆැසිස්ට්වාදී නායකයා, ජර්මනියේ රඳවා සිටින එක්සත් ජනපද සෙබළුන් සංඛ්‍යාව 5,000කින් අඩු කිරීමට මේ මස මුලදී නියෝග කළේය. ඒ, වොෂින්ටනය (එක්සත් ජනපදය) කිසිදු මූලෝපායකින් තොරව ඉරානයට එරෙහිව යුද්ධයක නිරත වන බවට ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් ප්‍රකාශ කිරීමෙන් පසුවය.

සිකුරාදා උදෑසන නිල සාකච්ඡා ආරම්භ වීමට පෙර රූබියෝ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, මැදපෙරදිග කලාපයේ තම ක්‍රියාන්විතයන් සම්බන්ධයෙන් නේටෝ (NATO) සාමාජික රටවල් දක්වන “ප්‍රතිචාරය” පිළිබඳව ට්‍රම්ප් පරිපාලනය “කලකිරීමට” පත්ව ඇති බවයි.

ඉදිරියේදී අන්කාරා නුවර පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවේදී මෙම ගැටලුව “රාජ්‍ය නායක මට්ටමින්” විසඳාගත යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ඔහු එම ඉදිරි සමුළුව “නේටෝ ඉතිහාසයේ වඩාත්ම වැදගත් එකක්” ලෙස ද විස්තර කළේය.

ටෙහෙරානය (ඉරානය) සමඟ සාකච්ඡා තවමත් පවතිමින් තිබියදීම, පෙබරවාරි 28 වනදා මහා රාත්‍රියේ ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල සාපරාධී ආක්‍රමණශීලී යුද්ධයට යුරෝපීය අධිරාජ්‍යවාදීන් දැක්වූ ප්‍රතිචාරය රූබියෝ මෙයින් අදහස් කළේය. වොෂින්ටනය (එක්සත් ජනපදය) විසින් මැදපෙරදිග තුළ ක්‍රියාවට නංවනු ලබන යටත් විජිත පන්නයේ ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම නැවත පණ ගැන්වීමට සහය දෙන බැවින්, මිලියන 93කට අධික ජනගහනයක් සහිත එම රටට එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන යුරෝපීය බලවතුන් විසින් අනුමත කරන ලදී.කෙසේ වෙතත්, ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් රුසියාව සමඟ පවතින යුද්ධය කෙරෙහි ඇති අවධානය වෙනතකට යොමු වනු ඇතැයි යුරෝපීය බලවතුන් තුළ වැඩි වැඩියෙන් කනස්සල්ලක් ඇති විය. ඔවුන් එම රුසියානු යුද්ධය සලකනු ලැබුවේ තමන්ගේ කොල්ලකාරී අභිලාෂයන් සඳහා වඩාත් වැදගත් වන්නක් ලෙසය. ඉරානය තුළ සිදුකරන ක්‍රියාන්විතයන් සඳහා ස්පාඤ්ඤ මිලිටරි කඳවුරු භාවිතා කිරීමට එක්සත් ජනපදයට අවසර දීම ස්පාඤ්ඤ රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන ලදී. 

මෙම මතභේදයන්ට මුල් වී ඇත්තේ, අන්තර්-අත්ලාන්තික් සබඳතාවය පදනම් වී තිබූ දෙවන ලෝක යුද්ධයෙන් පසු පැවති ලෝක ධනවාදයේ සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site) සිය මෑතකාලීන ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැළියේදී පැහැදිලි කළ පරිදි, ඉරාන යුද්ධයෙන් සනිටුහන් වූයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ශීඝ්‍ර ආර්ථික පරිහානිය ආපසු හැරවීම සඳහා සිය අතිමහත් මිලිටරි බලය භාවිතා කිරීමට උත්සාහ කළ වසර 35ක කාලපරිච්ඡේදයක උච්චතම අවස්ථාව ලෙසයි. නමුත් වොෂින්ටනය අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමට වඩා බොහෝ සෙයින් වෙනස්ව, මෙම නිමාවක් නොමැති ම්ලේච්ඡ යුද්ධ මාලාව විසින් ලෝක ධනවාදයේ අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති අතර, එක්සත් ජනපදයේ ආර්ථික ස්ථාවරත්වය සහ මිලිටරි බලය තවදුරටත් පිරිහීමට ලක් කර ඇත. එමෙන්ම, 20 වන සියවසේදී ලෝකයේ සම්පත් සහ වෙළඳපොළවල් නැවත බෙදාගැනීම සඳහා ලෝක යුද්ධ දෙකක් ඇති කිරීමට හේතු වූ එම අන්තර්-අධිරාජ්‍යවාදී එදිරිවාදිකම්ම මේ හරහා නැවතත් මුදාහැර තිබේ.

ජර්මනියේ නායකත්වයෙන් යුත් යුරෝපීය අධිරාජ්‍යවාදීන්, වොෂින්ටනය සමඟ පවතින සබඳතා පිරිහී යාමට ප්‍රතිචාර දක්වා ඇත්තේ දැවැන්ත නැවත සන්නද්ධ වීමේ වැඩපිළිවෙළක් දියත් කරමිනි. පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල සහයෝගය ඇතිව, මර්ස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජර්මනියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී/සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සභාග ආණ්ඩුව, ඉදිරි දශකය තුළ යුද්ධය සහ මිලිටරිමය යටිතල පහසුකම් සඳහා යුරෝ ට්‍රිලියන 1ක මුදලක් වියදම් කිරීමට අවසර දීම වෙනුවෙන් රටේ පවතින ණය සීමා පැනවීම් (debt brake) ද නොසලකා හැරීමට පියවර ගත්තේය.එමෙන්ම, නේටෝ (NATO) සංවිධානයේ යුරෝපීය සාමාජිකයන් සහ කැනඩාව, 2035 වසර වන විට තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් මිලිටරි කටයුතු සහ ඊට අදාළ යටිතල පහසුකම් වෙනුවෙන් වියදම් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වී ඇත.

වොෂින්ටනයෙන් (එක්සත් ජනපදයෙන්) ස්වාධීනව සහ අවශ්‍ය වුවහොත් ඊට එරෙහිව වුවද, ලොව පුරා තමන්ගේ භූ-උපායමාර්ගික සහ ආර්ථික අවශ්‍යතා බලාත්මක කළ හැකි යුරෝපීය යුද යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා ප්‍රතිපාදන සෙවීමට යුරෝපීය අධිරාජ්‍යවාදය කටයුතු කරමින් සිටියි. මේ සඳහා ඔවුන් අන්තර්-අත්ලාන්තික් සබඳතාව බිඳ වැටීම ප්‍රයෝජනයට ගනිමින්, තමන්ගේම රටවල් තුළ දරුණු ලෙස වියදම් කපා හැරීමේ ව්‍යාපාරයක් වේගවත් කරමින් සිටී. කෙසේ වෙතත්, බලයේ සිටින යුදකාමීන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බව පිළිගන්නා අතර, එම නිසා ඔවුන් හැකි තාක් කල් එක්සත් ජනපදය සමඟ යම් ආකාරයක ක්‍රියාකාරී එකඟතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරති. මන්දයත්, මිලිටරි උපකරණ ලබාගැනීම සඳහා ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් යුරෝපීය බලවතුන් තවමත් එක්සත් ජනපදය මත දැඩි ලෙස රඳා පවතින බැවිනි.

ජර්මනියේ රැඳී සිටින එක්සත් ජනපද සෙබළුන් සංඛ්‍යාව එම ප්‍රමාණයෙන්ම (5,000කින්) අඩු කිරීමටත්, ජර්මනිය තුළ දිගු දුර විහිදෙන ටොමහෝක් (Tomahawk) මිසයිල ස්ථානගත කිරීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීමටත් එය සමපාත වුවද, පෝලන්තය වෙත සෙබළුන් 5,000ක් යෙදවීමට ට්‍රම්ප් කළ ප්‍රකාශය ජර්මන් විදේශ අමාත්‍ය ජොහාන් වඩේෆුල් සිකුරාදා පැවැති රැස්වීමේදී විශේෂයෙන්ම සාදරයෙන් පිළිගත්තේය. එමෙන්ම, මෙම වසරේ මුලදී යුරෝපා සංගමය (EU) විසින් කියෙව් (යුක්රේනය) වෙත ලබාදුන් යුරෝ බිලියන 90ක ණය මුදලට “අඩුම තරමින් සමාන මුදලකින් “, කියෙව්හි පවතින අන්ත දක්ෂිණාංශික පාලන තන්ත්‍රය වෙත ලබාදෙන මූල්‍ය ආධාර වැඩි කරන ලෙස ඔහු එම රැස්වීමේදී නේටෝ (NATO) සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මහද්වීපය පුරා පවතින රජයන් විසින් ක්‍රියාවට නංවනු ලබන උමතු නැවත සන්නද්ධ වීමේ සැලසුම් හේතුවෙන්, දෙවන ලෝක යුද්ධයෙන් පසු කම්කරු පන්තිය වෙත ලබාදුන් සහන සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට සිදු වනු ඇත. කම්කරුවන් තමන්ගේ රැකියා සහ පොදු සේවාවන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමත් සමඟ, මෙය පන්ති අරගලය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම සඳහා මාවත සකසනු ඇත. මිලිටරි අයවැය ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, විවිධ දේශපාලන මතවාදයන් නියෝජනය කරන රජයන් විසින් වැළඳගෙන ඇති කප්පාදු වැඩපිළිවෙළවල්, උමතු රුසියානු විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් මගින් සාධාරණීකරණය කරනු ලැබේ. මෙම ප්‍රචාරයන්, 2029 වසර වන විට ක්‍රෙම්ලිනය (රුසියාව) විසින් නේටෝ (NATO) සංවිධානයට එරෙහිව මහා පරිමාණ යුද්ධයක් සූදානම් කරමින් සිටින බවට කෙරෙන උද්වේගකර සහ ඝෝර ප්‍රකාශයන්ගෙන් පිරී පවතී.

යුරෝපීය බලවතුන් කියෙව් වෙත ලබාදෙන තමන්ගේ මිලිටරි සහ මූල්‍ය ආධාර ඉහළ නංවා ඇති අතර, එමඟින් මොස්කව්හි නේවාසික ගොඩනැගිලි සහ බලශක්ති යටිතල පහසුකම් ද ඇතුළුව රුසියාවේ අභ්‍යන්තරයේ ගැඹුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට අන්ත දක්ෂිණාංශික සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයට අවස්ථාව ලැබී ඇත. නේටෝ (NATO) කලාපය තුළ පිහිටි නිෂ්පාදන පරිශ්‍රයන් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට රුසියාව තර්ජනය කිරීමෙන් පසුව (පවා), එවැනි ප්‍රහාරයන්ට අඛණ්ඩව සහයෝගය දීමට සහ දිරිගැන්වීමට යුරෝපයේ ප්‍රධාන බලවතුන් කටයුතු කර තිබේ. අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහය ලබන මෙම ප්‍රහාරයන් අතරතුර, එන්න එන්නම වැඩි වන යුක්රේන ඩ්‍රෝන යානා සංඛ්‍යාවක් නේටෝ සාමාජික රටවල් වන එස්තෝනියාව, ෆින්ලන්තය, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල ගුවන් සීමාවන්ට ඇතුළු වී තිබීමේ කරුණ, සිකුරාදා රැස්වීමට සහභාගී වූ අමාත්‍යවරුන් විසින් රුසියාවේ “ආක්‍රමණශීලීත්වය” නැවත වරක් හෙළා දැකීම සඳහා අවස්ථාවක් කරගනු ලැබීය. පැහැදිලිවම එයට හේතුව වී ඇත්තේ, අධිරාජ්‍යවාදීන්ගේ මූල්‍ය ප්‍රතිපාදන ලබන යුක්රේන ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා රුසියාව විසින් ඉලෙක්ට්‍රොනික සංඥා අවහිර කිරීම් (electronic jamming) භාවිතා කර තිබීමයි.

යුක්රේනයේ සිට ආක්ටික් කලාපය දක්වාම එක්සත් ජනපදය සහ යුරෝපය අතර පවතින මතභේදයන් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතී.

කියෙව්හි බටහිර ගැති පාලන තන්ත්‍රයක් බලයට පත් කිරීමට සහ එම රටේ නැගෙනහිර ප්‍රදේශයේ සිවිල් යුද්ධය ආරම්භ කිරීමට හේතු වූ 2014 ‘මයිඩාන්’ (Maidan) කුමන්ත්‍රණය සැලසුම් සහගතව මෙහෙයවීම සඳහා එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය බලවතුන් එක්ව කටයුතු කරන ලදී . 2022 වසරේදී පුටින් විසින් ඔහුගේ ප්‍රතිගාමී ආක්‍රමණය දියත් කළ අවස්ථාවේදී පවා ඊට පෙර පැවති වසර තිහක එක්සත් ජනපද සහ නේටෝ (NATO) ආක්‍රමණයන් පහසුව සදහා අමතක කර දමමින්,  “රුසියානු ආක්‍රමණශීලීත්වය” ඒකාබද්ධව හෙළා දැකීම මඟින් යුද්ධය පිටුපස පැවති එකිනෙකට තරඟකාරී අධිරාජ්‍යවාදී අභිලාෂයන් අඩුම තරමින් මතුපිටින් හෝ වසා දමනු ලැබීය.

එක්සත් ජනපදය සහ යුරෝපීය රජයන් අතර පවතින මතභේදයන් අද වන විට ප්‍රසිද්ධියේම කරළියට පැමිණ ඇත. ට්‍රම්ප් පරිපාලනය විසින් සෘජු මිලිටරි ආධාර සියල්ලම පාහේ නතර කිරීමෙන් පසුව, යුක්රේනය දැන් මුළුමනින්ම පාහේ යුරෝපීය බලවතුන් සහ කැනඩාව වෙතින් ලැබෙන මූල්‍ය ආධාර මත යැපෙයි. එමෙන්ම, මෙම මූල්‍ය ආධාර බොහෝ විට එක්සත් ජනපදයෙන්ම ආයුධ මිලදී ගැනීම සඳහා ද උපයෝගී කර ගැනේ. යුරෝපීය නායකයන් මඟහරිමින්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ එකඟතාවයකට පැමිණීමට ට්‍රම්ප් දරන උත්සාහයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටී. එමඟින් එක්සත් ජනපද සමාගම් සහ ආයෝජකයින් වෙත රුසියානු බලශක්ති ප්‍රභවයන් සහ අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.

නෝර්ඩික් කලාපය තුළ, නේටෝ (NATO) සංවිධානයේ නිල ව්‍යුහයන්ගෙන් බැහැරව සිය මිලිටරි පැවැත්ම ව්‍යාප්ත කිරීමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටියි. ඒ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන්ම ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් මාලාවකට එළඹී ඇති අතර, එමඟින් ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය පුරා පිහිටි මිලිටරි කඳවුරු දුසිම් ගණනකට බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ අවස්ථාව එක්සත් ජනපද මිලිටරි සෙබළුන්ට හිමිවේ.මෙම ගිවිසුම් යටතේ, තමන් ක්‍රියාත්මක වන කඳවුරු කෙරෙහි පූර්ණ අධිකරණ බලය එක්සෙත් ජනපදය සතු වන අතර, වැරදි හෝ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙබළුන් පිළිබඳ නඩු විභාග කරනු ලබන්නේ ද එක්සත් ජනපද නීතියට අනුකූලවය.

රූබියෝ සිකුරාදා පැවැති නේටෝ (NATO) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වන අතරතුර, ස්වීඩනය සමඟ ද්විපාර්ශ්වික තාක්ෂණික හවුල්කාරිත්වයකට අත්සන් තැබීම සඳහා ද කාලය වෙන් කරගත්තේය. එම අත්සන් තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින් ස්වීඩන විදේශ අමාත්‍ය මාරියා මැල්මර් ස්ටෙනර්ගාඩ්, පරදුවට ලක්ව ඇති ආරක්ෂක සහ ආර්ථික අභිලාෂයන් පෙන්වා දෙමින් මෙසේ පැවසුවාය:

“පසුගිය වසරක කාලය තුළ පමණක්, ස්වීඩනය නේටෝ (NATO) සංවිධානයට බැඳී, හූස්ටන් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර දෙකෙහිම ප්‍රධාන කොන්සල් කාර්යාල විවෘත කර, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, එක්සත් ජනපදයේ ප්‍රමුඛතම මුලපිරීමක් වන ‘පැක්ස් සිලිකා’ (Pax Silica) වැඩසටහන සමඟ ද එක්වී තිබේ.”

“අද අපි තවත් පියවරක් ඉදිරියට තබමින් සිටිමු. තාක්ෂණික සෞභාග්‍යය පිළිබඳ මෙම ගිවිසුම අපගේ පොදු ආරක්ෂාව සහ සෞභාග්‍යය උදෙසා නව විභවතාවන් විවෘත කරනු ඇත… එය කෘතිම බුද්ධිය (AI), සබඳතාවයන්, ආරක්ෂක නවෝත්පාදන හෝ අභ්‍යවකාශය වේවා, අප එක්ව කටයුතු කරන විට අපි වඩාත් ශක්තිමත් වන්නෙමු.”

තවත් බටහිර දිශාවට, ඩෙන්මාර්කයට අයත් ස්වයංපාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තයේ පාලනය නතු කරගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ යුරෝපීය බලවතුන් අතර පවතින ගැටුම මේ සතියේදී නැවත වරක් උත්සන්න විය.

බ්‍රහස්පතින්දා දින, එක්සත් ජනපදය එහි අගනුවර වන නූක් (Nuuk) හි නව සහ වඩාත් විශාල කොන්සල් කාර්යාලයක් විවෘත කළේය. ඩෙන්මාර්ක සහ යුරෝපීය නිලධාරීන් මෙන්ම ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් ද එම අවස්ථාවට සහභාගී නොවීම කැපී පෙනෙන කරුණක් විය. කොන්සල් කාර්යාලය විවෘත කිරීමට එරෙහිව 1,000ක් දක්වා වූ පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් මහා විරෝධතාවක් බ්‍රහස්පතින්දා දින පැවැත්වුණු අතර, ග්‍රීන්ලන්තයේ සමස්ත ජනගහනය 57,000ක් පමණක් වන බව සලකා බලන විට එය ඉතා දැවැන්ත විරෝධතාවක් විය.

දේශගුණික විපර්යාස හේතුවෙන් ආක්ටික් කලාපයේ විවෘත වෙමින් පවතින දියමංකඩවල් මධ්‍යයේ පිහිටි එහි ප්‍රධාන මූලෝපායික පිහිටීම සහ සාරවත් අමුද්‍රව්‍ය තැන්පතු නිසා, ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ තම අදහස ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ. ග්‍රීන්ලන්තය සඳහා වූ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වන ලුසියානා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙෆ් ලෑන්ඩ්‍රි සතියකට ආසන්න කාලයක් එම දූපතේ සංචාරයක නිරත වුවද, කිසිදු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ඔහුව හමුවීමට සූදානම්ව සිටියේ නැත. මාර්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දැනට සිදුවෙමින් පවතින සභාග ආණ්ඩු පිහිටුවීමේ සාකච්ඡා හේතු දක්වමින්, ඩෙන්මාර්ක රජය ද කිසිදු නියෝජිතයෙකු එවීමට කටයුතු කළේ නැත.

ඩෙන්මාර්ක, ග්‍රීන්ලන්ත සහ එක්සත් ජනපද නිලධාරීන් මේ වන විට එම දූපත එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක සාකච්ඡාවල නිරත වෙමින් සිටිති. ‘නිව් යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පතට අනුව, එහි ස්ථිර පදනමේ සෙබළුන් යෙදවීමේ අයිතිය සහ සියලුම ප්‍රධාන ආර්ථික ආයෝජන සම්බන්ධයෙන් නිෂේධ බලය (veto power) ලබාගැනීමේ අයිතිය වොෂින්ටනය විසින් ඉල්ලා සිටියි. එමෙන්ම, නේටෝ (NATO) මහලේකම් මාර්ක් රූට් විසින් ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද “ආක්ටික් එන්ඩියුරන්ස්”(Arctic Endurance) නැමැති නව මෙහෙයුමේ කොටසක් ලෙස, යුරෝපීය නේටෝ සාමාජික රටවල් ද උතුරු දිග ඉහළ කලාපයේ (high north) තම මිලිටරි පැවැත්ම සහ ක්‍රියාකාරකම් ඉහළ නංවමින් සිටියි.

නේටෝ (NATO) සංවිධානයේ සමීපතම මිත්‍ර රටවල් දෙක ලෙස සැලකිය හැකි එක්සත් ජනපදය සහ කැනඩාව අතර පවතින මිලිටරි සහයෝගිතාව ද දැන් තවදුරටත් ‘ දෙන ලද්දක්’ (ස්ථිර ලෙස) එකක් ලෙස සැලකිය නොහැකිය. මෙම සතිය මුලදී, යුද කටයුතු පිළිබඳ උප ලේකම් එල්බ්‍රිජ් කොල්බි සමාජ මාධ්‍ය සටහනක් මඟින් ප්‍රකාශ කළේ, 1940 වසරේ සිට එක්සත් ජනපදය සහ කැනඩාව අතර මහද්වීපික ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන “ස්ථිර ඒකාබද්ධ ආරක්ෂක මණ්ඩලයේ” (Permanent Joint Board of Defense) තම සහභාගීත්වය එක්සත් ජනපදය විසින් අත්හිටුවන බවයි. බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් පෙන්ටගනය ප්‍රකාශ කළේ, කැනඩාවේ ලිබරල් රජය තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් මිලිටරි කටයුතු සඳහා වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශ්වසනීය සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ ඇමරිකාවේ නිෂ්පාදිත F-35 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම පිළිබඳ අවසන් තීරණය වසරකට වැඩි කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙන් තමන් මෙම පියවර ගත් බවයි. කැනඩා රජය F-35 යානා මිලදී ගැනීමේ ක්‍රියාවලිය නැවත සමාලෝචනයකට ලක් කර ඇති අතර, රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට සහ කැනඩාව 51 වන ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමට ට්‍රම්ප් විසින් දිගින් දිගටම එල්ල කරන ලද තර්ජනවලින් පසුව, එක්සත් ජනපදය මත පවතින තම යැපීම සැලකිය යුතු ලෙස අඩු කිරීම අරමුණු කරගත් “ආරක්ෂක කාර්මික උපායමාර්ගයක්”’ (Defense Industrial Strategy) ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මෑත මාසවලදී යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් වෙත වඩාත් සමීප වීම සඳහා විශේෂ උත්සාහයක් ගෙන තිබේ. ඔහුගේ රජය මිලිටරි නිෂ්පාදන සඳහා වූ “රීආම් යූරෝප්” (Rearm Europe) වැඩසටහනේ හවුල්කරුවෙකු ලෙස කැනඩාවට ස්ථානයක් තහවුරු කර දුන් අතර, කාර්නි පසුගිය මාසයේදී යෙරෙවන් (Yerevan) නුවර පැවැති යුරෝපීය දේශපාලන ප්‍රජාවේ (European Political Community) සමුළුවකට සහභාගී වූ පළමු යුරෝපීය නොවන නායකයා බවට පත් විය.

නේටෝ (NATO) සන්ධානය බිඳදමමින් පවතින සහ ලෝකය අලුතින් නැවත බෙදා ගැනීමක් සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් එකිනෙකා සමඟ ගැටුමකට ඇද දමන මෙම ගැටුම් නැවැත්විය හැක්කේ, සමාජයේ සමාජවාදී පරිවර්තනයක් උදෙසා  ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට පමණි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න වීම මධ්‍යයේ ස්වීඩනයේ පැවැති නේටෝ (NATO) සමුළුව, තියුණු වෙමින් පවතින අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතා මතුකර පෙන්වයි Read More »

Iran war

ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් පසු, ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කිරීමට ධවල මන්දිරය සැලසුම් කරයි

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 18 දින “After Trump’s China trip, White House plans new attack on Iranයන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Iran war
2026 මැයි 15 වන සිකුරාදා බෙයිජිං නුවරදී, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ජොංනන්හායි n (Zhongnanhai) උද්‍යානය හරහා යන මිත්‍රත්ව පාගමනකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (දකුණේ) සහභාගී වන ආකාරය . [ඒපී ඡායාරූපය/ඉවන් වුචි]

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බීජිං නුවර සිට ආපසු පැමිණ දින දෙකක් ගතවීමටත් මත්තෙන්, ඉරානයට එරෙහිව යළිත් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ධවල මන්දිරය සක්‍රීය ලෙස සූදානම් වෙමින් සිටී. 

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, “ලබන සතිය තරම් ඉක්මනින්, සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට සිදු කෙරෙන විශාලතම ප්‍රහාරය ලෙස, ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කිරීමේ හැකියාව වෙනුවෙන් දැඩි සූදානමක නිරතව සිටින” බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සිකුරාදා වාර්තා කළේය.

දශකයකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව වූ ට්‍රම්ප්ගේ බීජිං රාජ්‍ය සංචාරය පුරාම, ඉරාන යුද්ධය හේතුවෙන් හටගත් අර්බුදය ප්‍රධාන තැනක් ගත්තේය. ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ප්‍රසිද්ධියේ සුහදතාවක් ප්‍රදර්ශනය වුවද, ඉරාන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් කිසිදු පොදු එකඟතාවකට එළඹීමට නොහැකි වූ අතර, කිසිදු නිල ප්‍රකාශනයක් ද නිකුත් නොකෙරුණි.

ඉරාන ජාතිකයන් 3,000කට අධික පිරිසක් සමූලඝාතනය කර සහ සිවිල් ගොඩනැගිලි 81,000ක් විනාශ කර තිබියදීත්, එක්සත් ජනපදය සිය අරමුණු කිසිවක් සාක්ෂාත් කරගෙන නොමැත. එය ඉරාන රජය පෙරළා දැමීමට හෝ ඉරාන හමුදාව බිඳ දැමීමට හෝ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීමට හෝ සමත්ව නැත.

සටන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් විසින් සිය ඉහළම ජාතික ආරක්ෂක කණ්ඩායම අඟහරුවාදා දින ‘සිටුවේෂන් රූම්’ (Situation Room) වෙත කැඳවීමට නියමිත බව ඇක්සියෝස් (Axios)  ඉරිදා වාර්තා කළේය. මෙම රැස්වීම පැවැත්වෙන්නේ, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සී.අයි.ඒ. (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් සහ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යන අයගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා දින ට්‍රම්ප්ගේ වර්ජිනියා ගොල්ෆ් සමාජයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ඉරිදා සවස, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති දුරකථන ඇමතුමකින් පසුව, ට්‍රම්ප් ‘ටෘත් සෝෂල්’ (Truth Social) හි මෙසේ සටහන් කළේය: “ඉරානයට තිබෙන කාලය වේගයෙන් ගෙවී යමින් පවතී, එබැවින් ඔවුන් ඉතා ඉක්මනින් පියවරක් ගත යුතුය, නැතහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි නොවනු ඇත.”

මැදපෙරදිග සිතියමක් මත ඇමෙරිකානු ධජය සලකුණු කර, සෑම දෙසකින්ම ඉරානය දෙසට රතු ඊතල යොමු කර ඇති, කෘතිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් ඉන් පසුව ඔහු ඉදිරිපත් කළේය. එමඟින් ඔහු ඉඟි කළේ ඇමෙරිකාව විසින් ඉරානය ගොඩබිමින් ආක්‍රමණය කිරීමට සූදානම් වන බවයි.

ට්‍රම්ප් ඉරානයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට නවතම ඉඟියක් පළ කරමින්, ඔහු විසින් මීට පෙර, පාලන පුවරුවක (command console) ඇති රතු බොත්තමක් ඔබන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. එහි ඔහුට ඉහළින් ඇති තිරයක හතු ආකාර පිපිරුම් (න්‍යෂ්ටික පිපිරුම් mushroom-cloud explosions) දර්ශනය වෙමින් තිබුණි.

ටයිම්ස් (Times) පුවත්පතේ වාර්තාවට අනුව, පෙන්ටගනයේ සලකා බැලීමට ලක්ව ඇති විකල්ප අතර ඉරානය තුළ ඇමරිකානු හට පිරිස් යෙදවීම ද ඇතුළත්ය. එය ‘විශාල ජීවිත හානි සිදුවීමේ අවදානමක්’ සහිත වනු ඇත

ඉරාන යුද්ධය උත්සන්න කිරීමේදී, ට්‍රම්ප් කතා කරන්නේ තමා වෙනුවෙන් පමණක් නොව සමස්ත මූල්‍ය කතිපයාධිකාරය (ධනවත් පාලක පන්තිය) වෙනුවෙන් ද වේ. යුද්ධය ආරම්භ කිරීම මගින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කීර්තිය, ඉරානය යටත් කර ගැනීම මත ඔට්ටු තැබීමට ට්‍රම්ප් කටයුතු කර ඇත. එම අරමුණ ඉටු කර ගැනීමට අපොහොසත් වීම, ඇමරිකානු ධනවාදයේ නුබුන්වත් බව (solvancy- ‘ස්ථාවර බව’) රඳා පවතින ඩොලරය පදනම් කරගත් මූල්‍ය පද්ධතියේ බිඳ වැටීම වේගවත් කරන ව්‍යසනයක් ලෙස පාලක පන්තිය විසින් දකිනු ලබයි.

එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන, ඉරානය ආක්‍රමණය කිරීම සඳහා එරට පාබල හමුදාවන් යෙදවිය යුතු බවට ප්‍රසිද්ධියේ බලපෑම් කරමින් සිටියි. රේගන් සහ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් පරිපාලන සමයන්හි නාවික හමුදා හිටපු නියෝජ්‍ය උපලේකම්වරයෙකු වූ සෙත් ක්‍රොප්සි (Seth Cropsey), ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පතේ ඉරිදා දින පළ කළ ‘ඉරාන වැඩේ අවසන් කරන්නේ  කොහොමද?’ යන මැයෙන් යුත් ලිපියක සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් විසින් “මහා  ව්‍යසනකාරී  බලය භාවිතා කිරීමේ තර්ජනය ක්‍රියාවට නැංවිය යුතුයි, එයින් අදහස් කරන්නේ, ඉරාන රාජ්‍යයේ බිඳ වැටීම වේගවත් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් නැවත විවෘත කිරීමට, පාබල හමුදාවන් යෙදවීම ඇතුළු බහු-අදියර මෙහෙයුමක් සඳහා සූදානම් වීමයි” යනුවෙනි.

ක්‍රොප්සි (Cropsey) ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුණ දී සිටින බරපතල අර්බුදය පෙන්වා දෙමින් මෙසේ පැවසීය: “මෙම වසරේ ඉතිරි කාලය පුරාම තෙල් බැරලයක මිල ඩොලර් 150 සීමාව ආසන්නයේ පැවතුණහොත්, උද්ධමනය තවදුරටත් වේගවත් වන අතර ප්‍රධාන කර්මාන්තයන්හි සැපයුම් දාමයන් බිඳ වැටීමට ලක්වනු ඇත. මෙම අර්බුදය වාසිදායක ලෙස අවසන් කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමටත්, ඇමරිකාවේ අවශ්‍යතා සහ කීර්තිය ආරක්ෂා කරගනිමින් ආර්ථිකය නැවත නගාසිටුවීමටත් ට්‍රම්ප් මහතාට ඇත්තේ සීමිත කාලයකි. නමුත් ඒ සඳහා සමස්ත ඇමරිකානු බලයම උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.”

නැවත වරක් ප්‍රහාර එල්ල කිරීම සඳහා වන බලපෑම් ඉරිදා දින දේශපාලන සාකච්ඡා වැඩසටහන් හරහා ද තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී. ට්‍රම්ප්ගේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්ති සහකරුවෙකු වන දකුණු කැරොලිනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් , “මීට් ද ප්‍රෙස්”(Meet the Press) වැඩසටහනට එක්වෙමින්, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.”ජනාධිපති ට්‍රම්ප්  යුධමය වශයෙන් කර ඇති දේ විශිෂ්ටයි, නමුත් අපට පහර දිය හැකි තවත් ඉලක්ක ඉතිරිව තිබෙනවා. එමෙන්ම ඔවුන්ට රිදවීම සඳහා අපට කළ හැකි දේ තිබෙනවා. ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් යනු ඔවුන්ගේ දුර්වලම ස්ථානයයි. ඔබ නැවත සටනට අවතීර්ණ වන්නේ නම්, මම ලැයිස්තුවේ ඉහළින්ම තබන්නේ බලශක්ති ක්ෂේත්‍රයයි.” ග්‍රැහැම් පැවසීය.

සැලසුම් කර ඇති  උත්සන්න කිරීම ගැන ඩිමොක්‍රටික් පක්ෂය කිසිදු විරෝධයක් දැක්වූයේ නැත. ඒ වෙනුවට, ඉරිදා සාකච්ඡා වැඩසටහන්වලට පෙනී සිටි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අදහස් දැක්වීම් බොහෝ දුරට වෙන් කළේ, බීජිං සමුළුවේදී ට්‍රම්ප් චීනය කෙරෙහි දැක්වූ ප්‍රවේශය ප්‍රමාණවත් තරම් දැඩි හෝ යුදකාමී නොවන බව පවසමින් එය හෙළා දැකීමටය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයේ නාමයෙන්, ට්‍රම්ප් විසින් තායිවානය පාවා නොදිය යුතුය” යැයි සෙනෙට් සභාවේ සුළුතරයේ නායක චක් ශූමර් ප්‍රකාශ කළේය. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ චෝදනාව වන්නේ ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය හේතුවෙන්, චීනය සමඟ පවතින ගැටුම කෙරෙහි ඇමරිකා එක්සත් ජනපදයට තිබූ අවධානය  අපසරණය වී ඇති බවයි.

ඉරානයට එරෙහි යුද්ධය යනු එක විටම  ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව කෙරෙන යුද්ධයක් ද වේ. යුද්ධය හේතුවෙන් හටගත් උද්ධමන අර්බුදය, බලශක්ති සහ ආහාර මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. පසුගිය මාස තුනක කාලය තුළ වාර්ෂික පදනමින් බලන කල, අලුත් එළවළු මිල සියයට 44 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව NBC පුවත් සේවය වාර්තා කළේය. ඉන්ධන මිල ජාතික සාමාන්‍යයක් ලෙස ගැලුමක් ඇමරිකානු ඩොලර් 4.51 ක් වන අතර, යුද්ධය ආරම්භ වූ දා සිට බ්‍රෙන්ට් බොරතෙල් මිල දළ වශයෙන් සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇත.

ජීවන වියදම දරුණු ලෙස ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින්, ට්‍රම්ප් මේ මාසයේදී ධවල මන්දිරයේ සිටි මාධ්‍යවේදීන් අමතා පැවසූවේ : “මම ඇමරිකානුවන්ගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නේ නැත.”  යනුවෙනි. 

විදේශයන්හි පවතින යුද්ධය සහ දේශීය සමාජ සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම අතර පවතින සෘජු සැබැඳියාව රජය විසින් පැහැදිලිවම පෙන්වා දී ඇත. අප්‍රේල් 1 වනදා ධවල මන්දිරයේ පැවැති පාස්කු දිවා භෝජන සංග්‍රහයකදී ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කළේය: ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මෙඩිකේඩ් (Medicaid), මෙඩිකෙයා (Medicare) වැනි මේ සෑම පෞද්ගලික අවශ්‍යතාවක්ම  බලා කියා ගැනීමට අපට හැකියාවක් නැත. අපට එක් ප්‍රධාන කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව තිබේ, එනම් මිලිටරි ආරක්ෂාවයි.”” අප  යුද්ධ කරමින් සිටිමු” යි ඔහු  පැවසීය.

යුද්ධයේ පිරිවැය භාණ්ඩාගාරයට ද දැඩි බරක් වෙමින් පවතී.කඳවුරුවලට සිදුවූ හානි හැර, යුද්ධය වෙනුවෙන් ඩොලර් බිලියන 29ක් වැය වී ඇති බව පෙන්ටගනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (Comptroller) ජේ හර්ස්ට් පසුගිය සතියේ කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තේය. මේ අතර, හාවඩ් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාඥ ලින්ඩා බිල්ම්ස් අප්‍රේල් මාසයේදී ‘ෆෝචූන්’ (Fortune) සඟරාවට පවසා තිබුණේ, “ඉරාන යුද්ධය වෙනුවෙන් අපට ඩොලර් ට්‍රිලියනයක් වැය වනු ඇති බව සහතික” බවයි.

ඉරානයට එරෙහි යුද්ධය උග්‍රවීම සිදුවන්නේ පන්ති අරගලයේ විශාල පිබිදීමක් මධ්‍යයේ ය. ලෝන්ග් අයිලන්ඩ් රේල් රෝඩ් (LIRR) සේවකයින් 3,500ක් පමණ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සේවයෙන් බැහැර විය . ඒ අනුව, 1994න් පසු සිදු වූ පළමු LIRR වැඩ වර්ජනය සනිටුහන් කරමින්, එක්සත් ජනපදයේ කාර්යබහුලම මගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටවුණි.

මිචිගන්හි සැගිනෝව් (Saginaw) හි පිහිටි නෙක්ස්ටියර් ඔටෝමෝටිව් (Nexteer Automotive) ආයතනයේ සේවය කරන “එක්සත් මෝටර් රථ සේවක සංගමයේ” (United Auto Workers) සාමාජිකයින් 1,300 දෙනා පසුගිය සති හය තුළ දෙවතාවක්ම (හාම්පුතුන් හට) සහනදායී ගිවිසුම් ප්‍රතික්ෂේප කර ඇති අතර, වහාම වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය සමිතියට බලකර සිටී . එමෙන්ම, මිචිගන්හි ත්‍රී රිවර්ස් (Three Rivers) හි පිහිටි ඇමරිකන් ඇක්සල් (American Axle) කර්මාන්තශාලාවේ “එක්සත් මෝටර් රථ සේවක සංගමයේ” සාමාජිකයින් 1,000 දෙනා, මැයි 31 වනදා තමන්ගේ ගිවිසුම අවසන් වූ පසු වැඩවර්ජනයකට අවතීර්ණ වීම සඳහා සියයට 98 ක කැමැත්තකින් මැයි 12 වනදා අනුමැතිය ලබා දී ඇත.

මෙම අරගලවලට ආසන්නතම හේතුව වී ඇත්තේ යුද්ධය නිසා ඇති වූ ජීවන වියදම් අර්බුදයයි. කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම, යුද්ධයට එරෙහි සටනින් බැහැර කළ නොහැකිය.

ඉරාන සමාජය මුළුමනින්ම විනාශ කරන බවට ට්‍රම්ප් කර ඇති තර්ජන පිළිබඳව ඉහළම මට්ටමේ දැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙම පාලනාධිකාරය යනු ඇමරිකානු පාලක පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා න්‍යෂ්ටික ආයුධ භාවිතය ඇතුළු ඕනෑම ක්‍රියාවක නිරත වීමට පසුබට නොවන, අපරාධකාරී සහ මැර කල්ලි ස්වරූපී පාලනයකි.

ප්‍රවාහන සහ මෝටර් රථ කර්මාන්තයන්හි  අරගල, යුද්ධය සහ ආඥාදායකත්වය සඳහා වන ට්‍රම්ප්ගේ සැලසුම්වලට එරෙහි සටනේ ඉදිරි මාවත පෙන්වා දෙයි. මිනීමරු ට්‍රම්ප් පාලනයට සහ ඩිමොක්‍රටික් පක්ෂය තුළ සිටින ඔවුන්ගේ අනුබලදෙන්නන්ට එරෙහි විය යුත්තේ පන්ති අරගලයේ ක්‍රමවේදය සහ සමාජවාදී වැඩපිළිවෙළක් ඔස්සේ ය.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් පසු, ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කිරීමට ධවල මන්දිරය සැලසුම් කරයි Read More »

Trump visit

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ ට්‍රම්ප් සහ ෂී හමුවේ

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “Trump and Xi to meet amid global eruption of imperialist warයන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Trump visit
2026 මැයි 11 වන සඳුදා දින බීජිංහිදී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට පෙර බීජිං ජාත්‍යන්තර අගනුවර ගුවන් තොටුපළ වෙත ළඟා වන ඇමරිකානු ගුවන් හමුදාවට අයත් බෝයිං C-17 ග්ලෝබ්මාස්ටර් III (Boeing C-17 Globemaster III) ප්‍රවාහන ගුවන් යානයක් මිනිසුන් විසින් රූපගත කරනු ලබයි. [AP ඡායාරූපය/ඇන්ඩි වොන්ග්]

වොෂින්ටනය විසින් දියත් කරන ලද අධිරාජ්‍යවාදී යුද්ධයක ගෝලීය ප්‍රචණ්ඩකාරී රැල්ලක් මධ්‍යයේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං මේ සතියේදී බීජිංහිදී හමුවීමට නියමිතය.

දකුණු කොරියාවේ පැවැති ඒපෙක් (APEC) සමුළුවට සමගාමීව ඔවුන් අතර පැවැති හමුවෙන් පසු ගත වූ මාස හයක කාලය තුළ, එක්සත් ජනපදය වෙනිසියුලාවේ ජනාධිපතිවරයාව පැහැරගෙන, ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති අතර, ගෝලීය බලශක්ති සහ ආහාර අර්බුදයක් නිර්මාණය කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය ද අවහිර කර ඇත. ඉරානය සහ වෙනිසියුලාව යන රටවල් දෙකෙහිම තෙල් අපනයනයන් සඳහා වන විශාලතම ගමනාන්තය චීනය වේ. එම රටවලට එරෙහිව ට්‍රම්ප් දියත් කර ඇති යුද්ධ, චීනයම ඉලක්ක කරගත් ගෝලීය ගැටුමක ආරම්භක ගැටුම් වේ.

ට්‍රම්ප් විසින් දියත් කරන ලද ලෝක ව්‍යාප්ත මහා යුද ගින්න මධ්‍යයේ, ‘නිව් යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පත සිය සඳුදා කලාපයේ ප්‍රධාන පුවත ලෙස “ට්‍රම්ප් බීජිං බලා යන විට, චීනය සටනකට ‘සන්නද්ධව සහ සූදානමින්’ (Locked and Loaded) සිටියි” යන මාතෘකාවෙන් යුත් ලිපියක් පළ කළේය.

සැබවින්ම, “සන්නද්ධව සහ සූදානමින්” (locked and loaded) සිටින්නේ ට්‍රම්ප්ගේ ධවල මන්දිරයයි. මාස ගණනාවක් තිස්සේ, එක්සත් ජනපද හමුදාව කැරිබියන් සහ පැසිෆික් කලාපයන්හි බෝට්ටු මුහුදේදීම පුපුරවා හරිමින්, සිවිල් වැසියන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව පවසමින් ඔවුන්ව සමූල ඝාතනය කරමින් සහ “සම්බාධක පැනවූ” තෙල් ප්‍රවාහනය කළ බවට වන ව්‍යාජ හේතු මත ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිදී තෙල් නැව් (tanker) අත්අඩංගුවට ගනිමින් සිටී. ඇමරිකානු හමුදා ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කර ඇති අතර, අප්‍රේල් 7 වන දින ට්‍රම්ප් තර්ජනය කළේ “සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ විනාශ වී යනු ඇත, එය කිසිදා නැවත බිහි කළ නොහැකි වනු ඇත” යනුවෙනි.

ට්‍රම්ප් නායකත්වය දෙන්නේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින රජයකටය. ඔහු ඉරාන යුද්ධය දියත් කළේ එයින් ඉරාන රජය කඩිනමින් පෙරළා දැමීමට හැකි වනු ඇතැයි යන විශ්වාසය ඇතිවය. දැන්, සිය යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇති බැවින්, ට්‍රම්ප් චීනයේ සහය පතමින් සිටින අතර, එය මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණක් ද වේ.

මැයි 4 වන දින මහා භාණ්ධාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාවට පැවසූ පරිදි:

“එබැවින් මෙම ජාත්‍යන්තර මෙහෙයුමට සහය දැක්වීම සඳහා අප හා එක්වන ලෙස මම චීනයෙන් ඉල්ලා සිටිමි. සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය අප සතුව පවතී. ඔවුන් යම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට පැමිණ, ඉරාන ජාතිකයන් ලවා සමුද්‍ර සන්ධිය විවෘත කරවා ගැනීමට කටයුතු කරන්නේ කෙසේදැයි අපි බලමු.”

චීන පාර්ශවයෙන්, ‘ග්ලෝබල් ටයිම්ස්’ (Global Times) පුවත්පතේ හිටපු කර්තෘ හූ සිජින් (Hu Xijin) මෙසේ ලියා තිබේ: “එක්සත් ජනපදය මෙම අදූරදර්ශී ලෙස අවුල් කරගත් යුද්ධය චීනයේ අවශ්‍යතාවලට හානි කිරීම සඳහා භාවිත කිරීමට උත්සාහ කරන්නේ නම්, එක්සත් ජනපදයට අහිමි වන දේට වඩා ලැබෙන දේ බෙහෙවින් අඩු බව තහවුරු කෙරෙන, භාවිත කළ හැකි බොහෝ තුරුම්පු චීනය සතුව පවතින බව මම විශ්වාස කරමි.” ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතේ ගිඩියන් රැච්මන් මෙසේ අදහස් දක්වා තිබේ: “කෙසේ වුවද, සැබෑ තත්ත්වය නම්, එය ට්‍රම්ප් ප්‍රිය කරන වාක්‍ය ඛණ්ඩයක් භාවිත කරමින් පවසන්නේ නම් — ‘තුරුම්පු අතැතිව’ සිටින්නේ ෂී ජින්පිං” යන්නයි.

බීජිං වෙත පැමිණීමේදී, ට්‍රම්ප් තමන් සමඟ විවිධ ප්‍රතිලාභ මෙන්ම තර්ජන ද (carrots and sticks) රැගෙන එනු ඇත. ප්‍රතිලාභ ලබාදීමේ පාර්ශවය සැලකීමේදී, ඔහු සමඟ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන්ගෙන් සමන්විත පිරිසක් පැමිණ සිටිති. ඒ අතර ටිම් කුක් (Apple), ඉලොන් මස්ක් (Tesla), ලැරී ෆින්ක් (BlackRock), ස්ටීවන් ෂ්වාට්ස්මන් (Blackstone), ඩේවිඩ් සොලමන් (Goldman Sachs), ජේන් ෆ්‍රේසර් (Citi), මෙන්ම බෝයිං (Boeing), කාගිල් (Cargill), මෙටා (Meta), මයික්‍රෝන් (Micron), ක්වාල්කොම් (Qualcomm), වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) යන සමාගම්වල විධායක නිලධාරීහු ද වෙති. එහිදී දෙපාර්ශවයටම වාසිදායක වන විවිධ ගනුදෙනු ඉදිරිපත් කරනු ඇත.

කෙසේ වුවද, මේ සියල්ලටම යටින් දිවෙන්නේ බීජිං පාලනයට එරෙහිව ආර්ථික හා මිලිටරි ක්‍රියාමාර්ග විශාල වශයෙන් දැඩි කිරීමේ අඛණ්ඩ තර්ජනයයි.

ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රමුඛ කොටස් වෙනුවෙන් පෙනී සිටිමින්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) කතුවැකි මණ්ඩලය බීජිං සමුළුව හඳුන්වා දෙන්නේ, ට්‍රම්ප්ව “ආතතීන් ලිහිල් කිරීමේ” (detente) පිළිවෙතකින් ඉවතට යොමු කළ හැකිද යන්න පිළිබඳ පරීක්ෂණයක් ලෙසය; ඔවුන්ගේ දෘෂ්ටියට අනුව, මෙම පිළිවෙත මඟින් ප්‍රධාන උපායමාර්ගික අවශ්‍යතා අත්හැර දැමීමේ අවදානමක් පවතී. ධවල මන්දිරයේ ප්‍රචාරය අනුව මෙය “‘ස්ථාවරත්වයක්’ සෙවීමක්” බව වුවද, ට්‍රම්ප්ගේ “පෞද්ගලික” රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගනුදෙනු පසුපස හඹා යාම, ෂීගේ “ඇමරිකානු විරෝධී අරමුණු” ලෙස එම පුවත්පත විස්තර කරන දේ සමඟ ගැටිය හැකි බවට ජර්නල් පුවත්පත අනතුරු අඟවයි.

වැඩිම කරුණු ප්‍රමාණයක් අනාවරණය වන්නේ ජර්නල් පුවත්පතේ පුළුල් මූලෝපායික නිගමනයෙනි: එය චීනය එක්සත් ජනපද ප්‍රතිවාදීන් අතර “ප්‍රධාන මූල්‍ය හිමිකරු සහ කාර්මික පදනම” ලෙස දක්වන අතර, “දෙවන ට්‍රම්ප් පරිපාලනය ආතතීන් ලිහිල් කිරීමට (detente) උත්සාහ කරමින් සිටින බවත්, ට්‍රම්ප් මහතා එහි ප්‍රධාන සාමවාදියා (chief dove) වන බවත්” වීමේ අනතුර අඟවයි. නැවත සන්නද්ධ වීම සඳහා “ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් සම්මත කරන ලෙස” පැහැදිලිවම ඉල්ලා සිටින එම පුවත්පත, (ගැටුම්වල ඇති වන) ඕනෑම විරාමයක් පිළිගත හැක්කේ නැවත සන්නද්ධ වීම සඳහා ලැබෙන සහන කාලයක් (breathing space) ලෙස පමණක් බව අවධාරණය කරයි. එය සෘජුවම මෙසේ අනතුරු අඟවයි: “ලෝකයේ ප්‍රමුඛතම බලවතා ලෙස පවතින එක්සත් ජනපදය පෙරළා දැමීම සඳහා ෂී මහතා දිගුකාලීන සැලසුමක (long game) නිරතව සිටියි.”

ට්‍රම්ප්-ෂී සමුළුව පැවැත්වෙන්නේ ඇමරිකානු පාලක පන්තිය මුහුණ දී සිටින මූලික උපායමාර්ගික අර්බුදය මධ්‍යයේ ය. එනම්, ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය දීර්ඝ කාලයක් තිස්සේ පිරිහීමට ලක්වීම හමුවේ එය පියවා ගැනීමට වොෂින්ටනය වඩ වඩාත් ආක්‍රමණශීලී යුද බලයක් භාවිතා කිරීමට උත්සාහ කර ඇත. චීනයේ අඛණ්ඩ වර්ධනය මෙම තත්ත්වය සමග සමපාත වී ඇති අතරම, එය තවදුරටත් තීව්‍ර කිරීමට ද හේතු වී තිබේ.

චීනය සමඟ යුද්ධයකට යොමු වීමේ මෙම ප්‍රවණතාවය තුළ සංස්ථාපිත මාධ්‍යයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. වෙළඳාම, ආයෝජන සහ කාර්මික ව්‍යාප්තිය හරහා මෙන්ම, දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය විසින්ම ප්‍රවර්ධනය කරන ලද “නිදහස් වෙළඳ” නීති රීතිවල විධිමත් රාමුව තුළ චීනය ලබා ඇති ආර්ථික හා තාක්‍ෂණික දියුණුව, ඇමරිකාවට එල්ල වූ භෞතික තර්ජනයක් ලෙස එම මාධ්‍ය විසින් හුවා දක්වනු ලබයි. එමගින් චීනයට එරෙහිව බලහත්කාරය පෑම, සම්බාධක පැනවීම සහ යුද්ධය ආදිය “සාධාරණීකරණය” කිරීමට ඔවුන් උත්සාහ කරයි.

වසර ගණනාවක් පුරා එල්ල වූ ඉහළ යන තීරුබදු සහ තාක්ෂණික තහංචි මඟින් චීන කර්මාන්ත ක්ෂේත්‍රය අඩපණ කිරීමට හැකි වී නොමැත. ඒ වෙනුවට, එමඟින් සිදුව ඇත්තේ මූලික ගමන් මඟ වෙනස් කිරීමට අපොහොසත් වෙමින්, ඉහළ මිල ගණන් සහ ආර්ථික අස්ථාවරත්වය හරහා ඇමරිකානු කම්කරුවන් මත විශාල පිරිවැයක් පැනවීමයි. චීනයේ කාර්මික ස්ථාවරත්වය වඩාත් පැහැදිලි සංඛ්‍යාලේඛන මඟින් සනාථ වේ: BYD මෝටර් රථ සමාගම 2025 වසරේදී සම්පූර්ණ විද්‍යුත් මෝටර් රථ මිලියන 2.26ක් අලෙවි කරමින්, ගෝලීය වශයෙන් ටෙස්ලා (Tesla) සමාගමට වඩා වාහන 600,000කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කර ඇත. එම වාහන ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වීම වළක්වා ඇත්තේ සියයට 247.5ක අසාමාන්‍ය තීරුබදු පැනවීමක් මඟින් පමණි.

වර්තමානයේ ලොව පුරා නිෂ්පාදනය වන සෑම මානවරූපී රොබෝවරුන් (humanoid robots) පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම අපනයනය කරනු ලබන්නේ චීන සමාගම් විසිනි. එහිදී යුනිට්‍රී (Unitree) සමාගම පමණක් 2025 වසරේ ඒකක 5,500ක් අපනයනය කිරීමෙන් පසු, මෙම වසරේදී ඒකක 20,000ක ඉලක්කයක් කරා ගමන් කරයි. ඩී.ජේ.අයි (DJI) ඩ්‍රෝන නිෂ්පාදන සමාගම ඇමරිකානු පාරිභෝගික ඩ්‍රෝන වෙළඳපොළ ආක්‍රමණය කර ඇති අතර, ජාත්‍යන්තර වාණිජ ඩ්‍රෝන ක්ෂේත්‍රයේ ද ප්‍රමුඛ කොටසක් හිමිකරගෙන සිටියි. කෘතිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් ගත් කල, චීනයේ විවෘත මූලාශ්‍ර (open-source) මහා පරිමාණ භාෂා ආකෘති (large language models), ඇමරිකාවේ ප්‍රමුඛතම පද්ධතිවල පිරිවැයෙන් සුළු කොටසක් වැය කරමින් ඒවායේ මට්ටමට (benchmark points) ඉතා සමීප වීමට සමත්ව ඇත.

නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රකාශන කිසිවිටෙකත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන මෙම ප්‍රශ්නය නොඅසයි: චීනය මෙතරම් වේගයෙන් ඇමරිකානු ආර්ථිකයට සමීප වන්නේ සහ ඇතැම් ක්ෂේත්‍රවලින් ඇමරිකාව අභිබවා යන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයට (ආරම්භයේදීම) ඉතා විශාල වාසියක් තිබුණි. 1980 වසරේදී ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 25ක් පමණ එක්සත් ජනපදය සතු වූ අතර, චීනයේ කොටස වූයේ සියයට 2ක් පමණි.

දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ එක් අරමුණක් මගිනි: එනම් කිනම් හෝ මිලක් ගෙවා පාලක ප්‍රභූ පැලැන්තිය අසීමිත ලෙස තරබාරු කිරීමයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය, එම පන්තිය පොහොසත් කළ, එක්සත් ජනපද කර්මාන්ත විනාශ වීමට මග පෑදූ සහ ලොව පුරා යුද්ධ දියත් කළ මූල්‍යකරණ (financialization) ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඇමරිකානු යුද්ධ, මිලිටරිවාදය සහ ධනවතුන් මුදාගැනීම සඳහා ලබා දුන් නිමක් නැති මූල්‍ය සහනාධාර (bailouts) මගින් පෝෂණය වූ ෆෙඩරල් ණය ප්‍රමාණය දැන් ඩොලර් ට්‍රිලියන 40කට ආසන්න වෙමින් පවතී.

ඇමරිකාවේ ඉහළ යන ණය බර සහ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් බටහිර මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා සම්බාධක දැඩි ලෙස භාවිතා කිරීම හේතුවෙන්, ලොව ප්‍රධාන සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයේ සුරක්ෂිතභාවය පිළිබඳ සැකයන් මතු වී ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.

ඇමරිකානු කතිපයාධිකාරය (Oligarchy) ලෝකය තුළ තමන් සතු බලය හීන වීම පිළිගැනීමට සූදානම් නැත. මෙම සමුළුවේ නිශ්චිත ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සූදානම් වන්නේ මේ වසරේ ට්‍රම්ප්ගේ ක්‍රියාවන් මගින් පෙන්වා දුන් පරිදි චීනයට එරෙහි සෘජු යුද්ධයකට ය. ඉරානය, ලෙබනනය, යුක්රේනය, වෙනිසියුලාව සහ කැරිබියන් කලාපය තුළ පවතින ගැටුම් එම මහා යුද්ධය සඳහා වන පර්යේෂණාගාර, පෙරහුරු සහ මූලික ගැටුම් පමණි.

බීජිං පාලනය සමඟ පවතින ගැටුම කෙරෙහි ට්‍රම්ප් පරිපාලනය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට ඩිමොක්‍රටික් පක්ෂය විවේචනය කර ඇත. සෙනෙට් සභා සන්නද්ධ සේවා කමිටුවේ ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් සාමාජිකයෙකු වන රෝඩ් අයිලන්ඩ් (Rhode Island) ප්‍රාන්තයේ සෙනෙට් සභික ජැක් රීඩ් ‘ෆොක්ස් නිව්ස් සන්ඩේ’ වැඩසටහනට පවසා ඇත්තේ, “ජනාධිපති ට්‍රම්ප් මෙම හමුවට සහභාගී වන්නේ අතිශය දුර්වල මට්ටමක සිට” බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “දැන් පවතින්නේ එකතැන පල්වෙන තත්ත්වයක්. ලෝක තෙල් සම්පතින් සියයට 20ක් ඉරානය විසින් අවදානමට ලක් කර තිබේ,” යනුවෙනි.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ කනස්සල්ලට හේතුව යුද්ධයේ පවතින සාපරාධී බව නොව, මැදපෙරදිග කලාපයේ සිදුවන මෙම පසුබෑම හේතුවෙන් තම ප්‍රධාන අරමුණ වන චීනය සමඟ පවතින ගැටුම උත්සන්න කිරීම සඳහා අවශ්‍ය සම්පත් සහ විශ්වසනීයත්වය ගිලිහී යාමයි.

චීන නිලධාරිවාදය ද මින් මිදීමට ප්‍රගතිශීලී මාවතක් ඉදිරිපත් නොකරයි. එය ලෝක ධනේශ්වර වෙළඳපොළට සහ ජාතික රාජ්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අරමුණට බැඳී පවතින අතර, නැවත නැවතත් අධිරාජ්‍යවාදය සමඟ එකඟතාවයකට පැමිණීමට උත්සාහ කර ඇත. එහෙත් වොෂින්ටනය එවැනි එකඟතාවයක් ලබා දීමට වඩ වඩාත් අකමැති වන අතරම, එසේ ලබා දීමටද නොහැක.

මෙම අර්බුදය විසඳිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම හරහා පමණි. එනම්, යුද්ධයට, ආඥාදායකත්වයට සහ ඒ දෙකම නිර්මාණය කරන ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු අරගලයක් තුළ ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ලොව පුරා විසිරී සිටින කම්කරුවන් එක්සත් කිරීම මගිනි.

ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය සමාරම්භ කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ප්‍රකාශ කළේය: “ලෝක යුද්ධය යනු අනාගත තර්ජනයක් නොව, දැනටමත් දිගහැරෙමින් පවතින යථාර්ථයකි.’ දැනට සිදුවෙමින් පවතින යුද්ධ, ‘ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර පවතින නොවිසඳුණු ප්‍රතිවිරෝධතාවය විසින් මෙහෙයවනු ලබන අඛණ්ඩ ගමන් පථයක අංගයන්” බව නෝර්ත් තවදුරටත් සඳහන් කළේය.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ ගෝලීය පිපිරීම නැවැත්විය හැක්කේ සමාජවාදී වැඩපිළිවෙලක් පදනම් කරගත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත්වීමෙන් පමණි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කම්කරු කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය එම අරගලය සඳහා වන සංවිධාන ලොව පුරා ගොඩනඟමින් සිටී.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ ට්‍රම්ප් සහ ෂී හමුවේ Read More »

Trump

ඇමරිකාව පනවන ගිවිසුම පිළි නොගන්නේ නම්, ඉරානය “සුන්නද්දූලි කරන” බවට ට්‍රම්ප් තර්ජනය කරයි 

කෙවින් රීඩ් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “Trump threatens Iran will be “decimated” if it does not accept US dictated deal” යන හිසින් පළවූ කෙවින් රීඩ් විසින් ලියන ලද ලිපියෙ සිංහල පරිවර්තනය යි. 

Trump

අප්‍රේල් 8 වැනිදා නිවේදනය කරන ලද ඇමරිකානු සටන්විරාමය බොහෝ දුරට අවසන් වී ඇති පසුබිමක, ටෙහෙරානයට එරෙහිව නැවතත් මිලිටරි ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් සිදු කරන තර්ජන දැඩි කිරීමත් සමඟම ඉරානය සමඟ පවතින ගැටුම තීව්‍ර වෙමින් පවතී.

සඳුදා දින, ඇමරිකානු යෝජනාවට ඉරානය ලබා දුන් නවතම පිළිතුර “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි” බව පවසමින් ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කළේය. ඔහු එය “කුණු කැබැල්ලක්” ලෙස හැඳින්වූ අතර, තමන් “එය කියවා අවසන් කළේවත් නැති” බව ද ප්‍රකාශ කළේය. ඇමරිකාව විසින් ඉරාන මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පසුගිය සතියේදී ප්‍රායෝගිකව අවසන් වූ එම සටන්විරාමය, මේ වන විට “බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයක” පවතින බව ඔහු පැවසීය.

අඟහරුවාදා දින චීනය බලා පිටත්ව යාමට පෙර, ඇමරිකාව විසින් ඉරානයට කොන්දේසි නියම කරමින් සිටී යන ස්ථාවරයේ ජනාධිපතිවරයා දිගින් දිගටම පසුවිය. බීජිං සමඟ යුද්ධය පිළිබඳව සාකච්ඡා කරන්නේදැයි විමසූ විට ට්‍රම්ප් පැවසුවේ, තමන් ජනාධිපති ෂී සමඟ යුද්ධය පිළිබඳව සාකච්ඡා කරන නමුත් වඩාත්ම සාකච්ඡාවට බඳුන් කරන්නේ වෙළඳාම පිළිබඳව බවයි. ඇමරිකාව විසින් එය “ඉතා හොඳින් පාලනය කර” ඇති බැවින්, ඉරානය සැබවින්ම සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ, “අප ඇති කරගන්නේ හොඳ ගණුදෙනුවක් පමණක් ,” බවයි. ඉන්පසු ඔහු, “එක්කෝ අප ගිවිසුමකට එළඹේවි, නැතහොත් ඔවුන් සුන්නද්දූලි වී යාවි. කෙසේ හෝ වේවා, ජයග්‍රහණය කරන්නේ අපයි,” යනුවෙන් ප්‍රකාශ කළේය.

ඇමරිකාව දැනටමත් “ජයග්‍රහණය කර” ඇති බව සහ ඉරානය සමඟ ඇති කරගන්නා ගිවිසුමක වැදගත්කම ඉතා අඩු බව ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කළේය. ඉරානය “සම්පූර්ණයෙන්ම විනාශ කරන” බවට කළ තර්ජනයට අමතරව, ඇමරිකාවට ළඟදීම “ඉරානයෙන් මතුවන ලොකු එළියක් දෙස බැලීමට” සිදුවනු ඇති බවට මැයි 7 වැනිදා ට්‍රම්ප් අනතුරු ඇඟවීය. එය න්‍යෂ්ටික ආයුධ භාවිත කිරීමේ තර්ජනයක් ලෙස බොහෝ දෙනා විසින් පුළුල් ලෙස වටහා ගන්නා ලද ප්‍රකාශයකි.

රාජ්‍ය විකාශන ආයතනය සහ අනෙකුත් මාධ්‍ය ආයතන වාර්තා කර ඇති පරිදි, ඉරානයේ නවතම ස්ථිර කරන ලද ස්ථාවරය වන්නේ ඕනෑම එකඟතාවයකට යුද වන්දි, සම්බාධක ලිහිල් කිරීම, අත්හිටුවා ඇති වත්කම් නිදහස් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය කෙරෙහි ඉරානයේ ස්වෛරීභාවය පිළිගැනීම ඇතුළත් විය යුතු බවයි. ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝේයි පැවසුවේ, ටෙහෙරානය “කිසිදු අසාමාන්‍ය දෙයක් ඉල්ලා නොසිටින” බවත්, එරට ඉල්ලා සිටින්නේ තමන්ගේ “නීත්‍යානුකූල අයිතිවාසිකම්” පමණක් බවත්ය.

එමෙන්ම, තමන් සතු සාරවත් කරන ලද යුරේනියම්වලින් කොටසක් දියකර හැරීමට සහ ඉතිරි කොටස විදේශගත කිරීමට ඇති සූදානම ද ඉරාන යෝජනාවට ඇතුළත් වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, එය වොෂින්ටනයට සම්පූර්ණයෙන්ම යටත් වීමක් බඳු වන කොන්දේසි යටතේ සිදු නොවන බව ද සඳහන් වේ.

මෙහි ඇති ප්‍රධාන දේශපාලනික කරුණ වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් පනවනු ලබන රාමුව පිළිගැනීම ඉරානය ප්‍රතික්ෂේප කිරීමයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය, ඊශ්‍රායලයේ ද සහය ඇතිව ස්ථාන 13,000කට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සහ රටේ සමස්ත දේශපාලන නායකත්වය ඝාතනය කිරීම ඇතුළු නීති විරෝධී යුද්ධයක් මෙහෙයවා ඇත.

ධවල මන්දිරය විසින් ඉරානයේ ස්ථාවරය බාධාකාරී එකක් ලෙස හුවා දක්වා තිබුණද, ඕනෑම සාම ගිවිසුමක්, සිදු වූ හානි සඳහා වන්දි ගෙවීමට සහ මූලෝපායික ජල මාර්ගය කෙරෙහි තම ස්වෛරී අයිතීන් පිළිගැනීමට අනිවාර්යයෙන්ම සම්බන්ධ විය යුතු බව ටෙහෙරානය අඛණ්ඩව හා පැහැදිලිව අවධාරණය කර ඇත.

පසුගිය පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය තුළදී ඉරාන හෝ ඇමරිකානු ප්‍රහාර හේතුවෙන් නෞකා ගිල්වා දැමූ බවට ප්‍රසිද්ධියේ තහවුරු කළ වාර්තාවක් නොමැති වුවද, එම ජල මාර්ගය තවදුරටත් යුද්ධයේ ප්‍රධාන උපායමාර්ගික ගැටුම් මධ්‍යස්ථානය ලෙස පවතී. ඇමරිකාව නාවික පීඩනය පවත්වා ගනිමින් එම සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට කටයුතු කරන බව පවසන අතර, ටෙහෙරානය අවධාරණය කරන්නේ එහි ස්වෛරී අයිතිය තමන් සතු බවයි.

ප්‍රායෝගිකව ගත් කල, මැයි 4 වැනිදා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් කළ ප්‍රකාශයට  පටහැනිව, එම සමුද්‍ර සන්ධිය වොෂින්ටනයේ “පරම පාලනය” යටතේ පවතින්නේ නැත. දැනට පවතින බාධා කිරීම්, මිලිටරි මුර සංචාර සහ සාකච්ඡා මගින් පෙන්නුම් කරන්නේ මෙම සමුද්‍ර සන්ධිය ඇමරිකානු පාලනයට නතු නොවුණු, දෙපාර්ශවය අතර මතභේදයට ලක්ව ඇති තීරණාත්මක මුහුදු මාර්ගයක් බවයි.

සමුද්‍ර සන්ධිය ‘විවෘත කිරීමට’ උදවු වන ලෙස වොෂින්ටනය ප්‍රසිද්ධියේ චීනයෙන් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ, හුදෙක් තම නියෝගයක් මගින් පමණක් එම සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය පාලනය කිරීමට ඇමරිකාවට නොහැකි බව ඔවුන් විවෘතව පිළිගන්නා බවයි. ඉරානයේ ලවාන් (Lavan) දූපතේ පිහිටි පිරිපහදුවකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය රහසිගත ප්‍රහාරයක් එල්ල කළ බවට අඟහරුවාදා ලැබුණු වාර්තාවලින් පෙනී යන්නේ, මෙම සමුද්‍ර සන්ධිය සම්බන්ධ ගැටුමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නියෝජිතයන් (proxies) ලෙස කටයුතු කරන කලාපීය පාර්ශවකරුවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වී සිටින බවයි.

අබුඩාබි පාලනය මෙයට සම්බන්ධ බව ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති වුවද, වාර්තා වූ එම ප්‍රහාරය හේතුවෙන් එහි විශාල ගින්නක් හටගෙන ඇති අතර, පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු මාස කිහිපයකට අඩාල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සවුදි අරාබිය ද ඉරානයට එරෙහි රහසිගත මෙහෙයුම්වලට සම්බන්ධ වී ඇති බව නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මෙම වාර්තාවලින් තහවුරු වන්නේ, මෙම යුද්ධය ඇමරිකානු රජය විසින් මෙහෙයවනු ලබන, ගල්ෆ් කලාපය පුරා විහිදුණු රාජ්‍යයන්, නියෝජිත කණ්ඩායම් සහ රහසිගත ක්‍රියාමාර්ග සහිත ජාලයක් හරහා සිදුකරගෙන යන බවයි.

පෙන්ටගනයේ ප්‍රධාන අයවැය නිලධාරී ජූල්ස් “ජේ” හර්ස්ට් අඟහරුවාදා දින නීති සම්පාදකයින්ට (කොංග්‍රස් සභිකයන්ට) පැවසුවේ, “යාවත්කාලීන කරන ලද උපකරණ අලුත්වැඩියාව, ඒවා ප්‍රතිස්ථාපනය කිරීමේ පිරිවැය සහ සාමාන්‍ය මෙහෙයුම් පිරිවැය” හේතුවෙන් යුද්ධයේ පිරිවැය දළ වශයෙන් ඩොලර් බිලියන 29 [ශ්‍රී ලංකා රුපියල් කෝටි  94,000ක් පමණ] දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සති දහයක් පුරා ඇදුණු මෙම යුද්ධයේ සමස්ත පිරිවැය පිළිබඳව නැඟුණු කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින්, යුද්ධයේ ඉහළ යන පිරිවැය වසන් කිරීමට යුද ලේකම් පීට් හෙග්සෙත් දරන උත්සාහය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාවේ විසර්ජන කමිටු හමුවේ හර්ස්ට් ලබා දුන් සාක්ෂියෙන් හෙළි විය. හෙග්සෙත් කොංග්‍රස් මණ්ඩලය හමුවේ පෙනී සිටියේ 2027 වසර සඳහා දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.5ක මිලිටරි අයවැයක් ධවල මන්දිරය විසින් ඉල්ලා ඇති පසුබිමක ය.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර ඇති පරිදි, සිවිල් වැසියන් 1,700කට වැඩි පිරිසක් ඇතුළුව පුද්ගලයින් 3,468 දෙනෙකු ඉරානය තුළ මියගොස් ඇති අතර 26,500කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඇමරිකානු පාර්ශවයේ හානිවලට තුවාල ලැබූ සේවා සාමාජිකයින් 200ක් පමණ සහ මියගිය පුද්ගලයින් 13 දෙනෙකු ඇතුළත් වේ.

අඟහරුවාදා දින ටෘත් සෝෂල් (Truth Social) වෙබ් අඩවියේ තැබූ සටහනක, යුද්ධය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් එල්ල වන විවේචන හෙළා දකිමින් ට්‍රම්ප් මෙසේ සඳහන් කළේය: “ඉරාන සතුරා අපට එරෙහිව මිලිටරිමය වශයෙන් සාර්ථකව කටයුතු කරන බවට ව්‍යාජ පුවත් මගින් පවසන විට, එය සැබවින්ම දේශද්‍රෝහී ක්‍රියාවකි; මන්ද එය අතිශයින්ම අසත්‍ය, එමෙන්ම විකාරසහගත ප්‍රකාශයකි.” රජය විසින් එල්ල කරනු ලබන මෙම ප්‍රසිද්ධ විවේචන හමුවේ, “ආරක්ෂක” හේතු මත මාධ්‍ය  වරපත්‍ර අවලංගු කිරීම ඇතුළුව මාධ්‍යවේදීන්ට පවතින ප්‍රවේශය සීමා කිරීමට පෙන්ටගනය පියවර ගෙන ඇත.

යුද දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති මගින් පෙන්ටගන වාර්තාකරුවන් ඉලක්ක කර ඇති අතර, මිලිටරි ප්‍රකාශන සම්බන්ධයෙන් ගත් කල, ඒවායේ අන්තර්ගතය සහ තොරතුරු වෙත ඇති ප්‍රවේශය කෙරෙහි දැඩි පාලනයක් පනවා ඇත. මෙහි අරමුණ වන්නේ යුදකාලීන තත්ත්වයන් යටතේ වාරණය සහ නීතිමය පියවර ගන්නා බවට කරන තර්ජන පුළුල් කරන අතරතුර, එල්ල වන විවේචන නිහඬ කිරීමයි.

ඇමරිකාවට චීනයෙන් කිසිදු උපකාරයක් අවශ්‍ය නොවන බවට ට්‍රම්ප් පවසන කරුණ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සහාය වීම සඳහා ඉරානය කෙරෙහි ඇති සිය බලපෑම භාවිතා කරන ලෙස ඇමරිකානු ඉහළ පෙළේ නිලධාරීන් ප්‍රසිද්ධියේ බීජිං පාලනයෙන් ඉල්ලා සිටීම යන කරුණු අතර තියුණු ගැටුමක් පවතී. ලේකම් බෙස්න්ට් චීනයෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකව මේ සඳහා “පෙරට එන” ලෙසයි. එමගින් පැහැදිලි වන්නේ වොෂින්ටනය පිටතට වෙනත් ආකාරයක මවා පෑම් සිදු කළ ද , ඔවුන් සැබවින්ම චීන උදව්ව අපේක්ෂා කරන බවයි. 

ලෙබනනය තුළ ඊශ්‍රායල ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර, ඉකුත් ඉරිදා දකුණු ලෙබනනයේ සෞඛ්‍ය කමිටු මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පරිපූරක වෛද්‍යවරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ගාසා ජන සංහාරය පුරාවටම සියොන්වාදී පාලනයේ උපායමාර්ගික අරමුණක් වූ වෛද්‍ය සේවකයින් ඝාතනය කිරීමේ ක්‍රියාවලිය, ලෙබනන මෙහෙයුමේ පවතින සාපරාධී ස්වභාවය මගින් මැනවින් හෙළිදරව් කරයි.

(අවධාරණය පරිවර්තනයෙදී එක් කර ඇත.)

ඇමරිකාව පනවන ගිවිසුම පිළි නොගන්නේ නම්, ඉරානය “සුන්නද්දූලි කරන” බවට ට්‍රම්ප් තර්ජනය කරයි  Read More »

Iran war Video

ඉරානෙට “එක ලොකු එළියක්”— යුද්ධයේ බර ලෝකෙම පීඩිත මහජනතාව මත — YouTube Review

මෙහි පළවන්නේ අප වෙබ් අඩවියේ සංස්කාරක සංජය ජයසේකර සහෝදරයා ඉදිරිපත් කරන භූ-දේශපාලන විවරණයකි. එය ඔහුගේ YouTube නාලිකාවේ ප්‍රසිද්ධ කර ඇත. පහත හැඳින්වීම එමගින් උපුටා ගෙන ඇත:

2026 පෙබරවාරි 28 වෙනිදා ඇමරිකානු අධිරාජ්‍යවාදය (US imperialism) ඉරානයට (Iran) එරෙහිව පටන් ගත්ත මේ සාපරාධී යුද්ධය නිසා මුළු ලෝකයම දරුණු සමාජ ඒ වගේම ආර්ථික ව්‍යසනයකට මුහුණ දීලා තියෙන හැටි මේ වීඩියෝ එකෙන් විග්‍රහ කරනවා. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කරපු විද්‍යාත්මක වාර්තා මෙන්ම වෙනත් මූලාශ්‍ර ඇසුරෙන් තමයි මේ විවරණය ඉදිරිපත් කරලා තියෙන්නෙ.

මේ වීඩියෝ එකෙන් ඔයාට බලන්න පුළුවන්:

  • හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහලා දාපු එකෙන් ලෝක තෙල් මිලට වුණ බලපෑම ඒ වගේම වෙළඳපොළ බිඳවැටීම (market reckoning).
  • පොහොර මිල වැඩි වීම නිසා අප්‍රිකානු මහද්වීපයට වෙලා තියෙන දරුණු බලපෑම.
  • ශ්‍රී ලංකාවේ අනුර කුමාර දිසානායකගේ JVP/NPP ආණ්ඩුව IMF කප්පාදු වැඩපිළිවෙල හරහා යුද්ධයේ බර කම්කරුවන් මත පටවන හැටි.
  • ඉන්දියාවේ මෝදි ආණ්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “කණිෂ්ඨ හවුල්කරුවෙක්” විදිහට වැඩ කරමින් IRIS Dena නැව ගිල්වන්න හවුල් වුණ හැටි.
  • ට්‍රම්ප් පාලන තන්ත්‍රය ඇමරිකාව ඇතුළෙ කම්කරු පන්තියට එරෙහිව කරන ප්‍රහාරය.
    යුද්ධය කියන්නනෙ ඓතිහාසික සන්තිතියෙ උත්පප්‍රේරකයක් හා ත්වරකයක් කියන ලියොන් ට්‍රොට්ස්කිගේ අදහස අද ලෝකයට කොච්චර ගැලපෙනවද කියලා මෙතනදි පැහැදිලි කරනවා. ධනවාදී ක්‍රමය ඇතුළෙ මේ විනාශය නතර කරන්න බැහැ. ඒ නිසා ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වුණ ස්වාධීන කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීම ගැන මෙතනදි කතා කරනවා.

ඉරානෙට “එක ලොකු එළියක්”— යුද්ධයේ බර ලෝකෙම පීඩිත මහජනතාව මත — YouTube Review Read More »

Feature

ධනවාදයේ අර්බුදය, යුද්ධය සහ ජාත්‍යන්තර පන්ති අරගලය

ඩේවිඩ් නෝර්ත් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 1 දින “Capitalist crisis, war and the international class struggleයන හිසින් පළවූ එම වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෲ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මැයි දින ඔන්ලියින් ජාත්‍යන්තර රැලියේදී කරන ලද කතාවේ සිංහල පරිවර්තනය යි. 

WSWS සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කරන ලද 2026 මැයි දින මාර්ගගත රැලිය ආරම්භ කරමින් WSWS ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මෙම කතාව පවත්වන ලදී.

2026 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදරවරුනි, කම්කරුවනි, තරුණයනි, මිතුරනි සහ ආධාරකරුවනි, අද දින සෑම මහාද්වීපයකින්ම මෙහි එක්රැස්ව සිටින ඔබ සැම වෙත:

අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයට සහ ධනේශ්වර ප්‍රතිගාමීත්වයට එරෙහිව අද දින ප්‍රතිරෝධයේ පෙරමුණේ සිටින සියලු දෙනා සමග අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් අපි මෙම මැයි දින රැලිය ආරම්භ කරන්නෙමු.

අනෙකුත් සියලුම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය ඇතිව, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ගෙන යනු ලබන ආක්‍රමණශීලී අධිරාජ්‍යවාදී යුද්ධය, ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙනුවෙන් අපි තරයේ හෙළා දකිමු. මෙම යුද්ධය සම්බන්ධයෙන් කම්කරු පන්තියේ ස්ථාවරය පිළිබඳව කිසිදු දෙගිඩියාවක් හෝ අපැහැදිලි බවක් තිබිය නොහැකිය: එනම්, 2026 පෙබරවාරි 28 වන දින දියත් කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයට එරෙහිව තම රට ආරක්ෂා කර ගැනීමට ඉරාන ජනතාවට ඇති අයිතිය සම්බන්ධ කම්කරු පන්තියේ ස්ථාවරය පිළිබඳව කිසිදු දෙගිඩියාවක් හෝ අපැහැදිලි බවක් තිබිය නොහැකිය: එනම්, 2026 පෙබරවාරි 28 වන දින දියත් කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයට එරෙහිව තම රට ආරක්ෂා කර ගැනීමට ඉරාන ජනතාවට ඇති අයිතිය කම්කරු පන්තිය කොන්දේසි විරහිතව ආරක්ෂා කරයි. මෙය ජාත්‍යන්තර නීතියේ සෑම මූලධර්මයක්ම උල්ලංඝනය කරන යුද්ධයකි. එය සාමයට එරෙහිව කරන ලද අපරාධයක් වන අතර, 1945-46 වසරවල පැවති නාසි නායකයන් පිළිබඳ නියුරම්බර්ග් නඩු විභාගයේදී එය අර්ථ දක්වන ලද්දේ ප්‍රමුඛතම ජාත්‍යන්තර අපරාධය ලෙසය. 

Nuremberg
1945 නොවැම්බර් මාසයේදී ජර්මනියේ නියුරම්බර්ග්හි පැවති යුද අපරාධකරුවන් පිළිබඳ ජාත්‍යන්තර යුද අධිකරණ නඩු විභාගයේ විත්ති කූඩුවේ සිටි විත්තිකරුවන්. [ඡායාරූපය: රේමන්ඩ් ඩී’ඇඩාරියෝ]

අප්‍රේල් 7 වන දින ට්‍රම්ප් ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේය: ‘මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ මිය යනු ඇත, එය කිසිදා නැවත ගොඩනැගිය නොහැක.’ මෙම වචන සදාකාලිකවම කුප්‍රකට ලෙස පවතිනු ඇත. මෙම බිහිසුණු තර්ජනය, එක්සත් ජනපදය සහ එහි ඊශ්‍රායල-සයොන්වාදී ප්‍රහාරක සුනඛයන් විසින් මෙම යුද්ධය මෙහෙයවනු ලබන ම්ලේච්ඡත්වයේ වඩාත්ම දේශපාලනික වශයෙන් අසභ්‍ය ප්‍රකාශනය විය.

යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානයේ ඉලක්ක 13,000කට වඩා වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇත. ළමයින් 376 දෙනෙකු ද ඇතුළුව අවම වශයෙන් ඉරාන වැසියන් 3,375 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 26,000 ඉක්මවයි.

ඉරාන නගරවලට බෝම්බ හෙලීම, එරට විද්‍යාඥයන්, දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කිරීම, ළමයින් මරා දැමීම, ඉරානයේ යටිතල පහසුකම් විනාශ කිරීම සහ සමස්ත කලාපයක්ම යුද්ධයකට ඇද දැමීම යනු සමූහ ඝාතන හරහා තම ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ කරන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සිතාමතාම සිදු කරන ලද ක්‍රියාවන්ය.

ගාසා තීරයේ පලස්තීන ජනතාවට සහ ලෙබනන් ජනතාවට එරෙහිව දැනට සිදුවෙමින් පවතින ජන සංහාරක ප්‍රහාරය ද අපි එම බලයෙන්ම යුතුව හෙළා දකිමු. එක්සත් ජනපදයේ සහ යුරෝපීය බලවතුන්ගේ පූර්ණ සහයෝගය සහ සක්‍රීය දායකත්වය ඇතිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරනු ලබන අපරාධ, එනම් දස දහස් සංඛ්‍යාත පලස්තීන දරුවන් ඝාතනය කිරීම, රෝහල්, පාසල්, ජල පද්ධති සහ නිවාස හිතාමතාම විනාශ කිරීම සහ යුධ ආයුධයක් ලෙස සාගින්න භාවිතා කිරීම යනු වාර්ගික-ජාතිකවාදී සයොන්වාදී ව්‍යාපෘතියේ ඓතිහාසිකව පවතින ප්‍රතිගාමී ස්වභාවය අවිවාදිතව තහවුරු කරන සාහසික ක්‍රියාවන් වේ.

Gaza
2025 ජනවාරි 24 වන සිකුරාදා දින ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායල ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර මගින් සිදු කරන ලද විනාශය ඩ්‍රෝන යානයක් මගින් ලබාගත් ගුවන් ඡායාරූපයකින් දැක්වෙන ආකාරය . [AP ඡායාරූපය: ජෙහාඩ් අල්ෂ්රාෆි]

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ‘පූර්ව භංග ප්‍රහාර’ ලෙස පෙන්ටගනය නරුම ලෙස හඳුන්වන ක්‍රියාවලියකදී, කැරිබියන් මුහුදේ සහ නැගෙනහිර පැසිෆික් සාගරයේදී එක්සත් ජනපද මිසයිල ප්‍රහාරවලින් ධීවරයන් සහ කම්කරුවන් 180කට අධික සංඛ්‍යාවක් තම කුඩා බෝට්ටු තුළදීම සුණු විසුණු කර දමන ලද, ලතින් ඇමරිකානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඝාතනයට ලක්වූ නමක් සඳහන් නොකළ එම වින්දිතයන්ගේ මතකය ද අපි අද දින ගෞරවයෙන් සිහිපත් කරමු. මෙම වින්දිතයන්ගේ නම් අධිරාජ්‍යවාදී මාධ්‍ය තුළ සඳහන් කර නැත. ඔවුන්ගේ පවුල් වෙත කිසිදු සමාවක් ඉල්ලීමක්, වන්දියක් හෝ ඔවුන් ජීවත්ව සිටි බවට පිළිගැනීමක් හෝ ලැබී නැත. නමුත් ඔවුන් තම පවුල් නඩත්තු කිරීමට උත්සාහ කළ කම්කරුවන් වූ අතර, ලතින් ඇමරිකානු ජනයාට එරෙහිව ක්‍රියාත්මක කරන ලද භීෂණ ව්‍යාපාරයකට ගොදුරු වීමෙන් ලොව බලවත්ම හමුදාව විසින් ඔවුන්ව ඝාතනය කර ඇත.

ඉන්ධන සැපයුම් අත්හිටුවීම සහ සම්බාධක පැනවීම මඟින් සමස්ත ජනතාවක් හිතාමතාම පීඩාවට පත් කරමින්, කියුබාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති අවහිර කිරීම් අපි තරයේ හෙළා දකිමු. සියවසකින් තුනෙන් දෙකක කාලයක් ගතවී ඇතත්, කියුබානු විප්ලවය පිළිගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ පාලක පන්තිය මෙතෙක් කිසිසේත් එකඟ වී නැත. 1959 සහ 1960 අතර කාලය තුළ කැස්ත්‍රෝ පාලන සමය විසින් ඇමරිකානු සමාගම් සතු වත්කම්වලින් ඩොලර් බිලියන 1.8ක් පමණ රාජසන්තක කරන ලදී. එමෙන්ම, මෙම විප්ලවය මඟින් බැටිස්ටාගේ ඒකාධිපති පාලනය යටතේ වර්ධනය වී තිබූ මැර අධිරාජ්‍යයද මුළුමනින්ම අතුගා දමන ලදී.

කැසිනෝ ශාලා වසා දමන ලදී, හෝටල් ජනසතු කරන ලදී, මැර කල්ලි සාමාජිකයන් සිරගත කරනු ලැබීය හෝ රටින් පිටුවහල් කරනු ලැබීය, එමෙන්ම මාෆියා සංවිධාන සතු වූ ඇමරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජන එක රැයකින් අතුගා දමන ලදී. වඩාත්ම නරකම කරුණ වූයේ, ධනවත් ඇමරිකානු සංචාරකයන්, හමුදා නිලධාරීන්, සමාගම් විධායකයන් සහ එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල සභිකයන්ගේ අවශ්‍යතා සපුරාලූ ගණිකා නිවාස වසා දැමීමට තරම් මෙම විප්ලවවාදී පාලන තන්ත්‍රය නිර්භීත වීමයි. මෙම අකීකරුකම වෙනුවෙන් සහ අධිරාජ්‍යවාදී වරප්‍රසාදයන්ට සිදු කළ මෙම සමාව දිය නොහැකි උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය කියුබානු ජනතාවට කිසිදා සමාව දී නැත.

ජනවාරි 3 වනදා කැරකස් නුවරදී බෝම්බ ප්‍රහාර මාලාවක් මධ්‍යයේ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන ගොස්, ඔහුව සී.අයි.ඒ. (CIA) සංවිධානයට මෙන්ම ෂෙව්රෝන් (Chevron) සහ ෂෙල් (Shell) වැනි සමාගම් මංකොල්ලකරුවන්ට භාරදීම අපි තරයේ හෙළා දකිමු. මෙය නග්න අධිරාජ්‍යවාදී මුහුදු මංකොල්ලකෑමකි. මෙම අපරාධ මඟින් මනාව පිළිඹිබු වන්නේ වර්තමාන ලෝකය පුරා රජයන නීති විරෝධී භාවයයි. අධිරාජ්‍යවාදී බලවතුන් ඉතා භක්තිමත් ලෙස කතා කරන ‘නීති මත පදනම් වූ ජාත්‍යන්තර පටිපාටිය’ යනු දැවැන්ත වංචාවක් බව දැන් හෙළි වී ඇත. එහි ක්‍රියාත්මක වන එකම නීතිය වන්නේ බලයේ නීතිය පමණි. එය මෙහෙයවනු ලබන්නේ තම ලාභය සහ අවශ්‍යතා වෙනුවෙන් කිසිදු සීමාවක්, කිසිදු දේශ සීමාවක්, කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, කිසිදු අධිකරණයක් හෝ මිනිස් ජීවිතයක් පවා බාධාවක් ලෙස නොසලකන ධනේශ්වර කතිපයාධිකාරයක් විසිනි.

සූරාකෑමට එරෙහිව නැඟී සිටීම, යුද්ධයට විරුද්ධ වීම හෝ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම යන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ, අසාදු ලේඛනගත කළ, රැකියාවලින් පහ කළ, රටින් පිටුවහල් කළ, ව්‍යාජ චෝදනාවලට පටලවා කොටු කළ සහ සිරගත කරන ලද සියලුම කම්කරුවන්ට, එනම් අද දවසේ පන්ති සටනේ මර්දනයට ගොදුරු වී සිටින සියලුම කම්කරුවන්ට මෙම මැයි දිනයේදී අපගේ සහයෝගීතාවය අපි පළ කර සිටිමු.

නැටෝ (NATO) සංවිධානය විසින් උසිගන්වන ලද යුද්ධයට එරෙහිව තම නිර්භීත විරෝධය දැක්වීම සහ රුසියානු හා යුක්රේනියානු කම්කරුවන්ගේ එක්සත්භාවය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන්, සෙලෙන්ස්කි පාලනය විසින් වසර දෙකකට වැඩි කාලයක් සිරගත කරනු ලැබ සිටින බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුණ බලකායේ තරුණ යුක්රේනියානු ට්‍රොට්ස්කිවාදී නායකයෙකු වන අපගේ සහෝදර බොග්ඩාන් සිරොටියුක් (Bogdan Syrotiuk) වෙත අපි අපගේ සුබ පැතුම් එක් කර සිටිමු.බොග්ඩන් (Bogdan), රුසියානු ආක්‍රමණයට පක්ෂපාතීත්වය දක්වන්නෙකු බවට යුක්රේන රජයේ පැමිණිලිකරුවන් කරන චෝදනාව ඔහුගේ විත්ති පාර්ශවයේ නීතිඥයින් විසින් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔප්පු කර ඇත. ‘ලෝක සමාජවාදී වෙබ් අඩවියේ’ (World Socialist Web Site) පළ කර ඇති බොග්ඩාන්ගේ ප්‍රකාශ මඟින් ඔහුට එරෙහි චෝදනා සාවද්‍ය බව ඔප්පු වෙයි. සෙලෙන්ස්කිගේ අධිරාජ්‍යවාදී ගැති රූකඩ ආණ්ඩුවට මෙන්ම, ධනේශ්වර පුටින් පාලනයටද ඔහු එලෙසම දැඩි ලෙස විරුද්ධ වන්නෙකි. බොග්ඩාන්ගේ නිදහස වෙනුවෙන් සටන් වදින ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිමු. 

Bogdan
ජෝන් රීඩ්ගේ ‘ලෝකය හෙල්ලූ දස දවස’ (Ten Days that Shook the World) නමැති පැරණි සෝවියට් සංස්කරණයක ඇති ලියොන් ට්‍රොට්ස්කිගේ රූපයක් සමඟින් බොග්ඩාන් සිරොටියුක්, 2023 අප්‍රේල්

තුර්කියේ සිරගත කර සිටින කම්කරු පන්ති නායකයන් වෙත අපගේ සහයෝගීතාවය අපි පළ කර සිටිමු. සමාගම්, රජය සහ වෘත්තීය සමිති නිලධාරිවාදය අතර පවතින රහසිගත එකඟතාවය පිළිබඳව කම්කරුවන්ට සත්‍යය පැවසීමේ “අපරාධය” වෙනුවෙන් පසුගිය මාර්තු මැද භාගයේදී අත්අඩංගුවට ගෙන, මේ වන විට සිරදඬුවමකට සහ දේශපාලන තහනමකට මුහුණ දී සිටින එක්සත් රෙදිපිළි, විවීම් සහ සම් කම්කරු සංගමයේ (BİRTEK-SEN) සභාපති මෙහ්මෙට් ටර්ක්මෙන් (Mehmet Türkmen) වහාම නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. එස්කිෂෙහීර් (Eskişehir) සිට අන්කාරා (Ankara) දක්වා ඩොරුක් (Doruk) පතල් කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික පාගමන මෙහෙයවූ සහ මෑත කාලයේදී නැවත නැවතත් අත්අඩංගුවට පත්වූ, ස්වාධීන පතල් කම්කරු සංගමයේ (Bağımsız Maden-İş) නිර්භීත නායකයා මෙන්ම උමුත්-සෙන් (Umut-Sen) සංවිධානයේ සංවිධායක සම්බන්ධීකාරක වන බෂාරන් අක්සු (Başaran Aksu) වෙතද අපි අපගේ සුබ පැතුම් එක් කර සිටිමු. පතල් කම්කරුවන්ගේ ඉල්ලීම් ජයග්‍රහණය කර ඇති බවට ලැබුණු පුවත අපි මහත් උද්‍යෝගයෙන් යුතුව පිළිගනිමු.

නමුත් අරගල තවදුරටත් ඉදිරියටම  ගමන් කරයි. පතල් සමාගම්වල මංකොල්ලකෑම්වලට එරෙහිව වනාන්තර සහ ගම්වැසියන්ගේ ජීවනෝපාය ආරක්ෂා කරන තරුණ නායිකාවක වන එස්රා ඉෂික් (Esra Işık) සහ අර්ඩොගන් පාලනය විසින් රඳවාගෙන සිටින සියලුම පන්ති සටන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඔවුන් අත්අඩංගුවට ගැනීම යනු, නැවත හිස ඔසවමින් පවතින ස්වාධීන කම්කරු ව්‍යාපාරයකට එරෙහිව තුර්කි පාලක පන්තිය විසින් හිතාමතාම දියත් කර ඇති මර්දනකාරී ප්‍රහාරයක කොටසකි. ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය තුළට තුර්කිය වඩ වඩාත් ඇද ගන්නා තත්ත්වයක් තුළ මෙම ප්‍රහාරය තවදුරටත් තීව්‍ර වී ඇත.

එක්සත් ජනපදය තුළ සංක්‍රමණිකයන් දඩයම් කිරීමේ කිසිදු අඩුවක් නැත. අප මේ මොහොතේ කතා කරන අතරතුර පවා ට්‍රම්ප් පරිපාලනයේ සාමූහික දඬුවම් දීමේ ව්‍යාපාරයකට ගොදුරු වෙමින් සිටින හයාම් එල් ගමාල් සහ ඇගේ දරුවන් පස්දෙනා වෙනුවෙන් අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කර සිටිමු. අධිකරණ නියෝග ගණනාවක් පැහැදිලිවම උල්ලංඝනය කරමින්, ට්‍රම්ප් පරිපාලනය ඔවුන් රටින් පිටුවහල් කිරීමට දරන උත්සාහය අඛණ්ඩව ඉදිරියට ගෙන යයි. කිසිදු වරදක් කර නොමැති මෙම පවුල දඩයම් කිරීම සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමක් ලෙස අදහස් කරන්නකි. එනම්, එක්සත් ජනපදයේ වෙසෙන පුරවැසි මෙන්ම පුරවැසි නොවන සියලුම වැඩකරන ජනතාවට එරෙහිව මේ වන විට සූදානම් කෙරෙමින් පවතින පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන්ට බාධා කිරීමට කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ආරක්ෂණයකට, අධිකරණ නියෝගයකට හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමකට ඉඩ නොදෙන බවයි.

එබැවින්, ICE (සංක්‍රමණ සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය) විසින් දියත් කරන ලද දැලට හසුවී, දැනට එක්සත් ජනපදය පුරා ඉදිකර ඇති ගාල් කඳවුරු ජාලය තුළ රඳවා සිටින සෑම සංක්‍රමණික කම්කරුවෙකුම, සෑම සිසුවෙකුම මෙන්ම සෑම පුරුෂයෙකුම, ස්ත්‍රියකම සහ දරුවෙකුම කිසිදු කොන්දේසියකින් තොරව වහාම නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. අපි මෙසේ කියමු: නෝර්ත් ලේක් වසා දමනු. ඩිලී වසා දමනු. ෆෝල්ක්ස්ටන්, ඕටේ මේසා, ක්‍රෝම්, “ඇලිගේටර් ඇල්කැට්‍රෑස්” (Alligator Alcatraz) ඇතුළු මිනිසුන්ව කිසිදු චෝදනාවකින් තොරව, නඩු විභාගයකින් තොරව සහ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව රඳවා තබාගෙන සිටින සෑම රැඳවුම් මධ්‍යස්ථානයක්ම වසා දමනු. රඳවා තබාගෙන සිටින පිරිස නිදහස් කරගැනීම වෙනුවෙන් කෙරෙන අරගලය යනු සමස්ත කම්කරු පන්තියේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා කෙරෙන අරගලයයි.

අවසාන වශයෙන්, මිනියාපොලිස් හිදී ICE (සංක්‍රමණ සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය) සහ දේශසීමා ආරක්ෂක බලකායේ නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මියගිය රෙනී නිකෝල් ගුඩ් සහ ඇලෙක්ස් ප්‍රෙට්ටිගේ පවුල් වෙත අපගේ බලවත් කණගාටුව අපි අද දින නැවත වරක් ප්‍රකාශ කර සිටිමු. ඔවුන්ගේ මරණයන් කිසිදා අමතක නොකෙරෙනු ඇත. ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගය අපතේ නොයනු ඇත.

රෙනී නිකෝල් ගුඩ් සහ ඇලෙක්ස් ප්‍රෙට්ටි

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් නොබිඳෙන ලෙස පෙනී සිටීම සහ සියලු ආකාරයේ පන්ති මර්දනයට එරෙහිව සටන් කිරීම අපගේ මැයි දින සැමරුම පණ ගන්වයි. අද දින රැලිය අප ආරම්භ කරන්නේ එම උදාර හැඟීම පෙරදැරි කරගෙනයි. 

කෙසේ වෙතත්, මැයි දින සැමරුම හුදු ජාත්‍යන්තර සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට පමණක් සීමා නොවිය යුතුය. එය වත්මන් ලෝක තත්ත්වය පිළිබඳව වාස්තවික විශ්ලේෂණයක යෙදෙන අවස්ථාවක් ද විය යුතුය. මන්දයත්, කම්කරු පන්තියේ මූලෝපාය සකස් කරනු ලබන්නේ එවැනි විශ්ලේෂණයක් පදනම් කරගෙන බැවිනි. මෙම වසරේ මැයි දින සැමරුම ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේ තීරණාත්මක සන්ධිස්ථානයක් මධ්‍යයේ පවත්වනු ලබන බැවින්, මෙම කාර්යය ඉටු කිරීම අද දින අතිශය හදිසි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

ඉරානයට එරෙහි යුද්ධය සහ වසර 35ක කාලපරිච්ඡේදයක උච්චතම අවස්ථාව

ඉරානයට එරෙහි යුද්ධය සනිටුහන් කරන්නේ 1991 දී සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ ආරම්භ වූ, ඉතිහාසයේ සුවිශේෂී වසර 35ක කාලපරිච්ඡේදයක උච්චතම අවස්ථාවයි.

ඉරානයට එරෙහි යුද්ධය යනු හුදකලා සිදුවීමක් ලෙස හෝ, එක්තරා නිශ්චිත ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිපත්තියක් ලෙස හෝ, හුදෙක් ඊශ්‍රායල බලපෑම් කණ්ඩායම්වල (Israel lobby) නිර්මාණයක් ලෙස හෝ තේරුම් ගත නොහැක. ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායල පාලන තන්ත්‍රය සහ එක්සත් ජනපදය තුළ සිටින ඔවුන්ගේ බලපෑම්කරුවන් දශක ගණනාවක සිට ඉරානයට එරෙහිව යුද්ධයක් ඉල්ලා උද්ඝෝෂණය කරමින් සිටිති. එහෙත්, යුදෙව් විරෝධී (antisemitic) මෙන්ම ජාතිකවාදී ‘ඇමරිකාවට මුල් තැන’ (America First) ඉදිරිපත් කරන දක්ෂිණාංශික කණ්ඩායම් සහ මධ්‍යම පන්තික ව්‍යාජ-වාම (pseudo-left) කොටස් අතර දැනට ප්‍රචාරය වන මතය, එනම්, ඊශ්‍රායලයට එරෙහිව යාමට අකමැතිව සිටි ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති සම්පාදකයන් මත, AIPAC (ඇමරිකානු ඊශ්‍රායල මහජන කටයුතු කමිටුව), නෙතන්යාහු සහ ඊශ්‍රායල රාජ්‍යය විසින් මෙම යුද්ධය බලහත්කාරයෙන් පටවා ඇති බවට වන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර, එය ඇමරිකානු අධිරාජ්‍යවාදය සාධාරණීකරණය කිරීමට (apology for American imperialism) පමණක් හේතු වන්නකි. එමඟින් වක්‍රව අදහස් කෙරෙන්නේ, ඊශ්‍රායලය නොසිටියේ නම් එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය අතිශය සහකම්පනයෙන් සහ කරුණාවෙන් පිරී පවතිනු ඇති බවයි.

මෙම විහිළු සහගත ප්‍රවාදය විසින් යුද විරෝධී ව්‍යාපාරය, ලෝකයේ ප්‍රධානතම ප්‍රතිවිප්ලවවාදී බලවේගය වන ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයෙන් ඉවතට හරවා, ඒ සමඟ සම්මුති ගැසීමක් කරා යොමු කරවයි. එමඟින් හැඟවෙන්නේ සයොන්වාදීන්ගේ බලපෑම ඉවත් කිරීම හැර වෙනත් කිසිවක් අවශ්‍ය නොවන බවයි.

ඓතිහාසික වාර්තා පිළිබඳව මඳක් හෝ විමසා බැලීමේදී මෙම දේශපාලන සුරංගනා කතාව බිඳ වැටේ. පළමුවෙන්ම, මාරාන්තික ප්‍රචණ්ඩත්වය යොදා ගන්නේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳව ඇමරිකානු පාලක පන්තියට කිසිවෙකුගෙන් උපදෙස් අවශ්‍ය නොවන අතර, ඒ සඳහා ඔවුන්ව පොළඹවාලීමක් (තල්ලු කිරීමක්) අවශ්‍ය වන්නේද නැත. ඔවුන් මහා පරිමාණ ප්‍රචණ්ඩත්වයන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ලොව අසමසම විශේෂඥයන් වන අතර, ඔවුන් සතුව ඒ පිළිබඳ ලේවැකි ඉතිහාසයක් පවතී. එය 20 වන සියවසේ මුල් දශකයේ සිදුවූ පිලිපීන ජන සංහාරය, 1910 ගණන්වල මෙක්සිකානු විප්ලවය මර්දනය කිරීමට ගත් කුරිරු උත්සාහයන්, මධ්‍යම සහ දකුණු ඇමරිකාව නැවත නැවතත් ආක්‍රමණය කිරීම, ජපානයට පරමාණු බෝම්බ දෙකක් හෙළීම, 1950 සහ 1953 අතර කාලය තුළ කොරියානුවන් මිලියන 3ක් ද, 1961 සහ 1973 අතර කාලය තුළ වියට්නාම ජාතිකයන් එම ප්‍රමාණයම  ඝාතනය කිරීම දක්වා ඈතට දිව යයි. ඉන්පසුව, පසුගිය වසර 30 පුරා මැදපෙරදිග කලාපය තුළ දියත් කරන ලද සියලුම යුද්ධ ද ඊට ඇතුළත් වේ.

Image Not Found
දකුණු වියට්නාම ගුවන් හමුදා යානයක් මගින් දකුණු වියට්නාම සොල්දාදුවන් සහ සිවිල් වැසියන් පිරිසක් වෙත නැපාම් බෝම්බයක් (napalm bomb) හෙළීමෙන් පසු, වියට්නාමයේ ට්‍රැන්ග් බෑන්ග් (Trảng Bàng) අසල පාරක් දිගේ ෆැන් ති කිම් ෆුක් (Phan Thi Kim Phuc) නම් දැරිය දිව යන ආකාරය දැක්වෙන “යුද්ධයේ භීෂණය” (The Terror of War) ඡායාරූපය. [ඡායාරූපය: 1972 වසරේ විශිෂ්ටතම ලෝක පුවත්පත් ඡායාරූපය, නික් උට් (Nick Ut)]

ඓතිහාසික සත්‍යය නිවැරදිව සඳහන් කරන්නේ නම්, ඊශ්‍රායලය යනු වසර 78ක් තිස්සේ එයට ආයුධ සහ අරමුදල් සපයන ලද එක්සත් ජනපදයේම නිර්මාණයකි. එය මැදපෙරදිග කලාපය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරිකරණය වූ මුරපොලක් (militarized outpost) ලෙස ක්‍රියා කර ඇත.

තවද, 1953 වසරේදී CIA සංවිධානය මෙහෙයවූ කුමන්ත්‍රණය මගින් බලයට පත් කරන ලද, ෂා රජුගේ (Shah) රූකඩ පාලන තන්ත්‍රය පෙරළා දැමූ 1979 ඉරාන විප්ලවය සමග එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කිසිවිටෙකත් සමගි වී නැත.

2006 වසරේ සිට එක්සත් ජනපදයේ සෑම ජාතික ආරක්ෂක උපායමාර්ගික ප්‍රකාශනයකම පාහේ ඉරානය ඉහළම ප්‍රතිවාදියෙකු ලෙස නම් කර ඇත. ක්ලින්ටන්, බුෂ්, ඔබාමා, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය, බයිඩන් සහ දැන් ට්‍රම්ප්ගේ දෙවන පරිපාලනය යටතේ ද එය (ඉරානය) රහසිගත මෙහෙයුම්, සම්බාධක පැනවීම්, ඝාතනයන් සහ මිලිටරි තර්ජනවලට ලක්ව තිබේ. ඉරානයට එරෙහි යුද්ධය යනු දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ද්විපාර්ශ්වික (ප්‍රධාන පක්ෂ දෙකෙහිම) ප්‍රතිපත්තියේ උච්චතම අවස්ථාවයි.

නමුත් වඩාත්ම මූලික අර්ථයෙන් ගත් කල, අධිරාජ්‍යවාදී යුද්ධය යනු හුදෙක් පුද්ගලික තීරණ, අයහපත් බලපෑම් සහ වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් නොවේ. ඒ වෙනුවට, එය ධනේශ්වර ක්‍රමයේම පවතින අත්‍යවශ්‍ය වෛෂයික ප්‍රතිවිරෝධතා දෙකක ප්‍රතිඵලයක් සහ ප්‍රකාශනයකි: පළමුවැන්න, නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික හිමිකාරිත්වය සහ නිෂ්පාදනයේ සමාජීය ස්වභාවය අතර පවතින ප්‍රතිවිරෝධතාවයි; දෙවැන්න, ආර්ථික නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සහ දේශපාලන බලය මෙන්ම ප්‍රාග්ධන සමුච්චයකරණය අඛණ්ඩව සංවිධානය වන ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින ප්‍රතිවිරෝධතාවයි. පසුගිය දශක පහක කාලය තුළ නිෂ්පාදනය භූගෝලීයකරණය වීම මගින්, පෙර නොවූ විරූ තරම් ඝනත්වයකින් යුත් සැපයුම් දාම, මූල්‍ය ප්‍රවාහ සහ තොරතුරු ජාලයන්ගෙන් එකිනෙක බැඳුණු තනි ගෝලීය ක්‍රියාවලියක් බවට පත්ව සෑම මහාද්වීපයකම කම්කරුවන්ගේ ශ්‍රමය ඒකාබද්ධ කර ඇත.

පසුගිය වසර 35 පුරා ආර්ථික හා දේශපාලන සංවර්ධනයේ සමස්ත ගමන් මග විසින්, ගෝලීය අර්බුදයේ ගතිකත්වය පිළිබඳ මෙම මාක්ස්වාදී විශ්ලේෂණය සනාථ කර ඇත.

1991 දී සෝවියට් සංගමය බිඳ වැටීම ඇමරිකානු පාලක පන්තිය විසින් ප්‍රකාශ කරනු ලැබුවේ ධනවාදයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසය. ඔවුන් කියා සිටියේ ඊනියා “සමාජවාදයේ අසාර්ථකත්වය” මගින්, ඔක්තෝබර් සමාජවාදී විප්ලවයට පෙර පැවති ආකාරයටම ධනේශ්වර ලෝකය යළි ස්ථාපිත කිරීම සඳහා මාවත විවර වූ බවයි. විප්ලවයෙන් පසුව සිදු වූ සියල්ල, එනම් ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගිටීම, අධිරාජ්‍යවාදයට එරෙහිව පීඩිත ජනතාවගේ දැවැන්ත ගෝලීය ව්‍යාපාරය, සහ 1945 දී නාසි ජර්මනිය පරාජය කිරීමෙන් මෙන්ම 1949 චීන විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව අත්පත් කරගත් සමාජයීය ප්‍රගතිය, ආපසු හැරවීමට නියමිතව තිබුණි.

Red Army
1945 මැයි 2 වන දින, බර්ලිනයේ රයිච්ස්ටැග් (Reichstag – ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල) මත රතු හමුදා සෙබළුන් සෝවියට් ධජය ඔසවයි.

කෙසේ වෙතත්, මෙම බියකරු දැක්ම පදනම් වී තිබුණේ සෝවියට් සංගමය (USSR) බිඳ වැටීමට හේතු සහ එහි ගෝලීය වැදගත්කම පිළිබඳව කරන ලද වැරදි තක්සේරුවක් මතය. සෝවියට් සංගමය තුළ අසාර්ථක වී තිබුණේ සමාජවාදය නොව, ඔක්තෝබර් විප්ලවයට ආස්වාදයක් ලබා දුන් මාක්ස්වාදී ජාත්‍යන්තරවාදය ප්‍රතික්ෂේප කරනු ලැබූ, සමාජවාදී-විරෝධී ජාතිකවාදයේ (anti-socialist nationalism) ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයයි. සෝවියට් සංගමය තුළ සමාජවාදය ගොඩනැගීම, ගෝලීය ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයෙන් වෙන් කර තැබූ ස්ටැලින්වාදී “එක් රටක සමාජවාදය” යන වැඩපිළිවෙල, ආර්ථික හා දේශපාලනික වශයෙන් බංකොලොත් වී ඇති බව ඔප්පු වී තිබුණි.

ඔක්තෝබර් විප්ලවය පාවාදීමට ස්ටැලින්වාදීන් කටයුතු කළ ආකාරය පිළිබඳව ට්‍රොට්ස්කි කළ විශ්ලේෂණය මත පදනම් වෙමින්, සෝවියට් නිලධාරි තන්ත්‍රයේ ජාතිකවාදී ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (International Committee of the Fourth International) ඉතා පැහැදිලිව කලින්ම දුටුවේය. සෝවියට් සංගමය බිඳ වැටීමට වසර හතරකට පෙර, එනම් 1987 දී එය මෙසේ ප්‍රකාශ කළේය:

“තාක්ෂණයේ පවතින හිඟය සහ කර්මාන්ත හා කෘෂිකර්මාන්තය අතර පවතින අඛණ්ඩ ප්‍රතිවිරෝධතා විසඳාගත හැක්කේ ලෝක වෙළඳපොළට ප්‍රවේශ වීමෙන් පමණි. සෝවියට් සංගමයට එම වෙළඳපොළට ඒකාබද්ධ වීමට පවතින්නේ මාවත් දෙකක් පමණි. එනම්, ධනවාදය යළි ස්ථාපිත කිරීම කරා මෙහෙයවන ගොර්බචෙව්ගේ මාවත සහ ලෝක සමාජවාදී විප්ලවයේ මාවතයි.”

ගොර්බචෙව් තෝරාගත්තේ පළමු මාවතයි. 1991 දෙසැම්බර් මාසයේදී සෝවියට් සංගමය බිඳ වැටීම එම පාවාදීමේ උච්චතම අවස්ථාව විය: ඔක්තෝබර් විප්ලවයේ සොහොන් වල හාරන්නන් ලෙස ආරම්භ වූ ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රය, අවසානයේදී අද පුටින් විසින් මෙහෙයවනු ලබන නව රුසියානු කතිපයාධිකාරයේ (Russian oligarchy) වඩාත්ම දූෂිත හා කෑදර කල්ලිය බවට පත් විය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් ගත් කල, මෙම මූලික ප්‍රතිවිරෝධතාවයම වෙනස් ආකාරයක ප්‍රතිචාරයක් ඇති කළේය. නමුත් එය ද ස්ටැලින්වාදී බිඳවැටීම මෙන්ම කිසිසේත්ම නිදහස් තේරීමක් මත සිදු වූවක් නොවේ. තම ආර්ථික ආධිපත්‍යයේ ආපසු හැරවිය නොහැකි පරිහානිය හමුවේ, එනම් ජපන් සහ ජර්මානු කාර්මික තරඟකරුවන්ගේ නැගී ඒම, ප්‍රබල ආර්ථික හා කාර්මික බලවේගයක් ලෙස චීනයේ මතු වීම, දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය පිරිහී යාම (හිස් වීම), සහ වෙළඳ මෙන්ම අයවැය හිඟයන්ගේ බර වර්ධනය වීම හමුවේ ඇමරිකානු ධනවාදයට ආර්ථික ක්‍රම මගින් තම තත්ත්වය යළි යථා තත්ත්වයට පත් කරගත නොහැකි විය. ඔවුන් සතුව තවමත් අතිමහත් ප්‍රමුඛතාවයකින් යුතුව ඉතිරිව තිබූ එකම මෙවලම වූයේ මිලිටරි බලය (හමුදා ශක්තිය) පමණි. 

ඉන්පසුව එළඹුණු දශක තුනක මිලිටරිවාදය විසින් ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යුක්රේනය ඇතුළු තවත් රටවල් විනාශ කර දමනු ලැබීය. මිලියන සංඛ්‍යාත ජීවිත බිලිගනිමින්, සමස්ත සමාජයන්ම විනාශ කරමින් සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ විශාලතම සරණාගත අර්බුදය නිර්මාණය කරමින් දියත් වූ මෙම යුද්ධයන් අවසානයේදී කෙළවර වූයේ දැවැන්ත පසුබෑමකිනි; එමෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවාසනාවන්ත ඉරණම ආපසු හැරවීමට ද ඒවා අසමත් විය.

2003 මාර්තු 21 වන දින ලබාගත් මෙම පැරණි ඡායාරූපයෙහි දැක්වෙන්නේ, ඇමරිකාව ප්‍රමුඛ හමුදා විසින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල කරන ලද දැඩි බෝම්බ ප්‍රහාර හමුවේ රජයේ ගොඩනැගිල්ලක් ගිනිබත් වන ආකාරයයි. [AP ඡායාරූපය: ජෙරොම් ඩිලේ]

ඇමරිකානු බෝම්බ සහ මිසයිල ලොව පුරාම දැවැන්ත විනාශයක් සිදු කළේය. එහෙත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි මෙහෙයුම්වලට සමගාමීව ඇමරිකානු සහ ලෝක ධනවාදයේ අර්බුදය ද වර්ධනය විය. අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සමඟින් වඩ වඩාත් බරපතල වූ මූල්‍ය අර්බුද මාලාවක් ද ඇති විය: එනම් 1994 මෙක්සිකානු පෙසෝ අර්බුදය, 1997 ආසියානු අර්බුදය, 1998 රුසියාව ණය ගෙවීම පැහැර හැරීම සහ ලෝන්ග්-ටර්ම් කැපිටල් මැනේජ්මන්ට් (LTCM) සමාගමේ බිඳවැටීම, 2000 ඩොට්-කොම් බිඳවැටීම, 2008 ගෝලීය මූල්‍ය අර්බුදය, 2010-12 යුරෝපීය රාජ්‍ය ණය අර්බුදය, 2020 වසංගතය නිසා ඇතිවූ කම්පනය සහ 2022 වසරේ සිට වර්ධනය වෙමින් පවතින ඩොලර් පද්ධතියේ අර්බුදයක ලක්ෂණ යනාදියයි.

එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ගෝලීය අර්බුදයේ වඩාත්ම දෘශ්‍යමාන සහ බියකරු ප්‍රකාශනය වන්නේ ජාතික ණය ප්‍රමාණය අතිවිශාල ලෙස වර්ධනය වීමයි. එය 2001 වසරේදී දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 5.8ක් ලෙස පැවතිණි. එය දැන් ඩොලර් ට්‍රිලියන 40 සීමාවට ළඟා වෙමින් පවතී. ඇමරිකානු ධනවාදයේ පවතින අර්බුදය පිළිබඳ ඓතිහාසිකව හා ආර්ථිකමය වශයෙන් මීටත් වඩා වැදගත් වන තවත් ප්‍රකාශනයක් වන්නේ රන් මිලයි. ඩොලරය ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස පිළිගනිමින් 1944 වසරේදී පවත්වන ලද බ්‍රෙට්න් වුඩ්ස් (Bretton Woods) සමුළුවේදී, රන් අවුන්සයක වටිනාකම ඩොලර් 35ක් ලෙස නියම කර තිබුණි.

1971 වසරේදී නික්සන් පරිපාලනය විසින් බ්‍රෙට්න් වුඩ්ස් (Bretton Woods) ක්‍රමය ප්‍රතික්ෂේප කරනු ලබන තෙක් එම මිල එලෙසම පැවතුණි. මෙය රන් මිලෙහි නොනවතින ඉහළ යාමකට මග පෑදූ අතර, පසුගිය වසර තුළ එය පුපුරණ සුලු ස්වභාවයක් ගත්තේය. දැනට රන් අවුන්සයක මිල දළ වශයෙන් ඩොලර් 4,600ක් පමණ වේ. වෙනත් වචනවලින් කිවහොත්, වසර දහස් ගණනක් තිස්සේ වටිනාකම මැනීමේ මිනුමක් ලෙස ක්‍රියා කර ඇති රන් හා සසඳන විට ඩොලරයේ වටිනාකම, අඩ සියවසකට මඳක් වැඩි කාලයක් තුළ සියයට 99කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇත.

1991 සිට 2026 දක්වා වූ වසර 35 ක කාලය තේරුම් ගත යුත්තේ මෙම රාමුව තුළය. ඒවා තනි ඓතිහාසික ක්‍රියාවලියක් නියෝජනය කරයි: එනම්, ආර්ථික ක්‍රම මගින් තමන්ට ජයගත නොහැකි වූ ප්‍රතිවිරෝධතාවක්, මිලිටරි ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් ජය ගැනීමට ඇමරිකානු ධනවාදය විසින් දරන ලද උත්සාහයයි. මෙම යුද්ධයන් යනු 20 වන සියවසේ ලෝක යුද්ධ දෙකක් ඇති කිරීමට හේතු වූ, ලෝක ආර්ථිකය සහ ජාතික-රාජ්‍ය පද්ධතිය අතර තවමත් නොවිසඳී පවතින එම ප්‍රතිවිරෝධතාවය විසින්ම මෙහෙයවනු ලබන, අඛණ්ඩ ගමන් මගක අත්‍යවශ්‍ය කොටස් වේ.

විදේශයන්හි යුද්ධය සහ දේශීයව ඒකාධිපතිත්වය

නමුත් ඉරානයට එරෙහි යුද්ධය යනු දීර්ඝ කාලීන මිලිටරි මෙහෙයුම් මාලාවක තවත් එක් සිදුවීමක් පමණක් නොවේ. මෙම යුද්ධයේ ප්‍රතිවිපාක මඟින් මෙම ගැටුමට පැහැදිලිවම ගෝලීය ස්වභාවයක් ලබා දෙයි; එනම් වඩාත් නිශ්චිතව පවසන්නේ නම්, මෙය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව දියත් කරනු ලබන ගෝලීය යුද්ධයකි. අප්‍රේල් 13 වනදා සිට, එක්සත් ජනපද නාවික හමුදාව පර්සියානු බොක්කෙහි පිහිටි ඉරාන වරායන් වටලා (අවහිර කර) ඇත. මෙම යුද්ධය ආරම්භ කිරීමට කිසිදු දායකත්වයක් නොදැක්වූ බිලියන සංඛ්‍යාත ජනතාවකට දැන් එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුව ඇත.

Nor us
හෝමුස් සමුද්‍ර සන්ධියේ සිතියම [ඡායාරූපය: Goran_tek-en / CC BY-SA 4.0]

මෙම යුද්ධයේ වඩාත්ම බරපතල බලපෑම එල්ල වී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය මතය. මෙම වටලෑම (අවහිර කිරීම) හේතුවෙන් දැනටමත් ගාසා තීරයේ සහ සුඩානයේ පවතින සාගතය තවදුරටත් උග්‍ර වනු ඇත. එමෙන්ම තවත් රටවල් ගණනාවක් සාමාන්‍ය අර්බුදකාරී මට්ටමේ සිට හදිසි හෝ ව්‍යසනකාරී ආහාර අනාරක්ෂිතතා මට්ටම් කරා ගමන් කරනු ඇත. ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුළ බොහෝ රටවල කුඩා දරුවන් සහ වැඩිහිටියන් අතර අතිරික්ත මරණ අනුපාතයක් (සාමාන්‍යයට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්) වාර්තා වීමටද එය හේතු වනු ඇත.

මෙම ප්‍රතිවිපාක, වොෂින්ටනය සහ ජෙරුසලම විසින් ගන්නා ලද තීරණවල සෘජු ප්‍රතිඵල වේ. මෙම තීරණ වෙනුවෙන් කුසගින්නෙන් සහ තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන පිරිස් වන්නේ නැඟෙනහිර අප්‍රිකාවේ ගොවීන්, දකුණු ආසියාවේ පවුල් සහ මෙම මුල් ගැටුමට කිසිදු සම්බන්ධයක් නොතිබූ රටවල දරුවන්ය.

ඉරානයට එරෙහි යුද්ධය මඟින් විදේශයන්හි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අරමුණු පමණක් නොව, දේශීය වශයෙන් එය මෙහෙයවනු ලබන පාලන තන්ත්‍රයේ සමාජයීය සහ දේශපාලනික යථාර්ථය ද නිරාවරණය කර ඇත. ට්‍රම්ප් යනු ඇමරිකානු ධනවාදයේ බිඳවැටීම සහ එහි පාලක පන්තියේ ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිහානිය තුළ මුල් බැසගත් දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලය, ප්‍රතිමූර්තිය සහ කූටප්‍රාප්තියයි.

එක්සත් ජනපදයේ දේශපාලන ව්‍යුහය, එහි සමාජ පදනම සමඟ සමපාත වන පරිදි සකස් වෙමින් පවතී. එම සමාජ පදනම යනු, අතිමහත් ධනස්කන්ධයක් පාලනය කරන්නා වූද, තමන්ගේ උත්සුකයන්ට බාධාවක් වන සියලුම නීතිමය, ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක සීමාවන් නොඉවසිය හැකි බාධක ලෙස සලකන්නා වූද සුළුතර කතිපයාධිකාරයක් (ධනපති කල්ලියක්) විසින් මුළු මහත් සමාජයම තම ග්‍රහණයට නතු කරගෙන සිටීමයි. ට්‍රම්ප්ගේ නැඟී ඒම මඟින් ප්‍රකාශයට පත් වන්නේ මෙම යථාර්ථයයි. 

ඉරානයට එරෙහි යුද්ධය සඳහා ප්‍රතිපාදන සපයා ගනු ලබන්නේ කම්කරු පන්තියේ සමාජයීය අයිතිවාසිකම්වලට එල්ල කරන සෘජු ප්‍රහාරයක් මඟිනි. ට්‍රම්ප්ගේ 2027 මුදල් වර්ෂය සඳහා වන අයවැය මඟින් ‘ආරක්ෂාව’ වෙනුවෙන් දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.5 ක මුදලක් ඉල්ලා ඇත. මෙය නවීන ඇමරිකානු ඉතිහාසයේ ඉහළම මිලිටරි වියදම් මට්ටම වන අතර, ඉරානයට එරෙහි යුද්ධයට පමණක් නොව, චීනයට සහ රුසියාවට එරෙහි ගෝලීය යුද්ධයක් සඳහා වන සූදානම දැවැන්ත ලෙස තීව්‍ර කිරීමකි. මෙය, වඩාත්ම සෘජු අර්ථයෙන් ගත් කල, ලෝක යුද්ධයක් සඳහා වූ අයවැයකි.

තවද මේ සඳහා මුදල් ගෙවන්නේ කෙසේද? ට්‍රම්ප් විසින්ම ඊට අතිශය රළු අවංකභාවයකින් යුතුව පිළිතුරු දී ඇත. “අප යුද්ධ කරමින් සිටින” බැවින් සමාජ සුභසාධන වැඩසටහන් කැප කළ යුතු බව ප්‍රකාශ කළ ඔහු, මෙසේද අවධාරණය කළේය: “ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මෙඩිකේඩ් (Medicaid), සහ මෙඩිකෙයාර් (Medicare) පිළිබඳව සොයා බැලීම අපට කළ නොහැක්කකි. … අපට එක් දෙයක් ගැන පමණක් අවධානය යොමු කිරීමට සිදුව ඇත: එනම් මිලිටරි ආරක්ෂාවයි.” මිලිටරිවාදය (හමුදාකරණය), කතිපයාධිකාරයේ (ධන කුවේර පෙළැන්තියේ) ධනවත් වීම සහ රජයේ මර්දනකාරී යාන්ත්‍රණය සඳහා ප්‍රතිපාදන සැපයීම වෙනුවෙන්, පසුගිය සියවස පුරා කම්කරු පන්තිය විසින් දිනා ගන්නා ලද මෙඩිකෙයාර්, මෙඩිකේඩ්, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනය, නිවාස සහ සෑම අවම සමාජ ආරක්ෂණයක්ම කොල්ලකෑමට නියමිතය.

එක්සත් ජනපදය තුළ සිදුවෙමින් පවතින්නේ හුදෙක් ජාතික දේශපාලන අර්බුදයක් පමණක් නොවේ. එය ලෝක ඓතිහාසික වැදගත්කමක් ඇති දැඩි කැලඹීමකි. ලෝක ධනවාදයේ පෙර ස්ථාවරකරුවා වූ එක්සත් ජනපදය, අද වන විට ගෝලීය අස්ථාවරත්වයේ විශාලතම මූලාශ්‍රය බවට පත්ව ඇත. එක්සත් ජනපදය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් බිඳවැටීම, දේශපාලනයේදී විවෘත මැර කල්ලිවාදයකට යොමුවීම, සමස්ත සමාජ ජීවිතයම කතිපයාධිකාරයේ අවශ්‍යතාවලට යටත් කිරීම සහ මිලිටරි ප්‍රචණ්ඩත්වය හරහා ලෝකය නැවත බෙදා ගැනීමට දරන උත්සාහය සමඟින් ප්‍රකාශ වන්නේ මුළුමනින්ම වූ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය එහි වඩාත්ම සංකේන්ද්‍රිත සහ පුපුරන සුලු ස්වරූපයෙන් ය.

වොෂින්ටනයේදී, 2025 දෙසැම්බර් 2 වන අඟහරුවාදා දින ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමක් අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වන අයුරු සහ ඒ දෙස රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (වමේ) සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (දකුණේ) බලා සිටින අයුරු. [AP ඡායාරූපය/ජූලියා ඩිමරී නිකින්සන්]

සෑම ප්‍රධාන ධනේශ්වර රටකම මෙයට සමාන වූ මූලික ක්‍රියාවලීන් පැහැදිලිව දක්නට ලැබේ. ධනවාදයේ අර්බුදය ජාත්‍යන්තර එකකි; ඒ හා සමානවම ඒකාධිපතිවාදය සහ යුද්ධය දෙසට හැරීම ද ජාත්‍යන්තර තත්ත්වයකි. යුරෝපීය පාලක පන්තිය තමන්ගේ කුහක සාමවාදී වාචාල කතා ඉතා වේගයෙන් හා නිර්ලජ්ජිත ලෙස අතහැර දමමින් සිටින අතර, අධිරාජ්‍යවාදී මිලිටරිවාදය (හමුදාකරණය) පිළිබඳ ඔවුන්ගේ දිගුකාලීන සම්ප්‍රදායන් යළි පණගන්වමින් සිටියි. එමෙන්ම, පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකේදී ඔවුන්ගේ සීයලා සහ මුතුන් මිත්තන් කළාක් මෙන්, සටන් කිරීමට හා මිය යාමට කම්කරු පන්තිය සහ තරුණ පරපුර සූදානම් විය යුතු බව ඔවුහු ප්‍රකාශ කරති. මෙය හුදු වාචාල කතාවක් පමණක් නොවේ. යුරෝපීය නේටෝ (NATO) බලවතුන් මේ වන විටත් රුසියාවට එරෙහිව ප්‍රායෝගිකව යුද්ධයක නිරතව සිටිති. යුක්‍රේනය, නේටෝ සංවිධානයේ නැගෙනහිර යුරෝපීය ඊශ්‍රායලය බවට පරිවර්තනය කර ඇත.

පසුගිය සියවසේ ඓතිහාසික අත්දැකීම් පිළිබඳ සිය විශ්ලේෂණයේදී ජාත්‍යන්තර කමිටුව අවධාරණය කර ඇත්තේ, 1914 දී පළමු ලෝක යුද්ධය ඇති කිරීමට තුඩු දුන් එම ප්‍රතිවිරෝධතාවලම ප්‍රතිඵලයක් ලෙස 1917 දී රුසියාවේ සමාජවාදී විප්ලවය ඇති වූ බවයි. අද දවසේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ද එම ඓතිහාසික ගතිකත්වයමය. අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයේ නැගී ඒමට පදනම වී ඇති ධනවාදයේ ගෝලීය අර්බුදය විසින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයේ පිපිරීම ද සූදානම් කරමින් පවතී.

සමාජවාදී විප්ලවයේ දශකයේ දෙවන භාගය

2020 දශකයේ ආරම්භයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site) ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක පුනර්ජීවනයක් මතුවනු ඇතැයි අපේක්ෂා කළේය. අපි දැන් මෙම දශකයේ අර්ධය පසු කර සිටිමු. ගෝලීය අර්බුදයේ වෛෂයික වර්ධනය විසින් මෙම ඉදිරිදර්ශනය සනාථ කරමින් පවතින බව ජාත්‍යන්තර කමිටුවට දැඩිව විශ්වාසය ඇත.

මෙම දශකයේ පළමු වසර පහ පාලක ප්‍රභූන් දේශපාලන ප්‍රතිගාමීත්වය දෙසට යොමු වීමට ගත් දැඩි උත්සාහයක් ආධිපත්‍යය දැරීය. මෙය අහඹු සිදුවීම් මාලාවක් හෝ හුදකලා වූ ජනතාවාදී දේශපාලනඥයන්ගේ (demagogues) ක්‍රියාවක් නොව, ධනවාදයේ දිනෙන් දින ගැඹුරු වන අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මඟින් විසඳීමට නොහැකි වූ ගෝලීය කතිපයාධිකාරයක පද්ධතිමය ප්‍රතිචාරයකි. ආණ්ඩු විසින් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත සංස්ථාපිත ලාභ ලැබීමේ අවශ්‍යතාවලට යටත් කළ කොවිඩ්-19 (COVID-19) වසංගතය මඟින්, කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා සහ පාලක සුළුතරයේ මූල්‍යමය අවශ්‍යතා අතර පවතින සමහන් කළ නොහැකි ප්‍රතිවිරුද්ධතාවය පැහැදිලිවම නිරාවරණය කළේය.

කොවිඩ්-19 (COVID-19) වසංගතය පැවති සමයේ, 2020 අප්‍රේල් 9 වන දින නිව්යෝර්ක් හි බ්‍රොන්ක්ස් හි පිහිටි හාර්ට් දූපතේ (Hart Island) සමූහ මිනීවළක කම්කරුවන් විසින් මළසිරුරු භූමදාන කරන අයුරු. [AP ඡායාරූපය/ජෝන් මින්චිලෝ]

යුක්‍රේනයේ යුද්ධය ඇවිළී යාම, ගාසා තීරයේ සිදුවන ජනසංහාරය, ඉරානයට බෝම්බ හෙලීම, වෙනිසියුලාවේ ජනාධිපති මදුරෝ පැහැර ගැනීම සහ මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය, පැනමාව සහ කියුබාවට එරෙහිව එල්ල වන තර්ජන මඟින් හෙළිදරව් වී ඇත්තේ, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය ප්‍රචණ්ඩ ලෙස නැවත බෙදා ගැනීමක් හරහා මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වමින් සිටින බවයි.

අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුළ, විදේශයන් කරා එල්ල කෙරෙන මෙම ආක්‍රමණශීලී නැඹුරුව තමන්ගේම රටවල් තුළ ඒකාධිපති පාලනයක් කරා හැරීම සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී: එනම් එක්සත් ජනපදය තුළ ට්‍රම්ප්ගේ නැවත පැමිණීම සහ ජනාධිපති ඒකාධිපතිත්වයක් විවෘතව ගොඩනැගීම; ආර්ජන්ටිනාවේ මිලෙයිගේ ද, ඉතාලියේ මෙලෝනිගේ ද සහ යුරෝපය පුරා අන්ත දක්ෂිණාංශික ආණ්ඩුවල ද නැගී ඒම; ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රමානුකූලව අහෝසි කිරීම, පොලිසිය මිලිටරිකරණය කිරීම (හමුදාකරණය), සංක්‍රමණිකයන්ට පීඩා කිරීම සහ විරුද්ධ මත අපරාධ ලෙස සැලකීම ඒ අතර වේ. මේ අතරතුර, මහා පරිමාණ රැකියා කපා හැරීම්, කෘතිම බුද්ධිය (AI) මඟින් රැකියා විනාශ වීම, උද්ධමනය සහ සමාජ සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම මඟින් බිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන්ට එල්ල වන ප්‍රහාරයන් තීව්‍ර වෙද්දී වුවද, 2025 වන විට ගෝලීය බිලියනපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 18.3 දක්වා ඉහළ ගියේය.

මෙම දශකයේ පළමු අර්ධය තුළ ධනේශ්වර ප්‍රතිගාමීත්වයේ සහ අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ (හමුදාකරණයේ) නැගී ඒමක් දක්නට ලැබුණු බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. ලෝක යුද්ධය යනු අනාගත තර්ජනයක් නොව, මේ වන විටත් දිගහැරෙමින් පවතින යථාර්ථයකි. එහෙත් යුද්ධය සහ මර්දනය තුළින් ප්‍රකාශයට පත්වන ධනේශ්වර ක්‍රමයේ එම ප්‍රතිවිරෝධතාවලම ප්‍රතිඵලයක් ලෙස ගෝලීය පන්ති අරගලයේ නැගී ඒම ද උදාවී ඇත.

දශකයේ දෙවන භාගය ජාත්‍යන්තර මට්ටමින් සමාජ අරගලයේ ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාවය නැගී ඒම මඟින් වැඩි වැඩියෙන් ලක්ෂණගත වෙමින් පවතී. 1845 දී මාක්ස් මෙසේ ලීවේය: “ඓතිහාසික ක්‍රියාවලියේ පූර්ණත්වයත් සමඟම, එම ක්‍රියාවලියට දායක වන ජනකායේ ප්‍රමාණය ද ඒ අනුව වැඩි වනු ඇත.” මෙම තීක්ෂණ අවබෝධය මුලින්ම සනාථ කරමින්, වැඩකරන ජනකාය විශාල වශයෙන් සමාජ හා දේශපාලන අරගලයන් කරා ඇදී එමින් පවතී.

ජාතික හෝ කලාපීය මට්ටමින් පැවැත්වුණු මහා වැඩවර්ජන පහක් ද ඇතුළුව, 2026 වසරේ පළමු කාර්තුව තුළ පමණක් යුරෝපීය රටවල් අටක් පුරා වැඩවර්ජන 458 ක් පවත්වා ඇත. මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයන්ට සාපේක්ෂව සැලකිය යුතු වේගවත් වීමක් නිරූපණය කරයි. 2026 වසරේ පළමු කාර්තුව තුළ දැනටමත් බෙල්ජියමේ (මාර්තු 12) සහ ඉතාලියේ (මාර්තු 9) ජාතික මහා වැඩවර්ජන ද, ස්පාඤ්ඤයේ අන්දලූසියා සහ බාස්ක් කලාපයන්හි (මාර්තු 8 සහ 17) කලාපීය මහා වැඩවර්ජන ද, උතුරු සයිප්‍රසයේ මහා වැඩවර්ජනයක් ද සහ පෙබරවාරි මාසයේදී ආර්ජන්ටිනාවේ ජාතික මහා වැඩවර්ජනයක් ද පවත්වා ඇත. මෙසේ, තනි කාර්තුවක් තුළ සිදුවූ මහා වැඩ වර්ජනවල බහුලතාවය (තීව්‍රතාව), 2025 වසරේ පැවති ඉහළ වේගයද ඉක්මවා යාමකි. තවද ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ සේවකයින් මිලියන 1.7 කට ආසන්න ප්‍රමාණයක් වැඩවර්ජනයක නිරත වූහ.

වෛෂයික දර්ශකයන්ට අනුව එනම් වැඩ වර්ජන සංඛ්‍යාව, ජනතාව ඒකරාශී වීමේ විශාලත්වය, භූගෝලීය ව්‍යාප්තිය, විවිධ ක්ෂේත්‍ර කරා පැතිරීම, කාලසීමාව, වැඩ වර්ජන සඳහා කම්කරු පන්තියෙන් ලැබී ඇති අනුමැතියේ ප්‍රතිශතයන් සහ රාජ්‍ය ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වල වාර ගණන අනුව 2026 වසරේ මුල් මාස කිහිපය, 2025 වසරේ මට්ටම් අභිබවා ගිය පන්ති ගැටුමක පැහැදිලි සහ මැනිය හැකි තීව්‍ර වීමක් පෙන්නුම් කරයි.

එක්සත් ජනපදය තුළ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් ICE (සංක්‍රමණ සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය) ට එරෙහිව දැවැන්ත විරෝධතා පවත්වා ඇති අතර, ඊට මාර්තු 28 වන දින පැවැත්වූ ‘No Kings’ (රජවරු එපා) ජන බලමුලු ගැන්වීමට එක්වූ මිලියන 8 ක ජනතාවද ඇතුළත් වේ. එමෙන්ම කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සේවකයන් 42,000 ක් සහ ‘කයිසර්’ (Kaiser) සෞඛ්‍ය සේවා සේවකයන් 31,000 ක් විසින් වැඩ වර්ජන දියත් කර ඇත.

2026 මාර්තු 28 වන දින නිව්යෝර්ක් නුවර පැවැත්වූ “No Kings” (රජවරු එපා) රැලිය.

මෙම අරගල වනාහි, කතිපයාධිකාරය (oligarchy) ෆැසිස්ට්වාදය සහ යුද්ධය කරා මෙහෙයවනු ලබන එම අර්බුදයේම කොන්දේසිවලට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය අරගලයට අවතීර්ණ වීමේ වෛෂයික ප්‍රකාශනයකි. මෙම අරගල සෑම මහාද්වීපයක් හරහාම සහ ආර්ථිකයේ සෑම ප්‍රධාන ක්ෂේත්‍රයක් පුරාම එකවර දිග හැරෙමින් පවතී. එමෙන්ම ඒවා වඩ වඩාත් සේවා යෝජකයන් සහ රජයන් සමඟ පමණක් නොව, වැඩ වර්ජන මර්දනය කරන ආයතනික පොලිස් බලකායක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධාරිවාදයට ද එරෙහිව සෘජු ගැටුමකට පරිවර්තනය වෙමින් පවතී. 

වර්තමාන යුගයේ තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රවණතා දෙකෙන් ජයග්‍රහණය කරන්නේ කුමන එකක්ද යන්නයි. පාලක පන්තිය තම පද්ධතියේ වඩ වඩාත් ගැඹුරු වන අර්බුදයට පිළිතුරු සපයා ඇත්තේ ෆැසිස්ට්වාදය සහ යුද්ධය, සමාජය මිලිටරීකරණයට ලක් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීම, සංක්‍රමණිකයන්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට පහර දීම මෙන්ම න්‍යෂ්ටික ව්‍යසනයක තර්ජනය තමන් තුළම ගැබ් කරගත් ගැටුම් සඳහා සූදානම් වීම මඟිනි. ඊට, කම්කරු පන්තිය පිළිතුරු සපයමින් සිටින්නේ ව්‍යසනය කරා යන මෙම ගමන් මඟ නැවැත්වීමට සමත් එකම බලවේගය වන තමන්ගේම සාමූහික සමාජ බලය බලමුලු ගැන්වීම මඟිනි. මෙහි අවසාන ප්‍රතිඵලය කලින් තීරණය කර නැත. එය තීරණය වනු ඇත්තේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අරගල මඟින් සහ මෙම අරගල මධ්‍යයේ කම්කරු පන්තිය විසින් වර්ධනය කරගනු ලබන දේශපාලන සවිඥානිකත්වය, සංවිධානය සහ නායකත්වය මඟිනි.

සාපේක්ෂ සමාජ සමතුලිතතාවයේ පැවති යුගය දැන් අවසන් වී ඇති බව නිසැකවම ප්‍රකාශ කළ හැකිය. මෙම දශකය ආරම්භයේදී හඳුනාගත් වෛෂයික කොන්දේසි එනම් පශ්චාත් යුධ ධනේශ්වර ක්‍රමයේ බිඳ වැටීම, පැරණි පාලන ක්‍රමයන් තවදුරටත් ඉදිරියට ගෙනයාමට ඇති නොහැකියාව සහ විප්ලවීය පරිවර්තනයක් හෝ ම්ලේච්ඡත්වය කරා පරිහානියට පත්වීම යන දෙකෙන් එකක අවශ්‍යතාවය තහවුරු වී ඇතිවා පමණක් නොව තවදුරටත් තීව්‍ර වී ඇත. 2026 වසරේ මුල් මාස කිහිපය සනිටුහන් කරන්නේ, කම්කරු පන්තියේ ප්‍රතිරෝධය ගෝලීය බලවේගයක් ලෙස කරළියට පැමිණි අවස්ථාවයි. එය කතිපයාධිකාරයේ ආක්‍රමණශීලී ගමන් මඟට එරෙහිව සටන් වදින්නේ, යුද්ධය හෝ සාමය, ඒකාධිපතිත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය වැනි, මෙම යුගයේ මූලික ප්‍රශ්න සෘජුවම ඓතිහාසික න්‍යාය පත්‍රයට එක් කරමිනි.

හතරවන ජාත්‍යන්තරය ගොඩනඟනු!

මධ්‍යම පන්තියේ ව්‍යාජ-වාම [pseudo-left: ඩේවිඩ් නෝර්ත් පැහැදිළි කර ඇති අර්ථයෙන්] කණ්ඩායම්වලට අයත් අධෛර්යමත් වූ නරුමයන් සහ සංශයවාදීන් මෙම ඉදිරිදර්ශනය මනඃකල්පිතයක් ලෙස බැහැර කරනු ඇත. පාලක පන්තිය ඉදිරියේ දණින් වැටී සිටින ඔවුහු, ධනේශ්වර ක්‍රමයේ අනභිභවනීය බව සහ ස්ථීරභාවය කෙරෙහි දැඩි ලෙස විශ්වාස කරන්නෝ වෙති. කම්කරු පන්තිය කෙරෙහි ඔවුන් තුළ පවතින ආකල්පය බිය සහ පිළිකුල මුසු වූවකි.

නමුත්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මෙහෙයවනු ලබන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විප්ලවීය ඉදිරිදර්ශනය පදනම් වී ඇත්තේ, ගෝලීය පරිමාණයෙන් ක්‍රියාත්මක වන වෛෂයික ආර්ථික හා සමාජීය ක්‍රියාවලීන් පිළිබඳ වඩාත්ම යථාර්ථවාදී ඇගයීම මතය.

වෛෂයික, ව්‍යුහාත්මක සත්‍යයක් ලෙස, පවතින ක්‍රමයේ ප්‍රතිවිරෝධතා උග්‍ර කිරීමට හේතු වූ එම  නිෂ්පාදනයේ ගෝලීයකරණය මානව ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර කම්කරු පන්තිය බිහි කර ඇත. මෙම සංඛ්‍යාලේඛනය අප නිවැරදිව හා ප්‍රත්‍යක්ෂව වටහාගත යුතුය. 1980 වසරේ සිට ලෝකයේ නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය විසින් කම්කරු පන්තියේ ප්‍රමාණය බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ඇත. මානව ඉතිහාසයේ පළමු වතාවට, ලෝක ජනගහනයෙන් බහුතරයක් නගරවල ජීවත් වන අතර, එම සංඛ්‍යාව සෑම සතියකම මිලියන ගණනකින් ඉහළ යමින් පවතී.

දැන් නගර 500 කට වඩා වැඩි ප්‍රමාණයක ජනගහනය මිලියනය ඉක්මවා යන අතර, එය සමස්ත මානව වර්ගයාගෙන් දළ වශයෙන් හතරෙන් එකකට සමාන වේ. ඉන් අවම වශයෙන් නගර 31 ක් ජනගහනය මිලියන 10 ඉක්මවූ මෙගා-නගර (megacities) වන අතර, ලෝක වෙළඳාමෙන් සියයට 90 ක් පමණ ගලා යන්නේ මෙවැනි නගර කේන්ද්‍රස්ථාන කිහිපයක් හරහාය. ඉදිරි දශක කිහිපය තුළ අප්‍රිකානු කම්කරුවන් බිලියන 1 ක් පමණ ගෝලීය ශ්‍රම බලකායට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) විසින් පෙන්වා දී ඇති පරිදි ඉන්දියාව, චීනය, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව යන රටවල නොදියුණු ගම්බද ප්‍රදේශවල සිට ගෝලීයකරණය වූ නිෂ්පාදන ජාලයන් වෙත සංක්‍රමණය වී ඇති බිලියන සංඛ්‍යාත කම්කරුවන් “තනි ජීවිත කාලයක් තුළ සියවස් ගණනාවක් ඉදිරියට පැන” ඇත.

2020 වසරේදී මිලියන 17.5ක ජනගහනයක් වාර්තා වූ ෂෙන්සෙන් (Shenzhen) නගරය, නාගරික ජනගහනය අනුව ෂැංහයි සහ බීජිං නගරවලට පසුව චීනයේ තෙවැනි වැඩිම ජනගහනයක් සහිත නගරය වේ.

වෛෂයික සමාජ සහ ආර්ථික ක්‍රියාවලීන් විසින් විප්ලවීය අරගල නිර්මාණය කරමින් පවතී. දිනෙන් දින පිරිහෙන ජීවන තත්ත්වයන්, සමාජ අසමානතාවයේ අතිමහත් පරිමාණය මෙන්ම පාලක පන්තියේ බියකරු දූෂණය සහ අපරාධ, පොදු ජනතාවගේ දැඩි පිළිකුල සහ ක්‍රෝධය ඇවිස්සීමට හේතු වී තිබේ. එහෙත්, මෙම ක්‍රෝධය ධනවාදයට එරෙහිව දේශපාලනික වශයෙන් දැනුවත් වූ සහ ජාත්‍යන්තර වශයෙන් ඒකාබද්ධ වූ අරගලයක් දක්වා වර්ධනය කළ යුතුව ඇත.

මෙය මෙම ඓතිහාසික යුගයේ කේන්ද්‍රීය ගැටලුව කරළියට ගෙන එයි: එනම් කම්කරු පන්තිය තුළ පවතින විප්ලවීය නායකත්වයේ අර්බුදය විසඳීමයි. ධනේශ්වර පාලනයේ පැරණි මෙන්ම ප්‍රතිගාමී මෙවලම්වල, එනම් දැනට පවතින ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයන්, ධනේශ්වර ජාතිකවාදී සංවිධාන සහ අසංඛ්‍යාත සුළු ධනේශ්වර කණ්ඩායම් වල ග්‍රහණය බිඳ දැමිය යුතුය. පාලක පන්තියේ සියලුම නියෝජිතායතනවලින් ස්වායත්ත වූ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය තහවුරු කළ යුතුව ඇත.

මේ සඳහා ජාත්‍යන්තර කමිටුව විසින් මෙහෙයවනු ලබන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. ශතවර්ෂයක අරගල ඉතිහාසයක් පුරා විහිදුණු අතිමහත් විප්ලවීය අත්දැකීම් සම්භාරයක් එහි වැඩපිළිවෙළ තුළ සංකේන්ද්‍රණය වී පවතී.

ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් තවමත් මහජන පක්ෂ බවට පත්ව නොමැති බව අප පිළිගනිමු. එහෙත්, මෙය වරදක් නොව, පැරණි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ස්ටාලින්වාදී මෙන්ම කම්කරු හා වෘත්තීය සමිති නිලධාරිවාදී යාන්ත්‍රණයන් විසින් පන්ති අරගලය මර්දනය කරනු ලැබූ දීර්ඝ දේශපාලන ප්‍රතිගාමී කාලපරිච්ඡේදයක ප්‍රකාශනයකි.

එහෙත් ට්‍රොට්ස්කි ප්‍රකාශ කළ පරිදි, “නිලධාරිවාදී යාන්ත්‍රණයට වඩා ඉතිහාසයේ නියමයන් බලවත්ය.” ධනේශ්වර අර්බුදය තීව්‍ර වීම විසින් මහජනයා විප්ලවීයකරණය කරමින් පවතින අතර, මෙය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දැවැන්ත වර්ධනයක් සඳහා අවශ්‍ය කොන්දේසි නිර්මාණය කරනු ඇත.

ස්ටාලින්වාදී නියෝජිතයෙකු අතින් ඝාතනය වීමට මාස තුනකට පෙර, 1940 මැයි මාසයේදී ට්‍රොට්ස්කි විසින් ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ ප්‍රකාශනය තුළ, ලෝක සමාජවාදී විප්ලවයේ මෙම අසමසම මූලෝපායඥයා මෙසේ පැහැදිලි කළේය:

“ඉතිහාසය දෙස බලන කල, යුද්ධය විප්ලවයේ මව බවට පත්ව ඇත්තේ වරක් දෙවරක් නොවේ; එයට නිශ්චිත හේතුව වන්නේ යුද්ධය විසින් යල් පැන ගිය පාලන තන්ත්‍රයන් ඒවායේ අත්තිවාරමෙන්ම සොලවා දැමීමත්, පාලක පන්තිය දුර්වල කිරීමත් සහ පීඩිත ජනතාව තුළ විප්ලවීය කෝපය වර්ධනය වීම වේගවත් කිරීමත් ය.”

ලියොන් ට්‍රොට්ස්කි, 1940

එවැනි තත්වයක් මතු වෙමින් පවතී. ඇමරිකානු පාලක පන්තිය විසින් ධවල මන්දිරය තුළ මැරවරයෙකු හිඳුවා තිබීමත්, තම කටයුතු කළමනාකරණය කිරීම පාතාල ලෝකයට පවරා තිබීමත් යන කරුණ ම, එම පන්තියේ ඓතිහාසික බිදවැටීම පිළිබඳ නොබිඳිය හැකි සාක්ෂියකි.

මහත් වූ බාධක හමුවේ වුවද, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වර්තමාන අර්බුදය සඳහා කම්කරු පන්තියේ දියුණු කොටස් සූදානම් කිරීමට වෙහෙස නොබලා කටයුතු කර ඇත. පසුගිය වසර 28 පුරා දේශපාලන විශ්ලේෂණයේ සහ මූලෝපායික මඟපෙන්වීමේ අසමසම මෙවලමක් ලෙස සේවය කළ ‘ලෝක සමාජවාදී වෙබ් අඩවිය’ (World Socialist Web Site) අප විසින් නිර්මාණය කර ඇත. මාක්ස්වාදයේ උරුමය සහ සමාජවාදය සඳහා වන අරගලයේ ඓතිහාසික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් එය නොපසුබට අරගලයක නිරත වී තිබේ.

ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධ පක්ෂ, “ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය” (IWA-RFC) ගොඩනැගීම හරහා අධිරාජ්‍යවාදී ගැති සහ සහයෝගිතාවාදී කම්කරු නිලධාරිවාදයට එරෙහි සටනට නායකත්වය දී ඇත. එහි අරමුණ පවතින වෘත්තීය සමිති නිලධාරිවාදයන්ට බලපෑම් කිරීම නොව, ඒවාට එරෙහිව සාමාන්‍ය කම්කරුවන්ගේ නැගිටීමක් සංවිධානය කිරීමත්, බලය කර්මාන්තශාලා, වැඩබිම් සහ සේවා ස්ථාන කමිටු වෙත පැවරීමත් වේ. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන “සමාජ සමානතාව සඳහා වූ ජාත්‍යන්තර තරුණයෝ සහ ශිෂ්‍යයෝ” (IYSSE) සංවිධානය, තරුණ පරපුර මාක්ස්වාදීන් ලෙස අධ්‍යාපන ගත කිරීම සිදු කරනු ලබයි; එය විරෝධතා දේශපාලනයේ පවතින අධෛර්යමත් කරවන ප්‍රතිපත්ති වෙනුවට විප්ලවවාදී විකල්පයක් සම්පාදනය කරයි; තවද ඔවුන්ගේ ශක්තිය කම්කරු පන්තියේ අරගලයන් වෙත යොමු කරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) විසින් Socialism AI (ආවර්ධිත බුද්ධියේ මෙවලම) නිර්මාණය කර ඇති අතර, එය 2025 දෙසැම්බර් මාසයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කරන ලදී. පාලක පන්තිය තමන් පොහොසත් වීම සඳහාත්, කම්කරුවන් දිළිඳු කිරීමට සහ සූරාකෑම දැඩි කිරීමටත් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන අතරතුර, ජාත්‍යන්තර කමිටුව සමාජවාදය සඳහා වන අරගලය ඉදිරියට ගෙන යාමට සහ වේගවත් කිරීමට මෙම තාක්ෂණයේ ඇති දැවැන්ත විභවය උපයෝගී කර ගනිමින් සිටී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සියලු විවිධ කාර්යභාරයන් මෙහෙයවනු ලබන්නේ, ධනේශ්වර ම්ලේච්ඡත්වය පරාජය කර මානව වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කරනු ලබන සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ අරමුණ කරාය. මෙම පක්ෂය ගොඩනගනු ලබන්නේ, වර්තමාන යුගයේ අත්දැකීම්වලින් අවශ්‍ය නිගමනවලට එළඹෙමින් ක්‍රියාකාරීව ඉදිරි බල ඇනිවල සිට ගන්නා එහි සාමාජිකත්වය, කම්කරුවන්, තරුණයන් සහ සමාජවාදී බුද්ධිමතුන් විසිනි. ICE (ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒකකය) ආයතනයට එරෙහිව සටන් වදින කම්කරුවන්ට ද, පිකට් පෙළපාලිවල නිරත වැඩවර්ජකයන්ට ද, සරසවි මත පතිත කරන ජනසංහාරයන්ට එරෙහි වන ශිෂ්‍යයන්ට ද සහ සෑම මහද්වීපයකම වීදි බැස සිටින මිලියන සංඛ්‍යාත ජනයාට ද දැන් පැන නැගී ඇති ප්‍රශ්නය වන්නේ සටන් කළ යුතු ද යන්න නොව, සටන් කරන්නේ කෙසේද සහ කුමන බැනරයක් යටතේද යන්නයි.

එම ප්‍රශ්නවලට අපගේ පිළිතුර මෙයයි: ඉදිරි මාවත යනු බලය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය ගෙන යන සවිඥානික සහ සංවිධානාත්මක අරගලයයි. එහි බැනරය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ බැනරයයි. අපි මෙසේ පවසමු: සෑම රටකම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනගනු! සමාජවාදය සඳහා වූ අරගලය අතට ගනු! ලෝක සමාජවාදී විප්ලවය කරා පෙරට යනු!

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි.)

ධනවාදයේ අර්බුදය, යුද්ධය සහ ජාත්‍යන්තර පන්ති අරගලය Read More »

World war

ඇමරිකාව ලෝක යුද්ධයට ලෑස්ති වෙයි – මුලින්ම ඉරානය, ඊළඟට චීනය — YouTube Podcast

The Socialist World

ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක යුද්ධයක් කරා ගමන් කරමින් සිටින බව දැන් පැහැදිලියි. ඉරානයට එරෙහි යුද්ධය යනු ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන චීනයට එරෙහිව කරන යුද්ධයක මූලෝපායික පෙරහුරුවක් පමණි. මේ විනාශකාරී යුධ ව්‍යාපාරය වෙනුවෙන් ලෝකය පුරා කම්කරු පන්තියේ තරුණයින්ව අනිවාර්ය හමුදා සේවයට (Military Draft) බඳවා ගනිමින්, ඔවුන්ව යුද්ධයට බිලිදීමට පාලක පන්තිය සූදානම් වේ.

මේ ගෝලීය යුධ තර්ජනය ශ්‍රී ලංකාවට හා දකුණු ආසියාවට බලපාන්නේ කෙසේද? දිසානායක ආණ්ඩුව සහ කලාපයේ අනෙකුත් පාලකයින් අධිරාජ්‍යවාදයට සහය දෙන්නේ ඇයි? මීට එරෙහිව කම්කරු පන්තිය ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේ වීඩියෝවෙන් ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කෙරේ.

ඇමරිකාව ලෝක යුද්ධයට ලෑස්ති වෙයි – මුලින්ම ඉරානය, ඊළඟට චීනය — YouTube Podcast Read More »

Scroll to Top