Trade Unions

Indonesia killings

‘කොමියුනිස්ට්’ විරෝධී ඉන්දුනීසියානු මහා ජන සංහාරයෙන් 60 වසරක් – 1 කොටස

මිගාර මල්වත්ත විසිනි.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂ (PKI) සාමාජිකයින් සහ ආධරකරුවන් කේන්ද්‍ර කරගනිමින් 1965 දී කම්කරු පීඩිත මහජනතාවට එරෙහිව සිදු කරන ලද ජන සංහාරයට හැට වසරක් පිරුණි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකානු කලාපයන් පුරා සැඩ සුළඟක් මෙන් හමා ගිය අධිරාජ්‍යවාදයට සහ දේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තියට එරෙහි කම්කරු පීඩිත මහජනතාවගේ දැවැන්ත අරගලයන් අතරට, ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව විසින් දියත් කරන ලද අරගලය ද ඇතුළත් විය. ප්‍රතිගාමී ස්ටැලින්වාදී නිලධාරීවාදයත්, 1950 ගණන්වල මුලදී මෙම ස්ටැලින්වාදී නිලධාරීවාදය රැක ගැනීම සඳහා අධිරාජ්‍යවාදයේ තවත් ඒජන්සියක් ලෙස මතු වූ පැබ්ලෝවාදයත් පිහිට කර ගනිමින්, අධිරාජ්‍යවාදය හා එහි සහායක දේශීය කොම්ප්‍රදෝරු ධනපති පංතිය විසින් කම්කරු පීඩිත මහජනතාවට අත්කර දුන් අතිදැවැන්ත පරාජයක් ලෙස මෙම සමූලඝාතනය හඳුනාදිය හැකිය. ස්ටැලින්වාදී ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ සහයෙන් දේශීය ධනපති පන්තිය විසින් ඉන්දුනීසියානු ජාතික විමුක්ති අරගලය පාවා දීම, 1965 දී සිදු වූ ලේ වැකි කුමන්ත්‍රණය, ඒ තුළ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මැදිහත් වීම, මෙම සමූලඝාතනය උදෙසා නැවත වරක් PKI නායකත්වය හා පැබ්ලෝවාදීන් විසින් සිදු කරන ලද පාවාදීම, මෙම ලේ වැකි සමූලඝාතනයෙන් පසු බලය ලබා ගත් සුහාර්තෝගේ හමුදා ඒකාධිපතිත්වය යටතේ 1998 දක්වා වූ දැඩි මර්දනකාරී පාලනය හා 1997 ආසියානු මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස කැරලිකාර මහජනතාව විසින් සුහාර්තෝ පලවා හැරීම දක්වාත් ඉන් පසු ප්‍රතිසංස්කරණ යුගය (Reformasi) ලෙස ධනපති ක්‍රමය යළි ස්ථාපිත වීම දක්වාත් ඓතිහාසික වාර්ථාවක් මෙම ලිපි මාලාවට අඩංගු වේ. මෙම ඓතිහාසික වාර්තාව සලකා බැලෙන්නේ විශේෂයෙන් මෙම කාල පරිච්ඡේදය තුල විජිත හා ධනපති සංවර්ධනයේ පසුගාමී රටවල ජාතික ධනේශ්වරයේ හා සුලු ධනපති පන්තියේ නායකත්වයන් විසින් කම්කරු පීඩිත අරගල ග්‍රහනයට ගැනිම හා ඊට බැඳි පැබ්ලෝවාදයේ අවස්ථාවාදී ක්‍රියාකලාපය විග්‍රහ කර ගැනීමේ පසුබිමක් වශයෙනි. ඒ සමගම ඉන්දුනීසියාවේ කම්කරු, ගොවි හා ශිෂ්‍යයින් ඇතුලු පීඩිත මධ්‍යම පන්තිය දේශපාලනික අවමංගතභාවයේ හෙලමින් කම්කරු පන්තියේ ස්වාධීන් විප්ලවවාදී ජාත්‍යන්තරවාදී වැඩ පිළිවෙළට හතුරුව කටයුතු කරන වත්මන් ජාතිකවාදී ධනපති ව්‍යාපාර හා සුළු ධනපති ව්‍යාජ-වාම සංවිධානවල ක්‍රියාකලාපය සලකා බලමින්, මෙම සියලු පාවාදීම්වලට එරෙහිව විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සහිතව සම්ප්‍රදායික ට්‍රොට්ස්කිවාදයේ ධජය යටතේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව(හජජාක) විසින් සිදු කරන ලද අරගලය සාකච්ඡා කිරිම සහ ඉන්දුනීසියාවේ එහි ශාඛාවක් පිහිටුවීමේ අවශ්‍යතාව මතු කිරීම මෙම ලිපි මාලාවේ අරමුණයි.

~~

ඇමරිකානු CIA සංවිධානය මැදිහත් වීමෙන් සිදු කළ හමුදා කුමන්ත්‍රණයක් හරහා ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂ (PKI) සාමාජිකත්වය හා සහායකයින් ඉලක්ක කරගනිමින් 1965 ඔක්තෝම්බරයේ සිට සය මසකට වැඩි කලක් ක්‍රියාත්මක කෙරුණු මහා ජන සංහාරයට හැට වසරක් පිරී තිබේ. මෙම සංහාරය ‘කොමියුනිස්ට්’ විරෝධී යන නාමයෙන් සිදු කරන ලද නමුත්, සැබැවින්ම එය ස්ටැලින්වාදී PKI නායකත්වය විසින් පාවාදුන් කම්කරු පන්තියට සහ ගොවි ජනතාවට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරයක් විය. මෙම සංහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 500,000 ත් 1,000,000 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කරන ලද බවට ගණන් බලා ඇත. තවත් වාර්තා මෙම ගණන මිලියන තුන දක්වා ඉහල දමයි. පශ්චාත් දෙවන ලෝක යුද කාල පරිච්ඡේදයේ, අධිරාජ්‍යවාදයට සහ දේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තියට එරෙහිව ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව පුරා හමා ගිය කම්කරු පීඩිත මහජනතාවගේ දැවැන්ත විප්ලවවාදී අරගලයන් අතරට ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවගේ අරගලය ද ඇතුළත්ය. ප්‍රතිගාමී ස්ටැලින්වාදී නිලධාරීවාදය  සහ 1950 මුල් භාගයේ ප්‍රතිගාමී ස්ටැලින්වාදය ආරක්ෂා කර ගැනීම සඳහා අධිරාජ්‍යවාදයේ තවත් ඒජන්සියක් ලෙස මතුවූ පැබ්ලෝවාදය විසින් මෙම විප්ලවවාදී ව්‍යාපාරය පාවා දීමෙන්, අධිරාජ්‍යවාදය හා එහි සහයක දේශීය කොම්ප්‍රදෝරු ධනපති පන්තිය විසින් කම්කරු පීඩිත මහජනතාවට අත්කර දුන් අති දැවැන්ත පරාජයක් ලෙස මෙම සමූලඝාතනය හඳුන්වාදිය හැකිය.

Massacre1965Indonesia
ඉන්දුනීසියානු සමූලඝාතනවලට ගොදුරු වූවන් සමූහ මිනී වලවල්වලට හෝ ගංගාවලට විසි කරන ලදී (1965).

ඓතිහාසික පසුබිම

බුරුමයට ආසන්නව, අද දින ඉන්දියන් සාගරයේ පිහිටි සුමාත්‍රා දූපතේ සිට, ඕස්ට්‍රේලියාවට ආසන්න පැසිෆික් සාගරයේ පිහිටි බටහිර පැපුවා දක්වා සැතපුම් 3200 ක් පමණ දක්වා වූ දුරක් පුරා මෙම දූපත් සමූහය විහිද යන සේ පිහිටා සිටී. 1880 න් පසු මෙම භූගෝලීය කලාපය සඳහා “ඉන්දුනීසියාව” යන යෙදුම භාවිතා කරන ලදී. ඉන්දුනීසියානු දූපත් ප්‍රමාණය ගණනින් 17,000 ඉක්මවන අතර, ඉන් ජනාවාසව පවතින්නේ දූපත් 6,000 පමණ ප්‍රමාණයකි. ඉස්ලාම් ධර්මය හැරෙන්නට වෙනත් කිසිදු සංස්කෘතික සාම්‍යතාවයක් නොමැති මෙම දූපත් සමූහය එකට බැද තබනු ලැබුවේ වසර 350 පමණ වූ ලන්දේසි යටත් විජිත පාලනය විසිනි.

ලන්දේසි යටත් විජිතවල අධිරාජ්‍යවාදී කොල්ලකෑම

ලන්දේසි යටත් විජිත අධිරාජ්‍යවාදීන් විසින් වසර 350 ක් තිස්සේ ඉන්දුනීසියාව අනුකම්පා විරහිතව කොල්ලකෑ අතර, ස්වභාවික සම්පත් කොල්ලකෑම, විශාල කෘෂිකාර්මික වතු ස්ථාපිත කිරීම සහ එහි ජනතාව අනුකම්පා විරහිතව සූරා කෑම සිදු කළහ. ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්වල යටත් විජිත යුද්ධ ඉන්දුනීසියානු ජනගහනයට දැඩි හානියක් සිදු කළ අතර, සෘජු යුද්ධ හානි, සාගතය සහ රෝග හේතුවෙන් මිලියන 3 සිට 4 දක්වා මරණ සිදු විය.

19 වන සියවස ආරම්භයේදී, නැගී එන බ්‍රිතාන්‍ය ධනේශ්වර අධිරාජ්‍යවාදය මෙම කලාපය කෙරෙහි ආධිපත්‍යය සඳහා ලන්දේසීන්ට වැඩි වැඩියෙන් අභියෝග කළේය. 1800 දී ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම බිඳ වැටුණු අතර 1811 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙම කලාපය අත්පත් කර ගත්හ. නමුත් 1814 ඇංග්ලෝ-ලන්දේසි ගිවිසුමට අනුව 1816 දී නැවත ලන්දේසින්ට මෙම කලාපය බාර දෙන ලද අතර, 1824 ලන්ඩන් ගිවිසුම මගින් මෙම යටත් විජිත බලවතුන් දෙදෙනා විසින් කලාපය කොටස් දෙකකට බෙදා ගත්හ: බ්‍රිතාන්‍යයන් මැලේ අර්ධද්වීපයේ පාලනය අත්පත් කරගත් අතර ලන්දේසීන් ඉන්දුනීසියානු දූපත් සමූහය පාලනය කරන ලදී.

ලන්දේසීන් විසින් 1830 න් පසු ජාවාහි බලහත්කාර වගා කිරීමේ සහ ගිවිසුම්ගත ශ්‍රම ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමය මගින් ලන්දේසීන් සහ ඔවුන්ගේ ඉන්දුනීසියානු සහචරයින් අතිවිශාල ධනයක් උපයන ලදී. මෙම වගා ක්‍රමය ගොවීන් ඔවුන්ගේ ඉඩම්වලට බැඳ දමා තිබුණි. 1870 න් පසු එළඹි වඩාත් ලිබරල් කාල පරිච්ඡේදයේ දී මෙම ක්‍රමය අහෝසි කරන ලදී.

1901 දී ලන්දේසීන් “ආචාර ධර්ම ප්‍රතිපත්තිය” ලෙස හැඳින්වූ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, එයට දේශීය අධ්‍යාපනය සඳහා තරමක් වැඩි මුදලක් වෙන් කළහ. ලන්දේසි අධිරාජ්‍යවාදීන්ට මෙම ලිබරල් ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට සිදු වූයේ ධනපති ක්‍රමයේ සීඝ්‍ර වර්ධනයත් සමඟම, එහි පැවැත්ම සඳහා ධනපති පන්තියට වඩාත් ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට සිදු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

“ආචාර ධර්ම ප්‍රතිපත්තිය” පුළුල් අධ්‍යාපන අවස්ථා ලබා දුන්නේ නැත. කෙසේ වෙතත්, එය ස්වදේශික ඉන්දුනීසියානු ප්‍රභූ පැලැන්තියේ දරුවන්ට ලන්දේසි අධ්‍යාපනයක් ලබා දුන්නේය. බටහිර අධ්‍යාපනය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බටහිර දේශපාලන අදහස් ගෙන ආවේය. 1920 සහ 30 ගණන්වලදී, මෙම කුඩා ප්‍රභූ පැලැන්තිය විසින් නැගී එන යටත් විජිත විරෝධී සහ ජාතික චින්තනයක් ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය.

1918 දී, වසර දෙකකට පෙර පිහිටුවන ලද පූර්ව-පාර්ලිමේන්තුවක් වන වොක්ස්රාඩ් (මහජන කවුන්සිලය), පළමු වරට රැස්විය. එය සාමාජිකයින් 39 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඉන් 15 දෙනෙකු ස්වදේශික ඉන්දුනීසියානුවන් විය. මෙම වසරේ දී, අනාගතයේ යම් නිශ්චිත අවස්ථාවක දී ඉන්දුනීසියානුවන්ට ස්වයං පාලනයක් ලබා දෙන බවට ලන්දේසි රජය එකඟ වූ නමුත්, පසු වසරවලදී මෙම පොරොන්දු ඉටු කළේ නැත.

ජාතිකවාදයේ නැගීම හා ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීම

පළමු ලෝක යුද්ධය පුපුරා යාමෙන් (1914-1918) සනාථ වූයේ, ලෝක ආර්ථික දේශපාලන ක්‍රමයක් ලෙස ධනපති ක්‍රමය සිය ඓතිහාසික වලංගුතාවය සිඳ ගත් බවයි. එහෙයින්, මෙම ප්‍රතිගාමී අධිරාජ්‍යවාදී ධනපති ක්‍රමයට එරෙහිව, 20 වන සියවසේ මුල් භාගයේ විජිත හා අර්ධ-විජිත රාජ්‍ය තුළ පැන නැගි ජාතිකවාදය මෙම නව ලෝක තත්ත්වයේ නිෂ්පාදනයක් වූ අතර බටහිර යටත් විජිතවාදයේ යටත්වැසියන් ලෙස පැවති අප්‍රිකාවේ සහ ආසියාවේ බොහෝ ප්‍රදේශවලට බලපාන පුළුල් නොසන්සුන්තාවයේ ප්‍රවාහයන්ගේ කොටසක් විය.

මෙම කාල පරිච්ඡේදය තුළ පළමු ඉන්දුනීසියානු දේශපාලන පක්ෂ මතුවීමට පටන් ගත්තේය. 1908 ඔක්තෝබර් මාසයේදී, පළමු ජාතිකවාදී ව්‍යාපාරය වන බුඩි උටෝමෝ පිහිටුවන ලදී. “ඉන්ඩිෂ් පාර්ටිජ්” පක්ෂය 1912 දී පිහිටුවන ලදී. එම වසරේම, සැප්තැම්බර් 10 වන දින, සරේකට් ඉස්ලාම් පළමු ජාතිකවාදී මහජන ව්‍යාපාරය පිහිටුවන ලදී. 1912 දෙසැම්බර් වන විට සරේකට් ඉස්ලාම් හි සාමාජිකයින් 93,000 ක් සිටියහ. එය ලන්දේසි පාලනයට එරෙහිව ඉස්ලාමයේ ධජය භාවිතා කරමින් ඉන්දුනීසියානුවන් එකට ගෙන ආවේය.

PKI හි පුරෝගාමී ව්‍යාපාරය සහ නිදහස් අරගලය

1914 දී ඉන්දීය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (ලන්දේසි: Indische Sociaal-Democratische Vereeniging – ISDV -Indies Social Democratic Association) ලන්දේසි සමාජවාදී හෙන්ක් ස්නීව්ලියට් සහ තවත් ඉන්දීය සමාජවාදියෙකු විසින් ආරම්භ කරන ලදී. ISDV හි යටත් විජිත පාලනයට විරුද්ධ වීමට ක්‍රම සොයන උගත් ඉන්දුනීසියානුවන්ට ලන්දේසි සාමාජිකයින් විසින් කොමියුනිස්ට් අදහස් හඳුන්වා දුන්හ. 1914 දී පටන්, ඉන්දුනීසියානු පීඩිත ජනතාවගේ හොඳම නියෝජිතයින් මාක්ස්වාදය වෙත හැරුණහ. 

ISDV විසින් 1915 ඔක්තෝබර් මාසයේදී Het Vrije Woord (නිදහස් වචනය) නමින් ලන්දේසි භාෂා ප්‍රකාශනයක් ආරම්භ කළේය. ISDV පිහිටුවන විට එය ස්වාධීනත්වයක් ඉල්ලා සිටියේ නැත. නමුත්, එය ඉක්මනින් රැඩිකල් ධනවාදී විරෝධී දිශාවක් ගත්තේය. ISDV විසින් 1917 වසරේ දී එහි පළමු ඉන්දුනීසියානු භාෂා ප්‍රකාශනය වන Soeara Merdeka (නිදහසේ හඬ) ආරම්භ කළේය.

1917 රුසියානු විප්ලවයෙන් පසුව, ISDV හි රැඩිකල්වාදයට ඉන්දුනීසියානු ජනගහනයෙන් මෙන්ම ලන්දේසි සොල්දාදුවන්ගෙන් සහ විශේෂයෙන් නාවිකයින්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලැබුණු අතර ලන්දේසි බලධාරීන් කලබල විය. එබැවින් 1918 දී ස්නීව්ලියට්ට ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්වෙන් පිටව යාමට සිදු විය. ලන්දේසි යටත් විජිත බලධාරීන් විසින් ISDV මර්දනය කිරීම ආරම්භ කරන ලදී.

ඒ සමඟම, ISDV සහ කොමියුනිස්ට් හිතවතුන් “ඇතුළත අවහිර කිරීම” උපාය මාර්ගයක් ලෙස හැඳින්වෙන උපක්‍රමයකින් නැගෙනහිර ඉන්දීය කොදෙව්හි අනෙකුත් දේශපාලන කණ්ඩායම්වලට රිංගා ගැනීමට පටන් ගත්හ. වඩාත්ම පැහැදිලි බලපෑම වූයේ සරේකට් ඉස්ලාම් වෙත සිදු කරන ලද ඇතුළු වීමයි. සෙමවුන් සහ ඩාර්සෝනෝ ඇතුළු බොහෝ සාමාජිකයින්ගේ රැඩිකල් වාමාංශික අදහස් මගින් මෙම ඉස්ලාමීය ජාතිකවාදී සංවිධානය සාර්ථක බලපෑමට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, කොමියුනිස්ට්වාදී සංකල්පයන් ISDV නියෝජිතයන් විසින් ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය සංවිධානය තුළ සාර්ථකව රෝපණය කරන ලදී.

1920 මැයි 23 වන දින සෙමරන්ග් හි පැවති සම්මේලනයේදී, ISDV, Perserikatan Komunis di Hindia (PKH; ඉන්දීය කොමියුනිස්ට් සංගමය) යන නම ලබා ගත්තේය. සෙමවුන් පක්ෂ සභාපතිවරයා වූ අතර ඩාර්සෝනෝ උප සභාපති විය. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (කොමින්ටර්න්) කොටසක් වූ පළමු ආසියානු කොමියුනිස්ට් පක්ෂය PKH වූ අතර, 1921 දී කොමින්ටර්න්හි 2 වන ලෝක සම්මේලනයේදී ස්නීව්ලියට් පක්ෂය නියෝජනය කළේය.

1924 වසරේ දී පක්ෂයේ නම පාර්ටයි කොමුනිස් ඉන්දුනීසියාව (PKI, ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය) ලෙස වෙනස් කරන ලදී.

1926-27 කැරැල්ල සහ එහි මර්දනය

1925 මැයි මාසයේ පැවති පූර්ණ සැසියකදී, කොමින්ටර්න් විධායක කමිටුව, සිය ප්‍රතිගාමී පන්ති සම්මුතිවාදී ප්‍රතිපත්තිය මත පදනම් වෙමින්, ඉන්දුනීසියානු කොමියුනිස්ට්වාදීන්ට කොමියුනිස්ට් නොවන ජාතිකවාදී සංවිධාන සමඟ අධිරාජ්‍ය විරෝධී සන්ධානයක් පිහිටුවීමට නියෝග කළේය. PKI හි අලිමින් සහ මුසෝගේ නායකත්වයෙන් යුත් ප්‍රගතිශීලී කොටස් ලන්දේසි යටත් විජිත රජය පෙරලා දැමීම සඳහා විප්ලවයක් ඉල්ලා සිටියහ.

සැලසුම් කළ විප්ලවය බටහිර සුමාත්‍රාවෙහි පඩාං නගරයෙන් ආරම්භ වීමට නියමිත විය. නමුත් 1926 ආරම්භයේදී ලන්දේසි ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද මර්දනය හේතුවෙන් PKI සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට හේතු විය. 1926 නොවැම්බර් 12 වන දින බටේවියාවේ (දැන් ජකර්තා) සීමිත කැරැල්ලක් ආරම්භ විය; ඒ හා සමාන කැරලි පඩෑං, බැන්ටම් සහ සුරබයා හි සිදු විය.

අසාර්ථක වූ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලයින් 13,000 ක් අත්අඩංගුවට ගෙන, 4,500 ක් සිරගත කරන ලද අතර, 823 ක් බටහිර නිව්ගිනියාවේ ඩිගුල් කලාපයේ බොවන්-ඩිගොයෙල් කඳවුරට පිටුවහල් කරන ලදී. 1927 දී ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් රජය විසින් PKI පක්ෂය තහනම් කරන ලදී.

සුකර්නෝ සහ ජාතිකවාදී ව්‍යාපාරය

කොමියුනිස්ට් කැරැල්ලේ පරාජය සහ සරේකට් ඉස්ලාමයේ පරිහානිය නව ජාතිකවාදී සංවිධානයක් සඳහා මාවත විවර කළ අතර, 1926 දී බන්ඩුං හි “සාමාන්‍ය අධ්‍යයන සමාජයක්” ආරම්භ කරන ලදී. එහි ලේකම් ලෙස පත්වූයේ, වංශාධිපති පවුලක ජාවා පාසල් ගුරුවරයෙකුගේ පුතෙකු වූ සුකර්නෝ ය. ඔහු තරුණ ගෘහ නිර්මාණ උපාධිධාරියෙකු වූ අතර, උගත් සුළු ධනේශ්වර ස්ථරයට අයත් විය. ඔහු ඉන්දුනීසියාවේ නව නාගරික ප්‍රභූ පැලැන්තිය මත පදනම් වෙමින් ජාතිකවාදී දෘෂ්ටියක් සකස් කිරීමට පටන් ගත්තේය. 

Sukarno
1949 දෙසැම්බර් 28 දින ජනාධිපති සුකර්නෝ, නිදහස් වී ඇති ඉන්දුනීසියාව ලෝකය සමඟ මිත්‍රත්වයෙන් ජීවත් වන බව ප්‍රකාශ කරන්නේ, ජකර්තා හි කොනිංස්ප්ලයින් හි (බටේවියාව සඳහා ඉන්දුනීසියානු නම, දැන් අගනුවරේ නිල නාමය) පිහිටි ඔහුගේ නව මූලස්ථානයේ සිටය. නෙදර්ලන්තයේ සිට ඉන්දුනීසියානු එක්සත් ජනපදයට ස්වෛරීභාවය මාරු කිරීම පෙර දිනයේ දී ජකර්තාහිදී සිදු විය.

ඉන්දුනීසියාවේ ජාතිකවාදය සැලකිලිමත් වූයේ ලන්දේසි පාලනයට එරෙහි ප්‍රතිරෝධය ගැන පමණක් නොව, දූපත් සමූහයේ වාර්ගික විවිධත්වය වැළඳ ගනිමින්, සාම්ප්‍රදායික අධිකාරිය ප්‍රතිව්‍යුහගත කිරීම සහ නවීන රාජ්‍යයක් ලෙස ඉන්දුනීසියාව නිර්මාණය කිරීමට හැකි වන පරිදි ජාතිකත්වය පිළිබඳ නව සංකල්ප ගොඩ නැගීම කෙරෙහිද අවධානය යොමු කළේය.

1920 පමණ වන විට “ඉන්දුනීසියාව” යන වචනය එහි නූතන භාවිතයට පැමිණියේය. ජනවාර්ගික හා භූගෝලීය ප්‍රදේශය වර්ගීකරණය කිරීම සඳහා 1850 දී ඉංග්‍රීසි ස්වභාව විද්‍යාඥයන් වූ ජෝර්ජ් වින්ඩ්සර් අර්ල් සහ ස්කොට්ලන්ත නාවිකයෙකු වූ ජේම්ස් රිචඩ්සන් ලෝගන් විසින් නිර්මාණය කරන ලද “ඉන්දුනීසියාව” යන යෙදුම ජාතිකවාදීන් විසින් ජනතාවගේ එකමුතුවක් පරිකල්පනය කිරීමේ වචනයක් ලෙස යොදා ගන්නා ලදී. මීට පෙර තරුණ සන්ධාන විසින් වෙනම බාලිනීස් ජාතියක්, ජාවා ජාතියක්, සුමාත්‍රා ජාතියක් යනාදිය වශයෙන් කතා කර තිබුණි. දැන් ඔවුහු ‘ඉන්දුනීසියාව’ ලෙස තනි ජනතාවක් ගැන කතා කළහ.

නෙදර්ලන්තයේ අධ්‍යාපනය ලද ඉන්දුනීසියානු සිසුන් විසින් නැගෙනහිර ඉන්දීය කොදෙව් හි ලන්දේසි පාලනයට එරෙහිව, 1924 දී පර්හිම්පුනාන් ඉන්දුනීසියා (Perhimpunan Indonesia – ඉන්දුනීසියානු සංගමය) නෙදර්ලන්තයේ ලෙයිඩන් නගරයේ දී පිහිටුවන ලදී. එය රැඩිකල් ජාතිකවාදී චින්තනයේ මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, 1920 ගණන්වල මැද භාගයේදී නෙදර්ලන්තයේ සිට ආපසු මව්බිමට පැමිණි සිසුන් ඊට සමාන අදහස් ඇති කණ්ඩායම් සමඟ එක් විය.

නව ජාතිකවාදයට එහි ප්‍රකාශනය සඳහා නව සංවිධානයක් අවශ්‍ය වූ අතර, 1927 ජූලි 4 වන දින පිහිටුවන ලද ඉන්දුනීසියානු ජාතිකවාදී සංගමය (Perserikatan Nasional Indonesia), පසුව 1928 මැයි මාසයේදී ඉන්දුනීසියානු ජාතිකවාදී පක්ෂය (Partai Nasional Indonesia; PNI) ලෙස නම් වෙනස් කරන ලද්දේ, සුකර්නෝගේ සභාපතිත්වය යටතේය. PNI ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් රජය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීමේ අදහස සහ ‘සම්පූර්ණ නිදහස’ සඳහා පෙනී සිටීම මත පදනම් විය. කෙසේ වෙතත්, PNI සඳහා මහජන සහයෝගයේ පදනමක් නිර්මාණය කිරීමට උත්සාහ කළ සුකර්නෝ වඩාත් මධ්‍යස්ථ නායකයින් සමඟ එක්ව කටයුතු කිරීමට ද යම් සාර්ථකත්වයක් ලබා ගත් අතර පක්ෂය තුළ පුළුල් ලෙස පදනම් වූ, තරමක් අස්ථිර වුවද, ජාතිකවාදී සංවිධාන සංගමයක් පිහිටුවීමට සමත් විය.

1928 ඔක්තෝබර් 28 වන දින, තරුණ සංවිධානවල නියෝජිතයින් ගණනාවක් ඓතිහාසික තරුණ ප්‍රතිඥාව (Sumpah Pemuda) නිකුත් කළ අතර, එමඟින් ඔවුන් එක් ඉන්දුනීසියානු මාතෘ භූමියක්, එක් ඉන්දුනීසියානු ජනතාවක් සහ එක් ඉන්දුනීසියානු භාෂාවක් පමණක් හඳුනා ගැනීමට දිවුරුම් දුන්හ. එය රටේ නිදහස් ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර විවිධ අනන්‍යතා හරහා පොදු අනන්‍යතාවයක් සංකේතවත් කෙරෙන බවට සැලකුණි.

සුකර්නෝ සිරගත කිරීම

1929 න් පසු ගෝලීය අවපාතය ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්වන්ට තියුණු ලෙස බලපෑවේය. රබර්, සීනි සහ අනෙකුත් නිවර්තන භාණ්ඩ සඳහා වන අපනයන මිල පහත වැටුණි. එය යටත් විජිත බලධාරීන්ගේ ආදායම් පහත වැටීමට හේතු වූ අතර, වතු ශ්‍රමය සහ ගොවී අපනයන භෝග මත යැපෙන ඉන්දුනීසියානුවන්ගේ ආර්ථික අර්බුදය ඉහළ ගියේය. එමගින් දූපත් සමූහය පුරා සමාජ පීඩාව තීව්‍ර කළ අතර අර්ථවත් ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමේ ලන්දේසි කැමැත්ත සහ ධාරිතාව සීමා විය. ආර්ථික හැකිලීම සමාජ නොසන්සුන්තාව, වැඩ වර්ජන සහ සහන සඳහා ඉල්ලීම් තීව්‍ර විය. මෙම තත්වය මත ප්‍රමුඛ අධිරාජ්‍ය විරෝධී කථීකයෙකු ලෙස සුකර්නෝ පෙරට පැමිණියේය. දේශීය වශයෙන් ඇතිවී තිබෙන මෙම නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර (පොලිස් ක්‍රියාමාර්ග, අත්අඩංගුවට ගැනීම්, මාධ්‍ය සහ රැස්වීම් සීමා කිරීම්) ලන්දේසි පාලනය විසින් ගනු ලැබුණි.

ලන්දේසි පාලනය විසින් ජාතිකවාදී ව්‍යාපාරය මර්දනය කිරීම ආරම්භ කරන ලද අතර, එය බොහෝ අත්අඩංගුවට ගැනීම් වලට හේතු විය. 1929 දෙසැම්බර් 29 වන දින, ඉන්දුනීසියාවේ පළමු ජනාධිපති වූ සුකර්නෝ සහ PNI හි අනෙකුත් ප්‍රමුඛ නායකයින් ජාවාව පුරා සිදු කරන ලද වැටලීම් මාලාවක දී ලන්දේසි යටත් විජිත බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය. සුකර්නෝ අත්අඩංගුවට ගනු ලැබුවේ යොග්‍යාකාර්තාවට කරන ලද සංචාරයක දී ය. 1930 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා බන්ඩුං ලෑන්ඩ්‍රාඩ්  උසාවියේ පැවති ඔහුගේ නඩු විභාගයේදී, සුකර්නෝ විසින් යටත් විජිතවාදය හා අධිරාජ්‍යවාදය ප්‍රහාරයට ලක් කරමින් “Indonesia Menggoegat” (ඉන්දුනීසියාව චෝදනා කරයි) නම් දිගු දේශපාලන කථාමාලාවක් පැවැත්වීය. 1930 දෙසැම්බර් මාසයේදී සුකර්නෝට වසර හතරක සිර දඬුවමක් නියම කරන ලද අතර, ඔහු බංඩුං හි සුකමිස්කින් බන්ධනාගාරයේ සිර ගතව සිටියේය. කෙසේ වෙතත්, ඔහුගේ කථාව මාධ්‍ය විසින් පුළුල් ලෙස ආවරණය කරන ලද අතර, නෙදර්ලන්තයේ සහ ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව් යන දෙකෙහිම ලිබරල් කොටස්වල ප්‍රබල පීඩනය හේතුවෙන්, සුකර්නෝ 1931 දෙසැම්බර් 31 වන දින කලින් නිදහස් කරන ලදී. මේ වන විට ඔහු ඉන්දුනීසියාව පුරා ප්‍රකටව දන්නා ජනප්‍රිය වීරයෙකු බවට පත්ව තිබුණි. කෙසේ වෙතත්, ඔහුගේ සිරගත කිරීම තුළදී, PNI යටත් විජිත බලධාරීන්ගේ මර්දනය සහ අභ්‍යන්තර මතභේද හේතුවෙන් බෙදී ගොස් තිබුණි.

මුල් PNI විසුරුවා හරින ලද අතර එහි හිටපු සාමාජිකයින් වෙනම පක්ෂ දෙකක් පිහිටුවන ලදී. 1931 අප්‍රේල් මස අවසානයේදී, PNI හි හිටපු ප්‍රමුඛ චරිතයක් වූ සාර්ටෝනෝ, ඉන්දුනීසියානු පක්ෂය (Partindo) පිහිටුවන ලදී. එය PNI සාමාජිකත්වයෙන් බහුතරයක් ආකර්ෂණය කර ගත් අතර ලන්දේසීන්ගෙන් ඉන්දුනීසියානු නිදහස සඳහා උද්ඝෝෂනය කළ නමුත් PNI තරමේ රැඩිකල්භාවයක් පෙන්වූයේ නැත. පරින්ඩෝ, සහයෝගී ජාතිකවාදයේ ප්‍රමුඛ ප්‍රකාශනය ලෙස මතු වූයේ, සිවිල් අධ්‍යාපනය, සමාජ සුභසාධනය, වෙළඳාම සහ ආර්ථික දියුණුව වැනි ප්‍රතිසංස්කරණවාදී වැඩසටහන් වටා ජාතිකවාදී බලවේග එක්සත් කිරීමට උත්සාහ කරමිනි. එය වොක්ස්රාඩ් හි සාමාජිකත්වය පිළිගත්තේය. හදිසි ජන අරගලවල මාවත ඉදිරිපත් කළ සුකර්නෝ සමග පරින්ඩෝ පක්ෂය සබඳතා පැවැත් වූ අතර 1932 ජුලි මස සුකර්නෝ එහි නායකත්වයට එළඹියේය. PNI හි තවත් කණ්ඩායම් ගණනාවක් එකතු වී නව සංවිධානයක් පිහිටුවා ගත් අතර එය නව-PNI (PNI Baru) ලෙස හැඳින්වේ. නෙදර්ලන්තයේ අධ්‍යාපනයෙන් මෑතකදී ආපසු පැමිණි ජාතිකවාදීන් වූ මොහොමඩ් හට්ටා සහ සුතාන් ස්ජහ්රීර්ගේ නායකත්වයෙන් යුත් නව PNI පිහිටුවන ලද්දේ මහජන උද්ඝෝෂණ වෙනුවට දිගුකාලීන කේඩර් පදනම් වූ අරගලයක් සහ ඉන්දුනීසියානු ජනගහනයට නවීන අධ්‍යාපනය ලබා දීමේ උපාය මාර්ගය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සහිතවය.

1933 අගෝස්තු මාසයේදී සුකර්නෝ නැවතත් අත්අඩංගුවට ගෙන මුලින් ෆ්ලෝරස් දූපතේ එන්ඩේ වෙත පිටුවහල් කර, පසුව 1938 දී දකුණු සුමාත්‍රාවේ බෙන්ග්කුලු වෙත මාරු කරන ලදී. හට්ටා සහ ස්ජහ්රීර් ඇතුළු අනෙකුත් පක්ෂ නායකයින්ට එරෙහිව මර්දනකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලද අතර ඔවුන් ද පිටුවහල් කරන ලදී. මෙසේ ජාතිකවාදී ව්‍යාපාරයේ රැඩිකල්වාදී ප්‍රවනතාව මර්ධනය කරනු ලැබිණි.

සහයෝගී ජාතිකවාදය සහ වොක්ස්රාඩ් (මහජන කවුන්සිලය)

1930 ගණන්වල අගභාගයේදී ජාතිකවාදී නායකයින්ට ලන්දේසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බල කෙරුණු අතර, එය හැරෙන්නට මෙම පසුගාමී ධනපති පන්තියට පංති අවශ්‍යතාවය මත තෝරා ගත හැකි වෙනත් විකල්පයක් නොවීය. ජාතිකවාදී තර්ජන ක්ෂණිකව පෙනෙන තැන ලන්දේසීන් පාලනය දැඩි කළ අතර පරිපාලනය ස්ථාවර කිරීමට සේවය කළ ගතානුගතික දේශීය ධනපතින්ට සහයෝගය ලබා දුන්නේය. මේ සඳහා ලන්දේසින් යොදා ගනු ලැබුවේ වොක්ස්රාඩ් හෙවත් මහජන කවුන්සිලයයි. එය නීතිගත ක්‍රමය හරහා වර්ධක ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළ දේශපාලනික වශයෙන් ප්‍රභූන් (බොහෝ විට බටහිර අධ්‍යාපනය ලැබූ සහ යටත් විජිත පරිපාලන ජාලයන්හි ගිලී සිටි) පිරිසකගෙන් සැදුම් ලද්දකි.

1918 දී උපදේශක ව්‍යවස්ථාදායකයක් ලෙස නිර්මාණය කරන ලද වොක්ස්රාඩ් වැනි උපදේශක ආයතන ද සංරක්ෂණය කර සමහර විට පුළුල් කළේය. 1930 ගණන්වල මුල් භාගය වන විට වොක්ස්රාඩ් “සහයෝගී ජාතිකවාදීන්ට” වර්ධක ප්‍රතිසංස්කරණ සඳහා හිමිකම් පෑමට සහ පරිපාලන තනතුරු, සිවිල් සේවා ප්‍රතිසංස්කරණ හෝ ජාතිකවාදී පාරිභාෂිතය සහ සංවිධාන සඳහා නීතිමය පිළිගැනීමක් ලබා ගත හැකි ප්‍රධාන නීති සංසදය බවට පත්ව තිබුණි.

1930 ගණන්වල මැද භාගයේදී බුඩි උටෝමෝ සහ අනෙකුත් ජාතිකවාදී කණ්ඩායම්වල සම්මිශ්‍රණයකින් ආරම්භ කරන ලද පරින්ද්‍ර (Parindra) සංවිධානය, සහයෝගීතාවාදී (cooperative) ජාතිකවාදයේ ප්‍රමුඛ ප්‍රකාශනය ලෙස මතු විය. සිවිල් අධ්‍යාපනය, සමාජ සුභසාධනය, වෙළඳ හා ආර්ථික වැඩිදියුණු කිරීම ආදී ප්‍රතිසංස්කරණවාදී වැඩසටහන් වටා ජාතිකවාදී ශක්තීන් එක්සත් කිරීමට එය උත්සාහ කළේය. මෙම පක්ෂය වොක්ස්රාඩ් හි සාමාජිකත්වය පිළිගත්තේය.

වොක්ස්රාඩ් කණ්ඩායමක් තුළ කථීකයෙකු සේ කටයුතු කළ මොහොමඩ් හුස්නි තම්රින්, සහයෝගීතා ජාතිකවාදී නායකයින්ට යටත් විජිත පාලනය තුළ එක්ව වැඩ කළ හැකි ආකාරය පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ ජාතිකවාදී න්‍යාය පත්‍ර ඉදිරිපත් කරන ලදී.

දෙවන ලෝක යුද්ධය පුපුරා යාම හා ජාතිකවාදී දේශපාලන සංසදය

දෙවන ලෝක යුද සංග්‍රාමය පුපුරා යාමත් සමගම, ජර්මනිය විසින් සිදුකළ ආක්‍රමණයෙන් 1940 දී නෙදර්ලන්තය අත්පත් කර ගැනීමෙන් පසු ලන්දේසි රජයේ ස්ථාවරත්වය වේගයෙන් බිඳ වැටුණි. අගනගර පාලනය දුර්වල විය. යටත් විජිත පරිපාලකයින් හිඟයන්ට, අවිනිශ්චිතතාවයට සහ අධිරාජ්‍ය පිළිවෙල ආරක්ෂා කළ නොහැකි බවට වූ වැඩෙන හැඟීමකට මුහුණ දුන්හ. මෙවැනි තත්ත්වයක් තුළ ඉන්දුනීසියානු “රැඩිකල්වාදී” ජාතිකවාදී නායකත්වයන්ගේ පවා සැබෑ දේශපාලනය හෙලිදරව් වන්නට විය. මන්ද, 1937 දී Gerindo (ගෙරින්ඩෝ) නම් වඩාත් රැඩිකල් පක්ෂයක් පිහිටුවන ලද නමුත්, එය පවා ජාතික සමාජවාදයේ (නාසිවාදයේ) තර්ජනයට එරෙහිව නෙදර්ලන්තයට සහාය වීම ජාතික නිදහස පිළිබඳ ප්‍රශ්නයට වඩා වැදගත් යැයි සැලකීය. මෙසේ බිද වැටෙන ලන්දේසි අධිරාජ්‍යය ආරක්ෂා කර ගැනීම මෙම ජාතිකවාදී නායකත්වයන්ගේ දේශපාලන අස්ථානය වී පැවිතිණි.

මහා ඉන්දුනීසියානු පක්ෂය (Parindra – පරින්ද්‍ර), ඉන්දුනීසියානු මහජන ව්‍යාපාරය (Gerindo – ගෙරින්ඩෝ), Paguyuban Pasundan (පගුයුබන් පසුන්දන්), ඉන්දුනීසියානු ඉස්ලාමීය සංගම් පක්ෂය (PSII), ඉන්දුනීසියානු ඉස්ලාමීය පක්ෂය, මිනහාස සංගමය, කතෝලික පක්ෂය, ඉන්දුනීසියාවේ අරාබි සංගමය ආදී පක්ෂ ඒකාබද්ධ වීමෙන් ඉන්දුනීසියානු දේශපාලන සම්මේලනය (GAPI) 1939 දී පිහිටුවන ලද අතර, ඔවුන්ගේ අරමුණ වූයේ වොක්ස්රාඩ් හි සහභාගී වී, බිද වැටෙන ලන්දේසි අධිරාජ්‍යයට මුක්කු සපයමින්, ඊට ප්‍රතිඋපකාර ලෙස ලන්දේසි අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබෙන වරප්‍රසාදයන්ගෙන් තම පංති අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමයි.

මෙම සහයෝගීතාවාදී ජාතිකවාදීන්ට ඉල්ලීම් විධිමත්ව ඉදිරිපත් කළ හැකි නමුත්, එය කළ හැකි වූයේ යටත් විජිතවාදී පාලන රාමුව තුළ පමණි. මහා නගර තුළ ලන්දේසි රජය තීරණාත්මක ලෙස බලය රඳවා ගත්තේය. විශේෂයෙන් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණයන් අධිරාජ්‍යයේ පරමාධිපත්‍යයට තර්ජනයක් ලෙස විනිශ්චය කළ අවස්ථාවන්හිදී, එවැනි පෙත්සම් ප්‍රතික්ෂේප කෙරුනි.

ජපන් ආක්‍රමණය සහ සුකර්නෝගේ සහයෝගීතාවය 

දෙවන ලෝක යුද්ධය තත්වය තවදුරටත් වෙනස් කළේය. 1942 ජනවාරි 10 වන දින ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්හි ජපන් ආක්‍රමණය ආරම්භ වූ අතර, අධිරාජ්‍ය ජපන් හමුදාව මාස තුනකටත් අඩු කාලයකදී මුළු යටත් විජිතයම අත්පත් කර ගත්හ. මාර්තු 8 වන දින ලන්දේසීන් යටත් විය. මෙම පරාජය ලන්දේසි පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ අතර, ජාතිකවාදී සිරකරුවන් නිදහස් කිරීම හා ජපන් අධිරාජ්‍යවාදයට සහයෝගී කිරීම සිදු කරමින් ජාතිකවාදී නායකයින්ට තියුණු තේරීමක් ඉදිරිපත් කළේය. එනම් නව අධිරාජ්‍ය බලයකට (ජපන්) විරුද්ධ වීම හෝ ඉන්දුනීසියානු ස්වයං පාලනය සඳහා ලීවරයක් ලෙස ජපන් අධිරාජ්‍යවාදය සමග උපායශීලීව සහයෝගයෙන් කටයුතු කිරීමයි.

සුකර්නෝ විසින් ජපන් අධිරාජ්‍යවාදීන් විමුක්තිදායකයින් විමේ හැකියාව පිළිගැනීම මත 1942–45 දී ජපන් අතරමැදියෙකු සහ ප්‍රචාරකයෙකු ලෙස ඔහුගේ පසුකාලීන භූමිකාව දිග හැරුණි. ජපන් අධිරාජ්‍යවාදයේ පැමිණීම ලන්දේසි පාලනය දුර්වල කළ හැකි බවත්, සහයෝගීතාවයෙන් අවසානයේ නිදහස ප්‍රකාශ කිරීම සඳහා සූදානම් වීමට ආයතනික හා සංවිධානාත්මක අවකාශය නිර්මාණය කළ හැකි බවත් සුකර්නෝ සහ අනෙකුත් නායකයින් තර්ක කළහ. එහෙත්, සැබවින්ම ඔවුහු සිදු කරන ලද්දේ, ලන්දේසි අධිරාජ්‍යවාදීන් වෙනුවට ජපන් අධිරාජ්‍යවාදීන්ට සහයෝගය දීමෙන්, නැවත වරක් ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාව වෙනත් අධිරාජ්‍යවාදී වියගසකට බැද දැමීමට සැලසුම් සකස් කිරීමයි.

ජපන් අධිරාජ්‍යවාදය සමග සුකර්නෝ විසින් ඇති කර ගනු ලැබූ සම්මුතිය සුකර්නෝ ඇතුළු ඉන්දුනීසියානු ධනපති පංතියේ පංති අවශ්‍යතා සමග ගැලපුනද, සැබැවින්ම ඉන්දුනීසියානු කම්කරු පීඩිත මහජනතාවට එමගින් අත්වූයේ මහා ව්‍යසනයකි.

ජපන් ආක්‍රමණයේ ලේවැකි ප්‍රතිඵල

ජපන් අධිරාජ්‍යවාදය විසින් ජාවා හි ආර්ථික සංවර්ධන සහ ආරක්ෂක ව්‍යාපෘති සඳහා ඉන්දුනීසියානු ජාතිකයන් මිලියන 4 ත් 10 ත් අතර සංඛ්‍යාවක් බලහත්කාර කම්කරුවන් (rōmusha – රෝමුෂා) ලෙස බඳවා ගත්හ. ඉන් 200,000 ත් 500,000 ත් අතර සංඛ්‍යාවක් ජාවා සිට පිටත දූපත් දක්වා සහ බුරුමය සහ සියම් (තායිලන්තය) දක්වා යවන ලදී. ජාවාවෙන් ඉවත් කරන ලද අයගෙන් 70,000 කට වඩා යුද්ධයෙන් දිවි ගලවා ගත්තේ නැත. ජපන් ආක්‍රමණය අතරතුර සාගතය සහ බලහත්කාර ශ්‍රමය හේතුවෙන් ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්හි මිලියන හතරක පමණ ජනතාවක් මරණයට පත්විය. විශේෂයෙන්ම 1944-45 වසරවල ජාවාවේ සිදු වූ සාගතය මිලියන 2.4ක් පමණ මරණ වලට හේතු විය.

මේ විනාශයන් පෙන්නුම් කරන්නේ, ඒවාට හවුකල්කරු වීමෙන් සුකර්නෝ ඇතුලු දේශීය ධනේශ්වරයේ කන්ඩායම් මෙතෙක් කලක් පුනරුච්චාරනය කරන ලද අධිරාජ්‍ය විරෝධී වාචාල ප්‍රකාශ සේවය කළේ අධිරාජ්‍යවාදයේ ආරක්ෂාවට හා එහිම අවශ්‍යතායන්ම බවය.

ජාතික ධනේශ්වරයේ බෙලහීනත්වය 

දුර් විපාක ආකාරයෙන්, මෙය සනාථ කළේ පසුගාමී රටවල බෙලහීන ධනපති පන්තියට ඓතිහාසිකව තවදුරටත් ප්‍රගතිශීලී කාර්යභාරයක් නොමැති බවයි. එනම්, ට්‍රොට්ස්කිවාදී නොනවතින විප්ලව න්‍යායෙන් තහවුරු කරන ලද සිද්ධාන්තයයි. යටත් විජිත සහ අර්ධ-යටත් විජිත රටවල දේශීය ධනපති පන්තිය, අධිරාජ්‍යවාදය සමගම බැඳී සිටින දේපල හා වරප්‍රසාද සබඳතා විෂයයෙන්ම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ කිරීමට සහ ඉඩම් ප්‍රශ්නය විසඳීමට වෛසිකවම අසමත් වේ. මෙම රටවල අධිරාජ්‍යවාදයට එරෙහි සැබෑ නිදහස් අරගලය දිනාගත හැක්කේ කම්කරු පංතියේ නායකත්වය යටතේ කම්කරු හා ගොවි සන්ධානයක් මත පදනම් වූ, සමාජවාදී විප්ලවයේ දෘෂ්ටිය සමගය.

එනම්, අවසානයේ දී මෙම බෙලහීන ධනපති පන්තියට ඒ හෝ මේ අධිරාජ්‍යවාදී බලයක් සමග පෙල ගැසීම හැරෙන්නට වෙනත් කිසිදු විකල්පයක් නොමැති වූ බව මෙම ඉතිහාස වාර්ථාව තහවුරු කරයි. 1942-45 ජපන් ආක්‍රමණය හා ඊට අනතුරුව 1965 ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සංවිධානය කරන ලද සුහර්තෝගේ හමුදා කුමන්ත්‍රණය තුළින් සිදු කළ සමූලඝාතනය, ජාතික ධනපති පන්තිය අතට ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සාක්ෂාත් කිරීමේ කර්තව්‍යය රැගෙන යන මෙම සම්මුතිවාදී මාර්ගයේ අනිවාර්ය ප්‍රතිඵලය විය. ස්ටැලින්වාදී “අවධි දෙකේ න්‍යාය”, කම්කරු පන්තිය ධනපති පන්තියට යටත් කිරීම හරහා, කම්කරු පීඩිත මහජනතාවගේ ස්වාධීන අරගලය මර්දනය කරමින්, අධිරාජ්‍යවාදයට මෙම පරාජයන් සූදානම් කිරීමේ අවකාශ නිර්මාණය කළේය.

මතු සම්බන්ධයි…

ආශ්‍රිත ලිපි:

  1. Lessons of the 1965 Indonesian Coup – Chapter One: The historical background, World Socialist Web Site  <https://www.wsws.org/en/articles/2009/05/ind1-m16.html>
  2. Lessons of the 1965 Indonesian Coup – Chapter Two: Stalinists betray the mass movement, World Socialist Web Site  <https://www.wsws.org/en/articles/2009/05/ind2-m16.html>
  3. Lessons of the 1965 Indonesian Coup – Chapter Three: 1965—Stalinism’s bloody legacy, World Socialist Web Site  <https://www.wsws.org/en/articles/2009/05/ind3-m16.html>
  4. Indonesia – Colonialism, Revolution, Independence | Britannica <https://www.britannica.com/place/Indonesia/Toward-independence>
  5. Fifty years since the Indonesian coup, World Socialist Web Site <https://www.wsws.org/en/articles/2015/10/01/indo-o01.html>
  6. US orchestrated Suharto’s 1965-66 slaughter in Indonesia, World Socialist Web Site <https://www.wsws.org/en/articles/1999/07/indo1-j19.html>​​​​​​​​​​​​​​​​

‘කොමියුනිස්ට්’ විරෝධී ඉන්දුනීසියානු මහා ජන සංහාරයෙන් 60 වසරක් – 1 කොටස Read More »

Philippine genz

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය –  2 කොටස


පන්ති පදනම් – වෛෂයික අර්බුදය සහ ව්‍යාජ නායකත්වයන්ගේ පාවාදීම

සංජය ජයසේකර විසිනි.

ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන අර්බුදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය විමර්ශනය කරන ලිපි මාලාවක 2 වන කොටසෙහි සිංහල පරිවර්තනය අපි මෙහි පළ කරමු. 2 කොටස ඉංග්‍රීසි බසින් theSocialist.lk වෙබ් අඩවියේ The Gen-Z Uprisings and the Crisis of Leadership: Permanent Revolution against ‘Leaderless’ movements and ‘Left Populism’ – Part 2 යන සිරසින් 2025 නොවැම්බර් 14 දින පළ කෙරුණි. 1 කොටස 2025 නොවැම්බර් 6 වන දින ඉංග්‍රීසි බසින්ද, නොවැම්බර් 10 දින සිංහල බසින් ද පළ කරන ලදී.

ප්‍රධාන වශයෙන් තරුණයින් විසින් මෙහෙයවනු ලබන මෙම නැගිටීම්වලට හේතු වන සමාජ අර්බුදය මුල් බැස ඇත්තේ, කිසිදු පාලන තන්ත්‍ර වෙනසකට විසඳිය නොහැකි ගෝලීය ධනවාදයේ වෛෂයික ප්‍රතිවිරෝධතා තුළ ය.

 සමාජ අර්බුද

තරුණ විරැකියාව විනාශකාරී මට්ටම් කරා ළඟා වී ඇත: කෙන්යාවේ සියයට 67 ක්, නේපාලයේ සියයට 20 ක් සහ පැරණි යටත් විජිත ලෝකය පුරා ඊට සමාන හෝ ඊටත් වඩා නරක මට්ටම් ආදී වශයෙන්. බංග්ලාදේශයේ, විශ්ව විද්‍යාල උපාධිධාරීන් පවා අවාමි ලීගයේ දේශපාලන අනුග්‍රාහක ජාලයන්ට වරප්‍රසාද ලබා දීම සඳහා යෝජනා කරන ලද, රජයේ තනතුරු සුළු ප්‍රමාණයකට ඇති ප්‍රවේශ වීම සීමා කිරීම සඳහා නිර්මාණය කෙරුණු කෝටා ක්‍රමයකට මුහුණ දුන්හ. මෙම උගත් නමුත් රැකියා විරහිත පරම්පරාව සදාකාලික අස්ථිර අනාගතයකට මුහුණ දෙන අතර, කලෙක ඔවුන්ගේ උපාධි පොරොන්දු වූ මධ්‍යම පාන්තික පැවැත්ම පවා සුරක්ෂිත කර ගැනීමට නොහැකි ව සිටිති. 2022 මූල්‍ය වර්ෂය අවසන් වන විට, තරුණ නේපාල ජාතිකයින් 1,700 කට වැඩි පිරිසක් මැද පෙරදිග හෝ අග්නිදිග ආසියාවේ රැකියා සොයමින් දිනපතා රට හැර ගිය බව වාර්තා වන අතර, උපරිම කාලවලදී දිනපතා පිටත්වීම් 2,300 කට වඩා දක්නට ලැබුණි. 2022 නේපාල කම්කරු සංක්‍රමණ වාර්තාවට අනුව, 2008-09 සහ 2021-22 අතර, නේපාල සංක්‍රමණික කම්කරුවන් 10,666 ක් විදේශීය ශ්‍රම ගමනාන්තවල මිය ගියහ.1

Philippine genz
2025 සැප්තැම්බර් 21 වන ඉරිදා, මැනිලාවට නැගෙනහිරින් පිහිටි තදාසන්න මැන්ඩලුයොන්ග් හි රජයේ දූෂණයට එරෙහිව රැලියට දහස් ගණනක් විරෝධතාකරුවන් EDSA මහජන බල ස්මාරකය වෙත රැස්වෙති. [AP ඡායාරූපය/බැසිලියෝ සේපේ]

ජීවන වියදම් අර්බුදය, මූලික පැවැත්මම මිලියන සිය ගණනකගේ දෛනික අරගලයක් බවට පත් කර ඇත. COVID-19 වසංගතයෙන්  සැපයුම් දාම බාධා, යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය සමඟ ඇති වූ ආර්ථික යුද්ධය සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විසින් නියම කරන ලද කප්පාදු ප්‍රතිපත්ති හේතුවෙන් ආහාර, ඉන්ධන සහ ඖෂධ මිල ගණන් පුපුරා ගොස් ඇත. ශ්‍රී ලංකාවේ පවුල් සහල් සහ ඉවුම් පිහුම් ගෑස් සඳහා කිලෝමීටර් දිගු පෝලිම්වල බලා සිටියහ. දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් සහ  ලාභයෙන් උමතු දේපළ වෙළඳාම් සමපේක්ෂනය විසින් යටිතල පහසුකම් නැති විසල් පැල්පත් නගර නිර්මාණය කර ඇති පිලිපීනයේ, ව්‍යසනකාරී  ගංවතුර, වාර්තාගත මාරාන්තික ටයිෆූන් සුළි සුළං කාල වලින් එකක් වන 2025 දී, විශාල සංඛ්‍යාවක් මරා දැමීය. ගංවතුර සහ එය විසින් ඇති කරන මානව දුක්ඛිත තත්වය මූලික වශයෙන් ධනවාදයේ වරදක් මිස, පාලක කවයන් තුළ නිසැකවම පුලුල්ව පැතිර ඇති දූෂණය නිසා හටගන්නක් නොවේ. දූෂණය යනු ධනවාදයේ සංරචක වන මහා ව්‍යාපාර, ආණ්ඩු සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර සහ-සම්බන්ධතාවයේ නිෂ්පාදනයකි.

මහජනතාව සඳහා මෙම ව්‍යසනකාරී තත්වයන් පිටුපස සමාජයේ ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ ධනයේ අශෝභන සංකේන්ද්‍රණයක් පවතී. මිලියන සිය ගණනක් දරිද්‍රතාවයට මුහුණ දෙන අතර, බිලියනපතියන්ගේ ධනය 2024 දී පමණක්, දිනකට ඩොලර් බිලියන 5.7 ක අනුපාතයකින්,  ඩොලර් ට්‍රිලියන 2 කින් ඉහළ ගියේ 2023 රේට්ටුවට වඩා තුන් ගුණයකිනි. සෑම සතියකම නව බිලියනපතියන් හතර දෙනෙකු බිහිකරමින් ලෝක බිලියනපතියන්ගේ ඒකාබද්ධ ධනය ඩොලර් ට්‍රිලියන 15 දක්වා ළඟා විය. එක්සත් ජනපදයේ, ධනවත්ම පුද්ගලයින් දස දෙනා 2020 මාර්තු මාසයේ සිට ඔවුන්ගේ ධනය හය ගුණයකින් වැඩි වූ බවට අත් දුටු අතර, එලොන් මස්ක්ගේ ධනය ඩොලර් බිලියන 33 සිට ඩොලර් බිලියන 469 දක්වා දහහතර ගුනයකින් වැඩිවී පුපුරා ගියේය. මෑතකදී, ඩොලර් ට්‍රිලියන 1 ක වැටුප් පැකේජයකින් පුම්බනු ලැබූ වූ ඔහුගේ වැටුප, පැයකට ඩොලර් මිලියන 50 ක් හෝ ඔහුගේ ටෙස්ලා කර්මාන්ත ශාලාවක ආරම්භක වැටුප මෙන් තුන් මිලියන ගුණයක් වීය.2 මෙම සමුච්චය  අඩු හා  මධ්‍යම ආදායම් ලබන රටවල් ක්‍රමානුකූල කොල්ලකෑම සමග වෙන් නොකළ හැකි සේ බැඳී ඇත. වඩාත්ම චෝදනාන්විත  දෙය නම්, ජෙන්-Z විරෝධතාවල කේන්ද්‍රස්ථානය වන ඌන සංවර්ධිත රටවලින් ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල සුපිරි ධනවතුන් වෙත ක්‍රමානුකූලව වටිනාකම් මාරු කිරීමයි: ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය 2023 දී මෙම රටවලින් පැයකට ඩොලර් මිලියන 30 ගණනේ උරා ගත්තේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල ධනවත්ම සියයට 1 වෙතය.3 2024 දී ගෝලීය රාජ්‍ය ණය ඩොලර් ට්‍රිලියන 102 ක් වූ අතර, අඩු ආදායම්ලාභී රටවල්–ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ, ආසියාවේ, ලතින් ඇමරිකාවේ සහ කැරිබියන්හි–බැංකු, හෙජ් අරමුදල් සහ වත්කම් කළමනාකරුවන්ට වාර්තාගත ඩොලර් බිලියන 921 ක පොලියක් ගෙවා ඇති අතර, ශුද්ධ වත්කම් පිටතට ගලායාම නව ආදායම් ඩොලර් බිලියන 25 කින් ඉක්මවා ගියේය.4 බිලියන 3.4 ක පමණ ජනතාවක්, සෞඛ්‍යය හා අධ්‍යාපනයේ එකතුවට වඩා වැඩි මුදලක් මූල්‍ය පරපෝෂිතයන්ට පොලී ගෙවීම් සඳහා වියදම් කරන රටවල ජීවත් වන අතර, රටවල් 61 ක් රජයේ ආදායමෙන් අවම වශයෙන් සියයට 10 ක් ණය සේවා සඳහා කැප කරති. නිස්සාරණය කිරීමේ යාන්ත්‍රණයන් විතැන් වී ඇත: පුද්ගලික ණයහිමියන්–බ්ලැක්රොක් ඩොලර් ට්‍රිලියන 10 ක්, වෑන්ගාඩ් ඩොලර් ට්‍රිලියන 8 ක්, ස්ටේට් ස්ට්‍රීට් ඩොලර් ට්‍රිලියන 4 ක් කළමනාකරණය කරයි–දැන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල බාහිර ණයෙන් සියයට 61 ක් දරා සිටිමින්, 2020-2025 අතර කාලය තුළ සියලුම බාහිර ණය ගෙවීම්වලින් සියයට 39 ක් නිස්සාරණය කර ගත්තේය. දුප්පත් රටවල් සඳහා ණය ගැනීමේ පිරිවැය එක්සත් ජනපදයට වඩා දෙගුණයක් හෝ හතර ගුණයකින් වැඩි ය.5

1992 තරම් ඈත කාලයේ දී ඩේවිඩ් නෝර්ත් නිරීක්ෂණය කළ පරිදි6 “ලෝක බැංකුව, IMF, GATT සහ EC වැනි ලෝක අධිරාජ්‍යවාදයේ නූතන ආයතන, ලතින් ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව සහ මැද පෙරදිග යන ස්වාධීන රාජ්‍යයන් කෙරෙහි නිතිපතා ක්‍රියාත්මක කරන බලයෙන් කුඩා පංගුවක් වත් එහි ශ්‍රී විභූතියේ උච්චස්ථානයේ දී වත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතුව නොතිබුණි.”7මේ අතර, ලෝක බැංකු දත්ත වලට අනුව, දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව–ආසන්න වශයෙන් බිලියන 3.5 ක්–1990 සිට යන්තමින් පමනක් වෙනස් වී ඇති අතර, නොනැවතී පවත්නා අසමානතාවය සහිත වත්මන් වර්ධන අනුපාත යටතේ, දරිද්‍රතාවය අවසන් කිරීමට සියවසකට වැඩි කාලයක් ගතවනු ඇත.8 මෙම දැවැන්ත ධ්‍රැවීකරණය, ලිබරල් ප්‍රතිසංස්කරණවාදීන් පවසන පරිදි, ධනවාදය තුළ ආපසු හැරවිය හැකි “ප්‍රතිපත්ති තෝරාගැනීම් වල” ප්‍රතිඵලයක් නොවන අතර, එය මාක්ස් වසර 150 කට පෙර හඳුනාගත් ධනවාදී සමුච්චයකරණයේ මූලික නීතිය ප්‍රකාශ කරයි: “එක් ධ්‍රැවයක ධනය සමුච්චය වීම, ඒ හා සමඟම, ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ දුක්ඛිතභාවය, අධික වෙහෙස වීමේ වේදනාව, වහල්භාවය, නොදැනුවත්කම, කෲරත්වය, මානසික පරිහානිය සමුච්චය වීමකි”.9 වටිනාකම් සමාජගතව නිෂ්පාදනය සහ ඒවා පෞද්ගලිකව අත්පත් කර ගැනීම අතර ඇති මෙම සම කළ නොහැකි පරස්පරතාවයෙන් ජෙන්-Z නැගිටීම් පැන නගී. මෙය, මූල්‍ය කතිපයාධිකාරය අත්පත් කර ගැනීම සහ කම්කරු පාලනය යටතේ ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම හරහා පමණක් විසඳිය හැකි පරස්පර විරෝධයකි.

ණය බරෙහි සිරවීම 

සඳහන් කළ පරිදි, වත්මන් සමාජ අර්බුද පිටුපස සිටින්නේ, පැරණි යටත් විජිත මත ණයබර හරහා වහල්බවේ බලහත්කාරය පැටවීම සදහා  අධිරාජ්‍යවාදය (මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය) භාවිතා කරන ප්‍රධාන මෙවලම වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි (IMF). ​​ලෝක බැංකුවේ සහාය ඇතිව, IMF හි ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් සෑම තැනකින්ම  එකම ම්ලේච්ඡ බෙහෙත් වට්ටෝරුව ඉල්ලා සිටී: කම්කරුවන් සහ දුප්පතුන් මත බදු වැඩි කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා වියදම් කපා හැරීම, පොදු දේපළ පෞද්ගලීකරණය කිරීම, විදේශීය සංගතවලට ප්‍රතිලාභ සැලසීම සඳහා නියාමනය ඉවත් කිරීම සහ මහජනතාව දුප්පත් කරන අතරම මූල්‍ය ප්‍රාග්ධනය පොහොසත් කරන මුදල් අවප්‍රමාණය කිරීම. කෙන්යාවේ 2024 මූල්‍ය පනත් කෙටුම්පත නව බදු යෝජනා කළ විට, ශ්‍රී ලංකා රජය විදේශ ණය ගෙවීම පැහැර හරින විට, බංග්ලාදේශ රජය සහනාධාර කපා දැමූ විට, මේවා හුදකලා ජාතික තීරණ නොව වෝල් වීදියේ (Wall Street) සහ IMF හි නියෝග විය.

ජෙන්-Z විරෝධතා ව්‍යාපාර බිහි වූ රටවලට බලපා ඇති ණය අර්බුදය, පැරණි යටත් විජිත ලෝකයෙන් ක්‍රමානුකූලව ධනය නිස්සාරණය කිරීමේ IMF හි හස්තය හෙළි කරයි. 2022 දී ණය පැහැර හැරීමෙන් පසුව සහ වික්‍රමසිංහ සහ දිසානායක යන ජනාධිපතිවරුන් දෙදෙනා යටතේම ජීවන තත්වයන් විනාශකාරී ලෙස පහත හෙලූ IMF නිර්දේශිත ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාත්මක කිරීමෙන් පසුව, 2024 දී රාජ්‍ය ණය-දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතය සියයට 96.1 ක් වූ සහ එය 2025 අවසන් වන විට සියයට 102 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති ශ්‍රී ලංකාව, ප්‍රපාතය මුව විට සිටී.10 කෙන්යාවේ රාජ්‍ය ණය බර 2025 ජුනි වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 67.8 ක් (ඩොලර් බිලියන 91.3) දක්වා ළඟා වී,11 සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා IMF හි සාමාන්‍යය වන සියයට 50 සීමාව සැලකිය යුතු ලෙස ඉක්මවා ගියේ ය.12 2024 මුදල් පනත් යෝජනාවට එරෙහි විරෝධතාවලට සෘජුවම හේතු වූ 2024 මැයි වන විට ආදායමෙන් සියයට 67.1ක් ණය සේවාකරණය සඳහා වැයවූ13 දැවැන්ත බරක් මෙයින් නියෝජනය වෙයි. බංග්ලාදේශයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 31.6-32.2 ක සාපේක්ෂව අඩු රජයේ ණය අනුපාතය (2023-2024)14, 2024 නැගිටීමට හේතු වූ ව්‍යුහාත්මක ගැලපුම් (structural adjustments) පීඩනයන් ආවරණය කරයි‍.   යටිතල පහසුකම් වියදම් සහ සීමිත ආදායම් බලමුලු ගැන්වීම හේතුවෙන් අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කරන ප්‍රක්ෂේපණ සමඟ, නේපාලයේ ණය, 2024 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 47.87 ක් විය.15

2024 දෙසැම්බර් මාසයේදී රජයේ ණය නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60.7 දක්වා ළඟා වීමත්16, 2025 පළමු කාර්තුවේදී පොලී ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 දක්වා ඉහළ යාමත් සමඟ17, ඊනියා “නැගී එන ආර්ථිකයන්” තුළ පවා ණය ගැතිකමේ වහල් භාවය ක්‍රියාත්මක වන ආකාරයට පිලිපීනය නිදසුන් සපයයි.  2024 වන විට පේරු රාජ්‍යය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 32.7-32.8 ක අඩු ණය අනුපාතයක් පවත්වා ගත්තද18, ආර්ථික හැකිලීම නොතකා මූල්‍ය සම්පිණ්ඩණය  (fiscal consolidation) කිරීම සඳහා කෙරෙන IMF පීඩනයට මුහුණ දෙයි. මැඩගස්කරයේ ණය බර 2025 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 51.27 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර 2028 වන විට එය සියයට 54.64 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එහි රාජ්‍ය ණයෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් බාහිර ණය වන අතර නිල ණයහිමියන් විසින් දරනු ලැබේ.19 මොරොක්කෝවේ ණය වසංගතයේ  උච්චතම අවස්ථාව වූ කොවිඩ් වසංගතය මධ්‍යයේ ණය අනුපාතය  දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 71.5 සිට 2024 වන විට සියයට 67.7-70 දක්වා අඩු කෙරුනේ ජීවන තත්වයන් මිරිකා ඇති ආක්‍රමණශීලී මූල්‍ය සම්පිණ්ඩනය හරහාය.20

2024 දී ටැන්සානියාව, කැමරූන් සහ නයිජීරියාව යන අප්‍රිකානු රාජ්‍යයන්හි ණය අනුපාත දළ දේශීය නිෂ්පාදිතයෙන් පිළිවෙලින් සියයට 41.8, සියයට 39.6 සහ සියයට 41.3 ක් පෙන්නුම් කරයි.21 මෙම සංඛ්‍යාලේඛන, අප්‍රිකාවේ මධ්‍යන්‍ය (median) රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 65 ක් වන බවත්, අප්‍රිකානු රටවල් 25 ක් අතිරික්ත ණය බරින් යුක්ත ව හෝ උග්‍ර ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, රටවල් 60 කට වැඩි ප්‍රමාණයක් රජ්‍ය ආදායමෙන්  සියයට 10 කට වඩා වැඩි ප්‍රමාණයක් පොලී ගෙවීම් සඳහා පමණක් වියදම් කරන බවට වන යථාර්ථය වසන් කරයි.22 වඩාත් තීරණාත්මක ලෙස, අප්‍රිකානු ණය සංයුතිය නාටකාකාර ලෙස වෙනස් වී වාණිජ ණය 2000 දී පැවති සියයට 20 සිට දැන් මුළු ණයෙන් සියයට 43 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර,  ප්‍රධාන අනුපාත කළමනාකරණය කළ හැකි සේ පෙනී ගියද, ණය සේවා පිරිවැය පුපුරා ගොස් ඇති බව එයින් අදහස් වේ.23 මෙම ණය සැකැස්ම–ශ්‍රී ලංකාවේ සහ කෙන්යාවේ මෙන් ඉසිලිය නොහැකි බර හෝ උප-සහාරා අප්‍රිකාවේ “මධ්‍යස්ථ” මට්ටම් වේවා–තනි කර්තව්‍යයක් ඉටු කරයි:  ණය සේවාකරණය රජයේ ආදායමෙන් විශාල කොටසක් ගිල ගනිද්දී, කප්පාදුව, පුද්ගලිකකරණය, සමාජ සේවා වැඩසටහන් විනාශ කිරීමට බලකර සිටින IMF ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහන් හරහා බලාත්මක කරනු ලබන අධිරාජ්‍යවාදයේ මූල්‍ය නියෝගයන්ට ජාතික ආර්ථිකයන් යටත් කිරීමය.

පන්ති සංයුතිය

ජෙන්-Z ව්‍යාපාරවල පන්ති සංයුතිය, ඒවායේ විප්ලවීය විභවය  මෙන්ම ඒවායේ පාවාදීමේ යාන්ත්‍රණය යන දෙකම හෙළි කරයි. විශ්ව විද්‍යාල සිසුන් සහ රැකියා විරහිත තරුණයින් ආරම්භක ගිනි පුපුර සහ බොහෝ විට වඩාත්ම සටන්කාමී කණ්ඩායම සම්පාදනය කරයි. ඔවුන්ගේ ශක්තිය, ධෛර්යය සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට ඇති සූදානම ප්‍රතික්ෂේප කළ නොහැකිය. බංග්ලාදේශයේ, සිසුන් හමුදා ඛණ්ඩ වලට මුහුණ දුන් අතර, විරෝධතාකරුවන් එක් දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මරා දැමූ රජයේ කුරිරු ප්‍රහාරවලට මුහුණ දුන්හ; කෙන්යාවේදී තරුණයින් පාර්ලිමේන්තුවට කඩා වැදුණි; නේපාලයේ විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි වලට ගිනි තැබූහ. එහෙත් ප්‍රධාන වශයෙන් මධ්‍යම පාන්තික පසුබිම්වලින් ඇදී ආ මෙම ශිෂ්‍ය පෙරමුණු බලයන්ට, මූලික සමාජ පරිවර්තනය සඳහා ස්වාධීන දේශපාලන නායකත්වයක් සැපයිය නොහැක.

තීරණාත්මක සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියම වන අතර, මෙම ව්‍යාපාරවලට ඔවුන්ගේ සහභාගී වීම එහි සැඟවී ඇති බලය පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ, එක්දින මහා වැඩවර්ජන දෙකක් විරෝධතා දක්වන තරුණයින් සමඟ කම්කරු සහයෝගීතාවය පෙන්නුම් කළ අතර, 2022 මැයි 9 වන දින ආණ්ඩුවේ අනුග්‍රහය ලත් මැරයන් අරගලකරුවන්ට පහර දෙන විට කම්කරුවෝ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කොළඹ ප්‍රධාන විරෝධතා ස්ථානයට වහා දිව ගියහ. කෙන්යාවේ දී, ආරම්භක ජෙන්-Z විරෝධතාවලින් පසුව වැඩ වර්ජන රැලි,  එකක් පසුපස එකක් ලෙස පුපුරා ගියේය: ගුරුවරුන්, සිවිල් සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු ආදී  සියල්ලෝම, අඩු වැටුප්, අස්ථිර තත්වයන් සහ පෞද්ගලීකරණයට විරෝධය පළ කළහ. කුරිරු සූරාකෑම යටතේ ඩොලර් බිලියන ගණනක අපනයන නිෂ්පාදනය කරන බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවන්, ඔවුන්ගේ වෘත්තීය සමිති ඔවුන් බලමුලු ගැනීමට එරෙහිව කටයුතු කරන අතරතුර පවා විරෝධතාවලට සහභාගී වූහ.

සමිති ද්‍රෝහිකම

එහෙත්, මෙම නැගිටීම් සමාජවාදය සඳහා සවිඥානික විප්ලවවාදී ව්‍යාපාරයක් බවට කම්කරු පන්තිය විසින් පරිවර්තනය කිරීම ක්‍රමානුකූලව වලක්වනු  ලැබිණි. මෙම පාවාදීමේ තීරනාත්මක යාන්ත්‍රණය වූයේ කම්කරු ව්‍යාපාරය තුළ ධනේශ්වර පර්යාය සඳහා පොලිස් බලකායන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරයන් සහ ව්‍යාජ-වාම සංවිධානවල භූමිකාවයි.

කෙන්යාවේ, වෘත්තීය සමිති මධ්‍යම සංවිධානය (the Central Organization of Trade Unions- COTU), කෙන්යාවේ ජාතික ගුරු සංගමය (Kenya National Union of Teachers – KNUT) සහ කෙන්යාවේ පශ්චාත් ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරුන්ගේ සංගමය (Kenya Union of Post-Primary Education Teachers- KUPPET) යන වෘත්තීය සමිති සම්මේලන සියල්ලම ජෙන්-Z නැගිටීමෙන් පසුව ඇති වූ වැඩ වර්ජන හුදකලා කිරීමට සහ පරාජය කිරීමට කටයුතු කළහ.24වැටුප් වැඩිවීම් ඉල්ලා සහ කප්පාදුවට විරුද්ධ වෙමින් ගුරුවරුන් වැඩවර්ජන දියත් කළ විට, KNUT සහ KUPPET නායකයින් රූටෝ රජය සමඟ පාවාදීමේ ගිවිසුම් සාකච්ඡා කළ අතර, පුද්ගලීකරනය සහ සේවා කොන්දේසි වටා ඇති ඉල්ලීම් අතහැර දමමින් අවම වැටුප් වැඩිවීම් පිළිගත්තේය. මෙම වෘත්තීය සමිති නිලධරයෝම IMF විසින් නියම කරන ලද කප්පාදුවේ මුළු කාලය පුරාම තම වරප්‍රසාදිත නිලයන් පවත්වා ගෙන ගිය අතර, ඔවුන්ගේ කාර්යය වන්නේ කම්කරුවන් නියෝජනය කිරීම නොව ප්‍රාග්ධනයට පිළිගත හැකි සීමාවන් තුළ ඔවුන්ගේ අරගල පාලනය කිරීම බව හෙළි කළහ.

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වඩා සෘජු ප්‍රතිවිප්ලවවාදී කාර්යභාරයක් ඉටු කළහ. රාජපක්ෂගේ ඉල්ලා අස්වීම ඉල්ලා 2022 වූ නැගිටීම අතරතුර, ඔවුන් අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල සීමිත එක්දින මහා වැඩවර්ජන දෙකක් කැඳවූ අතර, එය හුදෙක් මහජන විරෝධතාවලට ප්‍රතිචාරයක් ලෙස සහ කම්කරු නිලධරය කෙරෙහි සේවක අතෘප්තිය පාලනය කිරීම සඳහා අරමුණු විය. නමුත් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට තම ශක්තිය පෙන්වීමට ඉඩ දුන් වෘත්තීය සමිති නායකයින්  පසුව මෙම බලය ධනවාදයට එරෙහි ස්වාධීන දේශපාලන අභියෝගයක් බවට ඒකාබද්ධ වීම වැළැක්වීමට වියරු ලෙස කටයුතු කළහ. ඔවුන් තවදුරටත් වැඩ වර්ජන කැඳවීම ප්‍රතික්ෂේප කළ අතර, වෘත්තීය සමිති පාලනයෙන් ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට විරුද්ධ වෙමින්, ධනේශ්වර පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) සහ ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් ප්‍රවර්ධනය කරන ලද සහ FSP විසින් සහාය දක්වන ලද, ධනේශ්වර පාලනය ස්ථාවර කරන “අන්තර්කාලීන රජයක්” සඳහා වන ඉල්ලීම් දෙසට ව්‍යාපාරය යොමු කළහ. සෞඛ්‍ය සේවකයින් සටන්කාමී වැඩවර්ජන දියත් කළ විට,25 වෘත්තීය සමිති ඔවුන් යටපත් කිරීමට රජය සමඟ කටයුතු කළහ.

බිලියන ගණනක අපනයන නිපදවන ඇඟලුම් කම්කරුවන්  දැවැන්ත නිර්ධන පංති බලවේගයක් වන බංග්ලාදේශයේ, කම්කරුවන් බලමුළුගැන්වීම මැඩ පැවැත්වීමට වෘත්තීය සමිති සම්මේලන සෘජුව සහයෝගී වූහ.26 හසීනා රජයට එරෙහි විරෝධතාවලට දස දහස් ගණනක් ඇඟලුම් කම්කරුවන් එක් වූ විට පවා, ඔවුන්ගේ වෘත්තීය සමිති, කර්මාන්තශාලා වාඩිලාගැනීම්, මහා වැඩවර්ජන හෝ කුමන හෝ ස්වාධීන කම්කරු පන්ති දේශපාලන මැදිහත්වීමක් වැළැක්වීමට කටයුතු කළහ. හසීනාගේ ඇද වැටීමෙන් පසු, ඇඟලුම් කම්කරුවන් වැටුප් වැඩිවීම් සහ වඩා හොඳ කොන්දේසි ඉල්ලා සිටි විට, වෘත්තීය සමිති කර්මාන්තශාලා තුළ “නිසි පාලනය” ක්‍රියාත්මක කිරීම සඳහා මිලිටරි පිටුබලය ලත් යූනුස් තන්ත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කළහ.27

මෙම රටාව වෘත්තීය සමිති නිලධරයේ පන්ති ස්වභාවය පිළිබිඹු කරයි. මෙම නිලධාරීන් සාමාන්‍ය සේවකයින්ට වඩා බොහෝ ඉහළ වැටුප්, වරප්‍රසාද සහ තනතුරු භුක්ති විඳිති.28 ඔවුන් කම්කරු අමාත්‍යාංශ, ත්‍රෛපාර්ශ්වික කොමිෂන් සභා (වෘත්තීය සමිති-සමාගම්-රජය) සහ සංස්ථාවාදී ව්‍යුහයන් හරහා ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයට ඒකාබද්ධ කෙරී ඇත.29 ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා පවතින්නේ ඔවුන් නාමිකව නියෝජනය කරන කම්කරු පන්තිය සමඟ නොව,30 ඔවුන්ට ඔවුන්ගේ වරප්‍රසාදිත ස්ථානය ලබා දෙන පද්ධතිය ආරක්ෂා කිරීමත් සමඟය31.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂණය නිශ්චිත ය: “මෙම ආර්ථික හා දේශපාලන පදනම්–මූල්‍ය ආයෝජන සහ ධනේශ්වර රාජ්‍යයෙන් ලැබෙන සෘජු සහනාධාර–මත රැඳී සිටින්නේ නිල වෘත්තීය සමිතිවල නිලධරය සමන්විත වන ඉතා වරප්‍රසාද ලත් සුලු ධනේශ්වර ස්ථරයකි. මෙම දූෂිත ආයතනයට අදාළව ‘කම්කරු සංවිධානය’ වැනි අර්ථකථන කැඳවීම සේවය කරන්නේ එහි සැබෑ සමාජ ස්වභාවය සහ එය සහ කම්කරු පන්තිය අතර ගැඹුරින් පවතින පන්ති ප්‍රතිවිරෝධතා සැඟවීමට පමණි.”32

ප්‍රතිගාමී වම

වෘත්තීය සමිති නිලධරයට අමතරව, මෙම පාවාදීම සඳහා දේශපාලන ආවරණයක් සැපයීමේ කාර්යය කරන ප්‍රතිගාමී වාම සංවිධාන ජාලයක් ක්‍රියාත්මක වේ. මෙම කණ්ඩායම්–ස්ටැලින්වාදී, මාඕවාදී, විවිධ හිටපු ට්‍රොට්ස්කිවාදී භ්‍රෂ්ටයින් සහ ව්‍යාජ වාම ප්‍රවණතා33–සැබෑ විප්ලවවාදී කම්කරු පන්ති නායකත්වයේ මතුවීම ක්‍රමානුකූලව අවහිර කරමින් රැඩිකල් විකල්ප ලෙස පෙනී සිටිති.

කෙන්යාවේ, විප්ලවවාදී සමාජවාදී සංගමය (Revolutionary Socialist League-RSL) සහ කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී-කෙන්යාව (Communist Party Marxist-Kenya-CPM-K) රැඩිකල්කරණය වූ ජෙන්-Z නැගිටීම මැඩපැවැත්වීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ.34 RSL, විප්ලවීය වාචාල කතා භාවිතා කරමින්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමම වළක්වන, ව්‍යාපාරයේ, “නායකත්වයක් නැති”, “බැනර් නැති”, “දේශපාලනයක් නැති” යන ස්වභාවය ප්‍රවර්ධනය කළේය. ධනේශ්වරයට ප්‍රතිලාභ ලබා දුන් දේශපාලන ව්‍යාකූලත්වයට වාම ආවරණයක් ලබා දෙමින්, RSL හි නායකයෙකු වන එස්රා ඔටියේනෝ පැවසුවේ “… රජය ක්‍රියාකාරීව නායකයින් සොයමින් සිටින බැවින්, දැනට නායකයින් මතු නොවීමට මෙය හොඳ උපක්‍රමයකි. […] RSL ලෙස, අපි එහි යන්නේ අරමුණක් ඇතිවය, මන්ද අපි ජනතාව සමඟ සහයෝගීතාවයෙන් සිටිය යුතුය–ඔවුන් පවසන දේට අපි සම්පූර්ණයෙන්ම එකඟ වෙමු. එබැවින් අපි වීදිවලට ​​යමු, අපි අපගේ ජනතාව සංවිධානය කිරීමට උත්සාහ කරමු. එක්වන විට, අපි බැනර් රැගෙන නොයන්නෙමු, මන්ද මිනිසුන් කිසිවක් නොමැතිව, අවට සැරිසැරීමට යන බැවිනි.”35

Kenya CPM-K
CPM-K දේශපාලන මණ්ඩලය [ඡායාරූපය: @CommunistsKe]

CPM-K පක්ෂයේ මූලික දේශපාලන දිශානතිය කේන්ද්‍රගත වන්නේ, එහි පූර්වගාමියා වූ CPK විසින් කෙටුම්පත් කිරීමට උපකාරී වූ 2010 කෙන්යාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම කෙරෙහි ය. ඒ අතරම, එහි “ප්‍රගතිශීලී වගන්ති” ක්‍රියාත්මක කිරීම කෙසේ හෝ ‘නොවැළැක්විය හැකි ලෙස’ සමාජවාදයට මඟ පාදනු ඇතැයි යන ප්‍රතිසංස්කරණවාදී මිත්‍යාව එය ප්‍රවර්ධනය කරයි.36 2007 පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් පසු ධනේශ්වර පාලනය ස්ථාවර කිරීම සඳහා පාලක පන්තිය විසින් බ්‍රිතාන්‍යයෙන් සහ එක්සත් ජනපදයෙන් ලැබුණු විශාල අරමුදල් සමඟ මෙම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලදී. මෙම ධනේශ්වර නීති රාමුව ආරක්ෂා කිරීම සඳහා මහජන කෝපය යොමු කිරීමෙන්, CPM-K, අරගලය ධනවාදය තුළ සීමා වී ඇති බවට සහතික කරයි.

පිලිපීනයේ, ව්‍යාජ-වාම පාවාදීමේ රටාව එහි වඩාත්ම පැහැදිලි සහ දේශපාලනිකව උපදේශාත්මක ස්වරූපයට ළඟා වේ. ස්ටැලින්වාදී ඡත්‍ර (umbrella) සංවිධානයක් වන BAYAN (1985 දී ආරම්භ කරන ලදී) සහ 1990 ගණන්වල පිලිපීනයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (CPP) කොටසක් සහ විවිධ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ඒකාබද්ධ වීමෙන් මතු වූ ව්‍යාජ-වාම අක්බයාන් පක්ෂය (Citizens’ Action Party-පුරවැසි ක්‍රියාකාරී පක්ෂය)37— ඓතිහාසික වශයෙන් සුළු ධනේශ්වර දේශපාලනයේ විවිධ ගමන් පථ නියෝජනය කරන ප්‍රතිවාදීන් වුවද38—“චීනයට සතුරු පිලිපීන ධනේශ්වරයේ කොටස් කෙරෙහි ඔවුන්ගේ පොදු දිශානතිය තුළින් එකිනෙකා සමඟ වඩාත් සමීප පෙළගැස්වීමකට පැමිණෙමින් සිටිති”39. 2025 සැප්තැම්බර් 21 වන දින මැනිලා නුවරදී 100,000 ක ජනතාවක් පෙළ ගැසුණු විට–ෆර්ඩිනන්ඩ් මාකෝස් (ජ්‍යෙෂ්ඨයා) යුද නීතිය ප්‍රකාශ කිරීමේ 53 වන වසර–මෙම සංවිධාන දෙක වෙනම දූෂණ විරෝධී පෙළපාලි මෙහෙයවූ අතර, ඒවා WSWS සඳහන් කළ පරිදි, ඔවුන්ගේ දේශපාලන ස්වභාවය අනුව “පැහැදිලි ලෙසම මධ්‍යම පාන්තික” ඒවා විය. කෙසේ වෙතත්, සැලකිය යුතු ලෙස, වීදිවලට ​​රැස් වූ ජනතාව “විරෝධතා වෙත ආකර්ෂණය  වූයේ ධනේශ්වරයේ විශේෂිත කන්ඩායමක් වෙත නැඹුරු වීම නිසා නොවීය”. ඊට වෙනස්ව, බයාන් සහ අක්බයාන් යන දෙකම ධනේශ්වර පක්ෂ සමඟ විවෘතව සහයෝගයෙන් කටයුතු කළ අතර, ස්වාධීන කම්කරු පන්ති ව්‍යාපාරයක් මතුවීම වැළැක්වීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කළේ, මාකෝස් සහ ඩුටර්ටේ කඳවුරු අතර ධනේශ්වර කන්ඩායම් යුද්ධයේ ආවෘත අන්තයට මහජන කෝපය දිශානත කිරීමෙනි. “සමහර මාකෝස් විරෝධී සටන් පාඨ සහ බැනර් තිබියදීත්”, මෙම පෙලපාලිවල අවසාන දිශානතිය වූයේ “චීනයෙන් වැඩි ආර්ථික ආයෝජන ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ පිලිපීන සබඳතා මධ්‍යස්ථ කිරීමට උත්සාහ කරන” ඩුටර්ටේගේ බලකායන්ට එරෙහි සන්ධානයක් දෙසට” වේ. 

Akbhayan
අක්බයාන් පක්ෂ ලැයිස්තුවේ නාමයෝජනා ලැබූවන් – ඉදිරිපස වමේ සිට: ඩාඩා කිරාම් ඉස්මුලා, නීතිඥ චෙල් ඩයොක්නෝ සහ මන්ත්‍රී මණ්ඩල නියෝජිත පර්සිවල් “පර්සි” සෙන්ඩානා. රූපය akbayan.org.ph වෙතින්.

බයාන් සහ අක්බයාන්ගේ ද්‍රෝහී භූමිකාව තේරුම් ගත යුත්තේ අපගමනයක් ලෙස නොව පන්ති සහයෝගීතාවය කෙරෙහි ඔවුන්ගේ මූලික දේශපාලන දිශානතියේ තාර්කික ප්‍රතිඵලයක් ලෙස ය. බයාන්, මාඕවාදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ‘පෙරමුණු’ සංවිධාන (front organizations) වලින් එකක් වන අතර,40 සමාජවාදී විප්ලවය නිරන්තරයෙන් කල් දමන දීර්ඝ “ජාතික ප්‍රජාතන්ත්‍රවාදී” අරගලයක තුල, කම්කරු පන්තිය උපකල්පිත “ප්‍රගතිශීලී ජාතික ධනේශ්වරයකට” යටත් කරන “අවධි දෙකේ න්‍යාය” දශක ගණනාවක් තිස්සේ ප්‍රවර්ධනය කර ඇත.41 “සමාජ ප්‍රජාතන්ත්‍රවාදී” විකල්පයක් ලෙස තමන්ව හඳුන්වා ගන්නා අක්බයාන්, කොංග්‍රසයේ අසුන් දරමින් සහ අධිරාජ්‍යවාදී-ගැති ධනේශ්වර දේශපාලනඥයින්ට සහාය දක්වමින් ධනේශ්වර පාර්ලිමේන්තු දේශපාලනයට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වී ඇත. එහි ජාතිකවාදී, අවස්ථාවාදී සහ පන්ති සහයෝගීතා දේශපාලනය යනු CCP හි ස්ටැලින්වාදී දේශපාලනයේ අඛණ්ඩ පැවැත්මයි.42 නැවත වරක්, මෙම බලවේග පොදු කාර්යයක් තුළ එක්සත් වේ: එනම්, පිලිපීන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම අවහිර කිරීම සහ ඉන්දු-පැසිෆික් කලාපයේ වොෂින්ටනයේ උපායමාර්ගික අරමුණු සමඟ පෙලගැසී සිටින ධනේශ්වර කන්ඩායම්වලට එය යටත් කිරීමයි. ඔවුන්ගේ වර්ධනය වන පෙළගැස්ම පිළිබිඹු කරන්නේ පුද්ගලික සංහිඳියාවක් නොව අධිරාජ්‍යවාදී යුද්ධයේ යුගයේ දී ඔවුන්ගේ සුලු ධනේශ්වර දේශපාලනයේ නොවැළැක්විය හැකි තර්කනයයි. පිලිපීනය “චීනය සමඟ යුද්ධය සඳහා වොෂින්ටනයේ සූදානමේ පෙරමුණු වල” ස්ථානගත වී ඇති හෙයින්, ඔවුන් ඉඳහිට කරන උපායශීලී අරමුණු සඳහා යෙදවිය හැකි අධිරාජ්‍ය විරෝධී වාචාල කතා කුමක් වුවත්, බයාන් සහ අක්බයාන් යන දෙකම අධිරාජ්‍යවාදයේ යුද න්‍යාය පත්‍රයට මහජන විරෝධය ඒකාබද්ධ කිරීම සඳහා උපකරණ බවට ඵලදායී ලෙස  පත්ව ඇත.43

දූෂණ විරෝධී ව්‍යාපාරය

බයාන් සහ අක්බයාන් පක්ෂ දෙකම විසින් ප්‍රවර්ධනය කරන ලද දූෂණ විරෝධී රාමුව, ස්ටැලින්වාදය සියවසක් පුරා ගෝලීය වශයෙන් ප්‍රචාරය කළ පන්ති-සහයෝගීතා දේශපාලනය සඳහා සමකාලීන වෙස්වළා ගැනීමක් නියෝජනය කරයි. එහිදී, ස්ටාලින්ගේ “අවධි දෙකේ න්‍යාය” විවෘතව “ප්‍රගතිශීලී ජාතික ධනේශ්වරය” ඇතුළු “පන්ති හතරක එකතුවක්” ඉල්ලා සිටි අතර, අද දින ව්‍යාජ වාමාංශිකයෝ44 “ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් සම්පූර්ණ කිරීමේ” කොටසක් ලෙස, “දූෂිත ප්‍රභූන්ට” එරෙහිව “ජනතාවගේ” එක්සත්කම සඳහා  උද්ඝෝෂනය කරති. සූත්‍ර දෙකම ධනේශ්වරය ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමී කඳවුරුවලට බෙදා, කම්කරු පන්තිය ධනේශ්වර කන්ඩායමකට යටත් කර, සමාජවාදී විප්ලවය සඳහා වන සටන ක්‍රමානුකූලව අවහිර කරයි. WSWS පැහැදිලි කළේ, “දූෂණ විරෝධී ව්‍යාපාරයක ධජය දේශපාලනිකව ආවෘත අන්තයකි. එය දේශපාලනිකව අරූපික වන අතර අන්ත දක්ෂිනාංශික පක්ෂ ඇතුළු පුළුල් පරාසයක ධනේශ්වර සහ සුලු ධනේශ්වර පක්ෂ සහ සංවිධාන එක වහලක් යටට ගෙන ඒම සඳහා සේවය කළ හැකිය.”45 පිලිපීනයේ දී, මෙය ඩුටර්ටේ කඳවුරට එරෙහි ධනේශ්වර විමර්ශනවලට සහාය දැක්වීමේ හා මාකෝස් ආණ්ඩුවේ එක්සත් ජනපද මිලිටරි ව්‍යුහයන් හා ඒකාබද්ධ වීම සමඟ පෙළ ගැසීමේ සංයුක්ත ස්වරූපයක් ගනී. මෙහි මූලෝපායික ක්‍රියාකාරිත්වය පැහැදිලි ය: පාලක පන්ති කණ්ඩායම් එකිනෙකාට එරෙහිව දූෂණ චෝදනා ආයුධයක් බවට පත් කර ගනී–මාකෝස් ඩුටර්ටේගේ ප්‍රහාර පූර්ව භංග කිරීම සඳහා පරීක්ෂණ දියත් කරයි, ඩුටර්ටේගේ බල කල්ලි මාකෝස්ගේ සහචරයින් හෙළිදරව් කිරීම සඳහා සෙනෙට් සභාව භාවිතා කරයි- බයාන් සහ අක්බයාන් මූලික වශයෙන් ධනේශ්වර පාලක ප්‍රභූව තුළ තනතුරු නැවත සකස් කිරීමක් (reshuffle) වන දෙයට ව්‍යාජ-රැඩිකල් ආවරණයක් සපයයි. විනාශකාරී විරැකියාව, දේශගුණික විපත්, පහත වැටෙන වැටුප් සහ චීනයට එරෙහි එක්සත් ජනපද යුද්ධයකදී වෙඩි උණ්ඩ ලෙස භාවිතා කිරීමේ අන්තරායට මුහුණ දෙන කම්කරු පන්තිය, මේ හරහා ස්වාධීනව සංවිධානය වීමෙන් සහ තමන්ගේම පන්ති අවශ්‍යතා ඉදිරියට ගෙන යාමෙන් වලක්වනු ලැබේ.

පිලිපීන විරෝධතා පිළිබඳ මෙම විශ්ලේෂණය විශ්වීය වශයෙන් අදාළ වේ. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ දී ජවිපෙ/එන්පීපී, IMF හි කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, දූෂණ විරෝධී වේදිකාවක පදනම මත, සියලු සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ කෙරෙහි ඇති අතිමහත් මහජන සතුරුකම ගසාකමින් බලයට පැමිණීමෙනි. නේපාලයේ මිලිටරිය විසින් ස්ථාපනය කරන ලද තාක්ෂණික (technocratic) රජය දූෂණයට එරෙහිව සටන් කිරීමේ පොරොන්දු හරහා තමන්ව සාධාරණීකරණය කළේය. බංග්ලාදේශයේ බැංකුකරු යූනුස් දූෂිත දේශපාලන සංස්ථාපිතයට වඩා ඉහළින් තමන් ස්ථානගත වන බවට දැක්වූයේය.

නමුත් දූෂණය යනු පද්ධතියට ව්‍යතිරේකයක් නොව ඒකාධිකාරී ධනවාදයේ දේපළ සබඳතාවල ආවේණික ලක්ෂණයකි. නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය නිලධාරීන්ට තමන් පොහොසත් කර ගැනීම සඳහා ද්‍රව්‍යමය කොන්දේසි නිර්මාණය කරයි. ධනේශ්වර රාජ්‍යය නිශ්චිතවම පවතින්නේ ධනේශ්වර පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා වන අතර, IMF විසින් යෝජනා කරන “පිරිසිදු ධනවාදය”, පදවල පරස්පර විරෝධීතාවයක් බවට පත් කරයි. අනෙකුත් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් මෙන්ම, නිලධර දූෂණයට එරෙහිව පොදු වත්කම් ආරක්ෂා කිරීම කම්කරු පන්තිය මත රඳා පවතින්නේ, මූල්‍ය වංශාධිපතිත්වය සහ ධනේශ්වර කතිපයාධිකාරය අත්පත් කර ගැනීම සහ රාජ්‍යයම අහෝසි කිරීමේ විප්ලවීය ක්‍රියාවෙහි කොටසක් ලෙස ය.

පාලන තන්ත්‍ර මාරුව අධිරාජ්‍යවාදයට සේවය කරයි

ජෙන්-Z විරෝධතා රැල්ල රටවල් කිහිපයක පාලන තන්ත්‍ර මාරු කිරීම සඳහා සමත් වූ අතර, බලයේ සිටින ධනේශ්වරයේ නියෝජිතයින් කණ්ඩායමක් තවත් කණ්ඩායමකින් ප්‍රතිස්ථාපනය කරණු  ලැබිණි. නොඉවසිය හැකි තත්වයන් කෙරෙහි සැබෑ කෝපයෙන් උපන් මහජන නැගිටීම්, දූෂණ විරෝධී රාමු හරහා එකම හෝ ඊටත් වඩා නරක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන “පිරිසිදු” පරිපාලකයින්ට සහාය වීම සඳහා යොමු කෙරේ. බටහිර සම්බන්ධතා ඇති බංග්ලාදේශයේ යූනුස් “ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ” පොරොන්දු වේ. කෙන්යාවේ රූටෝ-ඔඩින්ගා සන්ධානය රට එක්සත් ජනපදයේ “ප්‍රධාන නේටෝ නොවන සගයෙකු” ලෙස නම් කරමින් කප්පාදුව දිගටම කරගෙන යයි.

ශ්‍රී ලංකාවේ වික්‍රමසිංහ IMF ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්-රාජ්‍ය මර්දනය භාවිතා කළ අතර, ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති අනුර දිසානායකගේ ආණ්ඩුව, IMF නියෝග අඛණ්ඩව හා අකුරටම ක්‍රියාත්මක කිරීමට එරෙහි පන්ති අරගල මැඩ පැවැත්වීම සහ මර්දනය කිරීම සඳහා  මුළු රාජ්‍ය යාන්ත්‍රණය, පාර්ලිමේන්තුව, මාධ්‍යය, රැවටීම් හා වාචාල කතා සහ එහි වෘත්තීය සමිති නිලධරය යන සමස්තයම  භාවිතා කරමින් සිටී. නේපාලයේ තාක්ෂණධරයින් දේශපාලනයට ඉහළින් ස්ථානගත වෙමින් ධනේශ්වර දේපළ සබඳතා ආරක්ෂා කරති.

ව්‍යාජ-වම සහ වෘත්තීය සමිති නිලධරයන් විසින් කරන මෙම පාවාදීමේ සම්පූර්ණ බර කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව විසින් දරනු ලැබේ. නව පාලන තන්ත්‍රයන් කප්පාදු වැඩසටහන් පවත්වාගෙන යන අතර නව දේශපාලන බැනර් යටතේ – “ප්‍රගතිශීලී” සන්ධාන, “දූෂණ විරෝධී” ආණ්ඩු හෝ මිලිටරි පිටුබලය ලත් තාක්‍ෂණවේදීන් – අධිරාජ්‍යවාදී අවශ්‍යතා සඳහා සේවය කරමින් ධනේශ්වර දේපළ සබඳතා නොවෙනස්ව ආරක්ෂා කරයි. රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින් තම ජීවිත පරදුවට තැබූ කම්කරුවෝ දැන් “ආර්ථික ස්ථාවරත්වය” සාක්ෂාත් කර ගැනීම සඳහා “පටි තද කිරීම” සහ “මූල්‍ය විනය” ආදී ඔවුන් වීදිවලට ​​තල්ලු කළ වාචල කතා වලම අලුත් වටයකට මුහුණ දෙති. ආණ්ඩු පෙරලා දැමූ විප්ලවවාදී ශක්තිය වෙහෙසට හා අධෛර්යයට පත්වන්නේ ව්‍යාජ-වාමාංශිකයන් මහජන කෝපය එක් ධනේශ්වර කන්ඩායමකින් තවත් ධනේශ්වර කන්ඩායමකට සහාය දැක්වීමට යොමු කරවන විටය. මෙම දේශපාලන අවමංගත වීම දක්ෂිණාංශික සහ ෆැසිස්ට් බලවේග විසින් මහජන කලකිරීම ගසාකෑමට සාරවත් කොන්දේසි නිර්මාණය කරයි. ධනේශ්වර සූරාකෑම සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට අත නොතබන අතරතුර, ජනාන්දෝලකයෝ (Demagogues-ජනතාව අතර ඇති අගතීන් ගසා කන වාචාල/වාගාලංකාරී දේශපාලකයෝ) කම්කරු පන්තියේ හා පීඩිත මධ්‍යම පන්තියේ කොටස්වල සාධාරණ කෝපය සංක්‍රමණිකයන්, වාර්ගික සුළුතරයන්, “දූෂිත දේශපාලනඥයන්” හෝ “දූෂිත රාජ්‍ය නිලධාරීන්” හා “මත් වසංගතය” හෝ පාතාලය ආදී බිල්ලන් වෙත යොමු කරති. පාර්ලිමේන්තුව සහ මැතිවරණ, ධනේශ්වරය තම පාලනය නැවත තහවුරු කර ගන්නා තීරණාත්මක යාන්ත්‍රණයන් ලෙස ක්‍රියා කරන අතර, මහජන විරෝධය සුරක්ෂිත ව්‍යවස්ථාමය රාමු තුළට යොමු කරමින් කම්කරු පන්තිය ධනේශ්වරයේ කන්ඩායමික යුද්ධයට යටත් කරයි.

ඉතාලියේ (1920-22)46, ජර්මනියේ (1933)47 සහ ප්‍රංශයේ (1936-39)48 ඓතිහාසික අත්දැකීම්, පාවා දුන් විප්ලවවාදී ව්‍යාපාර ඒවායේ ප්‍රතිවිරුද්ධය බවට පරිවර්තනය කළ හැකි ආකාරය ඛේදජනක පැහැදිලිකමකින් පෙන්නුම් කරයි. මේ සෑම අවස්ථාවකදීම, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ස්ටැලින්වාදයේ දේශපාලන පාවාදීම්–කම්කරු බලය සඳහා සටන් කිරීම ප්‍රතික්ෂේප කිරීම, මහජන පෙරමුණු හරහා කම්කරු පන්තිය “ප්‍රජාතන්ත්‍රවාදී” ධනේශ්වරයට යටත් කිරීම, ස්වාධීන කම්කරු පන්ති දේශපාලන සංවිධානගත වීම  මර්දනය කිරීම–මහ ජනතාව අකර්මණ්‍ය කොට අධෛර්යමත් කළ අතර, ෆැසිස්ට්වාදයේ ම්ලේච්ඡ ස්ථාවර වීම සඳහා මාවත හෙළි කළේය. මෙම ව්‍යසනයන් විශ්ලේෂණය කිරීමේදී ට්‍රොට්ස්කි අවධාරණය කළ පරිදි, “ෆැසිස්ට්වාදය යනු ධනේශ්වර සමාජය තුළ නිර්ධන පන්ති ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු අංග මුලිනුපුටා දැමීම මත පදනම් වූ විශේෂිත ආණ්ඩු ක්‍රමයකි”; එය කළ හැකි වූයේ විප්ලවවාදී නායකත්වයේ පූර්ව පාවාදීම මගින් පමණි.49 සමකාලීන ජෙන්-Z නැගිටීම්වල ද එම අපෝහකය ක්‍රියාත්මක වේ: ව්‍යාජ-වාම සංවිධාන ක්‍රමානුකූලව සමාජවාදී නායකත්වය යටතේ ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වළක්වන්නේ, පාර්ලිමේන්තු යාන්ත්‍රණයන් සහ අවශ්‍ය විටෙක ඒකාධිපති ග්‍රහනය යන දෙකම හරහා ධනේශ්වර ප්‍රතිගාමීත්වය නැවත තහවුරු කර ගැනීමට  අවශ්‍ය කොන්දේසි නිර්මානය කරමිනි.

මෙම ප්‍රතිඵල දැඩි අනතුරු ඇඟවීමකි: ධනවාදයේ රාමුව තුළ පාලන තන්ත්‍ර වෙනසක් කම්කරු පන්තියට උපායමාර්ගික ආවෘත අන්තයක් නියෝජනය කරයි. ජෙන්-Zනැගිටීම්වල මූලික පාඩම නම්, මහජන ව්‍යාපාරවලට ආණ්ඩු පෙරලා දැමිය හැකි බව—පෙන්වා ඇති පරිදි ඔවුන්ට එය කළ හැකිය—හෝ ධනේශ්වර ක්‍රමය පෙරලා නොදැමීමෙන් එකම සූරාකෑමේ ව්‍යුහය තුළ පිරිස් මාරු කිරීමක් පමණක් ඇති කරන බව නොවේ: පාඩම නම්, සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩසටහනක් වටා තරුණයින්, දුප්පතුන් සහ පීඩිත මධ්‍යම පන්තිය පෙළගැස්විය හැකි ස්වාධීන විප්ලවවාදී කම්කරු නායකත්වයක් නොමැතිකම මහජන අරගල මාරාන්තික පාවාදීම් කරා ගෙන යන බවයි.කම්කරුවන් සහ තරුණයින් මුහුණ දෙන කාර්යය වන්නේ පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපති මන්දිරයේ දොරටු අසල ඔවුන්ගේ අරගලය නතර කිරීම නොව, ධනේශ්වර පන්තියේ දේපල අත්පත් කර ගැනීම සහ කම්කරු බලය ස්ථාපිත කිරීම දක්වා එය ඉදිරියට ගෙන යාමයි. ග්‍රාමීය ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිය එහි නායකත්වය යටතේ සංවිධානය කරමින් කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අත්පත් කර ගැනීමෙන් පමණක්, සූරාකෑම, මහා විරැකියාව, දේශගුණික ව්‍යසනය සහ අධිරාජ්‍යවාදී යුද්ධය සඳහා වගකිව යුතු පද්ධතිය ආරක්ෂා කරන ආවෘත අන්තයන් ජය ගත හැකිය.

මතු සම්බන්ධයි…

  1. Yearender 2022: More Nepalis leave for foreign jobs in 2022, https://kathmandupost.com/money/2022/12/29/more-nepalis-leave-for-foreign-jobs-in-2022 ↩︎
  2. WSWS, “Elon Musk’s $1 trillion payout and the case for expropriation” (8 November 2025)
     https://www.wsws.org/en/articles/2025/11/08/gqvw-n08.html  ↩︎
  3. https://www.weforum.org/stories/2025/01/oxfam-new-report-inequality-colonialism/ ↩︎
  4. WSWS, “The World of Debt” https://www.wsws.org/en/articles/2025/08/24/errm-a24.html  ↩︎
  5. ibid ↩︎
  6. David North, ‘Capital, Labor and the Nation-State’, World Socialist Web Site, (18 June 1992)
    https://www.wsws.org/en/special/library/fi-20-1/02.html  ↩︎
  7. Statement of the International Committee of the Fourth International Globalization and the International Working Class, International finance vs. the capitalist state
    https://www.wsws.org/en/special/library/globalization-international-working-class/07.html  ↩︎
  8. Oxfam “Takers Not Makers” report
    https://www.oxfam.org/en/takers-not-makers-unjust-poverty-and-unearned-wealth-colonialism  ↩︎
  9. Karl Marx, Capital, Volume 1, Chapter 25  ↩︎
  10. https://tradingeconomics.com/sri-lanka/government-debt-to-gdp ↩︎
  11. https://www.ecofinagency.com/news-finances/0910-49407-kenya-s-public-debt-reaches-67-8-of-gdp-in-june-2025-finance-minister-says ↩︎
  12. https://cytonnreport.com/topicals/review-of-kenyas-1#:~:text=Consequently%2C%20the%20debt%20to%20GDP,collection%20and%20prudent%20debt%20repayments ↩︎
  13. https://www.cytonn.com/topicals/review-of-kenyas-1 ↩︎
  14. https://tradingeconomics.com/bangladesh/government-debt-to-gdp ↩︎
  15. https://www.statista.com/statistics/422519/national-debt-of-nepal-in-relation-to-gross-domestic-product-gdp/ ↩︎
  16. https://www.ceicdata.com/en/indicator/philippines/government-debt–of-nominal-gdp ↩︎
  17. https://cpbrd.congress.gov.ph/wp-content/uploads/2025/08/DP13-Sustaining-Growth-Managing-Debt-FINAL.pdf ↩︎
  18. https://www.ceicdata.com/en/indicator/peru/government-debt–of-nominal-gdp ↩︎
  19. https://documents1.worldbank.org/curated/en/099042925131559525/pdf/BOSIB-a6f0fd17-800e-44dd-b2c0-c4e8f502a103.pdf ↩︎
  20. https://tradingeconomics.com/morocco/government-debt-to-gdp ↩︎
  21. https://businessday.ng/news/article/10-least-indebted-african-countries-in-2024-imf/ ↩︎
  22. https://africatalyst.com/trapped-by-mounting-debt-africa-pushes-for-a-financial-reset/ ↩︎
  23. https://www.afdb.org/en/news-and-events/annual-meetings-2024-old-debt-resolution-african-countries-cornerstone-reforming-global-financial-architecture-70791 ↩︎
  24. WSWS, ‘Strike wave erupts across Kenya despite trade unions’ attempt to strangle’ it”https://www.wsws.org/en/articles/2024/09/10/swrk-s10.html ↩︎
  25. WSWS, ‘Sri Lankan health employees strike over fuel shortages and inability to travel to work’ https://www.wsws.org/en/articles/2022/07/05/msnn-j05.html ↩︎
  26. WSWS, ‘Bangladeshi prime minister threatens protesting garment workers’ https://www.wsws.org/en/articles/2022/06/13/ojdc-j13.html  ↩︎
  27. WSWS, ‘Tens of thousands of Bangladeshi garment workers continue protests’ https://www.wsws.org/en/articles/2024/11/15/menp-n15.html ↩︎
  28. WSWS, “A wave of defeats and betrayals” (from The Globalization of Capitalist Production) https://www.wsws.org/en/special/library/globalization-international-working-class/28.html  ↩︎
  29. WSWS, “‘Biden gets it!’: Britain’s trade unions make their corporatist pitch to government and business” https://www.wsws.org/en/articles/2021/09/20/tuni-s20.html  ↩︎
  30. WSWS, “A fresh lesson: The end of the Detroit newspaper strike and the crisis of the labor movement”: “The bureaucracy itself is a privileged, upper-middle class social layer. Because it is tied to the capitalist system, it seeks to conceal from the working class the real nature of this system and the position of workers within it.” https://www.wsws.org/en/articles/2001/01/iwb-j04.html  ↩︎
  31. WSWS, David North, “Trotsky’s Last Year” (01 September 2020) https://www.wsws.org/en/articles/2020/09/02/ann5-s02.html  ↩︎
  32. ICFI’s 1993 document titled, The Globalization of Capitalist Production & the International Tasks of the Working Class, which is referred to in “The middle-class “left” and the UAW-GM contract”(12 October 2007) https://www.wsws.org/en/articles/2007/10/left-o12.html; WSWS, “Sellout at Arconic: The latest showdown between workers and the unions” https://www.wsws.org/en/articles/2022/06/03/pers-j03.html  ↩︎
  33. David North, “The theoretical and historical origins of the pseudo-left” (World Socialist Web Site, 18 July 2012), https://www.wsws.org/en/articles/2015/02/24/pseu-f24.html  ↩︎
  34. WSWS, ‘One year since the Gen-Z Uprising in Kenya: The need for a socialist and internationalist strategy’ (24 June 2024) https://www.wsws.org/en/articles/2025/06/24/yvsc-j24.html  ↩︎
  35. WSWS, “Kenya’s Gen Z insurgency, the strike wave and the struggle for Permanent Revolution—Part 3” https://www.wsws.org/en/articles/2024/10/06/xrfc-o06.html  ↩︎
  36. WSWS, “Kenya’s National People’s Council: A petty-bourgeois nationalist trap for the Gen Z revolt” https://www.wsws.org/en/articles/2025/08/21/hkao-a21.html; “Stalinist Communist Party Marxist-Kenya seeks new political trap for rising discontent among workers, youth—Part Three” https://www.wsws.org/en/articles/2025/03/06/wgqk-m06.html  ↩︎
  37. WSWS, “Duterte allies dominate Philippine midterm election campaign” (21 January 21 2019) https://www.wsws.org/en/articles/2019/01/21/phil-j21.html  ↩︎
  38. Brief History, https://www.akbayan.org.ph/our-story#:~:text=Even%20with%20these%20efforts%2C%20democracy,that%20often%20happen%20in%20politics ↩︎
  39. WSWS, Major protests against corruption in the Philippines (21 September 2025)
    https://www.wsws.org/en/articles/2025/09/22/zhyf-s22.html  ↩︎
  40. WSWS, ‘Philippine “left” quarrels over election’ (13 November 2012)
     https://www.wsws.org/en/articles/2012/11/left-n13.html  ↩︎
  41. ibid ↩︎
  42. ibid ↩︎
  43. WSWS, “The Philippine ‘left’ and the constitutional crisis” (20 December 2011)
    https://www.wsws.org/en/articles/2011/12/phil-d20.html  ↩︎
  44. WSWS, “70 years after the Chinese Revolution: How the struggle for socialism was betrayed” (24 October 2019)
    https://www.wsws.org/en/articles/2019/10/24/lect-o24.html ↩︎
  45. WSWS, “Major protests against corruption in the Philippines” (22 September 2025)
    https://www.wsws.org/en/articles/2025/09/22/zhyf-s22.html  ↩︎
  46. Peter Schwarz, ‘100 years since Mussolini’s March on Rome’ WSWS (31 October 2022)
    https://www.wsws.org/en/articles/2022/10/31/vgyl-o31.html
    ↩︎
  47. Peter Schwarz, ‘Eighty years since Hitler’s coming to power’ WSWS (2 February 2013)
    https://www.wsws.org/en/articles/2013/02/02/pers-f02.html
    ↩︎
  48. Peter Schwarz, ‘The French Popular Front of 1936: Historical lessons in the “First Job Contract” struggle’ WSWS (24 March 2006)
    https://www.wsws.org/en/articles/2006/03/fr36-m24.html
    ↩︎
  49. WSWS, The rise of fascism in Germany and the collapse of the Communist International”
    https://www.wsws.org/en/articles/2005/10/le9-all.html  ↩︎

ජෙන්-Z නැගිටීම් සහ නායකත්වයේ අර්බුදය: ‘නායකත්වයක් නොමැති’ ව්‍යාපාර සහ ‘වාම ජනතාවාදයට’ එරෙහිව නොනවතින විප්ලවය –  2 කොටස Read More »

Gen-Z

The Gen-Z Uprisings and the Crisis of Leadership: Permanent Revolution against ‘Leaderless’ movements and ‘Left Populism’ – Part 1

By Sanjaya Jayasekera.

We publish here Part 1 of a series examining the global wave of Gen Z protests, the deepening crisis of revolutionary leadership, and the necessity of fighting for the program of socialist internationalism on the basis of Leon Trotsky’s Theory of Permanent Revolution.

Gen-Z
“Gen Z” Madagascar supporters wave the skull and crossbones flag during a gathering at May 13 Square in Antananarivo, Madagascar, Saturday, Oct. 18, 2025. [AP Photo/Brian Inganga]

From the streets of Dhaka to Nairobi, from Colombo to Kathmandu, from Manila to every corner of the former colonial world—from Morocco to Peru, from Madagascar onward—a wave of youth-led uprisings has shaken the global capitalist order between 2022 and 2025. These movements have captured global attention with their scale, militancy, and apparent spontaneity. In September 2024, in Bangladesh, millions, predominantly angry youth, marched demanding the resignation of Prime Minister Sheikh Hasina1.  In Kenya, the largest and most sustained protest movement since its Independence from colonial Britain took place from June 20242 to last month, where Generation Z (Gen-Z) protesters stormed parliament and brought President William Ruto’s government to the brink of collapse over his proposed austerity law. Sri Lanka’s youth occupation of Galle Face Green in July 2022 forced President Gotabaya Rajapakse to flee the country. Nepal saw its government toppled amid deadly street battles last September. Last month, the Philippines witnessed its largest demonstrations in two decades, while, on October 14, Madagascar President Andry Rajoelina was toppled following a mass popular mobilization and subsequent military intervention. These movements unfolded alongside hundreds of mass demonstrations—mobilizing millions across Europe and around the globe—against Zionist Israel’s genocide in Gaza, against the Trump administration’s preparations for a presidential dictatorship in the United States, and against the growing belligerency of imperialism around the world.

In Bangladesh, the military installed Muhammad Yunus, a banker with close ties to Western imperialism, who immediately announced “robust and far-reaching economic reforms”—a transparent code for savage International Monetary Fund austerity. In Kenya, late opposition leader Raila Odinga, who had postured as champion of the masses, joined hands with Ruto’s government to implement the identical policies the protests opposed, while the country was designated a US “major non-NATO ally”. Sri Lanka’s uprising delivered power to Ranil Wickremesinghe, a pro-IMF stooge who ruthlessly enforced austerity using police-state repression. Nepal’s protests were exploited by the military to install a technocratic interim government headed by former Chief Justice Sushila Karki, sidelining all political parties while maintaining capitalist rule.

For the millions of youth who risked their lives in these struggles, the outcomes represent devastating betrayals. The fundamental questions facing the working class and the oppressed masses remain unresolved: How can youth secure jobs, education, and a decent future? How can democratic rights be defended against increasingly authoritarian regimes? How can the stranglehold of imperialist finance capital be broken? Most urgently, as the United States and NATO prepare for catastrophic wars against Russia and China, how can the working class and youth prevent themselves from becoming cannon fodder in conflicts that serve only the interests of rival capitalist powers? 

The answer lies not in the “leaderless”— so, fundamentally pro-imperialist and pro-capitalist— mythology promoted by pseudo-left organizations, nor in the anti-corruption frameworks that channel mass anger into support for one bourgeois faction against another. It requires understanding why these movements, despite their revolutionary potential, have been systematically hijacked by forces defending capitalism. It demands a return to the theoretical foundations established by Leon Trotsky in his Theory of Permanent Revolution and defended by the International Committee of the Fourth International (ICFI) against decades of Stalinist, Maoist, and Pabloite revisionism. Above all, it necessitates the independent political mobilization of the working class under revolutionary leadership—the building of sections of the ICFI in every country to wage the struggle for world socialist revolution. 

Global Gen-Z uprisings and their betrayed outcomes

The Gen-Z protest movements of 2022-2025 follow a remarkably consistent pattern across continents, revealing not isolated national phenomena but expressions of a single global crisis of capitalism.

Sri Lanka 2022 provided the template. Between April and July, hundreds of thousands took to the streets as skyrocketing prices, fuel shortages, power-cuts, fertilizer cuts and crop destruction, and medicine scarcity made life unbearable. The COVID-19 pandemic and the economic disruption from the US-NATO proxy war against Russia in Ukraine had devastated global supply chains. Sri Lanka’s foreign reserves collapsed, forcing the government to default on its debt and halt vital imports. Mass protests erupted with demands that President Rajapakse resign—”Gota Go Home”—and that all 225 parliamentarians be removed, in which millions drawn from rural and urban poor participated across ethnic lines (except for the fact that the struggles could not gather support largely from the youth of Jaffna in the North of the country and from the up-country estate workers primarily because they saw no regime change in the South would solve any of their fundamental problems, and not necessarily due to the stronghold of discredited bourgeois Tamil nationalists and the trade union bureaucracy operating within those communities). Trade unions were compelled to call two limited one-day general strikes on April 28 and May 6, demonstrating the immense power of the working class when it intervenes. Rajapakse was forced to flee the country on July 13, 2022.

But the political leadership of the movement remained in the hands of trade union bureaucrats, the pseudo-left Frontline Socialist Party (FSP), youth proxies of the Janatha Vimukthi Peramuna (JVP) and middle-class groups at Galle Face Green, all of which subordinated the working class to demands for a transitional “interim government” that would preserve capitalist rule. Parliament was thus able to install Wickremesinghe, who imposed the IMF’s austerity program with an iron fist, using draconian legislation including the Essential Public Service Act to suppress worker opposition. The Socialist Equality Party (SEP) warned at the time: “The emancipation of the working class is the task of the workers themselves,” and that “there is no solution to the immense social problems and an end to the suppression of democratic rights within the existing social order.” However, the SEP’s forces remained limited, and it was not yet in a position to provide the mass revolutionary leadership necessary to mobilize a general strike and transform the popular uprising into a struggle for workers’ power. The decades-long betrayals of Stalinism, Maoism and nationalist trade union bureaucracies, and Pabloism within the Fourth International, had systematically undermined working-class consciousness, which in turn pressured the party into alienation, and prevented the emergence of a mass Trotskyist party capable of leading the working class, youth, and oppressed layers of the middle class in a united revolutionary offensive.

Bangladesh 2024 witnessed a similar trajectory compressed into explosive weeks. In July, university students organized under Students Against Discrimination began protesting a regressive job quota system. When Hasina’s government responded with murderous violence—unleashing police, military units, and Awami League thugs who killed scores of students—the protests escalated dramatically. By early August, millions were marching to Dhaka, expressing not merely anger over the quota system but accumulated rage over grinding poverty, massive inequality, and ruthless exploitation in the garment industry that produces billions in exports. The military, unable to contain the uprising, forced Hasina to resign and flee to India on August 5.

The military immediately installed an interim administration headed by Yunus, whose “close connections with US and European imperialist powers” were emphasized even in mainstream coverage. The Bangladesh National Party and Stalinist parties grouped in the Left Democratic Alliance pledged their full support. Throughout this upheaval, the trade unions and pseudo-left forces, including the Workers Party of Bangladesh, worked systematically to prevent the working class from intervening as an independent force with its own program3. The World Socialist Web Site (WSWS) correctly analyzed: “Workers and their families joined the student-initiated protests. However, they did so as individuals, not as a class, using strikes and other weapons of class struggle and advancing their own demands.”

Kenya’s Gen-Z insurgency in June-August 2024 represented perhaps the most politically advanced of these movements. Youth unemployment reaching 67 percent, combined with IMF-dictated tax increases in the Finance Bill 2024, ignited mass protests demanding President William Ruto’s resignation. The movement transcended the tribal divisions that the Kenyan ruling class has stoked for decades to weaken the working class4. On “Bloody Tuesday,” June 25, police opened fire on demonstrators, killing dozens as they stormed parliament. Over 60 would die in the uprising, with scores abducted by security forces.

Kenya Gen-Z
Protesters scatter as Kenya police spray water cannon at them during a protest over proposed tax hikes in a finance bill in downtown Nairobi, Kenya, June. 25, 2024. [AP Photo/Brian Inganga]

Ruto tactically withdrew the Finance Bill, but this concession only exposed the underlying conspiracy among the ruling class. In August, Raila Odinga’s Orange Democratic Movement (ODM)—which had postured as opposition—joined Ruto’s government5. The Central Organization of Trade Unions (COTU), led by Francis Atwoli, and influential Christian and Muslim clergy backed this coalition government. Austerity policies continue, the military has been deployed against civilian protesters for the first time in Kenyan history, and the country was designated a US “major non-NATO ally” by the Biden administration, positioning it as a proxy force in Washington’s preparations for war with China. 

The subsequent strike wave by teachers, transport workers, healthcare staff, and civil servants demonstrated the potential for working-class power. Yet COTU and the Stalinist Communist Party Marxist-Kenya (CPM-K) worked tirelessly to prevent these strikes from becoming a political challenge to the regime, insisting instead on “no politics” and “leaderless” organization that left the field open for bourgeois forces6.

The uprisings in Nepal (September 2025) and the Philippines (September 2025) confirmed that this pattern extends across Asia. In Nepal, protests triggered by a government ban on 26 social media platforms and fueled by deep resentment over the lavish lifestyles of “nepo kids”—the children of politicians exposed through viral videos—left at least 51 dead. The homes of prominent politicians including former prime ministers were vandalized and set ablaze. Parliament was stormed and burned. Prime Minister K.P. Sharma Oli was forced to resign, but the outcome was a technocratic interim government headed by Karki, with the military playing a decisive role behind the scenes. As the WSWS reported, Chief of Army Staff Ashok Raj Sigdel “warned that the military would be forced to declare a state of emergency if no political solution would be found,” compelling party leaders to consent to parliament’s dissolution.

The Philippines saw its largest demonstrations in two decades, with 100,000 rallying in Manila on September 21—the 53rd anniversary of Ferdinand Marcos Sr.’s declaration of martial law7. The protests were triggered by exposures of massive graft in flood control infrastructure—involving billions stolen through kickbacks to officials and fraudulent contracts. Yet the political character of these protests was “markedly middle-class.” Stalinist organization BAYAN and the pseudo-left Akbayan party led separate rallies, both increasingly aligned with bourgeois factions hostile to China and integrated into Washington’s war preparations. President Marcos Jr. announced his support for the protests “as long as they were peaceful,” attempting to contain any genuine threat to its rule.

Madagascar (October 2025) demonstrated the pattern’s most dramatic expression, with President Andry Rajoelina forcibly removed and exfiltrated by French military aircraft. The uprising erupted in late September when chronic power and water shortages—leaving over 75 percent of the population subsisting on less than €0.80 per day outraged—triggered protests led by the Gen Z Mada formation. When authorities arrested two city politicians who had planned a demonstration on September 25, protests spread rapidly across the island. The regime responded with murderous repression: at least 22 killed, hundreds injured, a dusk-to-dawn curfew imposed, and the appointment of General Zafisambo as Prime Minister on October 6 in a desperate militarization that only deepened the crisis.

On October 14, the CAPSAT military unit—which had itself backed Rajoelina’s rise to power in 2009—toppled him through a coordinated intervention. Colonel Michael Randrianirina announced the dissolution of the Senate and High Constitutional Court while maintaining the National Assembly, providing constitutional veneer to what was fundamentally a coup. Most revealing was French imperialism’s direct role: on October 12, Rajoelina fled aboard a French aircraft in an operation coordinated with Paris and approved by President Emmanuel Macron. The company facilitating his escape, TOA Aviation, was the same that had enabled fugitive automotive boss Renault CEO Carlos Ghosn’s extralegal flight from Japan. Macron emphasized “constitutional order” without condemning repression, exposing France’s concern not for democracy but for protecting strategic interests in Malagasy energy, telecommunications, and rare earth minerals.

The Malagasy Trade Union Solidarity collective, comprising about fifty unions, called a general strike demanding Rajoelina’s resignation and wage increases after a freeze since 2022, while calling on the Church and local elites for “dialogue”. The opposition parties Tiako i Madagasikara (TIM) and Malagasy Miara-Miainga (MMM) positioned themselves as alternatives. This was essentially an opportunistic role, “channeling popular anger into the narrow framework of institutional negotiations while safeguarding the foundations of capitalism.”8 The military intervention aimed to defend bourgeois order and preserve the interests of imperialism and the national bourgeoisie, replicating the pattern observed in Egypt and Tunisia 2011 where “the supposed neutrality or support of the army served to defuse mobilization, restore bourgeois order, and ensure the continuity of the capitalist system under a new facade.”

Across all these movements, certain features recur with striking consistency: economic crisis driven by IMF austerity and capitalist breakdown, and chronic social inequality; massive youth and middle-class participation; violent state repression; the promotion of “leaderless” organization by pseudo-left groups; the systematic blocking of independent working-class political action by trade union bureaucracies and parties based on the petty-bourgeoisie; and outcomes that serve imperialist strategic interests while intensifying the exploitation of the masses.

To be continued…

  1. World Socialist Web Site, ‘Bangladeshi Prime Minister flees to India amid mass uprising’ (6 August 2024) ↩︎
  2. World Socialist Web Site, ‘Mass protests against Kenyan President Ruto’s IMF-dictated Finance Bill‘ (20 June 2024) ↩︎
  3. World Socialist Web Site, ‘Bangladesh’s right-wing interim government moves to consolidate its power, end popular ferment’ (23 August 2024) ↩︎
  4. World Socialist Web Site, ‘Kenya’s Gen Z insurgency, the strike wave and the struggle for Permanent Revolution – Part 1‘ (3 October 2024) ↩︎
  5. World Socialist Web Site, ‘One year since the Gen-Z Uprising in Kenya: The need for a socialist and internationalist strategy’ (24 June 2025) ↩︎
  6. World Socialist Web Site, ‘Ruto’s new Kenyan coalition government to reinstate rejected tax measures’ (21 August 2024) ↩︎
  7. World Socialist Web Site, ‘Major protests against corruption in the Philippines’ (21. September 2025) ↩︎
  8. World Socialist Web Site, ‘Madagascar president Rajoelina flees with French aid amid mass Gen Z protests’ (19 October 2025) 
    ↩︎

The Gen-Z Uprisings and the Crisis of Leadership: Permanent Revolution against ‘Leaderless’ movements and ‘Left Populism’ – Part 1 Read More »

Powell

Fed launches probe into expanding private credit market

Ever since the global financial crisis of 2008, market analysts, regulators and media commentators have been pondering the question of what might be the next sub-prime.

Powell
Federal Reserve Chairman Jerome Powell addresses House Financial Services Committee hearing in Washington, Wednesday, June 21, 2023. [AP Photo/Andrew Harnik]

The crisis in the US sub-prime mortgage market was the trigger for the 2008 crisis in which a total collapse of the financial system was only averted by a massive intervention by the US Federal Reserve and the government. It was an expression of rampant speculation and in some cases outright criminal activity by some of the largest American banks.

In the years since 2008, one of the issues of greatest concern has been the rise and rise of the largely unregulated non-banking financial institutions (NBFIs). As so often happens when regulators try to fix a problem in one part of the capitalist system, the supposed solution creates another. This has been the case with regard to NBFIs.

The extraordinary growth of private credit, especially over the past decade, was the result of efforts to more tightly regulate the banks and prevent a recurrence of the bailouts in the wake of the 2008 crisis. Finance capital responded by extending the role of credit outside the traditional banking system.

However, as has been acknowledged by the International Monetary Fund and other international bodies, regulators have very little idea of the activities of these organisations, such as hedge funds, family companies and other funds operating in the world of private credit. The word most often used in reports is “opaque.”

Of particular concern is the connection of private credit to the banking system as a whole. While the private credit markets operate outside the banking system, they depend on it for the supply of funds. This has been increasing at an exponential rate.

According to a report in the Financial Times this week, the amount of lending which the big US banks have provided for private capital firms has risen 30-fold over the last decade, from $10 billion to $300 billion in 2023.

In an attempt to find out what is going on, the US Fed earlier this month announced that it would carry out an “exploratory analysis” to be conducted alongside its stress tests of the major banks with the aim of providing an insight into the “resiliency of the US banking system.” It hastened to assure the large banks that the exploration “would not affect large bank capital requirements.”

The major banks are intensely hostile to any measures that compel them to increase their capital reserves to cover potential losses because this means the withdrawal of funds that would otherwise be employed to make profit.

The Fed statement announcing the investigation, which will report its findings in June, said it would “examine the risks posed to banks” by NBFIs. It noted that US bank exposures to them had grown rapidly over the past five years and that the banks’ credit commitments to them totalled $2.1 trillion in the third quarter of 2024.

“This growth poses risks to banks, as certain NBFIs operate with high leverage and are dependent on funding from the banking sector.”

The exploratory analysis would examine two issues: credit and liquidity shocks in the NBFI sector during a global recession; and the effect of a market shock. The latter was defined as “a sudden dislocation to financial markets resulting from expectations of reduced global economic activity and higher inflation expectation” with distress in equity markets leading to defaults by major hedge funds.

While no one can forecast what exactly might set off a crisis, there are any number of potential triggers. 

The Fed statement pointed to some of them, including a sudden dislocation to markets caused by reduced growth expectations and higher inflation, and an appreciation in the value of the US dollar against other major currencies. Others were a rise in yield on short-term US Treasury bonds, and an increase in expected defaults leading to a widening of credit spreads—a divergence between interest rates for private credit compared to the rate on Treasury bonds.

Potential triggers not mentioned include a rapid fall in the stock market valuation of a major corporation. 

Last month, for example, the market capitalisation of the AI chip maker Nvidia, at one stage the biggest company by this metric in the world, fell by $600 billion in a single day. This resulted from the announcement by the Chinese firm DeepSeek that it had found a cheaper way of developing AI without using top-end chips.

Since then, the total market capitalisation loss by Nvidia has reached $850 billion, sliced off its market high of $3.66 trillion at the beginning of January.

What are initially paper losses for investors who bought at the height of the market frenzy have the potential to translate into real losses if the assets have to be sold to meet debt obligations and to set off a chain reaction.

There are also issues of concern in the very foundations of the bond market. What has been characterised as a conundrum has emerged since the Fed began cutting its interest rate last September. Over a period of three months, the Fed rate fell by 1 percentage point. However, instead of falling, as expected if “normal” conditions prevailed the yield (interest rate) on the 10-year US Treasury bond, the benchmark for the financial system, has risen by a percentage point.

A number of short-term issues have been put forward as the reason, including fears of renewed inflation fuelled by lower interest rates, and the effect of tariffs.

An analysis issued in January by Rashad Ahmed, an economist with the Office of the Comptroller of the Currency and Alessandro Rebucci, a professor at Johns Hopkins University, pointed to deeper processes.

They suggested that it may reflect “waning official demand for dollar-denominated safe assets, possibly driven by geopolitical concerns including fear of sanctions and asset freezes.”

As they pointed out, the “rise in 10-year yields coincides with a substantial reduction in dollar reserve assets held by foreign official institutions.”

The authors said that foreign official buyers may be shifting to fiat currencies other than the US dollar and also into gold, the price of which has risen by nearly 30 percent over the past year.

They concluded by saying the jury was still out on whether the dollar’s status as the dominant reserve currency was being undermined. However, they noted that “it is possible for even a small reduction in the US dollar share of foreign reserves to have a significant short-run impact on US Treasury markets.”

One of those impacts could well be in the private capital markets which have gorged themselves on low rates, building up debt to finance their speculative ventures, but now confronting a higher interest rate environment.

[This article was originally published in the World Socialist Web Site here on 14 February 2025]

Fed launches probe into expanding private credit market Read More »

Akd

ජාමූඅ නියෝග බලාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ පාලක ජාජබ ශක්තිමත් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගනී: කප්පාදුවලට එරෙහිව සටන් කිරීමට සසප ගොඩනඟන්න!

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කන්ඩායම (ආර්එල්එෆ්) හෙවත් ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (එස්එල්එල්ඒ) ප්‍රකාශය.

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් ලබා ගත් පාලක ජාතික ජන බලවේගයේ (ජාජබ) විශිෂ්ට ජයග්‍රහණයකින් අවසන් විය. ජාජබ යනු සැප්තැම්බර් මැතිවරණයෙන් තේරී පත් වූ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පක්ෂය වන ප්‍රති-මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සමන්විත සන්ධානයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ ප්‍රධානම මුක්කුවක් වූ විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍රීය ද්‍රැවීකරන බලය ප්‍රතිඵලය මගින් ඉස්මතු කෙරුනි.

Akd
ජනාධිපති අනුර කාමර දිසානායක (දකුණේ සිට දෙවැන්නා) 2024 නොවැම්බර් 11 වන දින ගම්පහදී පැවති මැතිවරණ රැලියේදී NPP හි අනෙකුත් නායකයින් සමඟ සිටගෙන සිටියි. අනුග්‍රහය: දිසානායකගේ X ගිනුම.

රටේ ජනාධිපති-පාර්ලිමේන්තු ක්‍රමය තුළ වඩාත්ම ප්‍රායෝගික තේරීම ලෙස ඔවුන් සැලකූ ජාජබ සඳහා ඡන්දය දීමට මිලියන හයකට අධික ජනතාවක් කැමැත්ත පළ කර ඇත. මෙම තීරණය, ජාජබ විසින් ප්‍රවර්ධනය කරන ලද සටන් පාඨයක් වන “ස්ථාවර ආන්ඩුවක්” සඳහා වූ ජනතා තේරීම පිලිබිඹු කරන අතර, එය, ජනාධිපතිවරයෙකු සහ වෙනත් පක්ෂයක් විසින් ආධිපත්‍යය දරන පාර්ලිමේන්තුවක අවශ්‍යතා අතර කන්ඩායම් ගැටුම් හේතුවෙන් ඇති වූ දේශපාලන අස්ථාවරත්වය පිළිබඳ ඔවුන්ගේ අතීත අත්දැකීම් මගින් මෙහෙයවනු ලැබීය. දක්ෂිනාංශික විරුද්ධ පක්ෂ විසින් දේශපාලන විකල්පයක් ඉදිරිපත් නොකළ බැවින්, ශක්තිමත් හෝ “වෙනස් වූ” විපක්ෂයකට වඩා ශක්තිමත් ජාජබ ආන්ඩුවක් සඳහා ජනතාව මනාපය පළ කර ඇත. 

ශ්‍රීලංපොපෙ-එජාප (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-එක්සත් ජාතික පක්ෂය) කලින් පාලක සභාගය සහ හිටපු විපක්ෂය වූ සජබ (සමගි ජන බලවේගය) ඡන්දදායකයින් ඉදිරියේ තරයේ අපකීර්තියට පත්ව තිබුණි. දිගු කලක් රට පාලනය කළ පරපෝෂිත ප්‍රභූ පන්තිය කෙරෙහි තිබූ මහා මහජන විරෝධයේ ප්‍රකාශනයක් ලෙස, ජනතාව 2022 මහජන අරගලයේ “225 ම එපා” යන සටන් පාඨය  (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ගැන වූ සඳහන) ක්‍රියාව ට නැංවීමේ  වේදිකාවක් බවට මහ මැතිවරණය පරිවර්තනය කළහ. ජාජබ මෙම හැඟීම ගසා කෑ  අතර, එය පාර්ලිමේන්තුව “පිරිසිදු කිරීමක්” සඳහා වන  කැඳවීමක රාමුවක් තුල  පිහිටුවීය.

කෙසේ වෙතත්, දිසානායකගේ සියලු ව්‍යාජ පොරොන්දු සහ ජනප්‍රිය අලංකාරෝක්තිය තිබියදීම, මැතිවරණ ප්‍රතිඵලය ජාජබ නායකත්වය කෙරෙහි පුලුල්ව පැතිරුනු විශ්වාසයක් නිශ්චිතවම පෙන්නුම් නොකරයි. 1990 ගණන්වල මුල් භාගයේ සිට ධනේශ්වර ප්‍රභූ පැලැන්තියේ විවිධ ආන්ඩු සමග හවුල් වී, පාර්ලිමේන්තු දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු, ඔවුන්ගේ කප්පාදුවලට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට සහාය දැක්වීමේ ඉතිහාසයක් ජවිපෙට ඇත. ජවිපෙ නායකයින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අමාත්‍ය ධුර දැරූ අතර, යුද්ධයේ අවසන් අදියරේදී ඇස්තමේන්තුගත  දෙමළ ජනයා 40,000 ක් සමූලඝාතනය කිරීමකින් අවසන් වූ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැවත පණ ගැන්වූ වාර්ගික යුද්ධයට දැඩි ලෙස සහයෝගය දැක්වූහ. 

මැතිවරණ තුල දී, පුද්ගලයන්ට වඩා පක්ෂයට ඡන්දය දීමට ජනතාව දිරිමත් කරන බව පවසමින්, නායකත්ව කල්ලිය විසින් තෝරාගත් අය පමණක් ප්‍රවර්ධනය කෙරුනු අතර බොහෝ දුරට ජනතාව නොදන්නා අපේක්ෂකයින්ට මනාප සඳහා ප්‍රචාරක කටයුතු කිරීම ජාජබ/ජවිපෙ නායකත්වය විසින් තහනම් කෙරුණි. පක්ෂය උත්සාහ කළේ තමන් “ජනතාවගේ රජයක්” සහ සියලු ජනවර්ගවල පාලනයක් පිහිටුවන බවට ජනතාව ඒත්තු ගැන්වීමට ය. මෙය රැවටිලිකාරී ය. 

කම්කරු පන්තිය, නාගරික මධ්‍යම පන්තිය, ගොවීන්, කුඩා වෙළෙන්දන් සහ තරුනයන් බොහෝ දුරට ජාජබ නායකත්වය විසින් මෙහෙයවනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) (ජාමූඅ) නියෝග ක්‍රියාවට නැංවීම හැර ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට විසඳුමක් නොමැති බව විශ්වාස කිරීමට ය. ජාජබ/ජවිපෙ නායකයන් මෙම වෙලඳපොල ගැති වැඩපිලිවෙලේ සැබෑ ඇඟවුම් පිලිබඳව ජනතාව අඳුරේ තැබීමට උත්සාහ කලහ: පුළුල් කප්පාදු ක්‍රියාවට දැමීම, නව්‍ය කල වාණිජකරණය සහ පුද්ගලීකරනය, වැටුප් හැකිලීම සහ කම්කරු වැඩවර්ජන මැඩ පැවැත්වීම ආදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු සමයේදී වැඩකරන ජනතාව විසින් ප්‍රතික්ෂේප කල පියවරයන්. දිසානායක ද කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා ආඥාදායක ජනාධිපති බලතල, පාර්ලිමේන්තු බහුතරය, උසාවි, බන්ධනාගාර පද්ධතිය සහ මිලිටරිය මත රදා සිටිනු ඇත.

දිසානායක සහ ජාජබ/ජවිපෙ තුල ඔහුගේ කවය, 2022 මුල්‍ය බංකොලොත් බව ප්‍රකාශයට පත් කරන ලද ධනේශ්වර ආර්ථිකය ගලවා ගැනීමේ කර්තව්‍යය භාරගෙන ඇත. ජාජබ ආන්ඩුව ස්ථාපිත කළ පසු, එය ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය සමග පෙලගැසුණු සහ  චීනය, රුසියාව සහ මැද පෙරදිග ඉරානය සමග එහි භූ දේශපාලන ගැටුම් වලදී ඇමරිකානු අධිරාජ්‍යවාදයට යටත් හවුල්කරුවෙකු ලෙස, දක්ෂිනාංශික හා ජාතිභේදවාදී පාලනයක් ලෙස ක්‍රියා කිරීමට සූදානමින් සිටී. චීනය සමග යුද්ධය සඳහා වෙලඳ හා මිලිටරි සැලසුම් ඇති, එමෙන්ම, සියලු බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරක යුද්ධයක් දියත් කර ඇති බෙන්ජමින් නෙතන්යාහුගේ සියොන්වාදී ඊශ්‍රායල ආණ්ඩුවේ ක්‍රියා අනුමත කරනා එක්සත් ජනපදයේ තේරී පත් වූ ෆැසිස්ට්වාදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළකරමින් ද, එක්සත් ජනපද අවශ්‍යතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත දිසානායක දැනටමත් සංඥා කර ඇත.

2012 දී තනිකරම උපායශීලී පදනමක් මත කැඩී ගිය ජවිපෙ කන්ඩායමක් වන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් ගෙන ගිය වැඩපිලිවෙලේ බංකොලොත් භාවය ද මැතිවරනය විසින් ඉස්මතු කර ඇත. “පද්ධති වෙනසක්” ඉල්ලා සිටි, පෙර නොවූ විරූ 2022 මහජන අරගල පාවාදීමේ ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් එකක් වූයේ පෙසප ය. බලය ලබාගෙන සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පාලක පන්තියට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට දැඩි ලෙස විරුද්ධ වූ පෙසප, ජවිපෙ සහ විපක්ෂයේ සජබ විසින් යෝජනා කරන ලද අන්තර්වාර ආන්ඩුවකට සහාය දුන් අතර “පාර්ලිමේන්තුවෙන් පිටත බලයක්” යන සටන් පාඨය යටතේ උද්ඝෝෂනය කළේය. පෙසප, ජවිපෙ නායකයා ඡන්දෙයෙන් තෝරා පත් කර ගැනීම ජනතා අරගලවල ඉල්ලීම ඉටු කිරීමක් ලෙස ලෙස හුවා දක්වන අතරම, මහ මැතිවරනය තුලදී තත්කාර්යවාදී හැරීමක් ගනිමින්, පාර්ලිමේන්තු විපක්ෂයේ නියෝජනය අපේක්ෂාවෙන් ” විපක්ෂය වෙනස් කිරීම” ක් ඉල්ලා සිටියේය.

උතුරේ සහ මධ්‍යම කඳුකරයේ දෙමළ සුළුතරය බොහෝ දුරට ජාජබ ට ඡන්දය දුන්හ. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වන යාපනය දිස්ත්‍රික්කයේ, ජාජබ ජනාධිපති අපේක්ෂක දිසානායක ජනාධිපතිවරණයේදී ලබා ගත්තේ 7.29% ක ඡන්ද ප්‍රතිශතයක් (ඡන්ද 27086) පමණක් වන අතර, බ්‍රහස්පතින්දා (14) පැවති මැතිවරණයේ දී එම ජනතාවම 24.85% ක ඡන්ද ප්‍රමානයක් (ඡන්ද 80830) ලබා දෙමින් ජාජබ ඉහළට ඔසවා තැබූහ. දශක ගනනාවක් තිස්සේ දකුණේ සිංහල ස්වෝත්තමවාදී ආන්ඩු සමග සහජීවනයෙන් සිටි සහ ජනතාවගේ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ දෙමල ජාතිවාදී පක්ෂ කෙරෙහි ඔවුන්ගේ අතෘප්තිය මෙම ඡන්ද වැඩිවීම තුල කොටසක් ලෙස පිලිබිඹු කරයි. එසේ වුවද, මෙම ඡන්දය, ජවිපෙ ස්වෝත්තමවාදී දේශපාලනය අනුමත කිරීමක් නොව, දිසානායකගේ ව්‍යාජ පොරොන්දු සහ කොන් කිරීම පිලිබද නොපැහැදිලි තර්ජන වලට මංමුලා සහගත ප්‍රතිචාරයක් වෙයි. 

එසේම, රටේ බොහෝ ප්‍රදේශවල සුළුතර මුස්ලිම් ප්‍රජාවන් ද නව රජයේ පොරොන්දු කෙරෙහි තම බලාපොරොත්තු තබා ඇති අතර, ඔවුහු වැඩි කල් නොගොස් දැඩි ලෙස කලකිරීමට පත් වීමට නියමිතය. 

පසුගිය මැතිවරණ දෙක පුරාවටම, ජවිපෙ/ජාජබ, පෙසප, සජබ, සහ විවිධ ජාතිවාදී පක්ෂ ඇතුළු සියලුම දේශපාලන පක්ෂ, අනුප්‍රාප්තික ආන්ඩුවල දූෂණය, අවපාලනය හෝ ජාතිවාදය යන කාරනා කෙරෙහි අවධානය යොමු කරනා’තර සමාජ-ආර්ථික අර්බුදයේ ගෝලීය සහ පන්ති මූලයන් වසන් කරමින් ජනතාව නොමඟ යැවීමට කැපවී සිටියෝය. එසේම, න්‍යෂ්ටික යුද්ධයේ ආසන්න තර්ජනය, ගාසා තීරයේ ජන සමූල ඝාතනය, ෆැසිස්ට්වාදයේ සහ ආඥාදායකත්වයේ නැගීම සහ යුරෝපයේ ප්‍රධාන ධනේශ්වර රටවල ද, ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ද ගැඹුරු වන ආර්ථික අර්බුදය, ලඹදෙන  සෞඛ්‍ය හා පාරිසරික ව්‍යසනය යනාදී හදිසි ගෝලීය භූ-දේශපාලන ප්‍රශ්න වලින් වැඩකරන ජනයාගේ අවධානය වෙනතකට යොමු කිරීමට පන්තියක් ලෙස ඔවුන් ප්‍රවේශම් විය. 

දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල ව්‍යාජ නිරූපණයන්ට පටහැනිව, සමාජවාදී ප්‍රතිසංස්කරණවලට කිසිදු සම්බන්ධයක් නැති ජාජබ ආන්ඩුව තුළ කම්කරු පන්තියට සැනසීමක් නොලැබෙනු ඇත. පාර්ලිමේන්තුව තුළ පුලුල් දේශපාලන බලයක් ඇති ජාජබ/ජවිපෙ ආන්ඩුව, වැඩවර්ජන කිරීමට ඇති අයිතිය ඇතුළුව කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කරන නීති පැනවීමට  පසුබට නොවනු ඇත. වර්ගවාදය ඇතුළු අනුප්‍රාප්තික ආන්ඩු විසින් භාවිතා කරන ලද සාම්ප්‍රදායික යාන්ත්‍රණ සහ රාජ්‍ය මර්දනයේ ක්‍රමවලින් ඔබ්බට, ජාජබ ආන්ඩුව තමන්ගේම මෙවලම් දෙකක් භාවිතා කරනු ඇත: ඒ, වෘත්තීය සමිති නිලධරය සහ රටේ ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ වල හොඳින් ජාලගත වූ ජාජබ/ජවිපෙ සුලු ධනේශ්වර කොටස් ය.  මෙම බලවේග 1980 ගනන් අග භාගයේ ඔවුන්ගේ අඳුරු ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරමින් දේශපාලන විරුද්ධවාදීන්ට සහ කම්කරු පන්තියට එරෙහිව ෆැසිස්ට්වාදී බලවේග ලෙස බලමුලු ගැන්විය හැකිය. මෙය කම්කරු පන්තියට දැඩි අනතුරු ඇඟවීමකි. 

ලෝකය, න්‍යෂ්ටික යුද්ධයේ, ආඥාදායකත්වයේ, ෆැසිස්ට්වාදයේ සහ කප්පාදුවේ යුගයකට අවතීර්ණව ඇත. සෑම රටකම කම්කරුවන්, තමන් මුහුණ දෙන මෙම ගෝලීය ප්‍රශ්නවලට එරෙහිව සටන් කිරීමට අධිෂ්ඨානවත් වනු ඇත. ශ්‍රී ලංකාවේ සහ කලාපයේ ජනතාව මුහුණ දෙන එදිනෙදා ජීවන ගැටලු මූලික වශයෙන් ස්වදේශිකව සම්භවිත ඒවා නොව, එක්සත් ජනපද මූල්‍ය වංශාධිපතිත්වය විසින් නායකත්වය දෙන ගෝලීය අධිරාජ්‍යවාදී ක්‍රමයේ ප්‍රතිවිරෝධතා වලින් පැන නැගුනු ඒවාය. මෙම ගැටළු ගෝලීය වන අතර ජාත්‍යන්තර විසඳුම් අවශ්‍ය වේ.

සමාජවාදී රේඛා ඔස්සේ ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමටත් , අධිරාජ්‍යවාදී ක්‍රමයට එරෙහිව ඔවුන්ව මෙහෙයවීමටත්, ධනේශ්වර පන්තියෙන් දේශපාලන පාලනය දිනා ගැනීම සඳහා ඔවුන්ගේ කාර්මික බලය බලමුලු ගැන්වීම සඳහාත්, ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ ඇතුළුව ලෝකයේ ජනතාවට ජාත්‍යන්තර කම්කරු පන්තියේ බහුජන පක්ෂයක් අවශ්‍ය වේ.  ජාජබ/ජවිපෙ, අනෙකුත් දක්ෂිනාංශික දේශපාලන පක්ෂ සහ ව්‍යාජ වම සමග සම්බන්ධ වෘත්තීය සමිති නිලධරයට එරෙහිව ස්වාධීන කම්කරු කමිටු පිහිටුවීම සහ ජාතික බෙදීම් සහ ජාත්‍යන්තර දේශසීමා හරහා මෙම කමිටු ප්‍රජාතන්ත්‍රවාදීව එක්සත් කිරීම, කම්කරු පන්තිය, තරුනයින් සහ පීඩිත ජනතාව අද මුහුණ දෙන කර්තව්‍යයයි.

මැතිවරන කාලය තුල මෙම වැඩපිලිවෙල පෙරට ගෙන ඒ සඳහා උද්ඝෝෂනය කලේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ එහි ශ්‍රී ලංකා ශාඛාව වන ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමණි. කප්පාදුවට, ආඥාදායකත්වයේ අන්තරායට, යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සහ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වන මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට ශ්‍රී ලංකාවේ හා කලාපයේ කම්කරුවන්ගේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගිය යුතුය.

[මෙය the socialist.lk වෙබ් අඩවියේ නොවැම්බර් 16 දින ඉංග්‍රීසියෙන් පලවූ ලිපියේ සිංහල පරිවර්ථනය යි.]

ජාමූඅ නියෝග බලාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ පාලක ජාජබ ශක්තිමත් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගනී: කප්පාදුවලට එරෙහිව සටන් කිරීමට සසප ගොඩනඟන්න! Read More »

Akd

Sri Lanka’s ruling NPP secures a strong parliamentary majority to enforce IMF dictates: Build the SEP to fight the cuts!

Statement of the Socialist Lead of Sri Lanka and South Asia (SLLA), the Revolutionary Left Faction (RLF) of the Socialist Equality Party (SEP) of Sri Lanka.

Sri Lanka’s general election concluded with a landslide victory for the ruling National People’s Power (NPP), which secured more than a two-thirds majority in Parliament. The NPP is a coalition consisting of the anti-Marxist Janatha Vimukthi Peramuna (JVP), the party of the Executive President Anura Kumara Dissanayake, who was elected in the September elections. The result highlights the centripetal power of the executive presidency, which has been central to Sri Lanka’s capitalist rule since the adoption of the 1978 Constitution.

Akd
President Anura Kamara Dissanayake (second from the right) stands with other leaders of NPP at an election rally on November 11, 2024 at Gampaha. Courtesy: X profile of Dissanayake.

Over six million people have opted to vote for the NPP, which is what they viewed as the most pragmatic choice within the country’s presidential-parliamentary system. This decision reflects the people’s choice for a “stable government,” a slogan promoted by the NPP, and was driven by their past experiences of political instability caused by factional conflicts between the interests of a president and a parliament dominated by a different party. People have expressed a preference for a strong NPP government over a strong or “changed” opposition, as no political alternative was presented by the right-wing opposition parties. 

The SLPP-UNP (Sri Lanka Podujana Peramuna-United National Party), the previous ruling coalition, and the SJB (Samagi Jana Balawegaya), the former opposition, were thoroughly discredited in the eyes of the electorate. Largely an expression of mass protest over the parasitic elite class that had long ruled the country, people converted the general elections into a platform to translate the 2022 mass struggle’s slogan, “No to the 225” (referring to the 225 members of parliament), into action. The NPP capitalized on this sentiment, framing it as a call for a “cleansing” of Parliament.

However, in spite of all the false promises and popular rhetoric of Dissanayake, the election result does not necessarily indicate widespread trust in the NPP leadership. JVP has a history of partnering with various governments of the capitalist elite since early 1990s, when they entered into parliamentary politics, and supporting their austerity and anti-democratic measures. JVP leaders held ministerial portfolios under former president Chandrika Kumaratunge and fervently supported the renewed communal war of former president Mahinda a Rajapaksa against the country’s Tamils in the North and East, which ended with a massacre of an estimated 40,000 Tamils during the final phase of the war. 

During the elections, the NPP/JVP leadership barred their largely unknown candidates from campaigning for preferential votes, promoting only those the leadership clique has chosen, and claiming that people are encouraged to vote for the party rather than the individuals. The party sought to persuade the people that it would establish a “government of the people” and of all ethnicities. This posture is deceptive. 

The working class, the urban middle class, peasants, small traders, and youth were largely led by the NPP leadership into believing that there was no solution to reviving Sri Lanka’s economy other than implementing the dictates of the International Monetary Fund (IMF). The NPP/JVP leaders sought to keep the people in the dark over the real implications of this pro-market program: sweeping austerity, renewed commercialization and privatization, shrinking wages, and the suppression of workers’ strikes – measures that the working people rejected under the government of the previous president, Ranil Wickremasinghe. Dissanayake, too, will rely on dictatorial presidential powers, a parliamentary majority, the courts, the prison system, and the military to suppress workers’ struggles.

Dissanayake and his circle within the NPP/JVP have undertaken the task of salvaging the capitalist economy, which was declared bankrupt in early 2022. Once the NPP government is established, it is poised to function as a right-wing and communalist administration aligned with international financial capital and as a subservient partner to American imperialism in its geopolitical conflicts with China, Russia, and Iran in the Middle East. Dissanayake has already signalled his willingness to collaborate with U.S. interests, even expressing support for the fascistic U.S. President-elect Donald Trump, who has trade and military plans for war with China, and approved actions of the Zionist Israeli government of Benjamin Netanyahu, which is waging a genocidal war against Palestinians in Gaza and the West Bank, backed by all Western imperialist powers.

The election also has highlighted the bankruptcy of the programme advanced by the pseudo-left Front Line Socialist Party (FSP), a faction of JVP which broke away in 2012 on purely tactical grounds. The FSP was one of the main stakeholders in the betrayal of the unprecedented mass struggles of 2022, which demanded a “system change”. Staunchly opposed to the independent mobilisation of the working class against the ruling class to take power and implement socialist policies, the FSP supported an interim government proposed by JVP and opposition SJB and campaigned under the slogan of a “power outside the parliament”. Taking a pragmatic turn during the general elections, the FSP called for a “changed opposition”, seeking representation in the parliamentary opposition, while cynically portraying the election of the JVP leader as a fulfilment of the demand of the mass struggles.

In the North and the central hills, the Tamil minority largely voted for the NPP. In the Jaffna District, where Sri Lankan Tamils are the majority, NPP presidential candidate Dissanayake secured only a 7.29% of the votes (27086) in the presidential elections, while in Thursday’s elections the same people propelled the NPP to the top, giving it 24.85% of the votes (80830). This increase of votes partly reflects their discontent with Tamil communalist parties, which were cohabiting with the Sinhala chauvinist governments of the South for decades, and failed to fulfill their promises. Nevertheless, this vote does not signify approval for the chauvinist politics of the JVP, but rather a misguided response to Dissanayake’s false promises and vague threats of marginalization. 

Likewise, in many parts of the country, minority Muslim communities also have placed their hopes in the promises of the new government, only to be bitterly disillusioned sooner rather than later. 

Throughout the last two elections, all the political parties, including the JVP/NPP, FSP, SJB, and various communal parties, were dedicated to misleading the people by focusing on the issues of corruption, mismanagement, or communalism in successive governments, while concealing the global and class roots of the socio-economic crisis. As a class, they were also careful to distract the working people from pressing global geo-political issues: the imminent threat of nuclear war, the genocide in Gaza, the rise of fascism and dictatorship, and the deepening economic crisis in the major capitalist countries in Europe, in USA, and China and the impending health and environmental catastrophe.

The working class will find no solace in the NPP government, which has no connection to Socialist reforms, contrary to the false portrayals by local and international media outlets. With sweeping political power in the parliament, the NPP/JVP government will not hesitate to enact laws curtailing the democratic rights of the working class, including their right to strike. Beyond the traditional mechanisms and methods of state oppression used by successive governments, including communalism, the NPP government will wield two more tools of its own: the trade union bureaucracy and the well-networked petty-bourgeois elements of NPP/JVP, prevalent in the country’s rural and urban areas.  These forces could be mobilized as fascistic forces against political opponents and the working class, replicating their dark history of the late 1980s. This is a stark warning to the working class. 

The world has entered an epoch of nuclear war, dictatorship, fascism and austerity – global issues that workers in countries are confronted with and will be determined to fight against. The everyday problems faced by the people of Sri Lanka and the region are not fundamentally homemade but stem from the contradictions of the global imperialist system, led by the US financial aristocracy.  These issues are global and need international solutions.

The people of the world, including those in Sri Lanka and South Asia, need a mass party of the international working class to lead them against the imperialist system and mobilise their industrial power to win political control from the capitalist class, in order to reorganize the global economy along socialist lines. Establishing independent workers’ committees against the trade union bureaucracy affiliated with the NPP/JVP, other right-wing political parties and the pseudo-left, and uniting these committees democratically across national divisions and international borders is the task before the working class, youth and the oppressed masses today.

It was only the International Committee of the Fourth International (ICFI) and its Sri Lankan section, the Socialist Equality Party (SEP) of Sri Lanka, that advanced and campaigned for this programme during the elections. To fight for this programme – against austerity, danger of dictatorship, war, and fascism and for socialist policies –  the SEP must be built as the mass revolutionary party of the workers of Sri Lanka and the region. 

Sri Lanka’s ruling NPP secures a strong parliamentary majority to enforce IMF dictates: Build the SEP to fight the cuts! Read More »

No

එන්පීපී/ ජාජබ ආන්ඩුව යටතේ වැඩවර්ජන අවසන්


එස්එල්එල්ඒ ලියුම්කරු විසිනි.

“ජාතික ජන බලවේගයේ (එන්පීපී) රජය යටතේ වැඩ වර්ජනවල කටුක ඉතිහාසය අවසන් වන අතර එය අතීතයට අයත් වනු ඇතැ” යිද, ඇඳිරි නීතිය අහෝසි වනු ඇතැයි ද  එන්පීපී මහ මැතිවරන අපේක්ෂක ලක්ෂ්මන් නිපුන ආරච්චි පැවසූ බව ඔක්තොම්බර් 1 දා ඩේලි මිරර් වාර්තා කලේය.

No
එන්පීපී මහ මැතිවරන අපේක්ෂක ලක්ෂ්මන් නිපුන ආරච්චි එන්පීපී මහ මැතිවරන අපේක්ෂක ලක්ෂ්මන් නිපුන ආරච්චි . Photo Credit: DailyMirror

මේ කියන්නේ, වෘත්තීය සමිති හරහා කම්කරු වැඩවර්ජන මර්දනය කෙරුනු හා පාවා දෙනු ලැබෙන යුගයක්, සමිති නායකයන් හා ග්‍රාමීය හා නාගරික ඔත්තුකරුවන් හා සිවිල් පොලීසියක් හරහා නොනිල ඇදිරි නීතියක් ක්‍රියාත්මක වන යුගයක් උදා වීමට නියමිත බවය.

එන්පීපී ආන්ඩුවක් යටතේ සාමාන්‍ය කම්කරුවන් සමිති නායකයන්ටම එරෙහිව සටනට පිවිසෙන යුගයක් නිර්මානය කෙරෙනු ඇත යන්න මෙහි අනිවාර්‍ය ප්‍රතිඵලයයි. දූශනය, නාස්තිය පිටු දකින බවට කරන ප්‍රලාප මධ්‍යයයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කිරීමට සපථ කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව අයිඑම්එෆ් හි ආශිර්වාදය ලත් ආන්ඩුවයි. කම්කරුවන් මෙම පිලිවෙත් වලට එරෙහිව ආන්ඩුවට එරෙහිව සටනට පිවිසීම සමිති නායකයන් සමග ගනුදෙනු බේරා ගැනීමට කම්කරුවන්ට ගතවෙන කාලය පිලිබද ප්‍රශ්නයක් පමනි. මේ බව හොදින් දන්නා ආන්ඩුව සමිති නිලධරය කම්කරුවන්ට එරෙහිව යොදා ගැනීමට සූදානමින් සිටින අතර අවශ්‍ය මර්දක නීති සම්පාදනය සදහා පාර්ලිමේන්තු බහුතරය ඉල්ලා සිටී.

ජනාධිපතිවරන උද්ඝෝෂනය මධ්‍යයේ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සියලු වෘත්තීය සමිති වැඩ වර්ජන වික්‍රමසිංහ ආන්ඩුවට සහාය වන ඒවා බව පවසමින් වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කරන බව නිවේදනය කලේය.

ඔක්තෝබර් 23 ඩේලි මිරර් වාර්තා කල පරිදි ජනාධිපති දිසානායක කටුනායක මැතිවරණ රැස්වීමකදී, කාලීන අවශ්‍යතාව ශක්තිමත්, බලගතු ආණ්ඩුවක් මිස විපක්ෂයක් නොවන බවත් එබැවින් නොවැම්බර් 14 මහ මැතිවරණයේදී  එන්පීපී නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමට පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු විපක්ෂයක් පවා නොඉවසන මේ ශක්තිමත් ආන්ඩුව කුමක්ද සඳහා ද ? අවශ්‍ය මර්දන නීති සම්පාදනය කරමින්, දේශීය හා විදේශීය ධනපතීන් ආරක්ෂා කරමින් පන්ති යුද්ධය දියත් කිරීම සදහා ය. එන්පීපී/ජේවීපී “ජනතා ආන්ඩුවක්” ලෙස පෙනී සිටීම දැවැන්ත ප්‍රෝඩාවකි.

කම්කරුවන්ට ඇත්තේ එකම විකල්පයකි. ඒ සමිති නිලධරයට එරෙහිව කම්කරුවන් තම තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් හා ඒවා ඒකාබද්ධ කරමින් සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමේ ආන්ඩුවක් පිහිටුවීම සදහා තම කාර්මික ශක්තිය සංවිධානය කිරීමය.

මේ වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර කමිටුව හා සමාජවාදි සමානතා පක්ෂය පමනි. මහ මැතිවරනයේදී මෙම වැඩපිලිවෙලට චන්දය දෙන්න.

එන්පීපී/ ජාජබ ආන්ඩුව යටතේ වැඩවර්ජන අවසන් Read More »

Strike

Tamil Nadu government attempts to violently break up month-long strike by Samsung India workers

By Yuvan Darwin, Nandana Kumar

Tamil Nadu’s pro-investor DMK state government is seeking to crush a militant strike by around 1,500 workers at a plant on the outskirts of Chennai owned and operated by global tech manufacturer Samsung.

On Tuesday and Wednesday the government deployed police to attack the workers and their recently established union. Late Tuesday evening, police arbitrarily and illegally arrested ten office bearers in the union, before detaining several striking workers in a separate incident Wednesday. The crackdown came in the wake of demands by India’s national government, led by the Hindu-supremacist Bharatiya Janatha Party or BJP, for the Tamil Nadu state government to swiftly bring the job action to a halt.

Strike
Striking Samsung India workers. They have been barred by court injunction from going within 500 meters of the strike-bound plant.

The strike is taking place at Samsung India’s Sriperumbutur assembly plant located about 45 km from Chennai, the state capital. The workers have been on strike since September 9 without pay. They are demanding an end to brutal working conditions, a reduction in their long mandatory working hours and higher pay. They are also demanding the official registration of the newly formed Samsung India Workers Union (SIWU) and its recognition by the plant management. Formed by the workers in July of this year, the SIWU has affiliated with the Center of Indian Trade Unions (CITU), the trade union federation led by the Stalinist CPM (Communist Party of India, Marxist) which is a close ally and electoral partner of the pro-business DMK.

Acting in close consort with plant management, the DMK government has refused SIWU registration, since the plant management is adamantly opposed to the presence of a trade union at its plant. This is despite a statutory right to union registration within 45 days and workers enjoying a constitutional right to form their own trade union, which in Tamil Nadu as across India is never or practically never enforced.

In an open act of intimidation by the blatantly pro-Samsung DMK government, police were sent to knock on the doors of the ten union office bearers late Tuesday night, to take them into “preventive custody.” These illegal arrests were made despite the fact that the CITU, which is leading the strike, has meticulously stuck to the most minimal forms of peaceful state-sanctioned protest. It has kept the Samsung workers’ struggle completely isolated by deliberately not mobilizing the many thousands of workers it represents in numerous multinational companies located in the industrial zone where the Samsung plant is situated.

In a separate incident on October 8, a van carrying a group of Samsung workers overturned, with the workers in the van subsequently asserting that it was sabotaged by forces hostile to the strike. Five workers were injured. Instead of coming to the workers’ aid, a police sub-inspector harassed them, with the result that irate workers pushed him to the ground. 

Seizing upon this, the police arrested 8 workers and charged them with various criminal offenses, including causing “hurt to deter public servants from carrying on their duty.” After a Habeas Corpus writ was filed by the SIWU President and CITU leader Muthukumar, the police released all the workers, but not without first compelling them to furnish surety bonds. Instead of severely reprimanding the police for their egregious violation of the workers’ right to protection against arrest under false pretenses, the Madras High Court simply closed the case.

The police also set up arbitrary checkpoints to check the identities of striking workers. So high-handed were the police that one of them even boarded a public bus and demanded to see the company identification card from uniform-wearing Samsung workers, outraging other passengers.

Additionally, the police on Wednesday swooped into the protest site, located about 1.5 km from the plant, and violently dismantled the large tent the workers had erected to shelter themselves from heat and rain. The police then arbitrarily detained hundreds of workers present in various wedding halls without any charges and later released them.

These violent actions are in line with Tamil Nadu Chief Minister Stalin’s drive attract to foreign capital. Under successive DMK governments, Tamil Nadu has become a choice destination for transnationals such as Samsung, Foxconn and various other global corporations. The state has provided all sorts of benefits to attract these corporations, including generous tax breaks, building infrastructure using public funds and cheap land. Most importantly, however, the state has served as a cheap labour haven for these corporations.

In August, Stalin made a 17-day trip to the United States, where he met with various executives of top transnational corporations. He went there to tout the benefits of Tamil Nadu as a cheap-labour haven and sought to lure them into investing by promising all sorts of financial incentives. He was reportedly able to drum up investment pledges totaling 75 billion Rupees ($893 million).

The strike has caused concern in India’s BJP government, since it is seen as tarnishing Prime Minister Narendra Modi’s “Make in India” initiative. It is aimed at making India an alternative manufacturing hub to China by easing business regulations and maintaining low wages through ruthless state repression of workers.

India’s Labour Minister, Mansukh Mandaviya, addressed a letter to Chief Minister Stalin in which he demanded that the Tamil Nadu government intervene in the dispute to force an “early and amicable” resolution, according to Reuters. 

Stalin’s ministers have conspired with the autocratic Samsung India management to break the strike. This is underscored by the fawning statement made by an official spokesperson for the company: ‘We are cognizant of the Tamil Nadu government’s efforts to end the illegal strike and are thankful to the authorities for their constant support.”

In contrast, SIWU President and CITU leader Muthukumar stated to the daily Times of India: ‘We held talks with the ministers. But they did not agree to our major demands.”

Various ministers of the DMK government have held several rounds of talks with union and company officials, all with the goals of sabotaging the strike and getting the workers to go back to work. Industry Minister Raja exemplified the hostility of the DMK government towards the workers, recently lecturing them, “Rivals can take advantage of the strike and divert the attention from real issues. The government and the Chief Minister stand by you. Return to work in the interest of jobs for the youth and employment opportunities in the State.” 

To split the workers, Samsung Management recently announced that it has signed a Memorandum of Understanding (MoU) with what it termed a “Workers’ Committee,” that is with a small handful of workers it has been able to intimidate or buy off.

The company stated that it would pay a monthly increment of 5,000 rupees ($60) from October 1 to March 2025. It also promised to add more air-conditioned buses for transporting workers and improve the quality of food in the cafeteria. In the case of the death of a worker at the plant, Samsung India would pay a measly Rs. 100,000 ($1190) to the worker’s family.

The plant, which manufactures home appliances such as refrigerators and washing machines, is a critical facility for the company, accounting for 20 percent of its $12 billion revenue last year. The rest of the revenue came from the sale of cell phones, which the company assembles at its plant in Noida, a town in the northern state of Uttar Pradesh.

The MoU was rejected by the striking workers. At the same time however, the CITU, which is appealing to the pro-business DMK government to be “reasonable,” has indicated that it will call a halt to the strike if the SIWU union is registered and recognized. In other words, the CITU is willing to make some rotten compromise with the plant management about low pay, long hours of work and working conditions. Currently, Samsung workers are compelled to work 11 hours a day for 4 days in a week, with 3 hours paid at double the normal hourly rate.

The position taken by the CITU leaders goes to show that the CITU will function as an entirely pliant agency of management and the state. The CITU has a long history of leading workers’ strikes to defeat, despite workers showing great courage and militancy. For example, in 2010 the CITU made the workers at Foxconn and BYDcompletely surrender to management after the workers had waged a bitter and determined struggle for better wages and working conditions for close to two months. 

This is entirely in keeping with the rotten politics of its parent party, the Stalinist CPM, which has long been in a political coalition with the DMK and on the national level is aligned with the Congress Party, for decades the Indian bourgeoisie’s preferred party of government. The CPM along with other left parties, including the Communist Party of India (CPI) and Communist Party of India Marxist-Leninist (Liberation) have long promoted the DMK as a progressive friend of the working class. In reality, Chief Minister Stalin, as shown by his attempt to use police violence to break the strike, is determined to overcome any obstacle that would taint the reputation of Tamil Nadu as a business-friendly state.

[This article was originally published here in WSWS on 11October 2024]

Tamil Nadu government attempts to violently break up month-long strike by Samsung India workers Read More »

දස දහස් ගණනින් කොටුවට පැමිණි ගුරු විදුහල්පතිවරු

වැටුප්, දීමනා ලබා නොදීමේ ආන්ඩුවේ පියවර හා කම්කරු අරගල

එල්. පී. උදයප්‍රේම  විසිනි.

මේ වසර  ආරම්භයේ සිට පැන නැගුනු කම්කරු විරෝධතා හා වැඩ වර්ජන දිනපතා වර්ධනය වෙමින් පවතී. මාස දෙකකට ආසන්න වෙමින් පවතින විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හා දුම්රිය, ගුරු, තැපැල් ඇතුලු පිපිරී එන අවශේෂ අරගලයන් මගින් පෙන්වනු ලබන්නේ, ආන්ඩුවේ සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පංතියෙන් පැන නැගෙන බරපතල ප්‍රතිවිරෝධය යි.

දිවයින අලලා වැඩෙන්නේ වැටුප්, දීමනා රැක ගැනීමේ අරගලයකි. ආන්ඩුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාවට දමන මෘග ආර්ථික සැලසුම් හා ආහාර ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල පිම්මේ  ඉහල යෑමෙන් ඇති කෙරෙන රුදුරු කොන්දේසි එකී අරගලය වඩාත් තීව්‍ර කරයි.

පැන නැගී ඇති වැඩි වැටුප් හා දීමනා සඳහා වූ අරගලය ආන්ඩුවේ ආර්ථික සැලසුම් සමග කෙලින් ම ගැටෙන බව  දන්නා ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ, රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හී වැටුප් වැඩි කිරීමක් හෝ දීමනා ලබා දීමක් සිදු නො කරන බව කල් තියා ප්‍රකාශයට පත් කිරීම ය. එය පංති යුද්ධය නිවේදනය කිරීමකි.

දස දහස් ගණනින් කොටුවට පැමිණි ගුරු විදුහල්පතිවරු
දස දහස් ගණනින් කොටුවට පැමිණි ගුරු විදුහල්පතිවරු

දිගු කාලයක් ඇදී යන, අනධ්‍යන සේවක වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිගේ උපදෙස් මත, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර පසුගිය 12දා,  වැටුප් වැඩිවීමක් සිදු නො වන බවට අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසමට දන්වා එවා ඇති ලිපියෙන් එය වඩාත් තහවුරු වේ. එය ආන්ඩුවේ මැති ඇමතියන් රෑ දවල් ජප කල ප්‍රකාශයට නිල මුද්‍රාව තැබීමකි.

වැටුප් වැඩිවීම් හා දීමනා ලබා නො දීමට ආන්ඩුව ගත් තීන්දුව කෙරෙහි වැඩ කරන ජනයා අතර බලගතු විරෝධයක් ජනනය කෙරෙන බව දන්නා ආන්ඩුව, වැඩ වර්ජන හා විරෝධතා වැලක්වීමට “විශේෂඥ කමිටුව” නමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී යාන්ත්‍රනයක් ප්‍රකාශයට පත් කර ඇත. 

වර්ජන හා විරෝධතා මගින් සේවකයන් ඉදිරිපත් කල සියලුම ඉල්ලීම් ජනාධිපතිවරයා විසින් අටවා ඇති  “විශේෂඥ කමිටුව”ට ඉදිරිපත් කල යුතු ය. විසඳුම් ලබා දීමට රජය සලකා බලන්නේ එකී ඉල්ලීම් පිලිබඳ මෙම ‘විශේෂඥ‘  කමිටුවේ නිර්දේශයන්ට අනුව මිස කම්කරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් උඩ නො වේ.

කම්කරු පංතියට රහසින්, ධනපති පාර්ලිමේන්තුවේ ද අනුමැතියකින් තොරව, හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ උදය සෙනෙවිරත්න නැමැත්තෙකුගේ සභාපතිත්වයෙන් හා තවත් ආන්ඩු ගැති නිලධාරීන් 4 දෙනෙකුගෙන් සැදුම් ලත් උක්ත කමිටුව ජුනි 11දා ජනාධිපතිවරයා විසින් අටවා ගැනුනකි. ඒ කමිටුවට මුවා වී ජනාධිපතිවරයා  මාන බලන්නේ, තම  ඉල්ලීම් පිලිබඳ ව ආන්ඩුවට හා බලධාරීන්ට බලපෑම් කිරීමට, තීරන වෙනස් කරවීමට කම්කරු පංතියට පවතින ප්‍රජාතන්ත්‍රීය අයිතිය උදුරා ගැනීමට බව පැහැදිලි ය.

එහි එල්ලය වන්නේ, ආන්ඩුවේ කම්කරු විරෝධී සැලසුම්වලට එරෙහි ව පැන නැගී එන කම්කරු පංතියේ  ප්‍රතිවිරෝධය උපන් ගෙයිම වලලා දැමීම යි. වර්ජන, අරගල නවතා ආන්ඩුව අටවා ඇති “විශේෂඥ කමිටුවට” යටත් වන ලෙස ආන්ඩුව කම්කරුවන්ට බල  කරන්නේ එබැවිනි.

වැටුප් ඇතුලු අයිතීන් රැක ගැනීමේ අරගලයේ නියැලී සිටින  වැඩ කරන ජනයා,  ආන්ඩුවේ  ප්‍රජාතන්ත්‍ර විරෝධී, ප්‍රකෝපකාරි ඉහත  පියවරයන් දැඩිව  ප්‍රතික්ෂේප කල යුතු ය. තම යුක්තියුක්ත ඉල්ලීම් දිනා ගැනීමට ඇති අයිතිය පැහැර ගැනීමට හෝ කම්කරු පංතිය දිනාගෙන ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා ගැනීමට ආන්ඩුවට ඉඩ නො දිය යුතු ය. විශේෂඥ කමිටු උගුල  ප්‍රතික්ෂේප කිරීම ඒ සඳහා ගත යුතු මූලික පියවරකි.   

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහනම් කිරීමට අර අඳින මෙබඳු  ප්‍රකෝපකාරී ක්‍රියා කම්කරු පංතියට අලුත් දේවල් නො වේ. වික්‍රමසිංහමත් ඇමතිකම් දැරූ 1977 එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩුවෙන් ද, සෙසු ආන්ඩුවලින් ද මේ දක්වාමත් අත් හදා බැලෙමින් පවතිනුයේ කම්කරු විරෝධී ක්‍රියාවන් ය.

අද ඒවා වඩාත් රුදුරු ලෙස ක්‍රියාවට දැමීමට ධනපති ආන්ඩු හැරී සිටින්නේ කම්කරු පංතියේ සකලවිධ උරුමය උදුරා ගැනීමෙන් තොරව තම පැවැත්ම රැක ගත නොහැකි බව ධනපති ආන්ඩු ඒත්තු ගෙන සිටින බැවිනි. වැඩ වර්ජන, විරෝධතා මැඬිමට පොලිසි හා කැරලි මර්දන ඒකක නිරන්තරයෙන් උසි ගැන්වීම වශයෙන් ද, අධිකරන තහනම් නියෝගයන්ට කම්කරු උද්ඝෝෂන යටත් කිරීම් වශයෙන් ද, චක්‍ර ලේඛන ඇතුලු විවිධ අනපනත් අලුතින් පනගන්වමින්  සටන්කාමීන් දඩයම් කිරීම් වශයෙන් ද මෙකී වැඩ පිලිවෙල දැනටමත් දියත් කර ඇත. ඊනීයා විශේෂඥ කමිටුව එහි දිගුවකි.

වෘත්තීය සමිතිවල ක්‍රියා කලාපය

වැටුප් වැඩිවීම් හා දීමනා ලබා දීමට නො හැකි යැයි  නිල ප්‍රකාශයක් කරමින් ද වැඩ වර්ජන “විශේෂඥ කමිටුව”ට යටත් කිරීමට කටයුතු කරමින් ද ජනාධිපතිවරයා ගෙන ඇති  පියවරට වෘත්තීය සමිති, සන්ධාන හා පෙරමුනු හුදු විරෝධතාවක්වත් දක්වා නැත. වැටුප් වැඩිවීම්, දීමනා ලබා දීමට නො හැකි ය යන ආන්ඩුවේ නිල ප්‍රකාශය වසාලමින් සමිති නායකයන් තොරොම්බල්  කරන්නේ ආන්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත හැකි බව යි. නොබෝදා,  ගුරු -විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නායකයකු වන, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටැලින්, “අමාත්‍යාංශය  දීමනාව ලබා දෙන බවට පොරොන්දු වී තිබේ”යැයි කල ප්‍රකාශය ඊට කදිම උදාහරනයකි . අමාත්‍යාංශය ඉටු නො කල මේ පොරොන්දුව “ලබා දෙන බවට” ස්ටැලින්  දශක දෙකකට වඩා වැඩි කාලයක් තම සාමාජිකයන්ට ම වමාරා ඇති බව  ඔහුට  අමතකවීමෙන් පෙන්නුම් කරන්නේ ඔහුගේ නිර්ලජ්ජිත ධනපති ගැති කමයි. ඊට බිංදු මාත්‍රයකින් වෙනස් නැති බව අනධ්‍යන, ගුරු විදුහල්පති, දුම්රිය, තැපැල් අරගල දශක දෙක තුන යට ගසා සිටීමෙන් සමිති නායකත්වය ඔප්පු  කර ඇත.

ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල අවශ්‍යතාවන්ට සපුරාම පටහැනිව කම්කරු පංතියේ අව්‍යාජ අරගල පුපුරා යන්නට පටන් ගෙන ඇත්තේ සිය අයිතීන් රැක ගැනීමේ එල්ලයෙනි. මැයි හා ජුනි මස තුල පැන නැගුනු කම්කරු අරගල පෙන්වන්නේ ඒ වෛෂයික සත්‍යය යි.

ජුනි 21දා ට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයට දින 50ක් පිරීම වර්ජන රැල්ල තුල ම කැපී පෙනෙන සංසිද්ධියකි.

වැටුප් දීමනා වැඩි කිරීමක් සිදු නොවන බවට ජූනි 12 දා ආන්ඩුව  සිදු කල තර්ජනාත්මක ප්‍රකාශය මධ්‍යයේ අනධ්‍යන සේවකයන්ගේ ප්‍රති උත්තරය වී ඇත්තේ තම අරගලය තීව්‍ර කිරීමයි. ඉල්ලීම්  ලබා නොදෙන ආන්ඩුවට අභියෝග කරමින්, විශ්ව විද්‍යාල මූලික කොට ගනිමින් ජුනි 14දා සිට යලි විරෝධතාවන්ට අවතීර්න වීමත්, ලබන සතියේ දී සියලුම අනධ්‍යන සේවකයන්ගේ සහභාගිත්වයෙන් විරෝධතා උද්ඝෝෂනයක් කොලඹ පැවත්වීමට සංවිධාන කිරීමත් එම අරගලය කුලු ගැන්වීමකි.

ඊට සමාන්තරව වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා, ජුනි 12දා සිට, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, අධ්‍යාපන කලාප කාර්යාල මට්ටමින් විරෝධතා 100 ක් සංවිධාන කොට ඇත. සාමාන්‍ය පෙල විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් රාජකාරියේ නිරත ගුරුවරු, තමන්ට නියමිත සංයුක්ත දීමනාව ඉල්ලමින්, ඇගයීම් කටයුතුවලින් ඉවත් ව, 12දා, පැවත් වෙන විරෝධතාවට එක් වූහ.

ජූනි 25 දා විසඳුම් නොලැබුනහොත් දැඩි  සමිති  ක්‍රියා මාර්ග ගන්නා බවට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුනේ මේ තතු මධ්‍යයේ ය. ඒ අනුව, 26 දා ගුරු විදුහල්පතිවරු අසනීප නිවාඩු දමා එක් දින  වැඩවැරීමකට සහභාගී වූ අතර එදින සවස පැවති ගුරු උද්ඝෝෂනය පොලීසිය කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර මර්දනය කලේය. වර්ජනය පසුදා ද පැවැත්විනි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් අදාලව පවතින ගැටලු නො විසඳේ නම් වැඩ වර්ජනයකට යෑමට සිදු වෙන බව ශ්‍රීලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ජුනි 12 දා  දුම්රිය බලධාරීන්ට හා ආන්ඩුවට අනතුරු ඇඟවී ය.  

ශ්‍රේනි උසස්වීම් ප්‍රශ්නය නොවිසඳීමෙන් ස්ථානාධිපතිවරුන්ගේ ඉහලම තනතුරු වන දිස්ත්‍රික් ප්‍රවහන පරික්ෂක ශ්‍රේනියට ඇතුල්වීමේ අවස්ථාව වැලකී යයි. මෙය විසඳන ලෙස  කාලයක් තිස්සේ  ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. 

ජුනි 6 දා දුම්රිය ධාවනාගාර 5න් 2ක දුම්රිය රියදුරන් වර්ජනයකට පිවිසුනේ ද ඔවුන්ගේ උසස්වීම්  හා බඳවා ගැනීම් ප්‍රමාදයට විරුද්ධව ය. ගැටලුව විසඳීමට දුම්රිය බලධාරීන් එකඟ වීමෙන් අනතුරු ව දින 3ක් පැවති වර්ජනය අත් හිටුවීමට සමිති නිලධරය තීන්දු ගත්තේ ය.

දිගු කාලයක සිට සිය ඉල්ලීම් උඩ විටින්විට වර්ජනයට ආ  තැපල් සේවකයන්, ජුනි12 දින අසනීප නිවාඩු වාර්තා කරමින් එක් දිනක් පමනක් සේවයෙන් ඉවත් වී සිටීමේ විරෝධතාවකට තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන යොමු කලේ ය. වෘත්තීය සමිති 23ක් ඊට සහයෝගය දැක්වූ අතර 21000ක සේවක සංඛ්‍යාවක් විරෝධතාවට සහභාගී වූ බව වෘත්තිය සමිති පෙරමුන ප්‍රකාශ කරයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ 5000ට වැඩි පුරප්පාඩු ඇතත් එය පිරවීමට බලධාරීන් ක්‍රියා නො කරන බවට තැපැල් සේවකයෝ සඳහන් කරති. මේ මගින් වැඩි වැඩ කොටසක් සේවකයන් මත පැටවේ. උප තැපැල් ස්ථානාධිපති තනතුරේ 400ට ආසන්න සංඛ්‍යාවක් වැඩ බලන පදනමින් වසර ගනනාවක් සිටිති. ඒ සියල්ල ස්ථීර කිරීමත්, පුරප්පාඩු පිරවීමත් ඉල්ලීම් අතර ප්‍රධාන වේ.

මේ ඉල්ලීම් මේ මස 24දාට පෙර ලබා නො දෙන්නේ නම් අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගන්නා බව සමිති පෙරමුන ප්‍රකාශ කොට ඇත.

රජයේ මිනින්දෝරු නිලධාරිහු, මැනුම් කටයුතු පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව ගන්නා  පියවර නතර කිරීම ඇතුලු ඉල්ලීම් 10ක් මුල් කර ගත් විරෝධතාවකට පිවිසුනාහ. එහි පියවරක් ලෙස ජුනි 10 දා අසනීප නිවාඩු වාර්තා කොට සේවයෙන් ඉවත් වූහ.

එකී පියවර ගත්තේ, මේ වසරේ මාර්තු 28 දින සිට ඔවුන් අඛන්ඩ ව නිරත ව සිටින අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් මධ්‍යයේ  ය.

මැනුම් සභාවට මිනිදෝරු නිලධාරීන් පත් කර ගැනීම, දීමනා යාවත් කාලීන කර ගැනීම, ඔවුන්ගේ  නවාතැන් හා ප්‍රවහන ගැටලු විසඳා ගැනීම, උසස්වීම් ලබා දීමේ විධිමත් බව, වාර්ෂික ස්ථානමාරු ගැටලු විසඳා ගැනීම, ශ්‍රේනි උසස්වීම් ලබා ගැනීම, තවමත් ස්ථීර නොකෙරුනු අය ස්ථීර කර ගැනීම සහ මිනින්දෝරු සේවාවේ පවතින පුරප්පාඩු 350 සම්පූර්න කර ගැනීම අනිකුත් ඉල්ලීම් අතර වේ.

ජුනි 3 දා උතුරු මැද පලාතට අයත් පලාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් ස්ථීර කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂනයක් අනුරාධපුර නගර මධ්‍යයේ පැවැත්වින. ඊට සහභාගි වූ අනියම් කම්කරුවෝ ඩී.එස්. සේනානායක වටරවුමේ සිට පාගමනින් ප්‍රධාන මාර්ගය ඔස්සේ උතුරු මැද පලාත් සභාව ඉදිරියට පැමින එය  ඉදිරියේ විරෝධතා දැක් වූහ.

84000ට වැඩි අනියම් කම්කරුවෝ, දිවයින පුරා නගර සභා, මහනගර සභා සහ ප්‍රාදේශීය සභාවල සේවයේ නියුතු ව සිටිති. එම කම්කරුවන් අතර වසර  20ට වඩා වැඩි සේවා දිගුවක් ඇති කම්කරුවන්ගේ පවා සේවය ස්ථීර කොට නොමැත.

ශ්‍රී ලංකා පලාත් පාලන සේවක සංගමයේ උතුරු පලාත් ලේකම් එම්.ගිහානි  මෙසේ පවසයි: “අපි දැනට වසර 22ක් අනියම් සේවකයන් හැටියට සේවය කරනවා. ස්ථීර කරන බවට පොරොන්දු දීලා පාලකයෝ වරින්වර අපිව රැවට්ටුවා. බලධාරීන් සමග සාකච්ඡා  කලත් මෙතෙක් විසඳුම් ලබා දුන්නේ නැහැ.”

2015 දී මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගත් මාර්ග නඩත්තු කම්කරුවන් 1000කගේ සේවය මෙතෙක් ස්ථිර කර නැතැයි එම කම්කරුවන් සාමාජිකත්වය දරන එක්සත් පොදු සේවක සංගමය පවසයි. එනිසා  ජුනි 12දා රැකියා  ස්ථීර කරන ලෙස බලකරමින් ඔවුන් මහාමාර්ග අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නියැලීමට නියමිත ය.

මාර්ග නඩත්තු කම්කරුවෙකුගේ දිනක වැටුප රු.825කි. මාසයකට හිමි නියමිත දින ගනන සේවය කලොත් රු.5000ක දීමනාවක් හිමි වේ. විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන කම්කරුවෙකුට එකී එල්ලය ජයගැනීම අසීරු කටයුත්තකි. එම නිසා ඔවුන්ට ලබා ගැනීමට හැකි වන්නේ රු.25000ට අඩු සොච්චම් වැටුපක් බව එම සංගමයේ ලේකම් නිහාල් අජිත් පැවසී ය. 

කම්කරු අරගලයන්ට සමාන්තරව  ජුනි 3දා බදුල්ල නගරයට රැස්වූ ඌව පලාතේ රැකියා විරහිත උපාධිධාරිහු රැකියා අවස්ථා තහවුරු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවත් වූහ. පලාත් සභාව ඉදිරියේ  විරෝධතාව පැවත් වූයේ බදුල්ල විල්ස් පාක් ක්‍රිඩාංගනයේ සිට බදුල්ල නගරයේ බසාර් වීදිය, පහල වීදිය හා තැපැල්හල පාර ඔස්සේ පැමිනි පෙලපාලියකින් අනතුරුව ය.

රැකියා විරහිත සම සෞඛ්‍ය උපාධිධාරිහු රාජ්‍ය සේවයට වහා බඳවා ගන්නා ලෙස ආන්ඩුවට බලකිරීමේ උද්ඝෝෂනයක් ජුනි 12දා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවත් වූහ. මේ වනවිට  රැකියා නො ලැබුනු උපාධිධාරින් සංඛ්‍යාව 1000ට අධික ය.

හෙද, ඖෂධවේදී, භෞතචිකිත්සක ආදී සේවාවන්ට අදාලව උපාධිය සම්පූර්න කල උපාධිධාරින්ට රජය  රැකියා ලබා නොදෙන්නේ එම සේවාවල විශාල පුරප්පාඩු පවතිද්දී යැයි සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සදහන් කරයි .

කාලයක් තිස්සේ නො විසඳී පවතින ගැටලු වහා විසඳන ලෙස බලකරමින් මැයි 27දා සිට අකුරට වැඩ කිරීමේ විරෝධතාවක ග්‍රාම නිලධාරීහූ නියැලුනාහ. ජුනි 7දා ග්‍රාම නිලධාරි සංගමය සහ ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් අතර සිදුකල  සාකච්චාවේදී විසඳුම් ලබා දෙන බවට වූ  පොරොන්දුව උඩ විරෝධතා තාවකාලික ව අත් හිටුවා තිබේ.

එලැඹ ඇති මැතිවරන තතු තුල සොච්චමක් ලබා ගැනීමට හා එමඟින් සාමාජිකයන් අතර වැහැරී ගිය තම අධිකාරිය යලි වාරු කර ගැනීමට සමිති නායකත්වයට  සුලු හෝ බලාපොරොත්තුවක් තිබුනේ නම්, ඉල්ලීම් නොදීමේ ආන්ඩුවේ පියවරෙන් එය බිඳ දමා ඇත. ජාමූඅ සහ ආන්ඩුව ගෙන යන පිලිවෙත පිලිගන්නා මේ වෘත්තීය සමිති – ලංකා විදුලි බල මන්ඩලය, තෙල් සංස්ථාව, ටෙලිකොම් ඇතුලු පුද්ගලිකරනයට මුහුන පා තිබෙන 400ට අධික රාජ්‍ය ආයතනයන්හී සමිති නායකත්වය – කම්කරු පංතියට විකල්පයක් ඉදිරිපත් කිරීමට අසමත්ව සිටි. ඒ වෙනුවට කම්කරු  අරගල අසංවිධානකොට තැබීම, ධනපති පාලකයන්ගේ බොරු සාකච්ඡාවල රස්තියාදු ගැස්සීම, කල් මැරීම හා අවශේෂ කම්කරු කොටස්වලින් භේද කොට හුදකලා කිරීම, සමිති  සිය පිලිවෙත බවට පත් කර ගෙන ඇත . 

මීට එරෙහි ව සටන් සංවිධානය කිරීමට, කම්කරු පංතියේ අව්‍යාජ අවශ්‍යතාව නියෝජනය කෙරෙන ලෙස තම සේවා  ස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදී බල සංස්ථා ලෙස කම්කරු කමිටු ගොඩ නැගීමට කම්කරුවන් මූලිකත්වය ගත යුතු වේ. කම්කරුවන්ට රහසින් තීන්දු ගන්නා සමිති නිලධරයේ යටිකූට්ටු වැඩ වෙනුවට  තමන්ගේ අරගලය කවර ක්‍රියා මාර්ග, පිලිවෙත් මත සංවිධාන කරන්නේ ද යන්න ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කොට තීන්දු තීරන ගැනීමට මෙම කමිටු තුල කම්කරුවන් යොමු විය යුතු ය. ශ්‍රේනිවාදී හා භේදකාරී මොනම දෙයකට හෝ ඉඩ නොදෙන කම්කරු පංතියේ එකමුතුවකට මග සාදා ගත හැක්කේ ඒ හරහා පමනි.

කම්කරුවන්ගේ මෙම නව සංවිධාන තම අතට දේශපාලන බලය ලබා ගැනීම සඳහා ධනපති පාලක පංතියට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු අධිරාජ්‍යවාදී මූල්‍ය කථිපයාධිපත්‍යයට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් මෙහෙයවා ගැනීමකින් තොරව කිසිදු සමාජ අයිතියක් ආරක්ෂා කර ගත හැකි නොවේ. යුද්ධය හා සමාජ ප්‍රතිවිප්ලවය පරාජය කිරීම සඳහා මෙම කමිටු ජාතිකවත්, ජාත්‍යන්තරවත්  එකමුතු කර සංවිධානගත කරන ජාත්‍යන්තර දේශපාලන වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ කම්කරුවන්ගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) හා එහි ජාතික ශාඛා යි. අන් සියල්ලටමත් මත්තෙන්, හජජාක ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නැගීමත්, ඒ තුල ඉදිරි මහජන අරගලවලට නායකත්වය සම්පාදනය කල හැකි අව්‍යාජ විප්ලවවාදී නායකත්වය ස්ථාපිත කිරීමත් කම්කරු පන්තියේ ජීවිතය හා මරනය පිලිබඳ ප්‍රශ්නයකි. සසප නායකත්වයේ ප්‍රතිගාමී ප්‍රවනතාවන්ට එරෙහිව නායකත්වයේ මෙම අර්බුදය විසඳීමේ අරගලය සසප-වම ෆැක්ෂනය පෙරට ගනිමින් සිටී. එම අරගලය සමග බද්ධ වන ලෙස අපි අප පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.  

සටහන:  මෙම ලිපිය පල කිරිමෙන් පසු, කර්තෘ විසින් වෙබ් අඩවියේ දේශපාලන පිලිවෙත අනුව ලිපියට එක් කරනු ලැබ ඇති අවසන් ජේදයේ අවසන් කොටසට, ලිපියේ ⁣ලේඛක තම බලවත් නොඑකඟතාවය පලකර ඇති බව සලකන්න. 

වැටුප්, දීමනා ලබා නොදීමේ ආන්ඩුවේ පියවර හා කම්කරු අරගල Read More »

PiCKET

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය මාසය ඉක්මවයි

එල්.පී. උදයප්‍රේම විසිනි.

තම ඉල්ලීම් දිනා ගැනීමට රාජ්‍ය විශ්ව විද්‍යාල 17ක 13,000 ක් වූ අනධ්‍යන සේවකයන් දියත් කල අරගලයට ජුනි 5 දා වනවිට දින 33ක් පිරී ඇත.    

කම්කරු පංතියේ අවශේෂ  කොටස්වල සහයෝගය එකී අරගලයට අහිමි කල  වෘත්තීය සමිති නායකත්වයේ  ද්‍රෝහිත්වය, විශ්ව විද්‍යාලීය බලධාරීන් හා ආන්ඩුව විසින් ඊට  එරෙහිව මුදාහල මර්ධනය මෙන් ම කඩාකප්පල්කාරි ක්‍රියාවලට අභිමුඛ වෙමින් අනධ්‍යන  සේවකයන්ගේ අරගලය පෙරට ආවේ ය.

අනධ්‍යන සේවකයන්ගේ ධෛර්ය සම්පන්න අරගලයේ අත්දැකීම් සහ ක්‍රියා මාර්ගික ගැටලු විවේචනාත්මක සලකා බැලීම ආන්ඩුවේ ප්‍රහාරයට මුහුනදී සිටින කම්කරු පංතියට බරපතල පාඩම් ගෙන එන්නකි.

13-05-24- demo
විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අරඹා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මැයි 13 පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවය පොලීසිය පහර දෙති-අනුග්‍රහය Unions Lanka FB page

මෙහි කැපී පෙනෙන කාරනයක් වන්නේ, ධනපති ක්‍රමයට මෙම ප්‍රශ්න විසදිය හැකිය යන පදනම මත, ආන්ඩුවත් සමග සිදු කරන සාකච්ඡා හා බලපෑම්  මගින් වැටුප් හා දීමනා ලබා ගත හැකි යැයි සමිති නායකත්වය ගෙන ගිය මහා බොරුව,  මැයි 27දා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මංඩලය ගත් තීන්දුව ල්මල්ගිල්ල් කීතු කර දැමීම යි.

කැබිනට් මංඩලයේ තීන්දුවට අනුව  අනධ්‍යන සේවකයන්ට පමනක් නොව සෞඛ්‍යය අංශයේ සේවකයන්, ගුරු වෘත්තිකයන් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයන්ගේ “වැටුප් විෂමතා” විසඳීමට “මේ වසරේ” පියවරක් නො ගැනේ. ඒ සදහා ආර්ථික හැකියාවක් නැත.

වැඩ කරන ජනයාගේ අයිතීන්ට එරෙහිව කැබිනට් මංඩලය ගත් තීන්දු මාධ්‍යයට නිවේදනය කල ඇමති බන්දුල ගුනවර්දන ප්‍රකාශ කලේ, මේ ප්‍රශ්න 2025 අයවැයේ දී ද විසඳෙන්නේ නැති බව යි. ඉල්ලීම් විසඳීමට “රජයට කල හැකි උපරිමය” කිරීමට ජනාධිපති වික්‍රමසිංහ කැබිනට් මංඩලයේ දී දුන් පොරොන්දුව, ගුනවර්දනට අනුව, විසඳුමක් හැටියට කම්කරුවන් පිලිගත යුතු ව ඇත!

ඊට අමතරව “විශේෂඥ කමිටුවක්” තනා ඇතැයි සඳහන් කල ගුනවර්දන, කම්කරුවන් තම අරගලය නතර කොට එකී කමිටුවට සිය ඉල්ලීම් ඉදිරිපත් කල යුතු යැයි දැඩි ව අවධාරනය කලේ ය. ආන්ඩුවේ  තීන්දු පිලි ගනු! වෙනත් විසඳුමක් නැත!! යන තර්ජනය මෙ ප්‍රකාශය තුල අන්තර්ගත වී ඇත.

අනධ්‍යයන වෘත්තිය සමිති හවුල හෝ වෙනත් සමිතියක් හෝ මේ වන තෙක් ඊට එරෙහි කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

වැඩ කරන ජනයාගේ යුක්තියුක්ත ඉල්ලීම් කෙරෙහි ධනපති පාලකයන්  දක්වන දුෂ්ඨ විරුද්ධත්වය වත්මන් පාලක පංතිය ගිලී සිටින ආර්ථික අර්බුදයෙන් පැන නගින්නකි. එකී අර්බුදය විසඳා ගැනීමට පාලක පංතිය හැරී සිටින්නේ කම්කරු පංතිය දිනා ගෙන සිටින සකලවිධ දේ උදුරා ගැනීමෙනි. එම ක්‍රියා මාර්ගයේ එල්ලය වන්නේ සටන් වැද දිනා ගත් වැටුප්, දීමනා හා සුබසාධනයන් කප්පාදු කිරීම පමනෙකින් නො නැවතී, රැකියා ම අහිමි කිරීම ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමේ නමින් වික්‍රමසිංහ ආන්ඩුව  ක්‍රියාවට දමමින් සිටින්නේ එම වැඩ පිලිවෙලයි. සමගි ජන බල වේගය, ජාතික ජන බලවේගය ඇතුලු ධනපති විපක්ෂයේ ද, ව්‍යජ වාම කන්ඩායම්වල ද සහයෝගය විවිධාකාරයෙන් ඊට හිමි වේ. 

වික්‍රමසිංහ ආන්ඩුව යටතේ දිනපතා උග්‍ර වන ආර්ථික පීඩනය මධ්‍යයේ, වසර 8ට වැඩි කාලයක් නො විසඳී පැවති “වැටුප් විෂමතා” ගැටලුව මැයි 2 දා වර්ජනයක් ලෙස පිපිරුනි. හිලවු දීමනා ඇතුලු තවත් ඉල්ලීම් කීපයක්  වර්ජනයට මුල් වී  තිබේ .

ආන්ඩුව තම ඉල්ලීම් නොතකා හැරීම අභියෝග කරමින් විශ්ව  විද්‍යාල අනධ්‍යන සේවකයෝ, ජනවාරි 18 දා එක් දින වැඩ වර්ජනයකට අවතීර්න වෙමින් 2024 වසර ආරම්භ කලෝ ය. පෙබරවාරි 28 හා 29 දෙදින යලිත් ඔවුහු සංකේත වැඩ වර්ජනයකට එලඹුනෝ ය. සේවකයන් අතර වැඩෙන සටන්කාමිත්වය ඉදිරියේ කල් මරමින් සිටි අනධ්‍යන වෘත්තීය සමිති හවුල කලේ අප්‍රේල් 29 දා සිට අඛන්ඩ වැඩ වර්ජනයකට යන බව කම්කරුවන්ට අඟවා, වර්ජනයකට යාමට සිදු වී ඇත්තේ තමන්ගේ කැමත්තකින් නොවන බව ඇමතිවරයාට ලිපියකින් දැන්වීමයි. ඇමතිවරයාගෙන් හෝ ආන්ඩුවෙන් සිය සාමාජිකයන්ගේ “වැටුප් විෂමතා ” විසඳන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරනවා  වෙනුවට ඔවුන් සිදු කලේ, සිය සාමාජිකයන්ගේ “පීඩනය හමුවේ වෘත්තිය සංවිධාන ලෙස අප සංගම්වලට මේ මොහොතේ නිහඬ ව සිටීමට හැකියාවක් නොමැත” යනුවෙන්  සිය අසරනකම ලියා යැවීමයි. මෙය සමිති නායකත්වයේ නිවට ධනපති ගැති  ස්වභාවය පෙන්වන්නකි.

වෘත්තිය සමිති හවුල අධ්‍යාපන ඇමතිවරයාට යැවූ ඉහත ලිපියෙන් එලිදරව් කෙරෙන්නේ, අනධ්‍යයන සේවකයන්ගේ අරගලය සංවිධාන නොකිරීමට ඔවුන් එකාවන්ව පෙල ගැසී සිටින අයුරුයි. මේ තතු යටතේ, දැන් පිපිරී ඇති අනධ්‍යයන  අරගලය නිශ්චිතව ම සමිති නායකත්වයේ සීමාවන්ට එරෙහි කැරැල්ලකින් පැන නැගුනක්ය යන්න පැහැදිලි ය.

මැයි 2දා වර්ජනයට ආ අනධ්‍යයන සේවකයෝ මැයි 7දා කොලඹ වෝඩ් පෙදෙසේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ බලගතු විරෝධතාවක නිරත වූහ. ඉන් දින 5ට ඉක්බිති, මැයි 12දා පාර්ලිමේන්තුවේ වටරවුමට එක් වූ අනධ්‍යන සේවකයෝ යලි විරෝධතාවක් පැවත්වීම මඟින් තම සටන්කාමිත්වය තවදුරටත් ප්‍රදර්ශනය කලෝය. අධිකරනයෙන් තහනම් නියෝග ලබා ගත්  පොලිසිය කැරැලි මර්දන ඒකක මෙහෙයවා ගනිමින් ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට එකී විරෝධතාව විසුරුවා හැරීමට ක්‍රියා කලේ ද, 2007 අනධ්‍යයන සේවක වර්ජනයට නිකුත් කල චක්‍ර ලේඛනයක් යොදා ගනිමින් වර්ජිතයන් දඩයම් කිරීම ඇරඹුවේ ද මේ තතු තුල ය. අතිකාල හා වෙනත් දීමනා කපා හැරීමෙන් නොනැවතී රැකියාවෙන් ම පලවා හැරීමට චක්‍ර ලේඛන යොදා ගත හැකි බව විශ්ව විද්‍යාල බලධාරීන් මාධ්‍යයට සඳහන් කර තිබුනි. ඔවුන් ආදර්ශයට ගෙන ඇත්තේ, චක්‍රලේඛවලට මුවා වී විදුලි බල මන්ඩලයේ අරගලයට සහභාගී වූ සේවකයන් දඩයම් කිරීමට ලංවිම පාලන අධිකාරීන් ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයි. එමගින් විදුලි සේවකයන් 66 දෙනෙක් වැඩ තහනමට ලක් වූහ.

ලංවිම, ඛනිජතෙල් සංස්ථාව ඇතුලු ප්‍රතිව්‍යුහගතකරනයට ලක් ව පවතින සෑම ස්ථානයකම වෘත්තිය සමිති ක්‍රියා කරන ආකාරයෙන් ම අනධ්‍යයන වෘත්තිය සමිති නායකත්වය ද නියැලී සිටින්නේ, සිය සේවා අංශවල ගැටලු හා ඉල්ලීම් තම ආයතනයේ සෙසු සේවකයන්ගෙන් වෙන් කොට තබා ගැනීමේ ය; කම්කරු පංතියේ අවශේෂ කම්කරුවන්ගෙන් වෙන් කිරීමේ ය. අනධ්‍යයන සමිති විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගේ හා ශිෂ්‍යයන්ගේ සහයෝගය ලබා නො ගැනීමෙන් එය ප්‍රකාශයට පත් කෙරුනි. එම කොන්දේසි යහමින් ගසාකන අනිකුත් සමිති ද සිය වගකීමෙන් පලායාමට එය ම යොදා ගනී. විශ්ව විද්‍යාලීය කථිකාචාර්යවරුන්ගේ වෘත්තිය සමිතිය අනධ්‍යන අරගලයට සහය නොදී රූටා යෑම මගින් එය පෙන්නුම් කෙරේ.  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති හමු වී සේවක ඉල්ලීම් ලබා දෙන ලෙස තමන් ආයාචනා කලේ යැයි කියමින් අන්තර්  විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩල නායකයෝ ද අනධ්‍යන අරගලය මඟ හැර ගියෝය. 

පෙරටුගාමි සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන හා  ඊනියා වාම සංවිධාන පතුරුවමින් සිටින්නේ, ධනපති ආන්ඩුවලට හා එහි ආයතනවල බලධාරීන්ට   බලපෑම් දමා නම්මා ගත හැකිය යන මාරක මිත්‍යාවයි. ධනපති ක්‍රමයට විකල්පයක් දැක ගත නොහැකි ව සිටින එබඳු  අවස්ථාවාදීහූ, ධනපති පිලිවෙත් යෝජනා කරමින් කම්කරු අරගල අනතුරට හෙලීමට උගුල් අදිති. දශක ගනනාවක් පුරා කම්කරු පන්තිය මේ ඛෙදවාචකය හරහා ගමන් කර ඇති අතර, අද දින ඔවුන් සමිති නායකත්වයන් දෙස බලන්නේ, එම අත්දැකීම් විසින් ජනිත බලගතු අවිශ්වාසයෙන් ද යුතුව ය.   

වැටුප් ,දීමනා ඇතුලු වැඩ කරන ජනයා දිනාගත් සුබසාධනයන් අතුගා දැමීමට  පිඹුරුපත් සකසා ගෙන සිටින ධනපති පාලක පංතියෙන් ස්වාධීන ව කම්කරු පංති  පිලිවෙතක්  මත සිය අයිතීන් රැක ගැනීමේ අරගලය සංවිධානය කිරීම තීරනාත්මක කාරනයක් වී ඇත්තේ මේ නිසා ය.

අධිරාජ්‍යවාදී මූල්‍ය අධිකාරියේ ප්‍රමුඛ ආයතනය වන ජාමූඅ ලංකාවේ පාලක පංතිය මෙහෙයවාගෙන ක්‍රියාවට දමන සංගත හිමියන්ගේ ආර්ථික සැලසුම් බැඳී තිබෙන්නේ අධිරාජ්‍යවාදී මුල්‍ය කතිපයාධීකාරයේ දුෂ්ඨ ලාභ අවශ්‍යතාවයන් සමග ය. ඊට එරෙහිව රටක් රටක් පාසා කම්කරුවන් හා පීඩිතයන් අතර වැඩෙන විරුද්ධත්වය ලංකාවේ පැන නැගෙන පංති අරගලය මගින් ප්‍රකාශයට පත්වෙන්නට පටන් ගෙන තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අධිකාරියේ හා ලංකාවේ ධනපති පංතියේ ඒකාබද්ධ ප්‍රහාරයට මුහුන දීමට කම්කරු පන්තිය සමත් වන්නේ සිය පංතියේ ඒකාබද්ධ කාර්මික ශක්තිය දැනුවත් ව සංවිධාන කරගැනීමෙන් හා එම ශක්තිය සමාජවාදී ජාත්‍යන්තරවාදී පිලිවෙතක් තුල ක්‍රියාවේ යෙදවීමෙන් පමනෙකි. ආන්ඩුවේ ප්‍රහාරයට මුහුන දී සිටින කම්කරුවන් පටු ශ්‍රේනිවාදී හා භේදකාරී වෘත්තිය සමිති සීමාවන්ගෙන් කැඩී වෙන් වී ගත යුත්තේ එබැවිනි.  

කම්කරු පංතිය භේද කරන ධනපති දේශපාලනය ප්‍රතික්ෂේප කරමින්, ජාමූඅ නියෝග යටතේ ලංකාවේ පාලක පංතිය එල්ල කරන ප්‍රතිව්‍යුහගත සැලසුම් හා ඒ හරහා වේගවත් කරන වැටුප්, සුබසාධන හා රැකියා කප්පාදුවට එරෙහිව සමස්ත කම්කරු පංතියේ මහා වැඩ වර්ජනයක් සඳහා වූ දැනුවත් අරගලයකට අනධ්‍යයන සේවකයන් ඇතුලු කම්කරුවන් මූලිකත්වය ගත යුතුව ඇත. එය කල හැක්කේ ධනපති ආන්ඩු සමග සහයෝගය පවත්වන කම්කරු විරෝධී වෘත්තිය සමිතිවලින් ස්වාධීන වෙමින්, කම්කරු පංතිය තම කම්හල්වල, වතු, නිවහන් හා ගම්බද ප්‍රදේශයන්හී සටන් කමිටු ගොඩනැගීමට සිදු කරන අරගලය මඟිනි. සමාජවාදී ජාත්‍යන්තරවාදී නායකත්වය මගින් ඒවා මෙහෙයවනු ලැබිය යුතුය. ධනපති පක්ෂ හා ධනපති ඒජන්තයන්ගේ පිලිවෙත් ප්‍රතික්ෂේප කරමින්, එකී කමිටු වැඩ කරන මහජනයාගේ අව්‍යාජ අවශ්‍යතා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී බල සංස්ථා බවට පත් කර ගත යුතු වේ.

* පුද්ගලිකරනය නතර කරනු ! රැකියා, වැටුප් හා සුබසාධන කප්පාදුව නතර කරනු !

*ජාමූඅ හා ලෝක බැංකු සැලසුම් ප්‍රතික්ෂේප කරනු ! 

*මහජනයා මත පටවන විදේශ  නය අහෝසි  කරනු !

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය මාසය ඉක්මවයි Read More »

Scroll to Top