Oligarchy

IMG 0858

ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම: ඉරාන යුද්ධයේ ඊළඟ අදියර

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 13 වන දින  “Trump’s blockade of the Strait of Hormuz: The next phase in the Iran warයන හිසින් පළවූ ඇන්ඩෲ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
2026 මාර්තු 18 වන දින එපික් ෆියුරි මෙහෙයුම අතරතුර ආර්ලී බර්ක් පන්තියේ නියෙමු මිසයිල විනාශ කරන යාත්‍රාවක් වන USS ෆ්‍රෑන්ක් ඊ. පීටර්සන් ජූනියර්, අරාබි මුහුදේ යාත්‍රා කරන ආකාරය [ඡායාරූපය: එක්සත් ජනපද නාවික හමුදාව]

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් විසින් දින හයකට පෙර ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය, එක්සත් ජනපදය විසින් සඵල ලෙස අවලංගු කිරීම සනිටුහන් කරමින්,ඉරාන වරායන්ට ඇතුළු වන හෝ පිටවන සියලුම නැව් අවහිර කිරීම ආරම්භ කර ඇති බව එක්සත් ජනපද හමුදාව සඳුදා නිවේදනය කළේය. එය ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයේ ප්‍රධාන උත්සන්න වීමක් සලකුණු කරයි. 

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා ඔහුගේ Truth Social  වේදිකාවේ  ප්‍රකාශ කළේ නාවික හමුදාව “හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන” බවයි. සෙනසුරාදා, නියෙමු මිසයිල ඩිස්ට්‍රොයර් (guided-missile destroyers) යාත්‍රා දෙකක් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ අතර, වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ අවහිරය  බලාත්මක කිරීම සඳහා එක්සත් ජනපද යුද නැව් 15 ක් දැන් යොදවා ඇති බවයි.

මෙම අවහිර කිරීම යුද ක්‍රියාවක් සහ ජාත්‍යන්තර මුහුදු කොල්ලකාරී ක්‍රියාවකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉරානයට සහ සමස්ත ලෝකයේ කම්කරු පන්තියට එරෙහිව එල්ල කරන ලද මෙම සාපරාධී ක්‍රියාව හෙළා දකී. ඉහළ යන බලශක්ති පිරිවැය, ආහාර හිඟය සහ නිරන්තරයෙන් පුළුල් වන මිලිටරි ගැටුමක අන්තරාය මගින් කම්කරු පන්තිය එහි  මිල ගෙවනු ඇත. 

ට්‍රම්ප්ගේම වාක්‍ය ඛණ්ඩයම භාවිතා කරන්නේ නම්, සටන් විරාමය යුද්ධයේ ඊළඟ අදියර සඳහා “උණ්ඩ නැවත පුරවා ගැනීමට” අවස්ථාවක් වූ බව ඔප්පු වී තිබේ. එනම් 2025 ජනවාරි මාසයේ ගාසා තීරයේ සිට 2025 ජුනි මාසයේදී ඉරානය දක්වා වූ සටන් විරාමය සහ සටන් විරාමයෙන් පැය කිහිපයකට පසු මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් 250 කට වැඩි පිරිසක් මිය ගිය, අප්‍රේල් 7 වන දින ඉරාන සටන් විරාමය දක්වා, ට්‍රම්ප් මැද පෙරදිග ප්‍රකාශයට පත් කර ඇති සෑම සටන් විරාමයක්ම, ඊළඟ ප්‍රහාරය සඳහා නැවත කණ්ඩායම් ගත වීමමේ  විරාමයක් වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය, සහ ඒ සමඟ ඉරානයේ සහ සමස්තයක් ලෙස පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය සහ බෙදා හැරීම පාලනය කිරීම ආරම්භයේ සිටම යුද්ධයේ කේන්ද්‍රීය මූලෝපායික ඉලක්කයක් වී පැවතිණි.

යුද්ධය ආරම්භ වූ දා සිට, සමුද්‍ර සන්ධිය හරහා නවුක ගමනාගමනය බිඳ වැටී ඇත. යුද්ධයට පෙර මට්ටමට වඩා ප්‍රවාහන පරිමාවන් සියයට 90 කට වඩා පහත වැටී ඇත. ඉතිරිව ඇති ගමනාගමනය මත ආධිපත්‍යය දැරුවේ ඉරානයේ තෙල් අපනයනයෙන් සියයට 80 සිට 90 දක්වා ප්‍රමාණයක් ආනයනය කරන එහි විශාලතම පාරිභෝගිකයා වන චීනයට බොරතෙල් රැගෙන යන ග්‍රීසියට අනුබද්ධ තෙල් නැව් සහ ඉරානයේ සෙවනැලි නැව් කණ්ඩායම  (shadow fleet)  විසිනි. ඉරානය තමන්ගේ මිතුරු වෙළඳ හවුල්කරුවන්ගේ, අන් සියල්ලටත් වඩා චීනයේ නැව්වලට ගමන් කිරීම සඳහා දිගටම  ඉඩ දී ඇත.

දැන්, ඉරාන වරායකට ළඟා වීම සඳහා සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් ඇමරිකානු අවසරයකින් තොරව එසේ කරන අතර, ඉරානය සමඟ නාවික වෙළඳාමේ යෙදෙන ඕනෑම රටකට එරෙහිව භෞතික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව විවෘත කරයි. චීන ආරක්ෂක අමාත්‍ය ඩොං ජුන් සඳුදා ප්‍රකාශ කළේ: “අපගේ නැව් හෝමූස් සමුද්‍ර සන්ධිය තුළට සහ ඉන් පිටතට ගමන් කරමින් තිබේ. අපට ඉරානය සමඟ වෙළඳ හා බලශක්ති ගිවිසුම් තිබේ. අපි ඒවාට  ගරු කරන්නෙමු, ඒවා ඉටු කරන්නෙමු, එමෙන්ම අපගේ වැඩකටයුතු වලට සෙසු අය මැදිහත් නොවේ ඇයි අපේක්ෂා කරමු.”

ප්‍රායෝගිකව, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම, ඉරානයට එරෙහිව මෙන්ම චීනයට එරෙහිව ද ආර්ථික යුද්ධ ක්‍රියාවකි. චීනයේ තෙල්වලින් අඩක් පමණ සහ එහි ද්‍රව ස්වාභාවික වායුවෙන් (liquefied natural gas) තුනෙන් එකකට වඩා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගලා යයි. මෙම අවහිර කිරීම මගින් ඇමරිකානු හස්තය එහි ප්‍රධාන ප්‍රතිවාදියාගේ [චිනයේ] බලශක්ති සැපයුම මත තබන අතරම, එම ප්‍රවාහයන් මතම රඳා පවතින, ජපානය, දකුණු කොරියාව සහ යුරෝපීය සංගමයේ රාජ්‍යයන් ආදී එහි “සගයන්ගේ” බලශක්ති සැපයුම මත ද අත තබයි. 

සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් එක්සත් ජනපද හමුදා මූලෝපායඥයින්ගේ චින්තනය ගැන ඉඟි කළේ: “අපට මෙම වෙළඳාම අවශ්‍ය නැත. අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපේම තෙල්, ගෑස් තිබේ. … එබැවින් අපට එය අවශ්‍ය නැත, නමුත් ලෝකයට එය අවශ්‍ය වන අතර, මේ අප කතා කරද්දීම, බොහෝ නැව් බඩු පවටා ගැනීම පිණිස අපේ රටට යමින් සිටී.” යනුවෙනි. 

මෙම අවහිර කිරීම ලෝකයේ මූලෝපායික ඇවිරුම් ස්ථාන (chokepoints), එනම් හෝමූස් සමුද්‍ර සන්ධිය, පැනමා ඇළ, ග්‍රීන්ලන්තය සදහා වන වන ප්‍රවේශයන් ආදිය අල්ලා ගැනීමේ පුළුල් එක්සත් ජනපද ව්‍යාපාරයක කොටසකි. දිගුකාලීන ආර්ථික පරිහානියක නිමග්න ඇමරිකානු අධිරාජ්‍යවාදය, ගෝලීය වෙළඳ මාර්ගවල මිලිටරි ආධිපත්‍යය  හරහා එම පරිහානිය පියවා ගැනීමට උත්සාහ කරමින් සිටී. ලෝකයේ ජල මාර්ග සහ අමුද්‍රව්‍ය තමන්ටම සුරක්ෂිත කර ගනිමින් සහ  ඒවා තම ප්‍රතිවාදීන්ට, විශේෂයෙන් චීනයට, අහිමි කරමින් සිටී.

2025 දෙසැම්බර් මාසයේදී, වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන්, වෙනිසියුලානු බොරතෙල් බැරල් මිලියන 1.8 ක් රැගෙන  චීනය බලා යන තෙල් ටැංකියක් එක්සත් ජනපද හමුදා විසින් අල්ලා ගන්නා ලදී. හෝමූස් අවහිර කිරීම එම පූර්වාදර්ශය පර්සියානු ගල්ෆ් කලාපය දක්වා  විහිදුවන  අතර  එක්සත් ජනපද යුද නැව් චීනය බලා යන තෙල් නැව් හරවා යැවීමට උත්සාහ කළහොත් චීනය සමඟ මිලිටරි ගැටුමක සෘජු අනතුර මතු කරයි.

ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධී යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක දැනටමත් විනාශකාරී ය. අවහිර කිරීමට පෙර පවා, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සැලකිය යුතු ලෙස කපා හැරීම, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ( International Energy Agency) විසින් ඉතිහාසයේ නරකම තෙල් අර්බුදය ලෙස හැඳින්වූ දෙය ජනනය කර ඇති අතර එය 1979 අර්බුදය ඉක්මවා ගියේය. තෙල් බැරලය ඩොලර් 100 ට වඩා වැඩිය, පෙට්‍රල් මිල ජාතිකව ගැලුමකට ඩොලර් 4.13 ක් වන අතර, නැව් 600 කට වැඩි ප්‍රමාණයක් ගල්ෆ් කලාපයේ සිරවී ඇත. ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ආයතනය විසින් එක්සත් ජනපද අවපාතයක සම්භාවිතාව සියයට 30 දක්වා ඉහළ නංවා තිබේ.

ගෝලීය පොහොර සැපයුමෙන් තුනෙන් එකක් සාමාන්‍යයෙන් මේ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි. යුද්ධය ක්ෂණික වෙළඳාමට බාධා ඇති කළා පමණක් නොව, ඉදිරි කන්නයේ බෝග අස්වැන්න කෙරෙහි ද දැඩි බලපෑමක් ඇති කරනු ඇත. එනම්, අප්‍රිකාව, දකුණු ආසියාව සහ ලතින් ඇමරිකාව පුරා අස්වනු අඩු කරනු ඇති අතර, ගල්ෆ් කලාපය හා සෘජු බැඳීමක් නොමැති රටවල ආහාර මිල කම්පන ඇති කරනු ඇත. මිලියන සිය ගණනක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙන අතර මිලියන ගණනක් මිය යා හැකිය. ගෝලීය සාගතයක සැබෑ හැකියාවක් පවතී. 

ලෝක ආධිපත්‍යය සඳහා වූ එහි සැලැස්ම තුළ, යුද්ධයේ සැබෑ හැසිරීම වඩ වඩාත් මංමුලා සහගත අනුවර්තනය වීම් මගින් සංලක්ෂිත වී ඇත. පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය යුද්ධය දියත් කර උත්තරීතර නායක අලි කමේනි සහ ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් දුසිම් ගනනක් ඝාතනය කළේය. ට්‍රම්ප් ඉරාන වැසියන්ට ඔවුන්ගේ රජයට එරෙහිව නැගී සිටින ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන් එසේ කළේ නැත. ඉන්පසු සිදුකළ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය ඉරානයේ විදුලි සංදේශ පද්ධතිය විනාශ කළ අතර එහි නගරවල දිස්ත්‍රික්ක සමතලා කළ නමුත් ඉරානය යටත් වූයේ නැත. මාර්තු මාසය පුරාම ඉරාන නායකයින් තවදුරටත් ඝාතනය කිරීමෙන්ද රජය ඇද වැටුණේ නැත. නාවික ගමන් අවහිර කිරීම ඊළඟ පියවරයි.

ඉරාන මිසයිල බැටරි, වෙරළබඩ ආරක්ෂක පද්ධති සහ දහස් ගණනක් නාවික බෝම්බ වලින් වට වූ පටුම ස්ථානයේ සමීප පරාසයේ සැතපුම් 21 ක් පළල ජල මාර්ගයක් තුළ ඇමරිකානු යුද නැව් දැන් ක්‍රියාත්මක වේ. මෙම නාවික අවහිරයට ළඟා වන ඕනෑම ඉරාන නෞකාවක් “වහාම වනසන” බව ට්‍රම්ප් සඳුදා පැවසීය.

ඩිස්ට්‍රොයර් නෞකාවක් අහිමි වීම හෝ විශාල ජීවිත හානි සිදුවීමක් හේතුවෙන්, ඉරානයේ තෙල් අපනයනයෙන් සියයට 90 ක් සැකසෙන කාර්ග් දූපත අත්පත් කර ගැනීම ඇතුළුව භූමි ආක්‍රමණයක් සඳහා ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ ඇති ඉල්ලීම් තීව්‍ර වනු ඇත. 82 වන ගුවන් අංශයේ  භට පිරිස් හා මැරීන් භටයින් දැනටමත් යොදවා ඇති අතර, 50,000 කට වැඩි එක්සත් ජනපද භට පිරිසක් රංග පතයේ සිටිති. පෙබරවාරි 28 වන දින සිට එක්සත් ජනපද හමුදා සාමාජිකයින් දහතුන් දෙනෙකු මිය ගොස් ඇත.

ට්‍රම්ප් පාලනය පුදුමාකාර නොසැලකිලිමත්කමකින් යුතුව ඉදිරියට යමින් සිටී. එක්සත් ජනපදය ඉරානයේ තෙල් අත්පත් කර ගන්නා බව ඔහු විවෘතව පවසා ඇත. එය, පසුගිය පරිපාලනයන් සම්බාධක සහ ජාත්‍යන්තර නීතියේ භාෂාව පිටුපස සැඟව සිට සිදුකළ ආකාරයේ කොල්ලකාරී ප්‍රකාශයකි. අපරාධකාරී පාතාලයේ ක්‍රම දැන් නිල රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත. 

දේශපාලන සංස්ථාපිතය ප්‍රතිපත්තිමය වශයෙන් මේ කිසිවකට විරුද්ධ නොවේ. නිව් යෝර්ක් ටයිම්ස් කතුවැකි මණ්ඩලය ට්‍රම්ප්ගේ හැසිරීම “පැහැදිලි  නොහැකියාව” ලෙස හැඳින්වූ අතර “කොංග්‍රසය සම්බන්ධ කර ගනිමින් හා ඇමරිකානු සහචරයින්ගෙන් උදව් ලබා ගන්නා ලෙස” ඔහුගෙන් ඉල්ලා සිටියේය. එය, යුද්ධයේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමේදී ද්විපාර්ශ්වික සහයෝගීතාවයක් සඳහා කරන  කැඳවීමකි. වෝල් ස්ට්‍රීට් ජර්නලය ට්‍රම්ප්ගේ ජයග්‍රහණ ප්‍රකාශය  නිසි කලට පෙර කළ එකක් ලෙස හැඳින්වූ අතර “වැඩේ කොහෙත්ම අවසන් වී නැත” යනුවෙන් අනතුරු ඇඟවීය.

ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික Tim Kaine ඉරිදා ABC ප්‍රවෘත්ති සේවය වෙත පැවසුවේ ඉරානය “කලාපීය තර්ජනයක්” බවත් “ඉරානයට න්‍යෂ්ටික අවියක් නොලැබෙන බවට අප සහතික විය යුතු” බවත්ය. ට්‍රම්ප් සතියකට පෙර “සටන් විරාමය” නිවේදනය කළ විට, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය අත ඉතිරි කිරීම මත පදනම්ව ඩිමොක්‍රටික් පක්ෂය එය විවේචනය කිරීමට  පැන ගත්තේය. ඩිමොක්‍රටික් පක්ෂය මූලෝපායික අරමුණු පිළිගන්නා අතර  ක්‍රියාවට නැගීම පිළිබඳව  පමණක් විරුද්ධ වේ.

ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ සෑම අංශයක්ම යුද්ධය අනුමත කරන්නේ නම්, එයට එරෙහි විරෝධය පැමිණිය හැක්කේ මුළුමනින්ම සංස්ථාපිතයට පිටතින් පමණි. කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම හරහා නාවික අවහිර කිරීමට සහ සමස්තයක් ලෙස යුද්ධයට විරුද්ධ විය යුතුය. වැඩ කරන ජනතාවගේ ජීවත් වීම සඳහා පවතින සමාජ වැඩසටහන් වලට ඓතිහාසික ප්‍රහාරයක් එල්ල කිරීම හරහා යුධ වියදම්  ගෙවනු ලැබේ. අප්‍රේල් 1 වන දින ධවල මන්දිරයේ දිවා  භෝජනයකදී ට්‍රම්ප් පැවසුවේ රජය යුද්ධ කරන බැවින් මෙඩිකෙයාර් (Medicare) ,මෙඩිකේඩ් (Medicaid) සහ අනෙකුත් සමාජ වැඩසටහන් සඳහා මුදල් ගෙවිය නොහැකි බවයි.

අත්‍යවශ්‍ය වැඩසටහන් කපා හැරීමෙන් යුද්ධය සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටිනු ලබන එම පන්තියෙන්ම (කම්කරු පන්තියෙන්ම) යුද්ධය සඳහා සටන් කිරීමටද කැඳවුම් කරනු ලැබේ.

2026 ජාතික ආරක්ෂක බලය පැවරීමේ ( National Defense Authorization Act) පනතේ කොටසක් ලෙස ට්‍රම්ප් විසින් අත්සන් කර නීති ගත කරන ලද, වයස අවුරුදු 18 සිට 26 දක්වා සියලුම පිරිමින් සඳහා  හමුදාවලට බැඳීමේ ස්වයංක්‍රීය ලියාපදිංචිය, 2026 දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් චීනයෙන් බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීම සඳහා, වානේ කම්කරුවන්ගේ සහ ගබඩා සේවකයින්ගේ, පතල් කම්කරුවන්ගේ සහ සංක්‍රමණික ගොවිපල කම්කරුවන්ගේ දරුවන්, ඩිස්ට්‍රෝයර් යාත්‍රා මත හා පර්සියානු ගල්ෆ් වෙරළ තීරය මත මිය යාමට යවනු ලැබේ. 

යුද්ධයට එරෙහි සටන, සමාජ වැඩසටහන් විනාශ කිරීමට, බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමට සහ මිලිටරි-පොලිස් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකි ය. රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ සටන අධිරාජ්‍යවාදී යුද්ධයට සහ මෙම සමාජ ව්‍යාධීන්ගේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කළ යුතුය. (අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම: ඉරාන යුද්ධයේ ඊළඟ අදියර Read More »

Trump

ඉරානයට එරෙහි  සමූල ජන සංහාරයේ තර්ජනයෙන්  පසුව   ට්‍රම්ප් සති 2ක “සටන් විරාමයක්” ප්‍රකාශ කරයි

ජෝෂප් කිෂෝර් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 08 වන දින Trump follows genocidal threat against Iran with 2-week “ceasefire” යන හිසින් පළවූ ජෝෂප් කිෂෝර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත” යනුවෙන් තර්ජනය කිරීමෙන් පැය දහයකට පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා සවස ට්රුත් සෝෂල් (Truth Social) හි ප්‍රකාශයක් පළ කරමින් කියා සිටියේ, ඉරානය “හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට” එකඟ වීම මත කොන්දේසි සහිතව “ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාරය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන” බවයි. එක්සත් ජනපදය “දැනටමත් සියලු මිලිටරි අරමුණු සපුරා ඇති අතර ඒවා ඉක්මවා ගොස් ඇති” බවත්,එක්සත් ජනපදය සහ ඉරානය “නිශ්චිත ගිවිසුමක් කරා බොහෝ දුර ගොස් සිටින බවත්”  ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේය.

Trump
“අපිට දිවා සුරැකුම් මධ්‍යස්ථාන බලාගන්න බෑ… අපි යුද්ධ කරමින් ඉන්නෙ,” ට්‍රම්ප් 2026 අප්‍රේල් 1 වන දින වොෂින්ටන් ඩී.සී. හි ධවල මන්දිරයේදී පැවසීය.

ඉරාන නිලධාරීන් උපුටා දක්වන මාධ්‍ය වාර්තාවලට අනුව, චීනය  අවසන් මොහොතේ සිදු කළ මැදිහත්වීමෙන් පසුව, පාකිස්තානය විසින් යෝජනා කරන ලද “සටන් විරාමයක්” ඉරානය පිළිගෙන ඇත. ඊට, ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමෙයිනි විසින් අවසාන අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, ගිවිසුමේ පදනම කුමක්ද යන්න පැහැදිලි නැත. අඟහරුවාදා සවස ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් CNN  දැඩි ලෙස හෙළා දැකීමක් පල කරමින් , “සීඑන්එන් වර්ල්ඩ් නිවුස් (CNN World News) විසින් නිකුත් කරන ලදැයි කියන ප්‍රකාශය, සීඑන්එන් (CNN) හොඳින් දන්නා පරිදි වංචාවක් බව” සදහන් කර, සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කළේය. CNN විසින් ප්‍රකාශයට පත් කරන ලද “ඉරානය ජයග්‍රහණය ප්‍රකාශ කරයි, එය එක්සත් ජනපදයට කරුණු 10 ක සැලැස්මක් පිළිගැනීමට බල කළ බව පවසයි” යන මාතෘකාව යටතේ වන වාර්තාවක් හා සම්බන්ධ බව අනුමාන කළ  හැකිය.

කෙසේ වෙතත්, මෙම 11 වන පැයෙහි ඇති වූ ගිවිසුම ට්‍රම්ප්ගේ පසුබැසීමක් ලෙස දකිනු ඇත. ඔහුගේ තර්ජන ඉරානය බිය ගැන්වීමට අසමත් වූ නමුත්, ඒවා ඔහුගේ රජය තුළ දේශපාලන අර්බුදය තීව්‍ර කර තිබේ.

එයමත් යුධ අපරාධ යක් වන, මිලියන 93 ක ජනතාවක් සිටින ශිෂ්ටාචාරයක් සමූලඝාතනය කිරීමට ට්‍රම්ප් කළ තර්ජනය සහ, සමස්තයක් ලෙස මෙම යුද්ධය, ඓතිහාසික පරිමාණයේ දේශපාලන අර්බුදයක් ඇති කර තිබේ. මෙම ප්‍රකාශ මගින් ඇමරිකානු රජය අපරාධකාරී පාතාලය විසින් මෙහෙයවනු ලබන නීති විරෝධී පාලනයක් ලෙස හෙලිදරව් කර ඇත. එය එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව කම්පනයක් සහ පිළිකුලක් ජනනය කළේය. එක්සත් ජනපදයේ  සදාචාරාත්මක අධිකාරිය යයි කියා  පාන දෑ හි ඉතිරිව යමක් තිබූනේ නම්, ඇමරිකානු සමාජයට වඩාත්ම දුරදිග යන ප්‍රතිවිපාක ඇති කරමින් ඒ සෑම දෙයක්ම ස්ථිරවම සහ ආපසු හැරවිය නොහැකි ලෙස බිඳ දමා ඇත. 

වොෂින්ටනය සහ එහි සහචරයින් විසින් ඝාතනය සහ භීෂණය මගින් තීරණය කළ හැකි යැයි උපකල්පනය කළ යුද්ධයක් දියත් කළ නමුත්, ඉරාන ජනතාවගේ ප්‍රතිරෝධයේ මට්ටම ඔවුහු බරපතල ලෙස වැරදි ලෙස ගණනය කළහ. ඇමරිකානු අධිරාජ්‍යවාදය දැන් විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. ප්‍රහාරක උත්සන්න කිරීම, ජයගත නොහැකි යුද්ධයක අපරාධකාරීත්වයේ අපකීර්තිය ගැඹුරු කරන අතර පුපුරන සුලු දේශීය ප්‍රතිවිපාකවල අවදානමක් ඇති කරයි; පසුබැසීම ජාත්‍යන්තරව පරාජයක් ලෙස කියවා ගනු ඇති  අතර එක්සත් ජනපදය තුළ දේශපාලන තත්වය තවදුරටත් අස්ථාවර කරනු ඇත.

අඟහරුවාදා සිදුවීම් මගින් අවධාරනය කරන්නේ අර්බුදය කෙතරම් අත්‍යසමාන වී ඇත්ද යන්නයි. මිලිටරිය තුළ, ට්‍රම්ප්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමේ කාර්යය භාර අය, යුද අපරාධ ලෙස විශ්වීය ලෙස පිළිගත් මෙහෙයුම් සිදු කිරීමේ තත්ත්වයකට පත් කරමින් ඇති අතර,  ඒ, ගන්නා  ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා සන්නද්ධ හමුදා “වගකිව යුතු” විය හැකියාව  මත වැඩෙන නොසන්සුන්තාව මධ්‍යයේය.

මෙම යථාර්ථය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙකෙහිම කොටස් ඇතුළුව දේශපාලන සංස්ථාපිතය තුළින්ම ප්‍රකාශ විය. කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත සාරා ජේකබ්ස් ලීවේ, “ජනාධිපතිවරයා ජන සංහාරයක් කිරීමට මේ දැන්  තර්ජනය කළ” බවයි. ​​ෆෙඩරල් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ඕනෑම නියෝගයක් නොසලකා හරින ලෙස ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටි ඇය “දෝෂාභියෝගය ඇතුළුව සියලු විකල්ප” සලකා බැලිය යුතු බව පැවසුවාය. කැලිෆෝනියාවේ නියෝජිත ටෙඩ් ලියු (Ted Lieu) හමුදා අණදෙන අධිකාරිය කෙලින්ම අමතමින්, හමුදා යුක්තිය පිළිබඳ ඒකාකාර සංග්‍රහය (Uniform Code of Military Justice) සහ ෆෙඩරල් නීතිය යුද අපරාධ තහනම් කරන බව අවධාරනය කළේය.

එවැනි ප්‍රකාශ නිකුත් කිරීමම අර්බුදයේ පරිමාණයේ දර්ශකයකි. එහෙත් ඒවා “විපක්ෂයේ” පක්ෂාඝාතය සහ  වංචනිකත්වය ද හෙළි කරයි. ගාසා තීරයේ ජන සංහාරයට සහාය දුන්, ඉරානයට එරෙහි යුද්ධයට ඉඩ සැලසූ, මිලිටරි යන්ත්රනයට අරමුදල් සැපයූ සහ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව කිසිදු බැරෑරුම් සටනක් දියත් කිරීම ප්‍රතික්ෂේප කළ එම ඩිමොක්‍රටිකයින්ම දැන් ආසන්න යුද අපරාධ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරන අතර ඒවා නැවැත්වීමට කිසිදු සංයුක්ත ක්‍රියාමාර්ගයක් යෝජනා නොකරයි.

අඟහරුවාදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඩිමොක්‍රටික් නායකත්වය විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයේ සඳහන් වූයේ, “ඩොනල්ඩ් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම  සිහි විකල් ” බවත්, “ඩොනල්ඩ් ට්‍රම්ප් අපේ රට තුන්වන ලෝක යුද්ධයට ඇද දැමීමට පෙර, මැද පෙරදිග මෙම  තෝරා ගත්   අවධානම්කාරී යුද්ධය අවසන් කිරීමට මන්ත්‍රී මණ්ඩලය වහාම සැසිවාරයට කැඳවා ඡන්දය දිය යුතු” බවත්ය.

සතියකට යන්තමින්  පෙර, ට්‍රම්ප්ට එරෙහිව ” රජුන් එපා -No Kings ” විරෝධතා සඳහා මිලියන 8 කට අධික ජනතාවක් වීදි බැස සිටියහ. ඉරානයට එරෙහි යුද්ධයට විරෝධය සහභාගී වූවන් අතර ප්‍රමුඛ හැඟීමක් වූ අතර,”තුන්වන ලෝක යුද්ධය” පිළිබඳ අනතුරු ඇඟවීම් කිරීම පසෙක තබා, ඉරානයට එරෙහි යුද්ධය පිළිබඳ කිසිදු බැරෑරුම් සඳහනක් කිරීම පවා ඩිමොක්‍රටික් පක්ෂ සංවිධායකයින් ක්‍රමානුකූලව බැහැර කරන ලදී. 

අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික අවි භාවිතය ඇතුළත් වන ලෝක යුද්ධයක අද්දර ලෝකය සිටින බව දැන් ඩිමොක්‍රටිකයො ලියති. කෙසේ වෙතත්, ඔවුන්ගේ ආයාචනය ජනතාවට නොව රිපබ්ලිකන් පක්ෂයට ය. “පක්ෂයට තිබෙන පක්ෂපාතිත්වයට වඩා දේශප්‍රේමී යුතුකම ඉටු කිරීමටත්, මෙම පිස්සුව නැවැත්වීමට ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්වීමටත් රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රී මණ්ඩලයට කාලය පැමිණ තිබේ” යැයි ප්‍රකාශය අවසන් කර තිබේེ.

සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ නායක චක් ෂූමර් සහ සෙනෙට් සභාවේ අනෙකුත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්  හා එක්ව අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, “මිලියන ගණනක් සිවිල් වැසියන් යැපෙන විදුලිය, ජලය හෝ මූලික යටිතල පහසුකම් හිතාමතාම විනාශ කිරීම … යුද අපරාධයක් වනු ඇති බව”  පිළිගත්තේය. නමුත් මෙහි ක්‍රියාකාරී වැකිය ආයාචනයකි: “ජනාධිපතිවරයා මෙම තර්ජනය  ක්‍රියාත්මක නොකළ යුතුය.” වෙනත් වචන වලින් කිවහොත්, සති පහක නීති විරෝධී යුද්ධයකින් පසුව, සෙනෙට් සභාවේ ඩිමොක්‍රටිකයන්, මහා සමූහ ඝාතන තර්ජනයකට ප්‍රතිචාර දක්වන්නේ, ට්‍රම්ප්ගෙන් එය නොකරන ලෙස ආචාරශීලී ලෙස ඉල්ලා සිටීමෙනි.

ට්‍රම්ප්ගෙන් වඩා හොඳ විනිශ්චයකට සහ රිපබ්ලිකන් “දේශප්‍රේමීත්වයට” ඩිමොක්‍රටික් පක්ෂය ආයාචනා කරන අතරම, ජනගහනය තුළ පවතින දැවැන්ත විරෝධය බලමුලු ගැන්වීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. මන්ද එවැනි බලමුලු ගැන්වීමක් ට්‍රම්ප්ට වඩා ඔවුන් බිය වන කරැනු කාරණා වහාම මතු කරනු ලබන බැවිනි.

එපමණක් නොව, බයිඩන් යටතේ ආරම්භ කරන ලද ගාසා තීරයේ සමූල ජන සංහාරයෙන් ගලා එන මැද පෙරදිග ඇමරිකානු ආධිපත්‍යයේ මූලික අරමුණට සහ ඉරානයට එරෙහි යුද්ධයට ඩිමොක්‍රටික්වරු සහාය දෙති. ට්‍රම්ප්ගේ තර්ජන ” ල්සදාචාරාත්මකව අතිශයින්ම වැරදි” සහ “නපුරු” ලෙස එදිනම කලින් හැඳින්වූ ඩිමොක්‍රටික සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි, සටන් විරාම කොන්දේසි පිළිබඳ වාර්තාවලට අඟහරුවාදා සවස මෙසේ ප්‍රතිචාර දැක්වීය: “ඉරානයට ඉතිහාසය වෙනස් කරන ජයග්‍රහණයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය එරටට ලබා දීමට ට්‍රම්ප් එකඟ වූ බව පෙනේ”. “අසාමාර්ථභාවයේ මට්ටම විශ්මයජනක හා හද කම්පා කරවන සුළුය,” මර්ෆි ලිවීය.

පාලක පන්තිය විදේශ ප්‍රතිපත්තිය තුළ විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දෙන්නේ නම්, එය ඊට අනුරූපව දේශීය ප්‍රතිපත්තිය තුළද විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දෙයි. එය, ගෝලීය යුද්ධය සහ සමාජ ප්‍රතිවිප්ලවය ක්‍රියාත්මක කිරීම සඳහා – නීතිමය හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හරහා ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා – ට්‍රම්ප් තුළ මූර්තිමත් වූ දේශපාලන පාතාලය බලයට ගෙනැවිත් ඇත. නමුත් ඒවා පැනවීමට දරන උත්සාහය, පාලක පන්තිය වඩාත්ම බිය වන සමාජ බලවේගයන්ම පුපුරුවා හරිමින් පවතී: එනම්, එක්සත් ජනපදය තුළ පුපුරන සුලු පන්ති ගැටුමේ වර්ධනය සිදු වෙමින් පවතී. 

පහළින් එන එවැනි ව්‍යාපාරයකට ධනේශ්වරයේ සියලුම කොටස්  ස්ථීරසාරවම විරුද්ධ වන්නේ එය නිශ්චිත පරිපාලනයකට පමණක් නොව ධනේශ්වර පාලනයේ අත්තිවාරම් වලටම තර්ජනය කරන බැවිනි. පාලක පන්තියේ ප්‍රතිචාරය වනු ඇත්තේ පසුබැසීම නොව දේශීය මර්දනය උත්සන්න කිරීම සහ තීව්‍ර කිරීමයි.

ක්ෂණික වර්ධනයන් කුමක් වුවත්, යුද්ධය දේශපාලන සංස්ථාපිතයට පාලනය කළ නොහැකි සහ එයින් ගැලවිය නොහැකි ප්‍රතිවිපාක ජනනය කරමින් තිබේ. සංගත පාලිත දේශපාලන ක්‍රමයේ සාමාන්‍ය යාන්ත්‍රණයන් හරහා මෙම අර්බුදය විසඳිය නොහැක.

සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන තීරණාත්මක කාරණය වන්නේ සමාජීය හා දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමයි. සති දෙකක සටන් විරාමය දිගටම පැවතුනහොත් එය උත්සන්න වන දේශපාලන අර්බුදයක කාල පරිච්ඡේදයක් වනු ඇත. යුද්ධයට සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත කම්කරු පන්ති විරෝධයක් ගොඩනැගීමට මෙම කාල පරිච්ඡේදය භාවිතා කළ යුතුය.

මෙම අරගලය ධනේශ්වර කතිපයාධිකාරයට සහ එය ආරක්ෂා කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීමෙන් වෙන් කළ නොහැකි ය. පාලක පන්තිය මානව වර්ගයා ව්‍යසනයේ අද්දරට තල්ලු කරමින් සිටී. කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය සඳහා වූ සටන හරහා ඊට ප්‍රතිචාර දැක්විය යුතුය. (අවධරණය පරිවර්තනයෙදී එක් කෙරුණි)

ඉරානයට එරෙහි  සමූල ජන සංහාරයේ තර්ජනයෙන්  පසුව   ට්‍රම්ප් සති 2ක “සටන් විරාමයක්” ප්‍රකාශ කරයි Read More »

Trump

ප්‍රමාද වැඩි වීමට පෙර අත්‍යාසන්න සමූහ ජනසංහාරය නවත්වනු! ඉරාන ශිෂ්ටාචාරය අතුගා දැමීමේ  ට්‍රම්ප්ගේ තර්ජනය හෙළා දකිනු!

theSocialist.lk හි කර්තෘ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) විසින් නිකුත් කරන ලද හදිසි ප්‍රකාශය

මේ 2026 අප්‍රේල් 7 දින රාත්‍රී 10:32 theSocialist.lk හි පළ කෙරුනු ප්‍රකාශයේ සිංහල පරිවර්ථනයයි.

Trump
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 අප්‍රේල් 6 වන සඳුදා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ජේම්ස් බ්‍රැඩි මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සමඟ කතා කරයි. [AP ඡායාරූපය/මාර්ක් ෂීෆෙල්බයින්]

අද, 2026 අප්‍රේල් 7 වන දින, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social හි පළ කළේ: “අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත, නැවත කිසිදා ආපසු ගෙන ඒමට නොහැකි වනු ඇත. මට එය සිදුවීමට අවශ්‍ය නැත, නමුත් එය බොහෝ විට සිදුවනු ඇත.”

මෙය හුදෙක් පුහු දේශපාලනික  වහසි බස් දෙඩවීම ක් නොවේ. මෙය, න්‍යෂ්ටික අවි දහස් ගණනක් ඇති සහ දැනටමත් දින හතළිහක් තිස්සේ ඉරානයට බෝම්බ හෙලන, ඉතිහාසයේ වඩාත්ම බලවත් ලෙස සන්නද්ධ මිලිටරි බලයක  රාජ්‍ය නායකයා විසින් සමූල ජන ඝාතක අභිප්‍රාය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අද එහි හදිසි  ඉදිරි දර්ශනයෙන් ප්‍රකාශ කළ පරිදි: “ට්‍රම්ප් පැවසූ සෑම වචනයක්ම එක්සත් ජනපද ආණ්ඩුව හිට්ලර් පරිමාණයේ අපරාධයකට  ගැට ගසයි. නාසි නායකයින්  දොරවල් වසාගෙන සාකච්ඡා කළ දේ ඔහු විවෘතව කියයි.” ට්‍රම්ප් දැනටමත් සෑම බලාගාරයක්ම, සෑම පාලමක්ම, සෑම මුහුදු ජලයෙන් ලවණ ඉවත් කිරීමේ පහසුකමක්ම – මිලියන 93 ක ජනතාවක් සඳහා ශිෂ්ට සම්පන්න ජීවිතයේ සමස්ත යටිතල පහසුකමක්ම – විනාශ කරන බවට තර්ජනය කර තිබේ. මෙය “පැය හතරක කාලයක් තුළ” ඉටු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ. මෙය යුද අපරාධවලට අයත් දැයි වාර්තාකරුවෙකු ඔහුගෙන් විමසීය. ඔහුගේ පිළිතුර: “නැහැ, කොහෙත්ම නැහැ.”

ඉරානය මානව ඉතිහාසයේ පැරණිතම හා ගැඹුරුතම ශිෂ්ටාචාරයන් ගෙන් එකක උරුමකරු වේ. යුද්ධයේ පළමු දිනයේ දී Shajareh Tayyebeh බාලිකා පාසලට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරයකින් මියගිය ළමුන් 168 දෙනෙකු ඇතුළුව එහි සිවිල් වැසියන් දහස් ගණනක් දැනටමත් ඝාතනය කර ඇත. රෝහල්, විශ්ව විද්‍යාල, නේවාසික ප්‍රදේශ සහ පාසල් වලට ක්‍රමානුකූලව බෝම්බ හෙලා ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු අඟවා ඇති පරිදි, ප්‍රහාරක උත්සන්න කිරීමේ තර්කනය නොවැළැක්විය හැකිය: තීව්‍ර කරන ලද බෝම්බ හෙලීමේ සිට භූමි ආක්‍රමණය දක්වා, ඉරාන නගර අත්පත් කර ගැනීම දක්වා සහ අවසානයේ – වැඩිවන ඇමරිකානු හානි සහ හමුදා අසාර්ථකත්වය හමුවේ – න්‍යෂ්ටික අවි වෙත යොමු වීම දක්වා එය උත්සන්න වනු ඇත.

මෙය කල්පිතයක් නොවේ. ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ කිසිදු බරපතල බලවේගයක් එයට කිසිදු තිරිංගයක් නොයොදා, සතියක් පාසා උත්සන්න වෙමින් දින හතළිහක් තිස්සේ සිදුවෙමින් පවතින යුද්ධයක ගමන් පථය මෙයයි.

ඩොලර් බිලියන 839 ක ආරක්ෂක අයවැය සඳහා තමන්ගේ ඡන්දයෙන් යුද්ධයට අරමුදල් සැපයූ එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය දැන් ට්‍රම්ප්ව “පිස්සෙක්” සහ ” සිහි විකල් වූවෙක්” ලෙස හඳුන්වයි. නමුත් එක  ඩිමොක්‍රටිකයෙකු වත් යුද්ධය නැවැත්වීම සඳහා සංයුක්ත ක්‍රියාමාර්ගයක් යෝජනා කර නැත. ඔවුන් ඊට හවුල්කරුවන් ය. යුද්ධයට එරෙහි ඕනෑම සැබෑ මහජන බලමුලු ගැන්වීමක් යුද්ධයෙන් නතර නොවනු ඇතැයි ඔවුන් භීතියට පත්ව සිටිති. එය ධනය බෙදා හැරීම, මූල්‍ය කතිපයාධිකාරයේ බලය සහ පක්ෂ දෙකම මගින් ආරක්ෂා කරන සමාජ ක්‍රමය පිළිබඳ සමස්ත ප්‍රශ්නයම මතු කරනු ඇත.

යුරෝපයේ පාර්ලිමේන්තු, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ සහ එක්සත් රාජධානියේ ආණ්ඩු – මේ සියල්ලන්ම මෙම අපරාධයට සම්බන්ධය. ඕස්ට්‍රේලියාව රහසිගතව SAS කමාන්ඩෝ භටයින්, Wedgetail සටන් කළමනාකරණ ගුවන් යානා සහ එහි Pine Gap බුද්ධි මධ්‍යස්ථානය යුද්ධයට යොදවා ඇත. බ්‍රිතාන්‍යය හෝමූස් සමුළුව පවත්වයි. ජර්මනිය නැවත සන්නද්ධ වෙමින් සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  පක්ෂාඝාත වී ඇත. ජාත්‍යන්තර නීතිය  සුන් කර ඇත.

ධනේශ්වර රාජ්‍ය පද්ධතියට මෙම යුද්ධය නැවැත්විය නොහැකි බව කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණක් එය කළ හැකිය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ පෙලගැසී සිටින theSocialist.lk සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA), කම්කරුවන්, තරුණයින් සහ මෙම සාපරාධී යුද්ධයට විරුද්ධ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ:

වැඩ වර්ජනය: එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ ලොව පුරා සිටින කම්කරුවන් යුද යන්ත්‍රය ක්‍රියාත්මක වීමට ඇති මාධ්‍යයන් අවහිර කිරීම සඳහා – වරාය, ගුවන්තොටුපළ, සැපයුම් මධ්‍යස්ථාන, ආයුධ නිෂ්පාදන කම්හල් සහ ප්‍රවාහන ජාලයන් – වහාම කාර්මික ක්‍රියාමාර්ග ගත යුතුය. AFL-CIO, UAW, TUC සහ සෑම ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලනයක්ම සාපරාධී නිහඬතාවයක් පවත්වා ඇත. මෙම යුද්ධයට ආයුධ, ඉන්ධන සහ සැපයුම් ගලායාම නැවැත්වීම සඳහා කම්කරුවන් නිලධරයෙන් ස්වාධීනව ඔවුන්ගේ සාමාන්‍ය කම්කරු කමිටු හරහා ක්‍රියා කළ යුතුය.

අත්පත් කර ගැනීම: කම්කරුවන් සහ තරුණයින් සේවා ස්ථාන, විශ්ව විද්‍යාල පරිශ්‍ර සහ පොදු අවකාශයන් අත්පත් කර ගත යුතුය –ඒ, යුද්ධයේ සේවකයින් බව ඔප්පු කර ඇති ආණ්ඩුවලට කන්නලව් කිරීමට නොව, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලය තහවුරු කිරීමට ය. මාර්තු 28 වන දින එක්සත් ජනපදයේ පමණක් පෙළපාළි ගිය මිලියන අටක මහජන ව්‍යාපාරය, විරෝධතා ව්‍යාපාරයක සිට, වැඩසටහනක්, උපාය මාර්ගයක් සහ නායකත්වයක් සහිත සංවිධානාත්මක දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කළ යුතුය.

ජාත්‍යන්තරව සංවිධානය වීම: ඉරානයට එරෙහි යුද්ධය ජාතික ප්‍රශ්නයක් නොවේ. එය ලෝක ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ, දකුණු කොරියාවේ, ජපානයේ – බෝම්බ හෙළන විට දී පවා තෙල් සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා ඉරානය සමඟ වෙනම ගිවිසුම් ගහ ගන්නා ආණ්ඩු පවතින මෙම රටවල – කම්කරුවෝ අරගලයට එක්විය යුතුය. “වසර ගණනාවක් ඉදිරියට එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට කලාපයේ තෙල් හා ගෑස් අහිමි කරන” බවට IRGC අනතුරු ඇඟවීම, ශිෂ්ටාචාරමය පරිමාණයේ ආර්ථික හා මිලිටරි ව්‍යසනයකට ලෝකය කෙතරම් සමීපව සිටිනවාද යන්න පිළිබඳ මිනුමක් වේ. එකම පිළිතුර වන්නේ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා සංවිධානය වන ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගීතාවයයි.

අද ට්‍රම්ප්ගේ තර්ජනය එහි සැබෑ අරුතින් තේරුම් ගත යුතුය: එය ඉරානයට එරෙහිව පමණක් නොව, මානව ශිෂ්ටාචාරයේ සියලු සමුච්චිත ජයග්‍රහණවලට එරෙහිව – ජාත්‍යන්තර නීතියට එරෙහිව, සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම තහනම් කිරීමට එරෙහිව, දෙවන ලෝක යුද්ධයේ භීෂණයෙන් හා නාසි සමූලඝාතනයෙන් පසුව සංග්‍රහ කරන ලද මානව වර්ගයාගේ මූලික සම්මතයන්ට එරෙහිව – යුද්ධ ප්‍රකාශ කිරීමකි. ඩේවිඩ් නෝර්ත් නියුරම්බර්ග් යුක්තියේ මාලිගාව (Nuremberg Palace of Justice) ඉදිරිපිට දී ප්‍රකාශ කළ පරිදි, මෙම යුද්ධය නියුරම්බර්ග් නඩු විභාගයේදී ඉහළම ජාත්‍යන්තර අපරාධය වන “සාමයට එරෙහි අපරාධය” සඳහා ස්ථාපිත කර ඇති සෑම නීතිමය සහ දේශපාලන නිර්ණායකයක්ම සපුරාලයි.

අද, 2026 අප්‍රේල් 7 වන දින ඉරාන ශිෂ්ටාචාරය විනාශ වූ දිනය බවට පත් වුවහොත්, එය ධනේශ්වර ලෝක පර්යාය මනුෂ්‍යත්වය ඉදිරියේ තමන්ගේම මරණ වරෙන්තුව අත්සන් කරන දිනය ද වනු ඇත. ඒ වෙනුවට එය ජාත්‍යන්තර කම්කරු පන්තිය මෙසේ කීමට නැගී සිටින දිනය බවට පත්විය යුතුය: අපගේ නාමයෙන් නොවේ. අපගේ ශ්‍රමය නිසා නොවේ. අපගේ නිහඬතාවය නිසා නොවේ.

මෙම ප්‍රතිරෝධය සංවිධානය කරන්නේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී සමානතා පක්ෂ (සසප) ශාඛාවන් විසිනි. ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ජාත්‍යන්තරව සිටින සියලුම කම්කරුවන්ට, තරුනයින්ට සහ සමාජවාදී මනසක් ඇති පුද්ගලයින්ට ඒවා සමග සම්බන්ධ වන ලෙස අපි ඉල්ලා සිටිමු.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය වහාම, කොන්දේසි විරහිතව නතර කරන ලෙස ඉල්ලා සිටින්න.

මැද පෙරදිගින් සියලුම අධිරාජ්‍යවාදී බලවේග ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින්න.

කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනඟන්න. වැඩ වර්ජනය කරන්න. සංවිධානය වන්න. සමාජවාදය සඳහා සටන් කරන්න.

ඉරානය, පලස්තීනය, ලෙබනනය, කියුබාව යන රටවල ජනතාව සමඟ සහයෝගීතාවය – ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව!

ඉරානයට අත නොතබනු – අධිරාජ්‍යවාදී යුද්ධය නවත්වනු!

තවත් ජන සංහාරයක් එපා – ට්‍රම්ප්ගේ යුද යන්ත්‍රය නවත්වනු!

යුද්ධයට හා කප්පාදුවට එරෙහිව කම්කරු බලය!

යුද්ධයට වරායන් වසා  දමනු – කම්කරුවනි එක්වව්!

යුද්ධයට එක සතයක්වත් නොදෙනු – රෝහල්, පාසල්, රැකියා සඳහා අරමුදල් සපයනු!

අධිරාජ්‍යවාදී සහ සයොන්වාදී හමුදා මැද පෙරදිගින් පිටවනු!

යුද අපරාධකරුවන් නවත්වනු – අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයින්ට එරෙහිව නියුරම්බර්ග්!

ප්‍රමාද වැඩි වීමට පෙර අත්‍යාසන්න සමූහ ජනසංහාරය නවත්වනු! ඉරාන ශිෂ්ටාචාරය අතුගා දැමීමේ  ට්‍රම්ප්ගේ තර්ජනය හෙළා දකිනු! Read More »

Trump

Stop the impending Genocide — Before it is too late: Condemn Trump’s Threat to Annihilate Iranian Civilisation

Emergency Statement by the Editorial Board of  theSocialist.lk and the Socialist Lead of Sri Lanka and South Asia (SLLA)  

Trump
President Donald Trump speaks with reporters in the James Brady Press Briefing Room at the White House, Monday, April 6, 2026, in Washington. [AP Photo/Mark Schiefelbein]

Today, 7 April 2026, US President Donald Trump posted on Truth Social: “A whole civilization will die tonight, never to be brought back again. I don’t want that to happen, but it probably will.”

This is not political bluster. This is the public declaration of genocidal intent by the head of state of the most heavily armed military power in history — a power that possesses thousands of nuclear weapons and has already been bombing Iran for forty days.

As the World Socialist Web Site stated today in its emergency perspective: “Every word Trump said implicates the government of the United States in a crime of Hitlerian proportions. He says openly what the Nazi leaders discussed behind closed doors.” Trump has already threatened to destroy every power plant, every bridge, every desalination facility — the entire infrastructure of civilised life for 93 million people. He has declared this will be accomplished “over a period of four hours.” He was asked by a reporter whether this constitutes war crimes. His answer: “No, not at all.”

Iran is the heir to one of the oldest and most profound civilisations in human history. Thousands of its civilians — including 168 children killed in a US missile strike on the Shajareh Tayyebeh girls’ school on the first day of the war — have already been slaughtered. Hospitals, universities, residential districts and schools have been systematically bombed. The logic of escalation, as the WSWS has warned, is inexorable: from intensified bombing to ground invasion, to the occupation of Iranian cities, and ultimately — in the face of mounting US casualties and military failure — to the resort to nuclear weapons.

This is not a hypothetical. This is the trajectory of a war that has been underway for forty days, escalating each week, with no serious force within the capitalist political system placing any brake upon it.

The Democratic Party of the United States — which funded the war with its own vote for the $839 billion defence budget — now calls Trump a “madman” and “unhinged.” But not a single Democrat has proposed concrete action to halt the war. They are complicit. They are terrified that any genuine mass mobilisation against the war would not stop at the war — it would raise the entire question of the distribution of wealth, the power of the financial oligarchy, and the social order both parties exist to defend.

The parliaments of Europe, the governments of Australia, Canada and the United Kingdom — all are implicated. Australia has secretly deployed SAS commandos, Wedgetail battle-management aircraft and its Pine Gap intelligence station to the war. Britain hosts the Hormuz summit. Germany rearming. The United Nations Security Council paralysed. International law demolished.

The capitalist state system has proved, beyond any doubt, that it cannot stop this war. Only the international working class can.

theSocialist.lk and the Socialist Lead of Sri Lank and South Asia (SLLA) aligned with the International Committee of the Fourth International, calls on workers, youth and all those in opposition to this criminal war:

Strike: Workers in the United States, Britain, Australia, Germany and across the world must take immediate industrial action — in ports, airports, logistics hubs, defence manufacturing plants and transport networks — to deny the war machine the means to function. The AFL-CIO, the UAW, the TUC and every major trade union federation has maintained criminal silence. Workers must act through their rank-and-file committees, independently of the bureaucracy, to halt the flow of arms, fuel and supplies to this war.

Occupy: Workers and youth must occupy workplaces, campuses and public spaces — not to petition governments that have proven themselves servants of the war, but to assert the independent political power of the working class. The eight million who marched on 28 March in the United States alone must be transformed from a protest movement into an organised political force with a program, a strategy and a leadership.

Organise internationally:  The war on Iran is not a national question. It is a world question. Workers in Sri Lanka, workers in South Korea, workers in Japan — whose governments are cutting separate deals with Iran to secure oil supplies even as the bombs fall — must join this struggle. The IRGC’s warning that it will “deprive the US and its allies of the region’s oil and gas for years” is a measure of how close the world stands to an economic and military catastrophe of civilisational proportions. The only answer is international working-class solidarity, organised through the International Workers Alliance of Rank-and-File Committees (IWA-RFC).

Trump’s threat today must be understood for what it is: a declaration of war not merely against Iran, but against all the accumulated gains of human civilisation — against international law, against the prohibition on targeting civilian infrastructure, against the most fundamental norms of humanity that were codified after the horrors of World War II and the Nazi Holocaust. As David North stated at the Nuremberg Palace of Justice: this war meets every legal and political criterion established at the Nuremberg Trials for a “crime against peace” — the supreme international crime.

If today, 7 April 2026, becomes the date on which Iranian civilisation is destroyed, it will also be the date that the capitalist world order signs its own death warrant in the eyes of humanity. It must instead become the date on which the international working class rises to say: Not in our name. Not with our labour. Not with our silence.

The Socialist Equality Party (SEP) sections of the ICFI are organising this resistance. We call on all workers, youth and socialist-minded people in Sri Lanka, South Asia and internationally to join them.

Demand the immediate, unconditional cessation of the US-Israeli war on Iran.

Demand the withdrawal of all imperialist forces from the Middle East.

Build rank-and-file committees. Strike. Organise. Fight for socialism.

Solidarity With the people of Iran, Palestine, Lebanon, Cuba — International Working Class Unity!

Hands Off Iran — Stop Imperialist War!

No More Genocide — Stop Trump’s War Machine!

Workers’ Power Against War and Austerity!

Ports Closed to War — Workers Unite!

Not One Penny for War — Fund Hospitals, Schools, Jobs!

Imperialist and Zionist Troops Out from the Middle East!

Stop the War Criminals — Nuremberg for Imperialist Aggression!

Stop the impending Genocide — Before it is too late: Condemn Trump’s Threat to Annihilate Iranian Civilisation Read More »

No kings

මාර්තු 28 “රජවරු එපා” පෙළපාලි: දේශපාලන පාඩම්

ජෝසප් කිෂෝර් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 29 වන දින The March 28 “No Kings” demonstrations: The political lessonsයන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

No kings
2026 මාර්තු 28 වන දින නිව්යෝර්ක් නගරයේ පැවති දැවැන්ත “නෝ කිංග්ස්” රැලියේ කොටසක්.

මාර්තු 28 වන දින පැවති ” නෝ කිංග්ස් ” පෙළපාලිවල තුන්වන වටය, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාව වූ අතර,  එය එක්සත් ජනපදය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් වීදිවලට ​​ඇද ගන්නා ලදී. ජනපද 50 පුරා සෑම ප්‍රධාන නගරයකම මෙන්ම කුඩා නගර සිය ගණනක විරෝධතා 3,300 කට වැඩි ගණනක් ඇති විය. දළ වශයෙන් මිලියන 8 ක ජනතාවක් ඒවාට සහභාගී වූ බව සංවිධායකයින් ගණන් බලා තිබේ.

එක් එක් විරෝධතාවල පරිමාණය අසාමාන්‍ය විය: ජාතිකව ප්‍රමුඛතම රැස්වීම ලෙස නම් කරන ලද මිනියාපොලිස්–ශාන්ත පාවුහි, රාජ්‍ය කැපිටල් ක්‍රීඩාංගණයට 100,000 ත් 200,000 ත් අතර පිරිසක් ඇදී ආහ. නිව්යෝර්ක් නගරයේ ඇස්තමේන්තුගත සහභාගිත්වය 350,000 ක් විය; බොස්ටන්හි 180,000 කි (අපේක්ෂා කළ ප්‍රමාණය මෙන් දෙගුණයක්); චිකාගෝහි 200,000 ක් විය; සියැටල්හි 90,000 ක් සහ සැන් ඩියාගෝහි 40,000 ක් ඇතුළුව රට පුරා ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල විශාල විරෝධතා වාර්තා විය. සංවිධායකයින් ප්‍රකාශ කළේ, ජාතික විරෝධයේ පළල අවධාරණය කරමින්, ප්‍රධාන වශයෙන් ග්‍රාමීය, රිපබ්ලිකන්-නැඹුරු ප්‍රජාවන් තුළ. විරෝධතා 600 ක් පමණ සිදු වූ බවයි

මාර්තු 28 වන දින විරෝධතාවල පරිමාණය, රට තුළ ඒකාධිපතිත්වයේ වර්ධනය සහ විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධයේ උත්සන්න වීම කෙරෙහි මහජන කෝපයේ ගැඹුර පිළිබිඹු කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලින් බිඳී යන ධනේශ්වර කතිපයාධිකාරය සහ ජනගහනයේ පුලුල් ජනතාව අතර ගැටුමක් දිග හැරෙමින් තිබේ.

දැන් මාසයක් පැරණි ඉරානයට එරෙහි යුද්ධය, රැළි වලට සහභාගී වූවන්ට තීරණාත්මක උද්වේගකර බලවේගයක් විය. විරෝධතා කැඳවූ සංවිධාන විසින් එය අවතක්සේරු කරන ලද නමුත්, නගරයෙන් නගරයට සංකේත සහ ගායනා මගින් විරෝධය ප්‍රකාශ විය. පෙලපාලි පැවැත්වෙන අතරතුර, ට්‍රම්ප් විසින් ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සහිත තවත් මිලිටරි උත්සන්න කිරීමක් සූදානම් කරමින් සිටියේය. විරෝධතාවලට පසු දින, වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ පෙන්ටගනය ඉරානයේ “සති හෝ මාස කිහිපයක” ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බවත්, වංචාකාරී සාකච්ඡා කඩතුරාව මධ්‍යයේ එවැනි මෙහෙයුම් සඳහා සැලසුම් කිරීම “සති ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පවතින” බවත්ය.

විරුද්ධවයේ පරිමාණය පාලක පන්තිය භීතියට පත් කරන අතර, සංගත මාධ්‍යවල ප්‍රතිචාරය වූයේ එය අවතක්සේරු කර හැකි ඉක්මනින් ඉදිරියට යාමයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එහි කෙටි වාර්තාවේ දී සදහන් කලේ, විරෝධතා පෙළපාලි සංවිධානය වූයේ යුද්ධයට සහ ආඥාදායකත්වයට එරෙහි දැවැන්ත විරෝධතා පිපිරීමක් ලෙස නොව, “කලකිරීමට පත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්” සහ මධ්‍ය-වාර මැතිවරණ උපාමාරු සඳහා වාහකයක් ලෙස යනුවෙනි. ඊට පසු දින ඉරිදා කේබල් ප්‍රවෘත්ති වැඩසටහන් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතාව ගැන සඳහන් කළේ යන්තමිනි. 

මුහුණ දිය යුතු ප්‍රශ්නය නම්: විරුද්ධත්වයේ පරිමාණය සැලකිල්ලට ගත් විට, ට්‍රම්ප් තවමත් බලයේ සිටින්නේ කෙසේද? යන්නයි. ව්‍යවස්ථාව විවෘතව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන, ඒකාධිපතිත්වයක් ගොඩනඟන සහ ලෝක ජනගහනය නීති විරෝධී ආක්‍රමණශීලී යුද්ධයකට ඇද දමන අපරාධකාරී තන්ත්‍රයකට පාලනය දිගටම කරගෙන යා හැක්කේ කෙසේද?

පිළිතුර පවතින්නේ  මිලියන ගණනකගේ කෝපය සහ විරෝධතා කැඳවූ විපක්ෂ යැයි කියනු ලබන ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් (Indivisible මගින්  මෙහෙයවනු ලබන) අතර දේශපාලන පරතරය තුළ ය. යුද්ධය හිතාමතාම අවතක්සේරු කිරීමේදී මෙය වඩාත් තියුණු ලෙස ප්‍රකාශ විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්ට ජර්මනියේ නියුරම්බර්ග් හි පැවති “නෝ කිංස් ” රැලිය ඇමතීමෙන් වලකන ලදී. ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරීන් “ඩිමොක්‍රටික් පක්ෂය සහාය දෙන ඉරානයට එරෙහි නීති විරෝධී යුද්ධයට එරෙහිව කතා කිරීමට සහ එය හෙළා දැකීමට මට ඉඩ නොදෙනු ඇත” යනුවෙන් නෝර්ත් සඳහන් කළේය.

ප්‍රධාන රැලිවලදී, ඩිමොක්‍රටික් දේශපාලනඥයන් යුද්ධය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම හෝ එය අමතර වාක්‍ය ඛණ්ඩයකට ඌනනය කරන ලදී. මන්ද ඔවුන් යුද්ධයේ මූලික අරමුණු සමඟ එකඟ වන අතර එහි මූලික නිර්නායකයන් පිළිගන්නා බැවිනි. බොස්ටන්හිදී, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඉරානය” ගැන කිසිසේත් සඳහන් නොකළ අතර, ට්‍රම්ප් “ලොව පුරා අඩක් බෝම්බ හෙළීමට දිනකට ඩොලර් බිලියනයක් වියදම් කිරීම” පිළිබඳ කෙටි සඳහනක් පමණක් ඇතුළත් කලාය.සෙනෙට් සභික එඩ් මාර්කි යුද්ධය ගැන සඳහන් කළේ වැදගැම්මකට නැති වාක්‍ය ඛණ්ඩයක් මගිනි. 

මිනසෝටා හි දී බර්නි සැන්ඩර්ස්ගේ විවෙචන ප්‍රධාන ඩිමොක්‍රටික් පක්ෂ චරිතයක් විසින් යුද්ධය සඳහා වාක්‍යයකට වඩා කැප කරන ලද එකම අදහස් දැක්වීමයි. “ඉරානයේ යුද්ධය ගැන අද අපට බොරු කියනු ලැබේ,” සැන්ඩර්ස් ප්‍රකාශ කළේය. “ට්‍රම්ප් සහ ඔහුගේ සහකරු වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කළ අතර එය “ව්‍යවස්ථා විරෝධී” බව ඔහු පැවසීය, මන්ද “ට්‍රම්ප් කොංග්‍රසයෙන් අවසර ලබා ගැනීමට උත්සුක නොවීම හෝ අවසරය ලබා නොගත්” බැවිනි. යුද්ධය “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” බව සැන්ඩර්ස් තවදුරටත් පැවසීය.

නමුත් සැන්ඩර්ස්ගේ කාර්යය වන්නේ යුද්ධයට සහ ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය වර්ධනය කිරීම නොව එය වැළැක්වීමයි. ඔහු යුද්ධය ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පන්ති අවශ්‍යතා සහ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරන ලද ද්විපාර්ශ්වික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් ලෙස නොව, ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ නිෂ්පාදනයක් ලෙසය. ගාසා තීරයේ ජන සංහාරය ගැන ඔහු සඳහන් කළ අතර එය ආරම්භ කර සන්නද්ධ කරන ලද්දේ ඩිමොක්‍රටික් පක්ෂය සහ සැන්ඩර්ස් විසින් සහාය දුන් බයිඩන් යටතේ බවය යන්න ගැන කිසිවක් නොකීවේය. ට්‍රම්ප්ගේ යුද යන්ත්‍රයට අරමුදල් සැපයීමට ඩිමොක්‍රටිකයින් නැවත නැවතත් ඡන්දය දී ඇති බව ගැන ද ඔහු සඳහන් කළේ නැත.

“කොන්සර්වේටිව්වරුන්, මධ්‍යස්ථවාදීන් සහ ප්‍රගතිශීලීන්” යුද්ධය අවසන් කිරීම සඳහා “එකාවන්ව” කතා කරන බවට කරන ලද ප්‍රකාශයෙන් සැන්ඩර්ස්ගේ භූමිකාව සාරාංශගත කළ හැක. එය, ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තියට නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අරමුණු ස්පර්ශ නොකර තබමින්, ගැටුම “ඊශ්‍රායලයේ යුද්ධය” ලෙස ඉදිරිපත් කරමින් විවේචනය කරන දක්ෂිනාංශික කොටස් සහ රිපබ්ලිකන් පක්ෂයට නැඹුරු වීම සඳහා කරන ආයාචනයකි. සැන්ඩර්ස් ඇත්ත වශයෙන්ම යෝජනා කරන්නේ කුමක්ද? මැතිවරණ උපාමාරු සහ නොවැම්බර් මාසයේදී ඩිමොක්‍රටිකයන්ට ඡන්දය දීමය. 

විරෝධතාවලට මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගී වූ නමුත් ඔවුන් එසේ කළේ සංවිධානාත්මක බලවේගයක් ලෙස නොව පුද්ගලයන් ලෙස ය. ස්වාධීන කම්කරු පන්ති ක්‍රියාමාර්ග මර්දනය කිරීමේදී, කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට බැඳ තැබීමේදී සහ ට්‍රම්ප්ගේ වැඩසටහනට අනුගත (adapt) වීමේදී වෘත්තීය සමිති නිලධරයේ කාර්යභාරය මෙයින් ප්‍රකාශ වේ. ෂෝන් ෆේන් යටතේ එක්සත් මෝටර් රථ කම්කරු සමිතිය (UAW) ට්‍රම්ප්ගේ “පළමුව ඇමරිකාව” යන කෝකටත් තෛලය ප්‍රවර්ධනය කර ඇති අතර ඩෙට්‍රොයිට් හි සාපේක්ෂව කුඩා සහභාගීත්වය මගින් මෙය විශේෂයෙන් පැහැදිලි විය.

මිනසෝටා රැලියේ AFL-CIO සභාපති ලිස් ෂූලර් සහ ඇමරිකානු ගුරු සම්මේලනයේ සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් දේශන පැවැත් වූහ. ෂූලර් කිසි විටෙකත් යුද්ධය ගැන සඳහන් නොකළේය. ඉරානය ගැන සඳහන් නොකර, “එය දිනකට ඩොලර් බිලියනයක් වැය වන” බව වෙයින්ගාර්ටන් සඳහන් කළාය. යුක්රේනයේ යුද්ධයේ උද්යෝගිමත් ආධාරකරුවෙකු වන වෙයින්ගාර්ටන්, මෙම මුදල් රුසියාවට එරෙහි යුද්ධය සඳහා වියදම් කිරීමට කැමති වනු ඇති බවට සැකයක් නැත.

රට පුරා වර්ධනය වන වැඩ වර්ජන ව්‍යාපාරය ගැන ෂූලර් හෝ වෙයින්ගාර්ටන් සඳහන් කළේ නැත. තීරණාත්මක කර්මාන්ත හා සේවාවල කම්කරුවන් අරගලයට අවතීර්ණ වන මොහොතේම, “මිලියන 15 ක කම්කරුවන්” වෙනුවෙන් කතා කරන බව පවසන නිලධාරීන්–වෙයින්ගාර්ටන් පැවසූ පරිදි, “අද රජවරු එපා, අපි නොවැම්බර් මාසයේදී ඡන්දය දෙමු,”ලෙස– ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීම හැර, ට්‍රම්ප් පරිපාලනයට හෝ “කෝටිපතියන්ට” විරුද්ධ වීමට කම්කරුවන් සැබවින්ම කිසිවක් කළ යුතු යැයි යෝජනා කළේ නැත.

මාර්තු 28 වන දින පැවති විරෝධතා ට්‍රම්ප් පරිපාලනයට ගැඹුරු සහ පුලුල්ව පැතිරුනු විරෝධයක් ප්‍රකාශ කළ නමුත් මෙම විරෝධය තවමත් පැහැදිලි දේශපාලන වැඩසටහනකින් මෙහෙයවනු නොලැබේ. කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ අර්බුදයේ පරිමාණයට සමාන සවිඥානික ඉදිරිදර්ශනයකින් එය සන්නද්ධ කිරීමයි. ඇතැම් මූලික කරුණු අවධාරණය කළ යුතුය.

පළමුව, ට්‍රම්ප් පරිපාලනය විදේශයන්හි යුද්ධය උත්සන්න කිරීම සහ රට තුළ ඒකාධිපතිත්වය සඳහා කුමන්ත්‍රණය කිරීම සමඟ එකවර ඉදිරියට යමින් සිටී. මහජන විරෝධයට එහි ප්‍රතිචාරය වන්නේ සහන නොව මර්දනය තීව්‍ර කිරීමයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මකා දැමීම, පොලිස්-රාජ්‍ය ක්‍රම සාමාන්‍යකරණය කිරීම සහ විසම්මුතිය නිහඬ කිරීම සඳහා වඩ වඩාත් ප්‍රචණ්ඩකාරී පියවර සකස් කිරීමයි. ගුවන් තොටුපළවල ICE නියෝජිතයන් යෙදවීම රට පුරා පැරාමිලිටරි යෙදවීම් සඳහා අත්හදා බැලීමකි. ඉරිදා “දේශසීමා සාර්වරයා” (“Border Czar”) ලෙස ට්‍රම්ප් හඳුන්වන ටොම් හෝමන් ප්‍රකාශ කළ පරිදි ප්‍රවාහන ආරක්ෂක පරිපාලන (TSA) නියෝජිතයින්ට වැටුප් ලැබීම ආරම්භ කළ පසුව පවා, ගුවන් තොටුපල වල මෙම ICE නියෝජිතයින් යොදවනු ඇත.

දෙවනුව, ට්‍රම්ප්ගේ ක්‍රියාවන් හුදෙක් ඔහුගේ පෞද්ගලික දුෂ්චරිතයෙන් පැන නගින්නේ නැත. ඔහු කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ තම ධනය සහ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා නීත්‍යානුකූලභාවයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලින් බිඳී යන ධනේශ්වර කතිපයාධිකාරය නම් පන්තියක නියෝජිතයා ලෙස ය.

තෙවනුව, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නේ ද එම පන්තියමයි. එය ට්‍රම්ප්ගෙන් වෙනස් වන්නේ උපක්‍රම සහ ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් පමණක් වන අතර, යුද්ධයට ඉඩ සලසමින් සහ ධනේශ්වර පාලනයේ අත්තිවාරම් වලට තර්ජනයක් නොවන මැතිවරණ ආදී ආවෘත අන්තයන්  සහ ආරක්ෂිත මාර්ග වෙත විරුද්ධත්වය හරවා යැවීමට ක්‍රමානුකූලව කටයුතු කරයි. 

සිව්වනුව, බලමුලු ගැන්විය යුතු තීරණාත්මක සමාජ බලවේගය වන්නේ වෘත්තීය සමිති උපකරණයෙන් ස්වාධීනව සංවිධානය වූ කම්කරු පන්තියයි. විරෝධතා, පන්ති අරගලයේ ගැඹුරු වන පිපිරීමක් සමඟ සමපාත වේ. නමුත් මෙම ව්‍යාපාරය, සංස්ථා සහ රාජ්‍යයට බද්ධ වූ වෘත්තීය සමිති නිලධරයක් විසින් අවහිර කර විසුරුවා හරිනු ලැබේ.

සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව පැවති විරෝධතාවලට මැදිහත් වූයේ මෙම පදනම මත ය: එනම්, මහජන කෝපය යුද්ධය නැවැත්වීමට සහ ආඥාදායකත්වය පරාජය කිරීමට සමත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය මූලෝපාය ඉදිරියට ගෙන යාම සඳහාය. 

අත්‍යවශ්‍ය ඊළඟ පියවර වන්නේ සේවා ස්ථානවල මුල් බැසගත් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ එකම ධනේශ්වර කතිපයාධිකාරීන්ට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව එක්සත් ජනපදයේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරුවන් සමග එක්සත් කිරීමයි. යුද යන්ත්‍රයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීමට එරෙහිව සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග සූදානම් කිරීම සඳහා වැඩබිම් සහ දේශසීමා හරහා මෙම කමිටු ගොඩනැගීමට සහ සම්බන්ධ කිරීමට ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) දිරිමත් කරයි.

යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන සමාජවාදය සඳහා සටනෙන් වෙන් කළ නොහැකි බව සසප අවධාරනය කරයි. මිලියන ගණනක් වීදිවලට ​​ඇද දමා ඇති තත්වයන් දේශපාලන සංස්ථාපිතයට ආයාචනා කිරීමෙන් නොව, කම්කරු පන්තියේ මහජන සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් පමණක් විසඳනු ඇත.

මෙය ඉල්ලා සිටින්නේ හදිසි කර්තව්‍යයක් ලෙස කතිපයාධිකාරයේ පාලනය අවසන් කිරීමට සහ පෞද්ගලික ලාභය සඳහා නොව මානව අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට සමත් නායකත්වයක් ගොඩනැහීමයි. ඉදිරි මාවතක් සොයන සියලුම කම්කරුවන්ගෙන් සහ තරුණයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය (එ.ජ) ඉල්ලා සිටින්නේ සසපට බැඳී මෙම අරගලය භාර ගන්නා ලෙසයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කරන ලදී)

මාර්තු 28 “රජවරු එපා” පෙළපාලි: දේශපාලන පාඩම් Read More »

Airborne

මැද පෙරදිගට පාබල හමුදා පැමිණෙන විට, ට්‍රම්ප් ඉරානයේ යටිතල පහසුකම් “මකා දමන” බවට තර්ජනය කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 31 වන දින ‘As ground troops arrive in the Middle East, Trump threatens “obliteration” of Iran’s infrastructure යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Airborne
එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් සපයන ලද වීඩියෝවේ මෙම රූපයේ දැක්වෙන්නේ 2026 මාර්තු 27 වන දින USS ට්‍රිපොලි (LHA 7) නෞකාවේ සිටින එක්සත් ජනපද නාවිකයින් සහ මැරීන් භටයින් එක්සත් ජනපද මධ්‍යම විධාන ප්‍රදේශයට පැමිණෙන ආකාරයයි. [AP ඡායාරූපය/එක්සත් ජනපද මධ්‍යම විධානය]

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයේ 30 වන දිනය වූ සඳුදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ සියලුම බලශක්ති උත්පාදන සහ ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් ඔහුගේ ඉල්ලීම්වලට යටත් නොවන්නේ නම් විනාශ කරන බවට තර්ජනය කළේය. “කිසියම් හේතුවක් නිසා ඉක්මනින් ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම්, අපි ඉරානයේ අපගේ ආදරණීය ‘රැඳවීම’ අවසන් කරන්නේ ඔවුන්ගේ සියලුම විදුලි ජනන කම්හල්, තෙල් ළිං සහ කාර්ග් දූපත (සහ සමහර විට සියලුම ලවණ ඉවත් කිරීමේ කම්හල්!) පුපුරුවා හැරීමෙන් සහ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙනි,” යි ට්‍රම්ප් ඔහුගේ Truth Social වේදිකාවේ පළ කළේය.

ඉරානයේ සියලුම විදුලි බලාගාර විනාශ කිරීම හේතුවෙන් ජල පිරිපහදු, රෝහල් සහ ආහාර ශීතකරණ කපා හැරීමට සිදු වීමෙන් රටේ සිවිල් ජීවිතයේ පදනම මුලිනුපුටා දමනු ඇත. එහි ජල ලවණ ඉවත් කිරීමේ කම්හල් විනාශ කිරීම, දැනටමත් නූතන ඉතිහාසයේ දරුණුතම නියඟයට මුහුණ දෙන ඉරානයේ ව්‍යසනකාරී ජල අර්බුදය තවත් උග්‍ර කරනු ඇත. 

ට්‍රම්ප් තර්ජනය කරන්නේ යුද අපරාධයක් කරන බවයි. එය ඒවායින් පිරුණු යුද්ධයක නවතම එක වනු ඇත. 1977 ජිනීවා සම්මුති සඳහා වූ අතිරේක ප්‍රොටෝකෝලය I හි 54 වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “ආහාර ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා කෘෂිකාර්මික ප්‍රදේශ, භෝග, පශු සම්පත්, පානීය ජල ස්ථාපනයන්… වැනි සිවිල් ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන වස්තූන්ට පහර දීම, විනාශ කිරීම, ඉවත් කිරීම හෝ අප්‍රයෝජනවත් බවට පත් කිරීම තහනම්ය.”

ට්‍රම්ප්ගේ තර්ජන සාමූහික දඬුවම් කිරීමට අයත් වේ. එය යුද නීතිවල පැරණිතම තහනම් කිරීම්වලින් එකකි. එය මිලියන 90 ක ජනගහනයක් වෙසෙන රටකට යොදනු ලබන ගාසා ආකෘතියයි:  එනම්, මිනිස් ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීමයි. 

ට්‍රම්ප් පාලනයේ සාපරාධීභාවය කෙතරම් නිරුවත්ද යත් මාධ්‍යට පවා එය සැලකිල්ලට ගැනීමට බල කෙරී ඇත. ජනාධිපතිවරයා “යුද අපරාධයක් විය හැකි දෙයක් පිළිබඳ තර්ජනය කරන්නේ” මන්දැයි එන්බීසී හි ගැරට් හාක් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්ගෙන් විමසූ විට, ඇය එය ප්‍රතික්ෂේප කළේ නැත. ඇය පිළිතුරු දුන්නේ එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ට “ඔවුන්ට සිහිනෙන්වත් සිතාගත නොහැකි හැකියාවන් ඇත. ජනාධිපතිවරයා ඒවා භාවිතා කිරීමට බිය නැත”, යනුවෙනි.

“ට්‍රම්ප් යුද අපරාධයක් කිරීමට තර්ජනය කරනවාද?” යන මාතෘකාව යටතේ සඳුදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ලිපියක් පළ කළේය. ට්‍රම්ප්ගේ තර්ජනය “නිසැකවම පාහේ යුද අපරාධයකට සමාන වනු ඇත. නූතන ගැටුම් පාලනය කරන නීතිවල කේන්ද්‍රීය මූලධර්මවලින් එකක් වන්නේ හමුදා ව්‍යාපාරවලදී සිවිල් වැසියන් ඉලක්ක කිරීම වැලැක්වීම සීමා කළ නොහැකි බවයි.”

මෙය සත්‍යයකි. නමුත් සමස්ත යුද්ධයම සාපරාධී සහ නීති විරෝධී ය. නියුරම්බර්ග් විනිශ්චය සභාව ආක්‍රමණශීලී යුද්ධයක් ආරම්භ කිරීම “ඉහළම ජාත්‍යන්තර අපරාධය” ලෙස අර්ථ දැක්වීය; එය අනෙකුත් යුද අපරාධවලට වඩා වෙනස් වන්නේ එහි සමස්තයේම සමුච්චිත නපුර අඩංගු වන බැවිනි. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හරියටම මෙයම වේ. 

උත්තරීතර නායක අලි කමේනිගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුසිම් ගනනක් දක්වා වූ ඉරානයේ දේශපාලන හා මිලිටරි නායකත්වය ක්‍රමානුකූලව ඝාතනය කිරීම, විධායක නියෝගය 12333 යටතේ පුද්ගල ඝාතන කිරීම් තහනම් කිරීම සහ ද්‍රෝහීකම් සහ ද්‍රෝහී ඝාතන තහනම් කරන සන්නද්ධ ගැටුම් නීති උල්ලංඝනය කරයි. මිනාබ්හි බාලිකා පාසලකට බෝම්බ හෙලීමෙන් 170 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින්ය; නිවාස 61,000 ක් සහ පාසල් 500 ක් විනාශ කිරීම; 6,500 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම යන සෑම ක්‍රියාවක්ම මෙම යුද්ධය දියත් කිරීමේ මුල් අපරාධයෙන් ගලා එයි.

ධවල මන්දිරයෙන් වඩ වඩාත් එළියට එන ජන සංහාරක වාචාල කතා වල තර්කයක් තිබේ. ඉරාන නායකයින් ඝාතනය කිරීමෙන් ඉරාන රජය පෙරලා දැමීමට බලාපොරොත්තු වූ ට්‍රම්ප් පරිපාලනය, එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇත. එහෙයින් යුද්ධයට එක්සත් ජනපද මැදිහත්වීම තීව්‍ර කිරීම හෝ විනාශකාරී පරාජයකට මුහුණ දිය යුතුය. ට්‍රම්ප් එය “සෙල්ලම් ගමනක්” ලෙස හැඳින්වූ අතර එය දින කිහිපයකින් අවසන් වනු ඇතැයි පැවසීය. මාසයක් ගත විය, දහස් ගණනක් මිය ගොස් ඇත. නමුත් ඉරාන රජය නොවෙනස්ව පවතී, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර තෙල් මිල සියයට 59 කින් ඉහළ ගොස් තිබේ.

පරිපාලනය ගාසා ආකෘතියට හැරෙමින් සිටී. එනම්, යුද්ධයේ විධික්‍රමයක් ලෙස සමාජයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමය. ගාසා තීරයේ දී ඊශ්‍රායලය විසින් 72,000 කට වැඩි පිරිසක් මරා දමා, මිලියන 2.3 ක මුළු ජනගහනයම අවතැන් කර, සෑම රෝහලක්ම සහ විශ්ව විද්‍යාලයක්ම විනාශ කර, භූමිය සුන්බුන් බවට පත් කර ඇත. ට්‍රම්ප් ගාසා තීරය මෙන් 40 ගුණයක් විශාල රටකට ඊට සමාන ක්‍රමවේදයන් හඳුන්වා දෙන බවට තර්ජනය කරයි.

ඇමරිකානු හමුදා මැද පෙරදිගට ගලා එමින් සිටී. 82 වන ගුවන් හමුදා අංශයෙන් පැරෂුට් භටයින් දහස් ගණනක් කලාපයට පැමිණ ඇත. පර්සියානු ගල්ෆ් කලාපයට නාවික ගවේෂණ ඒකක (Marine Expeditionary Units) දෙකක් යවා ඇත. වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ පෙන්ටගනය “සති කිහිපයක” ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බවත් අතිරේක භටයින් 10,000 ක් යැවීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවත්ය. ඉරාන භූමියේ ගැඹුරින් පිහිටි  භූගත ඉදිකිරීම් වල ඇති රාත්තල් 1,000 කට ආසන්න පොහොසත් යුරේනියම් අත්පත් කර ගැනීම සඳහා ට්‍රම්ප් හමුදා මෙහෙයුමක් සැලසුම් කරමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේය.

ට්‍රම්ප් පරිපාලනය සියලු නීතිමය සහ ව්‍යවස්ථාමය සීමාවන්ට පිටින් ක්‍රියාත්මක වේ. එය ගෝලීය පරිමාණයෙන් මැර කල්ලි භාෂාව කතා කරමින් බලයේ සිටින අපරාධකාරී පාතාලයකි. ට්‍රම්ප් ඉරිදා ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ තම “වැඩි කැමැත්ත” “ඉරානයේ තෙල් අත්පත් කර ගැනීම” බවයි.  එමගින්, මහා බලවතෙකුට ජාතියක සම්පත් ආක්‍රමණය කර, විනාශ කර, පසුව එහි හිමිකාරිත්වය හිමි කර ගත හැකි බවට වූ යටත් විජිත පූර්ව නිගමනය නැවත නගා සිටුවීම සිදු කරයි. 

රළු භූමි ප්‍රදේශයක් සහිත විශාල මිලිටරියක් සමග මිලියන 90 ක ජනතාවක් සිටින සහ බරපතල ජීවිත හානි සිදු කිරීමේ හැකියාව ඇති ඉරානයට එරෙහිව සිදු කරන ගොඩබිම් ආක්‍රමණයක් ඉක්මන් ජයග්‍රහණයක් ලබා නොදෙනු ඇත. ආක්‍රමණය මඩ වලක් බවට පත් වූ විට, ජීවිත හානි වැඩි වූ විට, දේශපාලන අර්බුදය ගැඹුරු වූ විට, ට්‍රම්ප්ගේ ඊළඟ පියවර කුමක් වේද?

ධවල මන්දිර නිලධාරීන් බොහෝ සේ පවසන පරිදි, “කිසිවක් මේසයෙන් ඉවතට නැත.” එක්සත් ජාතීන්ගේ Patriotic Vision Association to the United Nations හි නිත්‍ය නියෝජිතයා ලෙස වසර 12 ක් සේවය කළ මොහොමඩ් සෆා, මෙම සතියේ ඉල්ලා අස්වූයේ, එක්සත් ජනපදය “ඉරානයේ න්‍යෂ්ටික අවි භාවිතය සඳහා සූදානම් වෙමින් සිටින” බවට අනතුරු අඟවමිනි.

ට්‍රම්ප් පරිපාලනය මෙම යුද්ධය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විශ්වසනීයත්වය පරදුවට තබා ඇත. පරාජයක් රුසියාවට සහ චීනයට එරෙහිව බලය ප්‍රක්ෂේපණය කිරීමට එක්සත් ජනපදයට ඇති හැකියාව ප්‍රශ්න කරනු ඇත. එය දෙපක්ෂයේම (ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන්) කේන්ද්‍රීය මූලෝපායික අවධානයයි. ඉරානය මත “ගින්න සහ කෝපය” මුදා හැරීමේ ට්‍රම්ප්ගේ තර්ජනය ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ තර්ජනයක් ලෙස සැලකිය යුතුය.

ට්‍රම්ප්ගේ තර්ජනය එල්ල වූ එම සති අන්තයේ ඇස්තමේන්තුගත මිලියන 8 ක ජනතාවක් පෙළපාළි ගියේය. එය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාවය විය. ඇමරිකානුවන්ගෙන් සියයට හැට දෙකක් ඉරානයට ගොඩබිම් හමුදා යැවීමට “දැඩි ලෙස විරුද්ධ” වෙති. ඇමරිකානු ඉතිහාසයේ කිසිදු යුද්ධයක් ආරම්භයේ දී මෙතරම් අප්‍රසාදයට පත් වී නොමැත.

ට්‍රම්ප් තේරී පත්වීමට පෙර, වසරකට වැඩි කාලයක් මැද පෙරදිග යුද්ධ කරමින් සිටි ඩිමොක්‍රටික් පක්ෂය, යුද්ධයට එරෙහි මෙම මහජන විරෝධය වෙනතකට හරවා උදාසීන කිරීමට උත්සාහ කරයි.

“නෝ කිංග්ස්” රැලිවලදී, ඩිමොක්‍රටික් දේශපාලනඥයෝ යුද්ධය නොසලකා හැරීම හෝ එය අතිරේක වාක්‍ය ඛණ්ඩයකට ඌනනය කළහ. බොස්ටන්හිදී, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඉරානය” ගැන කිසිසේත් සඳහන් කළේ නැත. “අද රජවරු නැත, අපි නොවැම්බර් මාසයේදී ඡන්දය දෙමු,” යි AFT සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් එයම පැවසුවාය. මිනසෝටා නීතිපති කීත් එලිසන් රැස්ව සිටි පිරිසට පැවසුවේ “යුද්ධ ආරම්භ නොකරන අයට ඡන්දය දෙන” ලෙසයි .

එලිසන් විසින් රැලියට සහභාගී වූවන්ට ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දෙන ලෙස පවසමින් සිටියේය. නමුත් බයිඩන් පරිපාලනයේ අත්දැකීම් සහ ඊට පෙර පැවති අනෙකුත් සෑම ඩිමොක්‍රටික් ජනාධිපති ධුරයක් සමඟම සලකා බැලීමේ දී මෙය සම්පූර්ණයෙන්ම බංකොලොත් ඉදිරිදර්ශනයක් බව පෙන්නුම් කරයි. බයිඩන් යුක්රේනයෙහි රුසියානු ආක්‍රමණයක් අවුලුවා, පසුව යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කළේය. ඉරානයට එරෙහි යුද්ධයට පෙර සූදානමක් ලෙස ආරම්භයේ සිටම අරමුණු කරන ලද ගාසා තීරයේ ඊශ්‍රායල විසින් කරන ජන සංහාරයේ දී, ඔහු ඊශ්‍රායලය සන්නද්ධ කළේය.

නොවැම්බරයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් තෝරා පත් කර ගැනීමෙන් අර්බුදය විසඳනු ඇතැයි යන ප්‍රකාශය වංචාවකි. අද සහ එකල අතර කුමක් සිදුවේද? මෙම අවධානයේ සැබෑ අදාලත්වය වන්නේ කාලය ලබා ගැනීමයි: එනම්, යුද්ධය දියත් කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය මාස ගණන ට්‍රම්ප්ට ලබා දීමයි; ඩිමොක්‍රටික් පක්ෂය එහි මූලධර්මවලින්ම යුද්ධයට සහාය දක්වයි.

ට්‍රම්ප් කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ හුදෙක් තනි පිස්සෙකු ලෙස නොවේ. ඔහු ධනවාදී කතිපයාධිකාරයක දේශපාලනික පුද්ගලාරෝපණයයි – එම කතිපයාධිකාරය ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් බිඳ දමා තම ධනය සහ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා විදේශයන්හි යුද්ධයට සහ රට තුළ මර්දනයට යොමු වූ ඇමරිකානු පාලක පන්තියකි.

යුද්ධය අවසන් වන්නේ යුදවාදී ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීමෙන් නොව, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමෙන් ය. දැනටමත්, ජීවන වියදමේ දැවැන්ත වැඩිවීමකට මුහුණ දී සිටින වැඩ කරන ජනතාවට යුද්ධය ව්‍යසනයක් වී ඇත. යුද්ධය ඉදිරියට ඇදෙන විට, පිරිවැය තීව්‍ර වනු ඇති අතර, යුද්ධයට ගෙවීම සඳහා සමාජ වැඩසටහන් කප්පාදු කිරීමේ ඉල්ලීම් ද ඊට ඇතුළත් වේ. ට්‍රම්ප් ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් ඉල්ලා තිබේ. මෙම මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂණය දැනටමත් ප්‍රහාරයට ලක්ව ඇත. පසුගිය සියවස පුරා ගොඩනගා ඇති සමාජ වැඩසටහන් යුද යන්ත්‍රය පෝෂණය කිරීම සඳහා කපා හරිනු ඇත.

මෙම යුද්ධය නැවැත්වීමට හැකියාව ඇති එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි. මිලියන අටක ජනතාවක් වීදි බැස්සේය; නමුත් එම විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයේ පාලනය යටතේ පැවතුනහොත් එහි ගෙල සිර කරනු ඇත. යුද්ධයට එරෙහි සටන සඳහා, සෑම වැඩබිමකම සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු තුළ සංවිධානය වී, කර්මාන්ත හා දේශසීමා හරහා සම්බන්ධ වී, යුද්ධය, ආඥාදායකත්වය සහ සමාජ අසමානතාවය ඇති කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව සමාජවාදී වැඩපිළිවෙලකින් සන්නද්ධ වූ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවශ්‍ය වේ.  (අවධාරණයන් අපෙන්)

මැද පෙරදිගට පාබල හමුදා පැමිණෙන විට, ට්‍රම්ප් ඉරානයේ යටිතල පහසුකම් “මකා දමන” බවට තර්ජනය කරයි Read More »

Cuba

කියුබාව යටත් කරගැනීම සඳහා එක්සත් ජනපදය කුසගින්න යොදා ගැනීමට උත්සාහ කරන විට එරට සන්නද්ධ ප්‍රකෝප කිරීම ව්‍යර්ථ කරයි

ඇන්ඩ්‍රියා ලොබෝ විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 පෙබරවාරි 26 වන දින ‘Cuba repels armed provocation as US tries to starve island into submissionයන හිසින් පළවූ ඇන්ඩ්‍රියා ලොබෝ විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Cuba
කියුබානු දේශසීමා මුර සංචාර නෞකාව [ඡායාරූපය: කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය]

බදාදා කියුබාවේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ සන්නද්ධ ගැටුමකදී, කියුබානු දේශසීමා ආරක්ෂකයින් විසින් ආයුධ, පුපුරණ ද්‍රව්‍ය සමග දැඩි ලෙස සන්නද්ධ වූ කියුබාවෙන් පිටුවහල් කරන ලද පුද්ගලයින්ගෙන් පිරුණු ඇමරිකානු ධජය සහිත වේග බෝට්ටුවක් පලවා හැර තිබේ. එමගින්, මෙම දිවයින යටත් කර ගැනීම සඳහා සාගින්නෙන් පෙළීමේ වොෂින්ටනයේ ව්‍යාපාරය ඊටත් වඩා භයානක හා ප්‍රකෝපකාරී අවධියකට පිවිසෙමින් පවතින බවට වූ බරපතල අනතුරු ඇඟවීමක් කරයි. 

කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ෆ්ලොරිඩාවේ ලියාපදිංචි කර ඇති යාත්‍රාවක් වන FL7726SH හඳුනා ගැනීම සඳහා මුර සංචාර බෝට්ටුවක් ඒ වෙත ගමන් කර ඇත. එම යාත්‍රාව විලා ක්ලාරා පළාතේ වෙරළට නාවික සැතපුමක් පමණ දුරින්—කිසිදු පිළිගත හැකි “නාවික දෝෂයක්” නොමැතිව—ක්‍රියාත්මක විය. එම යාත්‍රාවේ සිටි අය වෙඩි තබා කියුබානු අණ දෙන නිලධාරියාට තුවාල සිදු කර ඇත. ආරක්ෂකයින් ආපසු වෙඩි තැබූ අතර, පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය ගොස් තවත් හය දෙනෙකුට තුවාල සිදු විය.

බලධාරීන් වාර්තා කළේ ප්‍රහාරක රයිෆල්, පිස්තෝල, මොලොටොව් කොක්ටේල් සහ අනෙකුත් අතින් සාදන ලද පුපුරණ ද්‍රව්‍ය, බැලස්ටික් කබා, දුරේක්ෂ දර්ශන සහ කැලෑ සටන් නිල ඇඳුම් ආදී “ත්‍රස්තවාදී අරමුණු සහිතව ආක්‍රමණය කිරීමේ” උත්සාහයකට අනුකූල උපකරණ අල්ලා ගත් බවයි.

මේ දක්වා හඳුනාගෙන ඇති බොහෝ දෙනා එක්සත් ජනපදයේ පදිංචි කියුබානු ජාතිකයන් වේ. සමහරු දැනටමත් කියුබාවේ අතීත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පුද්ගලයින්ගේ ජාතික ලැයිස්තුවේ සිටිති. ධවල මන්දිර මූලාශ්‍රයක් උපුටා දක්වන CBS ප්‍රවෘත්ති වලට අනුව, මියගිය අයගෙන් එක් අයෙකු ඇමරිකානු පුරවැසියෙකි. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඇමරිකානු පුරවැසියෙකු ලෙස ද හඳුනාගෙන ඇත. මෙම බෝට්ටුව සොරකම් කළ එකක්  බව වාර්තා වී ඇත. රඳවාගෙන සිටින හත්වන සැකකරු කියුබාව තුළ ප්‍රහාර එල්ල කිරීමට, සන්නද්ධ කණ්ඩායමට පූර්ව සූදානමක් ඇති කිරීම සඳහා තමන් එක්සත් ජනපදයෙන් එවන ලද බව පාපොච්චාරණය කර ඇති බව වාර්තා වේ.

වොෂින්ටනය ඉදිරිපත් කරනු ලබන කිසිදු උපාමාරුවකට මෙම මෙහෙයුමේ මූලික ස්වභාවය වෙනස් කළ නොහැකිය. එය 1960 ගණන්වල සිට CIA සහ අනෙකුත් ආයතන විසින් වගා කර අරමුදල් සපයන ලද කියුබානු පිටුවහල් ත්‍රස්තවාදීන්ගේ සහ එක්සත් ජනපදය පදනම් කරගත් පැරාමිලිටරි කණ්ඩායම්වල දශක ගණනාවක් පැරණි ජාලයන්ගේ නිෂ්පාදනයකි. ට්‍රම්ප් පරිපාලනය කියුබාවේ ආර්ථිකයේ ගෙල සිර කිරීමට, එක්සත් ජනපදය සඳහා දිවයින “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ දණ්ඩනීය තීරුබදු වලින් තෙල් අලෙවි කරන ඕනෑම රටකට තර්ජනය කිරීමට විවෘතව පියවර ගෙන ඇති තත්වයන් යටතේ මෙම ජාල දැන් සක්‍රීය වෙමින් පවතී.

ධවල මන්දිරය මෙම විශේෂිත මෙහෙයුමට සෘජුවම නියෝග කළත් නැතත්, ප්‍රහාරකයන්ගේ ඥාතීන් සහ මිතුරන් යුනිවිෂන් මාධ්‍යවේදී ජේවියර් ඩියාස්ට පුරසාරම් දෙඩූ පරිදි, දකුණු ෆ්ලොරිඩාවේ ගොවිපලක පුහුණුව ලත් ටික්ටොක් හරහා සාමාජිකයින් බඳවා ගත් දැඩි ලෙස සන්නද්ධ වූ මෙම කල්ලිය, ෆ්ලොරිඩාවේ සිට දියත් කර කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූයේ එක්සත් ජනපද බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ අවධානයට ලක් නොවී බව සිතාගත නොහැකිය. අවම වශයෙන්, මෙම ප්‍රකෝප කිරීම සඳහා එක්සත් ජනපද බලධාරීන්ගෙන් කොළ එළියක් ලැබුණි.

ඇමරිකානු නිලධාරීන්ගේ කුහකකම මවිතකරවන සුළුය. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීමට සහ කියුබාවට එරෙහි ඉන්ධන අවහිරය දැඩි කිරීමට මාස ගණනක් තිස්සේ සහාය දුන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, නිගමනවලට එළඹීමට පෙර “අපට අපගේම තොරතුරු ලැබෙනු ඇත” යනුවෙන් දැන් ප්‍රකාශ කරයි.

ෆ්ලොරිඩාවේ නීතිපති ජේම්ස් උත්මියර්, සිය කෝපය පල කරමින් “ඔබට කියුබානු රජය විශ්වාස කළ නොහැකි” බව පවසන අතර  ඊට “මෙම කොමියුනිස්ට්වාදීන් වගකිව යුතු බවට” පත් කරන බවට සපථ කරයි. සෙනෙට් සභික රික් ස්කොට් “කොමියුනිස්ට් කියුබානු පාලනය වගවීමට ලක් කළ යුතු” බව කියා සිටියේය.

ආක්‍රමණිකයන් වින්දිතයින් ලෙස ඉදිරිපත් කර ඇති අතර, සන්නද්ධ ප්‍රහාරයක් වළක්වා ගන්නා අය සැබෑ අපරාධකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු මුහුදු සීමාවට ඇතුළු වන, දැඩි ලෙස සන්නද්ධ විදේශීය තුවක්කුකරුවන්ගේ බෝට්ටුවකට එක්සත් ජනපද ජාතික ආරක්ෂක සංවිධානයේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්දැයි සැකයක් තිබේද?

“විවෘත මුහුදේ එවැනි වෙඩි හුවමාරු දැකීම අතිශයින් අසාමාන්‍ය දෙයක්” යැයි ප්‍රකාශ කිරීමට රුබියෝට හයියක් තිබුණි. මෙය කැරිබියන් සහ පැසිෆික් කලාපයේ–පූර්ව සැලසුම් කළ මිනීමැරීම් ගණයේ ක්‍රියාවන් වන–ධීවර බෝට්ටුවලට බෝම්බ හෙලීමෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 151 දෙනෙකු ඝාතනය වීම ගැන විවෘතව උදම් අනන රජයකින් ලැබුණු ප්‍රකාශයකි. 

1898 දී ස්පාඤ්ඤ යටත් විජිත අත්පත් කර ගැනීම සඳහා යුද්ධය සාධාරණීකරණය කර ගැනීමට, හවානාහි දී යූඑස්එස් මේන් (USS Maine) නෞකාව ගිල්වා දැමීම දඩමීමා කරගත් සහ 1961 දී CIA විසින් සන්නද්ධ කළ කියුබානු පිටුවහල්කරුවන්ගේ බේ ඔෆ් පිග්ස් (Bay of Pigs) ආක්‍රමණය සංවිධානය කළ එම පාලක පන්තියම, දැන් තම දිගු කාලීන ආධිපත්‍යය සඳහා වන අරමුණ සුරක්ෂිත කර ගැනීම සඳහා කැරිබියන් දූපත් වල නව ප්‍රකෝප කිරීම් සඳහා අඩිතාලම දමමින් සිටී.

සිද්ධිය වුනු කාලය එහි දේශපාලන අරමුණ අවධාරණය කරයි. එය සිදු වූයේ රූබියෝ කැරිබියානු ප්‍රජා (Caricom) සමුළුවක් සඳහා, ශාන්ත කිට්ස් සහ නෙවිස් හි අගනුවර වන බැසෙටෙරේ වෙත ගමන් කරන අතරතුර ය. එහිදී මදුරෝ පැහැර ගැනීම සහ කියුබාවට එරෙහි ඉන්ධන අවහිර කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනය විවේචනයට ලක් විය. කැරිබියානු රජයන්ට වෙනිසියුලාව සහ කියුබාව යන දෙකම සමඟ දිගුකාලීන වෙළඳ හා දේශපාලන සබඳතා ඇත.

කියුබාවේ පුහුණුව ලත් වෛද්‍යවරයෙකු වන ශාන්ත කිට්ස් සහ නෙවිස් අගමැති ටෙරන්ස් ඩෲ, “අස්ථාවර වූ කියුබාවක් අප සියල්ලන්ම අස්ථාවර කරනු ඇත” යනුවෙන් සෘජුවම අනතුරු ඇඟවීය. එක්සත් ජනපදයෙන් නෙරපා හරින ලද තුන්වන රටවලින් පිටුවහල් කරන ලද අය පිළිගැනීම, කියුබානු වෛද්‍ය දූත මෙහෙවර කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීම, චීනය සමඟ සබඳතා ලිහිල් කිරීම සහ මුහුදු මට්ටම ඉහළ යාම සහ කුණාටු ඔවුන්ගේ දූපත් විනාශ කරන තත්වයේදී පවා දේශගුණික විපර්යාස පිළිබඳ සීමිත කැපවීම් පවා ට්‍රම්ප් විසින් ඉරා දමා ඇති බව පිළිගැනීම සඳහා කරන ලද ඇමරිකානු ඉල්ලීම් සම්බන්ධයෙන් කැරිබියානු  නායකයින් දුක්ගැනවිලි මතු කළහ.

මෙම අතෘප්තියට මුහුණ දුන් රුබියෝ වෙනිසියුලාව සම්බන්ධයෙන් ආරක්ෂක ස්වරයක් අනුගමනය කළේය. ඔහු පැවසුවේ, “අපගේ මෙහෙයුම් සහ වෙනිසියුලාව කෙරෙහි අපගේ ප්‍රතිපත්තිය පිළිබඳව ඔබගෙන් සමහරෙකුට තනි තනිව හැඟුණු ආකාරය නොසලකා,වෙනිසියුලාව සති අටකට පෙර තිබූ තත්වයට වඩා අද වඩා හොඳ තත්වයක පවතී”, යන්නයි. කලාපීය බලශක්තිය සඳහා කැරකස් “අසාමාන්‍ය හවුල්කරුවෙකු” වීමේ අපේක්ෂාව ඔහු ඉස්මතු කළේය. 

ඒ සමඟම, වෙනිසියුලානු ඉන්ධන ඇතුළු සීමිත ගෑස් සහ අනෙකුත් තෙල් නිෂ්පාදන  පුද්ගලික කියුබානු ආයතන සහ පුද්ගලයින් හට අපනයනය කිරීමට ඉඩ දී, ඉන් කියුබානු රාජ්‍යය පැහැදිලිවම බැහැර කිරීමෙන්, “කියුබානු ජනතාවට සහාය දෙන” බව එක්සත් ජනපද භාණ්ඩාගාරය ව්‍යාජ ලෙස නිවේදනය කළේය.

මෙක්සිකෝවේ ලා ජෝර්නාඩා පුවත්පත  මෙම සීමාවන් “ප්‍රායෝගිකව, නැව්ගත කිරීම් සම්බන්ධීකරණය කිරීමට සහ ලබා ගැනීමට හැකියාව ඇති ඕනෑම කියුබානු ආයතනයක් බැහැර කරයි.” යනුවෙන් සඳහන් කරයි. එක්සත් ජනපද කියුබානු විශේෂඥ විලියම් ලියෝග්‍රැන්ඩේ වොෂින්ටන් පෝස්ට් වෙත පැවසුවේ, කෙසේ වෙතත්, පෞද්ගලික ක්‍රියාකාරීන් “මානුෂීය අර්බුදයේ සැලකිය යුතු වෙනසක් කිරීමට” ප්‍රමාණවත් තෙල් ආනයනය නොකරන බවයි.

සැබෑ අරමුණ පැහැදිලිය: එනම්, පාලන තන්ත්‍ර වෙනසක් (regime change) සඳහා වොෂින්ටනයේ ප්‍රියතම සමාජ පදනම ලෙස ධනපතියන් සහ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයින් ස්ථරයක් තවදුරටත් වගා කරන අතරතුර පුළුල් ජනගහනය කුසගින්නේ තබා බිය ගැන්වීමයි. එය මොන්රෝ මූලධර්මය (Monroe Doctrine) යටතේ පොතට අනුව කරන පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමකි. අද ප්‍රායෝගිකව “ට්‍රම්ප් මූලධර්මය” ලෙස විවෘතව මෙය කැඳවනු ලැබේ.

වොෂින්ටනය මෙහිදී සාර්ථක වුවහොත් එයින් අදහස් වන්නේ ඇමරිකානු සංගත සහ බැංකු විසින් පාලනය කරනු ලබන වඩාත් ආන්තික අසමානතාවය සහ ලාභ ශ්‍රම කලාප මත ආධිපත්‍යය දරන කොම්ප්‍රදෝරු ප්‍රභූවක් බලයට පත් කිරීමයි.  කුප්‍රකට ප්ලැට් සංශෝධනය (Platt Amendment—1901) යටතේ කියුබාවට පනවන ලද යටත් විජිත තත්වයට නැවත ගෙන එනු ඇති මෙම මෙහෙයුම, ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් සියල්ල මත තම අසීමිත ආධිපත්‍යය පැටවීමට සහ චීනය, ඉරානය, රුසියාව සහ අනෙකුත් ප්‍රතිවාදීන්ට එරෙහිව ලෝක යුද්ධයට සූදානම් වීමට ඇති පුළුල් එක්සත් ජනපද තල්ලුවේ කොටසකි.

1959 සිට, කියුබාව CIA අනුග්‍රහය ලත් ගණන් නැති මෙහෙයුම්වල ඉලක්කයක් වී ඇත: බෝම්බ හෙලීම්, ෆිදෙල් කැස්ත්‍රෝට එරෙහිව ඝාතන උත්සාහයන්, ආර්ථික කඩාකප්පල් කිරීම්, පිටුවහල් ත්‍රස්ත කණ්ඩායම්වලට ආයුධ සැපයීම සහ අරමුදල් සැපයීම සහ Bay of Pigs ආක්‍රමණය ආදියයි ඒ. 

බදාදා මරා දැමූ සහ අල්ලා ගන්නා ලද මිනිසුන් මෙම ඉතිහාසයට හරියටම ගැලපේ: ඔවුහු කියුබානු රජයට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධයක් දැරීම පිළිබඳ ප්‍රචලිත වාර්තා සහිත එක්සත් ජනපදයේ දිගු කාලීන පදිංචිකරුවන් වන අතර එක්සත් ජනපද භූමියේ පුහුණුව ලබා, පැරාමිලිටරි ක්‍රියාමාර්ග හරහා දිවයින “නිදහස් කිරීමේ” නාමයෙන් විවෘතව (මෙම අවස්ථාවේදී සමාජ මාධ්‍ය හරහා) සංවිධානය වී ඇත.

කියුබානු ජනතාව වොෂින්ටනය විසින් සැලසුම් කරන ලද පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටියදී මෙම ත්‍රස්තවාදී ප්‍රකෝප කිරීම දිග හැරුණි. ට්‍රම්ප්ගේ ජනවාරි 29 වන දින නියෝගය මගින් දිවයිනට ලැබෙන සියලුම බලශක්ති සැපයුම් නැවැත්වීම සඳහා එක්සත් ජනපද අවහිරයක් (US blockade), එනම් යුද ක්‍රියාවක් පනවා ඇත.

ඉන්ධන හිඟය නිසා බොහෝ ප්‍රදේශවලට පැය 20-30 ක විදුලි බිඳවැටීම් ඇති වී ඇති අතර, පොදු ප්‍රවාහන හා ආහාර බෙදා හැරීම අඩාල වී ඇත.  ශීතකරණ හා ජල පද්ධති කඩා වැටී ඇත. ඖෂධ හිඟය, මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතින අතර දරුවෝ කුසගින්නේ නින්දට යති. මෙය කියුබාවේ ඉතිරි මිලියන 8 ක ජනතාවක් කුසගින්නේ තැබීමෙන්, එක්සත් ජනපදය විසින් නියම කරන ලද දේශපාලන සමථයක් පිළිගැනීමට සැලසුම් කළ උත්සාහයකි.

මෙම ව්‍යසනය සඳහා මූලික වගකීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට පැවරෙන බව පැහැදිලිවම කිව යුතුය. නමුත් කියුබානු පාලන තන්ත්‍රය සමාජවාදය හෝ ධනවාදයට විකල්පයක් නියෝජනය කරන බව එයින් අදහස් නොවේ. 1959 කියුබානු විප්ලවයේ ආරම්භයේ සිටම, ෆිදෙල් කැස්ත්‍රෝ ඇමරිකානු ධනවාදය සමඟ සහයෝගීතාවයක් සෙවූ ධනේශ්වර ජාතිකවාදියෙකි. බලයට පත්වී මාස හතරකට පසු ඔහු මෙසේ ප්‍රකාශ කළේය:

අපි කොමියුනිස්ට්වාදීන් නොවන බව මම පැහැදිලිව සහ නිශ්චිතව ප්‍රකාශ කර ඇත්තෙමි. කියුබාවේ කර්මාන්ත සංවර්ධනයට දායක වන පෞද්ගලික ආයෝජන සඳහා දොරටු විවෘතව පවතී. එක්සත් ජනපදය සමඟ අවබෝධයකට එළඹෙන්නේ නැත්නම් අපට ප්‍රගතියක් ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැක්කකි.”

වොෂින්ටනය සීමිත ප්‍රතිසංස්කරණ පවා ප්‍රතික්ෂේප කළ විට පමණක්, කැස්ත්‍රෝ ජනසතු කිරීම් වෙත යොමු වී මොස්කව් ස්ටැලින්වාදී නිලධරයෙන් වෙත යොමුවී ආධාර පැතූ අතර, ඒ කියුබාව ක්‍රෙම්ලිනයේ විදේශ ප්‍රතිපත්තියට ගැටගැසීමට සහ දිවයිනේ ස්වාධීන කම්කරු පන්ති දේශපාලනය මර්දනය කිරීමට හිලව් වශයෙනි. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, කියුබානු නායකත්වය ඊට ප්‍රතිචාර දැක්වූයේ රට විදේශ ප්‍රාග්ධනයට වඩ වඩාත් පුළුල් ලෙස විවෘත කිරීමෙනි. 

ඇමරිකානු සම්බාධක මගින් නිර්මාණය කරන ලද දරුණු අර්බුදය මෙම ප්‍රභූවේ කොටස් විසින් දකින්නේ තර්ජනයක් ලෙස නොව, පූර්ණ පරිමාණයේ “කම්පන චිකිත්සාව” (shock therapy) ක්‍රියාත්මක කිරීමට සහ ඇමරිකානු පිළිවෙළ යටතේ තරඟකාරී හවුල්කරුවන් ලෙස ඒකාබද්ධ වීමට හැකි අවස්ථාවක් ඉදිරියට ගැනීමක් ලෙසය. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියුබාවට එරෙහි සියලු ඇමරිකානු ආක්‍රමණශීලී ක්‍රියාවන්ට කොන්දේසි විරහිතව විරුද්ධ වන අතර, එය මිනීමරු සම්බාධක, ත්‍රස්තවාදී ඇතුළුවීම සහ වර්තමාන සාගත ව්‍යාපාරය දක්වා ක්‍රියා හෙළා දකී. නමුත් අපි එසේ කරන්නේ කියුබානු ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා නොව ජාත්‍යන්තර කම්කරු පන්තියේ දෘෂ්ටි කෝණයෙන් ය.

කම්කරුවන්ට සහ තරුණයින්ට එරෙහිව මර්දනය තීව්‍ර කිරීම සඳහා මෙම ප්‍රකෝප කිරීම ගසාකෑමට හවානා පාලන තන්ත්‍රය දරන ඕනෑම උත්සාහයකට ද විරුද්ධ විය යුතුය. අධිරාජ්‍යවාදයට එරෙහිව කියුබාව ආරක්ෂා කිරීම, ධනේශ්වර සූරාකෑමට එරෙහිව සටන් කිරීම සහ කැස්ත්‍රෝවාදී බලධාරීන්ගෙන් ස්වාධීනව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වෙන් කළ නොහැකි කාර්යයන් වේ.

ඉදිරි මාවත පවතින්නේ කියුබාවේ කම්කරුවන්ගේ අරගල එක්සත් ජනපදය, කැරිබියන් සහ ලොව පුරා අරගල සමඟ ඒකාබද්ධ කිරීමෙනි. WSWS විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, කියුබානු කම්කරුවෙක් හා මටන්සාස් හි තනි මවක් කුසගින්න සහ බිය මධ්‍යයේ ගෙවන ජීවිතය විස්තර කළ අතර සම්බාධකවලට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස ඇමරිකානු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

එම ඉදිරිදර්ශනය සවිඥානික වැඩසටහනක් බවට පත් කළ යුතුය: එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව නැව් තටාක සේවකයින්, ප්‍රවාහන සේවකයින්, තෙල් සේවකයින් සහ අනෙකුත් අයට නිෂ්පාදන හා බෙදාහැරීමේ ලීවරයන්හි ඔවුන්ගේ ස්ථානය භාවිතා කර වටලෑම (siege) බිඳ දැමිය හැකිය; එමගින් සම්බාධක ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරමින් සහ ඉන්ධන, ආහාර සහ ඖෂධ නැව්ගත කිරීම් සංවිධානය කළ හැකිය.

ඒ සමඟම, ජනාධිපතිවරුන් පැහැරගෙන යන, ධීවරයින්ට බෝම්බ හෙලන සහ විදේශයන්හි මිලියන ගණනක් කුසගින්නේ තබන පාලන තන්ත්‍රය, තමන්ගේ රැකියා, වැටුප් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව රට තුළ යුද්ධ කරන පාලන තන්ත්‍රයම බව ඇමරිකානු කම්කරුවන් හඳුනාගත යුතුය. යුද්ධයට සහ අධිරාජ්‍යවාදයට එරෙහි සටන, එක්සත් ජනපදය තුළම සමාජ අසමානතාවය, යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ධනේශ්වර සූරාකෑමට එරෙහි අරගලයෙන් වෙන් කළ නොහැකිය.

කියුබාව යටත් කරගැනීම සඳහා එක්සත් ජනපදය කුසගින්න යොදා ගැනීමට උත්සාහ කරන විට එරට සන්නද්ධ ප්‍රකෝප කිරීම ව්‍යර්ථ කරයි Read More »

IMG 0767

ඉරානයට එරෙහි යුද්ධය පන්ති අරගලය තීව්‍ර කරනු ඇත

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 15 වන දින ‘The war against Iran will intensify the class struggle යන හිසින් පළවූ ජෝෂෆ් කිශෝර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

ජෝෂෆ් කිශෝර් විසිනි.

Image Not Found
2026 මාර්තු 4 වන දින ඉරානයේ ටෙහෙරානයට එක්සත් ජනපද-ඊශ්‍රායල හමුදා කාපට් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයි

එක්සත් ජනපදයේ විශාලතම හරක් මස් සැකසුම් මධ්‍යස්‌ථානයන්ගෙන් එකක් වන කොලරාඩෝ හි ග්‍රීලි හි ජේබීඑස් කම්හලේ මස් ඇසුරුම් කම්කරුවන් 3,800 කට ආසන්න සංඛ්‍යාවක් අද වැඩ වැරීමකට නියමිතව ඇත.  දරිද්‍රතා වැටුප් සහ අනාරක්ෂිත තත්වයන්ට විරෝධය පළ කරමින් කම්කරුවන් පසුගිය මාසයේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට පක්ෂව සියයට 99 ක් ඡන්දය දුන්හ. මිනසෝටා හි ඔස්ටින්හි 1985-86 හෝමෙල් (Hormel) වැඩ වර්ජනයෙන් පසු එක්සත් ජනපදයේ මස් ඇසුරුම් කම්කරුවන්ගේ විශාලතම වැඩ වර්ජනය මෙය වේ. 

ග්‍රීලි කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් හයිටි සහ සෝමාලියාවෙන් මෑතකදී පැමිණි සංක්‍රමණිකයන් වන අතර, ඔවුන් ට්‍රම්ප් පරිපාලනය යටතේ පිටුවහල් කිරීමේ යාන්ත්‍රයෙන් සෘජු තර්ජනයට ලක්ව සිටී.  කෙසේ හෝ, ඔවුහු වැඩ වර්ජනය කිරීමට ඡන්දය ලබා දුන්හ. ග්‍රීලි කම්කරුවන්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය ඇමරිකාවේ පන්ති සබඳතාවල පුපුරන සුලු තත්ත්වය පිළිබිඹු කරයි.

මස් ඇසුරුම් කම්කරුවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වන්නේ යුද්ධයේ පසුබිම තුළය. සති දෙකකට පෙර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය සාපරාධී ආක්‍රමණික යුද්ධය දියත් කළ අතර එය කලාපීය හා ගෝලීය ගැටුමක් දක්වා වේගයෙන් සර්පිලාකාර වෙමි පවතී.

මෙම යුද්ධයේ හේතු බහුවිධ හා සංකීර්ණ වේ. ඉරානය දිගු කලක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉලක්කයක් වී ඇති අතර, එය මැද පෙරදිග තෙල් සම්පත්වල ආධිපත්‍යය දැරීමට දශක ගණනාවක් තිස්සේ ව්‍යාපාරයක් දියත් කර ඇත. ඝාතනය සහ සමූහ සංහාරය හරහා ඉරාන රජය පෙරලා දැමීමේ උත්සාහය, චීනයට එරෙහි ඇමරිකානු පාලක පන්තියේ ප්‍රහාරය සහ ගෝලීය ආධිපත්‍යය සඳහා වන ධාවනය සමඟ බැඳී ඇත.

කෙසේ වෙතත්, ප්‍රධාන සාධකයක් වන්නේ එක්සත් ජනපදය තුළ පවතින සමාජ අර්බුදයයි. ඉතිහාසය පුරාම, ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුණ දෙන පාලන තන්ත්‍රයන් යුද්ධය හරහා ඒවා විසඳීමට උත්සාහ කර ඇත. මැකින්ලි පරිපාලනය 1898 ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය දියත් කළේ උත්සන්න වූ පන්ති ගැටුමක් සහ ආර්ථික අවපාතයේ ප්‍රතිවිපාක මධ්‍යයේ ය; සාර්වාදී රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වියචෙස්ලාව් ප්ලෙහ්ව් 1904 දී ජපානය සමඟ යුද්ධයට පක්ෂව කතා කළේ, “විප්ලවයේ රැල්ල මැඩපැවැත්වීම සඳහා කෙටි, ජයග්‍රාහී යුද්ධයක් මේ රටට අවශ්‍ය වන්නේය” යන පදනම මත ය. 1905 විප්ලවයේදී එම ගණනය කිරීමට සුදුසු ප්‍රතිචාරය ලැබුණි.

කෙසේ වෙතත්, මෙම ප්‍රවණතාවයේ වඩාත්ම විනාශකාරී ප්‍රකාශනයන් වන්නේ විසිවන සියවසේ ලෝක යුද්ධ දෙක වේ. 1914 දී යුරෝපයේ පාලක පන්තීන් යුද්ධය සැලකුවේ, නැගී එන කම්කරු පන්ති අරගලයේ රැල්ල ජාතිකවාදී දේශප්‍රේමයේ (nationalist patriotism) ගිල්වීමේ මාධ්‍යයක් ලෙස ය. යුද්ධයම 1917 රුසියානු විප්ලවයට සහ යුරෝපය පුරා විප්ලවවාදී නැගිටීම්වලට හේතු විය. දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන්, හිට්ලර්ගේ නොනවතින මිලිටරිකරණය සහ ආක්‍රමණශීලී ව්‍යාපාරය ජර්මානු අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍යතාවයන් සහ, ඉතිහාසඥ ටිම් මේසන් සඳහන් කර ඇති පරිදි, රට තුළ “බිඳවැටීම සහ අවුල් සහගත තත්ත්වය” වළක්වා ගැනීමේ උත්සාහය යන දෙකම විසින් මෙහෙයවනු ලැබීය.

ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග මගින් ඊට සමාන පීඩන පිළිබිඹු වේ. 2026 මුල් මාස දෙක තුළ ආධිපත්‍යය දැරූ ගැටළු සලකා බලන්න. ජනවාරි සහ පෙබරවාරි මාසවලදී, පසුගිය වසරේ දැවැන්ත “නෝ කිංග්ස්” (රජුන් එපා!) පෙළපාලිවලින් පසුව ඇති වූ සමාජ විරෝධතා රැල්ලකින් එක්සත් ජනපදය සෙලවී ගියේය. ප්‍රේරකය වූයේ මිනියාපොලිස්-ශාන්ත පෝල් වෙත ෆෙඩරල් ආගමන (ICE) නියෝජිතයන් 3,000 ක් පමණ යෙදවීම සහ ජනවාරි 7 වන දින ICE නියෝජිතයෙකු විසින් රෙනී නිකොල් ගුඩ්ව වෙඩි තබා ඝාතනය කිරීමයි. ජනවාරි 23 වන දින, මිනියාපොලිස් හි දස දහස් ගණනක් ජනයා, -30°F ක සීතලට මුහුණ දෙමින් විරෝධතා පෙළපාළි ගියහ. එහිදී, වෘත්තීය සමිති යාන්ත්‍රණයෙන් හෝ ඩිමොක්‍රටික් පක්ෂයෙන් නොව, පහළින් [සාමාන්‍ය කම්කරුවන්ගෙන්] මහා වැඩ වර්ජනයක් සඳහා වැඩෙන ඉල්ලීම් මතු විය.

ඊට, ට්‍රම්ප් පරිපාලනයේ සහ එහි ICE සහ රේගු සහ දේශසීමා ආරක්ෂණ (CBP) හි ගෙස්ටාපෝ නියෝජිතයින්ගේ ප්‍රතිචාරය වූයේ ඇලෙක්ස් ප්‍රෙට්ටි ඝාතනය කිරීමයි. රට පුරා විරෝධතා පැතිර ගිය අතර, උසස් පාසල් සිසුන්ගේ රට පුරා විරෝධතා රැල්ලක් ඇති විය. එක් ගණන් ගැනීමකට අනුව, 2026 දී පමණක්, ප්‍රාන්ත 48 ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ පාසල් දිස්ත්‍රික්ක 236 ක විරෝධතා 334 ක් පැවැත්විණි.

ඒ සමඟම, කම්කරු පන්තිය තුළ සැලකිය යුතු වැඩ වර්ජන ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පැවති අතර, එය පාලනය කිරීමට වෘත්තීය සමිති යාන්ත්‍රණය උමතු ලෙස කටයුතු කළේය. නිව් යෝර්ක් නගරයේ, හෙදියන් 15,000 ක් මාසයකට වැඩි කාලයක් වැඩ වර්ජනයක නිරත විය. 2026 ජනවාරි මස 26 වන දින, කයිසර් පර්මෙන්ටේ හි හෙදියන් සහ සෞඛ්‍ය සේවකයින් 31,000 ක් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සෞඛ්‍ය සේවා වැඩවර්ජනවලින් එකක් වන කැලිෆෝනියාවේ සහ හවායි හි විවෘත වැඩ වර්ජනයකට සහභාගි විය. පෙබරවාරි 9 වන දින, සැන් ෆ්‍රැන්සිස්කෝ ගුරුවරුන් 6,400 ක් වැඩි වැටුප් සහ ප්‍රමාණවත් පාසල් අරමුදල් ඉල්ලා වැඩ වර්ජනය කළහ.

සමාජ විරෝධතා සහ වැඩ වර්ජන ආදී ක්‍රියාමාර්ග පුපුරා යාම, දශක ගණනාවක් තිස්සේ දැවැන්ත සමාජ අසමානතාවයේ සහ කතිපයාධිකාරයක් අත පෙර නොවූ විරූ ධන සංකේන්ද්‍රණයක ප්‍රතිවිපාක ප්‍රකාශ කරයි. පාලක පන්තිය ලේ වැකි රැකියා කප්පාදුවක් සිදු කරමින් සිටින අතර, පහත වැටෙන ජීවන තත්වයන් සහ ගැඹුරු වන අනාරක්ෂිත භාවය කම්කරුවන් විසින් පිළිගත යුතු යැයි ඉල්ලා සිටී. එක්සත් ජනපදය රාජ්‍ය හා පෞද්ගලික ණය දැවැන්ත හා තිරසාර නොවන ලෙස ප්‍රසාරණය වීමකට සහ ඩොලරයේ ගෝලීය සංචිත තත්වයට එල්ල වන තර්ජනවලට සහ වැටුප් ගිල දමමින් පවතින උද්ධමනකාරී පීඩනයන්ට මුහුණ දී සිටී.

වරදකරු කරනු ලැබූ අපරාධකරුවෙකු  විසින් මෙහෙයවන ලද ට්‍රම්ප් පරිපාලනය, ජනගහනයේ වර්ධනය වන කොටස් විසින් වෛර කරනු ලැබේ. ජනවාරි අග දී සිදු කරන ලද පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ (Pew Research Cente) සමීක්ෂණයකින් ට්‍රම්ප්ගේ මහජන ප්‍රසාදයේ ශ්‍රේණිගත කිරීම සියයට 37 ක් පමණක් වූ අතර ඇමරිකානුවන්ගෙන් සියයට 50 ක් කියා සිටියේ ඔහුගේ පරිපාලනයේ ක්‍රියාමාර්ග ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා නරක බවයි. ට්‍රම්ප් දැන් මුළු වසරක්ම මහජන ප්‍රසාදයේ ශුද්ධ සෘණ ශ්‍රේණිගත කිරීමක් සමඟ ගත කර ඇත.

ජෙෆ්රි එප්ස්ටයින් ලිපිගොනු වලින් මිලියන ගණනක් ලේඛන නිකුත් කිරීම ට්‍රම්ප්ගේ දූෂිතභාවය පිළිබඳ තවත් සාක්ෂි සපයා ඇතිවා පමණක් නොව, ඇමරිකානු පාලක පන්තියේ සහ පක්ෂ දෙකෙහිම එහි දේශපාලන නියෝජිතයින්ගේ සදාචාරාත්මක කුණුවීම ද හෙළිදරව් කර තිබේ. යුද්ධය හරහා “මාතෘකාව වෙනස් කිරීමට” උත්සාහ කිරීමේදී, ට්‍රම්ප් ක්‍රියා කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස ය.

ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති සහ අපරාධවලට ගැඹුරින් සම්බන්ධ වී සිටී. ඔවුන් ව්‍යාජ විපක්ෂයකි. ඔවුන් ඉරානයට එරෙහි යුද්ධයට සහ එහි රජය පෙරලා දැමීමට සහාය දක්වයි. යුද ධාවනය වේගවත් වන විට, දැවැන්ත මිලිටරි වියදම් පියවරයන් සම්මත කර ගැනීම සහතික කිරීමට ඩිමොක්‍රටික් නායකයෝ කටයුතු කළහ. ICE මර්දනය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා පැනනැඟුණු විට, ඩිමොක්‍රටික් නිලධාරීහු ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණියහ.

ඩිමොක්‍රටික් පක්ෂයේ සහයෝගීතා උන්මාදයට නිව්යෝර්ක් නගරාධිපති සහ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ සාමාජික සොහ්රාන් මම්දානි ද ඇතුළත් වේ. යුද්ධයට පෙර මාස කිහිපය තුළ ට්‍රම්ප් හමුවූ ඔහු , බෝම්බ ප්‍රහාරය ආරම්භ වීමට දින දෙකකට පෙර එක් වරක් ඇතුළුව දෙවරක් හමුවිය. 

ට්‍රම්ප්ට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. මාධ්‍යයට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත.  ඩිමොක්‍රටික් පක්ෂයට ද මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. නමුත් යුද්ධය අභ්‍යන්තර අර්බුද අඩු කිරීමට වඩා ඒවා තීව්‍ර කරමින් පවතී. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භයේ සිටම විශාල ලෙස ජනප්‍රියත්වයෙන් තොරය. යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක ක්ෂණික හා දරුණු වී ඇති අතර, ඉහළ යන තෙල් මිල ද ඊට ඇතුළත් ය. ගැටුමේ මුල් දින හය තුළ පමණක් වැය කරන ලද ඩොලර් බිලියන 11.3, සමාජ වැඩසටහන් වලට ගෙවනු ලබන සමාජ සම්පත් දැවැන්ත ලෙස යුද්ධයට හරවා යැවීමක් නියෝජනය කරයි. යුද්ධය පුළුල් වන විට සහ මරණ සංඛ්‍යාව වැඩි වන විට විරුද්ධත්වය වර්ධනය වනු ඇත.

2003 දී ඉරාක යුද්ධය ආරම්භයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය:

“ආරම්භ වී ඇති ගැටුමේ ආරම්භක අවධීන්හි ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට ව්‍යසනය මුනගැසෙනු ඇත. එයට ලෝකය ජය ගත නොහැක. එයට මැද පෙරදිග ජනතාව මත යටත් විජිත විලංගු නැවත පැටවිය නොහැක. යුද්ධයේ මාධ්‍යය හරහා එහි අභ්‍යන්තර රෝග සඳහා ශක්‍ය විසඳුමක් සොයා ගැනීමට එයට නොහැකි වනු ඇත. ඒ වෙනුවට, යුද්ධයෙන් ජනනය වන අනපේක්ෂිත දුෂ්කරතා සහ නැගී එන ප්‍රතිරෝධය ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තීව්‍ර කරනු ඇත.”

එම සටහන ලියා දශක දෙකකට වැඩි කාලයක් තුළ, ඇමරිකානු සමාජයේ “අභ්‍යන්තර රෝග” ඉස්මත්තට පැමිණ ඇත. ධවල මන්දිරයේ මැර කල්ලි නායකයා වන ට්‍රම්ප්ම මෙම යථාර්ථයේ නිෂ්පාදනයක් සහ පුද්ගලාරෝපණයකි. ඉරානයට එරෙහි යුද්ධය, එහි සියලු කුරිරු අපරාධකාරීත්වය මෙන්ම එය ක්‍රියාත්මක කරන ආණ්ඩුවද හරහා, විනාශය කරා වේගයෙන් ගමන් කරන ධනේශ්වර කතිපයාධිකාරීත්වයක් සහ සියලු දේශපාලන සුජාතභාවය අවසන් කරන සමාජ පිළිවෙලක් හෙළිදරව් කරයි.

අර්බුදයේ පරිමාණය රජයේ වඩ වඩාත් නොසැලකිලිමත් ක්‍රියාමාර්ගවලට හේතු වේ. මිනියාපොලිස් හි ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමේදී ප්‍රකාශ වූ ඒකාධිපතිත්වය සඳහා වූ කුමන්ත්‍රණය දිගටම පවතී. ඉරානය සම්බන්ධයෙන් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ “කිසිවක් මේසයෙන් පිටත නැත” යනුවෙනි–ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවක් ඇති රජයකින් පිටවන වාක්‍ය ඛණ්ඩයක් එහි වචනාර්ථයෙන්ම  ගත යුතුය.

නමුත් යුද්ධය සහ ඒකාධිපතිත්වය විසින් ඇති කරන එම ප්‍රතිවිරෝධතාම පන්ති ගැටුම් ද තීව්‍ර කරයි. යුද්ධය 2026 මුල් මාසවල පුපුරා ගිය අරගලවල අන්තර්ගතය වෙනස් නොකරයි. එය ඒවාට වැඩි හදිසි බවක් ලබා දෙයි. කොලරාඩෝ හි ග්‍රීලි හි JBS කම්හලෙන් දැන් ආරම්භ වන වැඩ වර්ජනය කම්කරු පන්තිය තුළ විරුද්ධත්වය ගැඹුරු වෙමින් හා පුළුල් වෙමින් පවතින බවට බලගතු ඇඟවීමකි.

අවශ්‍ය වන්නේ වැටුප්, සූරාකෑම, අසමානතාවය  සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ මෙම අරගල, ඒකාධිපතිත්වයට එරෙහි සටන සහ උත්සන්න වන හා විනාශකාරී යුද්ධයට එරෙහි විරෝධය සමඟ ඒකාබද්ධ කිරීමයි.

මෙය, ක්‍රමානුකූලව වැඩ වර්ජන හුදකලා කිරීමට, විරුද්ධත්වය මර්දනය කිරීමට සහ රාජ්‍යයේ සහ සංගතවල අවශ්‍යතාවලට කම්කරුවන් යටත් කිරීමට කටයුතු කරන ඩිමොක්‍රටික් පක්ෂය, ආයතනික මාධ්‍ය හෝ වෘත්තීය සමිති යාන්ත්‍රණය හරහා කළ නොහැකිය. ඒ සඳහා නිලධාරිවාදයේ ග්‍රහණයෙන් මිදීම සහ කලාප සහ දේශසීමා හරහා සම්බන්ධ වී ඇති සෑම වැඩබිමකම සහ කර්මාන්තයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

කම්කරු පන්තියේ මෙම ස්වාධීන බලය සංවිධානය කිරීමේ මාධ්‍යයක් ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටු වළ ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) පුළුල් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කර සිටී. යුද්ධයට එරෙහි සටන එය නිපදවන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකිය. විකල්පය වන්නේ ම්ලේච්ඡත්වය ( යුද්ධය, මර්දනය සහ සමාජ විනාශය) හෝ සමාජවාදයයි: එනම්, බලය ලබා ගැනීමට, යුද යන්ත්‍රය විසුරුවා හැරීමට, කතිපයාධිකාරී පාලනය අවසන් කිරීමට සහ පුද්ගලික ලාභය නොව මානව අවශ්‍යතාවයේ පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම සිදු කළ යුතුව පවතී.

ඉරානයට එරෙහි යුද්ධය පන්ති අරගලය තීව්‍ර කරනු ඇත Read More »

IMG 0763

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූලඝාතක යුද්ධය මැද ඉරානය සිදු කරන ආත්මාරක්ෂක ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දකී

ජෝර්දාන් ෂිල්ටන් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 12 වන දින ‘United Nations condemns Iran’s self-defence strikes amid American imperialism’s war of extermination යන හිසින් පළවූ ජෝර්දාන් ෂිල්ටන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, 2025 සැප්තැම්බර් 22 වන සඳුදා ඉහළ මට්ටමේ සතිය ආරම්භයේදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී UNGA හි 80 වන සැසිවාරය අමතයි [AP ඡායාරූපය/ඇන්ජලිනා කට්සානිස්]

පසුගිය බදාදා දින, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය  (UNSC) විසින් 2817 (2026) යෝජනාව සම්මත කිරීමත් සමඟ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ස්ඵල ලෙස අනුමත කරන ලදී. මෙහිදී, මෙම යෝජනාව ගල්ෆ් රාජ්‍යයන්ට එරෙහිව ඉරානය එල්ල කළ පළිගැනීමේ ප්‍රහාර “දැඩි ලෙස හෙළා දකින” අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි ඊශ්‍රායල සහචරයා විසින් මිලියන 90 ක ජනතාවක් වෙසෙන රටට (ඉරානයට) සති දෙකකට ආසන්න කාලයක් බෝම්බ හෙලීම ගැන කිසිවක් නොකියයි.

යෝජනාවේ කඩතුරාව නම්, බහරේනය, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවල් හතට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දියත් කළ බවයි. නමුත් මෙම රටවල් හතම–බහරේනයේ පස්වන බලඇණියේ මූලස්ථානයේ සිට කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුර සිට  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ධෆ්රා දක්වා–එක්සත් ජනපද හමුදා ඉරානයට එරෙහිව යුද්ධය දියත් කිරීම සඳහා ක්‍රියාකාරීව භාවිතා කරනු ලබන සත්කාරක හමුදා  කඳවුරු සඳහා පහසුකම් සපයයි.  මෙම රාජ්‍යයන් මධ්‍යස්ථ නරඹන්නන් නොවේ. ඔවුන් ඇත්ත වශයෙන්ම සටන් වැදි රාජ්‍යයන්ය. ඔවුන්ගේ භූමි ප්‍රදේශවලට ඉරාන ප්‍රහාර එල්ල කර ඇත්තේ ආත්මාරක්ෂාව සඳහා වන අතර සිවිල් වැසියන් 11 ක් පමණ මරණයට පත්ව ඇත. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ පමණක් පුද්ගලයින් 1,300 කට වැඩි පිරිසක් මරා දමා ඇත.

ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපදය පෙබරවාරි 28 වන දින ඓතිහාසිකව පීඩිත රටක් වන ඉරානයට එරෙහිව ප්‍රකෝප නොකෙරුණු ආක්‍රමණශීලී යුද්ධයක් දියත් කළ බව යෝජනාවේ සඳහන් නොවීය. තම සියොන්වාදී සගයාගේ  බලගතු සහාය ඇතිව, වොෂින්ටනය පැය කිහිපයක් ඇතුළත උත්තරීතර නායක අයතුල්ලා කමේනි සහ පැහැදිලිවම ස්වෛරී රාජ්‍යයක ප්‍රමුඛ දේශපාලන හා හමුදා නිලධාරීන් දුසිම් ගනනක් ඉලක්ක කර ගනිමින් ඝාතන සිදු කළේය. 

කාපට් බෝම්බ ප්‍රහාරවල සති දෙකකටත් අඩු කාලයක් තුළ, ඇමරිකානු සහ ඊශ්‍රායල මිසයිල මගින් ඉරාන සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කරනු ලැබ ඇත. ඉන් එක් ප්‍රහාරයකින් ගැහැණු ළමයින් 160 කට වැඩි පිරිසක් ඝාතනය විය. මෙම යුද අපරාධකරුවන් විසින් රෝහල් සහ පාසල් දුසිම් ගණනකට පහර දී, බලශක්ති සැපයුම් කඩාකප්පල් කිරීමට සහ තෙල් පිරිපහදු විනාශ කිරීමෙන් පරිසරය විෂ කිරීමට උත්සාහ කර ඇත. මින් ඉරානයේ සහ ලෙබනනයේ මිලියන සංඛ්‍යාත ජනතාවට තම නිවෙස්වලින් පලා යාමට බල කර ඇත. එහිදී සියොන්වාදී තන්ත්‍රය ගුවන් හා භූමි මෙහෙයුම් ද සිදු කරනු ලැබ ඇත. මේ කිසිවක් එතරම් දුරට සඳහනක් කළ යුතු එවා ලෙස ගණන් ගෙන නැත.

යෝජනාව එයට විපක්ෂව ඡන්ද 0ක් ද, පක්ෂව ඡන්ද 13ක් ද ලැබිමෙන් සම්මත විය. එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අරමුණු සරලව පිටපත් කර ඇති ආකාරයක් දක්වන යෝජනාව සම්මත කිරීම නිවේදනය කරන මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් විය: “එය නේවාසික ප්‍රදේශ සහ සිවිල් වස්තූන්ට එරෙහිව ඉරානයේ ප්‍රහාර විශේෂයෙන් හෙළා දකින අතර ඒවා වහාම නතර කරන ලෙස ඉල්ලා සිටී–එසේම ටෙහෙරානය සමුද්‍ර වෙළඳාමට ඇඟිලි ගැසීම අරමුණු කරගත් එහි තර්ජන, ප්‍රකෝප කිරීම් සහ කලාපය පුරා ප්‍රොක්සි කණ්‌ඩායම්වලට දෙන සහාය ද  නතර කරන ලෙස ඉල්ලා සිටී.”

මෙම  සාහසික ලේඛනයට පක්ෂව ඡන්දය දුන් රටවල් අතරට ස්ථිර සාමාජිකයන් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ එක්සත් ජනපදය මෙන්ම ස්ථිර නොවන සාමාජිකයන් වන බහරේන්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඩෙන්මාර්කය, ග්‍රීසිය, ලැට්වියාව, ලයිබීරියාව, පකිස්ථානය, පැනමාව සහ සෝමාලියාව ඇතුළත් විය.

විශේෂයෙන් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වන සහ එම නිසා යෝජනාවට නිෂේධ බලය යෙදිය හැකි ස්ථානයක සිටින රුසියාව සහ චීනය, ඡන්දය දීමෙන් වැළකී සිටීමින්, එය සම්මත කිරීමට ඉඩ දීමයි. එසේ කිරීමෙන්, ඔවුහු ඉරානයට එරෙහි සමූලඝාතන යුද්ධය සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට දේශපාලනික සහාය ලබා දුන්හ. කාලකණ්නි ලෙස මුහුණ බේරා ගැනීමේ කටයුත්තක් ලෙස, රුසියාව දෙවන යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය කිසි විටෙකත් සම්මත නොවන බව ඔවුන් දැන සිටියේය. එම යෝජනාව යුද්ධය අවසන් කර රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ඉල්ලා සිටියේය. ස්ථීර සාමාජිකයින් 15 දෙනාගෙන් හතර දෙනෙකු පමණක් එයට සහාය දැක්වීය.

මෙම ශෝචනීය ක්‍රියාකාරිත්වය ගලා එන්නේ මෙම ධනේශ්වර පාලන තන්ත්‍ර දෙකෙහි සමාජ ස්වභාවය සහ අවශ්‍යතා මගිනි. නේටෝව ක්‍රමානුකූලව රට වටලෑම සහ යුක්රේනයේ රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නේටෝ යුධ ප්‍රකෝප කිරීම නොතකා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තවමත් විශ්වාස කරන්නේ, රුසියානු කතිපයාධිකාරයට තමන්ගේම කම්කරු පන්තිය සූරාකෑමට සහ බලපෑම් ක්ෂේත්‍රයක් පාලනය කිරීමට ඇති “අයිතිය” පිළිගන්නා වොෂින්ටනය සමඟ සම්මුතියක් ඇති කර ගත හැකි බවයි.

ඉරානය විනාශ කිරීමට සහ එහි සම්පත් කොල්ලකෑමට වොෂින්ටනයට සහාය දීමෙන්, අධිරාජ්‍යවාදය සමඟ “සාමකාමී සහජීවනය” යන පැරණි ස්ටැලින්වාදී මන්ත්‍රය මත ක්‍රියාත්මක වන ක්‍රෙම්ලිනය, යුක්රේනය සහ එක්සත් ජනපද ආයෝජන පිළිබඳව ට්‍රම්ප් සමඟ සම්මුතියකට එළැඹීමට හැකි වේ යැයි බලාපොරොත්තු වේ.

ෂී ජින්පින්ගේ නායකත්වයෙන් යුත් චීන රජය සම්බන්ධයෙන් ගත් කල, ආසන්නතම කාලය තුළ ප්‍රධාන සලකා බැලීමක් වන්නේ මෙම මස අවසානයේ ට්‍රම්ප් බීජිං වෙත පැමිණීමට නියමිත සංචාරයයි. චීන ධනවාදය ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික පිළිවෙළකට එළඹීමේ අපේක්ෂාව පවත්වා ගැනීම සඳහා, මෙම ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් එහි ප්‍රකට සගයා වන ඉරානයේ වියදමින් යුද අපරාධකරු ට්‍රම්ප්ට රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලබා දීමට බොහෝ සෙයින් කැමැත්තෙන් සිටී. 

නමුත් බීජිං සහ මොස්කව්හි පාලක කල්ලි විසින් බෙදා ගන්නා මෙම මනඃකල්පිතයන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍යතාවයන් සමඟ නොගැලපේ. ප්‍රධාන බලවතුන් අතර ලෝකය සහ එහි සම්පත් වල නව බෙදීමක් හොඳින් සිදුවෙමින් පවතී. එහෙයින්, එක්සත් ජනපදය එහි ආධිපත්‍යවාදී තත්වයට කිසිදු අභියෝගයක් සාමකාමීව පිළිගැනීමට සූදානම් නැත. ඊට පටහැනිව, වොෂින්ටනය බීජිං සහ මොස්කව් වෙත පණිවිඩයක් යවමින් සැලකර සිටින්නේ ඔවුන් ඊළඟට පහර කෑමේ ලැයිස්තුවේ සිටින බවයි.

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ, ලේ වැකි ආක්‍රමණශීලී යුද්ධ මාලාවක් තුළ එහි තවමත් අතිමහත් මිලිටරි ආධිපත්‍යය යෙදවීමෙන් එහි වේගවත් වන ආර්ථික පරිහානියට වන්දි ගැනීමට වොෂින්ටනය උත්සාහ කර ඇත. මෙම වැඩ පිළිවෙළ දිගටම කරගෙන යමින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉරාන යුද්ධය ප්‍රථමයෙන්ම අරමුණු කරන්නේ ආසියාව සහ යුරෝපය අතර වෙළඳ මාර්ග සඳහා උපායමාර්ගිකව පිහිටා ඇති ප්‍රධාන බලශක්ති අපනයන කලාපයක් වන මැද පෙරදිග පුරා එක්සත් ජනපද ආධිපත්‍යයට ඇති ප්‍රධාන කලාපීය බාධකය ඉවත් කිරීමයි.

කෙසේ වෙතත්, යුද්ධයේ වඩාත් මූලික ඉලක්කය වන්නේ රුසියාව සහ චීනය තවදුරටත් උපායමාර්ගිකව සහ ආර්ථික වශයෙන් හුදකලා කිරීමයි. විශේෂයෙන් චීනය ලාභ ඉරාන තෙල් ආනයන මත සැලකිය යුතු ප්‍රමාණයකට රඳා පවතී. වොෂින්ටනය වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගෙන ගොස් කැරකස්හි කීකරු රූකඩ ආණ්ඩුවක් ස්ථාපිත කිරීමෙන් මාස දෙකකටත් අඩු කාලයකට පසුව යුද්ධය ආරම්භ විය. එය ( වෙනිසියුලාව) 2026 ජනවාරි දක්වා චීනයට තවත් ප්‍රධාන තෙල් අපනයනකරුවෙකු වූ අතර දැන් ඇමරිකානු බලශක්ති සමාගම්වල බලකොටුවක් බවට පත්වෙමින් තිබේ.

දෙවන ලෝක යුද්ධයේ භීෂණයෙන් පසු ජාත්‍යන්තර නීතිය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය මගින් පනවා ඇති ඉතිරි සීමා කිරීම් අද සියලුම අධිරාජ්‍යවාදී බලවතුන් පසෙකට දමා ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වසර දෙකකට පෙර පැහැදිලි කළ පරිදි, “ශිෂ්ටාචාරය ම්ලේච්ඡත්වයෙන් වෙන් කරන සියලුම ‘රතු රේඛා’ මකා දමමින් සිටී”. බදාදා ඡන්දයෙන් දැන් 2817 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම හරහා ආණ්ඩු 140 කට අධික සංඛ්‍යාවක අනුමැතිය මෙම ඉරානයට එරෙහි සමූලඝාතන යුද්ධයට ලැබී ඇත. එයට පෙරාතුව, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි අධිරාජ්‍යවාදීන්ගේ සහාය ඇතිව සිදු කරන ලද ජන සංහාරය සිදු විය. මෙම සංහාරයට උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ලැබුණු අතර, ඔවුහු සියොන්වාදී ඝාතකයන්ට ආයුධ සැපයුවා පමණක් නොව, රට තුළ ජන සංහාරයට එරෙහි සියලු ආකාරයේ විරුද්ධත්වයන් ක්‍රමානුකූලව මර්දනය කළහ.

ලෝකයේ බලවත්ම අධිරාජ්‍යවාදී රාජ්‍යයේ ප්‍රධානියා වන ට්‍රම්ප්, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට වඩාත්ම විකාර සහගත සහ පිළිකුල් සහගත ප්‍රකාශනයක් ලබා දෙයි. විදේශයන්හි ඔහුගේ ආක්‍රමණශීලී යුද්ධ රට තුළ ෆැසිස්ට් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ ඔහුගේ මෙහෙයුම සමඟ අත්වැල් බැඳගනී.

නමුත් පාලක පන්තියේ ගමන් දිශාව සෑම තැනකම එක හා සමානයි. මේ සතියේ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සිය කතාවකදී ප්‍රකාශ කළේ, “යුරෝපයට තවදුරටත් පැරණි ලෝක පිළිවෙළට, ගෙවී ගිය සහ යළි නොඑන ලෝකයකට භාරකරුවෙකු විය නොහැක”. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තම රටේ න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කරමින් මහාද්වීපය පුරා අවි ස්ථානගත කිරීමට පොරොන්දු වෙමින් සිටී. ජර්මනියේ පාලක ප්‍රභූව එහි මිලිටරිය සඳහා යුරෝ ට්‍රිලියන 1 ක් වියදම් කරමින් ලෝක බලය සඳහා තවත් අල්ලා ගැනීමක් සූදානම් කරමින් සිටී. මෙම යුද අයවැයවල සම්පූර්ණ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා, මහාද්වීපය පුරා පාලක ප්‍රභූන් අන්ත දක්ෂිණාංශික පක්ෂවලට බලය ලබා ගැනීමට මග පාදමින් සිටී. 

තරඟකාරී ජාතික රාජ්‍යයන් අතර සබඳතා නැවත සමතුලිත කිරීමෙන් දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ “බහුධ්‍රැව” ධනේශ්වර සංවර්ධනයක් මගින් අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය වළක්වා ගත හැකි බවට වන මොස්කව් සහ බීජිංහි රජයේ නිලධාරීන්ගේ විශ්වාසය මායාවකි.

වසර 30 කට පෙර, ප්‍රමුඛ ස්ටැලින්වාදී නිලධරයෝ, සෝවියට් සංගමය විසුරුවා හැර ධනවාදය නැවත ස්ථාපිත  කළහොත්, අධිරාජ්‍යවාදීන් තමන්ව මහා බලවතුන්ගේ කවයට සහ ලෝක ධනවාදී වෙළඳපොළට සාදරයෙන් පිළිගනු ලබන බවට තමන්ටම ඒත්තු ගන්වා ගත්හ.එදා මෙන්ම අදත්, ධනේශ්වර සංවර්ධනය සඳහා වූ ඔවුන්ගේ ජාතික යෝජනා ක්‍රම, ගෝලීයකරණය වූ ආර්ථිකය සහ ලෝකය ජාතික රාජ්‍යයන් ලෙස බෙදී තිබීමේ ලෝක ධනවාදයේ වෛෂයික ප්‍රතිවිරෝධතාව සමඟ ගැටේ. මහා බලවතුන් තුන්වන ලෝක යුද්ධයකට තල්ලු කරන ප්‍රතිවිරෝධතාවය මෙයයි. 

ලියොන් ට්‍රොට්ස්කි 1930 ගණන්වල ධනේශ්වර බිඳවැටීමේ පෙර කාල පරිච්ඡේදයකදී මෙම ආස්ථානයන් පිළිබඳව ආමන්ත්‍රණය කළේය. අධිරාජ්‍යවාදී බලවතුන් දෙවන ලෝක යුද්ධය කරා වේගයෙන් දිව යත්ම, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය ලෝක සමාජවාදී විප්ලවයේ වැඩසටහනේ ඉතිරිව තිබූ සියලු ආකාරයේ අවශේෂයන් බිඳ දමා, කොමින්ටර්න්ය ( 3න් වන ජාත්‍යන්තරය) ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රධාන කඩාකප්පල් කරන්නා සහ පාවා දෙන්නා බවට පත් කළේය. නිලධරයේ වරප්‍රසාදිත ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතීන්ගේ සංගමය හරහා අධිරාජ්‍යවාදීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි සෝවියට් සංගමයේ විදේශ ප්‍රතිපත්තිය යොමු කළේය.

ට්‍රොට්ස්කි 1936 දී අධිරාජ්‍යවාදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ප්‍රබන්ධය කටුක විවේචනයට ලක් කරමින් මෙසේ ලිවීය: “පවතින තත්ත්වය ආරක්ෂා කිරීමේදී ලීගය ‘සාමයේ’ සංවිධානයක් නොව, මානව වර්ගයාගේ අතිමහත් බහුතරය කෙරෙහි අධිරාජ්‍යවාදී සුළුතරයේ ප්‍රචණ්ඩත්වයේ සංවිධානයකි. මෙම ‘පිළිවෙළ, පවත්වා ගත හැක්කේ, අද යටත් විජිතවල සහ හෙට මහා බලවතුන් අතර, අඛණ්ඩ කුඩා හා විශාල යුද්ධවල ආධාරයෙන් පමණි .”

අධිරාජ්‍යවාදී යුද්ධය නැවැත්වීමට ඇති එකම පදනම ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී සමාජවාදී වැඩපිළිවෙලක් මත බලමුලු ගැන්වීමයි. ඉරානයට එරෙහි යුද්ධය නැවැත්වීම පිළිබඳ ඉරිදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර ඔන්ලයින් රැස්වීමේදී (webinar) ඩේවිඩ් නෝර්ත් අවධාරණය කළ පරිදි, සමාජවාදීන් “යුද සිතියම අනුගමනය නොකළ යුතුය, නමුත් පන්ති අරගලයේ සිතියම අනුගමනය කළ යුතුය.”

මෙම දිශානතියේ හදිසිභාවය UNSC ඡන්දයෙන් පැහැදිලි වේ. ඉරාන ජනතාව ඝාතනය කිරීම සහ කලාපය පුරා තවත් මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රජයක් අතර ප්‍රතිපත්තිමය වශයෙන් විරෝධයක් නොමැත. නමුත්, ලොව පුරා කම්කරුවන් අතර  මෙම යුද්ධයට වන විරෝධය දැනටමත් ශක්තිමත් වන අතර යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක ඉදිරියේ දී ක්‍රියාත්මක වන විට එය තවත් උත්සන්න වනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි සමාජවාදී සමානතා පක්ෂ ඉදිරියේ ඇති කර්තව්‍යය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයේ මූල හේතුව වන ධනවාදය පෙරලා දැමීම සඳහා මෙම වර්ධනය වන ව්‍යාපාරය සමාජවාදී වැඩපිළිවෙලකින් සන්නද්ධ කිරීමයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමූලඝාතක යුද්ධය මැද ඉරානය සිදු කරන ආත්මාරක්ෂක ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දකී Read More »

IMG 0750

Weekly Political Report — Week Ending 7 March 2026

This political report for the week of March 1-7, 2026, is compiled based on coverage from the World Socialist Web Site (WSWS.org).

I. Imperialism and War: The US-Israeli War of Extermination Against Iran

The defining political reality of the week ending 7 March 2026 is the continuation and intensification of the criminal US-Israeli war of annihilation against Iran, which entered its second week with a mounting toll of devastation and an explicit escalation of imperialist objectives.

On 7 March, President Donald Trump declared publicly that there would be “no deal with Iran except UNCONDITIONAL SURRENDER”—the most extreme formulation yet of American war aims, signalling the intention to wage permanent war until Iranian society is physically destroyed.[1] Trump spelled out the content of this demand in genocidal terms: surrender means either that Iran announces it, “or when they can’t fight any longer because they don’t have anyone or anything to fight with.” The White House simultaneously raised the prospect of direct deployment of US ground troops inside Iran. These are not the statements of a government seeking a diplomatic settlement. They are the declarations of an imperialist power pursuing regime change and the neo-colonial subjugation of a nation of 90 million people.

Image Not Found
Plumes of smoke rise as strikes hit the city during the illegal US–Israeli military campaign in Tehran, Iran, Thursday, March 5, 2026. [AP Photo/Vahid Salemi]

By week’s end, more than 1,200 Iranians had been killed, including 200 children, and over 12,000 wounded. Nearly 30 clinical facilities had been damaged and 10 forced to close. Israeli strikes had reopened a major offensive in Lebanon, with blanket evacuation orders issued for the Dahiyeh district of Beirut and Israeli ground forces crossing into southern Lebanon. The WSWS/SEP statement “Stop the criminal US-Israeli war against Iran!” framed the offensive as an expression of capitalist imperialist rivalry—chiefly the drive by US imperialism to reassert global hegemony against its rivals, above all China, and to seize control of the world’s principal oil-exporting region.[2] The assault was launched while US-Iranian negotiators were still meeting in Geneva—a deliberate deception exposing the pretence of diplomacy as a cover for aggression.

The most egregious single crime of the week was the torpedoing of the unarmed Iranian naval frigate IRIS Dena in the Indian Ocean on 4 March—a war crime committed without warning in international waters, thousands of miles from any combat theatre.[3] The vessel had participated in India’s International Fleet Review 2026 and the multinational MILAN 2026 exercises at Visakhapatnam, invited alongside 73 other nations including the United States. The exercise rules prohibited munitions. The IRIS Dena was unarmed and homeward bound when a US submarine attacked it without warning, sending more than 140 sailors to the bottom of the Indian Ocean. The crime was then celebrated at a Pentagon press briefing by the Secretary of War himself. Confirmation that Australian naval personnel were aboard the submarine directly implicated the Albanese Labor government in the commission of a war crime.[4]

The complicity of imperialist governments was total. Germany’s Chancellor Friedrich Merz declared support for the assault, stating that Israel was doing “the dirty work… for all of us.” The G7 issued a statement casting Iran as the aggressor and greenlighting further escalation. France’s Emmanuel Macron deployed the carrier Charles de Gaulle and other assets to the eastern Mediterranean without a pretence of parliamentary debate. Britain’s Keir Starmer was exposed by leaked National Security Council documents as having been informed of the initial strikes more than two weeks in advance and as having worked with Washington to craft legal cover for British participation. Spain initially postured with anti-war rhetoric under Prime Minister Sánchez, then rapidly dispatched the frigate Cristóbal Colón to the eastern Mediterranean after Trump threatened to cut off US-Spanish trade—a graphic illustration of how bourgeois anti-war posturing evaporates the moment imperialist pressure is applied. Japan, New Zealand, Canada, and Australia similarly endorsed US and Israeli war aims. Washington announced that the US Navy would begin escorting commercial tankers through the Strait of Hormuz—a dramatic escalation placing American warships directly off the Iranian coast—while the US announced further medium-range missile deployments to the Philippines as part of the broader strategic encirclement of China.

The WSWS warned that oil price surges and shipping disruptions through the Strait of Hormuz would deepen the global economic crisis, imposing severe costs through inflation, job losses, and intensified austerity. Asian markets took major losses, with semiconductor and export sectors particularly hard hit.

II. Authoritarian Consolidation and State Repression

The war abroad proceeded in lockstep with an intensification of repression at home and across the capitalist world.

In the United States, a Senate Judiciary Committee hearing exposed the bipartisan character of anti-immigrant repression: DHS Secretary Kristi Noem defended ICE killings and refused to apologise, while Democratic senators simultaneously resisted calls for the abolition of ICE and CBP. The Trump administration seized immigrant student Ellie Aghayeva from Columbia University, illustrating the militarisation of campuses. A Nashville journalist was detained by ICE while documenting immigration raids—a direct assault on press freedom and the suppression of coverage of state violence. Republicans exploited a shooting in Austin to inflame anti-Muslim hysteria and push for expanded DHS funding. ICE detention conditions continued to claim lives, with the death of immigrant detainee Nenko Gantchev in a Michigan facility exposing the Democratic Party’s “oversight” as a façade sustaining rather than restraining a murderous apparatus. Florida carried out the execution of Billy Leon Kearse, part of a resumed pattern of state executions targeting the poor and racialised. Charges against Chinese researchers at the University of Michigan were dismissed, but the politicised “China spy” witch hunt on campuses intensified—serving as a tool of geopolitical scaremongering.

In Germany, the Cologne Administrative Court handed a legal victory to the far-right Alternative for Germany, demonstrating that bourgeois legalism shields rather than curtails fascist organisation. Germany simultaneously announced plans for the largest military buildup on the European continent since World War II and advanced sweeping new restrictions on migrants and refugees. France’s state moved to designate Mélenchon’s LFI as “extreme left”—deploying legal categories to justify the repression of political opposition. Germany’s government also attempted to police political expression at the Berlinale film festival, censoring critical voices while promoting its own geopolitical line.

In Kenya, President Ruto’s government arrested a popular TikToker for satirical content and detained left activists including Communist Party leader Booker Omole. A Birmingham Labour council secured a High Court injunction to prevent solidarity with striking bin workers—proof that Labour administrations function as instruments of capitalist class power regardless of their electoral base.

III. Austerity, the Global Economy, and Class Attacks

The Iran war triggered immediate and severe global economic shocks whose costs landed on the working class. Oil prices surged sharply. Asian markets fell heavily, with semiconductor sectors and export industries facing supply chain disruptions. These consequences prefigure a deepening global economic crisis to be paid for through inflation, rising fuel costs, and intensified austerity.

In Philadelphia, a $2.8 billion “Master Plan” proposed shuttering 18 schools—the commodification of public education in service of capital. In Australia, the South Australian election exposed billions being funnelled into AUKUS war spending while public education and housing budgets collapsed. The housing crisis deepened as government pledges proved hollow and market-led demolitions displaced working-class communities.

Tech industry executives boasted about AI-driven mass layoffs, celebrating workforce reductions as shareholder value creation—automation deployed to eliminate jobs and intensify exploitation. The United Steelworkers’ refinery contract was exposed as locking in uninterrupted fuel flows benefiting oil company profits and, indirectly, the war itself. Canada Post’s proposed settlement, endorsed by union leadership, sacrificed job security to protect corporate interests. Severe drought in the US Southwest deepened conflicts over water rights, with environmental crisis produced by the capitalist profit drive being weaponised to discipline labour.

The WSWS placed these developments in the framework of capitalist crisis: war and austerity as twin fronts of the same ruling-class offensive, financed by cuts to Medicaid, Social Security, and every social programme workers depend on for survival.

IV. Class Struggle and Bureaucratic Betrayal

The week documented significant episodes of working-class resistance alongside the systematic effort of union bureaucracies to contain and strangle that resistance.

In Lorain County, Ohio, 140 Job and Family Services workers entered their third week of strike action over wages, staffing, and healthcare.[5] Workers described being paid poverty wages so low that some qualified for the very social benefits they administered to clients. Starting pay was as low as $15 an hour for caseworkers handling Medicaid, SNAP, and childcare assistance. The UAW bureaucracy was exposed as isolating the strike and refusing to call for unified action with JFS workers across Ohio. Contract faculty at New York University announced an official strike date over wages, job security, and academic precarity. Entertainment industry workers continued their walkout against studios over pay, AI-driven job displacement, and conditions.

In Germany, the train drivers’ union leadership agreed to a contract imposing real wage cuts—a textbook act of bureaucratic betrayal, with the union apparatus functioning as a stabilising mechanism for capital against its own members. IG Metall leadership at Bosch moved to suppress internal opposition from workers challenging concessions. The Hanover trial of Deutsche Bahn over the death of rail apprentice Simon Hedemann put corporate cost-cutting on record as directly responsible for a young worker’s life.

Victorian early childhood educators in Australia struck for the second time in a campaign for pay parity and adequate staffing. Turkish miners broke through gendarmerie barricades and seized control of a mine in a militant wildcat action—demonstrating the latent social power of the working class when it acts independently of bureaucratic constraint. Workers’ struggle roundups across the Americas, Europe, Asia, Africa, and the Pacific documented recurring disputes over wages, conditions, and privatisation at every point on the globe.

The US trade union bureaucracy’s silence over the Iran war was the subject of specific WSWS analysis. The AFL-CIO and the great majority of union federations issued no statements against the assault, leaving the working-class majority politically unorganised at the very moment when its industrial power—in ports, logistics, transport, and production—could be decisive in disrupting the war machine. In Quebec, trade union federations renewed their alliance with the Parti Québécois even as the PQ embraced anti-immigrant, pro-business, and far-right positions. The WSWS condemned this as a fundamental betrayal of class independence—channelling working-class anger into bourgeois nationalism that defends capitalist interests and legitimises anti-immigrant scapegoating. Ontario students protested cuts to the Ontario Student Assistance Program, linking educational austerity to the broader class offensive.

V. The Political Bankruptcy of Reformism and the Pseudo-Left

The week provided abundant and unambiguous evidence of the political bankruptcy of every reformist and pseudo-left formation.

Germany’s Left Party chairman Jan van Aken celebrated the assassination of Iranian leaders—“May Khamenei rot in hell”—while nominally condemning the war as criminal and illegal. The WSWS exposed this as the characteristic method of pseudo-left politics: verbal criticism combined with legitimisation of imperialism’s aims and outcomes. Spain’s PSOE-Sumar government demonstrated in miniature how the entire social-democratic tradition operates: Sánchez’s “No to war” posture collapsed the moment Washington applied economic pressure, exposing it as a political calculation to contain domestic opposition rather than a genuine break with NATO.

Venezuela’s Chavista leadership reached a diplomatic normalisation with the United States on terms handing Wall Street access to Venezuelan oil, gold, and critical minerals—reproducing dependency under the banner of “stability.” Australia’s Albanese Labor government endorsed the assault within three hours of Trump’s announcement, was directly implicated in the sinking of the IRIS Dena through AUKUS personnel, and used the ASEAN Special Summit in Melbourne to deepen Australia’s integration into US war planning against China. Congress voted down resolutions to restrict war powers, confirming that the US legislative apparatus—across both parties—has become an instrument of imperialist policy. Legalistic remedies within the framework of the bourgeois state cannot stop imperialist war. Baden-Württemberg’s state election campaign offered workers nothing but competing concessions to big business, confirming that electoral competition between bourgeois parties produces only distributional jockeying for capital’s benefit.

VI. The Revolutionary Tasks of the Working Class

The week ending 7 March 2026 demonstrates with stark clarity the inseparability of imperialist war, domestic austerity, state repression, and the betrayal of the working class by union bureaucracies and pseudo-left formations. Every capitalist government—“Labour,” “Socialist,” “social-democratic,” or conservative—is serving the same ruling-class interests: expanding militarism, imposing austerity, repressing dissent.

American workers captured the class consciousness at the heart of the anti-war sentiment: “We have more in common with the Iranian people than we do with billionaires.” Detroit autoworkers declared, “We shouldn’t be bombing people, period.” This sentiment must be developed into a politically conscious, internationally organised movement that breaks decisively from the trade union bureaucracies, Labour and social-democratic parties, and pseudo-left formations that have lined up behind imperialist war.

The WSWS and the ICFI call on workers and youth to build rank-and-file committees independent of the union apparatus, forge international coordination and join the Socialist Equality Parties to fight for the socialist and revolutionary strategy alone capable of stopping the war and overthrowing the capitalist system that produces it.

Footnotes

[1] “Trump demands unconditional surrender from Iran as war enters second week,” WSWS, 7 March 2026. https://www.wsws.org/en/articles/2026/03/07/uxtr-m07.html 

[2] “Stop the criminal US-Israeli war against Iran!” WSWS / SEP National Committee, 2 March 2026. https://www.wsws.org/en/articles/2026/03/02/ulqw-m02.html 

[3] “Mass murder in the Indian Ocean: The torpedoing of the IRIS Dena,” WSWS, 6 March 2026. https://www.wsws.org/en/articles/2026/03/06/poyw-m06.html 

[4] “Australian naval personnel involved in US sinking of Iranian ship: Oppose the pro-imperialist Labor government and war against Iran!” WSWS / Socialist Equality Party (Australia), 7 March 2026. https://www.wsws.org/en/articles/2026/03/07/bckg-m07.html 

[5] “Lorain County, Ohio family service workers strike enters third week: ‘We are fighting everyone’,” WSWS, 7 March 2026. https://www.wsws.org/en/articles/2026/03/07/mxws-m07.html 

Weekly Political Report — Week Ending 7 March 2026 Read More »

Scroll to Top